Friday, February 3, 2017

නිතීඥ ජොන් ද සිල්වා ලියු නුර්ති ගී

නිතීඥ ජොන් ද සිල්වා මහතා කියන්නේ අපේ රටේ ෂෙක්ස්පියර්, සිංහල නාට්‍යයේ පියා,  ලංකා කාලිදාස යන විරුදාවලීයන් ගෙන් හැඳින්වුනු කලාකරුවෙක්. අපේ කොළොම්පුරෙන් මීට පෙර ඔහු ගැන ලිපියක් පළවුනා. එය මෙතැනින් බලාගන්න පුළුවනි. එහෙනම් දැන් මොනවාද ඔහු ගැන කතාකරන්න යන්නේ? මෙවර අපේ කොළොම්පුරේ ලිපිය සකස්වෙන්නේ අපේ කලා ලොවේ අදටත් නිතරම කියැවෙන එතුමා රචනා කරන ලද නුර්ති ගීත ගැනයි. මේ ගීතයන් ඔයාලත් හොඳට අහලා ඇති නේද? හැබැයි නිතීඥ ජොන් ද සිල්වා මහතා මේවා රචනා කළා කියලා දැනගෙන හිටියේ නෑ නේද?





අඹ දඹ නාරන් කෙසෙල් දෙල් පනා කකා මේ වනා සැපා ලබනෙම් 
ගංගාවේ  ඕලූ ඇත්තේ  එ්වායේ කෑම නැත්තේ
ඇත පුෂ්ප  අත්තේ අත්තේ එ්වා පිපේ
(රමායණ නාට්‍ය)


දන්නෝ බුදුන්ගේ ශ‍්‍රී ධර්මස්කන්ධා  

පේවි රකීති  සොඳ සීලේ නිබන්දා
ක්ලේශ නස්නා භික්ෂු ඇත්තේය  බෝසේ 
රහතුන් නිවසනා පාය ප‍්‍රකාසේ...... 
(සිරිසඟබෝ චරිතය)






සුවඳ පත්ම  ඕලූ ආදී නොයෙක් පුෂ්පයෙන් සැදී 
සරන හංස සේරු බෝම පොකුණු  ශිත පැන්පිරී 
සුවඳ ......
(දුටුගැමුණු චරිතය)

දන්න වම්හුම් අප කන්නසාමි රාජධුරයේ

රාජධුර   රාජධුර    රාජධුරයේ
දන්න වම්හුම් ......
රකී බුද්ධ ධරමේ සීල පුර්වේ රජුන් ලෙසේ
අධර්මිෂ්ඨ  නීච කි‍්‍රයා යයි මැකී ලකේ
(ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ චරිතය) 







අද වෙස්සන්තර රාජපුතා මංද්‍රි කුමාරි බඳී  
දේවෝපකාරෙ වේවා සෑදීසෙත් 
රට වැස්සන්ගේ කාලේ  හොඳා 
දුර්භික්ෂ යාය සිදී 
මංගල්ලේ සාරවෙවා සෑදී සෙත් 
(වෙස්සන්තර නාට්‍ය)






වාසනා දිනේක මේක පාමූ තුටින් සිතේ 
පාමූ තුටින් නටමු  මේ ලී දරා අතේ
වාසනා දිනේක ඔහෝ
වාසනා දිනේක මේක පාමූ තුටින් සිතේ 
(රත්නාවලි නාට්‍ය)






පිනවන්ට සවන් ඇසුවන්ගේ සොඳින් 
සංගීත සිංහලේ ද්වීපේ
මාවාගෙ උගත් මේ කාලෙ අයෙක් නැත
ඊට දුර්ජනා කෝපේ 
මහ  මෝඩකමක් තව ඇද්ද රටේ මා
එක්ක අනේ ඇයි කොපේ
ඇන්නෑ ඊර්ෂ්‍යා  මුන්ගේ  මෝඩකම් පේනා
(ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ)






මගේ මද්‍රී නම් බිසෝගේ 
යාඥාව  බෝය වේගේ
නෙක් චණ්ඩ ව්‍යාඝ‍්‍ර වාසේ 
හිමාල දේශ දේවී
හාමත්ව ඉන්ට වේමැයි
බෝදුක් විඳින්ට වෙන්නේ
නවතින්න මාලිගාවේ
සීදේවි නේනු මාගේ 
(වෙස්සන්තර නාට්‍ය)

බෝ  දෝස් කියා  මාගේ බෝ දොස් කියා  

සිව් දෙසේ වැස්සෝ කිපී  පන්නා මා ලූහ මෙවන - දාසින්ව  ලබාගෙන - සම්භ වෙන්ටා සුන්දරී
යන්නටා හැක්කී වේදෝ  - දානා දෙයිද වෙස්සන්තර  
බෝ  දෝස් කියා  මාගේ බෝ දොස් කියා  
(වෙස්සන්තර නාට්‍ය)






සිරි ගණ ධර්ම සංඝ නමදිම් මෝ
බෝධිසත්ව  චරිතක්ද නාට්‍යකර 
ලොවට පාමු බැතිනී බෝ
සර්ව දෝෂයන් භංගවෙන්න සෙත
දෙවියෝ දෙත මෙත පා බෝ
(වෙස්සන්තර නාට්‍ය)


රකිනු ඊශ්වරා 

මේ අප සෑම සකල අපල
දුරැර නොහැර සිරි සැප සලසාද බැද්දේ ඉන්න අපට 
(රමායණ නාට්‍ය)

දේවදාර වෘක්ෂ චම්පාකශෝක වන්දනා 

පුගතාල මූණමල්ද  කදිර මෙ වන නන්දනා
බූරු ගෝන හස්ති  අශ්ව -  මේ වනේ පෙනෙත් විශාල
( උත්තර රාම චරිතය නාට්‍ය)

ඇයි තරහෙන් මාන්නකාරි

පලා දුවන්නේ  දමලා මා මෙහි
පලා දුවන්නේ  දමලා මා
ඉවසිලිවන්තී කෝප නොවේවී
ශාන්තදාන්ත වේ
(රත්නාවලි නාට්‍ය)

අමන දනෝ සිතති මෙ 

නාට්‍ය කලා නාඩගම් වගේය කියා
පවර ශාස්ත‍්‍ර සේ හින්දා
යාය පිරිහි රට වැටේ  ඉන් සජනෙනි
(රත්නාවලි නාට්‍ය)

ගුමුනාදේ  දෙන බඹරගේ දොසිනා 

කරදර විය බෝසේ
එ් මල දාලා ආවේ ගුම්ගාලා මාගේ මූණ රිද්දා
වත මාගේ මල වාගේ එහි භෘංගේ එයි රිංගේ
(ශාකුන්තලා නාට්‍ය)

සවන් දී  පෙර රාම චරිතේ  අසව්

පොරණ ලක්දිව්  උන්න රාවණ
ආලවි ජානකී ගෙනගියේ තම රියේ
කියමි  එය සංගීත බසිනා -  පෙර රාම චරිතේ  අසව්
(රමායණ නාට්‍ය)

පත්මෙකි පේන මූණා - සොඳ මූණා - දිලි සඳකි සරත් 

කාලේ - මෙම කාලේ - උම්මාද වෙන්නා  - සීත මූණ බලා
වාසනා  -  අහො පාවා ගනීදෝ මේ මා 
පත්මෙකි පේන මූණා - සොඳ මූණා - දිලි සඳකි සරත් 
(රමායණ නාට්‍ය)

මේ නුර්තී ගීත සම්පුර්නයෙන්ම ලියා එකතුකලේ නැත්තේ ලිපිය බොහෝ දිගුවන බැවිනි.


6 comments:

  1. බොහොම ස්තූතියි ... නූර්ති නාඩගම් ගී වලට මම එදා ඉදන්ම කැමතියි...

    ReplyDelete
  2. දැන් නුර්තී ගීත මොනවාද කියලා දන්නේත් නැති අය ඉන්න සමාජයක ඔයා වාගේ අයත් ඉන්න එක ලොකු දෙයක්.

    ReplyDelete
  3. රාමායනය නැවත නිර්මාණය කරනවා. මම ඒකේ ප්‍රෝග්‍රම් එකක් බැලුවා ටීවී එකේ. ගීත 54ම ගන්නේ නැතුව. ඒක කෙටිකරලා හදන්නේ.

    නූර්ති, ටීටර් සම්ප්‍රදායේ කොටසුත් එක්කරගෙන තව නාට්ටියකුත් කරනවා චූලා මෙන්ඩිස්. ඒකේ නම ඔටුණු හොරා.

    ReplyDelete
    Replies
    1. ආපහු මේ නාට්‍ය මහජනයා අතර ප‍්‍රසිද්ධ කරන්න ඔනේ. නැත්නම් මේවා වැලලිලා යනවා.

      Delete
  4. Niyamai. (samawenan meke sinhala type karanna be)

    ReplyDelete

අදහස් මෙතන නිදහස් කරන්න

අලුත් බ්ලොග් එකක්

  https://thepsychblog.com/  අපේ බ්ලොග් අඩවි අතරට අලුතින්ම එකතුවුනු බ්ලොග් එකක් තමයි https://thepsychblog.com    උඩ තියෙන ලිංක් එකෙන්  අලුත්...