
"අපෝ මට නම් මේ කලුවරේ ඉදලා එපා වෙලා ඉන්නේ. අතපයත් හිරිවැටිලා වගේ."
"මටත් එහෙම තමයි කවදා මෙතනින් එළියට ගිහිල්ලා ලෝකේ දකින්න ලැබෙයිද මන්දා. අපිටත් ලගදිම මෙතනින් පැනගන්න පුළුවන් වෙවි."
"ඔයා මේ මොනවාද කියන්නේ, අර එහා පැත්තේ ඉන්න කට්ටිය දැන් කොච්චර කාලයක් මෙහේ ඉන්නවාද? කෝ එයාලටත් එළියට යන්න ලැබිලාම නෑනේ."
"ආ අර එහා පැත්තතේ ඉන්න එයාලද? මමත් මේ අහන්නම හිටියේ උන් ඉන්නෙත් ටික දෙනයි එත් දිලා තියෙන සැප."
"ඔව් එයාලා තමයි. ඒගොල්ලෝ ට නම් තව කාලයකට මෙහෙන් යන්න ලැබෙන්නේ නැතිවෙයි."
"ඔය යක්කුන්ට මේකෙන් යන්න ඔනේ කමක් නැතිව ඇති."
"පිස්සුද හයියෙන් කෑ ගහන්න එපා උන් තමයි වැඩිම වටිනාකමක් තියෙන අය."
"අපිවාගේ ලස්සනකුත් නෑ."
"ලස්සනට වැඩිය උන්ගේ බලන්නේ වටිනාකම විතරයි හලෝ. උඹ දන්නවාද ඔය උන් ටික ලේසියෙන් එළියට ගන්නෙත් නෑ."
"ඒ මොකද ?"
"කවුරුහරි අතුරුදහන් කලොත් අපිව භාරව ඉන්න එක්කෙනා එපැයි එවාටත් වග කියන්න වෙන්නේ."
"අපි ගැන නම් එයාගේ එච්චර සැලකිල්ලක් නෑ ඔ්නේ වෙලාවක පැනලා යන්න පුළුවනි."
"පැනලා යන්න නම් හිතන්න එපා රජෝ . එක නම් එච්චර හොද වැඩක් නම් නෙමෙයි. අන්තිමේදි නමත් කැතවෙලා. ඇගත් කැතවෙලා කොහේ හරි පාරක කුණු ගොඩකට යන්න වෙයි. එක ඇත්තවුනාට මටත් මේ හිරේ ඉදලා එපා වෙලා."
"ඇයි මේ ලගදිත් අපේ කිහිප දෙනෙක්ම එලියට ගියේ රටතොට බලාගන්න නම් ඉතින් ඉන්න වෙන්නම වෙනවා."
"එත් මෙකේ හිරවෙලා ඉන්න බෑ බං. මෙහා පැත්තේ උන් ඉන්න එකටත් ලගදි අලුත් කාන්ඩයක උන් ටිකකුත් ඇවිල්ලා ගාල් කෙරුවා. දැන් උන් ඉන්නෙත් කිටිකිටියේ හිරවෙලාලු."
"එහෙනම් උන්ගේ පරණ උන්දෑලාට යන්න ලැබෙයි."
"යන්න ලැබෙයි ? උඹ දන්න ඉටි ගෙඩිය. එහෙම නැත්නම් පරණ උන්ව තියලා අලුත් උන්ව අරන් යයිද දන්නේ නෑ. මෙකෙත් ඉස්සර හිටපු උන්ට එහෙම කලා කියලා මම මෙහෙට එද්දි හිටපු පරණම අයියලා ටික දෙනා මට දවසක් කිව්වා."
"කෝ උන් ටික ? ලගකදි දැක්කේ නෑ."
"ආ මේ ළගදි කවුද මහත්තයෙක් උන්ව හොයාගෙන ඇවිල්ලා තියෙනවා. උන්ට ගිහිල්ලා එන්නම් කියන්න වත් වෙලාවක් තිබ්බබේ නෑ බං."
"එහෙනම් අපේ මහත්තයා එකපාරටම කට්ටියම දිලා දැම්මා?"
"නැතිව තියා ගෙන ඉන්නද? යනකොට පරණ උන්ගේ මුණුවල තිබුන සතුටක්ද දුකක් ද මන්දා. මට තාමත් උන්ව මැවිලා පේනවා."
"උන් එහෙනම් දැන් හොද තැනක ඉන්නවා ඇති."
"කවුද දන්නේ උන්ව මොන වැඩකට අරන්ගියාද කියලා?"
"මට නම් ආස මෙතනින් එලියට ගියාම පිටරකට යන්න. මම හීනෙන් දැක්කා ප්ලෙන් එකක නැගලා ඉගිලිලා යනවා."
"මොකද සුද්දෙක්ගේ හුරතෙලක් වෙන්න යන්නද? පිටරට ගියාට සුද්දන්ගේ හුරතල්ලුවෙන්න හැමොටම බෑ බං."
"ඔන්න උඹ මගේ හිත කඩලා දාන්න හදනවා. එහෙම නොවුනත් කමක් නෑ. මට ආස පිටරටකට යන්න විතරයි."
"මම කිව්වේ ඇත්ත බං. උඹගේ හීන බිදලා දාන්න හැදුවා නෙමෙයි. දැන් මෙහේ උන් අපිව ගනන්ගන්නෙත් නෑ බං. ඉතිං කොහොමද කියන්නේ සුද්දෝ අපිට කැමතිවෙයි කියලා?"
"අපිට කැමති උන් තාමත් ඉන්නවා බං. ඇයි මොකද අපේ ලස්සනෙන් අඩුවක්ද?"
"එළියට ගියාම අපිට මොකක් වෙයිද දන්නේ නෑ බං. මම නම් හිත හදාගෙන ඉන්නේ කොහේට උනත් යන්න."
"ඔය සමහරු තාමත් ඇගපුරාම කෙල ගානවලු. මට නම් හරිම අප්පිරියයි. චී මතක්වෙනකොටත් වමනෙට එන්න වගේ. "
"එහෙම තමයි හලෝ අපේ ජිවිතේ. අපේ සරීර හැදිලා තියෙන්නේ උන්ගේ ඔනේ එපා කම් වලට තමයි.
අපිට එක විද දරාගන්න වෙනවා."
"උඹ කියන්නේ අපි මිනිස්සුන්ගේ කෙලි බඩුවක් වෙන්න ඔනේ කියලාද? "
"තව වෙන්න දෙයක් නෑ. උන් ගේ අතේ තමයි අපේ ජිවිතේ රැදිලා තියෙන්නේ . කොටින්ම උන් තමයි අපේ වටිනාකම් තිරනය කරන්නෙත්."
"මේ දහ ජරා සමාජක‍්‍රමය නැති කරලා දාන්න ඔ්නේ. මේකද සාධාරන සමාජය? අපි වගේ පිඩිතයින්ව තවත් තලා පෙලන්න ඉඩ දෙන්න බෑ."
"ඔච්චර රැඩිකල් විදිහට හිතන්න එපා බං. මෙතනින් එළියට යද්දිම කොහොමත් සීල් එකෙන් තැලෙනවානේ."
"ඒ සීල් එක වදිද්දි ලැබෙන මිහිරි වේදනාව නම් ආසාවෙන් විද දරාගන්න නම් පුළුවනි. එත් අර මල ජරා කෙල තමයි ප‍්‍රශ්නේ. ඔය දෙකම නැතිව ඉන්න ලැබෙනවා නම්."
"චී එහෙම වැඩක් තියෙනවාද බං අපේ ජිවිතෙන්. ඒක නිකං අර දෙකටම නැති ජිවිත වගේයිනේ."
"සමහර නෝනලා මහත්තුරු කැමති එහෙම අයටනේ. එහෙම පාවිච්චි නොකරපු අයගේ වටිනාකම වැඩියිලු."
"ඒකත් ඉතිං ඒ මිනිස්සුන්ගේම කැමැත්තනේ බං."
"මම දැනන් හිටියේ නෑ බං මට වටිනාකමක් තියේනවා කියලා."
"අපි ඔක්කෝටමගේ ජිවිතවලට වටිනාකමක් තියේනවා. හැබැයි එක අපේ උප්පත්තියේදීම තමයි උන් තිරණය කරලා තියෙන්නේ."
"මම කැමති නෑ මචං කාගෙවත් ජීවිතයකට ඇලිලා ඉන්න. මට ඔ්නේ නිදහසේ ස්වාධිනව ඉන්නයි. අතින් අත මාරුවෙලා යන්න. මිනිස්සුන්ගේ විනෝදෙට සුරතලෙක් වෙන්නයි ඔනේ කරන්නේ."
"අපි ඉපදිලා ඉන්නේ තව එකෙකු එක්ක බැදිලා ඉන්න තමයි නැත්නම් අපි මේලෝකෙට උපද්දවපු කාර්්‍යයෙන් වැඩක් නැතිව යනවා තමයි. හැබැයි ඇලුවුන එකාගෙන් ගැලැවිලා සුරතලෙක් වෙන්න පුළුවනි."
"එහෙම වැඩක් නෑ බං. එතකොට අර සීල් එකෙන් ඉදුල්වෙලා ඉවරයිනේ."
"එයි කෑ කැනොගහා හිටපල්ලා. ඔන්න මහත්තයා පොතේ පිටු පෙරලනවා කාට ටිකට් එක ඇදෙයිද දන්නේ නෑ. පිටරට යවන්නලු ඔ්නේ කියන්නේ."
"එයි මචං මාව ගත්තා ."
"මාවත් ගත්තා. යන්තං ඇති එළියට පැනගත්තා"
"කෙල ටිකක් ගෑවුනාට කැතක් හිතන්නේ නැතිව ලියුමට හොදට ඇලවෙයන්. බායි මචං."
මේ අයියේ ඔයා මේ මුද්දර ගැනද ලිව්වෙ.
ReplyDeleteශෝක් අයියෙ හරි ලස්සනට ලියල තියෙනව.
ඔයාටෙ බුදු සරනයි අයියෙ.
ඔයාටත් බුදු සරණයි දෙවි පිහිටයි.
Deleteමුද්දර දැන් දකින්නත් නෑ
ReplyDeleteතියේනවා. දැන් ලියුම් ලියන්නේ නැති නිසා පාවිච්චිය අඩුයි.
Deleteමුද්දර දැන් දකින්නත් නෑ
ReplyDeleteආා මුද්දර
ReplyDeleteඔව් මුද්දර
Deleteඇලවෙන තරමට ගලවන්නේ නැති මුද්දර.
ReplyDeleteඇත්ත තමයි.
Deleteෆොන්ට් එකේ පාටෙ අවුලක්ද මගේ ඇහේ අවුලක්ද මන්දා ලියලා තියෙන ඒවායින් බාගයයි පේන්නේ... පේලි දෙක තුනක් පේනවා අනික් දෙක තුන පේන්නෑ...ආයෙ පේලි දෙකතුනක් පේනවා... අනික් තුන නෑ...
ReplyDeleteඅනේ මන්දා එහෙම එකක් පෙන්නේ නෑ. ගූගල් එකෙන් එන අවුලක්ද දන්නේ නෑ.
Delete