Wednesday, August 2, 2023

එන්න අපි ජීවත් වෙමු.

 *වසර තුනකට පෙර අපි ජීවත් වූහ....* 

*********************



ඒ කොවිඩ් 19 වසංගතය දරුණුවටම ලෝකය ගිලගත් කාලයයි.


තුන්වේලටම ගෙදර උයන්නේය.


ඒත් පාන්දර ඇහැරීගෙන නොනටන්නේය. කඩෙන් කෑම වානාය. පිටි කෑම අවමය. එයත් ගෙදර හදාගෙනය. 


සෙට් වීම් මිසිංය. සිගරට්  නොබී ටොයිල්ට් ගිය උන්ට හොදට බඩ යන්නේය. කුඩු සික් කාරයෝ අගේට ඉන්නේය. 


පොඩ් එවුන් ඔහේ නිදහසේය. කාටුන් බලන්නේය. ටියුෂන් නැවතිලාය. අම්මලා බනින්නේ නැතිය. ඕප දූප ලොක් ඩවුන්‍ ය.


මල් ගස් ටික අත ගෑවෙන්නේය. ඉඩ ඇති තැනක කෑම පැලයක් හිටවන්නේය. පරණ අල්මාරි අස් කරන්නේය. පිළිකන්න සුද්ද කරන්නේය. වළං මැස්ස හදන්නේය.


වාහනයට නිදහස්‍ ය. පැය විසි හතරම ගෙදරය. වැඩිපුර නාන්නේය. බල්ලාද නාවන්නේය. 


නොදැක ඉන්න බැහැ කිව් හොර ගෑනු මිනිස්සු මීක් සද්දයක් නැතිය. ඩයි එක ඉවර වී ගෙදර එකාගේ එකීගේ සුදු කෙස පේන්නේය.


අතේ සතේ නැතිය. එහෙත් ජීවත් වුනොත් ඇති යැයි දැනෙන්නේය.  ණය ගත්තා කියා අමතකය. දුන්න එවුන්ද නිහඩය. වාරිකේට රිමයින්ඩර් නැතිය.


වෙලාවට කන්නේය. වෙලාවට නිදන්නේය. ඇහැරිලා ටිකක් පෙරලි පෙරලී ඉන්නේය. ප්ලේන්ටියක්ද ගහන්නේය.


පත්තර වල ඕප දූප නැතිය. ටීවී එකේ දේශපාලුවන්ගේ මගුල් විවාද නැතිය.


පාර්ලිමේන්තුවේ  කෝලං නැතිය. නිදි මරං ඒවා බලන්න බැරිය.


ගෙවල් ගානේ සම්මාදමේ එන උං නැතිය. දෙන්නද සතයක් නැතිය.


බයිසිකල් රේස් නැතිය. අවුරුදු කුමාරි මිසිංය.


කෑම ජීවිතය නොවන බව දැන කන්නේය.  මස් මාලු අවමය. දෙවේලක් කෑවත් ගෙදර උන් ඔක්කොම එකට කන්නේය. 


මරණය සිහි කරන්නේය. මොකට දිව්වාද කියා හිතෙන්නේය. 


රාජකාරී ඇමතුම් අවමය. හෙට දවසේ අවිනිශ්චිතතාවය ගැන වෙනදාට වඩා හිතෙන්නේය.


සියලු සත්වයෝ නිදුක් වේවා යැයි සැබවින්ම සිතෙන්නේය. පතන්නේය.


පරිසරයට නිවාඩුවක් ලැබිලාය.

මිනිසාව ගෙවල් තුල හිර කර පරිසරය සැනසුම් සුසුම් හෙලන්නේය. 


සමාජය ලොක් ඩවුන් වී ජිවිතය විවරව තිබේ.

දිනෙක මේ ලොක් එක අරිනු ඇත. ජීවත් වුන දවස් කීපය අමතක කර දමන්න හැකි වේවිද ඔබටත් මටත්? 


එන්න අපි ජීවත් වෙමු.  

පසු වදන...

කොළොම්පුරයාට බ්ලොග් ලියන්නට වදනක් හිතන්නටවත් වේලාව හොයාගන්නට බැරිව ෆුල් බිසියක ඉන්නා අවදියක වට්සැප් හරහා ආපු මෙය දැක අසරණව හා කම්පාවූ සිතින්‍ යුතුව කොපිකර දමමි.... ලියු කෙනා නොදනිමි..  ඔහුට ස්තූතිය පළ කරමි..

25 comments:

  1. නාවුක ඒජන්තයා රට ගොඩනැගීමට කාර්යබහුලව කටයුතු කිරීම සම්බධයෙන් අල්ලාහ් දෙවි පිහිටයි/

    ReplyDelete
    Replies
    1. එහෙමයි ඇනෝ මහත්තයා ... ඔබටත් කලුකම්ඹිලි කඩවර අප්පච්චිගේ පිහිටයි.. සිද්ධි සූනියම් දෙවි ආරක්ෂාවයි.. මෂා අල්ලාහ්...

      Delete
  2. හුම්: කාලෙකට පහු හරි පොස්ටුවක් දාල. මොකෝ ආයේම ගෙදර ඉඳන් වැඩ කරන්න... ඕන කියලා හිතෙනවද කොලොම්පූර්තුමාට 😄

    ReplyDelete
    Replies
    1. මේ කියලා තියෙන බොහෝ දේට එකඟයි. ඒ වගේම තමයි ඔය කාලෙම ගෘහස්ත හිංසනය හෙමත් කලියෙන්ට වඩා වැඩි උනා.
      මගේ අන්තිම තක්සේරුවනම්... බොහෝ දේ තුළ හොඳ හා නරක දෙකම තියේ. අඩු- වැඩි පරතරය අපි තමා මැන ගන්ට වෙන්නෙ.

      Delete
    2. ගෙදර ඉදන් වැඩ කිරිල්ල කෙසේවෙතත් ගෙදර වැඩ නම් ගොඩ ගැසී ඇත..
      නමි පහලින් කියාපු කාරනේ නම් හරි. හැබැයි ගෘහස්ත හිංසනය වැඩිවෙලාද මන්දා දන්න කියන අදුනන යාලු මිත්තරයන්ගේ ඇඹේනියන් ගැබ්බර උනා..

      Delete
  3. ලියා ඇතිදැ සම්පුර්ණ ඇත්ත, ඒ කාලය එක අතකට හොඳයි. එත් දැන් හිටපු තැනට නැවත ඇවිත් නේද?
    මම විජේබාහු

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මංතුමාටත් වෙලා තියෙන්නේ.. අපි ආපහු කරත්තේ ඇදන් හැල්මේ දුවන්න අරන්..

      Delete
  4. සහතික ඇත්ත...
    අපි ආයෙත් ඒ රේස් එක දුවන්ඩ පටන් අරං ..........

    ReplyDelete
    Replies
    1. ආයෙත් කොරෝනාගේ සැර මල්ලියෙක් ආවොත්???

      Delete
  5. කියවන්න හෙට එන්නං ජීවත් වෙලා හිටියොත් ඉඳගෙන.

    ReplyDelete
    Replies
    1. ඇයි ඔහේටත් රනිල් හාමු බදු ගහලාද?
      අපි හිටගෙන ඉන්නවාට වඩා කාලයක් බුදියගෙන සිටින්නෝ වෙන්නාහු.. මැරුනත් ඉන්න වෙන්නේ බුදියගෙන තමා..හිටං

      Delete
  6. එන්න අපි ජීවත් වෙමූ
    දන්න අය හදුනා ගමූ
    දෙන්න හැකි දේ බෙද දෙමූ
    ඉන්න තැන සතුටින් ඉමූ

    ජයවේවා....!

    ReplyDelete
  7. හොඳ සහ නරක දෙකම තිබුනා, ඒත් නරක වැඩියි. ඒවා වල ප්‍රතිඵල අදටත් ලෝකයම අත්විඳිනවා. සමහරු හොඳට හම්බ කරගත්තා. විනාසයට වගකියන්න ඕනෙ එකෙක්වත් අහුවුනේ නෑ. ඒත් ඒකෙන් පාඩමක් ඉගෙන ගත්ත බවක් පේන්න නෑ. ලොක් ඩවුන් නිසා නිසා ලෝකය වෙනස් වුන බව ඇත්ත.

    ReplyDelete
    Replies
    1. නරක පැත්තෙන් ගත්තොත් ගොඩදෙනෙක් මියගියා.. අපේ ඇමිති නෝනලා ගගට මුට්ටි දැම්මා.. හාන්දුරුවරු හැලිකොප්පරෙන් පිරිත් පැන් ඉස්සා.. තව ඉස්සරහට කොරෝනා එබෝලා වාගේ සැර වයිරස් පැට්ටෝ ලැබ්වලින් එළියට පැනලා අපිව බලන්න එයි. අපේවාගේ දේසපාලුවන් හූරාකාපු රටවල් තවත් බංකොලොත් කරවගන්න ...

      Delete
  8. ඒක තමයි ජීවිතේ. අපි මේ අපි විහිං හදාගත්ත සංකල්ප නඩත්තු කරන්ඩ උදේ හවා මහන්සි වෙමින් ඉඳ, මැරිලා යන්නෙමු.

    https://www.youtube.com/watch?v=Qgs528eZXSs

    ReplyDelete
    Replies
    1. අන්තිමේ වයසට ගොහිල්ලා ආපහු හැරිලා බලනකොට විදපු සතුටක් තියේද ජිවිතේ..

      Delete
  9. https://dumindasanchare.blogspot.com/2023/07/blog-post_30.html

    ReplyDelete
  10. ඇත්ත දකිනව - හිතට ගන්නව
    තත්ත්පරේකින් අහක දානව
    පුරුදු කණුවෙම බැඳී ඉඳගෙන
    කෙඳිරි ගාමින් හිනා පානව

    මේකට කියන්නෙ මනුස්සකම කියලද.......

    ReplyDelete
  11. සමහර වෙලාවට කෝවිඩ් හොඳයි වගේ කියලත් හිතෙනව ලෝකෙට

    ReplyDelete

අදහස් මෙතන නිදහස් කරන්න

නාවික සැතපුම් ගොඩබිම් සැතපුම්වලට වඩා වෙනස් වන්නේ ඇයි?

  නාවික සැතපුමක් යනු සමුද්‍ර  හා ගුවන් සේවා කර්මාන්තවල භාවිතා වන මිනුම් ඒකකයක්. නාවික සැතපුමක් ගොඩබිම් සැතපුමකට වඩා වෙනස් වෙනවා.  පෘථිවි භූග...