Thursday, June 3, 2021

හෝරස්ගේ දරුවා - දහනම වන දිගහැරුම Son of Horus - 19

 


කතාබස් කරගත් ලෙසම පියරත්න දෙහිවල හන්දියෙන් බසයෙන් බසින විට උදෑසන අටට පමණ විය. ඒ වන විටත් දෙහිවල මංසන්ධියේ ගුවන් පාලම යටටවන්නට තම මොටර් රථය නවතාගෙන ඔහු එනතෙක් නාරද මඟ බලාගෙන සිටියේ වෛද්‍ය පාරේ වූ තම නිවෙසට කැදවාගෙන යාමටය. කුමාරි පියරත්න මහත්තයාව ඉතා සාදරයෙන් පිළිගත්තාය. උදෑසන ආහාරයෙන් පසු සාකච්ඡාවට ඔවුන් එක්වූහ.

“නාරද මහත්තයා කිව්ව හෝඩුවාව නොවෙන්න මම තාමත් ගාල්ල පීර පීර මේ බඳුන හොයාගත්තු අයව හොයනවා.”

“ඒ හෝඩුවාව දුන්නේ කුමාරි තමයි.”

“නාරද කුමාරි දෙස කෘතඥතා බැල්මක් හෙලමින් පැවසීය.”

“මේ පියසෝම මම හොඳට දන්නා අඳුණන කෙනෙක්නේ. මිනිහා හොඳ පිහිනුම්කාරයා. ගෙදර පොඩි රණ්ඩුවක් ගිය වේලාවේදි පියසෝමගේම මස්සිනා තමයි එයාව මැරුවේ. මේ බලන්න මුලින්ම පියසෝම ඊළඟට උපනන්ද ඊටපස්සේ ගුණසිරි අන්තිමට ස්ටැන්ලි. මේ හැමෝම මැරිලා තියෙන්නේ ස්වභාවික හේතුවකින් නෙමෙයි නේද?”

“මටත් ඔය ගැන සිහියට ආවේ කුමාරි කිව්වාට පස්සේ තමයි.”

“මට පේන්නේ නාරද මහත්තයෝ මේ බඳුනේ අද්භූත දෙයක් සැඟවිලා තියෙන්න පුලුවනි. මේ මැරුණු  හැමෝම ඔය අපි හොයන බඳුන හිමි කරගත්තු අයයි. එහෙම නම් ඊළඟට කවුද?”

“ස්ටැන්ලිගෙන් පස්සේ දැනට මේක තියෙන්නේ හොරු අතේනෙ. එහෙම නම් අපිට මේක ඇත්තක්ද කියලා බලන්න පුලුවනි ඔය හොරුන්ගෙන් කවුරු හරි මැරුණොත්. එහෙම උනොත් අපිට කියතැකි මේකේ අද්භූත බලයක් තියෙනවා කියලා.”

“ඇයි නාරද ඔයාට හිතෙන්නේ නැද්ද මේ බඳුනේ ශාපයක් තියෙනවා කියලා. හරියට පාරාවෝ ශාපය වගේ (Curse of Pharahos).”

“කුමාරි මේක ඒ විදිහටම සිද්ධ වෙන ශාපයක්ද කියලා කියන්න බැහැ.”

“මොකක්ද නාරද මහත්තයා ඔය කියන ශාපය?”

“මෙහෙමයි පියරත්න මහත්තයා, පාරාවොන්ගේ සොහොන් ගැබ්වල ඒගොල්ලන්ගේ මෘත ශරීර තැන්පත් කරද්දි විශාල වශයෙන් ඒ මියගිය රජතුමා හරි පුද්ගලයා හරි පාවිච්චි කළ භාණ්ඩ වලින් පුරවලා තියලා තියෙනවා. එහෙම කරලා තියෙන්නේ ඒ පුද්ගලයා මළවුන්ගේ ලෝකයෙන් පිටවෙලා යළිත් ආත්මයක් ලැබුනාම ඒවා පාවිච්චියට ගන්න. පියරත්න මහත්තයාට මතකද ටූටන්කාමුන් රජතුමාගේ සොහොන්ගැබේ තිබිලා හමුවුනු නිධන්කරලා තිබුන භාණ්ඩ?”



“ඔව්. මට මතකයි පත්තරවල ලියලා තිබුනා සමහර භාණ්ඩ රත්තරන් වලිනුත් හදලා තිබුනා කියලා.”

“ඉතිං මේවාගේ නිධන් කරලා තිබුනු වස්තුන් අරගන්න ආඳිකාලේ ඉදලාම සොර සතුරන්ගෙන් ආක්‍රමණ එල්ලවුනු නිසා පූජකයෝ මේ සොහොන් ආරක්ෂාකරගන්න ආරක්ෂාකාරී පියවරන් අරන් තිබුනා. ඒවායේ ඇතුළට ගිහිල්ලා ඒ මියගිය පාරාවන්ගේ නින්දට බාධාකරපු යම් කෙනෙක්වේද, ඔවුන්ට ශාප කරලා තිබ්බා.”

“ආ මෙන්න නාරද මේ පොතේ ("The Mummy's Curse: Mummymania in the English-speaking World", Jasmine Day) ඔය කියන ශාපය ගැන ලියවෙලා තියෙනවා.”

කුමාරි නාරදගේ පුස්තකාලයෙන් රැගෙන ආ තවත් පොතක් ගෙන නාරදගේ අතට පත්කළාය.

“මේ තියෙන්නේ එහෙම ලියැවුනු ශාපයක්. මේක නමයත් දහයක් අතර රාජවංශයේ ඇන්කාටිෆි රජතුමාගේ සොහොනේ ලියලා තියෙන්නේ.” 

“කවුරුන් හෝ පුද්ගලයෙක් මෙම මෘතශරීරයේ බහාලුමට (මිනිපෙට්ටියට) අයහපත් හෝ දුෂ්ටකමක් සිඳුකළානම් ඔහු ලබාදෙන කිසිඳු දෙයක් හේමන් නම් දෙවියා පිළිනොගනියි. එසේම ඔහුගේ උරුමක්කාරයන්ටත් උරුම වශයෙන්වත් නොලැබෙයි.”

( The tomb of Ankhtifi (9–10th dynasty) contains the warning: "any ruler who... shall do evil or wickedness to this coffin... may Hemen [a local deity] not accept any goods he offers, and may his heir not inherit". )

“මේ තවත් එහෙම ලියාපු ශාපයක් තියෙනවා. මේක තියෙන්නේ නවයත් දහයත් අතර රාජවංශයේ හිටපු  ක්හෙන්ටිකා ක්හේකී රජතුමාගේ සොහොන්ගැබේ.”

“මාගේ සුසානඝරයට ඇතුළු වී අපවිත්‍ර කරන සියල්ලන්ටම විනිශ්චයක් ඇත. එනම් ඔහුගේ අවසානයයි. මම පක්ෂියෙකුගේ ගෙළ කඩාදමන්නාක් මෙන් ඔහුගේ ගෙළ කඩාදමමි. මා විසින් ඔහුට බියද සන්ත්‍රාසයද ඇති කරවමි.”    

(The tomb of Khentika Ikhekhi (9–10th dynasty) contains an inscription: "As for all men who shall enter this my tomb... impure... there will be judgment... an end shall be made for him... I shall seize his neck like a bird... I shall cast the fear of myself into him".)

“එතකොට ඔය වාගේ ශාපයක් බලපාල නේද ටූටන්කාමුන් සොහොන් ගැබට ඇතුල්වුනු අයත් මැරුනේ?”

“ඒ සොහොන් ගැබේ සාපයක් ලියැවිලා තිබුනා කියලා සොයාගෙන නැහැ පියරත්න මහත්තයා. නමුත් මේ සොහොන සොයාගෙන එයට ඇතුළුවුනු අය ඉතා කෙටි කාලයකින්ම මියගියා කියලා පොත්වල ලියැවිලා තියෙනවා.”

“ආ මෙන්න නාරද මේ පොතේ ("Howard Carter and the Discovery of the Tomb of Tutankhamun", H. V. F. Winstone. )  තියෙන්නේ ඒ ටූටන්කාමුන් සොහොන් ගැබ සොයාගත්තු විස්තරයි.”

කුමාරි ලබාදුන් පොත අතට ගත් නාරද ටූටන්කාමුන් රජතුමාගේ සුසානඝරය සොයාගැනීමේ පරිච්ඡේදය පියරත්න මහතාට විස්තර කරන්නට විය.

“මේ පාරාවෝ සුසානඝරය පිහිටලා තියෙන්නේ රජවරුන්ගේ නිම්නයේ. (Vally of kings)   KV62 නමින් තමයි දැන් මේ සොහොන් ගැබ හඳුන්වන්නේ. හොවාඩ් කාටර් එක්දාස් නමසිය විසිදෙකේ නොවැම්බර් හතර වෙනිදා (1922 නොවැ.04) මේ සොහොන් ගැබට ඇතුලුවන පඩිපෙළක් සොයාගෙන තියේනවා. නොවැම්බර් විසිනමය තමයි එයාලා මේ සොහොන් ගැබ විවෘත කළේ. එහිදි තමයි මෙතෙක් මිසර පාරාවෝ සොහොන් ගැබ්වලින් සොයා නොගත්තු වටිනා දේවල් හමුවෙලා තියෙන්නේ. ඒවා සමහරක් අදටත් කයිරෝ කෞතුකාගාරයේ ආරක්ෂිතව තැන්පත් කරලා තියෙනවා. 




මුලින්ම මේ ටූටන්කාමුන් සොහොනේ ශාපය බලපාල මියගියේ කානවන් සාමිවරයා idñjrhd ^ Lord Carnarvon- 1923-04-25 & එයා අප්‍රේල් විසිපස්වෙනිදා 1923 දි මදුරු දෂ්ඨයක් විෂවීමෙන් මියගියා කියලයි කියන්නේ. ඊට පස්සේ ජෝර්ජ් ජේ ගවුල්ඩ් ^George Jay Gould I – 1923-05-16 &මැයි දාසය උණ රෝගයකින්. අලි කමාල් ෆාම් බේ කුමාරයා ( Prince Ali Kamel Fahmy Bey – 1923-.06-10 )ජූලි දහය මිය ගියේ එයාගේ බිරිඳ වෙඩි තියලා. කර්නල් හර්බට් (Colonel The Hon. Aubrey Herbert – 1923-09-26සැප්තැම්බර් විසිහය දත්ගලවන්න ගිහිල්ලා මැරුණා. කොටිපති වුල්ෆ් ජොයිල් (Woolf Joel – 1923-.09-17 අප්‍රිකාවේදි වෙඩි තියලා මැරුවේ නොවැම්බර් දාහහත් වෙනිදා. සර් ආචිබෝල්ඩ් ඩග්ලස් (Sir Archibald Douglas-Reid – 1924-01-15) ලෙඩවෙලා මැරුණා ජනවාරි පහලොව 1924 දි. සර් ලී ස්ටැක් (Sir Lee Stack -1924-09-19 ) වෙඩි තියලා මැරුවා ඒ අවුරුද්දේම නොවැම්බර් දහනවවෙනිදා.” 

”ඉතිං නාරද මහත්තයෝ ඔය සොහොන සොයාගත්තු හොවාඩ් කාටර් මැරුණේ නැද්ද?”

“එයාට ටිකක් කල් ජීවත්වෙන්න වාසනාව තිබුනා. (Howard Carter – 1939-03-02)

එයා මැරුණේ 1939 මාර්තු දෙවනිදා. මම මේ කිව්වේ ටික දෙනෙක්ගේ නම් විතරයි. මේ පාරාවෝ සෙහොන් ගැබ සොයාගන්න උදව් උපකාර කළ මුලින් එකට ඇතුලු වුණු තවත් අය විවිධ රෝගාබාද හදිසි අනතුරුවලින් අකාලයේ මියගියා.”

“එහෙමනම් ඔය කියන විදිහෙ ශාපයක් මේ බඳුනෙත් තියෙන බව මට හිතෙනවා. අපි මේක ඉක්මනටම හොයාගන්න ඕනේ තවත් කවුරු හරි මේකේ ශාපෙන් මැරෙන්න ඉස්සර වෙලා.”

“ඔයගොල්ලෝ පැත්තකට වෙලා හිටියොත් හොඳ බවයි මටනම් පේන්නේ.”

“ඇයි කුමාරි?”

“ඇයි කියන්නේ, ඔයාලා ඔය බඳුන අතට අරගෙන ඒකේ තියෙන ශාපෙට ලක්වෙන්න ඕනේ නැහැනේ. පොලීසිය අවශ්‍යය කාරනා කටයුතු කරගනියි. අපිට තියෙන්නේ එයාලට අවශ්‍යය වෙන තොරතුරු ටික දීලා බලන්න ඉන්න විතරයි.”

“ඔහොම ආත්මර්ථකාමි විදිහට හිතන්න එපා කුමාරි. ඒ බඳුනේ ශාපයට ලක්වෙන බව පෙන්නේ ඒක ළඟ තියාගත්තොත් විතරයි.”

“නාරද මහත්තයා කිව්වා නේද මේ වාගෙම තවත් බඳුන් තුනක් තියෙන විත්තිය? එහෙම නම් මේක ඒ අනිත් බඳුන් තුනෙන් වෙන් කෙරුනු නිසාද දන්නේ නැහැ.”

“එහෙම වෙන්නත් පුලුවනි.”

“පියසෝමට හමුවෙච්ච ගිලුණු නැවේ සමහර විට ඔය අනිත් බඳුන් තුනත් තියෙනවා වෙන්න පුලුවන්.” 

“ඒ ළමයා කිව්වා නේද ඒ නැව තියෙන ස්ථානය දන්නේ නැහැ කියලා?”

“ඔව්. නමුත් එයා මට කිව්වේ පියසෝම කීව ඉසව්ව රූමස්සල හරියේ වෙන්න ඕනේ කියලා තමයි. මට තියෙන අනික් ප්‍රශ්නේ තමයි නාරද මහත්තයෝ, මොකටද මේ වැඩකට නැති බඳුන් ලංකාවට අරගෙන ආවේ කියලයි?”

“ඇයි මතක නැද්ද පාරාවරුන්ගේ සොහොන් ගැබ් වල තිබ්බ වස්තුව මංකොල්ල කෑවා. ඉතිං කොල්ලකාපු වස්තුව එක්කෝ මේ හොරුන් තමන්ගේ රටවල් වලට අරගෙන ගියා හරි මේවා මංකොල්ලකාරයින්ගෙන් මිලදී ගත්තු අය තමන්ගේ රටවල් වලට අරගෙන ගියා වෙන්නත් පුළුවන්. එහෙම නිධන් වස්තුන් අරගෙන ගිය නැවක් මේ රූමස්සල හරියේ ගිලුණා වෙන්නත් පුළුවනි.”

“මම පොඩි කාලේදි අහලා තියෙනවා ගාල්ල හරියේ රත්තරං පුරවාපු නැවක් ගිලිලා තියෙනවා කියලා. ඔය කතාව පියසෝමත් මගෙන් ඇහැව්වා. මෙච්චර කාලයක් මම හිතන් හිටියේ මේ රත්තරන් නැවේ කතාව බොරුවක් වෙන්නැති කියලා. මම පියසෝමට කිව්වෙත් එහෙම නැවක් ආවනම් ඔය නැව කුඩා රාවණා මහා රාවණා ලයිට් හවුස් අතරෙ තියෙන ගල්පර වල හැපිලා ගිලෙන්න ඇතිය කියලයි.”


“අපේ සමුද්‍ර පුරාවිද්‍යා අංශයෙන් අහන්න ඕනේ ගාල්ල ප්‍රදේශයේ ගිලුණු නැව් වල විස්තර තියෙනවාද කියලා. මේ ගැන වැඩි විස්තර හොයලා බලන්න ඕනේ. ”

“ සමහරවිට මේ නැව ගිලුණෙත් ඔය කියන ශාපය බලපාලද දන්නේ නැහැ?”

“එහෙම වෙන්නත් පුලුවන් කුමාරි. ඒත් එකපාරටම මිනිස්සු ගොඩාක් මරාදාන්න ඔය බඳුනේ තියෙන අද්භූත බලවේගවලට පුලුවන්ද?”

“සාමාන්‍යයෙන් දැන් කාලේ වාගේ ඉස්සර නාවික ගමනාගමනය ඉක්මන් නෑ. රුවල් නැව් මාස ගණනාවක් තිස්සේ යාත්‍රාකරනවානේ, ඉතිං කවුද දන්නේ ඔය නැව ලංකාව හරියට එනකොට නැවේ හිටපු නාවිකයින්, මිනිස්සු ශාපයේ බලපෑමෙන් මැරුණාද කියලා.”

කුමාරි කීවාය.

“ඒහෙම හිතන්නත් පුළුවන්. නාරද මහත්තයෝ මට හිතෙනවා නැව කුණාටුවට අහුවෙනකොට ඒක හසුරවාගන්න හිටපු නැවියන් මදිවෙලා මුහුදුබත් වුණාද කියලත්.”

“ඔය ගිලුණු නැවෙන් තමයි ඒගැන හෝඩුවාවක් අරගන්න තියෙන්නේ.”

“නාරද මහත්තයෝ ඔය රූමස්සල හරියේ විශාල ගල් පරයන්, දියවැල් එහෙමත් තියෙනවා, පළපුරුදු කිමිඳුම්කාරයෙකුට ඇරෙන්න අපිට බැහැ ඔය වගේ තැන්වල කිමිඳෙන්න.”

“ඔන්න ඉතිං දැන් කිමිඳෙන්න ද හදන්නේ? මේ ඔය වාර්තාව පොලීසියට දීලා අපේ වැඩක් කරගනිමු.”

කුමාරිගේ නොමනාපය යළිත් වරක් ඇගේ මුවින් එළියට පැන්නාය. 

“කුමාරි ඔයා බයවෙන්න එපා. අපි කිමිදෙන්න දන්නෙත් නැහැ, ඒකට අවශ්‍යය විශේෂ උපකරණත් අපිට ඇත්තෙත් නැහැ. අනික මේ නැවේ ඔය කියන පුරා වස්තුන් තිබුනොත් ඒවා අපේ රටට කොපමණ වැදගත් වෙනවාද? මේවා ඔය ගිලුණු නැව් වල කෑලි ගලවලා විකුණන අයගේ අතට පත්වෙලා විශාල අපරාධයක් වෙන්න පුලුවනි.”

නාරද පුටුවෙන් නැගී සිටිමින් කීවේය. 

                                       


සැන්දෑ හිරු අවරට යන්නට ආසන්න වෙමින් ඇත. ප්‍රධාන පාරක් නොවුවත් කොළඹ රැකියාවලට ගොස් බස්රථවල තෙරපී හෙම්බත්ව ලහිලහියේ නිවෙස් වලට දිවයන මිනිස් පොදිය සවස් වෙද්දී ටික ටික අඩුවෙමින් පැවතිණි. දවස පුරා වෙහෙසීමෙන් ගතේවූ තෙහෙට්ටුවත් මෙන්ම බස් රථවල තැම්බී දහඩියෙන් පෙගුණු ඔවුන්ට අවට කිසි දෙයක් ගැන සැළකිලිමත්වීමට කාළයක් නොවුවාසේය. කපිලගේ නිවසට යාර කිහිපයක් නුදුරෙන් නවතා තිබුනු කළු වීදුරු සහිත සුදු වෑන් රථයේ රියදුරුට අනෙක්පස අසුනේ හුන් මැදිවියට ආසන්න පෙනුමැති පුද්ගලයා ඉන් බැස අසළ කඩයක් වෙත පියනැගුවේ පාර දෙස සුපරික්ෂාකාරී වෙමින්ය. කඩයේ ඉදිරිපස තාප්පයට හේත්තුවී සිගරට්ටුවක් උරමින් සිටි හැඩිදැඬි පෙනුමැති තරුණයා කඩයට ආ පුද්ගලයා දෙස බලා යළි පාර දෙසට නෙත් යොමු කර ගත්තේය. ඔහු තම ඔරලෝසුව දෙස කිහිපවරක් බැලුවේ තමා හමුවීමට බලාපොරොත්තුවන්නා ප්‍රමාදැයි කියන්නාක් මෙන්ය. කපිල තම සුපුරුදු දිනචරියාව රංගගේ මරණින් පසු දින කිහිපයක් අතහැර නිවසතුළට වී කාලය ගෙවූ නමුත් එය ඔහුටම තිත්තවී තිබුනි. ඒ නිසාම රංගගේ මරණින් පසු ප්‍රථම වරට කපිල නිවසින් දොට්ට බැස්සේය.

 පාරට බට ඔහු තම සුපරික්ෂාකාරි දෑස් අවට පරිසරය දෙස කිහිපවරක් දියෑව්වේ තමාට මංජුගෙන් අනතුරක් සිදුවෙතැයි සිතට නිරන්තරව වඳදෙන්නාක් වූ බැවිනි. සෙමින් සෙමින් විමසිලිමත්ව පාරට අවතිර්ණ වූ ඔහු තම නිවස පසුකළ විටම තම ඇවිදීමේ වේගය වැඩි කළේය. කඩපිලටවී දෙවන සිගරට්ටුව පත්තුකරමින් හුන් තැනැත්තා එය වරක් උරා පාරට වීසිකරමින් පාර හරහා මාරුවීමට මෙන් කපිල ඉදිරියට ආවේය. සිගරට්ටුව වීසිකල සංඥාවෙන් සුදු වෑන් රියේ පැතිදොර විවර කරගෙන එළියට ආ තරුණයින් තිදෙනා ක්ෂණිකව කපිලව අල්ලාගත්තේ ඔහුට සිතන්නවත් ඉඩක් නොතබාය. කඩේ බඩු ගැනීමට ගොස් සිටි තැනැත්තාත් බඩු ගැනීම පසෙකලා හිනතුරේ රුවාගෙන තිබූ කුඩා ප්‍රමාණයේ රිවෝල්වරයක් රැගෙන පාරට පැන අනෙක් තිදෙනාට ආරක්ෂාව දුන්නේය. පණගන්වාගත් වෑන් රිය එන්ජිම සැරදමමින් පාර අවහිරකමින් නවත්වාලූයේ ඔවුනට නැග ගැනීමටය. කැපූ පණුවෙකු මෙන් මරුවිකල්ලෙන් දඟලමින් තරුණයින්ගෙන් මිදී පැනයාමට කපිල උත්සාහ කරන අතරතුරේදි ඔවුන් ඔහුව හාල් මුට්ටයක් ඔසවා වීසිකරන්නාක් මෙන් වෑන් රිය තුලට ඇද දැමීය. නිමේෂයකින් ටයර් කෑගස්සවමින් දූළිවලාවන් අවුස්සාලමින් සුදුපැහැති වෑන් රිය නොපෙනී ගියේය. තප්පර කිහිපයක් තුළ සිදුවූ මෙම ජවනිකාව දෙස කඩයේ මුදලාලි තෘෂ්නිම්භූතව ගල්ගැසී බලා සිටිනු විනා කළහැකි දෙයක් නොවුයේ සිතා ගැනීමටවත් කාලයක් ඉතිරිව නොතිබූ බැවිනි.    

කපිලව සුදුවෑන් එකකින් උස්සලා යන්න ප්‍රදේශය පුරා ලැව්ගින්නක් සේ ප්‍රචාරය වූයේ කපිලගේ අම්මා හඬමින් අතුරුගිරිය පොලීසියට පැමිණිල්ලක් කිරීමට දිව ගිය හෙයිනි. මාලඹේ අවන්හලකට වී යහළුවන් පිරිසක් සමඟින් මදුවිතෙන් සප්පායම් වෙමින් හුන් මංජුට එම ආරංචිය කණවැකුනේ  එය සිදුවී තවත් පැය එකාහමාරකට පමණ පසුවය. 

“මම ඕක වෙයි කියලා හිතුවා, ඡන්දේ දවස්වල මූ වැඩකලේ අර . . . . පක්සෙටනේ.”

ආරංචියෙන් ඔහුගේ සිත සැලුනත් තම සිතට නැගුනු බියමුසු පීඩනය පිතට නොපෙන්නා මඳක් කල්පනාකාරිව සිට කීවේය. 

“ඒකනම් ඇත්ත මංජු අයියා. අපේ ගෙවල් පැත්තේ හිටිය කැම්පස් ගිය කොල්ලෙක්, ඒකා ඒ පක්සේ යුනියන් කාරයෙක්ද කොහෙද. දැන් දවස් පහකට ඉස්සර වෙලා අන්න ඌවත් ඉස්සුවා.”

“ඔය දිනන්නේ නැති පක්සවලට සෙට් වෙන්නේ නැතිව අපිවාගේ දිනන පැත්තට සපෝට් එක දෙන්නයි තිබුනේ.”

“ඒක ඇත්ත මංජු අයියා. ඔය කපිලයා බැහැගෙනනේ ඒ පක්සෙට වැඩකළේ. දවසක් මාත් එක්කත් වලියට ආවා උන්ගේ පොස්ටර් වහලා අපේ ඒවා ඇලෙව්වා කියලාත්.” 

“කෝකටත් අපේ යාළුවෙක් හින්දා ඒකාගැන පොඩ්ඩක් හොයලා බලමු.”  

තවත් අරක්කු උගුරක් කටට හලාගන්නා ගමන් මංජු කීවේය. වෙනදා මෙන් බොහෝ රාත්‍රි වෙනතෙක්  අවන්හලේ මදුවිත පුරමින් කල් ගතනොකළ ඔහු ඉක්මනින් එතැනින් ඉවත්ව ගියේ කපිලගේ ඉස්සීම පිළිබදව දැඬි සැකයක් හිතේ ආරෝපණය වූ බැවිනි. 

අතුරුගිරිය පොලීසියේ ඇන්ට්‍රියක් වැටෙන්නේ කපිල සුරේන්ද්‍රව නාදුනන පිරිසක් විසින් පැහැරගෙන යාමක් ලෙසින්ය. එහෙත් ඒ පිළිබඳව සොයාබැලීමටවත් කිසිඳු පොලීස් කණ්ඩායමක් කපිලගේ නිවෙස පිහිටි ඉසව්වටවත් නොගියේ ඉහළින් ආ නියෝගයක් බලපෑමෙන්ය. පොලීසියෙන් සොයා නොබැලු කාරණාවත් ආණ්ඩු විරෝධී දේශපාලන පක්ෂයට උදව් උපකාර කිරීම නිසා සිදුවුවක් ලෙස තහවුරුවීමට ඉන් හොඳටම ඉඩකඩ සැලසුනේය. මංජුගේ කටට ආ දෙයක් ලෙස හෙතෙම මුලින් ප්‍රකාශකළත් ප්‍රදේශවාසින්ගෙන්ද ඒ මතයම ප්‍රකාශ වූයෙන් ඔහුද එය ඇත්තක් ලෙසින් පසුව විශ්වාස කරන්නට පෙළඹිණි. 

                                     මතුසම්බන්ධයි.......

20 comments:

  1. Hmmm, Interesting Wijebahu

    ReplyDelete
  2. හොඳටම හොඳය කියලා විතරක් මදිය
    ඒ තරමටම මෙහි එන දේ විසිතුරුය
    ඈත-මෑත ඉතිහාසෙත් කියවේය
    ‘දාන්නං පහක්’ මදි නං තව ඇතිය!

    ReplyDelete
  3. //Tomb robbing in ancient Egypt was recognized as a serious problem as early as the Early Dynastic Period (c. 3150 - c. 2613 BCE) in the construction of the pyramid complex of Djoser (c. 2670 BCE). //Ancient Egyptians robbed the tombs of the wealthy for many of the same reasons people rob others in the present day: excitement, money, and a kind of empowerment in taking what one does not own. The argument that these people should have behaved better considering their belief system also does not hold up since it seems quite clear that many people, throughout history, may profess a belief they cannot live. All of the threats and all of the promises of punishment in the afterlife and terrible hauntings in this one could not deter anyone when, given the chance, they could break into a tomb and walk back out with a king's treasure. //

    අතීතයේ ඉඳන් ඊජිප්තුවේ සොහොන්වලින් හොරකම් කිරීමේ ව්‍යාපාරය තිබුනා කොයිතරම් දඬුවම්, ශාප හා හොඳට සඟවා තිබුනත්
    https://www.worldhistory.org/article/1095/tomb-robbing-in-ancient-egypt/


    ටූටන්කාමන්ගේ සොහොනේ පරාවෝගේ ශාපය බොහොම ප්‍රචලිත කතාවක්.
    කාර්නවන්, කාටර් සහ කාර්නවන්ගේ දුව තමයි සොහොනට මුලින්ම ඇතුල්වූ තුන්දෙනා කාටර් මැරුනේ අවු 16 කට පස්සේ වයස 64දි පිලිකාවකින්, කාර්නවන් ඊජිප්තුවට එනකොටත් ලෙඩ නිසා දුර්වල වෙලා හිටියෙ, ඔහුගේ දුව මැරුනේ ඊට අවු 56 කට පස්සෙ!

    තවත් අය හිටියා. සමහරු ඔය කියන විදිහට මැරුනා. සමහරු එහෙම නෑ. අවුරුදු හතක් එතන හිටපු සාජන්ට් ඇඩම්සන් තව අවු 60ක් ජීවත් වුනා.

    එක විශ්ලේෂකයෙකුට අනුව ඒ මුලු පිරිසට සාමාන්‍යයක් වශයෙන් (on average) අවු 72ක් ආයු කාලයක් තිබුනා. ඒ කියන්නෙ ඒකාලයේ සහ ඔවුන් එකිනෙකාගේ සමාජ තත්වය සැලකීමේදී අපේක්ෂිත මිනිස් වයසට වඩා අවු 1ක් වැඩියෙන් !

    අනිත් එක ටූටන්කාමන්ගේ විතරක් නෙමෙයි සොහොන් විවෘතකලේ, අවු දහස් ගාණක ඉඳන් සොහොන් කොල්ලකෑම වුනා. ඒක නවත්වන්න කියලා ශාප, උගුල්, බොරු උමං ආදිය අතීතයේ ඉඳන් තිබුනා. ලංකාවෙත් බලු කපුට රූප ශාප වගේ.

    ටූටන්කාමන්ගේ සොහොන තමයි ජනප්‍රියම සොයා ගැනීම. ඒකෙ ශාපය ප්‍රචලිත වුනේ විශේෂයින්ම ඒ ගැන ආතර් කොනන් ඩොයිල් ලිවීම නිසා
    https://www.livescience.com/44297-king-tut-curse.html

    ( සමාවෙන්න ඕනෙ අද්භූතබව ගැන සැක පහල කලානම්. ලෙජන්ඩ්ස් ගැන සෙවීම හා ඒවාගේ විශ්ලේෂණ කියවීම මගේ විනෝදාංශයක්. ඒ කියන්නෙ මොනවත් ප්‍රතික්ශේප කිරීම නෙමෙයි. සෑම පැත්තක්ම සෙවීම විතරයි )

    ReplyDelete
    Replies
    1. //A study showed that of the 58 people who were present when the tomb and sarcophagus were opened, only eight died within a dozen years//

      Delete
    2. ප්‍රා ගේ ප්‍රතිචාරයේ සියල්ල සටහන්වෙලා තියෙනවා.ඒ ගැන කිසිම විවාදයක් නෑ. සාපේ කතාවක් ගොඩ නැගුනේ සොහොන් හොරුගෙන් රැකගන්නයි. මේකට ටුටන්කාමන් රජුගේ සොහොන්ගැබේ සාපය කතන්දරේ ඈදගත්තේ මගේ කතාවට ගැලපෙන හින්දයි.ඔය තුතන්කාමන් සාපය සැබෑවක්ද බොරුවක්ද කියලා හරියටම කියන්න බෑ.

      Delete
    3. මටත් ඒ දවස් වල හිතුනේ ඒවා coincidence වගේ කියල මිසක් ශාපයක් හැටියට නෙමෙයි. ඔය වගේ පුර විද්‍යා වස්තු හොයන මිනිස්සු මදුරුවෝ කාල මැලේරිය හැදිලා , වෙඩි වැදිලා මැරෙන එකම ස්වබ්භාවිකයි ඒ දවස් වල

      Delete
    4. ඔව් එකපාරටම හොද ශරීර සෞඛ්‍යයෙන් හිටපු මනුස්සයෙක් මැරුනාම කියන්නේ සාපයක් වැදිලාද මන්දා අර හොදට හිටපු මනුස්සයා මැරුනේ

      Delete
  4. ගාල්ලේ කිමිදෙන්න යනවානම් මාත් එන්නද? පට්ට ඉන්ටෙරෙස්ටින් දැන් ඕයි මේක.. :))

    දවස් දෙකක්වත් ඇතුලත ඊළඟ කොටස දැම්මේ නැත්නම් එවනවා බඳුන ගෙදරට.

    ReplyDelete
    Replies
    1. බදුන තියෙන්නේ ගෙදර තමයි.ලින්ක්‍ එකේ ගිහින් බලන්න. හෝරස් තමයි අනෙක් පැත්තේ ඉන්නේ. https://i.postimg.cc/qRVBVGSZ/bagu.jpg

      Delete
    2. හරි එහෙනම් බඩුම තමයි. සංචරණ සිමා ඉවර වෙනකම් පරිස්සම් වෙයන්. ඒ ඇති. :)))))))))

      Delete
  5. ඕං ටූටන්කාමන්ගෙ මමිය තිබ්බ සකොෆගස් එකේ තිබුණලු පැපිරස් කෑල්ලක්. ටූටා එහා ලෝකෙට ගෙනියන්න ගත්තු ලියවිල්ලක්... හාවඩ් කාටර් (ටූටන්කාමන්ගෙ පිරමීඩෙ ඇරල, ඒක ඇතුළට ගියපු පුරාවිද්‍යාඥයා) ඒක අමාරුවෙං කියවල බලද්දි, ඒක ටූටගෙ සපත්තුවක් කැඩිල හදන්ඩ දීපු කාර්මිකයෙක් ලියල දීපු රිසිට් එකක්.

    ඒකෙ උඩම තිබුණු හයිරොග්ලිපික් ලෝගො එක, කයිරෝ වල කඩේක ගහල තියෙනව දැක්ක කියල කාටර්ට මතකයි. ඉතිං කයිරෝ ගිය වෙලාවක කාටර් ඒ කඩේට ගියාලු. එතන කවුන්ටරේ හිටපු ළමයට කාටර් මොකුත් නොකියා අර පැපිරස් එක පෙන්නුවලු.

    ඒ ළමය අර පැපිරස් එක අරං ඇතුලට ගියාලු. ගිහිං විනාඩි පහකිං විතර එළියට ඇවිත් ඇහුවලු,

    “අර... පොයින්ටඩ් කර්වි බ්‍රවුන් කලර් ඇන්ටික් ෂූ එක නේද සර්...?“ කියල. කාටර් ඔළුව වැනුවලු ඔව් කියන්ඩ.

    “අනේ එක්ස්ට්‍රීම්ලි සොරි...“ කෙල්ල කිව්වලු... “...තාම රෙපෙයාර් කරල ඉවර නෑ... සර්ට පුළුවනිද තව සතියකිං විතර ඇවිත් බලන්න...?“

    ReplyDelete
    Replies
    1. ඇයි අර තව වෝටර් බෝඩ් එකෙන් දීපු අංකයකුත් තිබ්බා කියන්නේ ඇත්තද වේටින්ග් ලිස්ට් එකට නම දාපු. හාරදාස් ගාණක් තිබිල තියෙන්නේ.. කාටර් ඒක වෝටර් බෝඩ් එකට ගෙනියල විස්තර අහන්න. ඉස්සරහම හිටපු පියන් කියුවලු තාම තුන්දාස් ගණන් යන්නේ. හෙට අනිද්දට කතා කරයි කියල කනෙක්ෂන් එක දෙන්න.

      Delete
    2. මුං යකෝ!


      "හිටිවලා කවි කියන්නෙ - හිටිවලා දෙබස් දෙන්නෙ" කිව්ව වගේ, හිටිවන පිළිතුරු කතා දෙන්නෙ...

      Delete
    3. ටුටන්කාමන් රජතුමාගේ තාත්තා Akhenaten ගේ නමට තිබුනු පැපිරස් කෑල්ලකුත් හොවාඩ් කාටර්ට හම්බවුනා. ඒක පරික්ෂා කරලා බලද්දි ඒ පැපිරස් එක රජයේ ආයතනයකින් දුන්න රිසිට් එකක්. ඒ ආයතනයට එක ගෙනහිල්ලා පැපිරස් කෑල්ල පෙන්නුවාම එතැන හිටිය නිළධාරියා ලොකු පොතක් පෙරලලා බලලා
      "සර් මෙයාගේ පැන්ෂන් එකට අදාල ලිපි HR එකෙන් තාම තැපෑලට දමල නෑ. ලබන සුමානේ විතර මෙ ඔෆිස් එකට එයි. කොකටත් ලබන මාසේ විතර ඇවිත් බලන්න."
      කිව්වා

      Delete
    4. හා හා හා , කයිරොත් ලංකාවේ ටේලර් ලා වගේනේ වැඩ

      Delete
  6. දෙවන කොටස නිකන් ඩීමන් ආනන්දගේ ක්‍රයිම් ස්ටොරියක් කියෙව්වා වගේ , එල.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අජිත් මහත්මයා.දැන් ඉතිං නිමල් දිසානායකගෙන් වත් ඩිමන් ආනන්දගේ පොත් ඉල්ලාගෙන බලන්නයි වෙන්නේ

      Delete
    2. //පාරට බට ඔහු තම සුපරික්ෂාකාරි දෑස් අවට පරිසරය දෙස කිහිපවරක් දියෑව්වේ තමාට මංජුගෙන් අනතුරක් සිදුවෙතැයි සිතට නිරන්තරව වඳදෙන්නාක් වූ බැවිනි. සෙමින් සෙමින් විමසිලිමත්ව පාරට අවතිර්ණ වූ ඔහු තම නිවස පසුකළ විටම තම ඇවිදීමේ වේගය වැඩි කළේය.// මෙන්න මේ කෑල්ලට ඇඟේ හිරිගඩු පිපුන

      Delete

අදහස් මෙතන නිදහස් කරන්න

කොටහේනේ කොටි මැරිල්ල

කොටහේනේ කොටි මැරිල්ල කළේ අන්දු බයියා. ඒකට මංතුමා පොඩි සපොට් එකක් දුන්නා තමයි. ඊට වඩා දෙයක් කළේ නෑ. කවුද මේ අන්දු බයියා? ඉස්සෙල්ලාම අන්දු බයි...