Showing posts with label කොළොම්පුරේ මගේ කෙටිකතා.. Show all posts
Showing posts with label කොළොම්පුරේ මගේ කෙටිකතා.. Show all posts

Saturday, March 30, 2024

නාවික සැතපුම් ගොඩබිම් සැතපුම්වලට වඩා වෙනස් වන්නේ ඇයි?

 නාවික සැතපුමක් යනු සමුද්‍ර  හා ගුවන් සේවා කර්මාන්තවල භාවිතා වන මිනුම් ඒකකයක්. නාවික සැතපුමක් ගොඩබිම් සැතපුමකට වඩා වෙනස් වෙනවා.




 පෘථිවි භූගෝල විද්යාවට සමපාත වන දුර මැනීම සඳහා ක්‍රමයක් සපයන මෙය එක් නාවික සැතපුමක් අක්ෂාංශ මිනිත්තු එකක් පිළිබිඹු කරනවා. අක්ෂාංශ ලොව පුරා ස්ථාවර ලෙස සලකන්නේ විවෘත සාගරයේ සහ අහසේ ප්‍රස්ථාර මාර්ග සලකුණු කිරීම සඳහායි.

1929 දී ස්ථාපනය කරන ලද ජාත්‍යන්තර  නාවික සැතපුම හරියටම මීටර් 1,852 කි. මෙම නිර්වචනය පෘථිවියේ භෞතික දිග හා පළලයන් හා එක්ව නාවික සැතපුම් අක්ෂාංශ සහ දේශාංශ අංශක වලට සම්බන්ධ වෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන්, නාවිකයන් සහ ගුවන් නියමුවන් පෘථිවි දේශාංශ සහ අක්ෂාංශ ඔස්සේ ස්ථාන සැලසුම් කිරීමේදී නිරවද්‍යතාවය සඳහා නාවික සැතපුම නිරතුරුවම භාවිතා කරයි.

    ගොඩ සැතපුම්: 1 සැතපුම් = යාර 1,760 හෝ අඩි 5,280
    නාවික සැතපුම්: 1 නාවික සැතපුම් = මීටර් 1,852 හෝ ආසන්න වශයෙන් අඩි 6,076

නාවික සැතපුම් ඉතිහාසය

නාවික සැතපුමේ මූලාරම්භය වන්නේ සමුද්‍ර  යාත්‍රා කිරිම හා පෘථිවි ජ්යාමිතිය වෙනවා. එය අක්ෂාංශ අංශකයකින් හැටෙන් එකක් වන අක්ෂාංශ මිනිත්තු එකක් නියෝජනය කරවයි. ඓතිහාසික වශයෙන්, පෘථිවිය ගෝලාකාර බවත්, එය වටා ගමන් කිරීම අංශක 360 කට බෙදීමට ඇතුළත් වෙනවා.
පුරාණ නාවිකයින් සමකය වැනි වෘත්තයක් ඔස්සේ මනින ලද පෘථිවි මධ්‍යාංශක මත පදනම් කරගෙන මුහුදේ දුර මැනීමට භාවිතා කළහ.
දිග සහ අංශක ස්ථාවර අනුපාතයකින් දුර මැනීමේ සංකල්පය සටහන් වී ඇත්තේ රෝමවරුන් අතරය ඔවුන් mille passus නම් වූ මිනුමක් තිබූ අතර, එය දහසකට සමාන වුනා.

16 වන ශතවර්ෂයේ අග භාගය වන විට, ඉංග්රීසි නාවිකයින් මුහුදේ ඇති දුර ඕනෑම විශාල කවයක් දිගේ අංශකවලට සමාන විය හැකි බව හඳුනා ගත්හ. පෘථිවියේ ගෝලාකාර ස්වභාවයට අනුගත වූ නාවික සැතපුම වඩාත් නිවැරදි මිනුමක් ලෙස ඔවුන්ගේ කාර්යය මගින් තහවුරු වුනා.




    ආරම්භයේදි ගෝලාකාර පෘථිවිය: පෘථිවිය පරිපූර්ණ ගෝලයක් perfect sphere  බවට උපකල්පනය කිරීමෙන් නාවික සැතපුමක් ආසන්න වශයෙන් අඩි 6,080 ක් විය. පසුව පෘථිවිය පරිපූර්ණ ගෝලයක් නොව ගෝලාකාර ගෝලයක් - ablate spheroid  බව තේරුම් ගත් පසුව ගැලපීම් සිදු කරන ලැබුවා.

ජාත්යන්තර හයිඩ්රොග්රැෆික්  සංවිධානය  International Hydrographic Organization  1929 දී නාවික සැතපුම හරියටම මීටර් 1,852 (ආසන්න වශයෙන් අඩි 6,076) ලෙස ප්‍රමිතිගත කරා.  මෙම නිර්වචනය නවීන භූගෝලීය දැනුම සහ චන්ද්‍රිකා  මිනුම් සමඟ සමපාත වන අතර, නිරවද්‍ය  ගෝලීය සංචලනය - Nevigation  සඳහා අවශ්‍ය  නිරවද්‍යතාවයට අනුකූල වෙනවා.

නාවික සැතපුම් ගණනය කිරීම

නාවික සැතපුම ගණනය කරනු ලබන්නේ පෘථිවියේ පරිධිය මත පදනම්ව, විශේෂයෙන් අක්ෂාංශ අංශක වලට සම්බන්ධවයි. එක් නාවික සැතපුම් අක්ෂාංශ මිනිත්තු එකකට සමාන වේ. එය හරියටම මීටර් 1,852 ක් හෝ ගොඩබිම් සැතපුම් 1.1508 ට පරිවර්තනය කලහැකියි. පෘථිවි වක්‍රය හේතුවෙන් නාවික ගමනාගමනය සඳහා වඩාත් නිවැරදි නිරූපණයක් වන බැවින් මුහුදේ දුර සාමාන්යයෙන් නාවික සැතපුම් වලින් මනිනු ලැබේ.

1 නාවික සැතපුම් = අක්ෂාංශ 1 විනාඩි
මීටර්  1,852 කි
කිලෝමීටර  1.852 කි
ගොඩබිම් සැතපුම්  1.1508

මෙම මිනුම ජාත්‍යන්තරව එකඟ වී ඇති අතර සමුද්‍රියව සහ ගුවන් යානා ගමන් කිරීම සඳහා ඉතා වැදගත් වෙනවා. එය ගෝලීය නාවික පද්ධති හරහා අනුකූලතාව සහතික කරන අතර දුර තීරණය කිරීම සඳහා විශ්වාසනීය තත්වයක් සපයයි.

 නාවික සැතපුම් භාවිතයෙන් දුර ගණනය කිරීම

 පැතලි මතුපිටක් උපකල්පනය කරන ගොඩබිම් සැතපුම් මෙන් නොව පෘථිවියේ ගෝලාකාර හැඩය සැලකිල්ලට ගන්නවා.
නාවික සැතපුම් පැයට නාවික සැතපුම් වලින් වේගය මනින නොට් - knots  සමඟ ඒකාබද්ධව ද භාවිතා කරනවා. නාවික සැතපුම් සහ Knots  එකට භාවිතා කිරීම සාගරවල විශාල ප්‍රදේශයන්හි නිරවද්‍ය  ලෙස සැරිසැරීම සඳහා දිගුකාලීනව ස්ථාපිත වූ පුරුද්දකි. පෘථිවිය ගෝලයක් ලෙස සැලකීම සහ එය අක්ෂාංශ අංශකවලට බෙදා තිබිමත් නාවික සැතපුම මුහුදේ සහ අහසේ සම්මත මිනුම් ඒකකය ලෙස පවතින්නේ  ඇයිදැයි තේරුම් ගැනීමට සිදුවෙනවා.

නාවික සැතපුම් සහ ගොඩබිම් සැතපුම් සංසන්දනය කිරීම.

නාවික සැතපුම් සහ ගොඩබිම් සැතපුම් දුර මනිනු ඇති නමුත් ඒවා විවිධ සන්දර්භවල භාවිතා වන අතර විවිධ දිග ඇත. බොහෝ විට ව්යවස්ථාපිත සැතපුමක් ලෙස හඳුන්වන ගොඩබිම් සැතපුමක් අඩි 5,280ක් හෝ මීටර් 1,609ක් පමණ ලෙස අර්ථ දක්වා ඇත. එය 1,000 ක රෝම මිනුමකින් ආරම්භ වූ අතර මාර්ග දුර සඳහා එක්සත් ජනපදයේ බහුලව භාවිතා වේ.



මෙන්න කෙටි වගු සහිත සංසන්දනයක්:  
දිග 1 නාවික සැතපුම් = අඩි 6,076 (ආසන්න.) 1 ගොඩබිම් සැතපුම් = අඩි 5,280
පෘථිවි කල්පවත්නා ඛණ්ඩාංක මත පදනම්ව රෝම මිනුම 1,000 වේ
සමාන 1 නාවික සැතපුම් ≈ 1.1508 ගොඩබිම් සැතපුම් 

මුහුදේ සහ ගුවනේ යාත්‍රා කිරීම සඳහා නාවික සැතපුම පිළිබඳ සංකල්පය ඉතා වැදගත් වේ. එය පැයට නාවික සැතපුම් වල වේගය දැක්වීමට භාවිතා කරන නො සංකල්පය සමඟ යුගලනය කර ඇත. පෘථිවි හැඩය අනුව, නාවික සැතපුම් භාවිතා කිරීම ප්‍රස්ත්‍ර්‍රාර සිතියම් ප්‍රායෝගික  දුරවලට සෘජුවම පරිවර්තනය කිරීමට ඉඩ සලසනවා. 

ජාත්‍යන්තර  පිළිගැනීම සහ ප්‍රමිතිකරනය

1929 දී, ජාත්‍යන්තර  ජලවිද්යාත්මක කාර්යාංශය නාවික සැතපුම් ප්‍රමිතිගත කිරීම සඳහා රටවල් ගණනාවක් සමඟ ගිවිසුමක් සම්බන්ධීකරණය කළ විට සමද්‍රියව සහ ගුවන් යාත්‍රා කිරීම සඳහා සැලකිය යුතු සන්ධිස්ථානයක් අත්කර ගන්නා ලදී. මෙම ඒකකය නිර්වචනය කිරීම සඳහා ඔවුන් මීටර් 1,852 ක දිගකට එකඟ වූ අතර එය පසුව ජාත්‍යන්තර  නාවික සැතපුම ලෙස හැඳින්විණි. මෙම තීරණය ජාත්‍යන්තර  දේශසීමා හරහා අනුකූලතාවයට පහසුකම් සැලසූ අතර,, නාවික ගමනාගමනය සඳහා අත්‍යාවශ්‍ය  බව තහවුරු කළේය.

සියලුම රටවල් ජාත්‍යන්තර  නාවික සැතපුම වහාම සම්මත කර ගත්තේ නැත. එක්සත් ජනපදය ඇතුළු අතලොස්සක් මුලින් මෙම ගිවිසුමෙන් ඉවත් විය. එසේ වුවද, මීටර් 1,852 ක නිරවද්ය මිනුම වටා ඇති පුළුල් ජාත්‍යන්තර සම්මුතිය එතැන් සිට විශ්වීය වශයෙන් හඳුනාගෙන ඇති අතර එය ජාත්‍යන්තර  ඒකක පද්ධතියට අනුකූලව භාවිතා වෙනවා.

සාරාංශයක් ලෙස, නාවික සැතපුම් ලොව පුරා ගුවන් නියමුවන් විසින් භාවිතා කරන නාවික පද්ධති වෙත බාධාවකින් තොරව පරිවර්ථනය කරමින් ගුවන් ගමන් වල දුර මැනීම සඳහා විශ්වාසනීය සහ ගෝලීය ප්රමිතියක් සපයනවා.
  

නාවික සැතපුම් සිට ගොඩබිම් සැතපුම් දක්වා පරිවර්තනය කිරීමේදී, පහත දළ වශයෙන් භාවිතා කළ හැක.

    1 නාවික සැතපුම් ≈ 1.1508 ගොඩබිම් සැතපුම්

Wednesday, January 11, 2017

ඇලවෙන ජීවිත




"අපෝ මට නම් මේ කලුවරේ ඉදලා එපා වෙලා ඉන්නේ. අතපයත් හිරිවැටිලා වගේ."

"මටත් එහෙම තමයි කවදා මෙතනින් එළියට ගිහිල්ලා ලෝකේ දකින්න ලැබෙයිද මන්දා. අපිටත් ලගදිම මෙතනින් පැනගන්න පුළුවන් වෙවි."


"ඔයා මේ  මොනවාද කියන්නේ, අර එහා පැත්තේ  ඉන්න කට්ටිය දැන් කොච්චර කාලයක් මෙහේ ඉන්නවාද?  කෝ එයාලටත් එළියට යන්න ලැබිලාම නෑනේ."

"ආ  අර එහා පැත්තතේ ඉන්න එයාලද? මමත් මේ අහන්නම හිටියේ උන් ඉන්නෙත් ටික දෙනයි එත් දිලා තියෙන සැප."
   
"ඔව් එයාලා තමයි.  ඒගොල්ලෝ ට නම් තව කාලයකට මෙහෙන් යන්න ලැබෙන්නේ නැතිවෙයි."

"ඔය යක්කුන්ට මේකෙන් යන්න ඔනේ කමක් නැතිව ඇති."

"පිස්සුද හයියෙන් කෑ ගහන්න එපා උන් තමයි වැඩිම වටිනාකමක් තියෙන අය."

"අපිවාගේ ලස්සනකුත් නෑ."

"ලස්සනට වැඩිය උන්ගේ බලන්නේ වටිනාකම විතරයි හලෝ. උඹ දන්නවාද ඔය උන් ටික ලේසියෙන් එළියට ගන්නෙත් නෑ."

"ඒ මොකද ?"

"කවුරුහරි අතුරුදහන් කලොත් අපිව භාරව ඉන්න එක්කෙනා එපැයි එවාටත් වග කියන්න වෙන්නේ."

"අපි ගැන නම් එයාගේ එච්චර සැලකිල්ලක් නෑ ඔ්නේ වෙලාවක පැනලා යන්න පුළුවනි."

"පැනලා යන්න නම් හිතන්න එපා රජෝ . එක නම් එච්චර හොද වැඩක් නම් නෙමෙයි.  අන්තිමේදි  නමත් කැතවෙලා.  ඇගත් කැතවෙලා කොහේ හරි පාරක කුණු ගොඩකට යන්න වෙයි. එක ඇත්තවුනාට මටත් මේ හිරේ ඉදලා එපා වෙලා."

"ඇයි මේ ලගදිත් අපේ කිහිප දෙනෙක්ම එලියට ගියේ රටතොට බලාගන්න නම් ඉතින් ඉන්න වෙන්නම වෙනවා."

"එත් මෙකේ හිරවෙලා ඉන්න බෑ බං. මෙහා පැත්තේ උන් ඉන්න එකටත් ලගදි අලුත් කාන්ඩයක උන් ටිකකුත් ඇවිල්ලා ගාල් කෙරුවා.  දැන් උන් ඉන්නෙත් කිටිකිටියේ හිරවෙලාලු."

"එහෙනම් උන්ගේ පරණ උන්දෑලාට යන්න ලැබෙයි."

"යන්න ලැබෙයි ? උඹ දන්න ඉටි ගෙඩිය. එහෙම නැත්නම් පරණ උන්ව තියලා අලුත් උන්ව අරන් යයිද දන්නේ නෑ.  මෙකෙත් ඉස්සර හිටපු උන්ට එහෙම කලා කියලා මම මෙහෙට එද්දි හිටපු පරණම අයියලා ටික දෙනා මට දවසක් කිව්වා."

"කෝ උන් ටික ? ලගකදි දැක්කේ නෑ."


"ආ මේ ළගදි කවුද මහත්තයෙක් උන්ව හොයාගෙන ඇවිල්ලා තියෙනවා. උන්ට ගිහිල්ලා එන්නම්  කියන්න වත් වෙලාවක් තිබ්බබේ නෑ බං."

"එහෙනම්  අපේ මහත්තයා එකපාරටම කට්ටියම දිලා දැම්මා?"


"නැතිව තියා ගෙන ඉන්නද?  යනකොට පරණ උන්ගේ මුණුවල තිබුන සතුටක්ද දුකක් ද මන්දා. මට තාමත් උන්ව මැවිලා පේනවා."

"උන් එහෙනම් දැන් හොද තැනක ඉන්නවා ඇති."


"කවුද දන්නේ උන්ව මොන වැඩකට අරන්ගියාද කියලා?"

"මට නම් ආස මෙතනින් එලියට ගියාම පිටරකට යන්න.  මම හීනෙන් දැක්කා ප්ලෙන් එකක නැගලා ඉගිලිලා යනවා."

"මොකද සුද්දෙක්ගේ හුරතෙලක් වෙන්න යන්නද? පිටරට ගියාට සුද්දන්ගේ හුරතල්ලුවෙන්න හැමොටම බෑ බං."

"ඔන්න උඹ මගේ හිත කඩලා දාන්න හදනවා. එහෙම නොවුනත් කමක් නෑ.  මට ආස පිටරටකට යන්න විතරයි."

"මම කිව්වේ ඇත්ත බං.  උඹගේ හීන බිදලා දාන්න හැදුවා නෙමෙයි.  දැන් මෙහේ උන් අපිව ගනන්ගන්නෙත් නෑ බං. ඉතිං කොහොමද කියන්නේ සුද්දෝ අපිට කැමතිවෙයි කියලා?"

"අපිට කැමති උන් තාමත් ඉන්නවා බං. ඇයි මොකද අපේ ලස්සනෙන් අඩුවක්ද?" 

"එළියට ගියාම අපිට මොකක් වෙයිද දන්නේ නෑ බං. මම නම් හිත හදාගෙන ඉන්නේ කොහේට උනත් යන්න."

"ඔය සමහරු තාමත් ඇගපුරාම කෙල ගානවලු. මට නම් හරිම අප්පිරියයි. චී  මතක්වෙනකොටත්  වමනෙට එන්න වගේ. "

"එහෙම තමයි හලෝ අපේ ජිවිතේ. අපේ සරීර හැදිලා තියෙන්නේ  උන්ගේ ඔනේ එපා කම් වලට තමයි.
අපිට එක විද දරාගන්න වෙනවා."

"උඹ කියන්නේ අපි මිනිස්සුන්ගේ කෙලි බඩුවක් වෙන්න ඔනේ කියලාද? "

"තව වෙන්න දෙයක් නෑ. උන් ගේ අතේ තමයි අපේ ජිවිතේ රැදිලා තියෙන්නේ . කොටින්ම උන් තමයි අපේ වටිනාකම් තිරනය කරන්නෙත්."

"මේ දහ ජරා සමාජක‍්‍රමය නැති කරලා දාන්න ඔ්නේ. මේකද සාධාරන සමාජය? අපි වගේ පිඩිතයින්ව තවත් තලා පෙලන්න ඉඩ දෙන්න බෑ."

"ඔච්චර රැඩිකල් විදිහට හිතන්න එපා බං. මෙතනින් එළියට යද්දිම කොහොමත් සීල් එකෙන් තැලෙනවානේ."

"ඒ සීල් එක වදිද්දි ලැබෙන මිහිරි වේදනාව නම් ආසාවෙන් විද දරාගන්න නම්  පුළුවනි. එත් අර මල ජරා කෙල තමයි ප‍්‍රශ්නේ. ඔය දෙකම නැතිව ඉන්න ලැබෙනවා නම්." 

"චී එහෙම වැඩක් තියෙනවාද බං අපේ ජිවිතෙන්.  ඒක නිකං අර දෙකටම නැති ජිවිත වගේයිනේ."

 "සමහර නෝනලා මහත්තුරු  කැමති එහෙම අයටනේ. එහෙම පාවිච්චි නොකරපු අයගේ  වටිනාකම වැඩියිලු."

"ඒකත්  ඉතිං ඒ මිනිස්සුන්ගේම කැමැත්තනේ බං."

"මම දැනන් හිටියේ නෑ බං මට වටිනාකමක් තියේනවා කියලා."

"අපි ඔක්කෝටමගේ ජිවිතවලට වටිනාකමක් තියේනවා. හැබැයි එක අපේ උප්පත්තියේදීම තමයි උන් තිරණය කරලා තියෙන්නේ."

"මම කැමති නෑ මචං කාගෙවත් ජීවිතයකට ඇලිලා ඉන්න. මට ඔ්නේ නිදහසේ ස්වාධිනව ඉන්නයි. අතින් අත මාරුවෙලා යන්න. මිනිස්සුන්ගේ විනෝදෙට සුරතලෙක් වෙන්නයි ඔනේ කරන්නේ."

"අපි ඉපදිලා ඉන්නේ තව එකෙකු එක්ක බැදිලා ඉන්න තමයි නැත්නම් අපි මේලෝකෙට උපද්දවපු කාර්්‍යයෙන් වැඩක් නැතිව යනවා තමයි. හැබැයි ඇලුවුන එකාගෙන් ගැලැවිලා සුරතලෙක් වෙන්න පුළුවනි."

"එහෙම වැඩක් නෑ බං. එතකොට අර සීල් එකෙන් ඉදුල්වෙලා ඉවරයිනේ."

"එයි කෑ කැනොගහා හිටපල්ලා. ඔන්න මහත්තයා පොතේ පිටු පෙරලනවා කාට ටිකට් එක ඇදෙයිද දන්නේ නෑ. පිටරට යවන්නලු ඔ්නේ කියන්නේ."

"එයි මචං මාව ගත්තා ."

"මාවත් ගත්තා.  යන්තං ඇති එළියට පැනගත්තා" 

"කෙල ටිකක් ගෑවුනාට කැතක් හිතන්නේ නැතිව ලියුමට හොදට ඇලවෙයන්. බායි මචං."

Monday, November 21, 2016

ඩියුටිය




අඬක් පිලිස්සුනු මදුරුකොයිල් දඟරයෙන් පිටවෙන සුදු පැහැති සිහින් දුමාරය අහිකුන්ටයකුගේ නලා හඬින් පෙනගොබය පුප්පාගෙන නටන නයෙකු සේ දෙපසට වැනෙමින් ඉහල නගියි. සිකුරිටි කුටිය තුලට හමා ආ සුළං රැල්ලක් නිසාවෙන් මඳකට හැකිලීගිය දුමාරය යළි තම කඳ කෙලින් කරගත්තේය. ටික දුරක් ඉහළ නගුන සිහින් දුමාරය කැරලි නංවාලමින් වාතලයේ අතුරුදහන්වි යන්නට විය. රෑ මැදියමේ දැඩි නිහඬතාවය බිඳහෙලමින් වාතලය කපාගෙන ඉඳහිට දිවෙන රථයක හඬක් මිස වෙනත් කිසිදු හඬක් නොනැගෙන්නේ සියල්ලන්ම නිදිලොවේ පසුවෙන බැවිනි. සිකුරිටි කුටියේ මදුරු දඟරය දෙස බලාසිටි අනුරුද්ධ නොනිදා සිටින්නට කොතරම් උත්සාහ කළද දෙඇස් බරකරමින් නින්ද ඔහුට ළඟාවෙමින් පැවතියේය. කණ ළඟින් සුපුරුදු සංගීත රාවයක් නංවා වටයක් දෙකක් කරකැවුනු මදුරුවෙක් වම් කම්මුල මත වැසීය. අනුරුද්ධටත් නොදැනී ඉහල එසවුනු වම් අතින් ඌව වසාගත්තේ මදුරුවාගේ අවසන් රාත‍්‍රී ආහාර වේල ගැනීමට සැරසෙද්දීය. මෙතෙක් වෙලා අනුරුද්ධව වෙලාගනිමින් සිටි නින්ද කම්මුල හරහා වැදුනු පහරේ සැරකමෙන් මඳකට පසුබෑවේය. අත්ලේ පොඩිවී ගිය මදුරු කුණ දෙසවත් නොබැලූ අනුරුද්ධ ලෑලි බංකුවේ ගැට්ටක එය අතුල්ලා දැමීය. ලෑලි බංකුවේ දිගුවේලාවක් සිටිය නිසාවෙන් හිරිවැටීමට ආසන්න වූ දෙකකුල් දෑතින්ම අතගාගත් ඔහු නැගිට හිරි ඇරගත්තේ මදුරු දශ්ටයකින් පලූ නැග තිබු තට්ටමක් කසමින්ය.
බෙල්ටයේ ගාංචුව බුරුල් කල අනුරුද්ධ බංකුව පසෙක තිබු කලූ පාට ෂොපින් බැගයේවු සරමක් පටලාගෙන උඳේ සිට ඇදන් සිටි කලිසම ගලවා දැමීය. දහඩියෙන් පෙඟී ගොස් තිබූ යටකලිසමද ගලවා පසෙකට කළ හේ බාල නයිලෝන් රෙද්දෙන් මැසු දුඹුරු පැහැ කලිසම දෙවරක් ගසා දමා  බිත්තියේ වූ ඇණයක එල්ලා දැමිය. ලෑලි බංකුව උඩ දෙකට නවා තිබූ කාඞ්බෝඞ් පෙට්ටි පියන හරිහැටි සකසා යළි වාඩිගත් අනුරුද්ධට දින දෙකකට පෙර රෝහල් ගතකළ සෝමපාල අයියාව සිහිපත්විය.

‘‘මේ යන විදිහට මට වැඩිකාලයක් මේ රස්සාව කරන්න බැරිවෙයි මල්ලියේ. ”
‘‘ඇයි සෝමපාල අයියේ?”
‘‘මගේ ප්‍රෙෂර් එක නැගලාලූ.”
‘‘ඒ මොකද?”
‘‘ නිදිමරන්න එපා කියලා ඉස්පිරිතාලේදි දොස්තර මහත්තයා කිව්වා. එත් නයිට් කිරිල්ලක් නැතිව මොන සිකුරිටි රස්සාවල්ද බං? මොන තරම් ප්‍රෙෂර් නැග්ගත් කෙල්ල විභාගේ කරලා ඉවරකරනකං මේ රස්සාව කරන්නම වෙනවා.”
අනුරුද්ධට කුප්පි ලාම්පුවක් අසල තියාගෙන පාඩම් කරන තම පොඩි නංගියාවත් ඒ ඇසිල්ලෙන් සිහියට නැගින.
‘‘මල්ලියේ උඔට පුළුවන්නම් ටික දවසකට නයිට් ෂිප්ට් එක ඇදපන්.”

 නයිට් ෂිප්ට් එක අනුරුද්ධ සමගින් මාරුවුවත් නිදිමැරිල්ලත් සමඟම ශරිරයට ගොඩවු සෝමපාලගේ අසනීප පහව ගියේ නැත. දින දෙකක් තිස්සේ අනුරුද්ධ මෙම සිකුරිටි කුටියේ සිරකරුවෙකු වුයේ ප්‍රෙෂර් වැඩිවී පෙරේදා රාත‍්‍රියේ සෝමපාල අයියා රෝහල් ගත කරන්නට සිදුවීමෙන් පසුවය. නයිට් ෂිප්ට් එකෙන් පසුව අනුරුද්ධගෙන් දිවා වැඩ මුරය භාරගන්නට සෝමපාල අයියා පැමිණියේ නැත. සෝමපාල අයියා වෙනුවට තවකෙක් එවන ලෙසින් තම සිකුරිටි ඒජන්සිය පොරොන්දු වුවත් ඔවුන් කී පරිදි වෙන අයකු ප‍්‍රධාන ගේට්ටුවේ රාජකාරිය භාර ගැනීමට නොආවේය. දුම් නගින මදුරු දඟරය දෙස බලා සිටි අනුරුද්ධගේ දෙනෙත් බර කරමින් යළිත් නිදිමත කඩා හැලෙන්නට විය.

‘‘නැගිටිනවා  ඕයි. නැගිටිනවා”
සිහිනෙන් මෙන් ඇසුනු හඬින් අනුරුද්ධ ඉද්ද ගැසුවාක් මෙන් නැගී සිටියේය.
‘‘අයිසේ ඔහොමද තමුසේ ඩියුටි කරන්නේ? එ් මදිවට තමුසේ සරමකුත් ඇදන්?”
අනුරුද්ධට තමා සරමක් හැඳ සිටන බවක් සිහියට නැගුනේ එවිටය. කිසිවක් කරකියා ගැනීමට නොහැකිව හෙතෙම තම යටිකය දෙසට නෙත් යොමු කළේය.
‘‘තමුසේ මේ බුදියන් ඉන්නේ ගෙදර කියලා හිතලාද? මේක රස්සාවක් කියලා දන්නේ නැද්ද? මම තමුසෙට ඇක්ෂන් එකක් ගන්නවා. මේවා හේනට පනින වල් අලි එලවන්න පැල් රකිනවා වාගේ වැඩ නෙමෙයි. වන්නි හත්පත්තුවේ ඉඳලා ආපු උන් රස්සාවල් ගැන මොනාද දන්නේ. ”

විසිටින් ඔපිසර් නිවුටන්ගේ ගෝරනාඩුවේ ඉතිරි ටික අනුරුද්ධට නොඇසුනේ ඔහුගේ ඉහමොල රත් කරමින් කෝපය ඉහවහා ගිය බැවිනි.

‘‘මේ නිවුටන් සර්,  ඕනෑ ඇක්ෂන් එකක් ගන්නවා හෙට උදේටවත් වෙන එකෙක් මෙහෙට එවලා. දැන් දවස් දෙකක් තිස්සේ මම එකම ඇඳුම ඇදන් රෑ දවල් කියලා බලන්නේ නැතිව මෙතන ලැගගෙන ඉන්නවා. ඒ මදිවට මේකා ගාව කන්නවත් සල්ලි තියෙනවාද කියලා හොයලා බැලූවාද? මම සරමක් ඇදගත්තේ නහයක් තියෙන එකෙකුට මේක ඇදන් ඉන්න බැරි නිසයි.”
කෝපයෙන් පිපිරුනු අනුරුද්ධ ඇණයක එල්ලා තිබු කලිසම ගෙන නිවුටන් දෙසට විසිකළේය. දහඩිය දුගදින් පිරුනු සිකුරිටි කලිසම නිවුටන්ගේ මුහුණේ වැදී ඔහුගේ කරමත රැදුනි. අනුරුද්ධගේ වාග් ප‍්‍රහාරයෙන් කිසිවක් කර කියාගත නොහැකිව පසුබැස්ස ඔහු කලිසම කුණුමාලූ කෑල්ලක් අල්ලන්නාක් මෙන් ඇගිලි තුඩින් අල්ලා බංකුව මතට විසිකළේය.
‘‘හරි හරි තමුසේ කලබල නොවී ඉන්නවා. මම කිව්වේ මේකේ ලොක්කා බැරිවෙලා හරි ආවොත් අපි ඔක්කෝම අමාරුවේ වැටෙන නිසයි. මම හෙට උදේම වෙන කෙනෙක් මේකට එවනවා. දැන් හිටිය එකේ හෙට උදේ වෙනකං පොඞ්ඩක් ඉවසලා ඉන්නවා.”

 අනුරුද්ධගේ කෝපාවිෂ්ට හැසිරිමෙන් බියවූ නිවුටන් ඉක්මනින් සිකුරිටි කූඩුවේ වූ පොතේ අත්සනක් දමා එතැනින් එළියට පැන ගත්තේය. තවත් තම කට වාචාල කමට කියවන්නට ගියහොත් දවස් දෙකක් එක දිගට මෙහි රැඳී සිට කෝපයෙන් පසුවන මේ කොල්ලාගෙන් අනිවාර්යෙන්ම ගුටිකන්නට සිදුවන බව ඔහුට නිරායාසයෙන් අවබෝධ විය. අවුරුදු විස්සක තරුණ ගැටයෙකුගෙන් ගුටිකෑමට තරම් හයියක්වත් මේ රාති‍්‍රයේ තමාව බේරාගැනීමට කිසිවෙක් නොමැති බවත් දන්නා නිවුටන් තම මොටර් සයිකලය ඉක්මනින් පණගන්වා ගත්තේ එතැනින් පිටවිම නුවනට හුරු බැවිනි. කෝපයෙන් වෙවුලමින් සිටි අනුරුද්ධට තම සිහි කල්පනාව ලැබුවේ නිවුටන්ගේ මෝටර් සයිකලය පිටත්ව ගිය පසුවය. දැස් පුරවා තිබු කඳුළු පටලය පිටිඅල්ලෙන් පිසදාගත් ඔහු දැන් වෙන්න තියෙන දෙයක් උනාවේ කියා සිතා ලෑලි බංකුවේ හිඳගෙන දෑස් පියා ගත්තේය. ඇඟට දැනෙන තෙහෙට්ටුවත් සිතේ ඇති වූ කෝපයත් නිසාවෙන් දෙනෙත් පියාගත්තත් නින්ද අහලකවත් නොවීය.
              දෑ අවුරුද්දකට පෙර හේනට යන පාරේදිම බයිසිකලය සමගින් තලා පොඩිකරදැමු අප්පච්චිගේ කේඩෑරි ගැසුණු සිරුර මනසට යළිත් ආවර්ජනය විය. නිවුටන් සර්ගේ වල් අලි කතාවට අනුරුද්ධගේ කෝපය ඇවිස්සුනේ එබැවිනි. තවදුරටත් මෙසේ එක එකාගේ පලිච්චි කතා අසමින් සිකුරිටි රස්සාවක් කරනවාට වඩා වල් අලි සමගින් ඔට්ටුවෙමින් හේන් කෙටිල්ල හොඳ යැයි ඔහුගේ සිතට නැගින. ගෙදර අගහිඟකම් පලවාහරින්නට මහපොළව සමඟින් පොර අල්ලා අතපය කේඩෑරි ගැසුනු අම්මාගේ මලානික මුහුණත් තවමත් නොතේරෙන වයසේ වූ පොඩි මල්ලිත් මෙවර සමාන්‍ය පෙළ විභාගයට සැරසෙන නංගිත් ඔහුට සිහියට නැගින. සල්ලියභාග ඇතිහැකි පවුලක කෙනෙකුවූවා නම් මෙසේ සිකුරිටි කූඩුවක මදුරුවන් තලමින් තව එක මොහොතක්වත් රැඳී නොසිටින්නට ඉඩ තිබුනි. සිතේ ළතැවුල් මැද කඩින් කඩ අනුරුද්ධට නින්ද ගියේය. 
                   පසුදින උදෑසන සිරිත් පරිදි ඩියුටි භාරගැනීමට කිසිවෙකුත් නොවීය. අවසාන රුපියල් දහයෙන් මදුරු දඟරයක් මිලදීගත් බැවින් උදෑසන ආහාරයත් ගන්නට කෙසේ වෙතත් තේ උගුරක් වත් බොන්නටවත් අතේ මුදලක් නොවීය. මදුරු විමානයක් වූ මෙම පැක්ටේරියේ විනාඩියක්වත් හරියට ඇහැපියාගන්නට ඉඩක් නොලැබුන නිසාවෙන් අප‍්‍රානිකත්වයෙන් යුතු තෙහෙට්ටුවක් ගතපුරා දිවයන්නට විය. ඔෆිසීය පිටුපසට වෙන්නටවු තිබු වැසිකිළිය අසල පයිප්යෙන් වතුර පොදක් ගෙන මුහුණට දමාගත් ඇසිල්ලෙන් දෑස් පුරා සියුම් දැවිල්ලක් නංවමින් සිසිල් ජල බිංදු පහලට ගලායන්නට වුනි. වැසිකිලි ගොස් මුහුණකට සෝදාගත් හෙතෙම යළි ගේට්ටුව වෙත පියමැන්නේ නිදිමැරීම නිසා ඉදිමුනු ඇස්වලට වැලි දමා අතුල්ලන්නාක් මෙන් එතුලින් නැගෙන වේදනාවට අත්ලෙන් පිසදමමිනි. මෙතෙක් වේලා මැසිවිලි නගමින් වැසු ගේට්ටුවේ රැඳී සිටි වාහන වල රියදුරෝ අනුරුද්ධට බැනවදිමින් ඇතුලට එන්නට විය.

‘‘කොහේද මෙච්චර වෙලා හිටියේ තව ටිකෙන් පොලීසියෙන් ලියනවා පාර බ්ලොක් කළා කියලා.”
‘‘යන මලදානයක ගේට්ටුව ඇරලා යනවා.”
‘‘කොහේ මකබෑවෙලා හිටියද දන්නේ නෑ මෙච්චර වෙලා.”
‘‘ඩියුටියවත් හරියට කරන්න දන්නේ නෑ, කොහෙන් හොයා ගන්න එවුන්ද මන්දා.”

ඔහුට ඔවුන්ගේ රැවුම් ගෙරවුම් දෙසවන අසලින් පාවී ගියා මිස මනසට නොවැදුනේ ප‍්‍රධාන ගේට්ටුවේ රාජකාරි පවරාගැනීමට කවුරුන් හෝ පැමිණීමේ බලාපොරොත්තුව ඇතිව සිටි හෙයිනි. ටිකෙන් ටික උදෑසන ගෙවීයමින් මධ්‍යහනයට ළංවෙද්දි අනුරුද්ධගේ ඉවසීමද තුහින පොදක් සේ වියලීයන්නට විය. එන්න එන්නම උදරයෙන් නැගෙන බඩගිනි ඇඬියාව වලක්වන්නට මෙගා බෝතලයේ වතුර භාගය එක හුස්මට හිස්කර දැම්මේය. උදරය පුරවාදමමින් නැගඑන බඩගින්න වතුර බීමෙන් මට්ටු කරන්නට හැකි නොවුනි. සිතට නැගෙන කලබලකාරි සිතුවිලි හා තනිවම සටන් කළ හෙතෙම සිකුරිටි කූඩුවෙන් නැගිට කාර්යාලය දෙසට පිය නැගීය. 
වත්සුනු තවරා ගිලිහියන තම තාරුණ්‍ය රැකගන්නට අසාර්ථක උත්සාහයක යෙදී සිටි මැදිවියට ආසන්නවු පිළිගැනීමේ නිලධාරිනිය තමන් කරමින් සිටි වැඩයට බාධා කළ සිකුරිටිකාරයා වෙත නුරුස්සනා බැල්මකින් සංග‍්‍රහ කළාය.

‘‘ටෙක්ලා මිස් මැනේජර් මහත්තයා කාමරේ ඉන්නවාද?”
‘‘ඉන්නවා ඇයි මොකටද?”
‘‘නැ මේ මට පොඞ්ඩක් හම්බවෙන්න.”
‘‘දැන්නම් එයාව මුණගැහෙන්න බැරිවෙයි.”
‘‘ඇයි මිස්?”
‘‘ඔයා ආපු කාරණාව කිව්වානම්.”
‘‘එක මගේ පෞද්ගලික කාරණාවක් මට එයාට කතාකරන්න  ඕනේ.”
‘‘එහෙම එක එක්කෙනා මැනේජර් ළ`ගට යවන්න මට බෑ. ඔයාට අවශ්‍යය කාරණාව කිව්වානම්  මට පුළුවන් යන්න දෙන්න.”

මෙතෙක් සැගවි තිබු අනුරුද්ධගේ කෝපය ක්ෂණිකව පුපුරා ගියේය.

‘‘මේ මිස් මට ඔයත් එක්ක තෙපරබබා ඉන්න විදිහක් නෑ. ඔයා යන්න එපා කිව්වත් මම යනවා.”

කී ඔහු ඇගේ රිසෙප්ෂන් මේසයට පසෙකින්වු දොර හැරගෙන මැනේජර්ගේ කාමරයට පිවිසුනේය.
අනුරුද්ධගේ ආගමනයෙන් තීගැස්සුනු මැනේජර් මහතා තමා බියට පත් වූ බව නොපෙන්වීමට මෙන් ආරූඬ කරගත් හඬකින්.

‘‘ඇයි?”
‘‘මැනේජර් මහත්තයා මම තමයි මේන්ගේට් එකේ සිකුරිටි.”
‘‘ඔව් මම දන්නවා ඉතිං එ් නිසාද තමුසේ කවුරුන්ගෙන් වත් අවසරයක් නැතිව මගේ කාමරයට කඩාබිඳගෙන ආවේ?”
එ් සමඟම කලබලයෙන් මෙන් කාමරයට බියටපත් වෙසක් මවාපාමින් දිව ආ ටෙක්ලා අනුරුද්ධට පසුපසින් සිටගත්තේය.

‘‘ඇයි ටෙක්ලා මෙයාව මගේ කාමරයට එව්වේ? මම කියලා තියෙනවා නේද මට දැනුම් නොදී කවුරුවත් කාමරයට එවන්න එපා කියලා?”
‘‘මම යන්න එපා කිව්වා සර්. මම කියන එක අහන්නේ නැතිවයි මෙයා ආවේ.”
අනුරුද්ධ වචන ගලපාගන්නට ප‍්‍රථම ඈ කීවාය.

‘‘සර් මේ මිස්ගේ වැරුද්දක් නෑ. මමයි ආවේ. අවසර නැතිව ආපු එක වැරුද්දක් වෙන්න ඇති එ්ත් සර්ට කියන්න  ඕනේ එක මේ මිස්ට කියලා වැඩැක් නෑනේ. දැන් අදටත් එක්ක දවස් තුනක් මම මේ සිකුරිටි සුට් එක ඇඳන් රෑ දවල් නොබලා සේවය කරනවා. සර් දන්නවාද අද උදේට කෑම තියා තේ වතුර උගුරක්වත් බිව්වේ නැති බව?”
‘‘වට්?”
‘‘හැමදාම කියන්නේ හෙට උදේට වෙන කෙනෙක් එවන්නම් කියලා. මේ රස්සාව දමලාගහලා යන්න ඉස්සරවෙලා ආවේ නොකියා යන එක හරි නැති හින්දා සර්ට කියලා යන්නයි.”
‘‘අයිසේ මම දන්නේ නැහැනේ. කෝ තමුසෙලාගේ අනෙක් සිකුරිටි ඔපිසර් සෝමපාල?”
‘‘එයා දැන් ඉස්පිරිතාලේ. එයා ඉස්පිරිතාලේ නතර කරපුදා ඉඳලා තමයි මේ ඩියුටිය කරන්න වෙලා තියෙන්නේ. ”
‘‘හරි මම මේ ගැන හොයලා බලන්නම්. කෝ දැන් මේන්ගේට් එක ඇරලා දාලාද ආවේ ? ”
‘‘නැහැ සර් ලොක් කරලා.”
‘‘එහෙනම් දැන් ගේට්ටුව අරිනකම් ආපු වාහන හෝන් කරනවා ඇති. එහෙනම් ආයෙත් එතන ඩියුටියට යනවා.”
‘‘දැන් දවස් දෙකක් තිස්සේ නිදිමරලා හිටගෙන ඉන්න බැරි තරමට තෙහෙට්ටුයි.   ඇගේපතේ පණක් නැතිව මේ විදිහට ඩියුටි කරන්න බෑ සර්. මෙහෙම ගියොත් මටත් වෙන්නේ සෝමපාල අයියා වාගේ ඉස්පිරිතාලේ ඉන්නයි. මම මෙතැනින් අස්වෙලා ගෙදර යනවා සර්.”
‘‘තමුසේ කලබල නොවී තව පැයක් විතර ඉවසලා ඉන්නවාකෝ මම මේක විසදනකම්, එතකම් ගිහින් තමන්ගේ ඩියුටිය කරනවා. දැනටමත් අරහේ ගේට් එක කඩන්න හදනවාද දන්නේ නෑ.”
‘‘නෑ සර්, මම හිත හදාගෙන ඉන්නේ ගෙදර යන්න. කවුරු හරි එහෙන් එවනකං මේ වැඩ පොලේ කවුරුහරි ගේට්ටුවට දාන්න.”
‘‘අයිසේ මම දැන් එක සැරයක් කිව්වානේ මම මේක විසදන්නම් කියලා. තමුසේට  ඕනේ  ඕනේ වෙලාවට රාජකාරි දාලා යන්න බැහැ, හරි දැන් යනවා ඩියුටියට.”
අනුරුද්ධ නොකැමැත්තෙන් වුවත් හිස සලා ප‍්‍රධාන ගේට්ටුවේ සිකුරිටි කූඩුවට පිය නැගීය.
‘‘ටෙක්ලා මේ දැන්ම මට සිකුරිටි සර්විස් එකට කොල් එකක් අරගෙන දෙන්න. එ් ගමන්ම වීරසිරි අතේ අර ළමයාට කන්න මොනවා හරි ටිකකුයි තේ ටිකකුයි අරින්න.”

                 ඉඳි ආප්ප මුල හා ප්ලෙන්ටියෙන් අනුරුද්ධගේ ඇඟට පණක් එන්නට අඬපැයක් පමණ ගතවිය. හෝරාවක් ගතවෙන්නට මත්තෙන් මැනේජර් මහත්තයාගෙන් හොඳහැටි බැනුම් ඇසු විසිටින් ඔපිසර් නිවුටන් ඩියුටි භාරදීමට කෙනෙකුක් නංවාගෙන පැමිණියේ මේ අතරවාරයේදිය.

‘‘තමුසේ හරි මිනිහෙක් තමයි ඇයි  ඕයි මැනේජර්යාට  ඕනේ නැති එවා කියන්න ගියේ? මම කිව්වානේ තමුසෙව රිලිස් කරන්න උදේට කෙනෙක් ගේනවා කියලා.”
‘‘දැන් කොහෙද උදේ? තව පැයකින් දවල් දොලහයි.”
‘‘හරි අයිසේ තාම දවල් වුනේ නැහැනේ.”
‘‘මම එහෙම කිව්වේ නැත්නම් නිවුටන් සර් මෙයාව අරගෙන මේ වේලාවටවත් එයිද? තවත් මට බොරු කරන්න එපා.”
‘‘තමුසෙලාත් පොඞ්ඩක් ඉවසන්න පුරුදුවෙනවා. පොඞ්ඩ බැරිවෙන්න දඟලන්නේ. මම කියලා මොනවා කරන්නද  ඕයි ගෙදර ගිය උන් ඇවිල්ලාත් නෑ. අකුරු දන්න එකෙක් නැතිව වෙන එකෙක්ව මේකේ ගේට්ටුවට දාන්න බැහැනේ. අයිසේ ගුණදාස තමුසේ මෙයාගෙන් ගේට්ටුවේ යතුර භාරගන්නවා. මෙයා හවසට එයි, එ් ආවාම තමුසේ  ඕෆ් වෙනවා. හරිද? අනුරුද්ධ තමුසේ දැන් ගිහින් හවසට වරද්දන්නේ නැතිව නයිට් ඩියුටියට එනවා.”
කී නිවුටන් මොටර් සයිකලයේ නැගි ඉක්මනින් පිටත්වුනි. හීන්දෑරි වියපත් මිනිසෙකු වූ ගුණදාස නිදි මැරීමෙන් තඩිස්සි වූ දැසින් අනුරුද්ධ දෙස බැලීය.

‘‘මල්ලි මොකද වුනේ?”
‘‘මොනා වෙන්නද ඔයාව එක්කන් ආවේ නැත්නම් මම අදත් මෙතන.”
‘‘ඒ කියන්නේ ඔය මල්ලි දිගටම ඩියුටිය ඇද්දාද?”
‘‘නැතිව. අදටත් එක්ක දවස් තුනයි.”
‘‘මමත් මේ ඊයේ උදේ ඩියුටියට ආපුගමන්. නයිට් එකත් කරන්න උනා.”
‘‘කොහේද? ”
‘‘අර බොරලැස්ගමුවේ නිව් ලයින් ගාමන්ට් එකේ.”
කතාබහ අතරතුරේදි ගේට්ටුවේ යතුරත් වාහන අංක ලියු පොත්පත් ආදියත් ගුණදාසට ලබාදුන් අනුරුද්ධ පිටවයාමට පෙර මනේජර් මහත්තයා හමුවිය.
‘‘සර් වෙන කෙනෙක් ආවා. මම  ඕෆ් වෙන්න කියලා.”
‘‘ආ හරි තමුසේ ගිහිල්ලා එනවා.”
‘‘සර් මේ සර් තරහා නැතිව මට කීයක් හරි දෙනවාද? බෝඩිමට යන්න බස් වියදමවත් නෑ.”
අනුරුද්ධ දෙස විමසිලිමත් බැල්මක් හෙලූ මැනේජර් මහත්තයා
‘‘කීයක්ද  ඕනේ?”
‘‘රුපියල් දාහක් විතර.”
‘‘ඇයි අයිසේ දැන් ඉල්ලූවේ බස් වියදම විතරයිනේ? ඇයි දැන් දාහක් ඉල්ලන්නේ. තමුසෙලාගේ සිකුරිටි සර්විස් එකෙන් ඇඞ්වාන්ස් දෙන්නෙ නැද්ද?”
‘‘සල්ලි ගන්න ඔපිස් ගානේ යන්න වෙලා මදි සර්. අද දවල්ට කන්නවත් මා ගාව සල්ලි නෑ. සර්ට පුළුවන්නම් දෙන්න.”
‘‘යනවා යනවා ගිහිල්ලා එකවුන්ට්ස් එකේ කැෂියර් මහත්තයාගෙන් රුපියල් දාහක් ඉල්ලගන්නවා. ඔය සල්ලි පිනට දුන්නා නෙමෙයි. මම තමුසෙලාගේ සර්විස් එකෙන් අඩුකරගන්නවා. ඒක තමුසෙගේ පඩියෙන් කපාගනියි.”
‘‘කමක් නෑ සර්. සර්ට බොහෝම ස්තුතියි.”

               ඉක්මනින් පැක්ටේරියෙන් පිටවු අනුරුද්ධ බසයක නැගී බෝඩිම වෙත ගියේ හොඳින් නාගෙන නිදාගැනීමටය. මඟින් මඟට ඔහුගේ සිතේ විවිධාකාර සිතුවිලි පහළවී පෙරලි කරන්නට විය. සිතුවිලි අරගලයකට මැදි වී සිටි හෙතෙම තම නවාතැන්පොල වෙත ළඟාවෙද්දි තීිරණයකට එළැඹියේ පෙරලිකාර සිතුවිලි වලින් එක් පාර්ශවයකට ජයග‍්‍රහණය අත්කර දෙමිනි. යුනිෆෝමය බාර දී මාසයේ වැඩකළ දින ගණනටවත් පඩි සල්ලි ගැනීමට සිකුරිටි එ්ජන්සියට ගියහොත් අද දින මෙයින් ගැලවී ගෙදරයාමට හැකි නොවන බව ඔහුට අවබෝධ විය. දහඩිය වැකුනු යුනිෆෝමය නවා මේසය මත තැබු එන අතරමගදි ගත් බත් පාර්සලයෙන් බඩකට පුරවාගත් ඔහු තම බෑගයට අනෙක් ඇඳුම් අසුරවා තැබුයේ රෑ   බසයෙන්  ගෙදරයාමටය. බූරු ඇඳේ ඇලවූ අනුරුද්ධ නිදිමත එනතෙක් මකුණුදැල් පිරුණු රටඋළු වහලය දිහා බලාගෙන කල්පනාවක නිරත විය. ඇෙඟ්පතේ තෙහෙට්ටුව විසින් නින්ද පලවාහැරියා සේය. අනුරුද්ධට යළිත් අම්මා හා නංගි මතක් විය.

‘‘උඔ ගෙදර වරෙන් පුතේ. ඔය රට රාජ්ජවල නොකානොබී නිදිමරලා වැඩැක් තියේද උඔට මොනාහරි උනොත්. පිරිමියෙකුට කියලා උන්නේ උඔ විතරයි.”
‘‘අයියා ගෙදර එන්න. මෙච්චර ඉගෙනගත්ත අයියාට ගැලැපෙන්නේ නෑ ඔය සිකුරිටි රස්සාවල්. පහල ගෙදර නැන්දත් පහුගියදාක ආවේලේ සිකුරිටි රස්සාවල් කරන්න ඔච්චර ඉගෙන ගත්තේ මොකටදැයි කිව්වේ ”

             අඬ නින්දේ සිටි ඔහුට තව තවත් විවිධාකාර පුද්ගලයින්ගේ මුහුණු මැවී නොපෙනීයන්නට විය. එ්වා සිහිනයන්ට එකතුකරමින් නින්ද විසින් අනුරුද්ධව වෙලාගත්තේය. තද පිපාසයක් දැනි ඔහු අවදිවන විටත් බිම්කලූවර වැටෙමින් තිබුනි. ඉක්මනින් ඇදපැලදගත් අනුරුද්ධ පසෙක නවා තිබු සිකුරිටි යුනිෆෝමය අතට ගත්තේය. තමා එනතෙක් පාරදිහා නෙත් යොමාගෙන සිටින ගුණදාසගේ තලෙලූ තෙල් වැකුණු මුහුණ සිහියට නැගුනි.

‘‘ඩියුටියට පෙරේද උදේ ආවට පස්සේ රෑ එකත් අදින්න වුනා. ඊට පස්සේ උදේ එකත් අදිනකොට තමයි මාව මෙහෙට ගෙනත් දැම්මේ. තාම මට ගෙදරට කියන්නත් බැරිවුනා අදත් ගෙදර එන්නේ නෑ කියලා. ගෙයි හරියේ උයන පිහින දේවලූත් තිබුනේ නෑ. පොඩිවුන් දෙන්නා දවල්ට මොනවා රත්කරන් කෑවද මන්දා.”
‘‘ඇයි අයියාගේ පවුල නැද්ද?”
‘‘එයාට පිලිකාවක් හැදිලා දැන් ඉන්නේ මහරගම පිලිකා රෝහලේ. ඊයේ හවස බලන්න යන්නයි හිතාගෙන උන්නේ. කමක් නෑ මල්ලි අද හවසටවත් යනවා. අනේ මල්ලි හවසට එනවා නේද?”

අනුරුද්ධ දෙසට බැගෑපත් බැල්මක් හෙලමින් ඉල්ලා සිටිය ගුණදාසගේ වදන් අනුරුද්ධගේ දෙසවන පුරා දෝංකාර දෙන්නට පටන්ගත්තේය.
කරේ එල්ලාගෙන සිටි ඇඳුම් බෑගය මේසය මත තැබු අනුරුද්ධ සිකුරිටි යුනිෆෝමය කලූපැහැති ෂොපින් කවරයේ රුවාගෙන කාමරයෙන් එළියට බැස්සේය.    
   

Monday, October 10, 2016

අභිරහස

කොළොම්පුරේ ඉතිහාස කතන්දර ලියලා මටත් දැන් පොඩි වෙනසක් කරලා බලන්න හිතුනා. හැමෝම වාගේ කවි කතන්දර ලියලා බ්ලොග් පොස්ට් දාන හින්දා කොළොම්පුරේ ඉතිහාස කතන්දර අස්සට පොඩි වෙනසක් වෙන්නත් එක්ක මම සඟරාවකට ලියපු කෙටි කතාවක් එකතුකරන්න අදහසක් ආවා. මේ කතන්දරේ ලිව්වේ මම වැඩකරන ආයතනයෙන් පළකරන සඟරාවකටයි. හැබැයි මෙහෙම කෙටිකතා කිහිපයක්  අපේ සඟරාවට ලිව්වාට හොඳක් නම් අහන්න ලැබුනේ බොහෝම ටික දෙනෙක්ගෙන් තමයි. ඊරිසියා හිතුන ගොඩාක් දෙනෙක් කිව්ව දේවල් මේකේ ලියන්න බෑ. අන්තිමේට ලියපු කෙටිකතාව නිසා ගුටිකන්නත් ගියා. අනුනමයි දශම කාලෙන් ගුටිනොකා බේරුනා. එ් මේ කතාව තමන්ට ලියපු එකක් තියලා හිතාගත්තු මරි මෝඩයෝ් යස අපුරුවට රෙදි අරන් මැෂිමන්ට් බලලා මොලේ කළඳක් නැති ඔලූගෙඩියට තොප්පිය මහලා දාගත්තු නිසයි. තවත් අඳබාලයෝ ගිනි අවුලෝලා  ඒ ගින්නට තව පිඳුරුදාලා පර්සනල් එකටත් ලියුමක් එහෙම දිලා තිබුනා එයාලට අපහාස කළා කියලා. කලාවට ලැදි කලාකාමි හදවතක් තියෙන ලොකු බොසුයි පොඩි බොසුයි දෙන්නා මේ කතන්දරේ ආරවුල විසදලා ෂේප් එකක් දාලා දුන්නා. හැබැයි මීට පස්සේ ආයතනයේ සඟරාවට නම් කතා ලියන්නේ නෑ. ඔය කතා ඔක්කෝම ටික ලියනවා බ්ලොග් එකට. දැන් ගහපල්ලාකෝ ලියුම්. ඔන්න එහෙනම් ගුටි කන්න ගිය මගේ කෙටිකතාව බලාගන්නකෝ. . .......


අභිරහස

උඳේ පාන්දරම ආරංචියක් අරගෙන පින්සාර අයියා ඔෆිස් එකට ආවේ අපේ සිරිකුමාර මහත්තයාගේ අම්මා අසනිපවෙලා කියාගෙන. එදා දවසේ සිරිකුමාර මහත්තයා වැඩට ආවෙත් නෑ. පස්සේ බැලින්නම් අසනිප වෙලා ඉන්නේ නැන්දම්මා. දවසකට පස්සේ වැඩට ආපු සිරිකුමාර මහත්තයා අකම්පාලවෙලා කොයි වෙලාවෙත් කල්පනාවේම තමයි. එයා කොච්චර බය වුනාද කියලා කිව්වොත් දවස් දෙකක්ම දවල්ට කන්න කැන්ටිමට ආවෙත් නෑ. පව් අප්පා එයාගේ ගෙදර ගෟහමුලිකයාගේ මව්තුමියනේ. හිතුවා නේද මට වැරදුනා කියලා? නෑ මට වැරදුනේ නෑ. සිරිකුමාර මහත්තයා ගෟහමුලිකයා වෙන්නේ ඡන්ද ලැස්තුවේදි විතරයි. අමුලික බොරුවක් වුනත් ගෟහමුලික කියලා ඡන්ද ලෑස්තුවේ නම් ලියන්න එ් බාරියාව ඉඩදෙනවා.  
                 ඔන්න ඉතිං අපිත් බයවුනා නැන්දම්මාගේ අසනිපේ වෙනුවෙන් දුක් වෙලා සිරිකුමාර මහත්තයාට පපුවේ අමාරුවක් වත් හැදෙයි ද කියලා. එච්චරටම මිනිහා දුක්වුනා. මේ ළඟදි අපේ ඔෆිස් එකේ කට්ටිය සෙට්වෙලා පාටියක් එහෙම දැම්මා. මිනිහා නෙමෙයි එකටවත්  ආවේ. පින්සාර අයියා වගේම සිරිකුමාර මහත්තයාත් පිං අඩි කාරයා. පාටියක් තිබ්බොත් වරද්දනේ නැතිව එනවා. ඉතිං ආවේ නැති හින්දා බැලින්නම් නැද්දම්මාට බොධි පුජාවල් මාලාවක් සහෝදර සහෝදරියෝ ලෑස්ති කරලා. එයත් ඉතිං වෙනමම බොධි පුජාවක් එහෙම තියලා. මෙච්චර සැලිකිලි කරන්නේ ගෙදර බලවතාවු බවලතාගේ අම්මා නිසා කියලයි අපිත් හිතුවේ. කොච්චර බේත් කලත් නැන්දම්මාගේ අසනිපේ අඩුවුනේ නෑ. බයිපාස් ඔපරේෂන් එකකුත් කරන්න වෙලා. වෑල් දෙකක්ද කොහේද බ්ලොක් වෙලාලූ. එත් එ් අසරණ අම්මාගේ වයස වැඩි නිසා එකත් කොට උඩ තමයි තිබුනේ. ඔන්න එ් අතරේදි එක දවසක්  
”කෝ් මේ මේසේ උඩ තිබ්බ සීල් පෑඞ් එක?”
අපේ ක්ලාක් මහත්තයා ඒක පණ දාගෙන හොයනවා. බැලින්නම් ඒක නෑ තමයි. 
”ඇයි බං මේසේ උඩ ඊයේ හවසත් තිබුනා නේද?”
”ඔව් මේ මේස උඩ තමයි හැමදාමත් තියලා තිබුනේ. කවුරු හරි උස්සලා.” 
”කවුරු ගෙනියන්නද බං සිල් පෑඞ් එකක්?  ගෙදර ගෙනියලා මොකට සීල් ගහන්නද? උඹ කොහේ හරි දාන්න ඇති.”
”ඇයි උඹ හිතුවාද මට පිස්සු කියලා?”
ඔන්න දැන් අපේ ක්ලාක් මහත්තයාටත් කේන්ති ගිහිල්ලා. ක්ලාක් මහත්තයාගේ ආවේගශිලීබව වැඩිවුනාම පීඩනය වැඩිවෙනවා. පීඩනය, ආතතිය තව අටහුටාමාරක්  දේවල් වැඩි වෙලා එයත් පරණ මොරිස් මයිනර් එකක්වගේ  බොයිල් කරන්න ගන්නවා. ඔය මනුස්සයත් ඉතිං අහක යන දේවල් අරන් මලපන්න ගන්න කෙනෙක්නේ. හොයලා හොයලා බැරිම තැන ක්ලාක් මහත්තයාගේ සීල් පෑඞ් සෙවිල්ල කවුරු කවුරුත් අතහැරලා දැම්මා. පහුවදා උදේ වැඩට ආපු මට අපේ පියන් කොලූවා ක්ලාක් මහත්තයාගේ මේසේ පැත්තේ එන්න කියලා තකහනියෙන්ම කතා කරනවා. මෙන්න බොලේ සීල් පෑඞ් එක ආපහු තිබුන තැනට ඇවිල්ලා හිමිච්චා වගේ ඉන්න හැටි. වෙලාවට සීල් පෑඞ් එකට කටක් තිබුනේ නැත්තේ. නැත්නම් ඔෆිස් එකේ කට්ටිය සීල් පෑඞ් එකෙන් කට උත්තර ගන්නවා අම්මපා. 
           මෙන්න මේ කෙහෙල්මල් සීල් පෑඞ් එකක් නැතිවෙලා හින්දා අපේ සිරිකුමාර මහත්තයාගේ නැන්දම්මාගේ අසනිපේ ගැන කියන්නත් බැරිවෙනවා. දැන් සිරිකුමාර මහත්තයාට හරියට වැඩ. උදේම වැඩට එනිං ගමන් ඉස්පිරිතාලේට යනවා. දවල් කෑම පැයෙත් ඉස්පිරිතාලේට දුවනවා. ආයෙත් හවසටත් යනවා. මිනිහා ලෙඞ්ඩු බලන්න දෙන තුන්වරුවෙම ඔන් ඩියුටි. එ් අස්සේ දැන් අපේ සිරිකුමාර මහත්තයාගේ අප්සෙට් එක දෙගුන වෙලා. ඇයි දන්නවාද? මිනිහට හවසට  ඕටි පාරක් වත් කරගන්න බැරිවෙනවානේ. නැන්දම්මාට සනිපයකුත් නෑ. මිනිහා ෆුල් ශෝකේ.  අන්තිමේදි ප‍්‍රයිවෙට් ඉස්පිරිතාලයකට ඇඞ්මිඞ් කරලා බයිපාස් ඔපරේෂන් එකකුත් කළා. 
                  මෙන්න අපේ එකෙක් කියනවා අර සීල් පෑඞ් එක ආයෙත් හවසට අතුරුදහන්වෙනවා උදේට ආපහු එනවා කියලා. මෙන්න බොලේ ඔය සීල් පෑඞ් එකගැන ඇහැගහන් හිටිය හැමදේම හොයන ඔපිඩිපි කාරයෝ කියනවා දවල් කෑම පැයේ දිත් මේක අතුරුදහන් කියලා. දැන් ඉතිං කවුරු කවුරුත් මේ ගැන හොයන්න පටන්ගන්නයි යන්නේ. මම කිව්වා කවුද දන්නේ ආයෙත් සීල් පෑඞ් එක ඇවිදින්න යයි කියලා ක්ලාක් මහත්තයා අරන් තියනවා ඇතියි කියලා. ඊට පස්සේ කවුරුත් ඔය රෑට රෑට ඇවිදින්න යන සීල් පෑඞ් එකේ අභිරහස ගැන හොයන්න ගියෙත් නෑ. ඔන්න හිතන්න එපා මම එ්ක ඉස්සුවා කියලා.  
                       ලෙඩා මලත් බඩ සුද්දයි කියලා හිතන ප‍්‍රයිවෙට් ඉස්පිරිතාලේ දොස්තරලා වයස පැත්තකට දාලා අපේ යාලූවාගේ නැන්දම්මාට බයිපාස් ඔපරේෂන් එකකුත් කළානේ. එකෙන් පස්සෙත් අපේ යාලූවාගේ නැන්දම්මා තාමත් ඉස්පිරිතාලේ. මේ දවස්වල මිනිහා ඉන්නේ තවත් අප්සෙට් එකේ.  මෙහෙම කම්පා වෙවි ඉන්න යාලූවාට පොඞ්ඩක් කතාබහ කරලා තියෙන ප‍්‍රශ්ණ එහෙම අපිත් අහගෙන පපුවේ තියාගෙන දුක්විදින බර පොදිය අඩුකරලා හාට් එක කූල් ඩවුන් කරන්න හිතාගෙන මිනිහා ලඟට මම එන්ටර්වුනා. 
”මචං මොකක්ද අවුල? නැන්දම්මාට බයිපාස් එකක් කළානේද?”
”ඔව් බං එක ඉවරවෙලා ගොඩක් දවස්.”
”එහෙනම් මොකක්ද කේස් එක?”
”ආණ්ඩුවේ ඉස්පිරිතාලේ වේටින් ලිස්ට් එකේ ඉන්න වෙන හින්දයි අම්මාගේ වයස වැඩි හින්දයි ඔපරේෂන් එක ඇදුනා. අන්තිමේදි අපි ප‍්‍රයිවෙට් හොස්පිටල් එකකින් වැඬේ හොඳට කරගත්තා.”
”මොකක්ද එහෙනම්? දැන් ප‍්‍රෂ්නේ සල්ලිද?”
අපිත් දන්නවා සිරිකුමාර මහත්තයාගේ පවුලේ අයට හොඳට සල්ලි භාගේ එහෙම තියෙනවා කියලා. එත් ඉතිං කවුද දන්නේ මදිපාඩුවක් එහෙම තියෙනවාද කියළා. එහෙම තිබුනානම් කීයක් හරි ලිස්ට් එකක් දාලා එකතුකරලා දෙනවානේ.
”පිස්සුද බං? අපේ නැන්දම්මට සල්ලි වලින් අඩුපාඩුවක් ඇත්තේ නෑ. එයාට තියෙනවා කෝටිගානක් වටිනා දේපල. එත් මේ අම්මන්ඩිගේ කුණු ලෝබ කමට අපේ ගෑණිට තියා අනිත් උන්ටවත් කිසිම දෙයක් ලියලා නෑ. මහ පෙරේත ගෑණි.”
අර නැන්දම්මාව මෙච්චර උදේ හවා බලන්න ගිය මිනිහා මෙන්න බොලේ කේන්තියෙන් කියවනවා.
”කොච්චර දේපල තිබුනත් වැඩක් නෑ බං ලියන්නේ නැතිව මැරුනොත්. එතකොට තමයි ප‍්‍රශ්නේ. දන්නවානේ ඔය බූදල් නඩු.”
”එක තමයි මටත් තියෙන ලොකුම ප‍්‍රශ්නේ. වයිෆ්ගේ අනිත් උන් ටිකත් බලාගෙන ඉන්නේ මේ අවස්ථාවෙන් ප‍්‍රයෝජන අරගෙන ඔය දේපල ටික ලියවා ගන්නයි. මේ මසුරු ගෑණි නෙමෙයි මැරුනත් ලියන්නේ.”
”ඇයි දැන් බයිපාස් එක ඉවරනම් ඩිස්චාර්ජ් කරන්නේ නැත්තේ?”
මම කතාව වෙනිං පැත්තකට ඇදලා ගත්තා.
”තවත් ලෙඩක් හැදිලා.”
”එ් මොකක්ද හාට් එකේ තව ප‍්‍රශ්ණයක්ද?”
”නෑ බං ඇගිලිවල.”
”මොකක් ඇගිලිවල? ඇගිලිවල තියෙන ප‍්‍රශ්නේ මොකක්ද?”
මාත් ඉතිං කරකවලා විසික්කරා වගේ වුනා මේ ඇගිලි කතාව ඇහැව්වාම. 
”එකතමයි බං දැන් තියෙන ප‍්‍රශ්නේ. නැන්දම්මාගේ ඇගිලි දිග අරින්න බැරිවෙලා. දැන් ඉන්නේ අත මිට මොලවාගත්තු ගමන්මයි.”
”අත් දෙකේම?”
”ඔව්. අත් දෙකේම.”
”ඉතිං දොස්තරලා කියන්නේ මොකක්ද?”
”මෙහේ ඉන්න දොස්තරලා, විශේෂඥ දොස්තරලා, මානසික පිස්සු දොස්තරලා ගෙන්නුවා. එත් ලෙඬේ හොයාගන්න බෑ.  දැන් පිට රටින්වත් විශේෂඥ දෙස්තර කෙනෙක්වත් ගෙන්නන්න තමයි වෙන්නේ.”
”මාර වැඩක්නේ? කවදා ඉදලාද බං මේ ලෙඬේ හැදුනේ?”
”හාට් එකේ ලෙඬේ හැදිලා බයිපාස් කරන්න වෙයි කියලා දැන ගත්තු දා ඉදලා තමයි. එදා ඉදන් අතමිට මොලවාගෙන තමයි ඉන්නේ. අපි ඔක්කෝම ෆුල් ට‍්‍රයි කලා එත් බෑ බං දිග ඇරගන්න.”
”ඔය මහලොකු ලෙඩක් නෙමෙයිනේ හාට් ඇටෑක් එකක් තරම්. පිස්සු නැතිව ගෙදර අරන් පලයන්.”
”උඹට පිස්සුද? කොහෝම හරි ඇගිලි දිග ඇරවාගන්න  ඕනේ. නැත්නම් අපි මෙච්චර කරපුවා ඔක්කෝම වතුරේ.”
සිරිකුමාර මහත්තයා ඔළුවට අත්දෙක ගහගෙන උඩ බලාගත්තා. මට මේ මිනිහා කියන අප‍්‍රබංසේ තේරුනේ නෑ. මිනිහා ආයෙත් අහස පොලව ගැටලන්නවාගේ  කල්පනා කරන්න වුනා.
”නැන්දම්මා මැරුනොත් දේපල ලියවා ගන්න බුදල් නඩු කියන්න වෙයි නේද?”
”ඔව් බුදල් නඩු කියලා සහොදර සහෝදරියෝ අතරේ බෙදෙනවා.”
”මට ඔය කථාව අපේ අමරසිරිත් කිව්වා. මැරෙන්න ඉස්සරින් ලියවා ගනිං කියලා. මිනිහා කිව්ව විදිහටවත් කරලා බලන්න  ඕනේ.”
සිරිකුමාර මහත්තයා තනියම කියවන්න ගත්තා. අමරසිරි කියන්නේ අපේ ඔපිසියේ ඉන්න ලෝක අන්ඩපාලයෙක්. ගල්පලං මද කාපු ගොබිලෙක්. මිනිහා ගොඩ පෙරකෙදාරුකම් එහෙමත් කරනවා. ඔය එකා දෙන්නා එනවා දික්කසාද නඩු ඉඩං නඩු ගැන අහගන්න. අනුන්ගේ ඉඩමක් කඩමක් එහෙම තමන්ගේ නමට හොරෙන් ලියවා ගන්නේ කෙහොමද කියලායි නිතරම බලන්නේ. ළඟදිම ලොයර් විභාගෙත් ගන්නවා කියලයි මිනිහා මහා ලොකුවට කියන්නේ. අමරසිරියා ලෝයර් කෙනෙක් වෙලා නඩුවක් කථාකරපු දවසට වැරදිකාරයා වෙලා හිරේ යන්නේ නඩුව අහපු නඩුකාරයා තමයි. එච්චරටම කූටකයා. ඉතිං මේ කූටකයාගෙන් අපේ සිරිකුමාර මහත්තයා ගත්තු ඔපිනියන් එක මොකක්ද කියලා  මමත් දහඅතේ කල්පනා කලා. 
                            ඔන්න ඉතිං ලෙඩ ඇඳේ ඉන්න සිරිකුමාර මහත්තයාගේ නැන්දම්මාව නොබලා ඉන්නත් බෑනේ. අපේ ඔෆිස් එකේ කට්ටිය සෙට්වෙලා ඉස්පිරිතාලේ ගියා. බොස් තමයි නඬේ ගුරාවගේ ඉස්සරායින්ම යන්නේ. අර ප‍්‍රයිවෙට් ඉස්පිරිතාලේ දෙවනි තට්ටුවේ දාසයවෙනි කාමරේට පොඩි තට්ටුවක් එහෙම දාලා අපි සෙට් එකම ඇතුලට කඩාගෙන වැටුනා. හැබැයි සිරිකුමාර මහත්තයා නම් පේන්න හිටියේ නෑ. අනේ අර අසරණ අම්මත් ඇඳේ අතමිට මොලවාගෙන වකුටුවෙලා ඉන්නවා. අපි ලෙඩා බලන්න ගියාට ලෙඩා අපිව අඳුනන්නේ නෑනේ.  නඬේගුරා අපේ බොසා, පැන්නා ඉස්සරාට නැන්දම්මාට කතා කරලා අපිව අඳුන්නලා දෙන්නගියා.
”දැන් අම්මාට කොහොමද? අපි මේ අම්මාගේ බෑනා සිරිකුමාර මහත්තයාගේ ඔෆිස් එකේ .......”
ඉතිරි ටික කියන්න හැදුවා විතරයි අර අසරණ විදිහට ඇඳේ වකුටුවෙලා උන්නු නැන්දම්මා අයිලේ නටපු යකාට මී මැස්සේක් ඇන්නවා වගේ පරල වෙලා කියවන්න පටන් ගත්තතේ නැතැයි.
”කෝ ඔය පාහරයා.  ඕකා මාව විනාස කළා, මාව නැති කළා. මම අසනිප වුනු දවසේ ඉදලා මේ ඇගිලිටික වකුටු කරන් හිටියේ මුං හැමෝම ගෙන් බේරෙන්න. එකෙක් උදේට එනවා. තව එකෙක් දවල්ට එනවා. අනේ දෙයියනේ මම මේ ටිකේම එක පොඞ්ඩක් ඇහැපියවාගත්තේ නෑ. රාත්තියේ ලඟ ඉන්න එපායිත් කිව්වා එත් ඇහැව්වේ නෑ. මුං ඔක්කෝමට  ඕනේ මං මැරෙන්න ඉස්සරින් දේපලට ටිකට විදින්න. අනේ බුදු මහත්තයෝ අර පාහර සිරිකුමාරයා දැන් ටිකකට කලියෙන් ඇවිල්ලා කකුල් දෙකේ මොනවාද ජරාවක් උලලා ගියා. අයියෝ මට මගේ කකුලේ ඇගිලි ටික නවාගන්න බැරිවුනා. දැන් ඉතිං ඔක්කෝම ඉවරයි.”
කුපිත වෙච්චි සිරිකුමාර මහත්තයාගේ නැන්දම්මා පිස්සුවෙන් වාගේ තව මොන මොනවද කියවාගෙන යන්න පටන් ගත්තා. අර අම්මන්ඩිගේ කකුල් දෙකේ යටිපතුල් දෙකම දම්පාට ගැහිලා. ඔපිනියන් දුන්න අපේ ගොඩ පෙරකෙදාරුවා අමරසිරියා කට අතින් වහගෙන හිකි හිකි  ගගා හිනාවෙනවා. ඇගිලි දිග ඇරලා කණ අත්සන ගහගෙන දේපල ටික ලියවා ගන්න බැරි තැන තමයි ගොඩ පෙරකෙදාරුවාගේ ඔපිනියන් එකට නවලා හංගගන්න බැරි කකුලේ ඇගිලි මාක් එක හිස් කොලේකට අරගෙන ගිහිල්ලා තිබුනේ. හැමදාම අතුරුදහන්වෙන සීල් පෑඞ් එකේ අභිරහසත් දැනගෙන නැන්දම්මාගේ මේ ලෝකෙත් නැති අපි කවදාකවත් අහලත් නැති අමු සුද්ද සිංහල ව්‍යාකරණ පාරිභාශික ශබ්දකෝෂයම අහගෙන ඉස්පිරිතාලේ කාමරෙන් එළියට පැන්නා නෙමෙයි එළියට විසික්වුනා. 

කොළොම්පුරයාගේ වෙසක් කූඩු කතා වස්තුව

 වෙසක් සිරියෙන් රටම බබලන්න මැයි මාසේ උදාවෙලා තියෙද්දි කොළොම්පුරයාගේ මතක ගබඩාවේ දුහුවිල්ලෙන් වැසිලා ගිහින් තිබුන පරණ සිද්ධියක් මතකයට නැගුනා. ...