ගියවර පොස්ටුවෙන් ඇහැව්වා සිංහල ගීත10 ක් පුළුවන්ද නම් කරන්න කියා.
නමිනං උන්නැහැ ගීත දෙකක් ද කොළඹ ගමරාල අප්පුහාමි එක ගීතයක් ද හා වෘත්තාන්ත බ්ලොග් අඩවියෙන් එක ගීතයක්ද නම් කොරලා තිබ්බා. මේ ස්තුතිය උත්සාහ කරපු හැමෝටම. එහෙනම් ඔන්න පිලිතුරු ටික දැම්මා.
1. මුගටියෙක් ගයනා ගීය ----- "සදාදර නයෝ ඔබේ මංගල දිනේ " --- ජයන්ත දිසානායක
2. කලුකුමාරයා ගයනා ගීය --- "තුංමංසල ළග බලාසිටින්නේමි ඔබ එනතුරු ලදුනේ " --- තිලකසිරි රත්නායක.
3. ගිණිභටයා ගයනා ගීය ---- " ඇවිලුනු ගිනිදැල් නිවි නිවියද්දි ඈ මට හමුවුවා" -- සනත් නන්දසිරි.
4. බඩජාරියා ගයනා ගීය --- " නාවල අන්නාසි කොට්ටේ දොඩම්" -- චන්දාසේන හෙට්ටිආරච්චි
5. සමකාමි ඇසුරකට ආරාධනා කරනා ගීය --- "හැමදාමත් යාළුවේ මම ඉන්නෙමි පාලුවේ" --- සෝමතිලක ජයමහ.
6. ත්රිසම් එකක් ගැන ගැයෙනා ගීය ---- "කවදාද ආයේ එන්නේ හමුවන්න මා" --- ෂර්ලි වෛජයන්ත.
7. උපත් පාලන පෙත්තක් ගැන කොල්ලෙක් ගයනා ගීය ----- "මිතුරි මගේ සදාකල් හිටියා ලගින් ඔයා " -- රූකාන්ත ගුණතිලක.
8. සමකාමි යාලුවා වෙන්වියෑම ගැන ගයනා ගීය --- "ඉස්සර බැදි පෙම සිත්වල සුවදයි " -- සෝමසිරි මැදගෙදර.
9. තොට යකා ගැන ගයනා ගීය -- "තොටුපල අයිනේ කවුද අතවනන්නේ" -- වික්ටර් රත්නායක
10. බත් නොකන කෙල්ලක් ගැන ගයනා ගීය -- "ඈ තාරකාවි " --- ටිරෝන් මද්දුමගේ.
මේ ගීතයන් සියල්ල ඉතාමත් රසවත් සිංහල ගීතයන් බවත් මෙය විනෝදාස්වාදය පිනිස විතරක් මිස කිසිවෙකුට අපහාසයක් කිරිමේ චේතනාවෙන් නොකරන බවත් කරුණාවෙන් සළකන්න.