Thursday, April 27, 2017

මිහිරැති විසකුරු ඵලය


වින්දෙමි එහි රසය
මිහිරැති ඇපල් ගෙඩියක
පිරිමදිමින් නුඹේ නැඹ
කියන්නට එපා පිරි ඇතැයි කුස
බැරිය නවතන්නට
රාහුලයෙකුට මගේ ගමන
තහනම් ගසක හටගත් ඵලය 






Sunday, April 16, 2017

සමුගත් ගුවන් විදුලියේ ජ්‍යෙෂ්ඨම ගායිකාව


බොදු ගීයෙන්  රසික හදවත් වලට සමිපවුන ගුවන් විදුලියේ ජ්‍යෙෂ්ඨම ගායිකාව ලෙසින්  වැජබෙන ගීත කොකිලාව අපේ‍්‍රල් මාසේ දෙවනිදා උදෑසන අපෙන් සදහටම සමුගත්තා. ඇය තමයි විවියන්ද සිල්වා බොරලැස්ස. විවියන්ද සිල්වා බොරලැස්ස කියුවිටම බොහෝ දෙනෙක්ට මතක්වෙන්නේ බොහෝ ජනප‍්‍රිය "දුර පේන තැනිතලා "ගීතයයි "නංගී නංගී රූපිකා" ගීතයයි තමයි. විවියන් ගැයු ඇගේ බොදු ගීත අද දක්වාම රසික හදවත්වලට සමිපයේ පැවතීමේ වාසනාවත් දශක ගනනාවක් ඈ තිස්සේ උරුම කරගෙන සිටියා. ඈ මියගිය විත්තිය බොහෝ ජනමාධ්‍ය වලින් කියවුනේ නැති තරම්. 



විවියන් ගේ පියානන් ටවර්හොල් යුගයේ සුප‍්‍රසිද්ධ නාට්‍යකරුවෙකුවු ගිල්බට් එස්  ද සිල්වායි. ඔහුගේ ආභාශයන් රැගෙන ඈ ගීත ගායනයට යොමුවුනේ පියානන්ගේ කලාකාමි අඩිපාරේ යමින් තමයි. ඔහු තම නිවසේ නාට්‍ය පුහුණු කරද්දි ලක්ෂ්මී බායි,  විමලාකාන්තා,  රොම්ලස්ද  සිල්වා ආදී ශිල්පින් එඩි මාස්ටර්  හා රූපසිංහ මාස්ටර්ගේ සංගීතයට ගීත ගායනා කරනවා බලා සිටි පුංචි විවියනගේ සිතද සහජ පුරුද්දෙන් ගීත ගායනාවට ඇදිලා ගියා.  ඇගේ සහජ හැකියාව හඳුනාගන්නේ ඇගේ මාමාකෙනෙකුවු සංගීතඥ ජි. ආර්. එඞ්වඞ් විසිනුයි. තාත්තාගෙන් අවසරගත් ඔහු පුංචි විවියන් ව ගුවන් විදුලියට රැගෙන ගියා. විවියන්ගේ වයස අවුරුදු 9යේදි මාමාගේ සරල ගී වැඩසටහනකට ගායනයෙන් සහය විමට ලැබිම ඇගේ ජිවිතයේ ලොකු කඩඉමක් වුනා. 

පසුකාලිනව විවියන් අධ්‍යාපනය ලැබු මරදාන මධ්‍ය විද්‍යාලයේ සංගීත ගුරුවරියකුගෙන්ද එච්. ඩබ්ලිව්. රූපසිංහ මාස්ටර් ගෙන්ද ගායන හා වාදනය ගැන ඉගෙන ගන්නට  විවියන්ට වාසනාව ලැබුනා. එ් සියල්ලටම නොමද සහයක් ලැබුනේ පියානන්ගේ මඟපෙන්විම මතයි. ගුවන් විදුලියේ එ් ශ්‍රේණියේ සරල ගී ගායිකාවක් ලෙසින් සමත්වෙන්නට විවියන්ට මේ සංගීතය ඉගෙනුම බොහෝ උපකාරිවුනා. "චන්ද්‍රා දේ පි‍්‍රයා කාන්ති " ගීතය ගයමින් ගුවන් විදුලි සරල ගී ගායිකාවක් ලෙසින් ගායන දිවිය අරබන්නට ඇයට හැකිවෙනවා.  1947 දි ගුවන් විදුලි සංස්ථාවෙන් පන්ඩිත් රත්නජංකර්  පඬිතුමා ලංකාවට ගෙනවිත් ගායක ගායිකාවන් වර්ග කර ශ්‍රේණිගතකර කරන්නටවුනා. මේ පරික්ෂණයෙන් විවියන්ද සිල්වා බොරලැස්ස විශිෂ්ඨ ශ්‍රේණියේ ගායිකාවක් ලෙසින් සමත්වෙන්න පුළුවන්වෙනවා. 

පුංචි විවියන්ගේ  ජනප‍්‍රියත්වය වැඩිවෙන්නට පටන්ගත් නිසාම ගුවන් විදුලියෙන් ලැබෙන ගුවන් කාලයත් ඇයට වැඩිකරදෙනවා. මුලින් විනාඩි 15 ක සරල ගී වැඩසටහනක් සඳහා කාලයක් ලැබුනත් පසුව විනාඩි 30ක ගුවන් කාලයක් ඇයට හිමිවෙනවා. මේ පැය භාගේ වැඩසටහන් වලට ගුවන් විදුලියෙන් රුපියල් 90ක  මුදලක් විවියන්ට ගෙවනු ලැබෙනවා.  විවියන්ගේ වයස 15 වෙද්දි ගුවන්විදුලිය ඔස්සේ ඇගේ ගීත ගනනාවක් ජනප‍්‍රිය විම නිසා කාර්ගිල්ස් සමාගමෙන් ඇගේ ජනප‍්‍රිය ගිත තැටිවලට නගන්නට එහි කළමණාකාර ගේබි‍්‍රයෙල් ගුණරත්න නිවසටම ඇවිත් ආරාධනා කරනවා.  කාර්ගිල්ස් සමාගමෙන් එච්.එම්.වි තැටිවලට නැගුණ විවියන්ද සිල්වා බොරලැස්සගේ තැටිවලට එ්කාලේ තිබුනේ විශාල ඉල්ලූමක්. ගීතැටි ලක්ෂය පන්නලා විකිනෙද්දි කාර්ගිල්ස් සමාමගෙමන් ඇයට තැටි 12ක් අඛන්ඩව  වාදනය කරන්නට පුළුවන් රුපියල් 3000 ක වටිනාකමෙන් යුක්තවු රේඩියෝ ග‍්‍රෑම් යන්තරයක්ද තෑගී කරනවා.එකල රුපියල් 3000ක් යනු රුපියල් ලක්ෂ දෙකකට වඩා වැඩි විශාල මුදලක්ද වෙනවා. මේ සෑම සංගීත තැටියක් අලෙවිවුනාම එයට කොමිස් මුදලක් (රෝයල්ටිය) ලැබුනේ බොහෝම සීමිත ශිල්පින් ප‍්‍රමාණයකට පමණයි. එ් සිමිත පිරිස අතරට විවියන්ටද එක්වෙන්න ලැබෙන්නේ ඇගේ තැටි උණුකැවුම් මෙන්  විකිනෙන්නට වුනු බැවින්. රුපියල් 5ක් වු තැටියකට රෝයල්ටිය විදිහට තැටියකට සත 25ක් විවියන්ට උපයාගන්නට හැකිවෙනවා. සංගීතඥ පී. ඩි. වින්සන්ට් පෙරේරා විසින් විවියන්ද සිල්වා බොරලැස්සගේ ගීත ගනනාවකටම සංගිතය සපයා තිබිමත් ඇගේ ගීතවල ඇති විශේෂත්වයක්. විවියන්ගේ මංගල ඇරයුම්පතද ග‍්‍රැමෆොන් තැටියක ආකෘතියකින් සකස්කර තිබිමද විශේෂත්වයක් වෙනවා.

ග‍්‍රැමෆොන් යුගයේ මේ ගීත බොහෝ ජනප‍්‍රියවුනා විතරක් නොව ඈ සම්මාන 25කින් පමණ  පිදුම් ලබනවා.  මේ අතරට  1996 ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරසවි අසපුව උපහාර සම්මානයද 1998 දි කලාභූෂණ සම්මානයද  2003 දී රාජ්‍ය සම්මානය හා  ටවර්හෝල් උපහාර සම්මානයද   2010 කොළොම්තොට භූෂණ සම්මානයන්ද ඇතුලත්වෙනවා. 







විවියන්ද සිල්වා බොරලැස්ස නම්වු විශිෂ්ඨ ශ්‍රේණියේ ගායිකාවගේ ජනප‍්‍රියවු ගීතයන් ටිකක් මා මෙලෙස පෙල ගැස්සුවා. 
"බුදු මඟුල ළඟම එ්වී...."
"දුරපේන තැනිතලා...." කාන්තී වක්වැල්ල මහතා සමග  යුග ගායනයක්
"ආලෝකය මේ යැයි පවසන දිනයයි ...."
"නවතින්න තිස්ස ඇයි මේ...." 
"මා සංබෝධි ...."
"දිලෙනා  සමනල ශාන්ත සිරිපා.... "
"මෙලොව දනා.... "
"අමා ශී‍්‍ර තුම් ...."
"කෝ විර පුතා...."
"සිංහ කොඩිය ඉහළ...."   සනත් නන්දසිරි සමග යුග ගායනය
"මගේ ලක් කුමාරි ...."
"ගාමිණි රාජා...."
"නංගී නංගී රූපිකා...."
"කුමුදු කුමාරි...."
"මගේ පුතුනේ .... "
"පිපිලා ජලාසේ ...."
"නිදියහනේ හිද ...."   හරුන් ලන්ත‍්‍රා සමග යුග ගායනය
"කනගාටුවි තැවෙන්නේ.... "   එච් ආර් ජෝතිපාල සමග යුග ගායනය
"ඇයි මන්ද දුක්වන්නේ.... "   සිසිර සේනාරත්න සමග යුග ගායනය
"ගංගා කුමාරි...."   හරුන් ලන්ත‍්‍රා සමග යුග ගායනය 
"දිස්නේ හදේ.... "
"සෝ ගින්න හදේ...."
"සැරදේ ශී‍්‍ර ස්කන්ධ කුමාරි...." 
"රැල්ල නැගේ ...."   සුනිල් සාන්ත සමග
"එගොඩ ගොඬේ ගං ඉවුරේ...."  

අවුරුදු 86 ක දිවිගෙවා පසුගිය දෙවනිදා අපෙන් සමුගත් ග‍්‍රැමෆොන් යුගයේ සිට සිංහල සුභාවිත ගීතයෙන් රසික හදවත් පිනවු ගුවන් විදුලියේ ජ්‍යෙෂ්ඨම ගීතකොකිලාවියට කොළොම්පුරෙන් නිවන්සුවය පතනවා. 

කොට රංජිගේ කුකුල් කේන්තිය - සයුරේ දසවසක් - 7

                    එක් නෞකාවක් කොළඹටත් අනෙක කන්කසන්තුරයටත් බලා යාත‍්‍රා කලේ අප ගාල්ලේ තනිකරවමින්ය. ඉන් තෙදිනකට පසුව අප නෞකාවද ති‍්‍රකුණාමලය...