Wednesday, August 24, 2022

ස්ටේෂන් පෙන්නීම


   

ඔන්න කොළොම්පුරයාගේ හිතාදර ගුරුජී අන්දුබයියාගේ විර වික්‍රම ඇඟපත සුලලිත වෙලා කිලිපොලා යන අති සුන්දර කතන්දරයක් අරන් ආවා.
ඔන්න එක්තරා සෙනසුරාදා දිනයක කොළොම්පුරයාගේ ඔපිසියට අසුබදායි සුබ ආරංචියක් ආවා. ඒ කොළොම්පුරයා රාජකාරිකොරන ආයතනයේ හා අංශයේ  GM ලොක්කෙකුගේ පියානන් කළුරිය කළ විත්තිය. දන්නවානේ කට්ටියට මළගෙදරකට යෑම කියන්නේ ට්‍රිපක් ගියාසේ තමයි. අනික කාගේ මළගෙදරකට නොගියත් මේ මළගෙදරට සහභාගිවෙන්නම ඕනේ. මොකද කොළොම්පුරයාත් එම GM යටතේ ඇති අංශයේ වැඩ රාජකාරිකරන උදවිය හින්දා. කොළොම්පුරයාගේ ඔපිසියේ දෙවැනි බොසාගේ පදිංචිය නුවර. එයාට නුවර ඉදන් දිනපතා කොළොම්පුරයට එන්න යන්න බැරි නිසා බෝඩිමක තමයි නතරවෙලා උන්නේ. මේ කියන කාලේ අපේ දෙවැනි බොසාට තිබුනා ටවුන්එස් වෑන් රථයක්. ඒකෙන් සති අන්තයට නුවර ගොහින් ආපහු සදුදා උදේම කුකුලත් අතින් අරන් සෙකංඩගලින් සල්පිටි කෝරලේ ගෙන්දගම්පොළාවට නැත්නම් කොළොම්පුරයට මංගච්චනවා. එයාත් ලෑස්තිවුනේ සෙනසුරාදා දිනයක්වුන හින්දා මළගෙදරට සහභාගිවෙලා ඒගමන්ම ගෙදර යන්න පුලුවන් නිසයි. අපිත් එයාගේ වෑන් රථයෙන්ම කුරුණෑගල යන්නයි දැන් ලෑස්තිය. ලොකු බොසා තියෙන වැඩ ටිකත් ඉවරකරගෙන හවස්වෙලා එන විත්තියක් කිව්වා. එයත් එක්ක එන්න එයාට මුට්ටි අල්ලන කිහිප දෙනෙක් නතරවුනා. අපි කට්ටිය දවල්ට කාලා එහෙම වෑන් රථයට ගොඩවැදුනා. 
       කොහොමත් බීමට ලැදි අන්දුබයියා පෑලියගොඩට එන්නත් පෙරම කොළොම්පුරයා ඇතුලු කිහිප දෙනාට කොදුරන්න ගත්තා. ඒ ඉතිං මළගෙදරට යන්න ඉස්සර මේ සොකජනක අවස්තාව සමරන්න. මේ වැඩේ නොකෙරුවෙත් අන්දුබයියාගෙන් බේරිලා ආපහු ඔපිස් එකේ වැඩකරලා හමාරයි. අපිත් අනුමැතිය දීලා අහවරවෙලා බොසාට කියලා දැල් කඩයක් අසළ නවත්වාගත්තගෙන දැල් කඩේ ලඟට ගිහින් සම්මාදම්ක් දැම්මා. එත් ඉතිං අන්දුබයියා සාක්කුවට අත දැම්මාට අත එළියට එන්නෙත් නෑ සල්ලි එන්නෙත් නෑ. අපේ අන්දුබයියා කවදාවකත් මුදල් පසුම්බියක් නැතිනම් පර්ස් එකක් පාවිච්චි කරන්නේ නෑ. අත දැම්මාම එළියට ආපහු නොඑන හින්දා අන්දුබයියාට තියෙන්නේ රබර් සාක්කුයි කියලයි සමහරුන් එහෙම කියන්නේ. කොළොම්පුරයා නම් එහෙම කියලා නෑ ඔහේලා පල්ලා සත්තයි. අන්දු බයියාගේ සාක්කුවට ගිය අත එහෙමම තියෙද්දී වැඩිපුර සල්ලිය බාගේ තියෙන උන්ගේ අනුග්‍රහයෙන් බියර් කෑන් කිහියක් වෑන් රථයට වැඩැම්මෙව්වා. ගෙනාපු හැටියේම කෑන් එකක් කඩාගෙන චියර්ස් නොකියාම ඇදලා ඇරිය අන්දු බයියා ඉදලා තියෙන්නේ මාර තිබහකින් කියලා දුකකුත් ඇතිවුනා. GM ලොක්කා හින්දා වැඩිය ගසලා මළගෙදරට යන්නත් බෑ. අන්තිමේදි යන්නතම් සන්තම් ප්‍රමාණයකින් අපිට සැනසෙන්නට උනත් අන්දුබයියා අපේ ඒවාටත් වග කිව්වා නෙව. කුරුණෑගල නගරය පහුකරන් අනුරාධපුර පාරේ මාස්පොතට ගිහින්  මළ ගෙදරටත් සෙන්දුවුනා. අපේ කට්ටිය කදුක්මුසු මුහුණක් දාගෙන මළගෙදරටත් ගොඩවෙලා GM ලොක්කාටත් ආචාරකෙරුවා. ගෙදරින් එළියට ඇවිත් ප්ලාස්ටික් පුටු ටිකක වාඩිවුන සෙට් එක උන්නේ කතා කරන්න මාතෘකාවක් නැතිවයි. GM ලොක්කාත් අපේ උදවිය ලඟට ඇවිත් කතාවකට මුලපිරුවා. ලොක්කාට වැඩිය මුහුණ දෙන්න බැරි හින්දා අන්දුබයියා කොළොම්පුරයාවත් අඩගහගෙන ගේට්ටුව පැත්තට ගියා.
"ඇයි අන්දුබයියේ මෙහෙට ආවේ? අතන උන්නා නම් මාරි එකක් කාලා නෙස්කැෆේ එකක් බෙන්න තිබ්බා නේ."
"බම්බු නෙස්කැෆේ යකෝ අතන හිටියා නම් GM ගේ කතාවට සෙට් වෙන්න වෙනවානේ."
"ඉතිං මොකෝ?"
"මොකෝ තමයි ඇයි උකන්නෝ අපි බීලා කියලා ඌට දැනෙනවානේ."
අන්දුබයියා බීලා හිටියත් මාර මිටරයකින් නෙව ඉදලා තියෙන්නේ.  

        පාරට ආපු අපි ට කරන්න දෙයකුත් නෑ දෙන්නා එක්ක එහා වත්තේ පොල් ගස්වල පොල්වලූ ගනිනවා ඇරෙන්න. ඒ අස්සේ අපේ පියන් කොලුවාත් දෙවැනි බොසාගේ වෑන් එකෙන් බාගත්තු ශොකාප්‍රකාශ බැනර් මිටියක් උස්සාගෙන එතනට කඩාවැටුනේ නැතැ.

"අන්දුබයියා මහත්තයා මේ බැනර් ටික මේ පේන හරියකින් එල්ලන්න කියලා බොස් මහත්තයා කිව්වා."
"කිව්වා නම් උඹම එල්ලා ගනිං. මේ ඇදුම් පිටින් උඹ කියන්නේ අපිට ගස් බඩගාන්න කියලාද?"
අන්දුබයියා කොලුවාට කඩාගෙන පැන්නා. ඌත් අන්දුබයියාට බයවෙච්චි පාර බැනර් මිටියත් එතැන අතහැරලා මළගෙදර දිහාට දිව්වා. ටික වේලාවකින් මෙන්න අපේ දෙවැනි බොසාත් අපි දිහාට ආවේ අනෙක් උන් දෙන්නාවත් අරගෙනයි.

"අන්දුබයියා මේ බැනර් ටික එල්ලන්න හොද තැනක් කියන්න කෝ."
"මෙව්වා එල්ලන්න කෝ ලණු? කට්ටියට දෙන්නා දෙන්නා දෙපැත්තෙන් අල්ලාගෙන තමයි ඉන්න වෙන්නේ."
"හරි මම ලණු ගෙනත් දෙන්නම් ඔයා මළගෙදරට එන අයට පේන තැනක් බලලා තියන්නකෝ."
අන්දුබයියාගේ හැටි දන්නා දෙවැනි බොසා එහෙම කියලා පියන් කොලුවක් අරන් කඩයක් හොයාගෙන පාර පැත්තට ගියා.

"ගනිං අන්දුබයියේ ඔය බැනර් එකක් මෙන්න මෙතන එල්ලන්න."
"පකෝ ඔතැන හරියන්නේ නෑ. පාරට පෙන්නේ නෑ. මෙන්න මෙතැන උඩින් එල්ලාපං."
කොහු ලණු ගෙනාවට පස්සේ අපිත් මිනිහාට මුල් තැන දිගෙන බැනර් ටිකත් එල්ලා අහවර කළා. දැන් හවස පහටත් කිට්ටුකරලා අපේ ලොකු බොසා තාමත් නෑ.  ලොක්කා එක්ක එන්න හිතාගෙන නතරවුනු එකෙක් අපිට කොල් එකක් අරන් කියපි තාමත් බොසා එක්ක ඔපිස් එකේ ඉන්නේ පොඩි වැඩක් ඉවරකරලාම යනවා කිවිවා කියලා.  මිනිහාත් එක්ක එන්න හිටියා නම් අපිටත් වෙන්නේ මළගෙදර නයිට් එකක් අදින්න. අන්දුබයියා බැලුවේ ලොකු බොසා ආවානම් එයාගේ වාහනේ ආපහු කොළඹ එන්නයි. දැන් ඒකත් හබක්. කොළඹට එන්න ඉන්නේ කොළොම්පුරයයි අන්දුබයියායි විතරයි. පියන් කොලුවාත් ලොකු බොසා ආවාම එන්නම් කියලා මළගෙදරට සපෝට් එකටත් එක්ක නතරවුනා.

"බොසා එනකම් ඉන්නේ නැත්නම් උඹලාව කුරුණෑගල ටවුමෙන් දාන් යන්නම්. " 
මළගෙදරට ආයුබොවන් කියලා දෙවැනි බොසා නුවර යන්න ලෑස්තිවෙනගමන් කීවා. ඔන්න ඔහේ කියලා වෑන් එකට ගොඩවුන අපි දෙන්නාවත් කුරුණෑගල ටවුමෙන් හලාගෙන දෙවැනි බොසා ඉගිල්ලුනා.

"ඒයි අන්දුබයියේ කොහේද මේ යන්නේ? මේ බස් ස්ටෑන්ඩ් එක පැත්තට නොවෙයි නේද?"
"බජ්ජහුරස් බං මං මේ පොඩි පොට් එකක් හොයනවා."
"අයියෝ අර මළගෙදරින් දාලා එන්නයි නේ තිබුනේ."
"ඔය ලැට් හොයන් ගෙවල් අස්සේ රිංගන්න බෑ."
"හොයන්න බැරිනම් GM ලොක්කාගේ ගෙදරට එහා පැත්තේ පොල්වත්තට ගියානම් නිදහසේ හුළං වැදීගෙනම කරන්න තිබුනා නේ."
"මේ උඹ පොඩ්ඩක් හිටපං කෑගහන්නේ නැතිව."
මිනිහා රිචඩ් පොත් සාප්පුව පැත්තට පිස්සුවෙන් වාගේ ඇවිදන් යනවා.
"මේ මිනිස්සු ඉන්න අස්සේ කොහේද ලොක්කා තාප්ප? හොටලයකට ගිහිල්ලා දැම්මා නම් ඉවරයිනේ."
අන්දුබයියා ගාල කඩාගත්තු මී හරකාවාගේ හයියෙන් හයියෙන් පාර දිගේ ඇවිදින්න ගත්තා. කොළොම්පුරයාත් මිනිහා පස්සේ දුවනවා. අන්තිමේදි පොත් සාප්පුව ලඟ තිබුණ හදන කඩ කැල්ලක් අස්සට පැනලා අන්දුබයියාගේ බර හෑල්ලු කරගත්තා. කොළොම්පුරයා ඇගේ ලේ වතුරකරන් බලන් හිටියේ අනුන්ගේ කඩ කෑලි අස්සේ මුත්‍රා කරන එකාට නෙලන ජවනිකාවක සාක්කිකරුවෙක් වෙන්න ලැබෙන එකට.  

"ඒයි උඹට බඩගිනි නැද්ද?"
බජ්ජහුර හෑල්ලුකරන් කඩ කෑල්ල අස්සෙන් එළියට ආපු අන්දුබයියා ඇහැව්වා.
"බඩගිනියි තමයි කොහේද මාරි එකක් කාලා නෙස්කැෆේ බොන්න තිබුනු චාන්ස් එකත් නැති කළානේ."
"තෝ මාරියි නෙස්කැෆෙ බොන එක ගැනමයි ඈඩියාව. ඔච්චර මාරි කන්න පෙරේතද?"
"නෑ බිස්කට් කෑවානම් මෙහෙ හොටල් ගානේ රිංගන්න ඕනේ නැනේ. බියර් බීලා අතේ සල්ලිත් නෑ. බස්එකේ යන්න මදි වෙයිද මන්දා?"
"අනේ තොගේ සල්ලි. කොයි වෙලාවෙත් නෑ කියාගත්තු ගමන්. යකෝ සල්ලි තියෙන්නේ වියදම් කරන්න මිසක් පොදි ගහන්න නෙමෙයි."

අන්දුබයියා මංතුමාට බැන බැන කන්න හොටලයක් හොයන් එහෙට මෙහෙට කැරකෙනවා. අන්තිමේදි පැරකුම්බා විදියේ රන්සිළු හෝටලයට ගොඩවෙලා  අන්දුබයියාගේ ජාතික ආහාරය වුනු කොත්තුවක් අරන් දෙන්නාත් එක්ක බෙදාගෙන රසබැලුවා. අපරාදේ කියන්න බෑ කොන්තුවේ බිල ගෙව්වේ අන්දුබයියාම තමයි.  ප්ලෙන්ටි දෙකකුත් බීලා අහවරවෙලා දෙන්නාත් එක්ක ආයෙමත් පාරට වැටුනා. දැන් හවස හයටත් කිට්ටුවෙලා තාමත් කොළොම්පුරයා කුරුණෑගල ටවුමේ.
  
"මේ ලොක්කා අපිට කොච්චිය නැග්ගානම් ඉක්මණට කොළඹ යන්න තිබුනා. මෙහේ බස් එනකම් බලන් ඉන්නේ නැතිව ස්ටේෂමට යමුද? දැන් මේ වෙලාවට කොළඹට කොච්චියක් නැතිවෙන්න බෑ. ස්ටේෂම තියෙන තැන ඔයා දන්නවානේ?"

මගේ යෝජනාවට අන්දුබයියාත් කැමතිවුනා. දැන් දෙන්නාත් එක්ක ස්ටෙෂම බලා ගමනේ යෙදෙන්න ගත්තා. සියල්ල දන්න මිනිහා වගේ අන්දුබයියා යනවා යනවා නවතින පාටක් නෑ. ස්ටෙෂම මේ ලඟ ඇතියි හිතපු කොළොම්පුරයාත් අන්දුබයියා පස්සෙන් යනවා.
"මේ ලොක්කා ස්ටෙෂම තව දුරද?"
කිලොමිටරයක් විතර ඇවිදපු කොළොම්පුරයා ඇහැව්වා.
"නෑ මේ ලඟ."
කොළොම්පුරයාට ඉස්සරවෙලා ගිය අන්දුබයියා පාරේ ගිය මනුස්සයෙක්ගෙන් මොනවාදෝ අහලා ආයෙමත් ඇවිදින්න ගත්තා.
"ස්ටේෂම තියෙන තැනද ඇහැව්වේ?
නෑ මේ ලඟ ඉස්පිරිතාලයක් තියේනවාද ඇහැව්වා උඹව ඇඩ්මිඩ් කරන්න. කට වහන් වරෙන්."
තවත් කිලොමිටරයක් විතර ඇවිද්දාත් ස්ටේෂමක් තියා රේල් පාරක් වත් කොළොම්පුරයා දැක්කෙ නෑ. දැන් කුරුණෑගලට ඇඳිරියත් වැටිලා ඉවරයි තවම දෙන්නා ඇවිදිනවා.
"අන්දුබයියේ තව දුරද?"
"අර ලයිට් හරියේ."
මිනිහා ඈත තියෙන විදුලි බුබුලු ගොඩාක් දැල්වෙන හෝටලයක් පෙන්නුවා. ආපහු ඇවිදින්න ගත්තා. ඈතින් දැක්ක විදුලි බුබුලු තියෙන හොටල් කිහිපයකුත් පහුකරන් තවත් කිලෝමිටරයක් විතර ගියා එත් ස්ටේෂම නෑ. කොළොම්පුරයාට දැන් හොදටම මහන්සියි තොහෙට්ටුයි. ඒ අස්සේ සපත්තුවකින් කකුල කැපෙන්නත් අරගෙන.
"මේ ලොක්කා ඔයා දන්නවාද ස්ටේෂම තියෙන තැන. මේ යන්නේ හරි පාරේද? මෙහෙම ගියොත් කොළඹට ඇවිදින්න පුලුවන්වෙයි."  
මිනිහා කිසිම සද්දයක් දැන් නෑ. කතාකලත්  ඇහුනේ නැති ගානට අන්දුබයියා යනවා. මෙච්චර දුර ආපු එකේ ආයේ හැරිලා යන්නත් බෑ. දැන් කොහොම හරි ස්ටේෂමට ගිහින් කොළඹට යනවා යන දැඬි අධිෂ්ඨානයෙන්  කකුලත් නොන්ඩි ගසමින් කොළොම්පුරයාත් ඉදිරියට යනවා.
එන්න එන්නම අන්දුබයියා හා කොළොම්පුරයා අතර පරතරය වැඩිවෙලා ගිහින් කොළොම්පුරයාට වඩා මිටර් 150ක් විතර ඉදිරියෙන් අන්දුවා ඇවිදිනවා. දහඩියෙන් නෑවුනු කොළොම්පුරයාට මලේ උපරිම ඇවිල්ලා හිටියේ. මේ අතරේ ප්‍රධාන පාරෙන් හැරුනු අන්දුබයියා තවත් පාරක් ඔස්සේ යන්න ගත්තා. තවතා තිබූ තෙල් බවුසර් පෝලිමක් පසුකර ගියාට පස්සේ කුරුණෑගල තෙල් සංස්ථාවේ තොග ගබඩාවේ විශාල තෙල් ටැංකි කිහිපයකුත් කොළොම්පුරයාට දකින්න ලැබුනා. එතැන හිටිය කෙනෙකුගෙන් යමක් ඇසූ අන්දුබයියා කුඩා දෙවටක් අස්සෙන් රිංගුවා. ඔහු පස්සෙන් ගිය කොළොම්පුරයාට හැතැක්ම ගානක් ඇවිද ගිය පිනෙන් රේල් පාර දකින්න ලැබුනා. රේල් පාර දිගේ ආපස්සට ඇවිදආ පසුව කුරුණැගල දුම්රිය ස්ථානය දර්ශණය වුනේ ටවුමට වඩා ගොඩාක් ඈතින් ස්ටේෂම හදපු උන්ගේ මව්ගුණ සිහිකරමින්. නොන්ඩි ගසමින් ආපු කොළොම්පුරයා වඩා ඉදිරියෙන් හිටිය අන්දුබයියා ස්ටේෂමටත් ගොඩවෙලා අවසන්.

"ඒයි  කොළඹ කොච්චිය දැන් පැය භාගෙට කලින් ගිහිල්ලා ආයේ එකක් තියෙන්නේ රෑ එකලොහටලු."
එකේ හිටපු කාගෙන්දෝ අහලා අන්දුබයියා කිව්වා. කොළොම්පුරයාගේ ඉවසීමේ සිමාව පැන්නා.
"මේච්චර දුර මේ ස්ටේෂම තියෙනවා කියලා ඔයා දන්නේ නැද්ද?"
"නෑ මම දන්නවා."
"දන්නවා බම්බුව. දන්නවා නම් තොගේ ආච්චිගෙ අහවල් අවයවයකටද  මෙච්චර දුර පයින් ආවේ?"
"උඹනේ කිව්වේ කොච්චියේ යන්න ඕනේ කියලා ඉතිං මම ආවේ උඹට ස්ටේෂම තියෙන තැන පෙන්නන්න."
උපරිම කේන්තියෙන් හිටපු කොළොම්පුරයා අන්දුබයියාගේ හත්මුතු පාරම්පරාවේ අටවෙනියාව මතක් කර කර ආපහු ප්‍රධාන පාරට ඇවිත් කුරුණෑගල බසයක නැගලා ටවුමට ඇවිත් කොළඹ එන බසයකට ගොඩවුනා. දැන් මේක කියවන උන්නැහෑලාට පුලුවන්නම්  හත්මුතු  පරම්පරාවේ අටවෙනියා නම් කරලා අල කොමසාරිස් ඩ්‍රැස්කියා  හාමු මහත්තයාගේ  ඇන්ටික් පන්නයේ භාවිතයෙන් ඉවත්කරන ලද  මොටවූ උල්දත් යුගල දිනාගන්න.
අන්දුබයියා ඇවිදපු දුර

ගුගල් දෙයියාගේ සිතියම් පොජජෙන් බැලුවාම අන්දුබයියා කොළොම්පුරයාට කුරුණෑගල ස්ටේෂම පෙන්වන්න කිලෝමිටර් දෙකහාමාරක් පමණ  පයින් ඇවිද්දවලා තියේනවා.  අදටත් අන්දුබයියා පවසන්නේ එයා කුරුණෑගල  ස්ටේෂම තියෙන තැන දන්නා බවත් කොළොම්පුරයාව ඇවිද්දුවේ සරිර සවුක්කිය උදෙසා යහපත් පරමාර්ථයෙන් හා ස්ටේෂම තියෙන දුර පෙන්නීමට පමණක් බවයි.

අන්දුබයියාගේ ස්ටේෂන් පෙන්නීම මෙතැනින් නිමියේයැ.

.

37 comments:

  1. මහත්තයාට කෙහෙතගේ අපලේද කොහෙද. නැවේ හිටියම නැව්කාරයෝ අරිනවා. ඔපිස් එකේ හිටියම උන් අරිනවා. බලු කපුටු දානයක් වත් දෙන්න බලන්න.

    එකතකින් හොද වැඩේ ඔහොම කටගොන්නක් බීගෙන බේබදු කමට ඉන්නවට.

    ReplyDelete
    Replies
    1. බලු කපුටු දානෙන් බෑ. පෙරේත ගොටුවක් තියලා සන්නියකුමක් නටන්න වෙයි.

      Delete
  2. කියන පළියටම අදහන්නත් හොඳ නෑ
    පෙර වැරදිත් මතකෙට ගන්නත් ඕනෑ
    පනින්ට පෙර හිතා බලන්නත් ඕනෑ
    නැත්තන් මස් කඩෙන් පිට නවතින්නේ නෑ!

    ReplyDelete
    Replies
    1. මිනිහා දැන් නැති හින්දා
      වීරයා සේ මම ඉන්නා
      හිටියා නම් ඒ උන්දෑ
      මස් කඩයන් නෑ නවතින්නා.

      Delete
  3. අන්දුබයියා අවිල්ල සිරා පොර බම් 😂😂
    ඔය සමහරුන්ට තාප්ප පේන්න බෑ... හුජ්ජ බර හැදෙනවා දැක්ක හැටියෙ. අර බල්ලන්ට වාහනවල රෝද දැක්කම කකුල උස්සන්න හිතෙනව වාගේ

    ReplyDelete
    Replies
    1. අපොයි මිනිහාගේ බජ්ජහුරස් කතන්දර බෝමැයි. ඉදිරියේදි ලියවෙයි.

      Delete
  4. ස්ටේසමට නුවර පාරේ නෙවයි ද ගියේ

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා අන්දුබයියා ගියා මිනිහා පස්සෙන් මාත් ගියා..

      Delete
  5. හත්මුතු පරම්පරාවේ අටවෙනියා // - අත්ත, මුත්තා, නත්ත.....
    කිරි කෑදැත්ත ද

    ReplyDelete
    Replies
    1. 1 අත්තා,
      2 මුත්තා,
      3 නත්තා,
      4 පනත්තා ,
      5 කිත්තා,
      6 කිරි කිත්තා,
      7 කිරිකෑ මුත්තා
      එතකොට අටවෙනියා?????
      8 හුරි කැත්තා..

      Delete
  6. හත්වෙනි පරම්පරාවෙ අටවෙනිය ඉතිං අරිකැන්දුව වෙන්න ඇති.

    අපරාදෙ තව ෂොට් එකක් දාගෙන දෙන්නත් එක්ක පයිංම කොළඹට එන්න තිබ්බෙ. මොකද ඉරිදට වැඩක් තියෙන එකක් කියලෑ.

    ReplyDelete
    Replies
    1. අන්දුබයියාට බල්ලෝ බුරපි කිව්වලු... සපතුවට කකුල කැපුනේ නැත්නම් ඒකත් කරන්න තිබුනා.

      Delete
  7. https://komitaldrackeya.blogspot.com/2022/08/blog-post_25.html?m=1 ගොඩවෙලාම ගියොත් හොදයි.

    ReplyDelete
  8. යාපනේ බුවෙක් කොළඹ එන්ඩ කෝ්ච්චියෙ ටිකට් එක අඩු කරගන්ඩ කේවෙල් කළා වගේ සීන් එකක්...

    ReplyDelete
    Replies
    1. ඊලඟ එස්ටේසමට ගිහින් ගන්න කොට සත පහක් අඩුලුග පොර ඔහොමින් ශහොම කෙළඹටම ඇවිල්ලා

      Delete
    2. උදාර කියපු කතාව හරි.

      යාපනේ ඔරිජිනල් හිංදු මනුස්සයෙක්, ඔය කෝච්චිය යාපනේට යන්ඩ පටං ගත්ත මුල් ම කාලෙ, දවසක් කොළඹ යන්ඩ, යාපනේ ස්ටේසමට ගිහිං ටිකට් එකක් ඉල්ලුවලු. ඒ ගමන, කියලා රුපියල් දහයයි සත දහයයි (මට මතක හැටියට) කියලා. පස්සෙ (ඔය හිංදු මිනිස්සු පට්ට විදිහට කේවෙල් කරන්නෙ) බුවා ඇහුවලු "අඩු නැද්ද?, සත දහයවත් අඩු කරල දෙන්ඩ." කියලා. ස්ටේසන් මාස්ටර් කැමති උනේ ම නෑ ලු අඩු කරන්ඩ. (:D) අරුත් දෙතුන් පාරක් අහලා, "එහෙනං එපා" කියල ගියාලු. ගිහිං පොඩ්ඩක් ඉස්සරහ මිදුලෙ කැරකි කැරකි ඉන්නවලු, "ආ ඔන්නොහෙ මේක ගන්ඩ අඩුකරල දෙන්නං" කියල ආපහු කතා කරයි කියලා.

      ඒක එක කතාවක්. තව කතාවක හැටියට, අර බුවා යන ගමං ඊට පස්සෙ ස්ටේසමෙනුත් අහල ගාණ. එතන රුපියල් දහයයි සත පහයි කිව්වලු. මිනිහා ඒකත් අඩු කරගන්ඩ කතා කරල, බැරි උනු තැන, ඊළඟ ස්ටේසමෙනුත් අහල. එතන තවත් සත පහක් අඩුයි.

      පොර ඉතිං ඔය විදිහට අහගෙන අහගෙන ඉස්සරහට ඇවිත්. දවස් ගාණකට පස්සෙ දෙමටගොඩට ම පයින් ඇවිත්. දෙමටගොඩදි ඇහුවම සත පහයි කිව්වලු ටිකට් එක.

      ඒ සත පහත් මුන්ට දෙන්නෙ මොකටද කියල හිතල අරූ ඉතුරු ටිකත් පයිම්ම ගියාලු.

      Delete
    3. නුවරඑළියෙ ඉඳල කොළඹට කෝච්චියෙ ආපු කොමසාරිස් කෙනෙකුගෙ කතාවත් ඔයිට දෙවෙනි නෑ.

      Delete
    4. මූ යකො!. අපි දවසක් ගොඩකවෙල පහුකරං මළගෙදරක ගිය කතාව නං ඔයිට සමානයි...

      Delete
    5. ලියහංකෝ රෙද්ද මෙතැන කුතුහලේ අවුස්සන්නේ නැතුව.

      Delete
    6. රෙදි මත ලියන්ඩ නං, ෆාරියා පූජකය වගේ හිරේ වැටෙන්ඩ ඔ්නෙ.

      Delete
    7. ඩ්‍රැස්කීයානිගේ හිරේට වැටුනු උඹව යවන්න වෙන හිරයක් ලොවෙත් නෑ සතර අපායෙත් නෑ

      Delete
  9. කුරුණෑගල ස්ටේෂම තියෙන්නේ ඈත තම. ඒත් කිලෝමීටර් දෙකහමාර යන්න , යන්නේ විනාඩි 34-35 විතර. ලොකු දුරක් නෙමෙයි. ඔය මහත්තය සරීර කුඩුව ගැන ඔයිට වැඩිය හිතන්න

    ReplyDelete
    Replies
    1. හරිහැටි පාරක් නොදන්නා නිසා ගතවු කාලය වැඩියි. අනික ඉක්මනින් කොළඹට එන්න හිතාගෙන හිටිය මට නිරපරාදේ නාස්ති කරපු ඒ කාලයත් ගොඩාක් වටිනවා.

      Delete
  10. මරු ඩයල් එකක් තමයි හොඳේ😂😂👌

    ReplyDelete
  11. තියෙන අසහනේ කියන්න ලඟම යාළුවට ගත්තා.. ඌත් බිසී කියපන්කෝ.. පස්සේ බැලුවා දුක කියන්නේ කාටද කියලා..

    මේකයි බන් කාරණේ.. දැන් සති දෙකක් ඇති ඩේලි බියර් දෙකක් ගහන්න ඕනේ වෙලා බන්... මොන හුට්ටක්ද මන්දා.. අපේ ඔපිස් එකේ එහා පැට්ටේ රෙස්ටුරන්ට් එකක් හෑව්... මම නිකමට දවසක් ගොඩ වැදුනා.. දැන් වයසේ හැටියට බොන්නත් බෑ.. නිකමට බියර් එකයි පෝක් එකයි ගැහුවා..

    ටවුකන්ඩ... දැන් ඩේලි ගහන්න ඕනේ වෙලා බන්.. මොන උට්ටක්ද මන්දා...මටම එපා වෙලා බන්.. හැමදාම ටයිගර් බියර් දෙකයි පෝක් ප්ලේට් එකයි..සිගරට් දෙකයි. පඩිය ඉවරයි යකූ... උදේට හිතා ගන්නවා නෑ නෑ අදනම් බොන්නේ නෑ . සල්ලිත් ඉවරයි.. කටේ තියන්නේ නෑ කියලා.. උට්ට හවසට ඕෆ් උන ගමන් ඔතනින් යද්දි කාන්දම වගේ ඇදෙනවා බන්ස්..

    මාර කරුමයක් බන් උනේ.. පෝක් එකත් තියෙනවා තුන පහ ටික දාලා සුප්පට.. දවසෙම මහන්සි වෙලා කූල් බියර් උගුරක් බොනගමන් මස් කෑල්ලක් හැපෙද්දි දැනෙන රස කිසිම ආතල් එහෙකින් ගන්න බෑ බන්.. ගෑණියෙකුත් නැති මම මනෝ පාරක් ගහන් ආතල් එකේ තනියෙන් බොනවා බන්...

    දැන් ඩේලි ඇබ්බැහි වෙලා.. උදේට හිතා ගන්නවා අම්බෝ අද නම් කටේ තියන්නේ නෑ කියලා.. උට්ට හවසට කණ මදයා වගේ බොණවා..

    ගෙදරත් චොර වෙලා බන්.. ඩේලි බොනවා කියලා..මේ උට්ට ගහලා ආවම ගොත ගැහෙනවා.... ඉතින් මාට්ටූ.. බයිනවා ලෙල්ල හුටන් වෙන්න...

    මේ ඇබ්බැහියෙන් මිදෙන්න විදියක් කියපල්ලකෝ ...

    ReplyDelete
  12. වැලැක්විය නොහැකි වූ කරුණු කිහිපයක් නිසා "ගිනි සිසිල" මාසික වැඩිහිටි සඟරාවේ සැප්තැම්බර් 2022 කලාපය අද උදෑසන නිකුත් නොවෙන බව කරුණාවෙන් දැනුම් දෙමි.

    -රසික සූරියාරච්චි, සංස්කාරක, "ගිනිසිසිල" වැඩිහිටි සඟරාව
    සිංහල සංස්කෘතික හමුවේ සමලිංගික ලේඛක සංසදය,
    නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය, ඕස්ට්‍රේලියාව

    ReplyDelete
  13. ගෝඨාභය ගැන මගේ ගරුත්වයක් තිබෙනවා. ඒ ඔහු බලය අත්හැරිය ආකාරය නිසායි. ඔහු විසින් ගොනුකරගන්නා ලද අධිකතර විධායක බලතල ඔහු පාවිච්චි කළේ නැහැ. මිනිස්සු එලෙව්වාට වඩා ගෝටාම ගිය එකයි වුණේ. එලෙව්වාය කියල හිතාගෙන ඉන්න අය ඒක තේරුම්ගන්න එක තමන්ගෙ අවබෝධය සඳහා වටිනවා.

    ගෝඨාභය කියන්නෙ ඉතාම නරක කාලයකදී ලංකාව ඉතාම වැරදි ආකාරයට කළමනාකරණය කළ ජනාධිපතිවරයෙක්. ඔහුගේ ඉල්ලා අස්වීම ඒ සම්බන්ධයෙන් ඔහුගේ වගකීම භාරගැනීමක් ලෙස මා සලකනවා. ඒ මදි අයට පුළුවන් ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න. මට නම් ඒ ඇති. පළිගැනීම කියන එකට වඩා මගේ අවධානය යොමුවෙන්නෙ රට ගොඩගැනීම කියන කාරණයට. පළිගැනීම ප්‍රමුඛ කරගත් අය කැමති දෙයක් කරගන්න.

    මං පෞද්ගලිකව හිතන්නෙ ඔහු කැමති රටක පාඩුවේ ජීවත්වෙන්නට ඔහුට ඉඩදිය යුතු බවයි. හැබැයි ඉතින්, ආරක්ෂක ලේකම් කාලෙ චෝදනා විභාග කළ යුතුයි. ජනාධිපති කාලෙ වුණත්, දූෂණ චෝදනා විභාග කළ යුතුයි. ඒක අධිකරණයේ වැඩක්. දේශපාලනයේ අවධානය යොමු කළ යුතු ඊට වඩා වැදගත් කරුණු ඕනැ තරම් තියෙනවා.

    ReplyDelete
  14. ඔයාගෙ කොච්චර දිගද?

    පිරිමියෙකුගේ ලිංගයේ ප්‍රමාණය සහ කාන්තාවක් ලබන තෘප්තිය අතර සම්බන්ධතාවයක් නෑ. ඇත්තටම පුරුෂ ලිංගයකට වඩා තෘප්තියක් ලබන්න පුළුවන් ඩිල්ඩෝස් නිෂ්පාදනය වෙලා තියෙනවා. කෙනෙක් එක්ක ලිංගිකව එකතු වීමෙන් ලබන තෘප්තියේ වැඩි කොටසක් රඳා පවතින්නෙ ඒ දෙන්නා අතර බෙදාහදාගන්නා ඉන්ටිමසිය මත. ඒ කියන්නෙ සමීපත්වය, තේරුම් ගැනීම, සංවාදය, ආදරය, උණුසුම, විවෘතභාවය ආදී කාරණා මත. පුරුෂ ලිංගයේ ප්‍රමාණය ගැන තියෙන්නෙ මානසික ෆැන්ටසියක්.

    කොහොම වුනත් පිරිමි සහ ගැහැණු දෙවර්ගයම උනන්දුයි පිරිමින්ගෙ ලිංගයෙ ප්‍රමාණය ගැන. පර්යේෂණ අනුව පෙනිලා තියෙන්නෙ මේ ලිංගවල ප්‍රමාණය සාමාන්‍යයෙන් අපි හිතනවාට වඩා කුඩා බවයි. ඒ වගේම රටක ජීවත් වෙන පිරිමින්ගෙ ලිංග බොහෝදුරට ප්‍රමාණයෙන් සමානයි. ඒ කියන්නෙ ලොකු වෙනස්කම් නෑ. පිරිමියෙකුගේ ලිංගයේ ප්‍රමාණය භූගෝලයට වඩා තීරණය වෙන්නෙ ජාන අනුව. ඒ වගේම කුඩා කාලයේ හරිහැටි පෝෂණය නොලැබීම වගේ කාරණාත් ලිංගය නිසි ලෙස නොවැඩීමට බලපාන්න පුළුවන්. ශරීරයේ ප්‍රමාණය සහ ලිංගයේ ප්‍රමාණය අතර සමීකරණයක් ගොඩනගාගන්න ගොඩක් අය උත්සාහ කළත් පර්යේෂණ අනුව පේන්නෙ එහෙම නිශ්චිතව කියන්න බැරි බවයි. ඒ කියන්නෙ උස වැඩියි කියන්නෙ ලිංගය දිගයි කියන එක නෙමෙයි. ඒ වගේම අත්ලෙ දිග, සපත්තුවෙ දිග, නහයේ දිග ආදියෙන් ලිංගයේ දිග සෙවීමත් බොරු කතන්දර විතරයි.

    රටින් රට ලිංගයේ ප්‍රමාණයේ ඇවරේජ් එකක් හදාගන්න එක ගොඩක් අමාරු වැඩක්. එකක් මේ ගැන තියෙන දත්ත ප්‍රමාණය කුඩා වීම. අනික මේ දත්ත ගොඩක් වෙලාවට ස්වයං මිනුම් විදිහට වාර්තා වීම. ඒ හින්ද පර්යේෂණාගාරයක කළ මිනුම් ඇසු‍රින් තරම් නිවැරදිභාවයක් මෙතන ගොඩනගා ගන්න බෑ.

    ලෝකෙ ඍජු වූ පුරුෂ ලිංගයක සාමාන්‍ය දිග සෙමි. 13.58ක් වෙනවා. ඒ කියන්නෙ අගල් 5.35ක්. රටවල් අනුව බැලුවම දිගම සාමාන්‍යය තියෙන්නෙ සෙමි 17.61ක්. ඒ කියන්නෙ අගල් 6.93ක්. මේ රට තමයි ඉක්වදෝරය. වැඩියෙන්ම සාමාන්‍ය ශරීර උස වාර්තා වෙන්නෙත් ඉක්වදෝරයෙන්. හැබැයි ඒක හැමතැනකදිම එහෙම වෙන්නෙ නෑ.

    පොඩිම ඍජුවූ ශිෂ්නයේ ඇවරේජ් එක වාර්තා වෙන්නෙ කාම්බෝජයෙන්. ඒක සෙමි. 10.01ක්. ඒ කියන්නෙ අගල් 3.95ක්.

    කෙලින් වුනාම පුංචිම පුරුෂ ලිංගයන් තියෙන පුද්ගලයෝ ඉන්න රටවල් අතර ලංකාවත් ඉන්නවා.

    ඉන්දියාව තමයි ලෝකෙ දෙවෙනියට කුඩාම පුරුෂ ලිංග සාමාන්‍යයක් තියෙන රට. අගල් 4යි. චීනෙ ඉන්නෙ ඉන්දියාවට වඩා චුට්ටක් ඉස්සරහින්. අගල් 4.3යි. උතුරු කොරියාව තමයි පුංචිම. අගල් 3.8යි. ඉතිං වෙන මොනවා නැති වුනත් ආසියාවෙ හැටියට අපේ පුරුෂ ලිංගෙ සයිස් එක ගැන නම් තරමක් ආඩම්බරෙන් පුළුවන්.

    -රසික සුරියරච්චි-

    ReplyDelete
  15. මගේ නම රසික. මට ඉස්කෝලේ දාලා තියපු නම තමයි 'බොක පෙට්ටි'. (සමහරු කියනවා හරි වචනේ බොක නෙමෙයි බොග කියලා. ඒත් අපි පාවිච්චි කලේ බොක කියන වචනේ,ඒකම මෙතැන් යොදා ගන්නවා.)
    මට ඒ නම වැටුනේ මේ හින්දයි.

    මම පොඩි කාලේ, 4 වසරේ ඉන්නකොට දවසක් ඉස්කෝලේ ගිහිං පාඩුවේ හිටියා.ඉතිං මම ඉස්කෝලේ ගිහිං දවල්ට කෑම එහෙම කළා ටිකක් වෙලා ඉන්නකොට හදුනා කක්කා බරක්. මම ඉතිං ඕක ඉවසං හිටියා. ඉස්කෝලේ මැඩම්ට හරි මිස්ලාට හරි මේක මම කිව්වේ නැත්තේ ලැජ්ජාවට. මොකද සාඩම්බර ලාංකිකයන් වන අපි කාටහරි කියලා වැසිකිලි යාමට මැලිවෙනවානේ. ඒක ලැජ්ජාවට දෙයක් කියලනේ අපි දන්නේ.

    ඒත් ඒත් ඉතිං ඔරලෝසුවේ කටු විනාඩියෙන් විනාඩිය යද්දී මට කක්කා බර ඉවසන්නම බැරි උනා. මට හිතුනා තනියම ගිහිං බොක දාලා එන්න. ඒත් වැඩේ උනේ බොක දැම්මට පුක හෝදන්න මම දන්නේ නැති එක.අනික රජයේ පාසල් වලටනේ අපි ගියේ. ඒවගේ වතුරත් නෑ. ඉතිං බැරිම තැන මම කලේ මේකයි.

    හිමිං සීරුවේ මගේ කෑම පෙට්ටියත් අරං ඉස්කෝලේ පැත්තකට ගියා. එතකොට ඉන්ටවල් ඉවර නිසා එකේ කෑම තිබුනේ නෑ. ඉතිං මම කලේ කෑම පෙට්ටියට කක්කා කරලා, ජෝකාගෙන් මගේ සිඟිති පුක පැත්ත පිහදලා ඒකත් දැම්මා කෑම පෙට්ටියට.

    ඉතිං ඊට පස්සේ මම පන්තියට ගිහිං ජෝකත් නැතිව සිවිල් පිට බොහොම සතුටෙන් හිටියා.

    ඒත් මිත්‍රවරුනි කර්මයක් පලදෙන්න තියෙනවා නං මහා මුහුද මැද සිටියත්,පර්වත වලින් වටවුන මහා ගල්ගුහාවක හිටියත් ඒක පළදෙනවා කියලා බුදුබනේ සදහන් වෙනවා. මටත් ඒක උනා.

    මම පන්තියට ගිහිං ටික වෙලාවකින් පන්තිය ඇතුලේ කසුකුසුවක් නැගුනා. දුමින්ද කියන ළමයා කලබල වෙලා පන්තියේ හැම තැනම ඇවිද ඇවිද මොකක්දෝ හොය හොයා ඉදලා එක පාරටම මිස්ට ගිහිං කිව්වා ‘මිස් මගේ වෝටර් කලර්ස් පෙට්ටිය නැති වෙලා’ කියලා. බලද්දී දුමින්දයාගේ වෝටර්කලර්ස් පෙට්ටිය නැති වෙලා. ඌ එක එකාට චෝදනා කරනවා ඔයා තමයි මගේ මෙව්වා එක ගත්තේ කියකියා.

    බැරිම තැන මිස් කරේ හැමෝගෙම බෑග් බලපු එක. ඉතිං ඔහොම එකෙකාගේ බෑග් බලාගෙන අවා. මගේ වාරෙත් ආවා. මගේ බෑග් එකේ බැලුවා මොකුත් නෑ. ඊට පස්සේ මිස් කරේ මගේ කෑම පෙට්ටිය ඇරලා බැලුවා ඔක්කොම ඉස්සරහා. ගූ හතයි, වැලි දෙකයි.

    කෑම පෙට්ටියේ තඩි ගූ බෙට්ටකුයි, ගූ ගෑවිච්ච ජංගියකුයි තියෙනවා. මගේ වැඩේ මාට්ටු. පස්සේ පස්සේ ඔය කතාව හැමෝම දැන ගත්තා. ඒත් මම ඕකට සැලුන්නෑ. ඊට පස්සේ මාව දන්නේ සමන් කිව්වම නෙමෙයි ඉස්කෝලේ දන්නේ බොක පෙට්ටියා කිව්වම.
    මුලදී මුලදී මට ඔය නම ඇල්ලුවේ නෑ. ඒත් අර හැමදාම දකින කුකුලගේ කරමලත් සුදුයි කියනවා වගේ මාත් ඔය නමට පුරුදු උනා. දැන් නං මම රැකියාවකුත් කරනවා රටේ ලෝකේ පිළිගත්තු.

    ඉතිං මම මේ කතාව කිව්වේ මොකද,උබලත් කියපල්ලකෝ උබලට වැටිලා තියෙන නම් එහෙම මොනාද කියලා.

    ReplyDelete
  16. තක්කාලි කියලා ජාතියක් ලෝකේ තියෙන්නේ ඇයි කියලා මම නම් කියන්න දන්නේ නෑ. සමහරු කියන විදිහට තක්කාලි තමයි ගුණෙන් වැඩිම පළතුර. සමහරු කියන විදිහට එළවළුව. කවුරු කොහොම කිව්වත් හේන්බටු තක්කාලියේ ඉඳලා ලොකු ගෙඩි මස් තක්කාලිය වෙනකම් තක්කාලි ලෝලියෙක් මම. ඉස්සර අපේ අම්මා කරවල හාල්මැස්සෝ මොන ජාතිය හැදුවත් තක්කාලි ඒකට වීසිකරන්න අමතක කළේ නෑ. එළවළු ගේන්න කඩේට ගිය කිසිම වෙලාවක එයා තක්කාලි අමතක කළේ නෑ. ඒ හින්දමද කොහේද තක්කාලිවලට මාත් මාර ආසයි.

    තක්කාලි රස රැසක් තියෙනවා මට හිතෙන විදිහට. පහළ ඌවේ හේන් පැල් වටේට හිනාවෙන පුංචි බටු තක්කාලිය හේන් හොද්දට වීසිකළාම තක්කාලිය ඒ හොද්දේ තවරන ඇඹුල් රසය මාරයි. සමහර වෙලාවට හේනේ ඉදෙන මඤ්ඤොක්කා කොළ මැල්ලුමට මේ හේන් තක්කාලි ගෙඩියක් එහෙට මෙහෙට කපලා දැම්මාම ඒකට එනවා අර මඤ්ඤෝකා කොළ රසට වෙනස් උත්තුංග රසක්.

    ඉස්සර අම්මා අපිට උණ හැදිලා කටට කිසි දෙයක් රස නැතිවුණාම උඟුර තුවාලවෙලා වගේ තියෙන වෙලවට හදාලා දෙන සම්බෝල වර්ග දෙකක් තිබුණා. එකක් තමයි පොල් ගලෝලා ළිපේ අඟුරු අස්සෙ සඟවලා කළුවට හිනාවුණාම එළියට අරං ගලේ ගම්මිරිස් එක්ක අඹරලා හදන සම්බෝලය. ඇත්තටම මේක සම්බෝල කීවට ලුණු මිරිසක් වගේ එකක්. කළුවට කළුවේ දිවග මේක තියාගත්තාම ඉතිං බත් ටික බඩට වැටෙනවා.

    ඊළඟට අපිට මෙහෙම වේලාවට දෙනවා තක්කාලි කපලා ලොකු ළූණු ගම්මිරිස් නයි කොච්චි එක්ක මික්ස් කරලා. මේකටනම් උඩින් දෙහි මිරිකනවා. දෙහියි නයි මිරිසුයි තක්කාලියි ලොකු ළූණුයි එකතුවුණාම එන රස නොදන්න කෙනෙක් ලංකාවේ ඉන්න විදිහක් නෑ. මේක උඩින් උම්බලකඩ ඕසෙට ඉස්සාම රස දෙගුණ වෙනවා. මෙහෙම සම්බෝලයක් හැදුවාම ඒකේ රසම කොටහා තමයි භාජනය අඩියේ ඉතුරු වෙන හොද්ද. මට හිතෙන්නේ රත්නපුරේ ට සුවිශේෂ රසක් තමයි මේ හොද්ද. මේක පස්සේ කාලේ ඔය තායි කාරයෝ එහෙම ඇවිත් රත්නපුරේ පදිංචි වුණාම වෙනම රසක් විදිහට බයිට් උඩින් උඩින් වැටුණා. රත්නපුරේ තියෙන රික්මන්ඩ් එක වගේ තැන්වල ඉස්සර බීපු එවුන්ට මේ රස අමතක වෙන්න විදිහක් නෑ. කරුමේ කියන්නේ මට මේකේ නම කටට එන්නෙම නෑ. ඒවෙනුවට කටට කෙළ උනනවා..

    මේ ළඟදි දවසක කන්න හදාගන්න කිසිම දෙයක් නැති වෙලාවක එහේ මෙහේ බැලුවාම තක්කාලි ගෙඩි දෙකක් හිනාවෙනවා. රසකාරක නූඩ්ලස් පැකට් පොඩ්ඩෙකුත් අයිනක හිටියා. දැන් ඉතිං කොරන්න දෙයක් නෑ. වතුර අඩු කෝප්පයක් විතර ළිපේ තියලා ඒකට ලොකුවට කපලා තක්කාලි ගෙඩි ටික දැම්මා. ඊළඟට ලොකු ළූණු ගෙඩියකුත් හතරට පහට කපලා වීසි කළා. වතුර එක නටාගෙන එනකොට බඩ නට නටා බඩගිනී කියනකොට නූඩ්ලස් එකත් අරකටම එකතුකරලා සෝයා සෝස් ටිකක් ලාවට සියඹලාවක් එකතුකරලා කරකෝලා ගත්තා. අම්මෝ අමා රස. තක්කාලි මස යාන්තමට මෙලෙක වෙනකොට ගන්න තියේනම් රහා වැඩී.

    කාලයක් මම සිංගප්පූරුවේ ලා විලා කියලා ඉතාලි රස සුවඳ ඇගට හලාගත්ත රෙස්ටුරෙන්ටුවක වැඩ කළා ඩීජේවරයෙක් විදිහට. (ඒක ගරු නාමයක් විතරයි..😁) ඉතිං උතුරු ඉන්දියානු යක්ෂයා අපි එහෙමයි ඒ චෙපාට කියන්නේ.. මිනිහා උදෙන්ම ඇවිත් කරන පළවෙනි වැඩේ තමයි ලස්සනම ලස්සන තක්කාලි පැටව් ටික පොත්ත යාන්තම් තැනින් තැන කොළුවට හැරෙනකම් අවන්ගත කරන එක. ඊටපස්සේ තමයි ඒකෙන් පීසාව උඩින් වනන තක්කාලි ජූසිව හදාගන්නේ.

    ඕයාලා තක්කාලිවලට ආසනම් තක්කාලි අවන්ගත කරලා කාලා බලන්න. ඇලුමිණියම් කොළයේ දවටලා පුච්චගෙන කාලා බලන්න. රස්නෙට පිට කට්ටකැඩිලා රස්නේ තක්කාලි ජූසිව දිවගට හලාගත්තනම් ඔබ තක්කාලි පෙරේතයෙක් වෙනවා නිසැකයි. ඒ ජූස් එකේ නැත්තං රස සිරපයේ රස පැණියෝ ඔබ ආසකරන හැම රසක්ම තියෙනවා. ඔබගේ දිව රසග්‍රහනකාමී නම් රාගීවරයෙක් විදිහට ඔබට තක්කාලි රස එක්ක හැමනෙන්න පුලුවන්..

    පීසා පස්තා ලසඤ්ඤා වගේ කෑම ජාති ගත්තාම ඒවාට මේ අපි කතාකරන තක්කාලියා නැතිව රසට සුවඳට ලාස්සනට හිනාවෙන්න බෑ. රස ගුලාවක් වෙන්නත් බෑ. එක එක තක්කාලි වර්ග එක එක රස වගේම එක එක කෑම වට්ටෝරු හැඩ කරනවා.

    ReplyDelete
    Replies
    1. තක්කාලියා කියන්නේ කෑම රස කරන කරපිංචා රම්පේ වගේ දෙයක් විතරක් නෙවෙයි තක්කාලියා කියලා කියන්නේ වෙනම කන්න පුලුවන් දහස් ගානක් රස වට්ටෝරුවල මුල් තැන හොබවන එළවළුවක්. ස්පාඤ්ඤය නම් අවුරුද්දකට සැරයක් තක්කාලිවලින් ගහගෙන මේ රස තක්කාලියාව රසට සමරනවා. ඒක තක්කාලි සෝස් එකක කිමිදිලා හිටියා වගේ වැඩක්.

      මස් මාළු කරවල මේ මොකක් උනත් තක්කාලි ජූස් එකෙන් තම්බගෙන කාලා බලන්න ඒක මොනතරම් රස ද කියලා. හරක් මස් වගේ තද මාංශයක් තක්කාලි එක්ක එකට හමන්නලා තිබ්බාම මස් අස්සට තක්කාලියා රිංගලා අපේ දිවට දෙනසැප ගැන නොදන්න කෙනෙක් මේ ලෝකේ ඉන්න විදිහක් නෑ. පොඩි පොඩි චෙරි තක්කාලි සැලඩයක හොවලා ලස්සනට හැඩ බලන ගමන් එකින් එක කටට වීසිකරගෙන බලන්න කොච්චර රසද කියලා. මස් තක්කාලිය යාන්තම් පුච්චලාවගේ අරං මීකිරි එකක දාලා ලුණු ඉසලා ගම්මිරිස් ඉසලා කාලා බලන්න කොහොමෙයි කියලා.

      ඉතිං මේක නිකමට වගේ ලීවේ අපි මේ රස උන්නැහේට සලකනවා මදි කියලා කියන්න. තක්කාලිවල ගුණ ගැන කතාවට මම රුසියෙක් නෙවෙයි. ඒත් සරළ අදහස තක්කාලි කියන්නේ ගුණවන්තයෙක් කියන එක. එක එක මල්ටි විටමීන අත්‍යාවශ්‍ය ලෝහ එහෙම දවටගෙන ඉන්න තක්කාලියා ගැන ටිකක් වැඩිපුර හිතන්න. අපි අහක දාන එළවළු අතරේ මුදුනින්ම ඉන්න කෙනෙක් තමයි මේ තක්කාලියා. ඔය ටකට ටකට කොත්තුවක් ඔබ ගෙදර හදාගන්නවානම් තක්කාලියෙක් දෙන්නෙක් දාලා හොඳට ගසාගෙන බලන්න. මුලින්ම තැටිය උඩ තියලා පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා සත් කරගන්න.

      ගෙදර තියෙන්නේ හාලුයි තක්කාලියි විතරයිනම් දෙකම එකට දාලා ඒකට තව කරපිංචා සුදුළූණු රම්පේ සේර කහා පොල් කිරි සුඟක් වගේ එකට සංයෝග කරලා උයලා බලන්න.. ආයි එළවළු සොයන්න කඩේට දුවන එකක් නෑ. ඒක තමයි තක්කාලියා අපිට සලකන විදිහ. පොල් කිරට තක්කාලි කෑලි දාලා හොඳට උම්බලකඩ වීසිකරලා උළුහාල් හොඳට දාලා තක්කාලි හොද්ද කාපු අය නොඉන්න විදිහක් නෑ. එහෙම අය රස මතක් කරගන්න. රතු පොල් සම්බෝලෙට චරස් ගාලා හැපෙන්න තක්කාලි වීසිකරන ඈයෝ මේක කියවන්නම ඕනී.

      තක්කාලි ගැන ලියන්න හිත හිතා ඉන්නකොට අද මේ පොටෝ එක ඇහැට පැන්නා. ඉතිං ඕන් ලීවා. තවත් තක්කාලියාගේ රස දන්න අය හලාගෙන බෙදාගෙන යන්න..

      Delete
  17. රජ්ජුරුවෝ තාමත් හෙළුවෙන්!

    “අන්න රජතුමා හෙළුවෙන්!” කියලා පොඩිඑකෙක් කියපු කතාව හැමෝම දන්නවානෙ. මේ එකේ ඉතිරිය.

    “හෙළුවෙන්” කිව්ව එකා නිසා රජ්ජුරුවන්ට වඩා අමාරුවක වැටුණෙ ඇමැත්තො ටික. රජ්ජුරුවො ඇමති මණ්ඩලේට ගෝරනාඩු කළා. ඇමති තනතුරු වෙනස් කළා. භාණ්ඩාගාර ඇමති අශ්ව ඉස්තාල භාර ඇමති කළා. විදේශ ඇමති සංදේශ ඇමති කළා.
    හැම උදේකම රජ්ජුරුවො කවුරු හරි ඇමතියෙක්ව මාරු කළා. මහ ඇමතිගෙ වැඩ බලන්න රජ්ජුරුවන්ගේ පුත් කුමාරයෙක් පත් කළා. කුමරයාට වයස අවුරුදු තුනයි! කුමාරයා මහ ඇමතිගෙ ඔඩොක්කුවට පැනලා මූත්‍රා කළා.
    මේ සේරම අකරතැබ්බවලට මුල ‘හෙළුව’ පෙන්නපු පොඩි එකා බව ඇමති මණ්ඩලේට වැටහුණා. සේරම දෙනා එකතු වෙලා පොඩ්ඩාව හොයා ගෙන ගියා.
    “මං හෙළුව පෙන්නාදීපු නිසා ‍හැමෝම අමාරුවෙ වැටුණා නේද?” පොඩ්ඩා ඇහුවා.
    තමන් කට අරින්නත් කලින් පොඩ්ඩා හේතුව කිව්ව එක ගැන ඇමතිවරුන්ට හරි පුදුමයි.
    කොහොමද එක පාරටම දැන ගත්තේ මහ රජතුමා හෙළුවෙන් කියලා?
    “අයියෝ ඒක සුළු දෙයක් නෙ. ඇඳුමෙන් වැහිලා තියෙන්න ඕනෙ අවයව සේරම එළියෙ නම්, ඒකෙන් කියවෙන්නෙ, ඒ තැනැත්තා හෙළුවෙන් කියලා තමා. මට කරද්දී ගුරුතුමා ඕක කියලා දුන්නේ.

    ඇමති මණ්ඩලේ තම තම නැණ පමණින් කාරණේ තේරුම් ගත්තා. හැමදේට ම මුල ගුරුතුමන්ලා බව සියල්ලන්ම ඒකමතිකව තීරණය කළා. ගුරුතුමන්ලා දරුවන්ට මෙවැනි දේ කියා දෙන තරමට තමන්ගේ රාජකාරි අමාරුවෙන බව ඒ හැමෝටම පෙනී ගියා. හැමෝ ම ඇඟිල්ල දික් කළේ පාඨශාලා ඇමති දිහාටයි. ඒ හිටපු ඇමති කෙනා වෙනුවට රජතුමා කෝපවෙලා ඒ තනතුරට දාලා තිබුණේ හිටපු ගව පට්ටි භාර ඇමතිවරයාවයි.

    “ඒ සිද්ධිය වෙන කොට මම මේ තනතුරේ හිටියෙ නැහැ. ඒ නිසා මට වගකීමක් බාර ගන්නත් බැහැ. ඒත් ඉස්සරහට මේ දේ නොවෙන්න මම වැඩ කරන්නම්. මගේ ගව පට්ටි පාලන දැනුම මෙතෙන්දි හරි වැදගත්!” බුද්ධිමත් විදිහට ඇමතිවරයා පැහැදිලි කළා.
    “අපේ ගව පට්ටිවල මස් අඩු වෙන කොට අලුතෙන් තණකොළ, පුනක්කු දෙනවා. ඒ වගේමයි, උන් වැඩිලා තෙල් පිරිලා මස්වල ගුණය පහළ යද්දී අපි හරකුන්ගෙ කෑම පාලනය කරනවා. ඒ වගේ ම ගැළපෙන මස් වර්ග ආසන්න රාජධානිවලින් ගෙන්වනවා. මෙතෙන්දි කරන්න ඕනෑ ඒක. මේ ගුරුවරු පමණට වඩා ළමයින්ට දැනුම දෙනවා. ඒක පාලනය කරන්න ඕනෑ.”

    පාඨශාලා ඇමති සිය තීරණය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. කෙළින් ම ගුරුවරුන්ට උගන්වන ප්‍රමාණය අඩු කරන්න කියන්න බැරි නිසා ඒ සඳහා විවිධ උපක්‍රම යෙදුවා. ඇතැම් පාඨශාලා වසා දැමුවා. ගුරුවරුන් දුර්මුඛ කරන්න ඔවුනගේ දීමනා අඩු කළා. ඔවුන් එහාට මෙහාට මාරු කළා. දුනු විදින්න දක්ෂ ගුරුවරු වෙණ වයන්න උගන්වන්න යැව්වා. වෙණ වයන අය කෘෂිකර්මය උගන්වන්න යැවුවා. ඒත් එක්කම පාඨමාලාවල ‘හෙළුව’ පිළිබඳ ලියැවුණු පොතපත ඉවත් කළා. ඉතිහාසයේ දවසක රජතුමා හෙළුවෙන් ගිය කතාව දැන ගන්න නිසා ඉතිහාසය උගන්වන එකත් නතර කරලා දැම්මා.
    අඩු දීමනා නිසා ගුරුවරු පාඨමාලා හැර දමා ගිහින් කසිප්පු පෙරීම වගේ ජීවන මාර්ග තෝරා ගත්තා. තවත් අය රට ගියා. ඒත් එක දක්ෂ ගුරු පිරිසක් මේ තත්වය වෙනස් කරන්න තීරණය කරලා ඒ ගැන සාකච්ඡා කළා.

    “උඹලාගේ දරුවන්ට හොඳ ඥානයක් ලැබෙන්නේ නැහැ. පාඨමාලා පිරිහෙනවා. හොර තක්කඩි අකුරු උගන්වන්න එනවා. ඉතිහාසය අයින් කරලා. පාඨශාලා දිරාපත් වෙන්න ඇරලා.” ඔවුන් ගම්බිම් කරා යමින් රටවැසියන් දැනුවත් කළා. බුද්ධිමත් රටවැසියන් කලබල වුණා. ඒත් ඒක තේරුම් ‍නොගත් අනුවණ පිරිස් ඒ ගුරුවරුන්ට උසුළු විසුළු කළා.
    කොහොමින් හරි සිද්ධ වෙමින් පවතින දෙය රජතුමාටත් ආරංචි වුණා. “කුමක් ද මේ සිදු වන්නේ? වහාම කරුණු සොයා බලා මට දැනුම් දෙනු!” රජු ඇමති මණ්ඩලයට නියෝග කළා.
    තමන් සැලසුම් කළ මොහොත පැමිණ ඇති බැව් ඇමති මණ්ඩලය වටහා ගත්තා. පසුදා උදේ ඔවුන් සියලු දෙනාම සීතාම්බර පට සළුවලින් සැරසිලා රාජ සභාවට ගියා.
    “රජතුමනි, අතීතයේ දිනක අප ඇඳ සිටින වටිනා සළුවෙන් සැරසී ඔබතුමා ජනතාව ඉදිරියට යද්දී එක් මෝඩ කොලුවෙක් ඔබට අවමන් කළා. මෝඩයින් වූ රටවැසියනුත් ඒ කොලුවාගේ බහ පිළිගෙන ඔබතුමාට සිනාසුණා. එහෙත් වරද අපි වැරදි කළා. දැන් යළිත් මේ සළුව අඳින්නට කාලයයි!”

    මෝඩයාට නොපෙනෙන ඒ සළුව හැඳ ගත් රජතුමා ද ඇමති මණ්ඩලයත් සමඟ මහත් ආඩම්බරයෙන් වීදි සංචාරයේ යෙදුණා.

    ‘හෙළුව’ යන වදන නොදන්න අලුත් දරුවන් ඒ පැරණි වචනය කීවේ නැහැ. තේරුණු ගුරුවරුන් ඒ බව කියන්න හැදුවත් මෝඩ මිනිස්සු එ්ක වැළැක්වූවා. “හෙළුව? ඒ මොකක්ද?” රජතුමා හෙළුවෙන් බව පෙන්වන්න හදපු ගුරුතුමන්ලාගෙන් ඒ පිරිස් ප්‍රශ්න කළා. ඉතිහාසය නූගන්වන නිසා රටවැසියන්ටත් ඒ වචනය අමතකව ගොස් තිබුණා.
    කවුරුත් කිසිත් නොකීම ගැන රජතුමා සතුටු වුණා. “ප්‍රීතියි! ප්‍රීතියි! ඇමතිවරුනි, ප්‍රීතියි!” රජතුමා උද්දාමය පළ කළා.
    ජනතාව නිසි තැනට ගෙන ඒමේ ඇමතිවරුන්ගේ ක්‍රියා පිළිවෙත රජතුමාගේ පැසසුමට ලක් වුණා. රජු ඇතුළු ඇමති මණ්ඩලයම සීතාම්බර පට සළු ඇඳ ගෙන යන්න පටන් ගත්තා. තවමත් ඔවුන් නිර්භයව ඒ ඇඳුම ඇඟලා ගෙන ඉන්නවා. ගවපට්ටිකරුවන් සුසුම් හෙළනවා.

    -රසික සූරියආරච්චි‍-

    ReplyDelete
  18. රනිල් වික්‍රමසිංහ කියන්නෙ මං කැමති චරිතයක් නෙමෙයි. ඒත් අපි අකමැතියි කියලා මිනිහෙකුගේ දේශපාලන හැකියාව සහ නිපුණතාවය අවතක්සේරු කරන්න බෑ. මේ වෙලාවෙ දේශපාලන පිට්ටනියෙ ඉන්න වඩාත් ආකර්ශනීයම චරිතය රනිල්.

    රනිල් මේ මොහොතෙ කරන දේශපාලන සෙල්ලම මං ඉතා ආසාවෙන් බලන් ඉන්න එකක්. ඒක පොඩි ළමයින්ගෙ බෝල පාස් සෙල්ලමක් නෙමෙයි. නිකං සටන් පාඨවලින් ගොඩයන්න පුළුවන් එකක් නෙමෙයි. රනිල් කරන්නෙ මහින්ද රකින එක වගේ කතන්දර දේශපාලන ගැඹුරක් තියෙන ඕන කෙනෙකුට ජෝක්. මොකද දේශපාලනයේදි කිසි කෙනෙක් තව කෙනෙක් රකින්නෙ නෑ. තමන්ගේ බලය වෙනුවෙන් පාවිච්චි කරනවා මිස. ඒක තමයි ඒ විෂයේ හැටි. ජවිපෙ වගේ පක්ෂ විසින් විශ්වාස කරන හොඳ මිනිස්සු කියන කතාව දේශපාලන විෂයට අදාල කතාවක් නොවෙන්නෙ ඒ හින්ද. ඒවා නිකං ආර්ට් වැඩවලට හොඳ කතන්දර. දේශපාලනය කියන්නෙම මිනිස්සුන්ගෙ නරක පැත්තත් එක්ක ගනුදෙනු කිරීමට.

    රනිල් දේශපාලනයේ අන්ත පරාජයකට ලක්වෙලා හිටියෙ. මං වුනත් රනිල් දිහා බලමින් කුරිරු සතුටක් ලැබුවා. ඔය කියන තරම් ස්මාර්ට් මිනිහා අන්තිමට මොනවද කරගත්තෙ කියල උසුළුවිසුළු කළා. රනිල්ගෙ වැදගත්ම දේ තමයි ඉවසීම. බලන් ඉන්න පුළුවන්කම. ජනතා දේශපාලනයේදී තමන් දක්ෂ නැති බව හොඳින්ම පසක් කරගෙන පිට්ටනිය තමන්ට ගැලපෙන මොහ‍ොත දක්වා එනකල් රනිල් නෙට්ෆ්ලික්ස් බැලුවා. ඇත්තටම නෙට්ෆ්ලික්ස්වල ක්‍රවුන් සීරීස් එක‍ දේශපාලන විෂයට කැමති කෙනෙක් බලන්නම ඕන. ඒකෙ චර්චිල් කරන දේශපාලනය මට හරිම ආකර්ශනීය එකක්. කොටින්ම තමන්ගෙම කැබිනට් එක පවා තමන්ව එලියට දාන්න බලන් ඉඳිද්දි කලිසමේ chu යන නාකි චර්චිල් ගේම් එක ගහනවා. ඒක මාර ඉන්ස්පයරින් කැරැක්ටර් එකක්.

    රනිල්ට ජනාධිපති වෙන්න ලැබෙන්නෙ තමන්ගෙ ප්‍රබලතම ප්‍රතිවාදී පක්ෂෙ සහායෙන්. එතනදි පොහොට්ටුවට රනිල්ව ඕන වෙන්නෙ තමන්ගේ ආරක්ෂාව පිණිස. නැවත තමන් ගොඩනැගෙන තෙක් පක්ෂයක් බලයක් අහිමි දුර්වලයෙක් පාවිච්චි කිරීම කියන තැනින්. රනිල්ට සිද්ද වෙනවා ඒ අවසරෙන් තමන්ට අහිමි සියල්ල යළි දිනාගන්න. ඇත්තටම ගත්තොත් විපක්ෂයත් රනිල්ට විරුද්දයි, පොහොට්ටුවත් විරුද්දයි. ඒ හින්දම රනිල්ට සටන්පාඨ දේශපාලනය කරන්න පුළුවන්කමක් නෑ. හරිම අවදානම් පාරක, ලොකු වීර වික්‍රම නැතුව ඉතා සියුම් දේශපාලන ගේම් එකක් එයාට සෙල්ලම් කරන්න වෙනවා. වැල් පාලමේ උදාහරණය මෙතනදි හරියටම ගැලපෙනවා.

    රනිල්ට දේශපාලනය කරන්න වෙලා තියෙන්නෙ ජවිපෙ කියන විදිහෙ හොඳ මිනිස්සු එක්ක නෙමෙයි. හොර ආණ්ඩු පක්ෂයක් සහ moda විපක්ෂයක් එක්ක. අනිත් පැත්තෙන් රටේ දැවැන්තම අර්බුදයත් එක්ක. ඒ නිසා සංදර්ශන පවත්වන්න අවසරයක් නෑ. විසිල් ගහන වීරයා වෙන්න බෑ. ලංකාවෙ ජනාධිපති කෙනෙක් මුහුණ දෙන අතිශය තීරණාත්මක, අභියෝගාත්මක මොහොතකට රනිල් මුහුණ දෙනවා. ඒක බලන් ඉන්න හරිම ඉන්ටරෙස්ටින්ග්. තියුණු බුද්ධියකින්, ඉවසීමකින් කරන චෙස් ක්‍රීඩාවක් තරම්ම ආකර්ශනීයයි.

    සියල්ලන් ප්‍රතිවාදීන් වූ දේශපාලනයක තනි මිනිහෙක් කරගෙන යන මේ සටන ඉතිහාසයේ වැදගත්ම පරිච්ඡේදයක් වෙනවා. රනිල් දිහා මං බලාපොරොත්තු සහගතව බලන් ඉන්නෙ ඒ හින්ද.

    ReplyDelete

අදහස් මෙතන නිදහස් කරන්න