දෙපයට වාරු අරන්
ජීවන බර කරේ තියන්
ජීවිතේ කන්ද නගිනවා
මට හරි වෙහෙසයි
ලෙඩ දුක් බෝමයි
ජීවිතේ දුකම විදිනවා
නුඹ දැන් මහළුයි
පිං දන් කරගන්නයි
උතූමන්ලාද කියනවා
පිං ධම් තව ඈතයි
කාලය හරි නපුරුයි
දිවි බර තව වැඩි වෙනවා
අතමිට හිඟ පාඩුයි
උසුලන්නට බෑමයි
දුක් කරදර හිසට වැටෙනවා
දැන් උඹ අබලන්
අවසානෙට ඇවිදින්
මරුවා කැන්දන් යන්න හදනවා
රෝ දුක් වැඩිවුවත්
මොන කරදර ආවත්
තාමත් අපි ජීවිතේ තනුව වයනවා.
Showing posts with label කොළොම්පුරේ මගේ කවි. Show all posts
Showing posts with label කොළොම්පුරේ මගේ කවි. Show all posts
Monday, December 25, 2017
Monday, July 10, 2017
පාලක කුණු කදු
Thursday, April 27, 2017
මිහිරැති විසකුරු ඵලය
Tuesday, February 14, 2017
අ සම්මත වැලැන්ටයින්
Friday, January 27, 2017
අමනකම

විදමින් දහදුක් දරුවන් තිදෙනෙකු හැදුවා තුටින්
කුසයට ආවනේ සිව්වෙනියෙකුත් නොදනිම ඉතින්
ඇතුල්වුනෙමි කෑගලූ රෝහලට පෙරදිම ලෙසින්
කොල්ලෙකු වැදුවා හතරවෙනියාට මගේ කුසින්
දරුවා මගේ තනක එල්ලිගෙන බොයි කිරි නිරතුරු
වාට්ටුවේ මිසී නෝනලා දක්වයි කරුනාව පියකරු
තවදරුවන් හදන්නට එපා අම්මාට වෙයිනේ අනතුරු
වදන්නට නෙවෙයි වඳ සැත්කමක් කෙරුවොත් නිරතුරු
දොස්තර හදයි එල් ආර් ටි බලයෙන් කරන්නට
මම කැමති නෑ මහත්තයෝ එවැනි දේ හිතන්නට
වැලේ ගෙඩි බර වැලට වැඩි නෑ තව දරුවන් හදන්නට
දුප්පත් උනත් නොකරමි උන් මහමග දමන්නට
කෝ දරුවන්ගේ පියා දොස්තර මහතාට පැනයකි එන්නේ
පොතක ලියපු කාසදක් මිනිහෙක් ඇයට නෑ ඉන්නේ
අනාචාරේ යන ගැහැණියක් නොවෙද මේ ඉන්නේ
පැමිණිල්ලක් දැම්මා දැන් පොලීස් මහතුනුත් එන්නේ
බැලූවේ පොලීසියෙන් ඇවිදිල්ලා ඕ අයි සි මහත්තයා
එකතුවෙලා පැමිනිලිකාර දොස්තර මහත්තයා
පරික්ෂන කරන්නට ඕනේලූ කෝ තමුන්ගේ මහත්තයා
දරුවන් වදන්නට බැරිද නැතුවට කසාද මනුස්සයා
දරුවන් උපන්නට මම උන් අතරමං කරලායි නැත්තේ
ඔබලා උගතුන්වුවාට මොලේ කලඳක් ඇතුවයි නැත්තේ
මමත් ගැහැනියෙක් වෙමි සිරුරෙ ලේ මස් නහරයි ඇත්තේ
මනුස්සයා මගේ මලාට මම මැරිලා නැත්තේ
නිමිත්ත
තිදරු මවට සිව්වැනි දරුවා ලැබීම දොස්තර ප‍්‍රශ්නයක් කරගෙන.
මව්බිම පුවත්පත 26 ජනවාරි 2017
Thursday, January 26, 2017
Monday, October 24, 2016
පිංසාර අයියාගේ අමද්‍යප සංගමේ

ආවත් කොළොම්පුරේට කවුරුත් ගොඩවෙන්න
ඉතිහාස කතන්දර කියලා මට හති ඔන්න
බැරිවුනත් හිතුනා කවියෙක් වෙන්න
අමාරුවෙන් ගෙටගැහුවා පුළුවන්නම් අහගන්න
පිංසාර අයියා අපේ කොළොම්පුරේ ඉන්න
පිං අඩිකාරයා දුන්නොත් නොගහම ඉන්න
ගන්නත් බෑ සාක්කුවෙත් නෑ සතයක් අරගන්න
කතන්දරයක් කියන්නම් අහගෙන ඉන්න
ලැබුනොත් අඩියක් පුඩියක් පිංසාරට පිනට
ගැලවි වැටෙයි හිරිඔතප් ලැජ්ජාවන බිමට
සිරවි තිබෙන අදහස් නිදහස් කර සිතට
එදාට බලවතා වෙන්නේ බරදිලා කටට
කලත් හොඳ ගෙදරින් නෑ කිසිම සැලකිල්ලක්
ගෑනි මා දකින්නේ යකා දකින සේ නර බිල්ලක්
එකසේ ගෙවුන දිවියට අරගෙන පොඩි ගැලවිල්ලක්
ගෙදරින් නැතත් ගමෙන් ගන්නම් කෝ හොඳ සැලකිල්ලක්
ගමේ ගොඬේ පිරිමි ටික සෙට්කරගත්තා
අමද්‍යප සමිතියකුත් මිනිහා අටවා ගත්තා
වෙල ලඟ ගෙදර සුනියා මුල් පුටුවට ගත්තා
සෙට්වෙන්නට කට්ටිය හැම ඉරිදම ගත්තා
උප සභාපති පුටුවට ආවා පිංසාර අයියා
ලේකම් තනතුර ගත්තා අතකොට කරුපයියා
එකතුව තණමල්විල මල් නෙලනා සුදු අයියා
බැහැලම සේවය කරනවා අපේ ගෙයියා
ඉස්සර කට්ටිය හිටියේ තිතට මත
ගෙදරින් කවදත් ලැබුනේම නෑනේ හිත
දැන් අමද්‍යප හින්දා කාගෙත් මතට තිත
එ් හන්දාද මන්දා දැන් ගෙදරිනුත් අතහිත
ගෑණුන්ට මොටද අමද්‍යප සංගම්
එන්න දෙන්න බෑ ව්‍යවස්තාවෙන් තහනම්
ගෙදරින් අනුමැතිය ගන්නට බැරිනම්
අපේ ගෑණුන්ටත් අටවලා දෙමු සංගම්
එකමුතු වෙලා කවුරුත් කල යෝජනාවට
බවලත්තුත් කැමැතිවුනා එ් ඇරයුමට
පිංසාර අයියලා කලයුතු යුතුකමට
ඇරඹුවා කුළඟන සමිතියක් ගම්තුලාවට
ගෑණුන් යනවා නව කුළඟන සමිතියට
පිරිමි ටික යනවා සමාජ සේවා වැඩට
ඉරිදා හවස නෑ කවුරුත් ගෙයි වැඩට
එ් හින්දා නෑ කවුරුත් මැසිවිලි කියන්නට
අවමගුල් සමිතියකුත් අමද්‍යපට එක්කහු කෙරුවා
අමද්‍යප නිලදරුවෝ ඒකෙත් අනේ වැඩ බැලූවා
පිරිමින් ටික බැහැගෙන සමාජේට සේවය කෙරුවා
උන් ටික උනත් ඉද හිට අඩියක් දෙකක රස බැලූවා
මේ ඉරිදාටවත් වැඩට පලයන්නේ
දවසක්දා පිංසාරට බිරිදයි ගොරවන්නේ
අකමැතිවුනත් ගැලවිල්ලට රැකියාවට යන්නේ
එ් ගිය හින්දයි ඔහු මෙලොව ජිවත්වි ඉන්නේ
වැඩි පඩියක් අතටම ගන්න
ඕටි පාරක් මේ සැරේ කරගන්න
ගිය හින්දා පිංසාර ඉරිදා මෙන්න
බැරිවුනානේ රැස්විමට යන්න
ගම් පියසේ සැමගේ දෑස් කඳුලින් නහවා
පසුදා අසුභ පනිවිඩයක් අරගෙන ආවා
අමද්‍යප සමිතියම මරුවාගේ කට ගාවා
එකෙක් දෙන්නෙක් විතරක් බේරිලා ආවා
පෙර පිං කරලා තිබු හන්දා
පිංසාරගේ පිං පල දුන්නා
දිවිය කෙටි නොවුනා එ් හින්දා
පිං අයියාගේ ජිවිතේ රැක දුන්නා
සැමදා සුපුරුදු රැස්විමෙන් පස්සේ
කර තියෙනවා සංග‍්‍රහයක් පිටිපස්සේ
එකෙක් දෙන්නෙක් රිංගලා එ් අස්සේ
දා ගන්නවා ගමේ බඩු ඇති පදමට සිත්සේ
අහෝ අවාසනාවකි එදා වී ඇත්තේ
සුනියා පෙරපු බඩු තිබිලා නැත්තේ
කරුපයියා තමයි සප්ලයි කර ගත්තේ
දෙවියනේ වෙල් පැන්ටා විසවි ඇත්තේ
වැඩියෙන් ලඟ නවපු උන් ඉක්මණින් ගියා
සමිතියේ එකා දෙන්නා මිය පරලෝද ගියා
අසධ්‍යව සභාපතියා ඉස්පිරිතාලේ ගියා
එයා බලන්නට අපේ පිංසාර අයියාද ගියා
සමිතියේ ගමේ භාගයක් පිරිමින් කලූරිය කළා
අඬවමින් මුළු ගම් තුලානම මලගෙයක් කළා
මැරුණු සේරමගේ ඥතින් එකතු කළා
ලොකුවට අවමගුලක් කරන්න සාකච්චාව කළා
සමිතිය වෙනුවෙන් අවමගුලේ කතාවක්
කරන්නට වෙනවා මල ගෙදරදි වතාවක්
උඹ පලයන් ගොතාගෙන හොඳ හැටි කතාවක්
සභාපති සුනියා අමාරුවෙන් කිව්වා තව වතාවක්
අවමගුලට යන්නට සිතට එඩි ගන්න
තව ඩ‍්‍රෑමයක් ගැහැව්වානේ වෙර විරිය එන්න
ඕනේ යකෙකුට දැන් දෙන්නම් පළු යන්න
දිරිගෙන සිතට පිංසාර ගියානේ මලගෙයි යන්න
බැහැනේ සභාවේ ඉදිරියට යන්න
දෙකකුල් ගහනවා මැඩලින් මෙන්න
කුළඟනයේ ගෑණුන් මරගුන් සේ ඔන්න
බලාගෙන ඉන්නවා මරාගෙන කන්න

වචන දෙක තුනකුත් ගෙට ගහගත්තා
අවමංගල සභාවෙන් ඔහු අවසර ගත්තා
මගේ මිතුරන් ටික මරුවා පරලෝ ගත්තා
නැතිව යාළු මටත් ඉන්න බෑ කියමින් සොව ගත්තා
උඹ තමයි මිනිහෝ ඔය හොර සමිතිය හැදුවේ
කොයි අම්මාද තෝ වගේ වල් බල්ලෙකු වැදුවේ
කියමින් මරගුන් ටික පිංසාර අයියා වට කෙරුවේ
කුඩ මිට පාරවල් මදිවට ගුටි එක දෙක රසබැලූවේ
ගහන ගහන පාරවල් පිංසාර අයියාට හොදටම වැදුනා
වදින වදින ගුටි හින්දා මිනිහට හොදටම රිදුනා
දුවන දුවන හින්දා කුළඟනේ ගෑණුන් තව ගුටි ඇන්නා
වැදුන වැදුන ගුටි හින්දා පිංසාරව ඉස්පිරිතාලෙට දුන්නා
සභාපති සුනියාගේ ඇදට අල්ලපු ඇද පැත්තේ
උප සභාපති පිංසාර අයියාට වෙන්කර දී ඇත්තේ
බෝ අමාරුවෙන් ඔහු කෙදිරිගාමින් කී ඇත්තේ
සමිති සමාගම් තව කරන්නේ නෑ සත්තේ
Subscribe to:
Posts (Atom)
කොළොම්පුරයාගේ වෙසක් කූඩු කතා වස්තුව
වෙසක් සිරියෙන් රටම බබලන්න මැයි මාසේ උදාවෙලා තියෙද්දි කොළොම්පුරයාගේ මතක ගබඩාවේ දුහුවිල්ලෙන් වැසිලා ගිහින් තිබුන පරණ සිද්ධියක් මතකයට නැගුනා. ...
-
නාවික සැතපුමක් යනු සමුද්‍ර හා ගුවන් සේවා කර්මාන්තවල භාවිතා වන මිනුම් ඒකකයක්. නාවික සැතපුමක් ගොඩබිම් සැතපුමකට වඩා වෙනස් වෙනවා. පෘථිවි භූග...
-
ඔන්න බොහොම කාලයක් වල් වැදී තිබුනු කොළොම්පුරේ බ්ලොග් අඩවියේ සුද්දබුද්ද කර යළි පනගන්වන්නට සිරිබිරිස්තුමාගේ ආගමනයත් හේතුබුතවුනා කියන්නට පුලුව...
-
අල කොමසාරිස් ධුරන්දර ඩ්‍රැස්කියා මහත්තයා අල කොමසාරිස් තනතුරත් බාරගෙන සීතල නුවරඑළීයේ පදිංචියට ගිය විත්තිය බ්ලොග් ලොවේ හැමෝම දන්නා කියන ක...





