Monday, July 11, 2022

අන්දුබයියාගේ මුදාහැරීම



             ඔන්න කාලේකට පස්සේ අන්දුබයියාගේ කතන්දරයක් අරන් කොළොම්පුරයා ආයෙත් කොළොම්පුරේට ගොඩබැස්සා. නැන්දාම්මාගේ දේපල ලියාගන්න මාරම ට්‍රයි එකක් දුන්න අපේ සිරිකුමාර මහත්තයා දන්නවා නේද? දන්නේ නැත්නම් මෙන්න මෙතනට කොටලා කාලේකට ඉස්සරින් ලිව්ව අභිරහස කතන්දරේ කියවා එන්නකෝ. හරි දැන් නොදන්න උදවිය කියවාලා එනකම් දන්න උදවියටයි මේ කතන්දරේ කියන්න යන්නේ.
අපේ සිරිකුමාර මහත්තයා නැන්දම්මාගේ සීන් එක ලීක්වුනාට පස්සේ ගෙදරටත් මේක පදිරිවුනා. දන්නවානේ අපේ මෑන් මොළකාරයානේ. මිනිස්සු තමන්ට කෙලවුනාම එල්ලෙන්නේ ධර්මයේ. අපේ මිනිහා ගෙදරටත් අනික් උන්ටත් හොඳ මිනිහා වෙන්න ධර්මය පැත්තට බැස්සා. ආන් දැන් උපාසක සිරිකුමාර වෙලා. මස් මාලු අනුභවයෙන් වැලකිලා  ඔපිසියේ මේසේ ලඟ බුදු පිලිමයක් තියලා පන්සිල් පද ඇතුලු පොස්ටරයක් එහෙමත් බිත්තියේ ගැහැව්වා. මේක කියවන ඔහේලා පල්ලා මේ සිරිකුමාරයා අපිත් එක්ක විසේසයෙන් අන්දුබයියා එක්කත් සෙට්වෙලා කරන අමෘතපානයත් අතැහැරියා. හැබැයි දවසක් මම දැක්කා දවසක සිරිකුමාර මහත්තයා මස්කඩේක ඉන්නවා.

"ඈ බං උඔ මස් මාලු කන්නේ නෑතිව වෙජිටේර්යන් වෙලා නේද ඉන්නේ?"
"ඔව්"
"එතකොට උඔ මොකටද අර හරක් මස්කඩේ උන්නෙ?"
"මම වෙජිටේරියන් උනාට ගෙදර උන් වෙජිටේරියන් වෙලා නෑ බං."
"ඉතිං උබේ ධර්මය කියලා දීලා ගෙදර අයත් වෙජිටේරියන් කරවන්න පුලුවන්නේ."
"පිස්සුද බං ඕවා මෙහෙට කිව්වාට ගෙදරට හරියන්නේ නෑ. උඹ හදන්නේ මට ඉන්න ගෙදරත් නැති කරන්නද? " 
ඇහැව්වාම මෙන්න මිනිහා දුන්න උත්තරේ.

               තව දවසක අපේ අන්දුබයියාට සිරිකුමාර මහත්තයා ධර්මය ගැන හොඳ දේශණාවක් දෙසනවා. අන්දුබයියාත් එකත්පසව දේශණාවට ඇහුන්කන් දෙනවා. මමත් කන්දීලා බැලුවාම මෙයා කියන්නේ මස් කෑමේ විපාකයි. වෙජිටේරියන් වෙලා සතෙකුගේ ජිවිතයක් මරණින් බේරා ගැනීම ගැනයි. සිරිකුමාර මහත්තයා දුන්නා දේසනාවක් මස්වලට මළ පෙරේත අන්දුබයියාත් එදා කොම්පැනියේ බුෆේ එකේ තිබුනු කුකුල් මස් ව්‍යාංජනයත් කන්නේ නැතිව අතහැරියා. ඒවුනාට පස්සේ දවසක කෑවා. මේ ධර්ම් දේශණාව ඇහුවාට පස්සේ අන්දුබයියාටත් හිතුනා සතෙකුට අභයදානයක් දෙන්න. හැබැයි තනියම මේ අභයදාන සීන් එකට තනියම බරපැන යෙදන්න මිනිහා කැමති නෑ. දන්නවානේ පොර මහ මසුරා කියලා. කරන පවක් තනියම නොකර කට්ටිය සෙට්කරගෙන කරන උන්දෑ මේ පිනටත් කට්ටිය සෙට්කරගන්නට හිතුවා. කොහෙන්දෝ ප්ලාස්ටික් කැටයක් අරන් ඇවිත් එයාගේ මේසේ ඉස්සරායින් තිබ්බේ ගවයෙක් මරණින් මුදවාගෙන අභයදානය දෙන පිංකැටය කියලා බොඩ් කෑල්ලකුත් එහෙම ගහලයි. මුලින්ම කැටේට රුපියල් සීයයක් එහෙම දාලා අපි ලඟටත් එහෙම කැටේ එව්වේ සම්මාදමක් දමන්නයි. අපිත් පුලු පුලුවන් හැටියට සම්මාදම් කළා. පිං තකා කරණ වැඩක් නොවැ. අන්දුබයියාව හමුවෙන්න එන නානාප්‍රකාර ව්‍යාපාරික මහත්තුරුගෙන් ඒ කැටයට සම්මාදම් ලැබෙන්න උනා. හැබැයි එයා ලඟට එන්නේ එකම කන්ඩායමක් හින්දා මුලින් මුලින් සල්ලි කැටේට වැටුනත් පස්සේ පහුවෙන්න කැටයේ මට්ටම උඩට ගියේ නෑ. හැමදාමත් කාටද පුලුවන් පිනට දෙන්න.

            දවසක් බලනකොට මෙන්න බොලේ කැටේ තිබුන තැන කැටේ නෑ. බොඩ් කෑල්ල විතරක් ඉතිරි වෙලා තිබුනා. ආයෙමත් අර සීල් පෑඩ් එකට උනුදේම අන්දුබයියාලේ කැටේටත් වෙලාද කියලා හැමොම කසුකුසු ගාන්න පටන්ගත්තා නෙව. සුමානයක් ගතවෙලා ගියා කැටේට වෙච්චි දෙයක් නෑ.

"මචං අන්දු කැටේට ලොකු ගානක් එකතුවෙලා තියෙන්න ඇති නේද?
ඔව් බං.'
"ඒහෙනම් ෂුවර් එකටම ඒකට ශොට් එක කවුරුහරි දෙන්න ඇති. උඔ යනකොට කැටේ ලාච්චුවට දමලා යන්නයි තිබුනේ."
"කවුද බං හිතන්නේ පිනක් දහමක් කරගන්න වැඩකටත් මෙහෙම කරයි කියලා."
"මට හිතෙන්නේ අන්දුබයියාම මේ කැටේ උස්සලා අභයදාන සීන් එක නතරකරලා දාන්නයි හදන්නේ."
"අනේ පලයන් යන්න ..@*&%^$#........"
අපේ කාකාස මහතාත් ගෙදර ගිහිල්ලා උන්නු නිසා මේ කැටේ නැති වෙච්චි එක ගැන විස්තරයක් හොයාගන්නත් නෑ. මිනිහත් හොඳ ඕපාදුපයා හින්දා නොදන්න දෙයක් නෑ. සුමානයක් විතර හොඳ නිවාඩුවක් අරගත්තු කාකාස මහත්තයත් ආපහු ඔපිස් එකට ආවා. එයාගේ බෑග් මල්ලේ තිබිලා අර අභයදාන පිංකැටේ එළියට ආවා.
"මෙන්න බොලේ නැතිවෙච්චි පිං කැටේ. මූ තමයි අරන් ගිහිල්ලා තියෙන්නේ."
"මම අරගත්තු එකක් නෑ. මේක තිබුනේ මගේ බෑග් එකේ. මම ගිහිල්ලා බෑග් එක අදිනකොට මෙන්න මේකත් තිබුනා. " 
මෙච්චර දවසක් ගොලුවා කසාය බීලාවාගේ උන්නු අන්ඩපාල ගොඩපෙරකදොරු අමරසිරියා අත කටින් වහගෙන හිනාවෙන්න ගත්තා. බැලින්නම් අමරසිරියා ගෙදරයන්න ආපු කාකාස ගේ බෑග් එකට අන්දුබයියාගේ අභයදාන පිං කැටේ ඔබලා. සතියකට පස්සේ ආපහු පිං කැටේ අපේ ඔපිස් එකට ආවේ දියතලාවේ රවුමක් ගහලයි. පිංකැටේ නැතිවුනාට එක එක කතා අපෙන් අහලා මලඅතේ තියන් හිටපු අන්දුබයියාගෙන් හොදහැටි ලුනු ඇඹුල් කරපිංචා ගොරකා එක්ක සියඹලා අනන හැටි අමරසිරියා අහගත්තා.  

              ඕං පිංකැටේ තියලා අවුරුද්දක් විතර පහුවෙලාත් ගියා. හැබැයි කැටේ තාම පිරුනේ නෑ. අන්දුබයියාගේ මේසේ ලඟට යන අපේ කටේම තිබුනේ කැටේ ගැනයි. දැන් කැටේ සල්ලි වලින් අභයදානය දෙන්න පුලුවන් නේද කියලා.

"මචං උඔ මරනින් ගලවා ගන්න ඉන්න එකා තාම ඉපදිලා නැද්ද?"
"උඔ මරනින් බේරාගන්න කොට ඌ මැරිලා තව සැරයක් හරකෙක් වෙලා ඉපදිලා තියෙයි."
"දැන්  කවදාද උබේ ඔය අභයදාන සීන් එක තියන්නේ? උඔ පැන්සොන් යන දාටද?"
"මට පේන්නේ අන්දුබයියා මේ කැටේ සල්ලි උස්සනවා. නැත්නම් මේක මෙලකටත් පිරිලා."
"ආ මූ පැන්සෙන් යන්න හදන්නේ කිරි හරකෙක් මරනින් මුදෝනවා කියලා.  නිකම්ම කිරිඑලදෙනෙක් මුටත් ලැබිලා එකෙන් කිරි විකුණලා ගානක් හොයාගන්නත් පුලුවන්නේ."

           අපේ කියවිල්ල අහලාම අන්දුබයියාට කැටේ මේසේ උඩ තියන් ඉන්න බැරිවුනා. ටික දවසකට පස්සේ කැටේ එතනින් අයින්වුනේ බොඩ් කෑල්ලත් එක්කමයි.

"මචං අන්දුබයියේ කෝ බං පිංකැටේ?"
අන්දුබයියා හොඳ මුඩ් එකක ඉන්න අවස්ථාවක් අල්ලලා මං උන්දෑ ලඟට ගිහිල්ලා ඇහැව්වා.
"ඒක මං අයින් කළා."
"ඇයි?"
"උඹලාගේ වදේ හින්දා"
"එතකොට කෝ එකතුවෙච්චි සල්ලී?"
"මම එකෙන් සතෙක් මරණෙන් මුදාහැරියා."
අපේ අන්දුබයියාගේ තරම හොදැහැටි දන්නා මමත් විස්මයෙන් ඇලිලා ගියා. මේකා මෙහෙම වැඩක් කරයිද කියලත් විස්වාස කරගන්නත් අමාරුයි.
"කැටේ පිරිලා තිබුනේ නෑ නේද? හරකෙක් බේරාගන්න තරම් සල්ලියක් එකතුවෙලා තිබුනාද?"
"මේ ලෝබ උකන්නෝ සල්ලි දැම්මේ නෑ බං. එකේ එච්චර සල්ලියක් එකතුවෙලා තිබුනේ නෑ."
"එතකොට උඔ ඉතිරි ගාන දාලා හරකෙක් මුදාගත්තා?"
"ඒ සල්ලියෙන් කොහේ හරක් ගන්නද?"
"එහෙනම්?"
"එකතුවෙච්චි සල්ලිවලින් ගන්න පුලුවන් කුකුලෙක් විතරයි. ඉතිං මම එළුවිල හංදියේ නානාගේ කුකුල් මස් කඩේ මරන්න හිටපු කුකුලෙක් බේරා ගත්තා."
"ඈ බං කෝ දැන් ඒ කුකුලා කොහේටද අතහැරියේ?"
"උන්ව පාරද දාන්න බෑනේ. මං අපේ මස්සිනාගේ වත්තට ඌව අතහැරියා."
එහෙනම් ඌ එහේ හොදට කරදරයක් නැතිව ඉන්නවා ඇතිනේ?
"මොන පිස්සුද මස්සිනාගේ වත්ත පහුරුගානවා කියලා උන්ගෙන් හරියට කම්ප්ලෙන්. නෑනාගේ මල් පාත්තියත් ඉවරයිලු."
"ආපහු ඌව උඹලාගේ ගෙදර ගෙනාවද?"
"නෑ බං ඌව මුදවාලා දැම්මා."
"මොකක් මුදවලා දැම්මා? ඇයි පහුරුගාන හින්දා ගෙටගහලාද තිබුනේ?"
"නෑ බං අපේ මස්සිනාගේ මස්සිනා කටාර් ඉදලා ආපු හින්දා ගෙදර පාටියක් සෙට්වුනා. උන්ට බයිට් මදිවෙලා ඒ කුකුලාව ජිවිතයෙන් මුදාහැරලා. මම ඒ කරදරෙන් මිදුනා. " 

28 comments:

  1. පිං පිං අන්දු බයියට පිං ආවාට
    ඇවිදින් පාන්දර හිනහව බෙදුවාට
    වැඩි-වැඩියෙන් ලැබේවා ඉඩ අසංගට
    අන්දු බයියගේ වගතුග ලියන්නට!

    ReplyDelete
    Replies
    1. වැඩ සිරවී මොළ ටැපලී ඇතුවාට
      ඩේටා නැතිව විදුලිය මග සිටියාට
      ඇදිරි නීතිය දවසක් නිවාඩු දුන්නාට
      නිදිටත් පිං ලිව්වාට පිං දුන්නාට

      Delete
    2. හොඳින් හෝ නරකින් ස්ථාවරභාවය ඇතිකරන්නට, ආර්ථිකය ට්‍රැක් එකට දාන්නට සහ දේශපාලනය කරන්නට රටක් ඉතිරි කරන්නට හැක්කේ වෙන්ඩ ජනාධිපතිලා අතරින් රනිල්ට පමණි.

      රනිල් හොඳ නැති බව නොදන්නා කිසිවෙකු නැත. එසේම රනිල් විශ්මකර්මයකු ද නොවේ. ආර්ථිකය ගොඩදාන්නට රනිල්ට බැරිය. පුළුවන් ගොඩයන මාර්ගයට දාගන්නට පමණි. ජාත්‍යන්තර හා ජාතික බල දේශපාලන සූදු මැද මියෙම්වා, රැක්ම්වා පන්නයේ ගේමක් ගහන්නට ඉන්න වෙන්ඩ ජනාධිපති රනිල්ය. අනෙක් එවුන්ට පවුල් පන්සල්ය. අහස උසට හීනය. මහජනයාට ගූ බයය. රනිල්ට ඒවා නැත. දැන් නම් ඉන්න ගෙයකුත් නැත.

      මේ වෙලාවේ පාලනය සඳහා පතෝලයන්ගෙන්, බල පෙරේතයන්ගෙන්, ෆැන්ටසිකාරයන්ගෙන් හෝ ආධුනිකයන්ගෙන් වැඩක් නැත. අවශ්‍ය වන්නේ නොම්මර එකේ කැරියෙකි. රනිල් අවශ්‍ය යයි අප කියන්නේ ඒ නිසාය.

      Delete
  2. මේ හිතට නිවනක් නැති කාලෙ, මෙහෙම කතාවක් කියවල හරි පොඩ්ඩක් හිත හදාගන්න ඉඩ දුන්නාට පිං.🙏👌😊

    ReplyDelete
  3. අරක්කු භාගයක් බී කුකුළු මස්සෙක්ක බත් කා සිකරට් එකක් බී ඉමු.

    ReplyDelete
    Replies
    1. කුකුල් මස් හොදා මාලුත් පට්ට ගනන් කාලේ..

      Delete
  4. //"ආ මූ පැන්සෙන් යන්න හදන්නේ කිරි හරකෙක් මරනින් මුදෝනවා කියලා. නිකම්ම කිරිඑලදෙනෙක් මුටත් ලැබිලා එකෙන් කිරි විකුණලා ගානක් හොයාගන්නත් පුලුවන්නේ."//

    කිරි මුදෝන්නත් පුලුවන්

    ReplyDelete
    Replies
    1. අන්දුබයියාගේ මොළේ තමයි මොළේ...මේකා කිරි මුදවන්නයි ඉදලා තියෙන්නේ.. හාංකවිසියක්වත් අපිට මේක නොතේරුනු හැටි..

      Delete
  5. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  6. ඔන්න අපේ උන්ගේ හැටි... මේවට හිනා වෙනවද අඬන්නද. වරිගෙ වැරද්දද බොලව් වරිගෙ වැරැද්ද

    ReplyDelete
    Replies
    1. අඩ අඩා හිනාවෙමු.. වෙන මක්කොරන්නද?

      Delete
    2. පොස්ටුවේ font size එක තා ටිකක් ලොකුවට දාහංකෝ කොළපූර්

      Delete
    3. මේ Medium සයිස් එකෙන් තියෙන්නේ. තව වැඩි කරන්නම්.

      Delete
  7. ඇවිල්ලා ඇවිල්ල කොලොම් පුරේ ඇවිල්ලා , ඔන්න ඔහොම ඉන්න එකේ ගෝඨාභය මහත්තයට පින් පිණිස ගවයෙක් මුදා හරිමුද

    ReplyDelete
    Replies

    1. ඒ පිං ගොනා 13 වෙනිදා ජනාධිපතිකම මුදාහරිනවාලු.. අනෙක් මී ගවයා ගවරැලේ නායකකම ගන්න බලාගෙන ඉන්නවා. ඉතිං මොකටද කකුල් හතරේ ගවයෙක් කකුල් දෙකේ මීහරක් රැලක් අතරට මුදාහරින්නේ?

      Delete
    2. පේශ් බුක් එකේ පොස්ටුවක් දාල තිවන "මෙතුවක් කල් අපි හරක් නිදාස් කොරලා තිව්නට... හරකෙග්ගෙන් නිදාහස් වෙන පලවෙනි පාර මේ කියලා" 😂😂

      Delete
    3. තව 225ක් ඉන්නවා දියවන්නා මඩවගුරේ තියෙන මී ගවගාලේ. ඉක්මනින් උන්ගෙන් නිදහස් වෙන්නත් ලැබේවා

      Delete
  8. කෝ වේසිගේ පුතෝ අපේ කොමෙන්ට්?

    ReplyDelete
    Replies
    1. තොගේ අම්මත් එක්ක බුදියාගන්න යන්න ඇති.

      Delete
  9. හම්මේ බං... මට මේදවස්වල මොකත් ලියන්ඩ බැරි තත්ත්වෙයක් තියෙන්නෙ. ඉතිං බොට පිං මේ වගේ සරලගී (නෑ වැරදුනා) සරල හිනාකතා ටිකක් දුන්නට කියවන්ඩ.

    ReplyDelete
    Replies
    1. බොට වාගේම තමයි.. රට වාගේම අපේ මොළත් ටැපලිලා..

      Delete
  10. ගෝඨාභය රාජපක්ෂ සමඟ දින 969 ක්

    ගෝඨාභය රාජපක්ෂ දින 969 ක් ජනාධිපතිවරයා විය. අද අළුයම, රාජ්‍ය නායකයෙකුට තබා, සතා සිව්පාවෙකුටවත් හිමි නොවිය යුතු අවමන් විද රටින් පැනගත්තේය.

    රටම සාගතයකට දමා, පුරවැසියන් පෝලිම්වල මැරී වැටෙන රටක් බිහිකර, රාජ්‍ය යාන්ත්‍රණයට මිනිසුන්ගේ තිබූ ගෞරවය, පිළිගැනීම පමණක් නොව ගොඩනැගිලි, බඩු භාණ්ඩ පවා විනාශවන තැනට රට ඇඳ දමා ඔහු යන්නට ගියේය.

    තමන්ට දේශපාලනික, පරිපාලන, සතුටු සමාගමේ ද, උදව් උපකාර කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 77 ක් ඇතුළු බොහෝ දෙනාට තමන් හරි හම්බකරගෙන ජීවත් වූ ගේ දොර, යාන වාහන පවා අහිමි කරමින් ඔහු පැන ගියේය.

    රාජ්‍ය පරිපාලනයට විශ්‍රාමික හමුදා නායකයින් රිංගවා සෞඛ්‍ය, විදේශ සම්බන්ධතා, කෘෂිකර්මය, අධ්‍යාපනය, ප්‍රවාහන ඇතුළු සෑම කේෂ්ත්‍රයක්ම විනාශ කර යන්නට ගියේය.
    තම හිතවතුන්ට බදු, ව්‍යාපාරික සහන දෙමින් රටම ගජමිතුරු ජාවාරමක් කර, අශුචි නැවෙන් පවා වංචාකර ඔහු පැන ගියේය.

    රටේ නමක් දිනූ ව්‍යාපාරියකයින්, වෘත්තිකයින් ගේ ගෞරවය, ආත්ම විශ්වාසය, අභිමානය විශකර කර ඔහු සැඟව ගියේය.
    දේශීය වෙදකම, සංස්කෘතිය, ආගමික නායකයින්ට, සිද්ධස්ථානයන්ට තිබූ බැඳීම, ගෞරවය විනාශ කර ඔහු වාෂ්ප වූවේය.

    පරිසරය, ගහ කොළ, සතා සිව්පාවට පවා වින කරමින් රටම වැලි - පස් ජාවාරකම් කර, ලංකා ඉතිහාසයේ දැවැන්තම වන සංහාරයකට පාර කපා වැලි පවුරක් වු මාලදිවයිනට පැන ගියේය.

    යන්නට පෙර ‘ද ටර්මිනල්‘ චිත්‍රපටයේ ගුවන් මගියා, එක් ගොඩනැගිල්ලකින් අනෙක් ගොඩනැගිල්ලට යන සේ, ගුවත් තොටුපලෙන් තොටුපලට යමින් සියළු අපහාස අවමානයන් වින්දේය.

    කරේ තබාගෙන සිටි ඇමරිකාවට තබා ඉන්දියාවටවත් වීසා ලබාගත නොහැකිව අසරණ වූවේය.

    තමන් බලයට ගෙන ආ විමල්, ගම්මන්පිල, ඩලස්, පමණක් නොව දිලිත් ජයවීර වැන්වුන්ගේ ද කෝපය ඔහු දැවී ගියේය.
    ගෝඨාභය රාජපක්ෂ යනු සකලවිධ ව්‍යාජයන් එකට අඹරා තැනූ පල්ප් පිළිමයක් නැත්තම් පඹයෙකි. ඔහු ගල් පිළිමයක් වූ මහින්ද රාජපක්ෂට රටේ තිබූ ගෞරවය පමණක් නොව, අවමඟුලට එන මිනිසුන් ටිකත් නැති කළේය.

    දැන්, රට බංකොලොත්ය. දරුවන්ට අධ්‍යාපනයක්, රෝගීන්ට බෙහෙත්, වාහනයට ඉන්ධන, උයන්නට ගෑස් ටිකක්වත් නැත.
    ඇට දෙකක් විසි කළ විට පැලවී ගෙඩි හැදෙන රටක්, මිනිස්සුන්ට තබා සතා සිව්පාවාටවත් කන්නට නැති රටක් බවට පත් කිරීම ලේසි පහසු නැත.

    මේ සියළු ව්‍යසනයන් සිදු කිරීමට ගෝඨාභය රාජපක්ෂ ට ඒ සඳහා අවශ්‍ය වූවේ දින 969 කි.

    ඊලඟ පාලකයාට සතියකට හෝ රට බාරදීමට පෙර සිය වරක් සිතිය යුතු වන්නේ ද ඒ නිසාමය.

    -රසික සූරියආරච්චි‍-

    ReplyDelete
    Replies

    1. එයාගේ පරපුර පැවතෙන්නේ හනුමාගෙනි..ගිනි තබාගෙන පිටවීයෑම අරුමයක් නොවේ..

      Delete
  11. රාජපක්ෂලා එළවන මගේ අරගලයට දැන් අවුරුදු 18ක්. ඒක පටන් ගත්තෙ 2004දි. ගෑස් විදුලිය බෙහෙත් ඉන්ධන නැති වීමෙන් පටන්ගත්ත මැද පාංතික අරගලයෙ මුල් පරිච්ඡේදයෙ මාත් සක්‍රීය සාමාජිකයෙක් වුනා. ඒ වෙනුවෙන් ලිව්වා. කතා කළා. මට අනන්‍ය විරෝධයන් පැවැත්තුවා. මේ අරගලයෙන් මං තීරණාත්මකව කැඩෙන්නෙ සජිත්ට පහර දී එලවා දාපු දවසෙ. ඒ පහරදීම ගැන කිසිම විදිහක සාධාරණ මැදිහත් විවේචනයක් අරගලකරුවන්ගෙන් සිද්ද වෙන්නෙ නෑ. ඒ ගැන ප්‍රශ්න කිරීම හින්ද මං ඒ වෙලාවෙ සජිත්වාදියෙක් වෙනවා. ඒ මොහොතෙදි මං තේරුම් ගත්තා අරගලය ප්‍රචන්ඩත්වයට සහයෝගය දක්වනවා කියන එක. ඒ වගේම රාජපක්ෂලාගේ පාක්ෂිකවාදයම අරගලය ඇතුලෙත් වැඩ කරනවා කියන එක.

    අරගලය මුල ඉඳලම මගේ ආස්ථානය වුනේ පාර්ලිමේන්තුව තුල සිදුවන ප්‍රජාතන්ත්‍රවාදී වෙනස්කමක් වෙනුවෙන් අරගලය මහජන මැදිහත්වීමක් කියන එකයි. අරගලයෙ හැටියට රටක් කරන්න ඕන කියන එක නෙමෙයි. වඩා ප්‍රජාතන්ත්‍රවාදී තත්වයක් නිර්මාණය කරනවා වෙනුවට ෆැසිස්ට්වාදයක් කැඳවන අරගලයකට මගේ කිසිම සහයෝගයක් තිබුනෙ නෑ. සර්ව පාක්ෂික නායකයන් එකට කැඳවමින් අරගලකරුවන් ඊට සම්බන්ධ කරන වේදිකාවක් නිර්මාණය කිරීමට දායක වීම හේතු‍වෙන් මං අරගලය පාවාදෙන්නෙක් වුනා.

    එදා මං කියද්දි අරගලය ජවිපෙ සහ පෙරට්ටන් විසින් අත්පත් කරගන්නවා කියල මහා පිරිසක් මට විරුද්ද වුනා. ඒත් දැන් අපිට දකින්න තියෙන්නෙ මොකක්ද? මේ කවුරුහරි ප්‍රාර්ථනා කළ අරගලය නම් මට කියන්න තියෙන්නෙ අබසරණයි කියල විතරයි.

    දැන් මේක නවත්තන්න එපා. තව පුළුවන් තරම් රාජ්‍ය ගොඩනැගිලි අත්පත් කරගන්න. අරගල එහෙම තමයි කියමින් ගිනි අවුලන්න. කුමාර ගුනරත්නම් කියන විදිහට අරගලයේ නීතිය රටේ නීතිය කරන්න. තව නොබෝ දිනකින් ජනතාව විසින් අරගලකරුවන්ට ගහලා පන්නන කල්ම අරගලය කරන්න.

    අරගලයට ජයවේවා!

    ReplyDelete

අදහස් මෙතන නිදහස් කරන්න