Monday, January 31, 2022

දෙකෙන් තුනට - සයුරේ දසවසක්

  පළමු නෞකාව වූ උහන නෞකාවේ අති දුෂ්කර කාලයක් ගතකර අනුනමය වසරේ අගොස්තු මසඅගදී එහි සේවයෙන් ඉන් ඉවත්වන්නට හැකිවිය. දෙවන නෞකාව ලෙසින් මාගේ අඛණ්ඩ මුදාහැරිමේ සහතිකයේ ලියවුනේ හැඳල නෞකාවයි. දෙවන නැව ලෙසින් ලියවෙන හැඳලහි ගතකළේ දින කිහිපයක් පමණි. ඒ කොළඹ වරායේ නවතා තැබුනු දින කිහිපයක සිදුවු හදිසි අලුත්වැඩියාවන් කිහිපයකට සහභාගිත්වය දෙනු වස්ය. මා වැඩිම වාරගනනක් සේවය කර ඇත්තේ මේ නෞකාවෙය. හැඳල හි වාර තුනක් එහි කළ සේවය ගැන පසුව ලියන්නෙමි. 

කුමණ නෞකාව


ඊළගට කුමණට 

කුමණ නෞකාවට එක්වන්නට ලැබෙන්නේ වසර 1999 නෙවැම්බර් මසදීය. අප සමාගම සතුව එකහා සමාන සහෝදර නෞකා ද්විත්වයක් කුමණ හා කෝමාරි නමින් තිබුනි. කෝමාරි නෞකාව දිගින් දිගටම හමුදාව අවශ්‍ය අවි ආයුධ හා අනෙකුත් දෑ උතුරට ප්‍රවාහනය කළාය. මේ නෞකාවේ වැඩි පඩියක් ලැබුනේ එහි තිබූ අනතුරුදායක තත්වය මතයි. වැඩි වේතනයක් ලැබෙන මෙයට එක්වන්නට බොහෝ නාවියන් පොරකෑවේ එයට එල්ලවූ ත්‍රස්තවාදී තර්ජන ගැන බිය හා ජිවිත ආසාව අලුයම ලු කෙල තැබ්බක් සේ ඉවතලමින්ය. කුමණ ආන්ඩුවේ අත්‍යාවශය කොමසාරිස් යටතේ උතුරට හාල් රැගෙනයන කටයුත්තක් කරමින් සිටියාය.

 සමාගමේ කාර්්‍යාලයෙන් මා මෙම නෞකාවට අනුයුක්ත කිරීමෙදි සිදුවු අත්වැරද්දකින් මාහට ලොකු වාසියක් අත්වුනි. ඒ කනිෂ්ඨ ආධුනිකයෙක් වශයෙන් අනුයුක්ත විය යුතු මා ජෙෂ්ඨ ආධුනිකයෙක් වශයෙන් එහි යැවිමයි. එහි වාසිය වූයේ වේතනය සුළු ගනනකින් වැඩිවීමයි.  මාගේ බැජ්මේට් මාපලගමයා ලෙසින් හැදින්වූ දැනට දෙවන ඉංජිනේරුවරයෙකු සේ නෞකාවල සේවය කරනා අරුණ ක්‍රිශාන්ත කුමණහි ඒවන විටත් කනිෂ්ඨ ආධුනිකයෙක් ලෙසින් එක්ව සිටියේය. අරුණයාට මේ විත්තිය නොදන්වා සිටියත් ප්‍රධාන ඉංජිනේරුවරයා මාගේ පත්විමේ ලිපිය දැක එක බැජ් එකේනම් මෙයා කොහොමද සීනියර් වෙන්නේ කියා ඇසීමෙන් සියල්ල හෙලිවුනි. අරුණයාගේ සිත් රිදිමක්වූවාද කියා නොදන්නා නමුත් ඔහු මේ ගැන ලෙඩක් ඇද්දේ නැත.

 කුමණ පැරණිවුවත් උහන තරම්ම පැරණි නෞකාවක් නොවිය. එහි සේවයේ හුන් ආධුනකත්වයෙන් මිදුනු අපගේ ජෙෂ්ඨයිනුත් ඉතාමත් හොඳ පිරිසක් විය. කොළඹ වරායෙ බණ්ඩාරනායක ජැටියේ දිනකිහිපයක් නවත්වා තිබූ එයට හාල් පටවා අවසන්ව කන්කසන්තුරේ වරාය බලා පිටත්වුනි. මාගේ ප්‍රථම නෞකාවේදි දින කිහිපයකට හමුවු ඔයිලර් ඉන්දිකද මෙහි සේවය කළ බැවින් ඉක්මණින් ඔහු හා මිතුරුවන්නට හැකිවිය. ආධුනිකයින්ගේ කැඹින් කාමර ප්‍රධාන තට්ටුවට යටින් එංජින් කාමරය දෙපසින් තිබුන අතර එබි හා ඔයිලර් අයගේ කාමර ප්‍රධාන තට්ටුවේ පිහිටා තිබුනි. යම් තරමකට සිසිලසක් ගෙනදෙන වායුසමිකරණ පද්ධතියක් එහි තිබුනත් අපට හිමි කැබින් කාමරවලට ඒ පහසුකම තිබුනේ නැත. අරුණ සමඟින් සිටි අනෙක් ආධුනිකයා වෙනුවට නැවට ආ මාහට ඔහු නැවෙන් බැස යන තෙක් නිදාගැන්මට තැනක් තිබුනේ නැත. ඔයිලර් ඉන්දික තමාගේ කැබිනයේ සෝපාවේ නිදා ගන්නට ඉඩ දුනි. තරමක් හොඳ තත්වයක තිබුනු මාහට ලැබෙන්නට තිබූ කැබින් කාමරය වෙනෙකෙකු අත්පත් කරගත්තේ මා ඉන්දිකගේ කැබිනයේ රැදී ඉන්නා අතරතුරය. දැන් මාහට ලැබුනේ අන්තිම ජරා හොඳ තත්වයක නොතිබුනු කැබින් කාමරයකි. එහි පදිංචියට නොගිය මා ඉන්දිකගේ කැබිනයේ සේපාවේ තවදුරටත් නිදාගැනීමට යොදාගත්තෙමි. ඔහුගෙන් විරුද්ධතාවයක් නොතිබුනත් මා බලහත්කාරයෙන් එය ලබාගත්තා සේය. මාගේ කැබිනයේ මාසතු දෙයකට තිබුනේ රෙදි සෝදාගන්නට බාල්දියකුත් තුවායකුත් පමණි. වැඩ නිමවි ඔවරෝලය හා ආරක්ෂිත පාවහන්යුගලය එහි ගලවාදමා එන්නට එය යොදාගතිමි. 

කොළඹින් පිටත්වෙන්නට ඔන්න මෙන්න තිබියදී ඒ ඉන්නා දෙවන ඉංජිනේරුවරයාට වෙනුවට තවත් දෙවන ඉංජිනේරුවරයෙකුද සේවයට එක්විය. වැඩි කතාබහක් නැති ඉතා නිහඬ කෙනෙකුවූ ඔහු හැඩිදැඩි සිරුරක් ඇත්තෙක් විය. අප කොළඹ වරායෙන් පිටත්ව කන්කසන්තුරය බලා යාත්‍රා කිරීම ඇරඹිය. වැඩ රාජකාරි ගෙන්නක් අස්සේ විහිලු තහලුවෙන් දවස ගෙවියන්නට විය. දෙවන ඉංජිනේරුවරයා ඇත්තෙම්ම හොඳ වැඩකාරයෙක් විය. අපට අනවශ්‍ය විදිහට වැඩ නොපවරවා අවශ්‍ය වැඩය පමණක් ගන්නට කාරුණික වුනි. දිනක් ඔහුගේ වැඩකට මාහට උදව්වන්නට සිදුවුයේ හැන්ඩ් ලැම්ප් එකක් අල්ලාගෙන සිටිමට පමණි. එහෙත් ඔහු කරනා විදිහට එය කළ නොහැකිබව මාහට තේරුම් ගියේය. හැන්ඩ් ලෑම්ප් එක ඔහු අත දී එතැනට රිංගා එය සැකසු අයුරු දැක යම් තරමකට ඔහු මාගැන පැහැදීමක් ඇති ගත් බව දැනගතිමි. ඉන් අනතුරුව කිසියම් වැඩක් ඇත්නම් මාහට කතාකර වැඩයට උදව්කරගන්නට ඔහු පෙළඹුනි. ඇත්තෙන්ම කාරුණික මහත්මා ගුණයෙන් යුක්තවූ ඔහු ගේ නම වසර විසිදෙකකට පසුව මතකයෙන් ගිලිහීගොසිනි. 

ගෙන ගිය හාල් වලින් කන්කසන්තුරයෙ කොටසක්ද අනෙක් කොටස පේදුරුතුඩුවේ ගොඩබෑමට සිදුවිය. ඉන්පසුව සිදුවූයේ කාටත් ආසා හිතෙන පැටවීමකි. ඒ යාපනයේ නිපදවූ තල් අරක්කු තොගයක් නැවට පැටවීමයි. තල් අරක්කු පැටවූ බව නැවේහුන් සියළුදෙනා දැනගත්තේ විදුලිවේගයකින්ය. නෞකාවක් පුරවන්නට තරම් අරක්කු තොගයක් එහි පැටවුයේ නැත. පැටවූ අරක්කු පැලට් මතට රතුලූණුද පැටවුනි. නැවේ කාර්්‍යමන්ඩලය අරක්කු සොරකම් කර පානය කරයි සිතූ කපිතාන් ජයතිස්ස එම කාගෝ හොල්ඩ් එකට බැසීමට තිබූ සියළු ප්‍රවේශ මාර්ග අගුලුදමා වැසීමට අණ ලැබුනි. නමුත් එබි ජයවර්ධන ඇතුලු ඩෙක් අංශයේ අය පටවද්දි බෝතල් දෙකක් පන්නාගන්නට සමත්ව තිබුනි. පන්නාගත් බෝතලය යළි එන අතරේදි තනිව බුක්ති නොවිද ආධුනික අපටත් ආරාධනාකර තොලකට තෙමාගන්නට හැකිවිය. කපිතාන් හා ප්‍රධාන නිලධාරියා එක්ව අගුලු හැර අරක්කු බෝතල් ගත්බවක් කටකතාවක් නැව් පැතිරුනි. 

පේදුරුතුඩුවේ වරායක් නොමැති නිසා බඩු ගොඩබාන්නට සිදුවුයේ බත්තල් මතටය. මේ විශාල බත්තල් කිහිපයක් එහි තිබූ අතර තවත් කිහිපයක් යටින් දිරාපත්ව ගොඩබිම අසළ ගිලි තිබුනි. මේවා නැව අසළට රැගන ආවේ ට්‍රොලර් වඩා කුඩා ලීයෙන් සැකසූ මාලු බෝට්ටු මගිනි. මුහුද සැර දිනවලට බෝට්ටු දෙක බැගින් යොදා ගනිමින් මේ බත්තල් නැව ප්‍රවාහනය කළෝය. ත්‍රස්තවාදින්ගේ තර්ජන ඇති නිසා සෑම දිනකම හවස 5 වනවිට සියළු ගෙඩබෑම් අවසන් කර ආපසු කන්කසන්තුරය වරාය අසල නැංගුරම් දමන්නට යායුතුවේ එසේම පාන්දර 5ට කන්කසන්තුරයෙන් පිටත්ව යළි පේදුරුතුඩුවේ නැංගුරමලන්නට එක්කට සිදුවෙි. මෙය අපහට තිබූ විසාලතම කරදරයක් විය. ඒ උදේ පාන්දර නැව පිටත්වීමට හා සවස ආපසු එන්නට ප්‍රධාන එන්ජිම හා එන්ජින් කාමරයේ සියලු යන්ත්‍රසූත්‍ර සුදානම් කරවීමයි. වෙනත් සමාගම්වල නැව්ද උතුරට බඩුබාන්ඩ ගොඩබෑම සිදුකල අතර උදෙන්ම ගොස් හොද තැනක් අල්ලා ගන්නට අප නෞකාවන් අතරේ තරගයක් තිබුනි. 

 නැවේ පැවැත්වූ 1999 ජනාධිපතිවරණය  මීළගට

Friday, January 28, 2022

බංචිගේ පුංචි රසකතා


බංචිබෝලේ කියන්නේ කොළොම්පුරයාගේ පුංචි පුතන්ඩියා. පුංචිම පුංචිකාලේ බෝලයක් වාගේ උන්නාට දැන් නම් එයා කෙසඟ බටු ඇටයක්. කොස්ඇටයා ඉදිකට්ටා බංගොන්චි වාගේ නම් ගොඩාක් එයාට තියෙනවා. 



තාත්තා වීම

මීට අවුරුදු දෙකකට කලියෙන් දවසක මෙන්න මෙහෙම එයා  කොළොම්පුරයාට කිව්වා 

බංචි: තාත්තේ මම තාත්තෙක් කෙනෙක් වෙනකොට තාත්තා සීයා කෙනෙක් වෙලා එතකොට සීයා මැරිලා 

කතාව ඇත්ත නේ.


රස්සාව හා කාර් එක

ඔන්න තව දවසක් කොළොම්පුරයා ඉගෙනීමේ අගය කියාදෙන්න ගත්තා

කොළොම්පුරයා: පුතේ ඉගෙන ගත්තෝත් තමයි හොද රස්සාවක් කරන්න පුලුවන් වෙන්නේ.

බංචි: මොකකටද රස්සාවක්

කොළොම්පුරයා: කන්න බොන්න සල්ලි ඕන හින්දා

බංචි: ඉතිං අපිට කන්න බොන්න තියෙනවානේ.

කොළොම්පුරයා: කන්න ලැබෙන්නේ සල්ලී හින්දා 

බංචි: ඒකනේ තාත්තාට ඕනේ තරම් සල්ලි තියෙන්නේ

කොළොම්පුරයා:  ඔයාට කන්න ලැබෙන්නේ තාත්තා රස්සාකරලා සල්ලි හම්බකලොත් තමයි. ඔයා තාත්තාට වඩා ලොකු රස්සාවක් කරලා හොඳ කාර් එකක් ගන්න ඕනේ. ඒ කාලේ වෙනකොට කාර් වැඩක් නෑ හෙලිකොප්ටර් එකක්වත් ගන්න වෙයි.

බංචි: අපෝ මම කැමති නෑ හෙලිකොප්ටර් වලට

කොළොම්පුරයා: එහෙනම් ප්ලෙන් එකක් 

බංචි: එත් කැමති නෑ.

කොළොම්පුරයා: ඇයි?

බංචි: ඒවා අහසේනේ යන්නේ. බිමට කඩන් වැටෙන්න පුලුවන්නේ.

කොළොම්පුරයා: හැම එකක්ම බිමට වැටෙන්නේ නෑ පුතේ.

බංචි එත් මම ගත්ත එක වැටුනොත්? 

කොළොම්පුරයා: ඒවා බිමට වැටෙන්නේ නැති වෙන්න හදලා තියෙන්නේ. 

බංචි: වෙඩි තිබ්බොත් කඩන් වැටෙයිනේ?

කොළොම්පුරයා: කවුද වෙඩි තියන්නේ?

බංචි:සල්ලිකාරයින්ට සතුරෝ වැඩියිනේ එතකොට වෙඩිතියන්න පුලුවන්.  

කොළොම්පුරයා: හරි එහෙම නම් කාර් එකක් ගන්නකෝ. ලොකු සල්ලිකාරයෙක් වුනාම බංචි මටත් කාර් එකක් අරන් දෙයි නේද?

බංචි: තාත්තේ නාකි අයට කාර් එළවන්න දෙන්නේ නෑ නේද? ඒ වෙනකොට තාත්තා නාකියි නේ?


බල්ලාගේ අයිතිය

තව දවසක කොළොම්පුරයා බලුපැටියෙක් ගෙදරට ගෙනාවා. දැන් බලුපැටියාගේ අයිතිකාරයා ගැන සාකච්චාවක් ගියා. 

බංචි: මගේනේ බල්ලා.

කොළොම්පුරයා:  නෑ එයා මගේ. මමනේ බල්ලාව අරන් ආවේ. 

බංචි: හරි තාත්තට පස්සේ මගේ.

කොළොම්පුරයා: ඒ කියන්නේ?

බංචි: තාත්තා මැරෙනවානේ ඊට පස්සේ බල්ලා මගේ.

කොළොම්පුරයා:  බංචි බලන් ඉන්නේ තාත්තා මැරෙනකම්ද බල්ලාව අයිතිකරගන්න?

මිනිහා කපටි හිනාවක් දැම්මා.


ඉල්ලිම

බංචි: තාත්තේ මට බබෙක් ඔනේ

කොළොම්පුරයා උස්සලා පොළවේ ගහන ඉල්ලිම් නොවැ මේ බංචියා ඉල්ලන්නේ.

කොළොම්පුරයා:  මොන බබෙක්ද?

බංචි:  අර හිටියේ කවින් මාමලාගේ ගෙදර හිටියේ.

කොළොම්පුරයා:  බොනික්කෙක්ද?

බංචි: නෑ. අර බබා. අර මාමාගේ නැන්දා ගාව හිටියේ.

කොළොම්පුරයා:  කවුද? 

බංචි:  මියා නැති නංගි බබෙක්. මටත් ඕනා ඒවාගේ මියා නැති බබෙක්. අම්මේ ඔන්න මම තාත්තටත් කිව්වා.


බලුමස්

බංචි:  තාත්තේ අපිට කොරෝනා හැදිලා මැරුනොතින් මේ ගෙවල් කවද ගන්නේ? 

කොළොම්පුරයා:  ඔයාගේ මාමා ගනියි. නැත්නම් අල්ලපු ගෙදර ඉන්න අර වයසක අංකල් අපේ ගෙදර ගනියි. එයා නිතරම මෙහෙට එනවා නේ. 

බංචි:  එයා අපේ බල්ලාවත් ගනියිද?

කොළොම්පුරයා:  එයාට බල්ලාට කන්න දෙන්න විදිහක් නෑ. බල්ලා පාරේ ඉන්න බල්ලෝ වාගේ කවුරුහරි දෙන දෙයක් හරි කුණුගොඩවල් වලින් කාලා ඉදියි. 

බංචි:  මිනිස්සු බල්ලෝ කන්නේ නැද්ද?

කොළොම්පුරයා:  කනවා එත් මෙහේ නොවෙයි. 

බංචි: කොහේද?

කොළොම්පුරයා:  කොරියාවේ. 

බංචි: තාත්තා ගියාද?

කොළොම්පුරයා:  ඔව් කිහිප සැරයක් ගියා.

බංචි: බලු මස් කන්නද?

කොළොම්පුරයා:   පිස්සුද? මම ගියේ නැවක.

බංචි: එයාලා බල්ලෝ කොහොමද කන්නෙ?

කොළොම්පුරයා:  එයාලා බල්ලන් රෝස් කරලා කනවා. 

බංචි: එතකොට බලු මැක්කො? එයාලා මැක්කොත් එක්කමද කන්නේ?


බාගෙට  වැඩ

තව දවසක බංචිගේ අයියන්ඩිට කෙළොම්පුරයා වැඩක් පවරනවා. මිනිහා පොඩ්ඩක් සරීර හොරා හින්දා වැඩේ කරන්නේ  භාගෙට 

කොළොම්පුරයා:  පුතේ කරන වැඩක් ඉවරවෙනකම් හරියට කරන්න. භාගෙට වැඩ කරන්න එපා.

බංචි:  ඔයාට තාත්තා කිව්වාට එයාත් අම්මාගේ ලිපට දාන්න පොල්කටු පිච්චලා තිබුනෙත් භාගෙට. 

කොළොම්පුරයා:  මොකක් මම බාගෙට පිච්චුවා? 

බංචි: නෑ නෑ ගින්දර තමයි බාගෙට පිච්චුවේ. 


Monday, January 24, 2022

තවසන්ඩ් තවුසන්ඩ

 


අන්දුබයියාගේ තවත් කතාවක් අරගෙන ඔන්න මේ නව වසරේ ආවා. මේක අන්දුබයියාට සිද්දවුන දෙයක්ද කියා මම දන්නේ නෑ. හැබැයි උන්නැහේ තමයි මේක දෙසාවඳාළේ. තමන්ට සිද්දවෙච්චි දේවල් අනුන්ට වාගේ දොඩන්න අපේ අන්දුබයියා හොඳහැටි දන්නවා නොවැ. අපි  මේකේ කතානායකයා විදිහටත් අන්දුබයියාව දාමු එහෙම හොඳයි නොවෙද? හරි එහෙනම් ඔහෙලාගේ අනුමැතිය ලැබුනා නේ.  



අපේ අන්දුබයියා කසාද බදින්න හිටපු කෙල්ලගේ ගෙදර අම්මා තමයි ගෘහමුලිකයාවුනේ තාත්තා අම්මාගේ කීමට එහෙම ගිහිල්ලා ගෘහස්ත සාමය කඩකරගෙන ප්‍රචන්ඩත්වයට ලක්වෙන්න කැමති නැති නිහතමානි පොරක්. අම්මාගේ ටිකක් නොවෙයි අමු ලෝබයි අන්දුබයියාට නොදෙවෙනි නෑ. සියලු වියහියදම් පාලනය උන්දෑ තමයි කරන්නේ. කොහොමින් කොහොම අපේ ලොක්කා කෙල්ලව කරකාර බැන්දා. කෙල්ලගේ අම්මා වියදම් අඩුකරගන්නත් එක්ක මංගල්ලය තිබ්බේ ගෙදර.  දන්නවානේ අන්දුබයියා ඊටත්වඩා මසුරා කියලා  පොර බැඳලා පැනිහද බලන්න හනිමුන් ගියේ නෑ. මිනිහත් ගෙදර කාමරයක පැනි හද බැලුවා. පහුවදා අන්දුබයියා උදේ නැගිටලා වැසිකිලි ගතවෙනකම් දෙරකඩ කුරුමානම් අල්ලපු කෙල්ලගේ අම්මා කෙල්ලගේ වැඩේ හරිද බලන්න ගියේ පොඩ්ඩක් ඔරේප්පු පිට පිපිරි පිපිරි. කෙල්ලත් ඇදේ ඇලවෙලා හිටියේ පෙරදා අන්දුබයියා එක්ක  අල්ලපු නෙයියාඩගමේ කෙඩෙත්තුවත් එක්ක. අම්මා ආවාම කෙල්ල ඇදුමත් සකස්කරගෙන ඇදේ වාඩි ගත්තා. 

"ආ බං කෙල්ලේ උඹ දන්නවානේ මේ මගුලට වියදම් කොරන්න සල්ලි හොයාගත්තේ අමාරුවෙන් කියලා. ඉතිං උඹ මට මෙහෙම කරන එක හරිද?"

කෙල්ල උඩ බිම බැලුවේ අම්මා මොනවාද මේ කියන හතර බීරි කතා කියලා

"මොකක්ද අම්මේ මේ කියන්නේ?"

"කියන්නේ අනේ උඹත් මේ අම්මාගේ දුවනේ මටත් කොලේ වහන්න එනවානේ. මම උඹට වඩා හොදට එවා දන්නවා." 

කෙල්ලට හින්දාඩිය දැම්මේ අන්දුබයියා එක්ක එහෙ මෙහෙ ගිහිල්ලා කොරපුවා එහෙම අම්මාගේ කනට වැටිලාද කියලා. එත්  දැන් අන්දුබයියාව බැඳලා නේ මොකක් උනත් මොකද?

"මට තේරෙන්නේ නෑ මොකක් කියනවාද කියලා තේරෙන්න කියන දෙයක් කියන්න. "

"උඹගේ අන්දුවා හිතන්න ඇති නේද මට ඔය ඉංගිරිස් කෑලි දන්නේ නෑ කියලා. මම ඉස්කොලේ ගිහිල්ලා ලොකු විභාග පාස් නොකෙරුවාට මමත් ඉංගිරිස් කෑලිත් දන්නවා. "

"මොන ඉංග්‍රිසියක් ද අම්මේ?"

"ඇයි මගුලට හම්බවුනු සල්ලි ටික උබේ මිනිහා වෙච්චි ලෝබ අන්දුවා මට දෙන්න වෙයි කියලා හොරාට ගැන්නේ." 

"අපි ගැන්න සල්ලියක් නෑ."

"අනේ පලයං බොරු නොකියා මේ  මගේ කන්දෙකට ඇහුන දේ බොරු වෙන්නේ කොහොමද? උඹලා සල්ලි ගැන්නේ ඉන්ටනෙට් එකත් දාගෙන."

"ඉන්ටනෙට්?"

"ඔව් අන්දුවා ඇදට කතා කලාම උඹ කිව්වේ ඉන්ටනෙට් එක දාලා එන්නම් කියලා. ඊට පස්සේ තමයි අන්දුවා මට නොතේරෙන්න තවසන්ඩ් තවුසන්ඩ් කිය කියා ගැන්නේ? මමත් ඕය සල්ලි ටික අල්ල ගන්න බලාගෙනම ඊයේ රෑ කාමරේ බිත්තියට කන් තියාගෙන උන්නේ. "

වැසිකිලියට ගිහින් කාමරේට ආපු අපේ අන්දුබයියා ආපහු හැරිලා වැසිකිලියටම දිව්වේ ඊයේ රෑ කෙල්ලට තව උස්සන්න තව උස්සන්න කියපු එක අම්මන්ඩි අහන් හිටපු එකට ලැජ්ජාවෙන්.  


Monday, January 17, 2022

බ්ලොග් ලොවේ බ්ලොක් වීම

2022 වසර ලබද්දී ජනවාරි පළමුවෙනිදා බ්ලොග්වාසි සනුහරේට සුභපතා දමන ලද පොස්ටුව සින්ඩිවලට නොවැටී පළ නොවී  කිසිවෙකුගේ ඇස ගැටුනේ නැත. ලැබුනු එකම කොමෙන්ටුව අපේ හිතාදර නිදි ලොක්කාගෙනි. එයත් මෙහෙම පොස්ටුවක් දමා ඇතිබව දුරබනුවෙන් පැවසීමෙන් අනතුරුව ලැබුනි. මාගේ කාර්යාලීය ගුරුජී අන්දුබයියාගේ ත්‍රාසජනක වැඩ කෑලී ගැන දැමූ පොස්ටුවට උරනව අන්දුබයියා ගසනා ලද කුණු පොල්ගෙඩියක් වත් මෙයට බලපා ඇද්දැයි සැකයක් මසිත පහළවෙයි.  කොළොම්පුරේට හෙනහුරා ලබා ඇතිබව කිව් පසුව එයට පිලියමක් කොකොස සභාපති තැම්පත් ගරු  Praසන්ன   මහතා නිදිගේ පංචතන්තරේ අඩවියේ මෙසේ දමා තිබුනි.

සෙනසුරාද දවස් හතක් කපුටන්ට එළඟිතෙල් දාපු පාන්තිරේ බැගින් දෙන්න. ඔය සෙනසුරු අපල දුරුවෙනවා සත්තයි. හැක්..


(ප.ලි. ඔය වැඩේ කපුටන්ට මොන විදියට බලපායිද කියා නොදනිමි.)

 එය කරන්නට ගොස් හෙනහුරා ගුගල් දෙයියෝ සමග හැමිණී නිචවී සීඝ්‍රගාමි හැරෙන තැපෑලෙන් කාකයන්ට බලපා කපුටන්ගේ ගූ ගල් වෙයිද කියා මහත්වූ පරාණ බියක් සිතට නැගෙන්නට වුනි. කෙසේවෙතත් වත්පිලිවෙත් නිසිලෙස සපුරමින් දින සතක් ගූ ගල් කර සිටිමින් මේ පොස්ටුව දමා ඇති බවත් මෙයත් පළ නොවුනහොත් කොළොම්පුරයා බ්ලොග් ලොවේ බ්ලොක් වී ඇතිබව හදපිරි සෝකය මුසුව මින් දැනුම් දෙමි.  



කොළොම්පුරයාගේ බ්ලොග් ලොවේ බ්ලොක්විම නවතා සෙනසුරු අපලය දුරුකරදුන්  lktips.com අඩවියහි නදුන් රණවිර මහතාට බොහෝමයක් පිං අත්වේවා. 

Saturday, January 1, 2022

2022 ආවා

 නැග්ගොත් පහළ බසින්නේ අහවල් එක පමණක් වු සිරිලංකාවාසින්ටද අන්තර් ජාල අවකාශයේ සැරිසරනා බ්ලොග්වාසි සියල්ලන්ටම සැපත සපිරෙන සතුට සමරන නීරෝගිබව නිරතුරුවම රැදෙනා ලංකා කොඩිය ගසා ගුවන්ගතවු සුප්‍රිම් සැට් සොයා අභ්‍යාවකාශ ගතවු බඩුමිල ගුරුත්වාකරෂණයට යටත්ව යළි බිමට කඩාවැටි ගෑස් කිරිපිටි පෝලිම් දුකින් තොරවන්නාක්වූ සුබ නව වසරක් වේවා......



නාවික සැතපුම් ගොඩබිම් සැතපුම්වලට වඩා වෙනස් වන්නේ ඇයි?

  නාවික සැතපුමක් යනු සමුද්‍ර  හා ගුවන් සේවා කර්මාන්තවල භාවිතා වන මිනුම් ඒකකයක්. නාවික සැතපුමක් ගොඩබිම් සැතපුමකට වඩා වෙනස් වෙනවා.  පෘථිවි භූග...