Wednesday, September 26, 2018

ලොක්කාගේ ජරාවැඩක් - සයුරේ දසවසක් - 5

පහන් කණුවලින් දැල්වෙන කහපැහැති විදුලි එළි ගණදුර පලවාහරින්නට දුබල උත්සාහයක් ගනිමින් සිටියි. දහවල තිබුන ජනාකීර්ණ බව තුරන් වෙමින්  තම කැදැල්ලට කූඩුවෙන්නට යුහුසුලුුව දුවනා  මිනිසුන් තවමත් පිටකොටුවේ විදිවල විය. එන්ජිමේ අමතර කොටස් කිහිපයක් බහාලු මගේ ඇඳුම් බෑගයක් රැගෙන අමාරුවෙන් බසයෙන් බැස ගත්තෙමි. මා සිතට නැගුනේ දැන් මා මේ බඩු ටික සමඟින් කුමක් කරන්නේදැයි. මේ වෙලාව වන විට අප නැව් සමාගම වසා ඇති බැවින් එහි යාමෙන් පලක් තිබේදැයි සිතන්නට වීමි. එකල ජංගම දුරකථන හැම අයෙකු සතුව නොතිබූ කාලවකවානුවක් විය. මේ වන විට විවෘතව ඇති කොළඹ කොටුවේ දුරකතන හලක් සොයාගෙන යන්නට විශාල බාදකය වුයේ මා අත බරැති බෑගයයි. දුරකතන හල් හොයන්නට නොගොස් මොරටුව බසයක නැගී ගත්තේ ගෙදර යන්නටය. නිවසට ගොඩවූ වහාම මා විසින් මිස්ටර් ..... මස් ගේ දුරකථන අංකයට ඇමතුමක් දුන් නමුත් ඔහු එයට පිලිතුරු දුන්නේ නැත. පනිවිඩය දීමට  ඊළග විකල්පය වු ඇසිස්ටන් ටෙක්නිකල් සුපරින්ටන්ඞ් වෙත දුරකථන ඇමතුමක් ගත්තෙමි. මා පැමිනි බසය කොළඹ පැමිනෙන විටත් බොහෝ රැු බෝවි ඇති බැවින් බසයක නැගි දැන් ගෙදරට ආ බවත් දැනුම් දුන්නෙමි.
”එහෙනම් පුතා හෙට උදේම බඩු ටිකත් අරගෙන කම්පැනියට එන්න.”
ඔහු පැවසීය.



      දින ගණනාවකට පසු ගෙදරින් ලැබූ රසවත් ආහාරය වූ අම්මාගේ කෑම වේලකින් සප්පායම් වී ආගිය තොරතුරු කතාකර සිට මා නින්දට වැටෙන විටත් මධ්‍යම රාත‍්‍රිය ආසන්න වීය. උදේ හතට පමණ කම්පැනියට යන්නට ලැහැස්ති වී ගමන් මල්ලත් රැගෙන ගල්කිස්ස හන්දියට ගියෙමි. බරති බෑගයත් සමගින් හිටගෙන මගින් ගෙන් තෙරපුන බස් වලට නැගීම අමතක කර දමා මට්ටක්කුලිය බලා දිවෙන ගල්කිස්සෙන් ගමන් ආරම්භ කරන බසයකට ගොඩවිමි. අංක 155 දරන මට්ටක්කුලිය බස් තම සුපුරුදු මග කෙටිල්ල නිසා කම්පැනියට ගොඩවන විටත් උදේ දහයට ආසන්න වී තිබුණි. පිළිගැනීමේ නිලධාරිනියකුට මා ආ කාරණාව කියූ පසු මිස්ටර් ......මස් සිටි කාමරයට යන්නැයි පැවසුවාය. වසා තිබූ කාමරයේ දොරට දෙවරක් තට්ටු කළ මා බෝල අගුල කරකවා කාමරයට ඇතුලූ වුනෙමි. කාමරයේ දොර අරිත්ම වායු සමනයේ සීතල සුළගත් සමගින් තද සිගරට් දුමක් ආඝ‍්‍රහනය විය. මිස්ටර් ....මස් සුව පහසු පුටුවකට වී සිටි ඔහු මා දෙස ගණනකට නොගෙන සිිගරට් දුම උරන්නට විය.

”මිස්ටර් ......මස්?”
”ඔව්”
”මම .........න නැවෙන් එව්වා මිස්ටර් .....මස්ට මේ ස්පෙයාර්ස් ටික භාරදෙන්න කියලා.”
”ආ ඉදගන්න.”
”තෑන්ක් යූ.”
”කෝ බඩු ටික ගෙනාවද?”
”ඔව් මේ තියෙනවා.”
”ඇයි පරක්කු වුණේ?”
”බස් එක එනකොට රැ වුනා. රැවෙලා මෙහෙට ඇවිල්ලා වැඩක් නැති නිසා මම එහෙමම ගෙදර ගියා. මම මිස්ටර් ........ත්නට කෝල් එකක් දීලා පණිවිඬේ කිව්වා. ”
”ගෙවල් කොහේද?”
”ගල්කිස්සේ”
”මොකක්ද රැන්ක් එක?”
”ටේ‍්‍රනිං ........”
........ මස් මහතා දුරකතනය ගෙන කාටදෝ ඇමතීය. තප්පර කිහිපයක් ඇතුලද කාමරය ඇතුලට පිවිසියේ උපැස්යුවලක් පැලදගත් අඩි හයක් පමන උසැති හීන්දෑරි පුද්ගලයෙකි. ඔහු මගේ බෑගය ලබාගෙන එහිවු අමතර කොටස් කිහිපය ඉවතට ගත්තේය. 
”මිස්ටර් .........මස් තව මොකක්ද මෝටර් එකක් තියෙනවා කිව්වා නේද අරගෙන යන්න.”
ඔහු උරමින් සිටි සිගරට්ටුව අලූ බදුනේ ඔබා පොඩි කළේය. භාගෙට තිබුණු සිගරට්ටුවෙන් දුම් රැල්ලක් ඉහළ නැගී ගොස් කැරලි නංවමින් අතුරුදහන්වන්නට විය. කාමරයේ සිගරට් දුම පිරිම නිසාවෙන් හුස්ම ගැනීමට නොහැකි වූවාක් මෙන් මට දැනෙන්නට විය.
”කෝ  ........ අර මොටර් දෙක?”
” ආ .... මිස්ටර්  ........මස් ඉන්න බලන්න. මම හිතන්නේ ඒවා තාම වර්ක් ෂොප් එකේ. ”
”මට කිව්වේ එක මොටර් එකයි කියලා...”

”නෑ. මෝටර් දෙකක් තියෙනවා. තව ඒවා ලැබුණෙ නැහැ. ඒක ගෙනාවම මම කියන්නම්. එතකම් එළියෙන් වාඩිවෙලා ඉන්න.”
ඉක්මනින් අසුනින් නැගිටගත් මා කාමරයෙන් එළියට පැනගත්තේ දුමෙන් පිරුණු එහි රැදි සිට තවදුරටත් කැස්සක් ඒම වළක්වාගෙන සිටිය නොහැකි වූ බැවිනි. කාමරයට පසෙකින් වූ සෝපාවක අසුන් ගත් මා බොහෝ වේලාවක් රැඳී සිටියේ ඔහුගෙන් ඇමතුමක් ලැබෙන තුරුය. දහවල් දොළහටත් ආසන්න වූ නමුත් මෝටරය ලැබෙන පාටක් නොමැත. තද කුසීතකමක් මෙන්ම බඩගින්නක්ද දැනෙන්ට විය. ඈනුම් දෙක තුනක් පිටව ගියේ ලොබියේ වායුසමිකරනයෙන් ගලා ආ තද සීතල නිසාවෙනි. කාමරයේ දොර විවර කරගෙන එළියට ආ මිස්ටර් .......මස්  අත රෙදි අතපිස්නාවකින් ආවරනය කල කෑම පෙට්ටියක් විය. ඔහු දිවා ආහාරය ගැනිමට යනවා විය යුතුය. අසුන්ගෙන සිටි මා දෙස හැරී බලා,
”තාම මෝටර් දෙක ආවෙ නැද්ද?” යි මාගෙන් විමසීය. ඔහුගේ පැනයෙන් අන්දුන් කුන්දුන් වූ මා නැතැයි හිස සෙලෙවිමෙන් පැවසුවෙමි.
” මිස්ටර් .....මස් තාම මෝටර් දෙක ලැබුණෙ නැද්ද?”
”එහෙනම් තව ටිකකින් අරන් එයි. ඔය ළමයා කාලද ඉන්නේ?”
”නෑ.”
”එහෙනම් ගිහිල්ලා දවල්ට කාලා එන්න.”
”නෑ දැන්ම කන්න තරම් බඩගින්නක් නෑ.”
”එහෙනම් ඉන්න දැන් මෝටර් දෙක දැන් එවයි.”

           බිත්තියේ වූ ඔරලෝසුවේ වේලාව දහවල් එක පසුවිය. කාමරයෙන් එළියට ගිය ......මස් යළිත් තම කාමරයට ගියේ ලොබියේ සිටි මා දෙසවත් නොබලාය. ක‍්‍රම ක‍්‍රමයෙන් කුසගින්නද දැඩිවෙයි. තටු හකුලාගත් කුකුළෙකු සේ එක තැනකට වී සිටීමද කළ නොහැකිකමෙන් පෙලන්නට විය.
දහවල් දෙකට ආසන්නය. තවදුරටත් මෙසේ බලා සිටීමෙන් පලක් නොවන තැන මා ටෙක්නිකල් සුපිරින්ටන්ඞ් තැනගේ කාමරයට යළිත් ඇතුල් වුයෙමි.
”එක්ස්කියුස්මී මිස්ටර් .....මස්.”
”ඔව්”
”තව පරක්කු වෙයිද දන්නෑ නේද මෝටර් දෙක ලැබෙන්න?”
ඔහු මා දෙස නොපහන් ලෙස බැලීය.
”නෑ තව ටිකකින් ඒක එවනවා කිව්වා. ඇයි?”
”නැවෙන් කිව්වෙ දවල් දොළහ පහුවෙලා බස් එකට නගින්න එපා කියලා හවසට පාර වහන නිසා. දැන් ටි‍්‍රන්කෝ ගියොත් පාරේ ඉන්න වෙන්නේ. ඒ නිසා මෝටර් දෙක හෙට උදේට ගන්නම්. මම දැන් ගෙදර ගිහිල්ලා හෙට උදේට එන්නම්.”
”හා කමක් නැහැ. මෝටර් දෙක ගේනකම් බලලා ඒක සිකුයුරිටි එකෙන් තියලා යන්න.”
මා දෙස නොබලා ඔහු තවත් සිගරට්ටුවක් දල්වා ගත්තේය.
මේ මිනිහට මොළයක් නැද්දැයි සිතුනේ සිකුරිටි ගාඞ් රූම් එකෙන් මෝටර් දෙක තැබීමට මා මෙතන රැුඳී සිටිය යුතුද යන්න සිහිපත් වන විටය. සමාගමේ ඉහළ නිලධාරියෙකු හා වාද නොකළයුත්තක් බැවින් මා තවදුරටත් එහි රැඳී නොසිට කාමරයෙන් එළියට බැස්සෙමි. යළිත් සුපුරුදු අසුනේ වාඩිගත්තේ කෝපයෙන් පුපුරමින්ය. සමාගම් ගොඩනැගිල්ලේ ඉහළ මාලයට කොළඹ වරාය මනාව දිස්වන ලෙස සවිකර තිබූ වීදුරු කවුලූව දෙසට මා පියවර තැබුවේ තවත් එකතැන රැදෙන්නට බැරිම තැනය. ඉන් පෙනෙන කොළඹ වරායත් නැව්තටාකාංගනයේ දොඹකර දෙසත් දෑස් යොමා බලා සිටියත් බඩගින්නත් මනසේ වැඩ කරන මෝටර් දෙකේ ප‍්‍රශ්නයත්  නිසා එහි කිසිදු සුන්දර බවක් දකින්නට නොහැකි වුනි. ......මස් මහතා තම කාමරයෙන් පිටව ගියේ මා දෙසවත් නොබලාය. මොටර් දෙක බාරගෙන ආරක්ෂක කුටියේ තබන්නට මා  මෙතැන තබා ගන්නේ  ඇයිදැයි සිතාගත නොහැකිවිය. ඇත්තෙන්ම සිත තුළ වූයේ නොමද කෝපයකි.

             මා කවුලූවෙන් බලා සිටින විට කොළඹ අදුරු කරගෙන වැස්සක් ඇද හැලෙන්නට පටන්ගත්තේය. ත‍්‍රිකුණාමගේ සිට කොළඹට රැගෙන ආ අමතර කොටස් මා වෙතින් ලබාගත් කෙට්ටු හීන්දෑරී උස පුද්ගලයා වීදුරු කවුලූව දෙසට ඇවිද ආවේ විශාල ලිපිගොනු කිහිපයක්ද කිහිල්ලේ රුවාගෙනය.
”චා වැස්සක් වැටෙන්න වුනානේ. දැන් ඔක්කොම වැඩ අප්සට් යනවා.”
කීවේය.
”ආ ඔයා තාම ඉන්නවාද?”
”ඔව් මෝටර් දෙකක් දෙනවා කිව්වාට තාම දුන්නෙ නැහැ. දුන්නත් දැන් ඒවා අරන් යන්න විදිහකුත් නෑ පාර වහන හින්දා.”
”ඔව් මග තමයි ඉන්න වෙන්නෙ. දැන් මොකක්ද කරන්නේ?”
”මම මිස්ටර්.......මස්ට කිව්වා මෝටර් දෙක දැන් අරන් යන්න බෑ කියලා. හෙට ඒ දෙක අරගෙන යන්න ඉන්නේ.”
”ඔව් ඒක හොඳයි.”
”මිස්ටර් ..... මස් කියනවා මට මෝටර් දෙක බාර අරගෙන සිකුරිටි රූම් එකෙන් තියලා යන්නලූ. ඔය මෝටර් දෙක සිකුරුටි රූම් එකෙන් තියන්න මම අවශ්‍ය නෑනෙ.  දැන් මට හොඳටමබ ඩගිනියි. දවල්ට කාලත් නෑ.”
”ඔයා  ඕනෙ නෑ. ඔයා යන්න මම ඒ දෙක ආවම සිකුරිටි රූම් එකෙන් තියලා යන්න කියන්නම්.”
ඔහු පැවසීය.
ඇත්තෙන්ම මා පත්ව සිටි අපහසුතාවයෙන් ගලවා ගැනීමට ආ ඉටු දෙවියෙකු සේ ඔහු ඒ මොහොතේ පිහිටට ආවේය.
”එහෙනම් මිස්ටර් .......ල් ඔයා මිස්ටර් .......මස්ට කියනවාද මෝටර් දෙක ඔයා සිකුරුටි රූම් එකෙන් තියනවා කියලා. නැත් නම් ඒ කමට ප‍්‍රශ්නයක් වෙයි.”
”හරි ඔයා යන්න මම ඒක බලාගන්නම්.”
මා ටික වේලාවක් එහි රැඳී  සිටියේ වැස්ස තරමක් හෝ පායන තුරුය. බිම් මහලේ ආරක්ෂක කුටියේ හුන් මැදිවියේ පුද්ගලයාට තව තව ටිකකින් ගෙන එන මෝටර් දෙකක් මෙහි තබා ගන්නා ලෙසත් මා හෙට උදෙන්ම පැමිණ එය ගෙන යන බවත් ඔවුනට පවසා ඉක්මනින් සමාගමේ භූමියෙන් පිටවුයෙමි. බසයක නැගී ගෙදරට එන විටත් සවස පහට ආසන්න වීය. ගෙදර ආපසුත් මා කල්පනා කළේ විශාල හා බරැති මෝටර් දෙකක් කෙසේ ත‍්‍රිකුණාමලයට රැගෙන යා යුතුද කියායි.

            අප නිවස අසල ත‍්‍රීරෝද රථ ගාලක දන්නා හඳුනන පුද්ගලයෙකුට පසුදා ගමනට කතා කරගත්තෙමි. උදේම නැගිට ලක ලැහැස්ති වී නිවසේ වැඩට සිටි මනිවද කැටිව ත‍්‍රීරෝද රියෙන් සමාගමේ කාර්්‍යාලයට පිටත්වුනෙමු.    .........ල් මහතා මා හට පොරොන්දු වූ පරිදි මෝටර් දෙක ආරක්ෂක නියාමක කුටියේ තබා තිබුනි. අඩි එක හමාරක් පමණ දිග කිලෝ විසි පහක් හෝ තිහක් පමණ බරකින් යුත් මෙම මෝටර්දෙක තනි පුද්ගලයෙකුට වුවත් ඔසවා ගැනීමට පහසු කටයුත්තක් නොවීය. මනිගේ සහායෙන් එම මෝටර් දෙක ත‍්‍රීරෝද රථයේ පටවා ගත් අප කෙලින්ම ගුණසිංහපුර බස් නැවතුම්පලට පිටත්වුයෙමු.  ත‍්‍රිකුණාමලයට දිවෙන ඉන්ටර්සිටි බසයක මා හිදගත් අසුනේ යට එක මෝටරයක්ද අනෙක් මෝටරය දොරට ඉදිරියේ අසුන යටද තැබුවෙමි. මෝටර් දෙක පටවා ගත් පසු මනීව ආපසු නිවසට පිටත් කර හැර අසුනේ සුව පහසුව හරිබරි ගැහී ඉදගෙන දෑස් පියාගත්තේ බසය පිටත්ව යනතෙක්ය. බසය කොළඹින් පිටත්ව මද දුරක් ගමනේ යෙදෙද්දී මට දෙවියන් සිහිවුනි. මෙසේ මෝටර් දෙකක් රැගෙන ත‍්‍රිකුණාමලය බලා යන මා සන්තකයේ මොටර් දෙකහි අනන්‍යතාවය හා මෙය ගෙනියන්නේ කුමකටදැයි පැවසු ලිපියක් නොතිබුන බවත් සිහිපත් විය.  එවැනි ලිපියක් සමාගම් කාර්්‍යාලයෙන් ලබාදුන්නේ නැතිබවත් එසේම මා එවැනි ලිපියක් ලබානොගත් බවත් මතක් වුනි. දිවයිනේ යුධ වාතාවරණය පවතින මෙවැනි අවදියක යුද්දධය ඇවිලී යන ත‍්‍රස්තවාදින් ගැවසෙන ප‍්‍රදේශයකට තහනම් බඩු රැගෙන යන පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා බව මට නිරායාසයෙන් සිහිවුනි.  නැවෙන් එන විට දුන් ලිපියද මා සන්තකව නොතිබුනි. කරන්නට දෙයක් නැත. වෙන  ඕනෑම දෙයකට මුහුණ දෙන්නට හිත හදාගන්නවා මිස වෙන විකල්පයක් තිබුනේ නැත. ඇත්තෙන්ම යුද්ධය පැවති සමයක කොළඹ සිට ත‍්‍රිකුණාමලය හා යාපනය වැනි ප‍්‍රදේශවලට නැව් මඟින් ආහාර පාන බඩු භාණ්ඩ ප‍්‍රවාහනය කරනා නාවික සමාගමක පළපුරුදු නිලධාරීන් විසින් නැවකට ආධුනියකු වූ මා හට කිසිදු නීතිමය තත්ත්වයක් හෝ වගකීමක් ගන්නා බවට ලිපියක්වත් නොදී විශාල මෝටර් දෙකක් සමඟින් පිටත් කර එවිම ඔවුන්ගේ නොසැළකිලිමත්කම විදහාපාන්නක් විය. කොළඹ සිට ත‍්‍රිකුණාමලය දක්වා හමුදා හා පොලිස් මුරපොළවල් හයක් පමණ පන්නා ගෙන ත‍්‍රිකුණාමලයේ ග‍්‍රීන් පාර අසලින් බසයෙන් බැස මෝටර් දෙකත් බිමට බාගන්නා තෙක් කිසිදු පරීක්ෂාවකට ලක් නොවී ඒමට හැකිවීම එක්තරා විස්මයට කරුණක් විය. යුද්ධය තිබු කාලසිමාවේ විශාල ලෙස ජීවිත හානි සිදු වුයේ අප ආරක්ෂක අංශවල තිබෙනා මෙවැනි දුර්වතාවයෙන් බැවින් බව පසුකාළිනව වැටහුනි. දෙදෙනෙකු හා එක්ව පැටවු මෝටර් දෙක ඉතා අපහසුවෙන් තනිව බිමට බාගත් මා ත‍්‍රීරෝද රථයකට අඩගැසුවෙමි. මෝටර් දෙකක් එක ත‍්‍රීරෝද රථයකට පැටවිය නොහැකි බැව් පවසමින් ඔවුන් මා මග හැරගියෝය. මා පත් වූයේ මහත් අසීරුතාවයකටය. එකක් රැගෙන යන්න නම් අනෙක මග දමා යා යුතුය. ගී‍්‍රන්  පාරේ මිටර පනහක දුරකවත් පිහිටා නැති නැව් නියෝජිතයාගේ කාර්යාලයට මේ මොටර් දෙක රැගෙන යන්නට ත‍්‍රීරෝද රථයකට වැඩි මුදලක් ගෙවිමට එකඟ කරගන්නට සිදුවුනි. යළිත් ඉතා අපහසුවෙන් ත‍්‍රීරෝද රියෙන් බිමට බා ගත් එම මෝටර් දෙක එක බැගින් ඔසවාගෙන ගොස් නියෝජිතයාගේ කාර්යාලයේ ඉස්තෝප්පුවේ තැබුවත් එහි සිටි කිසිවෙකුත් මා හට එම මෝටර්දෙක රැගෙන ඒමට උදව් කළේ නැත. ද්‍රවිඩ ජාතිකයන් වූ ඔවුන් මා එම කටයුත්ත අපහසුුවෙන් කරද්දී කිසිවක් නොදැක්කා සේ ඉවත බලා යනු දැක ඇතිවූයේ ඉමහත් කෝපයකි. විශාල මොටර් දෙකක් තනිවම බිමට බාන්න හා පටවන්න ගොස් මා හිටියේ බොහෝ සෙයින් හෙම්බත්වි ගෙනය. නැව් නියෝජිතයා හමුවී මෝටර් දෙකක් සමාගමෙන් රැගෙන ආබවත් ඒවා සමගින් නැව වෙත මා රැගෙන යන ලෙස පැවසීමි.

”කෝ ලේටර්ස්?”
”මොන ලෙටර්ස්ද?”
”කෝ මෝටර් දෙකත් එක්ක ලෙටර් එකක් දුන්නේ නැද්ද?”
”නෑ මොකටද?”
”මේක වරායෙන් ඇතුලට ගෙනියන්න බෑ. කම්පැනියෙන් ලෙටර් එකක් අරගෙන ආවේ නැද්ද?”
ඔහු මගේ ඇඟට ගොඩ විය.
”මොන ලියුමක්ද? මට මේක මෙහෙට අරන් එන්නවත් ලියුමක් දුන්නේ නැති කොට.”
”දැන් මේ නැවට අරන් යන්න බැහැ. නැවේ අය බලන් ඉන්නවා මේක ගේනකම්. ඔයා පරක්කු වෙලත් ආවෙ.”
”මොන පරක්කුවෙලාද? උදේම බස් එකට දා ගත්තේ. කොහොමත් කොළඹ ඉදන් මෙහෙට එන්න පැය හයක්වත් යනවානේ.”
දැන් මේකට ලියුමක් ආපහු කම්පැනියෙන් අරගෙන එන්න  ඕනේ. ඔහු දුරකතනය ගෙන සමාගමට ඇමතුමක් ගන්නට විය. අධික තෙහෙට්ටුව මා විඩාවට පත්කර හමාරය. සමාගමේ නිලධාරින් හෝ මේ නැව් නියෝජිතයා හෝ කලයුතු එහෙත් මා ලවා අමාරුම වැඬේ කරගත් පසුත් කිසිදු ස්තූතියක්වත් නොමැතිව ලියුමක් ගැන මොහු ඇසීම මා හට ගෙන දුන්නේ කෝපයකි. ටෙක්නිකල් සුපිරින්ටන්ඞ්වරයාගේ වගකීමක් වූයේ එවැනි ලිපියක් ඇවැසි නම් එය මා අත ත‍්‍රිකුණාමලයට එවීමයි. කිසිදු ලියවිල්ලක් ලබානොදී මෙලෙස වගකීමෙන් තොරව කළ ක‍්‍රියාවෙන් නියෝජිතයාද අසරණ වී සිටියි.

”මේච්චර දුරක් චෙක් පොයින්ට් වලින් බේරිලා මෙතනට ගෙනාවේ මොන ලියුමක් වත් නැතිව. ඔයාට මේ මෝටර් දෙක ගෙනියන්න බැරි නම්  ඕවා මෙහෙ තියාගන්න. මාව නැවට ගිහිල්ලා දාන්න.”
අවසානයේදී මා කීවෙමි. ඔහු ටික වේලාවක් රැඳී සිටින ලෙස මා හට දන්වා ද්‍රවිඩ බසින් මොනවාදෝ කියමින් එළියට බැස ගියේය. මද වේලාවකින් බෝට්ටුකරු පැමිණ ඔහු හා යන්නට වේලාව හරි බව සංඥා කළේය.  සුපුරුදු මුහුදු ගමනින් පසු ප‍්‍රීමා ජැටියට අප බෝට්ටුව ළඟාවෙද්දී පාන්පිටි ගෝනි පැටවීමේ කාර්යයන් සිදුවෙමින් පැවතුනි.
ගමන් තෙහෙට්ටුව හා බඩගින්නද මා පෙලන්නට විය. නැවට ගොඩවූ මා ඉක්මනින් ගැලියට ගොඩවූයේ ඒ වන විටත් දිවා ආහාරය වේලාවද පසුවී තිබූ බැවිනි. ප‍්‍රධාන අරක්කැමියා මා දෙස විමතියෙන් මෙන් බැලීය. ඉක්මනින් ආහාර ගැනීමෙන් පසුව ඇඳුම් ගලවා දමා  ඕවරෝල් එකෙන් සැරසී ගෙන ඒන්ජින් කාමරය වෙත ගියෙමි. කඞ්ඩාද මා වෙත අමුතු බැල්මක් හෙලීය.

”ඇයි බං මොකද වුණේ?”
”මොනවා වෙන්නද කොළඹ ගියා බඩු ටික බාරදුන්නා. මෝටර් දෙක අරගෙන ආයෙත් ටි‍්‍රංකොවලට ආවා.”
”දවස් දෙකයිනෙ බං.”
මම ඔහුව ගණනකට නොගෙන පැවසුයෙමි. මද වේලාවකින් ප‍්‍රධාන ඉන්ජිනේරුතුමා හමුවන ලෙස පණිවිඩයක් මා වෙත ලැබිනි. ඔහු දුන් රුපියල් දාහේ ඉතිරි මුදල්ද සමඟින් මා ඔහුගේ කාමරය වෙත පියවර තැබුවෙමි. ඔහු වෙතින් ලැබුනේ එතරම් ප‍්‍රියමනාප සුහද පිලිගැනිමක් නොවිය.
”කෝ මෝටර් දෙක?”
”ඒක ඒජන්ට් ගාව චීෆ්”
”ඇයි ඒක අරගෙන ආවේ නැත්තේ?”
ඔහු තරමක කෝපයෙන් මෙන් ඇසීය.
”එයාට ඒක අරගෙන එන්න ලියුමක් නැහැයි කිව්වා. ඒ නිසා ඒවා තියාගෙන මාව එක්කගෙන ආවා.”
”ඇයි මිනිහෝ ලියුමක් එහෙන් අරගෙන එන්න එපැයි. ඇයි එහෙට පරක්කු වෙලා ගියේ?”
”එදා කොළඹට යනකොට ? දහය විතර වුනා. ඉතිං මම මිස්ටර් .........ත්නට කෝල් කරලා කිව්වා. පහුවෙනිදා උදේම ගිහිල්ලා බඩු ටික භාර දුන්නා.”
”ඇයි එදා මෝටර් ටික අරන් ආවේ නැත්තේ?”
”ඇයි චීෆ්නෙ කිව්වෙ හවස් වෙලා එන්න එපා කියලා. එයාලා මෝටර් දෙක හවස දෙක පහු වෙනකම් ඉදලාත් මට දුන්නෙ නැහැ. මට කිසිම ලියුමකුත් දුන්නෙත් නැහැ. ලියුම් ගන්න හිටියා නම් මේ වෙලාවටවත් එන්න වෙන්නේ නෑ.”
මා අත තිබූ ඉතිරි මුදල් ඔහු අතට පත් කරමින් කිවෙමි.

ඔහු තරමක නොරිස්සුමකින් මෙන් මා හට යන්නට කීවේය. පසුව නැවේ කිහිපදෙනෙකු මා සමාගමට ගොස් මොකද වීයැයි විමසන්නට විය. නිවසට ගොස් ආපසු නැවට එන්නට ලැබීම ගැන සතුටකින් පසුවූ මා හට එය එකවරම වැටහුනේ නැත. පසුව තේරුම් ගිය පරිදි සමාගමේ ටෙක්නිකල් සුපිරින්ටන්ඞ්ට සර් නොකියා මිස්ටර් කියා ඇමතීමෙන් ඔහුගේ උදහසට ලක්වි මොටර් දෙකේ ප‍්‍රමාදය මා පිටින් යවා ඇති බව වටහා ගතමි. ඇත්තෙන්ම මා හට ඔහු කෙරෙහි ඇති වූයේ දැරිය නොහැකි කෝපයකි. නැවකට ආධුනිකයෙක් වූ මා වෙත කිසිදු ලියවිල්ලක් නොමැතිව අධික යුධ වාතාවරණයක් සහිත කාලයක එවැනි ප‍්‍රදේශයකට මෝටර් දෙකක්ද සමඟින් පිටත් කරහැරීමෙන්ද ඔවුන්ගේ ප‍්‍රමාදය වසාගන්නට මා යොදවාගෙන එදින මොටර් දෙක පිටත් කර එවන්නට නොහැකි වූ බව ඔවුන් නැවේ ප‍්‍රධාන ඉන්ජිනේරුවරයාට හා කපිතාන්වරයාට දන්වා ඇත. එකළ ජංගම දුරකතන බහුල ලෙසින් භාවිතා නොවූ බැවින් නැවේ ප‍්‍රධාන ඉන්ජිනේරුවරයාට නියමිත දිනයේදී සමාගමෙන් මෝටර් දෙක මාහට බාර නොදුන් බව දන්වන්නට නොහැකි විය. යම් හෙයකින් නැවට එම විස්තරය දන්වාලිය හැකි වූවා නම් මා නිර්දෝෂී වන්නට තිබුනි. 


සයුරේ ආ මඟ 

 

19 comments:

  1. රජයේ විතරක් නෙමෙයි ප්‍රයිවට් වලත් ඔය කේස් තියෙනවා නේද බං. අම්මප බං මිනිස්සු ඇයි මේ තරං කුජීත.

    ReplyDelete
    Replies
    1. යටත්විජිත මානසිකත්වය. ලංකාවේ නැව් වල සර් කියන්න ඔනේ.

      Delete
  2. පහත් තැනිං යයි ගලා ජලේ කියන්නෙ ඕකට තමයි.
    මොනව උනත් ආමි එකට අහුවෙන්නැතුව ත්‍රින්කො වලට ගිය එකම මදෑ.

    ReplyDelete
    Replies
    1. පොරට සර් නොකිව්ව එකට කරපු හරිය මදෑ. තව ටිකෙන් හිරේත් යනවා.

      Delete
  3. වරායෙ සික්කන්ටත් සර් කියන්නඕනි කියලයි අපේ ෂිපින් එකේ උන් නම් කිිියන්නෙ

    ReplyDelete
  4. පුදුම හීනමානෙකින් ඉන්න එවුන් ලන්කාවෙ ඉන්නෙ.. සර් , මැඩම් කියල කියවගන්න මාර ආසාවක් තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. //අපි, අපේ ජනාධිපතිට උතුමාණන් වහන්සේ කියපු රටක මිනිස්සු නේ ? ඔබ දන්නවා ඔබ ඉන්න රටේ අගමැතිටත් මම ඉන්න රටේ ජනාධිපතිටත් අපිට ඔවුන් මුණ ගැසුනොත් නිකම්ම නම කියල කතා කරන්න පුළුවන්. ලංකාවේ ඉන්න බොහොම දෙනෙක් තමන්ට ගරු නම්බු ලැබෙනවටත් අනික් අය තමන්ට වඩා පහළින් ඉන්නවටත් කැමතියි.//උපුටාගත්තේ http://transyl2014.blogspot.com/2018/09/blog-post_25.html

      Delete
  5. මම හිතාගෙන හිටියේ ගොඩ වැඩ කරන එවුන් විතරයි අසමත්ජාති වැඩ කරන්නේ කියලා .බලන් යනකොට මුහුදේත් එහෙමයිනේ .කොහොම වුනත් අය්යේ ඔයා ලස්සනට ලියනවා .මග නවත්තන්නේ නැතුව දිගටම යමු.අපි එන්නම් කියවන්න.

    ReplyDelete
    Replies
    1. කිව්වාට තරහා වෙන්න එපා මේක බොහෝ වශයෙන් තියෙන්නේ ලාංකික අපේ උදවියට තමයි. ආසියානු රටවල් වල අයටත් මේ ලෙඩේ තරමකට තියේනවා. ඉන්දියාවේ කැප්ටන්ලාට කැප්ටන් සාහබ් කියලා කියන්න ඔනේ.

      Delete
  6. ඕක යටත්විජිත මානසිකත්වය කිව්වට මට නම් හිතෙන්නෙ සුද්දො එන්න ඉස්සර තිබුන වැඩවසම් ක්‍රමය සුද්දො දුන්න ප්‍රජාතන්තරවාදයෙන් නැතිවුනේ නෑ. වඳින පුදන මානසිකත්වය නැතිවුනේ නෑ, නිදහසෙන් පස්සෙ ක්‍රමයෙන් වැඩිවුනා මිසක්. ඉස්සර පාරම්පරික ප්‍රභූන්ට වඳින එක ක්‍රමයෙන් සල්ලි තියන අයට, දේසපාලකයින්ට හා තමන්ට තත්වයෙන් ඉහල ඉන්න අයට මාරුවුනා. ඔය සර් රෝගය එන්න එන්න වැඩිවෙනවනෙ. දැන් අපි දේසප්‍රේමී, බටහිර විරෝදී, රාවණාවාදී, වෙන එකක් තියා බුදුහාමුදුරුවොත් දේසීය කියන ජාතියක්නෙ. ඉතින් මොකටද යටත්විජිත කෑල්ලක් දැන්. ඉතින් ඕකත් දේසීය (හෝ ආසියානු)රෝගයක් මං හිතන්නෙ

    ReplyDelete
    Replies
    1. ප‍්‍රාගේ කතාවට සම්පුර්ණයෙන්ම එකගයි. යටත්විජිත මානසිකත්වය කිව්වේ ඒකාලේ සුද්දන්ට සර් කියලා තනතුරු නම්බුනාම ගත්තු අපේ දේශිය කළු සුද්දන්ගේ වැඩ පිලිවෙල හින්දයි. දැන් සුද්දන්ට සර් කිව්වොත් හොද කුණු හරුපයක් අහගන්න පුළුවනි.

      Delete
  7. සර් කියව ගන්න හැමතැනම පොරය.. පොලිස් නිලධාරින්ට, හමුදා නිලදාරින්ට හැමෝටම. උන්ව ගණන් නොගෙන, සර් නොකිව්වම , අපි වැරදිකාරයො වෙනවා. පුදුම අමාරුවක් තමා ඒක.

    ReplyDelete
  8. අසංග, නම්බු අටවාගන්න හදන එවුන්ගේ ඇතුළ හිස්. එහෙම පුස්සෝ ඉස්සරහ නැවෙන එවුන්ට කශේරුකාවක් නැහැ.

    ReplyDelete
    Replies
    1. නොනැවි ඉන්න එකාගේ කශේරුකාව බිදින්නේ දෙකට තුනට නැමෙන උන්ම තමයි.

      Delete
  9. මට මේක කියවන්න මිස් උනා :(

    නොදකිං මහ දෙකයි පනහෙ කුප්ප යකෙක්නෙ බං. අර මෝටර් දෙකත් එක්ක අහු උනානම් සති කීපයක් කොහේ හරි කෑම්ප් එකක තමයි.

    කිව්වත් වගේ යුද්ධෙ කාලෙ බෝම්බ කොළඹ ආවෙත් මේ වගේ අතපසුවීම් නිසා තමයි.

    ReplyDelete
  10. නොදකින් මෙහම එවුන්ටත් ඉර පායනවනේ . අර සුපරිටෙන්දා ගැන කිවේ

    ReplyDelete
  11. මටහෙම අහු උනා නං මා පුතා මා අරිනවා ඔකාගේ පුකේ.

    ReplyDelete

අදහස් මෙතන නිදහස් කරන්න