Wednesday, November 30, 2016
මුද්දර ලෝලීන්ට මුද්දර පොලක් “King of Hobbies and Hobby of Kings”
“King of Hobbies
and Hobby of Kings”
විනෝදාංශයක් විදිහට තැපැල් මුද්දර එකතුකරනා මුද්දරලෝලීන්ට පොඩි ආරංචියක් කියන්නයි මේ යන්නේ. මේ අවුරුද්දේ තියෙන මුද්දර පොල කොළොම්පුරේ මහ තැපැල් කාර්්‍යාලයේ මෙවරත් පැවැත්වෙනවා. දෙසම්බර් 2 වෙනිදා ආරම්භවෙන මේ මුද්දරපොලෙන් මුද්දර මිලදි ගන්නත් පුළුවනි. එදා උදේ 9ට නොදුටු ශ්‍රී ලංකා "Unseen Sri Lanka" නමින් රුපියල් 25 ක සමරු කාන්ඩයේ මුද්දර 12ක් නිකුත්වෙනවා. මේ මුද්දර පොල දෙසැම්බර් 4 වෙනිදා දක්වා පැවැත්වෙන බවයි ආරංචිය. 4 වෙනිදා නත්තල වෙනුවෙන් නිකුත් කරන නිල සමරු මුද්දරය කොටහේනේ ශාන්ත ලුසියා දෙව් මැදුරේදි නිකුත් කරනවා. ඉතිං වෙලාව පොඩ්ඩක් ඉතුරුකරගත්තා නම් දුවලා පුතාලා සමගින් කොළඹ ඩි. ආර්. විජේවර්ධන මාවතේ තියෙන මහ තැපැල් කාර්්‍යාලය පැත්තේ ගිහිල්ලා මුද්දර ටිකක් බලලා හරි එන්න. මතක තියා ගන්න ඇතුල්විම නොමිලේ.
Subscribe to:
Post Comments (Atom)
නාවික සැතපුම් ගොඩබිම් සැතපුම්වලට වඩා වෙනස් වන්නේ ඇයි?
නාවික සැතපුමක් යනු සමුද්‍ර හා ගුවන් සේවා කර්මාන්තවල භාවිතා වන මිනුම් ඒකකයක්. නාවික සැතපුමක් ගොඩබිම් සැතපුමකට වඩා වෙනස් වෙනවා. පෘථිවි භූග...
-
අන්දුබයියාගේ තවත් කතාවක් අරගෙන ඔන්න මේ නව වසරේ ආවා. මේක අන්දුබයියාට සිද්දවුන දෙයක්ද කියා මම දන්නේ නෑ. හැබැයි උන්නැහේ තමයි මේක දෙසාවඳාළේ. ත...
-
නිතීඥ ජොන් ද සිල්වා මහතා කියන්නේ අපේ රටේ ෂෙක්ස්පියර්, සිංහල නාට්‍යයේ පියා, ලංකා කාලිදාස යන විරුදාවලීයන් ගෙන් හැඳින්වුනු කලාකරුවෙක්. අපේ කොළ...
-
2022 වසර ලබද්දී ජනවාරි පළමුවෙනිදා බ්ලොග්වාසි සනුහරේට සුභපතා දමන ලද පොස්ටුව සින්ඩිවලට නොවැටී පළ නොවී කිසිවෙකුගේ ඇස ගැටුනේ නැත. ලැබුනු එකම කො...
පොඩි කාලෙනං ඔය මුද්දර සෙල්ලම කලා. දැන්නං ඒව අතෑරල දාල තියෙන්නෙ.
ReplyDeleteපොඩි කාලේ ඒවා තාම අතහැරගන්න බෑ. ඒ නිසා කරගෙන යනවා.
Deleteමන් ගාවත් මුද්දර 5000කට වැඩිය තියෙනවා... පුදුම ආසාවකින් මුද්දර එකතු කරේ...
ReplyDeleteStamp collector කෙනෙක් අදුනගන්න ලැබිමත් බොහෝම සංතෝෂයි.
Deleteපොඩි කාලේනම් මන් ගාවත් පොතක් තිබුණා,සුනාමියට ගියා,ඊට පස්සෙ එපාවුණා
ReplyDeleteඅපරාදේ ගොඩාක් වටිනා එවත් තිබුනාද? ආයෙමත් ආරම්භයක් ගන්නත් එක්ක ප්‍රදර්ශනේ පැත්තේ යන්න.
ReplyDeletemage laga muddara one million walata wada tiyenawa.
ReplyDeleteමුද්දර ගැන බ්ලොග් එකක් ලිව්වොත් නරකද?
Delete