Tuesday, June 12, 2018

බොමුද ටෙකිලා


උඹ ටෙකිලා ගහලා තියේනවාද?
ටෙකිලා ඒ මොකක්ද?
පිස්සු හැදෙනවා බං ගැහැව්වාම ලොවෙත් වදිනවා කන් පාත්වෙන්න
මොකක්ද බං දුමක්ද?
නෑ බං අරක්කු ජාතියක්
ඇහැව්වෙත් අදමයි එච්චරටම සැරද?
අපේ අයියාකාරයා අරන් ආවේ සැන්ඩි නැතිව අමුවෙන් ගහන්නලු ඔනේ.
 ලුණු ටිකක් පිටිඅල්ලට දාලා කාලා ඊට පස්සේ දෙහි කැල්ලක් හපනවා විතරයි බයිට් එකට.  වැදෙනවා බං නැතිවෙන්න.



ඔන්න ඔහොම තමයි මමත් ටෙකිලා Tequila ගැන මුලින්ම ඇහැව්වේ. හැබැයි අහලා තිබුනාට ටෙකිලා ටිකක් කටේ තොලේ ගාගෙන බොන්න ලැබුනේ මැක්සිකෝවට පැත්තට ගොඩබැස්සාට පස්සේ තමයි. දැන්නම් ලංකාවෙත් ටෙකිලා තියෙනවා.හැබැයි ඔරජිනල් ටෙකිලාද දන්නේ නෑ. මදක් අවර්ණ ටෙකිලා බෝතලයක් අරන් පොඩි ශොට් විදුරුවක් පුරවලා නිට් ගහලා ලුණු ටිකක් පිටි අල්ලට දාගෙන ලෙවකාලා ඊට පස්සේ දෙහිකැල්ලක් හැපුවාට අපේ මිත‍්‍රයන්ට නම් ටෙකිලාත් සැන්ඩි නොකර බොන්න නම් බැරිවුනා.  මීට මාස කිහිපයකට පෙරදි අහුන්ගල්ල පැත්තේ තියෙන තරුපහේ හොටලයකදි ආපහු ටෙකිලා විදුරුවක් දෙකක් විතර රසබලද්දි මට මතක්වුනේ මොනවාද මේ ටෙකිලා කියන්නේ? එකේ ඉතිහාසය මොකක්ද කියලා හොයලා බලන්න. ඔන්න ඉතිං පස්සේ අන්තරජංජාලය පිරලා ටෙකිලා ගැන හොයාගත්තු දෑ කොළොම්පුරේටත් දාන්න හිතුනා.


ටෙකිලා මුලින්ම නිපදවලා තියෙන්නේ 16 වන ශත වර්ෂයේදි පමණ මෙක්සිකෝවේ ටෙකිලා නගරයේදි (City of Tequila)  තමයි. මේ ටෙකිලා නගරයේ තියෙන ගිනිකදු ආශි‍්‍රත රතු පසේ (Red Volcanic soil)වැවෙන නිල් අගාවේ (Blue Agave) පැලෑටියෙන් තමයි මේ ටෙකිලා නිපදවන්නට පටන්ගත්තේ.


මුල් කාලිනව අගාවේ පැලෑටියේ සාරය පැසිමට ලක්කර සාදන පුල්කේ නම් වු පානය තමයි ඔවුන් පානය කෙරුවේ. මැක්සිකෝව අල්ලාගත් ස්පාඤඤයින්ගේ බ‍්‍රැන්ඩි තොග අහවරවිම නිසා මිදිසාරය ආසවනය කිරිමෙන් බ‍්‍රන්ඩි නිපදවාගන්නවා සේ මේ පුල්කේ ආසවනය කිරිමෙන් දේශිය නිපදවන පානයක් සේ ටෙකිලා නිපදවා ගන්නට ලැබුනා. හරියට අපේ රටේ දේශිය පානය කසිප්පු වාගේ.
දොන් පෙඩ්රෝ සැන්චෙස් (Don Pedro Sánchez de Tagle) නම්වු වංශාධිපතියා විසින් ජලිස්කෝ (Jalisco)ප‍්‍රදේශයේ විශාල පරිමානයෙන් ටෙකිලා නිපදවන කර්මාන්තශාලාවක් පිහිටුවාලුවයි කියනවා. තව දිව පටලැවිලා උලුක්කුවෙන ජාතියේ නම් තියෙන මැක්සිකානු අප්පුහාමිලා විසින් මේ ටෙකිලා නිෂ්පාදන ක‍්‍රම වැඩිදියුණු කරලා ජාත්‍යන්තරයටත් ටෙකිලා අරගෙන ගියා. ඔන්න එකට අපේ රට වෙලේ, කැලේ, ලන්දේ, අකුලේ, ගං ඉවුරේ විතරක් නොවෙයි මහා සුපිරි මන්දිර වලත් පෙරන වෙල් පැන්ටා, ගහපං මචං, බොකු දිරාස්, ඇතිහිටියා, කසියා, හැලි අරක්කු කියලා නානාප‍්‍රකාර නම්වලින් හදුන්වන දේශිය පානයට නම් කිසිම සපෝට් එකක් නම් නෑ ජාත්‍යන්තරයට අරන් යන්න. බොකු දිරාස් වලට කියන තව නම් එහෙම තියෙනවානම් කොළොම්පුරේටත් දන්වන්න හොදේ
එහෙනම් බලමු කොහොමද ටෙකිලා නිපදවන්නේ කියලා.
මුලින්ම කිව්වා වාගේ ටෙකිලා නිපදවන්නට නිල් අගාවේ සහ අගාවේ පැලෑටිය වගාකරගන්නට ඔනේ.  අගාවේ පැලෑටිය වාගාකරන්නන් හොද එක්ස්පර්ට්ලා. මේ වගාකරුවන් හදුන්වන්නේ jimadores නමින්. එයාලා විසින් නිරන්තරයෙන්ම එවා කප්පාදු කරමින් අස්වැන්න නෙලන කාලය තෙක් හොදින්  රැක   බලාගන්නවා. නියමිත ලෙස වැඩුනු අගාවේ පැලෑටිය කොවා (coa) නම්වු දිගු මිටක් සහිත විශේෂිතවු පිහියකින් මෙම අගාවා පැලෑටියේ අතු කපා දමා එහි මාංශලයෙන් පිරුනු කද කොටස වෙන්කරගන්නවා.



 නියමිත ලෙස වැඩුන කද කොටසක බර කිලෝ 70 සිට 110 ක් දක්වා පමණ වෙනවා කියනවා. වෙන්කරගත් කද කොටස් උදුන් වල බහා මදක් බේක් කරගන්නවා. ඒ කරන්නේ එහි අඩංගු පලතුරු සිනි පෘක්ටෝස් වෙන් කරගැනිමටයි. ඉන් අනතුරුව   ටහොනා ( tahona ) නම්වු විශාල ගල්රෝදයක් මගින් කැලිවලට ඉරා හා පොඩිකරගත් අගාවා කද කොටස් අඹරා යුෂ වෙන්කරගන්වා.


 ඉතිරිවන පල්පයන් සත්ව ආහාර කඩදාසි සැදිම හා කොම්පොස්ට් පොහොර වැනි කාර්්‍යන්වලට යොදා ගැනිම සිදුකරගන්නවාලු. වෙන්කරගත් යුෂ විශාල සුදු යකඩ හෝ ලී වැටි වල ගබඩාකර දින කිහිපයක් පැසිමට හරිනු ලබනවා.



මෙසේ පැසිමට ලක් කෙරුනු අමු බිර වැනි මෙම ආගාවේ යුෂ දෙවරක් පෙරා ආසවනය කිරිමෙන් ටෙකිලා නිපදවාගන්නවා. සමහර නිෂ්පාදකයින් තුන්වරටද මෙවා පෙරාගන්නවා. තෙවරක්පෙරුව මිසක් තෙවරක්පෙරුම නොවෙයි වරද්දගන්න එපා. මෙසේ පොරාගත් ටෙකිලා කෙලින්ම බෝතල් කිරිම හා ඔක් ලියෙන් සාදනු ලැබු  බැරල්වල ගබඩාකර ගැනිමෙන් පැරණි කරගන්නවා.  මේ නිසා ටෙකිලා වල පාට රසය හා සැර වෙනස්වෙනවා. මෙහිදි අවර්ණ පැහැයේ (සිල්වර්) සිට කහපාටට හුරු දුබුරු පැහැය (ගොල්ඩන්) දක්වා වර්ණ වෙනස්වන ටෙකිලා තියෙනවා. ඒ නිසා ටෙකිලා ප‍්‍රභේද හතරක් ලෙසට වෙනස් වෙන්නේ කොහොමද බලමු.
පෙරිමෙන් පසුව බොතල් කිරිම හෝ සුදු යකඩ හෝ සුදු ඔක් ලී බැරලයන්  තුල මසකට අඩු කාලයක් පැරනි කරගත් ටෙකිලා බලැන්කෝ (Blanco) හෝ ප්ලාටා (plata) හෝ සිල්වර්  ("silver") ටෙකිලා නම් කෙරේනවා.
අවම වශයෙන් මසක් හෝ උපරිමයෙන් වසරක් පැරනිකරගත් ටෙකිලා රෙපොසඩෝ (Reposado) ටෙකිලා නමින්ද
අවම වසරක් හෝ උපරිම වසර තුනක් කුඩා ඔක් බැරලයන් තුල පැරනි කරගත් ටෙකිලා අනෙජෝ (Añejo) ටෙකිලා නමින්ද
වසර තුනකට වඩා වැඩියෙන් ඔක් බැරලයන් තුල පැරනි කරගත් එක්ස්ට‍්‍රා අනෙජෝ(Extra Añejo)  ටෙකිලාද වෙනවා.
හදන හැටි මොකටද බිව්වාම වදිනවානම් නේද
එහෙවනම් බොන හැටි බලමු
සාමාන්‍යයෙන් ටෙකිලා බෙන්නේ අමුවෙන් නැත්නම් නිට්. බයිට් නෑ ඒ වෙනුවට  ලුණු ටිකක් ලෙවකාලා පෙති කපපු දෙහි කෑල්ලක් තමයි හපන්නට වෙන්නේ. මෙක්සිකෝවේ බන්දෙරා ක‍්‍රමයට බිමත් එක ක‍්‍රමයක්. හැබැයි එහෙම බොන්නට නම් එක්කෝ මැක්සිකෝවට හරි නැත්නම් රියල් මැක්සියානු අවන්හලකට යන්න වේවි. අපේ ගෙවල් පැත්තේ මැක්සිකානෝ කියලා මැක්සියානු අවන්හලක් දැම්මා. ටොටියා ටැකෝ හරි බුරිතෝ, Guacamole ඇතියි කියලා කන්න බලාගෙන එකට ගොඩවුනාම අපරාදේ කියන්න බෑ එකේ තිබුනේ ෆයිඩ් රයිස් ආප්ප සහ කොත්තුරොටි  තමයි. මෙව්වාත් නිකං අටපට්ටම් අකුරු ටිකක් ගහපු  චිනෙත් නැති චයිනිස් කඩවල්  වාගේ තමයි  ඉතිං.
 බන්දේරා කියන්නේ ස්පාඤඤ භාෂාවෙන් කොඩිය (Flage) කියලායි.ඔය මැක්සිකන්කාරයෝ තමන්ගේ සාප‍්‍රදායික අහාර බොහෝමයකට ජාතික කොඩියේ පාට තුන යොදාගන්නවා. අපේ රටේ එහෙම කලානම් බුකි ජාතිආල දේශපාලුවෝ කරපු එකාගේ පතුරුයවනවා.
මැක්සිකෝ කොඩියේ පාට අනුව බන්දේරා පිලිගන්වනවා. පොඩි ෂොට් ග්ලාස් තුනක් යොදාගෙන කොලපාට නියෝජනය කරන්නට දෙහි යුෂත් සුදු පැහැයට සුදු ටෙකිලාත් රතු පාටට සංගරිතාත් ( sangrita) තමයි පිලිගන්වන්නේ.

 තවත් බොහෝමයක් සුප‍්‍රසිද්ද කොක්ටේල් වර්ග වලට ටෙකිලා මිශ‍්‍රකරන්නට යොදාගන්නවා.   මාගරිටා විදුරුව හෝ ස්පාඤඤ බාසාවෙන් කුඩා අශ්වයා නමින් හදුන්වන කැබල්ලිටෝ ෂොට් ග්ලාස් caballito (little horse, in Spanish)  එක තමයි ටෙකිලා බොන්න ගන්නේ. 



එහෙනම් දැනට ඔය ඇති. මිට වඩා දන්න විස්තර ඇත්නම් කොළොම්පුරෙත් දැනුවත් කරන්නකෝ.

ඔන්න අන්තිමට දැම්මේ මංතුමා මැක්සිකෝවේදි ගත්තු මැක්සියානු සිතියමක හිටිය ඉසව්වට පෙන්නාගෙන ඉන්න පොටෝ කෑල්ලක්.




24 comments:

  1. ලුණු හා දෙහි නැතුවත් හොඳයි. හැබැයි (කොක්ටේල්වලට හැර ) මොනවත් මික්ස් කරන්න එපා. රස විඳින්න පුලුවන් නීට් අරගෙන. ගන්න සල්ලි තියනවෙලාවට මගේ ප්‍රියතම ඩ්‍රින්ක් එක. වෙරි වෙන්න නෙමෙයි ඇත්තෙන්ම රස එන්ජෝයි කරන්න පුලුවන්. සිල්වර් එකට වැඩිය කැමතියි. ලංකාවෙ ඩියුටිෆ්‍රී එකෙන් ඩොලර් 19 -30 ත් ගන්න පුලුවන් . හැබැයි එලියෙ කලන්තෙ දාන ගණන්. මං කවදාවත් අරන් නෑ. ( බොස්, ඩියුටි ෆ්‍රී එකෙන් ගෙන්න ගන්න කෙනෙක් ඉන්නව නම් කියන්නකො). ලංකාවෙ DF සිලෙක්ශන් එක සීමිතයි. බ්‍රෑන්ඩ් හතර පහයි Camino, Souza, Cuervo, Patron etc. ඩුබායි වගේ ට්‍රාන්සිට් තියනවනම් හුඟක් තියෙයි.

    100% blue Agave කියල නැත්නම් Mixto විදිහට සැලකෙන්නේ. ඒත් අඩුම ගණනේ 51% blue Agave වලින් හදන්න ඕනෙ.

    හොඳම කොලිටි එකේ ඒවා ( මං තාම බීලා නෑ ) ලුණු හා දෙහි දිව ගාමින් සමග බීමත් අපරාදයක් කියල සැලකෙන්නෙ. ඒවා එකපාරට ගිලින්නෙ නැතුව වයින් හෝ හොඳ බ්‍රැන්ඩි (ස්නිෆ්ටර් ග්ලාස් එකෙන් ) වගේ කටේ තියාගෙන රසවිඳිමින් බොන්න කියලයි කියන්නෙ. මං ට්‍රයි කරලා තියන බ්‍රෑන්ඩ්වලින් අතිබහුතරය හොඳම ඒවා නොවුණත් ඒකේ රස සහ effect එක රස විඳින්න පුලුවන් ඒවා. ඇත්තෙන්ම මං දැන් දෙහි, ලුණු ගන්නෙ නෑ ටෙකිලා එක්ක. හුඟක් බොන්නෙත් නෑ. හුඟ වෙලාවක් බොනවා පොඩ්ඩක්. මං ලොකු ටෙකිලා ෆෑන් කෙනෙක් නිසා වෙන්න ඇති

    මෙක්සිකෝ ගියාද? I really envy you. මගේ ෆේවරිට් සබ්ජෙක්ට් එකක් ලිව්වට ස්තුතියි

    ReplyDelete
    Replies
    1. මැක්සිකෝවෙදි බිවෙත් හොදම කොලිටියේ එවාද කියන්න දන්නේ නෑ.(ස්පාඤ්ඤ බැරි නිසා)අපි ගත්තේ ඩොලර් 10 -15 අතරේ මුදලකටයි. වරායේ ඩියටි ෆ්‍රි තියෙේ බාල ඉන්දියන් විස්කි විතරයි.ටෙකිලා ෆෑන් කෙනෙක් අදුනගන්න ලැබුන එකත් නියමයි දවසක ප්‍රා එක්ක ටෙකිලා රස බලන්න.

      Delete
    2. https://www.mensjournal.com/food-drink/the-18-best-tequilas-in-the-world-20131217/

      Delete
    3. ප්‍රා. අද නං නිද්ද යයි නේද? හැක් හැක්.

      Delete
    4. මාත් එනෝ.. :) ලයිට් හවුස් ගැලී wardroom bar එකෙයි උස්වැටකෙයියාව clubhouse bar එකෙයි ලිමිටඩ් චොයිස් ටිකක් තියෙනවා.. සෙට් එකක් එක්ක නෙවෙයි උපරිම දෙන්නෙක් එක්ක සෙට් වෙන වෙලාවට පට්ට.. ටිකිලා ෆෑන්ස් ලා (මට කියවෙන්නේ ටිකිල කියලමයි) උනාම වැඩේ ලේසියි. කැබලිටෝ දෙකක්.. උපරිම තුනක්.. ම්ම්ම්..

      ජයවේවා!

      Delete
    5. පරණ නාවිකයන්ටත් ලයිට් හවුස් ගැලියේ ඩිස්කවුන්ට් දෙනවා ඇතිනේ. හවස් වරැවක කැබලිටෝ දෙකක් සිප් කරමු.

      Delete
  2. ලිපිය එල.ඒත් අහුන්ගල්ලට ඇවිල්ලත් තනියම ටිකිලා ගැහුව එකට බලවත් විරෝදාරය.....

    ReplyDelete
    Replies
    1. රස්ති ඉන්නේ ඒ ලගපාත කියලා මිටරේට මතක්වුනේ ගහපු ජාතිවල ( ලිකර් ෆ්‍රී නිසා හැම ජාතියෙන්ම බිව්වා )සැර බැස්සාට පස්සේ.

      Delete
  3. අගෙයි විස්තරේ

    ReplyDelete
  4. මටත් ඔය තිකිලා (මම කියන්නේ එහෙමයි. වැරදිනං හදහං) එක පාරක් බිව්වා. මේ අපි වගේ බේබද්දන්ට හිතට හරි නෑ ඒ බොන විදිය. සමාර බ්ලොග් කමෙන්ට් ඔස්තාර් ල නං ගෙදරට වෙලා පොත් කියවන කොට සිප් කර කර ඔව්වා බොනවා කියල ආරංචියි. නෑ නෑ කොන්ක්‍රීට් කාරයා නෙමෙයි ඌ මළ පෙරේතයා ගල් විතරයි බොන්නේ.

    උඹ ඕක දාපු එක හොදා. මටත් පිස්සු වගේ හැදිල දැං කාලෙකට කලින් තිකිලා ගැන සෑහෙන්න කියෙව්වා. වීඩියෝ බැලුවා.

    ReplyDelete
    Replies
    1. අනේ උඹේ තිකිල. ඔය නොදන්න ඒව බීල තියෙන ජොකත් නැතිකරගන්නැතුව වෙනද වගේ වෙල් ෆැන්ට ගහල හිටහං. හැක්..

      Delete
    2. සිප් කරකර බොනකොට වදිනවා. බියර් එකක් බිම බටයක් දාලා බිලා බලන්න. ඔය කොන්ක්‍රිට් කරයා ගල්බලකායෙලු නේද.

      Delete
    3. මූවි එකක් බලනකොටත් පුලුවන්.
      ඒත් අඟහරු ගඩොල් පේනකං බොන්න එපා ලැච්චර්තුමා

      Delete
  5. බොකු දිරාස් වලට කියන වෙනත් නම් පිළිබඳව ඔබ අසා තිබුනා නේද ?? මගේ මතකය නිවැරදි නම් චන්ද්‍ර අනගිරත්න මහතා ලියු නවීන ගජබින්නාලංකාරය පොතේ (බොහෝ විට මේක 60 දශකයේ අග හෝ 70 දශකයේ මුල ප්‍රකාශයට පත් කරන්න ඇතැයි සිතනවා) නම් ගොඩක් තියනවා. දෙහි සුදිය, අල සුදිය හෝ අල හොදි, ඩඩ්ලිගේ සුදිය, කටු කම්බි ආදිය එහි තිබුනා. හිටපන් මචං, ගහපන් මචං, දෙකමත් එහි තිබුන බව මතකයි.

    ReplyDelete
    Replies
    1. ගජබින්නාලංකාරය පොත හොයාගෙන කියවන්න ඔනේ. අල සුදිය අල හොදි සහ ඩඩ්ලිගේ සුදිය කියන්නේ ඇයි කියලා හිතා ගන්න බෑ. ස්තූතියි විස්තේට

      Delete
  6. මම දෙසැරයක් ටෙකිලා බීලා තියෙනවා... ගාන තමා ඉතින් අවුල... නැත්තන් සුපිරියට වදිනවා වගේම රස මරු...

    ReplyDelete
    Replies
    1. සිරිලංකා ටෙකිලා සංගමයට සාදරයෙන් පිලිගන්නවා.

      Delete
  7. අපි නම් ඔය ජරාව කටේ තියෙන්නේ නෑ... හැක්!

    ReplyDelete
    Replies
    1. කවුද මේවාට ජරාව කියන්නේ.සුර සහ අසුරයෝ මහාමේරැ පර්වතය දමලා කිරිමුහුද කලඹද්දි තමයි සුරාව මතුවෙලා තියෙන්නේ. දිනපතා මද පමනින් ගැනිම යහපති කියලා පැරණි පොතපතේ තියෙනවා.

      Delete

අදහස් මෙතන නිදහස් කරන්න