උඹ ටෙකිලා ගහලා තියේනවාද?
ටෙකිලා ඒ මොකක්ද?
පිස්සු හැදෙනවා බං ගැහැව්වාම ලොවෙත් වදිනවා කන් පාත්වෙන්න
මොකක්ද බං දුමක්ද?
නෑ බං අරක්කු ජාතියක්
ඇහැව්වෙත් අදමයි එච්චරටම සැරද?
අපේ අයියාකාරයා අරන් ආවේ සැන්ඩි නැතිව අමුවෙන් ගහන්නලු ඔනේ.
ලුණු ටිකක් පිටිඅල්ලට දාලා කාලා ඊට පස්සේ දෙහි කැල්ලක් හපනවා විතරයි බයිට් එකට. වැදෙනවා බං නැතිවෙන්න.
ඔන්න ඔහොම තමයි මමත් ටෙකිලා
Tequila ගැන මුලින්ම ඇහැව්වේ. හැබැයි අහලා තිබුනාට ටෙකිලා ටිකක් කටේ තොලේ ගාගෙන බොන්න ලැබුනේ මැක්සිකෝවට පැත්තට ගොඩබැස්සාට පස්සේ තමයි. දැන්නම් ලංකාවෙත් ටෙකිලා තියෙනවා.හැබැයි ඔරජිනල් ටෙකිලාද දන්නේ නෑ. මදක් අවර්ණ ටෙකිලා බෝතලයක් අරන් පොඩි ශොට් විදුරුවක් පුරවලා නිට් ගහලා ලුණු ටිකක් පිටි අල්ලට දාගෙන ලෙවකාලා ඊට පස්සේ දෙහිකැල්ලක් හැපුවාට අපේ මිත්‍රයන්ට නම් ටෙකිලාත් සැන්ඩි නොකර බොන්න නම් බැරිවුනා. මීට මාස කිහිපයකට පෙරදි අහුන්ගල්ල පැත්තේ තියෙන තරුපහේ හොටලයකදි ආපහු ටෙකිලා විදුරුවක් දෙකක් විතර රසබලද්දි මට මතක්වුනේ මොනවාද මේ ටෙකිලා කියන්නේ? එකේ ඉතිහාසය මොකක්ද කියලා හොයලා බලන්න. ඔන්න ඉතිං පස්සේ අන්තරජංජාලය පිරලා ටෙකිලා ගැන හොයාගත්තු දෑ කොළොම්පුරේටත් දාන්න හිතුනා.
ටෙකිලා මුලින්ම නිපදවලා තියෙන්නේ 16 වන ශත වර්ෂයේදි පමණ මෙක්සිකෝවේ ටෙකිලා නගරයේදි (City of
Tequila) තමයි. මේ ටෙකිලා නගරයේ තියෙන ගිනිකදු ආශි‍්‍රත රතු පසේ (Red Volcanic
soil)වැවෙන නිල් අගාවේ (Blue Agave) පැලෑටියෙන් තමයි මේ ටෙකිලා නිපදවන්නට පටන්ගත්තේ.
මුල් කාලිනව අගාවේ පැලෑටියේ සාරය පැසිමට ලක්කර සාදන පුල්කේ නම් වු පානය තමයි ඔවුන් පානය කෙරුවේ. මැක්සිකෝව අල්ලාගත් ස්පාඤඤයින්ගේ බ්‍රැන්ඩි තොග අහවරවිම නිසා මිදිසාරය ආසවනය කිරිමෙන් බ්රන්ඩි නිපදවාගන්නවා සේ මේ පුල්කේ ආසවනය කිරිමෙන් දේශිය නිපදවන පානයක් සේ ටෙකිලා නිපදවා ගන්නට ලැබුනා. හරියට අපේ රටේ දේශිය පානය කසිප්පු වාගේ.
දොන් පෙඩ්රෝ සැන්චෙස් (
Don Pedro Sánchez de Tagle) නම්වු වංශාධිපතියා විසින් ජලිස්කෝ (Jalisco)ප්‍රදේශයේ විශාල පරිමානයෙන් ටෙකිලා නිපදවන කර්මාන්තශාලාවක් පිහිටුවාලුවයි කියනවා. තව දිව පටලැවිලා උලුක්කුවෙන ජාතියේ නම් තියෙන මැක්සිකානු අප්පුහාමිලා විසින් මේ ටෙකිලා නිෂ්පාදන ක්‍රම වැඩිදියුණු කරලා ජාත්‍යන්තරයටත් ටෙකිලා අරගෙන ගියා. ඔන්න එකට අපේ රට වෙලේ, කැලේ, ලන්දේ, අකුලේ, ගං ඉවුරේ විතරක් නොවෙයි මහා සුපිරි මන්දිර වලත් පෙරන වෙල් පැන්ටා, ගහපං මචං, බොකු දිරාස්, ඇතිහිටියා, කසියා, හැලි අරක්කු කියලා නානාප්‍රකාර නම්වලින් හදුන්වන දේශිය පානයට නම් කිසිම සපෝට් එකක් නම් නෑ ජාත්‍යන්තරයට අරන් යන්න. බොකු දිරාස් වලට කියන තව නම් එහෙම තියෙනවානම් කොළොම්පුරේටත් දන්වන්න හොදේ
එහෙනම් බලමු කොහොමද ටෙකිලා නිපදවන්නේ කියලා.
මුලින්ම කිව්වා වාගේ ටෙකිලා නිපදවන්නට නිල් අගාවේ සහ අගාවේ පැලෑටිය වගාකරගන්නට ඔනේ. අගාවේ පැලෑටිය වාගාකරන්නන් හොද එක්ස්පර්ට්ලා. මේ වගාකරුවන් හදුන්වන්නේ
jimadores නමින්. එයාලා විසින් නිරන්තරයෙන්ම එවා කප්පාදු කරමින් අස්වැන්න නෙලන කාලය තෙක් හොදින් රැක බලාගන්නවා. නියමිත ලෙස වැඩුනු අගාවේ පැලෑටිය කොවා (coa) නම්වු දිගු මිටක් සහිත විශේෂිතවු පිහියකින් මෙම අගාවා පැලෑටියේ අතු කපා දමා එහි මාංශලයෙන් පිරුනු කද කොටස වෙන්කරගන්නවා.
නියමිත ලෙස වැඩුන කද කොටසක බර කිලෝ 70 සිට 110 ක් දක්වා පමණ වෙනවා කියනවා. වෙන්කරගත් කද කොටස් උදුන් වල බහා මදක් බේක් කරගන්නවා. ඒ කරන්නේ එහි අඩංගු පලතුරු සිනි පෘක්ටෝස් වෙන් කරගැනිමටයි. ඉන් අනතුරුව ටහොනා (
tahona ) නම්වු විශාල ගල්රෝදයක් මගින් කැලිවලට ඉරා හා පොඩිකරගත් අගාවා කද කොටස් අඹරා යුෂ වෙන්කරගන්වා.
ඉතිරිවන පල්පයන් සත්ව ආහාර කඩදාසි සැදිම හා කොම්පොස්ට් පොහොර වැනි කාර්්යන්වලට යොදා ගැනිම සිදුකරගන්නවාලු. වෙන්කරගත් යුෂ විශාල සුදු යකඩ හෝ ලී වැටි වල ගබඩාකර දින කිහිපයක් පැසිමට හරිනු ලබනවා.
මෙසේ පැසිමට ලක් කෙරුනු අමු බිර වැනි මෙම ආගාවේ යුෂ දෙවරක් පෙරා ආසවනය කිරිමෙන් ටෙකිලා නිපදවාගන්නවා. සමහර නිෂ්පාදකයින් තුන්වරටද මෙවා පෙරාගන්නවා. තෙවරක්පෙරුව මිසක් තෙවරක්පෙරුම නොවෙයි වරද්දගන්න එපා. මෙසේ පොරාගත් ටෙකිලා කෙලින්ම බෝතල් කිරිම හා ඔක් ලියෙන් සාදනු ලැබු බැරල්වල ගබඩාකර ගැනිමෙන් පැරණි කරගන්නවා. මේ නිසා ටෙකිලා වල පාට රසය හා සැර වෙනස්වෙනවා. මෙහිදි අවර්ණ පැහැයේ (සිල්වර්) සිට කහපාටට හුරු දුබුරු පැහැය (ගොල්ඩන්) දක්වා වර්ණ වෙනස්වන ටෙකිලා තියෙනවා. ඒ නිසා ටෙකිලා ප්‍රභේද හතරක් ලෙසට වෙනස් වෙන්නේ කොහොමද බලමු.
පෙරිමෙන් පසුව බොතල් කිරිම හෝ සුදු යකඩ හෝ සුදු ඔක් ලී බැරලයන් තුල මසකට අඩු කාලයක් පැරනි කරගත් ටෙකිලා බලැන්කෝ (
Blanco) හෝ ප්ලාටා (
plata) හෝ සිල්වර්
("silver") ටෙකිලා නම් කෙරේනවා.
අවම වශයෙන් මසක් හෝ උපරිමයෙන් වසරක් පැරනිකරගත් ටෙකිලා රෙපොසඩෝ (
Reposado) ටෙකිලා නමින්ද
අවම වසරක් හෝ උපරිම වසර තුනක් කුඩා ඔක් බැරලයන් තුල පැරනි කරගත් ටෙකිලා අනෙජෝ (
Añejo) ටෙකිලා නමින්ද
වසර තුනකට වඩා වැඩියෙන් ඔක් බැරලයන් තුල පැරනි කරගත් එක්ස්ට්‍රා අනෙජෝ(
Extra Añejo) ටෙකිලාද වෙනවා.
හදන හැටි මොකටද බිව්වාම වදිනවානම් නේද
එහෙවනම් බොන හැටි බලමු
සාමාන්‍යයෙන් ටෙකිලා බෙන්නේ අමුවෙන් නැත්නම් නිට්. බයිට් නෑ ඒ වෙනුවට ලුණු ටිකක් ලෙවකාලා පෙති කපපු දෙහි කෑල්ලක් තමයි හපන්නට වෙන්නේ. මෙක්සිකෝවේ බන්දෙරා ක්‍රමයට බිමත් එක ක්‍රමයක්. හැබැයි එහෙම බොන්නට නම් එක්කෝ මැක්සිකෝවට හරි නැත්නම් රියල් මැක්සියානු අවන්හලකට යන්න වේවි. අපේ ගෙවල් පැත්තේ මැක්සිකානෝ කියලා මැක්සියානු අවන්හලක් දැම්මා. ටොටියා ටැකෝ හරි බුරිතෝ, Guacamole ඇතියි කියලා කන්න බලාගෙන එකට ගොඩවුනාම අපරාදේ කියන්න බෑ එකේ තිබුනේ ෆයිඩ් රයිස් ආප්ප සහ කොත්තුරොටි තමයි. මෙව්වාත් නිකං අටපට්ටම් අකුරු ටිකක් ගහපු චිනෙත් නැති චයිනිස් කඩවල් වාගේ තමයි ඉතිං.
බන්දේරා කියන්නේ ස්පාඤඤ භාෂාවෙන් කොඩිය (Flage) කියලායි.ඔය මැක්සිකන්කාරයෝ තමන්ගේ සාප්‍රදායික අහාර බොහෝමයකට ජාතික කොඩියේ පාට තුන යොදාගන්නවා. අපේ රටේ එහෙම කලානම් බුකි ජාතිආල දේශපාලුවෝ කරපු එකාගේ පතුරුයවනවා.
මැක්සිකෝ කොඩියේ පාට අනුව බන්දේරා පිලිගන්වනවා. පොඩි ෂොට් ග්ලාස් තුනක් යොදාගෙන කොලපාට නියෝජනය කරන්නට දෙහි යුෂත් සුදු පැහැයට සුදු ටෙකිලාත් රතු පාටට සංගරිතාත් (
sangrita) තමයි පිලිගන්වන්නේ.
තවත් බොහෝමයක් සුප්‍රසිද්ද කොක්ටේල් වර්ග වලට ටෙකිලා මිශ්රකරන්නට යොදාගන්නවා. මාගරිටා විදුරුව හෝ ස්පාඤඤ බාසාවෙන් කුඩා අශ්වයා නමින් හදුන්වන කැබල්ලිටෝ ෂොට් ග්ලාස්
caballito (little horse, in Spanish) එක තමයි ටෙකිලා බොන්න ගන්නේ.
එහෙනම් දැනට ඔය ඇති. මිට වඩා දන්න විස්තර ඇත්නම් කොළොම්පුරෙත් දැනුවත් කරන්නකෝ.
 |
| ඔන්න අන්තිමට දැම්මේ මංතුමා මැක්සිකෝවේදි ගත්තු මැක්සියානු සිතියමක හිටිය ඉසව්වට පෙන්නාගෙන ඉන්න පොටෝ කෑල්ලක්. |