Posted: 01 Jul 2019 07:12 PM PDT
1999 වසරේ ක‍්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය පැවත්වුයේ එංගලන්තයේදිය. වසර විස්සකට පසුව මෙවර ලෝක කුසලාන තරගාවලියත් එංගලන්තයේදිම යලිත් පැවැත්විම එක්තරා අහඹුවක්දැයි සිතේ. 96 වසරේ ලෝක ශුරයන්වු බැවින් අප සිතුවේ 99 දිත් ලෝක කුසලානයත් රැගෙන එන්නට අප කන්ඩායමට පුලුවන්වේ යැයිද එය අප සියල්ලන්ගේම පැතුම විද තිබුනි.
මා මෙම නෞකාවට ආ අලුත බෝහෝ අමාරුවෙන් බැරි බැරි ගාතේ ක‍්‍රියාකල මෙස් කාමරයේ තිබු කලු සුදු රුපවාහිනිය එකැස් පාලගේ ටුත් පික් අතවරයන්ගෙන් පසුව ඉක්මනින් කාලක‍්‍රියා කලේය. වර්ණ රුපවාහිනියක් තිබුනේ නිලධාරින්ගේ සැලන් කාමරයේ පමණි. කැබින් කාමර නොමැතිව රාත‍්‍රියට තැන තැන වැටි නිදන්නට සිදුවුන සමහරුන් මේ වායුසමිකරනය කල සැලුන් කාමරයේ නිදන්නටවිම නිලධාරි උණෙන් පෙලුනු සිංහල ලාංකිකයන්ට දිරිවාගත නොහැකිවුනි. ඔවුන් නොබෝ දිනකින්ම නිලධාරින් නොවන අයට සැලුන් කාමරයට ඇතුලුවිම තහනම් කලෝය. 99 ලෝක කුසලාන තරගාවලිය නරඹන්නට රුපවාහිනියක් නැතිවිම බොහෝ දෙනාගේ සිත තැවුල් මතුකරවන්නක් විය. වඩාත්ම දුක්වුයේ කි‍්‍රකට් පිස්සෙකුවු කඩ්ඩාය. තවත් දිනෙක රාත‍්‍රි ආහාරය අතරතුරේදි ලග එන වල්ඩ් කප් එක ගැන සංවාදයක් පටන් ගැනුනි. ”චික් විතරක් මේ අටමගුලත් වේලාවටම කැඩුනා.” ”පොඩ්ඩක් හිටහල්ලා බලන්න.” කි‍්‍රයානොකරන රුපවාහිනය අසලට ගිය එකැස් පාල කැඩුනු ස්විචයක් අස්සට ටුත්පික් එකක් රිංගවන ගමන් කිවේය. ”ඔක හරියන්නේ නෑ. බං උඹලා ඔ්නාවට වඩා ඔකට වද දුන්නා එකයි ටිවි එකට කෙලවුනේ.” රංජි අයියා එකැස් පාලගේ රුපවාහිනියේ ඔපරේෂන් එක දිහා බලාගෙන කිවේය. ”මචං සැලුන් එකේ ටිවි එකෙන් අපිට මැච් එක බලන්න පුලුවන් වෙයි.” බක සිල්වාට අපුරු අදහසක් පහලවිය. ”පිස්සුද බං ඔකේ නිදා ගන්න එකටත් බකට් එකක් දැම්මා නේද?” තවත් එබියෙකු අතුරු ප‍්‍රශ්නයක් නැගීය. ”ඒ නිදාගන්නනේ. අපි අහන්නේ මැච් එක බලන්න විතරයි නේ.” ”උන් කැමති වෙයිද උන් එක්ක වාඩිවෙලා මැච් බලනවාට?” ”කැප්ටන් ගෙන් හරි චීෆ් ගෙන් හරි අහලා බලමු.”
තරගාවලිය රුපවාහිනියෙන් නැරඹිමට නිලධාරින්ගේ සැලුනයට යාමටවු කතාබසට මුලිකවු බක සිල්වා කපිතාන් හමුවට යෑමට තවත් කිහිප දෙනෙක් එකතුකරගත්තේය. ඔවුන්ගේ මේ සියල්ල මෙස් රූමයේ ලෑලී බංකුවේ වාඩිගෙන කිසිත් මුවින් නොදොඩා නරමින් සිටි එකෙකුවුයේ මා පමණි. විරයෙකු සේ කපිතාන් හමුවට යන්නට අනෙකුන් උසිගැන්වු බක සිල්වා කපිතාන්ගේ කැබිනය ඉදිරියට යද්දි පසුබැස ගොස් තිබුනි. කපිතාන් සමගින් වු කතාබහෙන් පසුව ගියවුන් ආපසු ආවේ නගුට අකුලාගත් නරිබල්ලන් සේය. නිලධාරින්ගේ සැලුනයේ ඔවුන් හා එකට හිදගෙන රුපවාහිනිය නැරඹිමට අවසර දෙන්නට නොහැකියි කපිතාන් පවසද්දි ඔවුන් ඉල්ලා ඇත්තේ පුටුවල නොහිද බිම වාඩිගෙන හෝ රුපවාහිනිය නරඹන්නට අවසර දෙන ලෙසින්ය. සියල්ලන්ටම බිම වාඩිගෙන රුපවාහිනිය නරඹන්නට සැලුනයේ ඇතුලත ඉඩකඩ මදි බැවින් සැලුනයේ පිටත සිට පොට්හොලයෙන් එය නරඹන ලෙසින් ඔහු උපදෙස් දී ඇත. එයත් එක කොන්දේසියක් මතය. ඒ පෝට් හෝලයෙන් (Porthole) නරඹන්නට අවසර ලැබෙන්නේ සියලුම කි‍්‍රකට් තරග නොව ලංකාව තරග කරන තරග පමණක් බව ගිය රංජි අයියා එකැස් පාල ඇතුලු එබිවරුන් කන්ඩායමට ඔහු පවසා ඇත. මේ කතාව කන වැකෙද්දි මාහට ඇතිවුයේ එකම නෞකාවක එකම ආහාරය අනුභව කරමින් එක පවුලක් සේ සිටිය යුතු අපගේ ජාතියේ සිංහලයින්ම එකිනෙකාට කරගන්නා වෙනස්කම් ගැන විශාල කෝපයක් හා පිලිකුලකි. ”බලහන්කෝ කප්පියාගේ කතාව තොපිලා එකෙක්වත් යන්න එපා ජැනෙල් අස්සෙන් ටිවි බලන්න ” රංජි අයියා කෝපයෙන් කීවේය. තව කිහිපදෙනෙකුද ඒ කතාව අනුමත කලහ. ”යකෝ අපි ඉල්ලන්නේ වැඩ වේලාවට මැච් බලන්න නෙවිනේ. උන්ට මොකද අපි අපේ නිවාඩු වේලාවේ මැච් බැලුවාට.” එකැස් පාල දුම්වැටියක් උරමින් කිවේය. ”වැඩියෙන්ම කැමති නැත්තේ චිෆා තමයි. ඔකා හැමතිස්සේම ඔ්ක අස්සේ වැදිලා ඉන්නේ.” බක සිල්වා කතාව මැදට පැන චිෆ් ඔෆිස්ර් ගැන සදහන් කලේය. නුවර ප‍්‍රදේශයේ රදල පවුල් පෙලපත් නාමයකින් යුතු චිෆ් ඔෆිසර් අධික මාන්නයෙන් යුක්තවු වියපත් කෙසග පුද්ගලයෙකු විය. ”ඇතුලට එන්න කිව්වත් මං යන්නේ නෑ ඔ්කුන්ගේ කකුල් දෙක අස්සේ ඉදන් මැච් බලන්න.” මා මාගේ ස්ථාවරය කඩ්ඩාට කියා පෑවෙමි. එකිනෙකා කපිතාන් හමුවට ගොස් සිදුවු කතාබහ ගැන කනස්සල්ල පලකරමින් මෙස් කාමරයෙන් වෙන්වගියේ සිත් තුල ඇතිවු කපිතාන් ඇතුලු නිලධාරි පංතිය පිලිබදව ඇතිවු කෝපයත් සමගින්ය.
ලෝක කුසළාන කි‍්‍රකට් තරගාවලිය ඇරඹින. නිළදාරින්ට බොහෝ හිතවත්ව කටයුතු කල බෝසන් හා පබ්බතයා ඇතුලු කිහිප දෙනෙකුට සැලුන් කාමරයේ බිම වාඩිගෙන තරගය නරඹන්නට අවස්ථාව ලැබින. අනෙකුන් සැලුන් කාමරයේ පිටත සිට පෝට් හෝලයෙන් රුපවාහිනිය නරඹන්නට ලෑලී බංකුවක් තබාගෙන තිබුනි. කීයටවත් පෝට් හෝලයෙන් බලන්නේ නෑ කියු උන් එකා දෙන්නා ලෑලී බංකුවේ හිද ගනිද්දි එකෙකුටවත් ජනෙල් අස්සෙන් බලන්නට එපායැයි කියා පෑ රංජි අයියාද ලෑලී බංකුවේ එක් කෙලවරක හිද කොකෙකු සේ බෙල්ල දිගුකරගෙන ලංකාව තරගකල පලමු තරගය නරඹන අයුරු මා නෙතට හසුවිය. කුලීනයන්ගේ අගුපිලක වැටි ඉන්න කුලහින හිගන්නන් සේ බංකුවක වාඩිගෙන ජනේලයකින් රුපවාහිනිය බලන්නට නොගිය එකම එකා මා වන්නට ඇත. දින කිහිපයකින් පසුව සැලුනයේ ඇතුලේ බිම හිද බලන්නට වරම් ලැබු උන්ද පිටත බංකුවේ සිටිනු දකින්නට ලැබින. වෙල්ඩර් හෙල්පර් කමින් අයින් කලාට පසුව කඩ්ඩාත් සමගින් රාත‍්‍රි අටේ සිට දොළහා දක්වා වන කාලය තෙක් වොච් ඩියුටිය කරන්නට පුරුදු වෙන්නට සිදුවුනි. මුල් දින කිහිපය මධ්‍යම රාත‍්‍රිය තෙක් මා සමගින් රැුදුන කරන්නට අවශ්‍ය දෑ කියාදුනි. ජයතිස්ස අයියා වෙනුවට නැවට අනුයුක්ත කල ඔයිලර් පැසුනු හිසකේ ඇති වයසක පුද්ගලයෙකු විය. කඩ්ඩා හා මා ඔහුට අංකල් කියා ආමන්ත‍්‍රනය කරන්නට විමු. දොහල හතර වොචි ඩියුටිය කරන්නට සිදුවුයේ මේ අංකල්ටය. රාති‍්‍ර දොලහට පැය කාලක් පමණ පෙර එංජින් කාමරයෙන් පිටත ඇවිත් අංකල්ගේ දොරට දොරට තඩි බාන්නේ ඊලග ඩියුටිය කරන්නට අවදිකරවිමටය. බොහෝ අවස්ථාවලදි දොළහා පසුවුනත් ඩියුටිය බාරගන්නට අංකල් නොඑන්නේ ආපසු ඇදට වැටි ගොරවා ගොරවා නිදන හෙයින්ය.
මෙම නෞකාවේ එන්ජින් කාමරයට ඇතුල්විම සදහා ජල මුද්‍රිත දොරවල් (Water Tight Door) දෙකක් තිබුනි. ඉන් එකක් ප‍්‍රධාන නැව් තට්ටුවට යටින් අපගේ කැබින් කාමර තිබු තට්ටුවේ තිබු අතර අනෙක ප‍්‍රධාන තට්ටුවට ඉහලින් තිබු පුප් ඩෙක් හි නිලධාරින්ගේ කැබින් කාමර අසලින් විය. මේ සිදුවිම සිදුවන දිනයේ අප සිටියේ ති‍්‍රකුණාමලයේ වරායේ පි‍්‍රමා පාන්පිටි ජැටියේ හෝ නංගුරම්ලාගෙනය. එබැවින් නැව කිසිදු පැද්දිමකට ලක්නොවි තිබුනි. එන්ජින් කාමරයෙන් පිටතට එන ජල මුද්‍රිත දොරට අඩි කිහිපයක් නොදුරින් අංකල්ගේ කැබින් කාමරය පිහිටා තිබුනි. ”එහෙනම් වොච් එකේ මිටර් රිඩින් ටික ලොග් බුක් එකේ ලියලා අන්කලයාට දොලහට කාලක් තියලා කතාකරපං. ” කී කඩ්ඩා මධ්‍යම රාත‍්‍රියට පැය භාගයක් කලියෙන් පිටත්ව ගියේ එන්ජින් කාමරයේ මා තනිකර දමාය. ජෙනරේටර් වල මිටර් රිඩින් සියල්ල පරික්ෂාකර ලොග් පොතේ ලියා අවසන්කලේ දෑස් වසා දමනා නිදිමත මැදය. තෙල් ටැංකිවල ප‍්‍රමානයන් ද පරික්ෂා කිරිමෙන් පසුව අන්තිමට කලයුතු ධාවනය වන ජෙනරේටර් වලින් වෑස්සෙන තෙල් පිසදමා අවට පිරිසිදු කිරිමද නිමකෙරුවෙමි. දෑත් සෝදාගත්තාට පසුව ඊළග රාජකාරිය වුයේ ඩියුටිය බාරගන්නා අංකල්ව අවදිකිරිමයි.
යට තට්ටුවේ සිට ඉහල තට්ටුවට ගොඩවි එන්ජින් කාමරයෙන් පිටත ඇලිවේයට ඇතුලුවුයේ වෝටර් ටයිට් දොර විවරකරගෙනය. ජල මුද්‍රිත දොර විවර කරද්දි එන්ජින් කාමරයේ ජෙනරේටර් ධාවනය වන ඝෝසාවෙන් මුලු ඇලිවේයම පිරියයි. දොර වසා අගුල තදකර අංකල්ගේ කැබින් කාමරයේ දොරට තට්ටු කර ඔහුව අවදිකරන්නට ඇමතන්නට විමි. එකවරම එන්ජින් කාමරයට ඇතුලුවන ජල මුද්‍රිත දොරහි අගුල විවර වන හඩත් දොර විවර වද්දි ඉන් පිටවන ජෙනරේටර් වල ගොරහැඩි ශබ්දයත් මාගේ කන වැකින. කවුද මේ වේලාවේ දොර අරින්නේ කියා වික්ශිප්තවු මා නෙත් දොර දෙසට යොමුවිය. දොර විවරවුනි. ජෙනරේටරයේ ශබ්දයෙන් ඇලිවේ පිරිගියේය. තප්පර කිහිපයකින් යලිත් විවරවු දොර වැසි අගුල තදවුනි. මා විසින්ම අගුලු දැමු දොර කවුරුහෝ පුද්ගලයෙකු විවර කරනවා නොදුටුවත් යලි වැසි අගුලුලනවා නෙතට හසුවිය. එහෙත් ඇතුලට ගිය අයෙකු හෝ පිටතට ආ අයෙකු මා දුටුවේ නැත. එන්ජින් කාමරයේ වොච් ඩියුටිය කරන්නට පටන් ගත් අලුත වු බැවින් මාගේ වැඩ බලන්නට කවුරු හෝ ඉන්ජිනේරුවරයෙකු ඉහල පුප් ඩෙක් හි දොරින් ඇතුලුවි මා හොයන්නට ඇතිබව සිතුවෙමි. අංකල් අවදිකරන වැඩේ අතරමග දමා ඉක්මනින් එන්ජින් කාමරයට ඇතුලුවි එන්ජින් කාමරයට ආ තැනැත්තා කොහේදැයි සොයන්නට ගතිමි. එන්ජින් කාමරයේ කිසිවෙකුත් නැත. යට තට්ටුවටත් ඉන් පසුව ඉහල තට්ටුවටත් ගොස් පුප් ඩෙක්හි දොර විවරකරගෙන ගොස් එහි කවුරුන් හෝ සිටි දැයි සොයා බැලුවෙමි. එන්ජින් කාමරයට ඇතුලුවු හෝ පිටවු කවුරුවත් නැත. කවුරුන් හෝ මා සොයා යළි යන්නට ඇති බව මාසිතට ඇතුල්වුනා මිසක් වෙන බියක් දැනුනේ නැත. දොලහ පැන්නත් ඩියුටිය බාර ගන්නට අංකල් පැමිනියේ නැත. යළිත් නින්දේ සිටි ඔහුව අවදි කර වොච් ඩියුටිය හෑන්ඩ් ඔවර් කර කැබිනයට යද්දි කඩ්ඩා සිටියේ සුව නින්දකය. පසුදා සියල්ලන්ගෙන්ම විමසුවත් ඒ වේලාවේ ඔවුන් කිසිවෙකුත් එන්ජින් කාමරයට ඇතුලු නොවු බව පැවසූහ. ජල මුද්‍රිත දොරට අඩි කිහිපයක් නොදුරින් සිටි මාහට නොපෙනි කිසිවෙකුටත් එන්ජින් කාමරයට ඇතුලු වන්නට නොපුලුවන. පුප් ඩෙක් හි දොර නිතරම විවර නොකරන අතර විශේෂයෙන් රාත‍්‍රි කාලයට එය විවර නොකරන්නේ ජෙනරේටර් වල ශබ්දය ඇලිවේ පුරා පැතිර ගොස් නිදා සිටිනා නිලධාරින්ට බාදාවන බැවින්ය. මුහුදේ ධාවනය වන නැවකදි දල රළපෙලින් වන පැද්දිමකදි භාගෙට වැසුන අගුල ඇරි දොර වැසෙන්නට පුලුවන. එහෙත් ති‍්‍රකුණාමලය වරායේ නවතා ඇති නෞකාව කිසිදු පැද්දිමකට ලක් නොවි තිබුනි. එසේනම් කවුදෝ තරමක් තදින් වැරදමා විවර කලයුතු යකඩ දොර විවර කර වසා දැමුවේ ? මෙය අදටත් මා හිතට නැගෙන ප‍්‍රශ්නයකි.......???.......? සයුරේ ආ මඟ ඔටෝ ලොන්ඩරි හා කොට්ටය අස්සෙන් ගත් බිත්තරය.- සයුරේ දසවසක් - 12 |
සුපිරි
ReplyDelete