ජනපති වාසය නොකලාට මේ නිලනිවසේ බොහෝ වටිනා මිල කලනොහැකි පෞරාණික මෙන්ම අගනා කලාකෘති වලින් පිරිලා තියේනවා. සමහරක් ජනපතිලා ධුරයේ කාලය අවසන් වෙලා යනකොට මේ වටිනා භාන්ඩ හා කලාකෘතිත් අස්ථාන ගතවෙලා ගිහිල්ලා තිබුනා. ජනපති මැදුරේ තිබු ඉතා විටිනා චිත්රයක් ආපහු මතුවුනේ ලංඩනයේ චිත්ර වෙන්දේසියකින්. (ඒ චිත්රය තිබුනේ මුල්කිරිගල විහාරයේ දර්ශණයක් කියලා තමයි මතක)
හැබැයි ඒ චිත්රය ජනපති මැදුරේ නම් තියේනවා දැක්කේ නෑ. බොහොමයක් චිත්ර ඇදලා තිබුනේ ජොර්ජ් කීට්, මංජු ශ්රී ,නයනාන්ද, සිවලි, ස්ටැන්ලි කිරින්දේ යන අතිදක්ෂ ආටිස්ලා තමයි. එහෙනම් චිත්ර බලලා රජගෙදර රවුමක් ගහමු.