ජනපති වාසය නොකලාට මේ නිලනිවසේ බොහෝ වටිනා මිල කලනොහැකි පෞරාණික මෙන්ම අගනා කලාකෘති වලින් පිරිලා තියේනවා. සමහරක් ජනපතිලා ධුරයේ කාලය අවසන් වෙලා යනකොට මේ වටිනා භාන්ඩ හා කලාකෘතිත් අස්ථාන ගතවෙලා ගිහිල්ලා තිබුනා. ජනපති මැදුරේ තිබු ඉතා විටිනා චිත්රයක් ආපහු මතුවුනේ ලංඩනයේ චිත්ර වෙන්දේසියකින්. (ඒ චිත්රය තිබුනේ මුල්කිරිගල විහාරයේ දර්ශණයක් කියලා තමයි මතක)
හැබැයි ඒ චිත්රය ජනපති මැදුරේ නම් තියේනවා දැක්කේ නෑ. බොහොමයක් චිත්ර ඇදලා තිබුනේ ජොර්ජ් කීට්, මංජු ශ්රී ,නයනාන්ද, සිවලි, ස්ටැන්ලි කිරින්දේ යන අතිදක්ෂ ආටිස්ලා තමයි. එහෙනම් චිත්ර බලලා රජගෙදර රවුමක් ගහමු.
කීට්ගේ අප්රකට පොඩි චිත්රත් දැන් මිලියන් 15කට විතර තක්සේරු වෙනවා
ReplyDeleteසුප්රසිද්ධ කෞතුකාකාගරවලිනුත් ඔරජිනල් එක උස්සලා fake එකක් තියපු අවස්ථා තිබුන නිසා ඔය ඔතන තියෙන්නේ ඔරිජිනල් ඒවාද කියලත් සැකයක් හිතට එනවා.
Deleteවැදගත් තොරතුරු ටිකක්
ReplyDeleteස්තුතියි රස්.
Deleteවටිනා කියන ලිපියක්!
ReplyDeleteස්තුතියි
Deleteආසකරන ලිපියක්.
ReplyDeleteජයවේවා!!!
ජයසතුට බෝවේවා.....ස්තුතියි දුමි
Deleteඇත්තට ඉතිං මේ මන්දිරේ කවුරුත් පදිංචි නැද්ද? ජනාධිපති නිකං උස්සවාකාරී විදිහට පාවිච්චි කරනව විතරද?
ReplyDeleteරාජ්ය අමුත්තන් පිලිගන්න වාගේ උත්සවකාරි වැඩ වලට විතරයි.විදුලි බුබුලක් දෙකක් විතරක් දැල්වෙන හොල්මන් මන්දිරයක් වාගේ රෑට පෙන්න තියෙන්නේ.ආරක්ෂක අංශවලින් රැකවල් දාල තියෙනවා.
Deleteමරුනේ... ස්තූතියි මේ ලිපියට... ජයවේවා !!!
ReplyDeleteඅරෑෂිටත් ජය වේවා
ReplyDeleteඅපේ ඔෆිස් එකේ අල්ලපු වැට. මෙලෝ සද්දක් නෑ. හැබැයි එළියෙ සෙරමෝනියල් ගාඩ් එක ඇතුලෙ ආරක්ෂාව ඒ විදියටම තියෙනවා.
ReplyDeleteඔව් ගාඩ් එකනම් කොච්චර දැම්මත් ජනාධිපතිලා ඒ මන්දරයේ වාසය කරන්න බය ඇයි කියන එක නම් ප්රශ්නයක් තමයි.
Deleteහොඳ වෙලාවට ඕකේ කවුරුවත් පදිංචි නැත්තේ නැත්තන් ඔය කළා නිර්මාණවලට දෙයියන්නේ පිහිටයි
ReplyDeleteවිචාරක දියණිය
මට නම් ඔය පොල්ලෙන් ගැහුවා වගේ ඇඳලා තියන එක තේරුම් යන තාත්වික චිත්ර වලට අමතරව "මොඩර්න් ආර්ට්" නම් තේරෙන්නෙම නෑ බං.
ReplyDeleteහැබැයි බොරුවට තේරෙනවා වගේ ඉන්න ඕනෙ, නැත්තං කොන් වෙනවා :-D