Tuesday, March 19, 2019

සුන්දර සිරගෙදර දී හමුවු සිල්වා - සයුරේ දසවසක් - 11

සිරගෙයක සිරවනතුරුත් නිදහසේ අගය කිසිවෙකු නොදන්නා සේම සිරගෙයක් කිසිසෙයිත්ම සුන්දර වන්නේ නැත. සිරකුටි හෝ බරපතල වැඩ සහිත දඩුවම් නොමැති එහෙත් පිටස්තර ලොවට පිවිසෙන්නට නොහැකි ලෙසින් අවහිර කෙරුනු නැවියන්ට පමණක් කොටු කෙරුනු මේ අලංකාරලෙසින් මලින් පිරුනු ගහකොලින් වටවු එළිමහන් සිරකදවුරට පැමින සිරවන්නට සිදුවන්නේ පාන්පිටි නෞකාවට පැටවිමට ආ අවස්ථාවේදිය. මෙය වෙන කිසිවක් නොව ත‍්‍රිකුණාමලයේ පාන්පිටි කම්හලය. මේ පිටි කර්මාන්ත ශාලාවට සුන්දර සිරිගෙය නමින් හැදින්වන්නට මුල පිරුවේ මා විසිනි.



            සත්‍ය වශයෙන්ම පි‍්‍රමා පිටි කර්මාන්ත ශාලාව මල් වගාකොට ඉතා අලංකාරවත් ලෙසින් පවත්වාගෙන යන ස්ථානයක් විය. එහෙත් කොතරම් අලංකාරවුවත් ප‍්‍රධාන ගේට්ටුවෙන් එලියට අඩියක් වත් තැබිය නොහැකි අපහට පිටි කර්මාන්ත ශාලාභූමිය සුන්දර සිර ගෙදරක්ම විය. නාවිකයින්ට ප‍්‍රධාන ගේට්ටුවෙන් ඔබ්බට එකදු අඩියක්වත් තැබිමට ප‍්‍රීමා පිටි කම්මලේ ආරක්ෂකයින් ඉඩ නොදුන්නේ එහි ශ්‍රී ලංකා රේගු දෙපාර්තුමෙන්තුවේ කාර්්‍යාලයක් ස්ථාපිත කර නොතිබුනු හෙයින්ය. මා ති‍්‍රකුණාමලයට පැමිණි මුල් වතාවේ පිටි කර්මාන්ත ශාලාව තිබු භූමියේ ඇවිදිමටත් ඉඩක් නොලැබුනේ මොටර් දෙකක් රැගෙන එමට කොළඹ බලා පිටත් කල බැවිනි. මෙවර ඇතුලත භූමියේ ඇවිදයන්නට ඉඩ ලැබුනත් ඉන් පසු කිහිප වාරයක් මේම පිටි කම්හල් භූමියට පිවිසියත් කිසිම දිනෙක කර්මාන්ත ශාලාව ඇතුලට ගොස් එය නැරඹිමට අවස්ථාවක් නොලැබින. ප‍්‍රධාන ගේට්ටුව අභියසට වෙන්නට කාඞ් දමා කථා කල හැකි පේ ෆොන් දුරකථනයක් පිහිටුවා තිබිම සියල්ලන්ටම ඇතිකල විශාල සහනයක්ම විය. දුරකථන කාඞ්පත් එහි කැන්ටිමේ විකුනන්නට තිබුනි.  එහි තිබු එකම දුරකථනයක් හෙයින් එකෙකු කථාකර අවසන් වන තෙක් අනෙකාට ප‍්‍රධාන ගේට්ටුව දෙසට ගොස්  ඇතුලට හෝ එලියට පිටවන වාහන දෙසත් ගේට්ටුවෙන් ඔබ්බේ වු පාලූ පාර දෙසත් බලා සිටිමට සිදුවිය.

           ගල්කිස්සේ දුම්රියපල පාරේ තිබු පාන් පිටි ගබඩාව මට නිතැතින්ම සිහිපත් විය. එය සැබවින්ම සෑම අතම පිටි විසිරුනු පරන පාප්ප සුවද වැනි අමුතු පිටි සුවදක් හාත්පසම පැතිරි තිබු පිටි ගබඩාවක් විය. ගබඩාවේ ඉදිරිපස සිට ඇතුලත සෑම පෙදෙසක්ම පිටි තැවරි සුදු පැහැ ගැන්වි තිබු අයුරුත් සිරුර පුරා පාන් පිටි නාගෙන සුදු පැහැ ගැන්වුනු මුට්ට කරගහන්නන් කිහිප දෙනෙකු ලොරිවලට පාන් පිටි ගෝනි ගොඩබාන හා පටවන අන්දම සිහියට ආවේය. එම ගබඩාව දැක ඇති මාගේ මනසේ චිත‍්‍රනය වි තිබුනේ පි‍්‍රමා කම්මලේ සෑම අස්සක් මුල්ලක්  නෑරම පාන් පිටි විසිරි ඇති අපිරිසිදු ස්ථානයක් ලෙසින්ය. එහෙත් මාගේ එම සිතුවිල්ල අහෝසි කරදමන්නට සිදුවිය. පාන් පිටි නිපදවන මෙම කර්මාන්ත ශාලාව හෝ ගබඩාවත් ඉන් පිටතත් හැලුනු පාන් පිටි වලින් අපවිත‍්‍ර වි නොතිබුනි. එසේ වන්නේ ගබඩාවෙන් නැවට පැටවිමේදි හැලෙන පිටි සියල්ල දවස අවසානයේදි හෝ නැව පිටත්වු පසුව හැකි ඉක්මනින් සෝදා පවිත‍්‍ර කරනු බැවිනි. අප නැවට එහායින්වු ප‍්‍රධාන ජැටියේ තිරිගු ඇට රැුගෙන ආ සුවිශාල බල්ක් කැරියර් නෞකාවක් එහි තිරිගු ඩිස්චාර්ජ්  කරමින් තිබුනි. ජැටියේ තිබු දොඹකර මගින් නැව තුලට පහත් කරන ලද බට ඔස්සේ ඇතුලත වු තිරිගු ඇට උරාගෙන එවා ප‍්‍රධාන ගබඩා කරන ටැංකි වෙත යවනු ලබයි.

       පිටි ගබඩාවේ සිට පාන් පිටි පිරවු ගෝනි බෙල්ටයක් දිගේ පැමින කවුලූවකින් ඉවතට වැටේ. භාන්ඩ හසුරවන්නන්  හෙවත් පිටි මුට්ට පටවන්නන් ඔවුන්ගේ පහසුව උදෙසා පාන්පිටි මුට්ට කවුලූව අසලින් එකක් උඩ එකක් සේ කවුලූව තෙක් උසට පටවනු ලබයි. ඉන්පසු ඉහලින්ම තිබු පිටි මුට්ට අතින් තලා සකස්කර  කවුලූවෙන් පිටවන පිටිමුට්ටය පිල්ලක් දිගේ පහලට වැටෙන ලෙසින් සකස්කර ගනු ලබයි. එකින් එක  වැටෙනා පිටි  මුට්ට රැගෙන ගොස් සිලිංගයක් (Sling) උඩ ගොඩ ගසාගනියි. මේ ලණු සිලිංගය උඩ පිටි මුට්ට අසුරන්නේ එක්තරා රටාවකට අනුවය. සිලිංගයට අල්ලන පිටි මුට්ට ප‍්‍රමානය පිරුනු පසු ගැටය තදවන අයුරින් ලණු සිලංගයේ එක් කොනක් දෙඹකරයේ කොක්කට අමුනයි. දෙඹකරයෙක් ඔසවා නැවේ හැච් එකට බාගන්නා පාන් පිටි ගෝනි තවත් පිරිසක් විසින් පිලිවෙලකට එහි අසුරා දමනු ලබයි. සමහර අවස්ථාවලදි පිටිගෝනි ඇසිරිමක් නොමැතිව ඩම්ප් (Dump)  කරනවාදැයි බලන්නට ඒ අවස්ථාවේ ඩියුටියේ සිටිනා නැවේ එබිවරයාට සුපරික්ෂාවේ පසුවන්නට සිදුවෙයි.

       මේ භාන්ඩ හසුරවන්නන් ගේ අත්වල මිටක් සවිකරන ලද කොකු තබාගෙන තිබුනේ පිටි ගෝනි පැටවිම පහසුවන්නටය. මේ කොකු නිසා සිදුරුවන ගෝනි තුලින් හැලෙන පිටි ජැටියත් නැවේ තට්ටුවත් සුදු පැහැ ගැන්වියයි.  මුහුදට වැටෙන පාන් පිටි නිසාදෝ එවා කන්නට ආ වෛයිවාරන මාලූන් ජැටිය අවට මුහුදේ බහුලව සිටියහ. වරායේ පිටි මුට්ටු පටවන්නන් ගේ විනෝදාංශය වුවේ මාළුන් ඇල්ලිමයි. ඔවුන් තම සේවා මුරය ඉවරවු සැනින් නැවේ ඇකමඬේෂන් එක අසලට වි තම බෑගයේ ඇති මරුවැල ගෙන ගන්වෝලයට උඩින් මුහුදට දමයි. ඔවුන් මරුවැල නමින් හැඳින්වු එය එක තංගුස් පටකට ඇමුනු බිලි කොකු රැුසක් සහිත යොතක්විය. මසුන්
රැනක් වෙත දමා එක පාරින් ගස්සා උඩට අදිද්දි  එක පෙලට පන ගැහෙනා මාලූන් දෙතුන් දෙනෙකු ඇමිණි වතුරෙන් එලියට ඇදි එති. මේ පිටි ගෝනි පටවන්නන් අතරින් මාහට හමුවු සුවිශේෂි පුද්ගලයෙක් විය. සිල්වා නමින් හැදින්වු ඔහු නැවියන් අතර සුප‍්‍රසිද්ධ චරිතයක් විය. තලෙළු වයස අවුරුදු පනහට කිට්ටු කල සිල්වා තිරිකුණාමලයේ වරායේ සේවය කල මිගමුවේ කොච්චිකඬේ පැත්තේ පුද්ගලයෙකුවිය. වියපත්වුවත් තරමක හැඩිදැඩි සිරුරක් හිමි සිල්වා සිල්ක් වැනි සරමක් හැද එයට යට කල තද පැහැති කමිසයේ උඩ බොත්තම් දෙකක් පමන විවර කරගෙන සිටිම ඔහුගේ පුරුද්දක් විය. තම බිරිදත් දරුවන් සමගින් ති‍්‍රකුනාමලේ ආන්දන් කුලමේ ඔෂින් හෝටලය අසල පදිංචිව සිටින බවත් නැවෙන් බැස ඉඩක් ලැබුන විටෙක ඒ පැත්තේ ඇවිත් යන ලෙසින් මාහට කිහිප විටක් පවසා තිබුනි. 



        නැව වරායට ඇල්ලූ පසු නැවත් ජැටියත් අතර විශාල දැලක් එලා සකස් කිරිම ඔහුගේ රාජකාරියවුනි. ඉන්පසු යලි නැව පිටත්ව යනතෙක් සිල්වා කලේ ඉදහිට මාලූ ඇල්ලිමත් හා නැවේ කුස්සියට වැදි කුක්ට උදව්පදව් කිරිම වැනි රාජකාරි කිහිපයකි. ඒවා තමන්ගේ වැඩ කොටසක් නොවනුත් එය ඔහුගේ චරියාව වි තිබුනි. හවසට ඩෙක් එකේ ඇවිදගොස් ගැලිය පැත්තෙ එන කැප්ටන් ඔහුව දුටු ගමන්ම අසන්නේ එකම පැනයකි.
”අයිසේ සිල්වා කෝ මාලූ අහුවුනාද?”
ඔ් ඔහුගේ ඇම කා ඩෙක් එකේ වැතිරි සිටිනා මාළුන් දෙස බලමින්ය. බොහෝ දිනවල අල්ලන මසුන් සියල්ලම ඔහු විසින්ම කට ගැස්මක් සේ සකස්කර කැප්ටන් හෝ චිෆ් ඔෆිසර් පිලිගන්වයි.
”සිල්වා විදුරුවක් අරගෙන කැබින් එක පැත්තේ එනවා.”
කට ගැස්ම ලැබු පසුව කැප්ටන්ගෙන් විස්කි වඩියක් ගහන්නට අරාධනා ලැබෙන්නේ එලෙසටය.
සමහර දිනවලදි කැප්ටන්ගෙන් අමතරව චිෆ් ඔෆිසර්ගෙන් හෝ චිෆ් ඉන්ජිනියර්ගෙන්ද ෂෙට් එකක් දෙකක් වරදින්නේ නැත.

       අප කාගෙත් සයනයවු මෙස් කාමරයේ හැඩ ගැසූ ලෑලී බංකුවේ සිල්වා නිදාගන්නේ ගත්තු ෂොට් එක වැඩිවු දිනවලටය.
සිල්වාගේ තිබු එකම එක දුර්වලතාවය වුයේ සිය හැඩි දැඩි සිරුරේ තිබු අධි සංවේදිතාවයයි. සමහරුන්  කිවේ මෙය කැප්ටන්ලාගේ අවධානය දිනා ගන්නට සිල්වා විසින් කරනා බොරුවක් බවය. ඔහුගේ අධික කිතිය අපට විටෙක සෙල්ලමක් විය. ඉලයට හෝ කිහිල්ලට ඇන්න විට කිතියෙන් ඇඔරෙමින් ළඟ ඉන්නා  ඕනෑම අයෙකුට අතදිගහැර හොඳහැටි රිදෙන්නට පහරක් ගසන්නේ අමුතිත්ත කුණු හරුපයක් කියමිනි.
”සිල්වා මේ සැරේ අපි කොහේද යන්නේ?”
” අම්මාට .............. න්න.”
පලමු සැරයේ ඉලයට අනිමින් ඇසු පැනයත් ඔහුගේ අධි සංවේදිතාවයට ලැබුන පිලිතුරත් මෙය විය.
”එහේ කවුද ඉන්නේ?”
”හු......ගේ පුතා.”
ඊලග පැනයට පිලිතුර ලැබෙන්නට ප‍්‍රථමයෙන් අහකට පැනගන්නේ අත උස්සා දෙන පහරින් වැලකෙන්නටය. වරෙක රාති‍්‍ර වැඩමුරයක් නිසා මෙස් කාමරයේ නිදාගත් සිල්වාට උදේ නැව වටේ රවුමක් ඇවිදගිය කැප්ටන් හමුවුයේ ගැලිය අසලදීය. නලල අසලට අත උස්සා සැලූට් එකක් දමමින් කැප්ටන්ට සිල්වා ගුඩ් මොර්නින් පවසද්දීම අසල සිටි කුක් ඔහුගේ ඉලයට ඇනිය. ඔහු කැප්ටන්ට සුබ දිනයක් පැතුවේ මෙලෙසිනි.
”ගුඩ් මොර්නින් හු....හු......ගේ පුතා.”
”සිල්වා ඔය වේලාවට බුදු සරණයි හරි කියන්න පුරුදු වෙන්න.”
කී කැප්ටන් අඩියට දෙකට මාරුවී ගියේ සිල්වාට ගුඩ් මොර්නින් වත් නොකියාය.

        සිල්වා කවුරුන් හෝ ඉල්ලන උපකාරයක් උදව්වක් නොපිරිහෙලා කරන්නට නෑ බෑ නොකියා හැකි පමනින් උත්සාහ ගත්තේය. ති‍්‍රකුණාමලයට ආ වෙනත් නැවක දි ඔහු මාහට කල උපකාරයක් සිහියට නැගෙයි. ති‍්‍රකුණාමලයේදි ගෙදර යන්නට ෂෝ ලීව් ලැබුනේ පාන්දර වනතෙක් වැඩකර අවසන්වු පසුවය. අප නෞකාව නවත්වා තිබුනේ කොඩ් බේ හි ධිවර වරාය නිතිගත සංස්ථාවේය. වරාය ජැටියේ සිට ති‍්‍රකුණාමල ප‍්‍රධාන මාර්ගයේ හතරේ කණුව හංදියට එන්නට උදේ පාන්දර බස් රථයක් ධාවනයවුයේ නැත. එම නිසා ගෙදර යෑම ලේසි පහසු කි‍්‍රයාවක් වුයේ නැත. එහෙත් ලැබු කර්කෂ නැවක එකාකාරි ජිවිතයෙන් මිදි පැය කිහිපයකට හෝ ලබන නිදහස කෙලෙස අමතක කර දමන්නද. මහ පාන්දර යන්නට නොහැකි කමින් ගෙදර යෑම හිතින් අතහැර දමන්නටත් සිදුවන බව කියමින් කොළඹ යන්නේ කෙලෙසදැයි සිල්වාගෙන් ඇසුවෙමි. මාහට කිසි දේකට බිය නොව ලෙසත් පසුදා කෙසේ හෝ පාන්දර කොළඹ යන පලමු බසයට නංවන බවට පොරොන්දුවු සිල්වා උඳේ පාන්දර වනතෙක් නැවේ මෙස් කාමරයේ ලෑලි බංකුවේ නිදාගත්තේය. එදා මා නංවාගෙන කදු පල්ලම් නගමින් බසිමින් ෆුට් සයිකලයෙන් කොඞ් බේ හි සිට ති‍්‍රකුණාමල -කොලඹ මහාමාර්ගයේ හතර කණුව හංදියට ගෙනවිත් ඇරලවා බසයකටත් නංවාලුයේ සිය පොරොන්දුව ඉටුකරමින්ය.
           තම බිරිදට අසිමිත ලෙසින් ආදරය කල ඔහු ඇගේ නම තම කාලවර්ණ බාහුවක කොටාගෙන සිටියේය. පසු කාලිනව ති‍්‍රකුණාමලයට ගිය අවස්ථාවකදි සිල්වා සොයාගෙන ආන්දන් කුලමේ ඔෂින් හෝටලය ඉසව්වට ගියත් එ්වන විට රැුකියාවෙන් ඉවත්ව ති‍්‍රකුණාමලයටත් ආයුබෝවන් කියා තිබුනි. සිල්වාගේ ගම වු කොච්චිකඬේ ප‍්‍රදේශයට යළි පදිංචියට ගොස් තිබුනේ තම ආදරණිය බිරිද මොලොව හැරගිය පසුව බව මාහට දැනගන්නට ලැබුනි. 


සයුරේ ආ මඟ 







 



කොට රංජිගේ කුකුල් කේන්තිය - සයුරේ දසවසක් - 7

දළ රළ පෙලට හසුව - සයුරේ දසවසක් - 8 

කන්කසන්තුරේ නොහොත් කේ කේ එස් වලට - සයුරේ දසවසක් - 9

 වෙල්ඩර් හෙල්පර් ගේ අවසානය - සයුරේ දසවසක් - 10

20 comments:

  1. නාවිකයන්ගේ ආරක්ෂකයා වන සාන්ත අන්තෝනි මුණිතුමාට ප්‍රශංසා වේවා!!!

    ReplyDelete
  2. මේ ඉන්නේ මනුස්සයා, පුරුදු විදියටම! සුපැතුම්!!

    අසංග, මං වැඩ කළ ප්‍රෙස් එකකත් ඔහොම කිචි තියෙන මනුස්සයෙක් හිටියා, සොයිසා කියලා. එයත් ලොබ නැතිව කුණුහරුප වස්සපු එක්කෙනෙක්. හැබැයි පොලිස් නිලධාරියෙක් ඇවිත් ඉන්න වෙලාවක එක්කනෙක් ඇඟිල්ලෙන් ඇන්නාම කුණුහරුප කිව්වේ නැහැනේ.

    හිටියේ කොට්ටාවේ. දැන් එයා එලොව ගිහින් අවුරුදු පහළොවක් විතර නිසා ආයෙම testing එකක් කරන්න බැහැනේ, අපරාදේ!

    ReplyDelete
    Replies
    1. ඔය සමහරු බොරුවට කිචි පාට් ඇක්ට් කරනවා අනුන්ගේ අවදානය ගන්න.

      Delete
  3. ඔෂින් එකේ මම දෙතුන් පාරක්ම නැවතිලා තියෙනවා ඔකේ අයිතිකරයාව කොටි මරුවා

    ReplyDelete
    Replies
    1. මේ ලිපියේ කියවෙනා කාල වකවානුවේ වෙන්න ඔනෑ ඔෂින් අයිතිකරුව කොටි මරා දැම්මේ.

      Delete
  4. නැව් ගැන නම් දන්නෑ මෙ ් ඊයෙ පෙරේද ⁣ෙ බා්ට්ටුවක පැය 4ක් විතර ගමනක් ගියා. අර අවර පෙත්ත ලගින් බෙ ා්ට්ටුව ඇතුලට වතුර පිරෙනව මිනිහ දෙපාරක් වතුර බකට් 20ක් විතර එලියට හැලුව. මට මතක් උ ⁣ෙ න්ම කොලොම්පු රේව

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ අවර පෙත්ත සවි වෙලා තියෙන දන්ඩේ සීල් එක ගෙවිලා වෙන්නැති. කොහොම වෙතත් බොට්ටු ඔරු පාරු වල ගියත් කොළොම්පුරේ මතක් වෙනවා කියන එක නම් සතුටක්.

      Delete
    2. දන්ඩක් නම් මන්දන්නැ අයියෙ දූපත යනකන් රත්වෙලා හිටියෙ අර ඔයා ගෙ පොල්ලෙලි නැව හොදයි කියල හිතුන.

      Delete
  5. සිල්ව කිචි කාරයෙක් උණත් සෑහෙන හොඳ මනුස්සයෙක් වගෙයි.
    අර වගේ සුබ පැතුමක්නං කැප්ටන්ට ආයෙ මේ කපේදි ලැබෙන්න නෑ.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම සිල්වා හොද මනුස්සයෙක්
      කිචි තිබුනා නැතා සිල්වා කුණු හරුප කිව්වේ අපිට ආතල් එකක් දෙන්න වෙන්නැති.

      Delete
  6. සුන්දර කථා බහක්! පිටි කම්හල පිහිටවන කාලේ මම ජීවත් උනේ හතරැස් කොටුවේ. ඔබ දන්නවා නොවැ හතරැස් කොටුව. හබරණ පහුවෙලා කිලෝමීටර 10 ක් වගේ දුරක් තියෙන්නේ. එතනින් තමයි ගල් ඔය හංදිය දුම් රිය පොලට ගියේ. මගේ පියා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කලේ. ඔය කියන්නේ 1977 විතර කාලේ. මම කියන්න හිතාන ආවේ ඔය කතාව නොවේ.
    නාවික විද්‍යාව, යාත්‍රණය කියන දෙය ඇඟට එන්නේ ආර් ඇල් ස්ටීවන්සන්ගේ "සම්පත් දූපත", ආර් ඇම් බැලන්ටයින්ගේ "කොරැල් දූපත" වගේ පොත පත වගේ. ඇයි තව ලස්සන පොතක් තිබුනා ඒකෙ සිංහල අනුවාදය උනේ "රණ රාල" කියලා. අපි කුඩා කාලය පුරාවට හිතා හිටියේ නවිකයෙකුගේ ජීවිතය මොන තරම් විචිත්‍රද කියලා.
    බොහොමත්ම ස්තූතියි ඒ පිළිබඳව ලියනවට.

    ReplyDelete
    Replies
    1. අපොයි 77 දි නැපි අදින කාලේ නොවැ.
      සම්පත් දුපත කොරල් දුපත පොත් කියවලා තියෙනවා කියලා මතකයේ කොනක තියෙනවා. එත් කතාව නම් මතකයේ නෑ. රණරාල පොත තවම මා ලග තියෙනවා. ආයෙමත් කියවන්න හිතුනා.

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. කිචි තියන යාළුවෙක් මට දැනුත් ඉන්නවා. එයා නම් පොලිසිය විතරක් නෙවෙයි රජ්ජුරුවන් ඉදිරියෙදි වුනත් පාලනයක් නැතුවම අර අපූරු වචන ටික කියනවා මයි.

    March 23, 2019 at 3:10 PM

    ReplyDelete
    Replies
    1. ඇත්ත ගුණසිංහ මහත්මයා ගොඩාක් අයට පාලනයක් නෑ. එත් මට තියෙන ගැටලුව තමයි ඇයි මේ කිචි කාරයෝ එකම වචන සැට් එක කියන්නේ කියලා..

      Delete
  9. ඈස් යුෂුවල් පට්ටම කතාවක් අසංග. අසංග කිව්වහම මතක් උනේ මගෙ මස්සිනාටත් ඉන්නව බොහොම කිට්ටු හොඳ යාළුවෙක් අසංග කියල. ඔය වගේම නැව් වල වැඩ කරන බුවෙක්. ඔහේ එයයිද නං දන්නෙ නැත. 🙈 අම්මටහුඩු. ලංකවේ මෙහෙම පොට් එකක් තියෙනව කියල දන්නෙත් අද. කොහොම උනත් සුපිරි පොස්ට් එකක්. ජය වේවා.. 👊🏽

    ReplyDelete
    Replies
    1. සමහරවිට මම වෙන්නත් පුලුවන්. එත් දැන් නැව් වල සේවයෙන් අයින්වෙලා නාවික ක්ශේත‍්‍රයේ නැව් වලට සම්බන්ධ රැකියාවක තමයි ඉන්නේ.

      Delete
  10. වෙන කාටද ලැබෙන්නෙ කැප්ටන්ට ඔහොම කියන්න... කියලා බේරිලා යන්න… :D :D

    ත්‍රිකුණාමලයෙ තියෙනවා නේද රේගු ශාඛාවක්?


    ReplyDelete
    Replies
    1. ඔව් තියෙනවා. එත් එක තියෙන්නේ මුත්තූර් යන බොට්ටු නවතන මගි ජැටියේ මෙහි වරාය පොලීසියත් පිහිටුවලා තියෙනවා. පී‍්‍රමා පිටි ෆැක්ටේරියේ රේගුවක් තිබුනේ නෑ.

      Delete

අදහස් මෙතන නිදහස් කරන්න

සුන්දර සිරගෙදර දී හමුවු සිල්වා - සයුරේ දසවසක් - 11

සිරගෙයක සිරවනතුරුත් නිදහසේ අගය කිසිවෙකු නොදන්නා සේම සිරගෙයක් කිසිසෙයිත්ම සුන්දර වන්නේ නැත. සිරකුටි හෝ බරපතල වැඩ සහිත දඩුවම් නොමැති එහෙත් පිට...