Sunday, August 21, 2016
Monday, August 15, 2016
ගුවනින් ආ බුලර්ස් පාරේ ළමා පිටිය.
නෙළුම්යාය බ්ලොග් සම්මාන උළේල 2016 - ඉතිහාසය තරග අංශයෙන් දෙවන ස්ථානය දිනු ලිපිය
බුලර්ස් පාරේ කොහේද ළමා පිටියක්? කොළොම්පුරේ ඕනෑ තරම් ළමා පිටි තිබුනත් බුලර්ස් පාරේ නම් ළමා පිටියක් පෙන්න තැනක නෑ. කොළඹ කැම්පස් එකේ නම් පිට්ටනියක් තිබුනත් එ්ක ළමා පිටියක් වෙන්න බෑනේ. එහෙනම් කොහේද මේ ළමා පිටිය තියෙන්නේ? එහෙනම් බුලර්ස් පාරේ ටිකක් ඇතුලට ඇවිද ගිහිල්ලා එ් කාලේ රේඩියෝ සිලොන් කියලා කිව්ව ගුවනින් විදුලි සංස්ථාව ඇතුලට පොඞ්ඩක් ගොඩවෙමු. එත් ඒක ඇතුලේ ළමා පිටියක් තියෙනවාද? ඔව් මේ පිටිය ඇහෙන් දකින්න නම් බෑ. කනින් අහන්න නම් පුළුවන්. මීට අවුරුදු ගනනාවකට කලින් එ් කාලේ ළමයින්ට මේ ළමා පිටියට ගොඩවෙන්න ලැබුනේ කනින් අහලා තමයි. ගුවන් විදුලියෙන් ඇරඹුනු ළමා වැඩසටහන් ගොන්නක් තිබුණා. අද කොළොම්පුරේන් කතාකරන්න යන්නේ ඒ ගැන. එහෙනම් යමුද මේ ඇහෙන් දකින්න බැරි කනින් අහන්න පුළුවන් ළමා පිටියේ තොරතුරු හොයා බලන්න.
අපේ ලංකාවේ ගුවන් විදුලිය පටන් අරගෙන අවුරුදු දහයකට පස්සේ ළමයින් වෙනුවෙන් ළමා වැඩසටහනක් කරන්න ඕනේ කියලා හිතුනේ. "ආන්ටි කර්ක්" නමින් මේ පළමු ළමා රේඩියෝ වැඩසටහන 1935 මැයි 15 වෙනිදා සිට විකාශය කරන්න පටන් ගත්තේ. මේ වැඩසටහන මෙහෙව්වේ කර්ක් නැන්දා. හැම බදාදා දවසකම හවස 6.30 ඉදන් 7.30 දක්වා පැයක් ඉංග්‍රීසියෙන් මේක ප‍්‍රචාරයවුනා. මේ වැඩසටහනට ළමයින් එකතුකරගන්න රචනා තරගාවලියක් එහෙම පවත්වලා තරගෙන් ජයගන්න අයට ඉංග්‍රීසි ළමා පොත් තෑගි විදිහට දිලා තියෙනවා. "ආන්ටි කර්ක්" ගෙන් පස්සේ "ආන්ටි ජෙනිට" මේ වැඩසටහන මාරුවුනා. ආන්ටි ජෙනිට "අන්කල් පීටර්ද" එකතුවෙලා කරපු මේ වැඩසටහන බදාදා දිනයෙන් බ්‍රහස්පතින්දා දවසට මාරුවෙලා ගියා. "ආන්ටි ජෝයි" එක්ක "අන්කල් නික්" ළමා පැයට එකතුවුනේ 1941 අවුරුද්දේදි. ඉතිං මේ ළමා පැය බ්‍රහස්පතින්දා හවස 6 ඉදන් 7 වෙනකම් ගුවන් ගතවෙලා තියෙනවා.
ඉංග්‍රීසියෙන් විතරක් ළමා වැඩසටහන් කරලා හරියන්නේ නෑනේ. සිංහල ළමා වැඩසටහන් අපේ රේඩියෝ එකට ආවේ 1936 අවුරුද්දේ. මේක කරගෙන ගියේ "සිරියලතා නැන්දා" නමින් කැතරින් හපුගල මහත්මියයි. සෑම සිකුරාදා දවසකම හවස 6 ඉදන් 6.25 වෙනකම් එ් කියන්නේ පැය කාලක් ප‍්‍රචාරයවුනා. 1939 නොවැම්බර් මාසේ වෙනකොට පි.ජි. ආරියරත්න මහතා "ආරියරත්න මාමා" නමින් ළමා වැඩසටහන කරගෙන ගියා. "දමයන්ති අක්කා" නමින් චන්ද්‍රා රන්හොටි මෙනවිය මේ වැඩසටහනට දායකත්වය දුන්නා. 1941 අවුරුද්දේ මේ ළමා වැඩසටහනේ විකාශ කාලය විනාඩි 40 දක්වා දීර්ඝ කරලා තියෙනවා.
මුල්ම දෙමළ ළමා වැඩසටහන් ද 1936 අවුරුද්දේම පටන් අරන් සෙනසුරාදා දවස්වල හවස 6 ඉදන් 6.25 වෙනකම් පැය කාලක් විකාශයවුනා කියලයි සඳහන් වෙන්නේ.
යු. එ්. එස්. පෙරේරා "සිරි අයියා"
මුල් කාලේ විකාශය වෙච්චි එකාකාරි ළමා වැඩසටහන් වල ආකෘතිය වෙනස්කරන්නට ගුවන් විදුලි අධිකාරි විදිහට ආපු ෂර්ලි ද සිල්වා පියවර ගත්තා. මේ පරිවර්තනයේ ප්‍රධාන සාධකය වෙන්නේ නාලන්දා විද්‍යාලයේ ගුරුවරයෙකුවු යු. එ්. එස්. පෙරේරා මහතායි. එයා "සිරි අයියා" නමින් ළමා පිටියේ ප්රසිද්ධවෙනවා. මේ සිරි අයියාව ළමා පිටියට එකතුකරන්නේ මහාචාර්ය ගුණපාල මලලසේකර මහත්තයා තමයි. දමයන්ති අක්කා කරගෙන ගිය වැඩසටහනට කවි විරිදු ගායනා කරන්න ආපු යු.එ්.එස්. පෙරේරාට දමයින්ති අක්කා එක්ක මේ වැඩසටහන කරගෙන යන්න කියල පස්සේ කාලෙක ඇරයුම්ක් ලැබෙනවා. එ් නිසා දමයන්ති අක්කා සහ සිරි අයියා නමින් ළමා තීරය ප‍්‍රචාරවෙන්න පටන්ගත්තා. පස්සේ කාලෙක දමයන්ති අක්කා කසාද බැඳලා ළමා පිටියෙන් පිටවෙලා ගිය හින්දා සිරි අයියාට මේ ළමා පිටිය බාරගන්න කියලා මලලසේකර මහත්තයා කියනවා. දමයන්ති අක්කා නැති නිසා "සොමි අක්කා" කියලා තවත් අයෙක් හඳුන්වලා දෙන්න කටයුතු කරනවා. මුල්ම සොමි අක්කා වුනේ ඊවා ජයසේකරයි. නන්දා කෙවිටියගල, සිරිමා ප්‍රනාන්දු, ධනවති මුණසිංහ සහ පස්සේ කාලෙක ප්රවිණ නිලියක්වු ටි්රලිෂියා අබේකෝන් (ගුණවර්ධන) සොමි අක්කාගේ චරිතය බාරගත්තා.
මේ ළමා වැඩසටහනට තේමා ගීතයක් විදිහට "මුනි නන්දන සිරිපාද වදිම්" ගීතයේ අනුවාදනය එහෙම එකතුකරලා නව මුහුණුවරක් දෙන්න සිරි අයියාට පුළුවන් වෙලා තියෙනවා. මේ ළමා තීරය අසන ළමයින් චන්ද්‍ර, සුර්ය, නන්ද, මෞර්ය නමින් නිවාස හතරකට බෙදා වැඩසටහනට දායක කරගත්තා. මේ ළමා තීරයට ලංකාවේ විවිධ පළාත් වලින් එකතුවු ළමයින් පස්සේ කාලෙක අපි කවුරුත් දන්නා නමගිය කලාකරුවන්වුනා. කරුණාරත්න අබේසේකර, රිජ්වේ තිලකරත්න, චිත්‍රානන්ද අබේසේකර, තලංගම පේ‍්‍රමදාස, වින්සන්ට් පන්ඩිත, ඩෝල්ටන් ද සිල්වා, රවින්ද්‍ර රූපසිංහ, පි.වි. නන්දසිරි, හෙන්රි ජයසේන, ටි්රලිෂියා අබේකෝන් (ගුණවර්ධන),දොස්තර උපුල් ජයවර්ධන, දොස්තර හඞ්සන් ද සිල්වා ආදින් ළමා තීරයෙන් රටම හඳුනාගත් පිරිසෙන් කිහිප දෙනෙක්. 1953 අවුරුද්දේ මේ ළමා තීරය නතර කරලා දැම්මා.
සිරි අයියාගෙන් පස්සේ ළමා තීරය ආපහු ඇරඹුනේ කරුණාරත්න අබේසේකර මහතා ළමා හා කාන්තා වැඩසටහන් බාරගැනිමත් එක්කයි. මේ කරුණාරත්න අබේසේකර මහත්තයාගේ කාලේ තමයි ළමා පිටියේ ස්වර්ණමය කාලේ උදාවෙන්නේ. කරුණාරත්න අබේසේකර ප්රසිද්ධවුනේ "කරු අයියා" නමින්. කරු අයියා ළමා තීරය තුලින් ළමා ගීත රැසක් නිර්මාණය කරලා ඉදිරිපත් කළා. සෑම වැඩසටහනකදිම අළුත් ගීතයක් වැඩසටහන ආරම්භයේදිම ලියා තනු යොදා පුහුණු කරවා ඉදිරිපත් කරන්නට සමත්වුනා.
කරුණාරත්න අබේසේකර "කරු අයියා"
අගහරුවාදා දවස්වල පැයභාගයක් වෙන්කර තිබුණේ "ළමා රංග පීඨය" නම් වැඩසටහනේ ළමා නාට්‍ය සඳහායි මේ නාට්‍යවලට අවුරුදු 16 න් පහළ ළමයි යොදාගෙන චරිත නිරුපණය කෙරේව්වා. මේ ළමා රංගපීඨය එදා බොහෝ ජනප්‍රිය වැඩසටහනක් වුනා. "ටිකිරි සිනා රැලි" නම් වැඩසටහන මඩවල එස්. රත්නායක මහතා බදාදා දවස්වල ඉදිරිපත්කළා. මේ වැඩසටහන සාහිත්‍යට බර නව රචකයින් සඳහා වෙන්කරපු එකක්වුනා. මේ මගින් ළමා ලිපි, රචනා,ගීත,කවි ආදි විචිත්රාංගයන් ඉදිරිපත් කෙරුවා.
වයස අවුරුදු 3 ත් 6ත් අතර ළමයින් ඉල්ක්ක කරගත් තවත් වැඩසටහනක්වු "මා වැනි බිලින්දා" වැඩසටහනයි ප්‍රචාරය වුනේ බ්‍රහස්පතින්දා දවස්වලයි. මෙය කරුණාරත්න අබේසේකර මහතා ඉදිරිපත් කෙරුවා. සෙනසුරාදා දිනවල "ශනිදා හමුව" ලෙසින් සුදර්මන් සිල්වා සම්පාදක ලෙසින් කටයුතු කෙරුව වැඩසටහනක්දවුනා.
ඉරිදා දිනවල ප්‍රචාරය කෙරුනු "සරස්වතී මණ්ඩපය" ළමාතීරයේ ජනප්‍රියතම වැඩසටහන වුනා. මේකට විනාඩි 45 ක ගුවන් කාලයක් වෙන්කර තිබුණා. සම්පාදක විදිහට කරුණාරත්න අබේසේකර මහතාත් සංගීතය ඩි.ඩි.ඩැනි මහතාත් සැපයුවා. මෙහි බොහෝ ගීත කරුඅයියා විසින්ම රචනා කරපු ගීතවිමත් විශේෂයක් වෙනවා. ළමා ශිල්පියෙකුවු හේම ශ්‍රී අල්විස් ගීත ලිවීමට සරස්වතී මණ්ඩපයට එක්වුනු අයෙක් බව පැවසෙනවා. ශාන්ති දිසානායක, තිලකසිරි ප්‍රනාන්දු, එස්.ලියනගේ, නන්දා මාලනි, ඇන්ජලින් ද ලැනරෝල්, අමිතා වැදිසිංහ, මල්ලිකා කහවිට, බුද්ධදාස බෝධිනාගොඩ, ලීලාරත්න කංකානම්ගේ, එමර්සන් හිප්පොල සරස්වතී මණ්ඩපයට එක්වුනු අය අතරේ හිටියා. මේ නම් අතර ඔයාලටත් හුරුපුරුදු නම් තියෙනවා නේද? ඒ කාලේ ළමා ශිල්පින් තමයි අද සුප්‍රකට ගායක ගායිකාවෝ, විද්වතුන් වෙලා තියෙන්නේ. මේ ළමා මණ්ඩපයෙන් දොරට වැඩිය අද සුප්‍රකට ගායක ගායිකාවන් තමයි නන්දා මාලනි, සනත් නන්දසිරි, නලිණී රණසිංහ, ඉන්ද්‍රාණි විජේබණ්ඩාර, නීලා වික්‍රමසිංහ, සුජාතා අත්තනායක, ශීලා පරණමානගේ, පුණ්‍යා කත්‍රීආරච්චි, දයා හේමන්තා අබේසේකර, චන්ද්‍රා කබ්රාල් හා රූපා ඉන්දුමති ආදි අයත් වෙනවා.
මේ වැඩසටහන් වල විශේෂත්වුයේ ළමා වැඩසටහන් එසැණින් ඉදිරිපත් කිරිමයි. හොඳ ළමා ගීත පස්සේ තැටිවලට තැටිගත කරගත්තා. මේ වැඩසටහන් වලට පිටපත් රචනයට තලංගම පේ‍්‍රමදාස, ස්වර්ණ ශී‍්‍ර බණ්ඩාර, විමල් දිසානායක, බුද්ධදාස බෝධිනාගොඩ ආදි අය සහභාගි කරවා ගත්තා.
1965 අවුරුද්දේ ගුවන් විදුලිය සංස්ථාවක් බවට පත්වුනාට පස්සේ කරු අයියා ස්ථිර සේවයෙන් ඉවත්වෙනවා. වැඩසටහන් සම්පාදක තනතුර නිෂ්පාදක තනතුර විදිහට වෙනස්වුනා. කරු අයියාගෙන් පස්සේ මේ ළමා හා කාන්තා වැඩසටන් භාරව කටයුතු කරන්නට වරින්වර නිෂ්පාදකයින් වෙනස්වුනා. ප්‍රභා රණතුංග, නන්දා ජයමාන්න, ඇග්නස් සිරිසේන, හඞ්සන් සමරසිංහ, පේ‍්‍රමකීර්ති ද අල්විස්, සුනන්දා ධර්මපාල, මහින්ද අල්ගම යන අය නිෂ්පාදකයන් වුනා.
පේ‍්‍රමකීර්ති ද අල්විස්
"මල් කියන්නේ කාට කාට - ළමයින්ටයි පාට පාට" යනුවෙන් ලියැවුනු තේමා ගිතය අහලා තියේනවාද? එ්ක තමයි "ළමා පිටියේ" තේමා ගිතය. ළමා රංග පීඨය, කනිටු සරසවිය, ළමා සංග්‍රහය වැනි විවිධ නම් වලින් මේ ළමා පිටිය සතිය පුරාවටම විවිධ වැඩසටහන් කළා.
1962 වෙළඳ සේවා අධ්‍යක්ෂකවරයා ලෙසින් ගුවන් විදුලියට පත්වෙලා ආපු පස්සේ කාලෙක ගුවන් විදුලියේ සභාපති ධුරය දැරු ලිව් ආර්. විජේමාන්න මහතා සිංහල වෙළඳ සේවය ඔස්සේ ළමා වැඩසටහනක් ඇරඹිමට අදහස් කළා. 1950 ඉදන් ගුවන් විදුලියේ ගද්‍ය ගායනා ඉදිරිපත් කරන සුමනා ජයතිලක මහත්මියට "හඳමාමා" ළමා වැඩසටහන ඉදිරිපත්කරන්නට පැවරුවා. හඳමාමා වැඩසටහනේ මුල්ම නිෂ්පාදක වුනේ පසුකාලෙක චිත්‍රපට අධක්ෂක කෙනෙක්වු කේ. එ්. ඩබ්ලිව්. පෙරේරා මහතායි. 1963 දෙසැම්බර් 14 වෙනිදා හඳ මාමා මුලින්ම ගුවනින් විකාශනය වුනා. එතැන් ඉදලා අද දක්වාම නොකඩවා ප්රචාරයවෙන එකම ළමා වැඩසටහන තමයි "හඳ නැන්දා" ලෙසින් අදටත් සුමනා ජයතිලක මහත්මිය හඳමාමා ඉදිරිපත් කරනවා. සුමනා මහත්මියට ආරියරත්න මිල්ලවිතානාච්චි සහ ලැම්බට් පෙම්මාවඩු වැනි නිවේදකයින් සහායවෙලා තියෙනවා.
සුමනා ජයතිලක "හඳ නැන්දා"
ලොව ගණඳුරු දුරුකරන්න
ගුණ නුවණට මඟ පෙනෙන්න
පුංචි අපට දැනුම දෙන්න
හඳ මාමාට සවන් දෙන්න
මේ තියෙන්නේ සුමනා ජයතිලක නැන්දා ලියුව මිල්ටන් පෙරේරා ගයනා කරපු හඳමාමා ළමා වැඩසටහනේ තේමා ගීතය තමයි.
ළමා වැඩසටහන් ගුවන් විදුලියෙන් අහන්නට ළමයින්ගේ උනන්දුව අඩුවෙලා යන්නට එක හේතුවක්වුනේ රුපවාහිනී යන්තරේ ඇවිල්ලා කනට ඇහෙන්න විතරක් නෙමෙයි ඇහැට පෙනෙන්නත් වැඩසටහන් විකාශය වෙන්න ගත්තුඑක. එදා එ් ළමා පිටියේ දඟකරපු ළමා ශිල්පින් අද වියපත්වෙලා ගිහිල්ලා. සිරි අයියලා, පේ‍්‍රමකිර්ති ද අල්විස්, කරු අයියලා මඩවල එස්, රත්නායකලා ලොවෙන් සමු අරන් ගිහිල්ලා. හැබැයි අදටත් අපිට ඇහෙන ළමා පිටියේ ළමා ගීත රාශියක් කලාකෙත රසකරවමින් අදටත් සුරැකිව තියෙනවා.
බුලර්ස් පාරේ කොහේද ළමා පිටියක්? කොළොම්පුරේ ඕනෑ තරම් ළමා පිටි තිබුනත් බුලර්ස් පාරේ නම් ළමා පිටියක් පෙන්න තැනක නෑ. කොළඹ කැම්පස් එකේ නම් පිට්ටනියක් තිබුනත් එ්ක ළමා පිටියක් වෙන්න බෑනේ. එහෙනම් කොහේද මේ ළමා පිටිය තියෙන්නේ? එහෙනම් බුලර්ස් පාරේ ටිකක් ඇතුලට ඇවිද ගිහිල්ලා එ් කාලේ රේඩියෝ සිලොන් කියලා කිව්ව ගුවනින් විදුලි සංස්ථාව ඇතුලට පොඞ්ඩක් ගොඩවෙමු. එත් ඒක ඇතුලේ ළමා පිටියක් තියෙනවාද? ඔව් මේ පිටිය ඇහෙන් දකින්න නම් බෑ. කනින් අහන්න නම් පුළුවන්. මීට අවුරුදු ගනනාවකට කලින් එ් කාලේ ළමයින්ට මේ ළමා පිටියට ගොඩවෙන්න ලැබුනේ කනින් අහලා තමයි. ගුවන් විදුලියෙන් ඇරඹුනු ළමා වැඩසටහන් ගොන්නක් තිබුණා. අද කොළොම්පුරේන් කතාකරන්න යන්නේ ඒ ගැන. එහෙනම් යමුද මේ ඇහෙන් දකින්න බැරි කනින් අහන්න පුළුවන් ළමා පිටියේ තොරතුරු හොයා බලන්න.
අපේ ලංකාවේ ගුවන් විදුලිය පටන් අරගෙන අවුරුදු දහයකට පස්සේ ළමයින් වෙනුවෙන් ළමා වැඩසටහනක් කරන්න ඕනේ කියලා හිතුනේ. "ආන්ටි කර්ක්" නමින් මේ පළමු ළමා රේඩියෝ වැඩසටහන 1935 මැයි 15 වෙනිදා සිට විකාශය කරන්න පටන් ගත්තේ. මේ වැඩසටහන මෙහෙව්වේ කර්ක් නැන්දා. හැම බදාදා දවසකම හවස 6.30 ඉදන් 7.30 දක්වා පැයක් ඉංග්‍රීසියෙන් මේක ප‍්‍රචාරයවුනා. මේ වැඩසටහනට ළමයින් එකතුකරගන්න රචනා තරගාවලියක් එහෙම පවත්වලා තරගෙන් ජයගන්න අයට ඉංග්‍රීසි ළමා පොත් තෑගි විදිහට දිලා තියෙනවා. "ආන්ටි කර්ක්" ගෙන් පස්සේ "ආන්ටි ජෙනිට" මේ වැඩසටහන මාරුවුනා. ආන්ටි ජෙනිට "අන්කල් පීටර්ද" එකතුවෙලා කරපු මේ වැඩසටහන බදාදා දිනයෙන් බ්‍රහස්පතින්දා දවසට මාරුවෙලා ගියා. "ආන්ටි ජෝයි" එක්ක "අන්කල් නික්" ළමා පැයට එකතුවුනේ 1941 අවුරුද්දේදි. ඉතිං මේ ළමා පැය බ්‍රහස්පතින්දා හවස 6 ඉදන් 7 වෙනකම් ගුවන් ගතවෙලා තියෙනවා.
ඉංග්‍රීසියෙන් විතරක් ළමා වැඩසටහන් කරලා හරියන්නේ නෑනේ. සිංහල ළමා වැඩසටහන් අපේ රේඩියෝ එකට ආවේ 1936 අවුරුද්දේ. මේක කරගෙන ගියේ "සිරියලතා නැන්දා" නමින් කැතරින් හපුගල මහත්මියයි. සෑම සිකුරාදා දවසකම හවස 6 ඉදන් 6.25 වෙනකම් එ් කියන්නේ පැය කාලක් ප‍්‍රචාරයවුනා. 1939 නොවැම්බර් මාසේ වෙනකොට පි.ජි. ආරියරත්න මහතා "ආරියරත්න මාමා" නමින් ළමා වැඩසටහන කරගෙන ගියා. "දමයන්ති අක්කා" නමින් චන්ද්‍රා රන්හොටි මෙනවිය මේ වැඩසටහනට දායකත්වය දුන්නා. 1941 අවුරුද්දේ මේ ළමා වැඩසටහනේ විකාශ කාලය විනාඩි 40 දක්වා දීර්ඝ කරලා තියෙනවා.
මුල්ම දෙමළ ළමා වැඩසටහන් ද 1936 අවුරුද්දේම පටන් අරන් සෙනසුරාදා දවස්වල හවස 6 ඉදන් 6.25 වෙනකම් පැය කාලක් විකාශයවුනා කියලයි සඳහන් වෙන්නේ.
යු. එ්. එස්. පෙරේරා "සිරි අයියා"
මේ ළමා වැඩසටහනට තේමා ගීතයක් විදිහට "මුනි නන්දන සිරිපාද වදිම්" ගීතයේ අනුවාදනය එහෙම එකතුකරලා නව මුහුණුවරක් දෙන්න සිරි අයියාට පුළුවන් වෙලා තියෙනවා. මේ ළමා තීරය අසන ළමයින් චන්ද්‍ර, සුර්ය, නන්ද, මෞර්ය නමින් නිවාස හතරකට බෙදා වැඩසටහනට දායක කරගත්තා. මේ ළමා තීරයට ලංකාවේ විවිධ පළාත් වලින් එකතුවු ළමයින් පස්සේ කාලෙක අපි කවුරුත් දන්නා නමගිය කලාකරුවන්වුනා. කරුණාරත්න අබේසේකර, රිජ්වේ තිලකරත්න, චිත්‍රානන්ද අබේසේකර, තලංගම පේ‍්‍රමදාස, වින්සන්ට් පන්ඩිත, ඩෝල්ටන් ද සිල්වා, රවින්ද්‍ර රූපසිංහ, පි.වි. නන්දසිරි, හෙන්රි ජයසේන, ටි්රලිෂියා අබේකෝන් (ගුණවර්ධන),දොස්තර උපුල් ජයවර්ධන, දොස්තර හඞ්සන් ද සිල්වා ආදින් ළමා තීරයෙන් රටම හඳුනාගත් පිරිසෙන් කිහිප දෙනෙක්. 1953 අවුරුද්දේ මේ ළමා තීරය නතර කරලා දැම්මා.
සිරි අයියාගෙන් පස්සේ ළමා තීරය ආපහු ඇරඹුනේ කරුණාරත්න අබේසේකර මහතා ළමා හා කාන්තා වැඩසටහන් බාරගැනිමත් එක්කයි. මේ කරුණාරත්න අබේසේකර මහත්තයාගේ කාලේ තමයි ළමා පිටියේ ස්වර්ණමය කාලේ උදාවෙන්නේ. කරුණාරත්න අබේසේකර ප්රසිද්ධවුනේ "කරු අයියා" නමින්. කරු අයියා ළමා තීරය තුලින් ළමා ගීත රැසක් නිර්මාණය කරලා ඉදිරිපත් කළා. සෑම වැඩසටහනකදිම අළුත් ගීතයක් වැඩසටහන ආරම්භයේදිම ලියා තනු යොදා පුහුණු කරවා ඉදිරිපත් කරන්නට සමත්වුනා.
කරුණාරත්න අබේසේකර "කරු අයියා"
අගහරුවාදා දවස්වල පැයභාගයක් වෙන්කර තිබුණේ "ළමා රංග පීඨය" නම් වැඩසටහනේ ළමා නාට්‍ය සඳහායි මේ නාට්‍යවලට අවුරුදු 16 න් පහළ ළමයි යොදාගෙන චරිත නිරුපණය කෙරේව්වා. මේ ළමා රංගපීඨය එදා බොහෝ ජනප්‍රිය වැඩසටහනක් වුනා. "ටිකිරි සිනා රැලි" නම් වැඩසටහන මඩවල එස්. රත්නායක මහතා බදාදා දවස්වල ඉදිරිපත්කළා. මේ වැඩසටහන සාහිත්‍යට බර නව රචකයින් සඳහා වෙන්කරපු එකක්වුනා. මේ මගින් ළමා ලිපි, රචනා,ගීත,කවි ආදි විචිත්රාංගයන් ඉදිරිපත් කෙරුවා.
වයස අවුරුදු 3 ත් 6ත් අතර ළමයින් ඉල්ක්ක කරගත් තවත් වැඩසටහනක්වු "මා වැනි බිලින්දා" වැඩසටහනයි ප්‍රචාරය වුනේ බ්‍රහස්පතින්දා දවස්වලයි. මෙය කරුණාරත්න අබේසේකර මහතා ඉදිරිපත් කෙරුවා. සෙනසුරාදා දිනවල "ශනිදා හමුව" ලෙසින් සුදර්මන් සිල්වා සම්පාදක ලෙසින් කටයුතු කෙරුව වැඩසටහනක්දවුනා.
ඉරිදා දිනවල ප්‍රචාරය කෙරුනු "සරස්වතී මණ්ඩපය" ළමාතීරයේ ජනප්‍රියතම වැඩසටහන වුනා. මේකට විනාඩි 45 ක ගුවන් කාලයක් වෙන්කර තිබුණා. සම්පාදක විදිහට කරුණාරත්න අබේසේකර මහතාත් සංගීතය ඩි.ඩි.ඩැනි මහතාත් සැපයුවා. මෙහි බොහෝ ගීත කරුඅයියා විසින්ම රචනා කරපු ගීතවිමත් විශේෂයක් වෙනවා. ළමා ශිල්පියෙකුවු හේම ශ්‍රී අල්විස් ගීත ලිවීමට සරස්වතී මණ්ඩපයට එක්වුනු අයෙක් බව පැවසෙනවා. ශාන්ති දිසානායක, තිලකසිරි ප්‍රනාන්දු, එස්.ලියනගේ, නන්දා මාලනි, ඇන්ජලින් ද ලැනරෝල්, අමිතා වැදිසිංහ, මල්ලිකා කහවිට, බුද්ධදාස බෝධිනාගොඩ, ලීලාරත්න කංකානම්ගේ, එමර්සන් හිප්පොල සරස්වතී මණ්ඩපයට එක්වුනු අය අතරේ හිටියා. මේ නම් අතර ඔයාලටත් හුරුපුරුදු නම් තියෙනවා නේද? ඒ කාලේ ළමා ශිල්පින් තමයි අද සුප්‍රකට ගායක ගායිකාවෝ, විද්වතුන් වෙලා තියෙන්නේ. මේ ළමා මණ්ඩපයෙන් දොරට වැඩිය අද සුප්‍රකට ගායක ගායිකාවන් තමයි නන්දා මාලනි, සනත් නන්දසිරි, නලිණී රණසිංහ, ඉන්ද්‍රාණි විජේබණ්ඩාර, නීලා වික්‍රමසිංහ, සුජාතා අත්තනායක, ශීලා පරණමානගේ, පුණ්‍යා කත්‍රීආරච්චි, දයා හේමන්තා අබේසේකර, චන්ද්‍රා කබ්රාල් හා රූපා ඉන්දුමති ආදි අයත් වෙනවා.
මේ වැඩසටහන් වල විශේෂත්වුයේ ළමා වැඩසටහන් එසැණින් ඉදිරිපත් කිරිමයි. හොඳ ළමා ගීත පස්සේ තැටිවලට තැටිගත කරගත්තා. මේ වැඩසටහන් වලට පිටපත් රචනයට තලංගම පේ‍්‍රමදාස, ස්වර්ණ ශී‍්‍ර බණ්ඩාර, විමල් දිසානායක, බුද්ධදාස බෝධිනාගොඩ ආදි අය සහභාගි කරවා ගත්තා.
1965 අවුරුද්දේ ගුවන් විදුලිය සංස්ථාවක් බවට පත්වුනාට පස්සේ කරු අයියා ස්ථිර සේවයෙන් ඉවත්වෙනවා. වැඩසටහන් සම්පාදක තනතුර නිෂ්පාදක තනතුර විදිහට වෙනස්වුනා. කරු අයියාගෙන් පස්සේ මේ ළමා හා කාන්තා වැඩසටන් භාරව කටයුතු කරන්නට වරින්වර නිෂ්පාදකයින් වෙනස්වුනා. ප්‍රභා රණතුංග, නන්දා ජයමාන්න, ඇග්නස් සිරිසේන, හඞ්සන් සමරසිංහ, පේ‍්‍රමකීර්ති ද අල්විස්, සුනන්දා ධර්මපාල, මහින්ද අල්ගම යන අය නිෂ්පාදකයන් වුනා.
පේ‍්‍රමකීර්ති ද අල්විස්
"මල් කියන්නේ කාට කාට - ළමයින්ටයි පාට පාට" යනුවෙන් ලියැවුනු තේමා ගිතය අහලා තියේනවාද? එ්ක තමයි "ළමා පිටියේ" තේමා ගිතය. ළමා රංග පීඨය, කනිටු සරසවිය, ළමා සංග්‍රහය වැනි විවිධ නම් වලින් මේ ළමා පිටිය සතිය පුරාවටම විවිධ වැඩසටහන් කළා.
1962 වෙළඳ සේවා අධ්‍යක්ෂකවරයා ලෙසින් ගුවන් විදුලියට පත්වෙලා ආපු පස්සේ කාලෙක ගුවන් විදුලියේ සභාපති ධුරය දැරු ලිව් ආර්. විජේමාන්න මහතා සිංහල වෙළඳ සේවය ඔස්සේ ළමා වැඩසටහනක් ඇරඹිමට අදහස් කළා. 1950 ඉදන් ගුවන් විදුලියේ ගද්‍ය ගායනා ඉදිරිපත් කරන සුමනා ජයතිලක මහත්මියට "හඳමාමා" ළමා වැඩසටහන ඉදිරිපත්කරන්නට පැවරුවා. හඳමාමා වැඩසටහනේ මුල්ම නිෂ්පාදක වුනේ පසුකාලෙක චිත්‍රපට අධක්ෂක කෙනෙක්වු කේ. එ්. ඩබ්ලිව්. පෙරේරා මහතායි. 1963 දෙසැම්බර් 14 වෙනිදා හඳ මාමා මුලින්ම ගුවනින් විකාශනය වුනා. එතැන් ඉදලා අද දක්වාම නොකඩවා ප්රචාරයවෙන එකම ළමා වැඩසටහන තමයි "හඳ නැන්දා" ලෙසින් අදටත් සුමනා ජයතිලක මහත්මිය හඳමාමා ඉදිරිපත් කරනවා. සුමනා මහත්මියට ආරියරත්න මිල්ලවිතානාච්චි සහ ලැම්බට් පෙම්මාවඩු වැනි නිවේදකයින් සහායවෙලා තියෙනවා.
සුමනා ජයතිලක "හඳ නැන්දා"
ලොව ගණඳුරු දුරුකරන්න
ගුණ නුවණට මඟ පෙනෙන්න
පුංචි අපට දැනුම දෙන්න
හඳ මාමාට සවන් දෙන්න
මේ තියෙන්නේ සුමනා ජයතිලක නැන්දා ලියුව මිල්ටන් පෙරේරා ගයනා කරපු හඳමාමා ළමා වැඩසටහනේ තේමා ගීතය තමයි.
ළමා වැඩසටහන් ගුවන් විදුලියෙන් අහන්නට ළමයින්ගේ උනන්දුව අඩුවෙලා යන්නට එක හේතුවක්වුනේ රුපවාහිනී යන්තරේ ඇවිල්ලා කනට ඇහෙන්න විතරක් නෙමෙයි ඇහැට පෙනෙන්නත් වැඩසටහන් විකාශය වෙන්න ගත්තුඑක. එදා එ් ළමා පිටියේ දඟකරපු ළමා ශිල්පින් අද වියපත්වෙලා ගිහිල්ලා. සිරි අයියලා, පේ‍්‍රමකිර්ති ද අල්විස්, කරු අයියලා මඩවල එස්, රත්නායකලා ලොවෙන් සමු අරන් ගිහිල්ලා. හැබැයි අදටත් අපිට ඇහෙන ළමා පිටියේ ළමා ගීත රාශියක් කලාකෙත රසකරවමින් අදටත් සුරැකිව තියෙනවා.
Friday, August 12, 2016
කොළොම්පුරේ පත්තරේ බලමුකෝ විස්තරේ
කොළොම්පුරෙන් තමයි ලංකාවටම පත්තර අච්චුගහලා බෙදාහරින්නේ. දන්නවාද අපේ ලංකාවේ පත්තර කලාව පටන්ගත්ත හැටි? එහෙනම් පත්තරේ විස්තරේ දැනගන්න යමු මාත් එක්ක කොළොම්පුරේ සවාරියක්.
සිතට පිරිය බස් ලියුමට පෑන අතට ගත්තා
පවට හොබින දුසිරිත් දුර ලැම නිතර යුත්තා
කවට කමත් ලැබුනොත් අතහරින එක සත්තා
ලකට පහලවු මමවද කවටකතික මුත්තා
මේ තියෙන්නේ 1876 වර්ෂයේ පෙබරවාරි 01 වෙනි දින මුද්‍රණයෙන් පළවු "කවට කතිකයා " නම් වු පත්තරේ මුල් පිටුවේ තිබු කවි පදයකුයි.
කොළොම්පුරේ පත්තර ගැන කතා කරනකොට ලන්දේසින් අමතක කරන්න බෑ. ලන්දේසින් තමයි පළමුවෙන්ම මුද්‍රණ ශිල්පය ලංකාවට හඳුන්වලා දුන්නේ. ඔවුන් 1737 වර්ෂයේදි කි‍්‍රස්තියාණි යාඥා පොත සිංහලෙන් මුද්‍රණය කරලා දුන්නේ තමන්ගේ ආගම සිංහලයන් අතරේ ප්‍රචාරය කරවන්නයි. 1796 දි ලන්දේසින්ගෙන් අපේ රට අල්ලාගත් ඉංග්‍රීසින් ලන්දේසින්ට අයත්ව තිබු මුද්‍රණාලය ආණ්ඩුවේ මුද්‍රණාලය ලෙසින් ගොඩනැංවූවා. මේ මුද්‍රණාලයෙන් අපේ මුල්ම නිල වාරිකයවු "ලංකාණ්ඩුවේ ගැසට් පත්‍රය" (Government Gazette) 1802 මාර්තු 15 පළකළා. මේ ගැසට් පත්‍රය බි්රතාන්ය මහලේකම්ගේ අධික්ෂණය යටතේ ආණ්ඩුවේ නිවේදන, ප්‍රසිද්ධ දැන්විම්, සමාජික හා පෞද්ගලික තොරතුරුද අඩංගුවූනා. පස්සේ කාලෙක මේ ගැසට් පත්තරේ සාහිත්‍ය ලිපි පවා පලවුන නිසා ඒක සමාන්‍ය පත්තරේක ස්වරුපයක් ගත්තා. සෑම සඳුදාවකම නිකුත්වු මේ පත්තරේ මිල රික්ස් ඩොලර් දෙකක්. පසු කාලෙක සෑම සෙනසුරාදා දිනයන්ට මුද්‍රණයෙන් නිකුත්කරන්නට කටයුතු සම්පාදනය කළා.
ලංකාවේ පළමු නිදහස් පුවත්පත ලෙසින් අපට සලකන්නට හැකිවෙන්නේ ගැසට්පත්රය මුද්‍රණයෙන් වසර 30කට පසුව 1832 ජනවාරි 07 දින නිකුත්වු "ද කලම්බු ජර්නල්" (The Colombo Journal) පුවත්පතයි. සාහිත්‍යට හා ලේඛන කලාවට ඇල්මක් දැක්වු විල්මට් හොර්ටන් ආණ්ඩුකාරවරයාගේ කාලයේ තමයි මේක බිහිවෙන්නේ. මේ පත්තරේ කර්තෘ ධුරය දැරුවේ එවකට හිටපු තැපැල්පති ජොර්ජ් ලී (Goorge Lee) මහතායි. මුද්‍රණය බාරව කටයුතුකලේ රජයේ මුද්‍රණ අධිකාරි ජේ. වුට්ලර් මහතායි. රජයේ මුද්‍රණාලයෙන් පුවත්පත් පළ කිරිම මෙන්ම නිදහස් මතධාරි හා විවේචනාත්මක ලිපි පළකිරිම ගැන බි්රතාන්ය බලධාරින් අසතුටට පත්වුනා. ඒ නිසා මේ කලම්බු ජර්නල් පත්තරේ 1833 දෙසැම්බර් 31 දින පළකරපු කලාපයෙන් පසුව මුද්‍රණය නවතා දැම්මා.
ලංකාවේ පළමු නිදහස් මතධාරි පුවත්පත ලෙසින් හඳුන්වන්නට පුළුවන්වෙන්නේ කොළඹ වෙළෙදුන් පිරිසක් ආරම්භ කරපු "ද ඔබ්සර්වර් ඇන්ඞ් කොමර්ෂල් ඇඞ්වර්ටයිසර්" ( The Observer and Commercial Advertiser) පුවත්පතයි. මේක කොළඹ කුමාර වීදියේ තිබුණ ඔබ්සර්වර් මුද්‍රණාලයෙන් 1834 පෙබරවාරි 04 මුද්‍රණයෙන් නිකුත් කෙරුණා. පළමු කර්තෘ විදිහට කටයුතුකලේ ලංකාවට කොපි වගාව හඳුන්වලා දුන්නු ජෝර්ජ් වින්ටර් මහතා තමයි. 1835 දි අයර්ලන්ත ජාතික දොස්තර කි‍්‍රස්ටෝපර් එලියට් මහතා එ් පත්තරේ කර්තෘධුරය භාරගැනිමත් එක්කම නමත් වෙනස් කළා. එ් 1835 ජුලි 24 දා සිට "ද කළම්බු ඔබ්සර්වර්" (The Colombo Observer) නමින්. මේ පත්තරේ අප රටේ වැවිලි කරුවන්ගේ සහ ඔවුන්ගේ ජන සමුහයේ විමුක්තිය පතා සටන් වදින පත්තරයක්වුනා. ඔහුගේ පස්සේ 1867 දි එ්. එච් ෆර්ගියුසන් මහතා කර්තෘ ධුරය බාරගත් විට පත්තරේ නම "ද සිලොන් ඔබ්සර්වර් " ( The Ceylon Observer) නමින් නම් කෙරුණා. 1873 වර්ෂයේ සිට මේ පුවත්පත දිනපතා පත්තරයත් ලෙසින් මුද්‍රණය වෙන්න පටන්ගත්තා. විටින් විට අයිතිකරුවන් මාරුවෙමින් ගිහිල්ලා 1923 දි සිලොන් ඔබ්සර්වර් පත්තරේ අයිතිය ඩි.ආර්.විජේවර්ධන මහතා මිළදි ගත්තා.
කොළඹ කොටුවේ චැතම් වීදියේ පිහිටා තිබුණ සිලොන් ටයිම්ස් ආයතනයෙන් 1846 අගොස්තු 11 වෙනිදා "සිලොන් ටයිම්ස්" ( Ceylon Times) පුවත්පත එළිදැක්වූවා. පළමු කතුවරයාවුනේ හියු ස්ටුවර්ට් මහතා හා ආරම්භක ප්රකාශකයාවුනේ කොරනේලිස් ඩයස් මහතා තමයි. 1864 - 1865 ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේ මන්ත්‍රිධුරයක් දැරු ජෝන් කැපර් මහතා සිලොන් ටයිම්ස් පත්තරේ මිලටගැනිමත් එක්කම එ් පත්තරේ ස්වර්ණමය යුගය උදාවුනා. 1872 දෙසැම්බර් 16 වෙනිදා සිට මේ පත්තරේ දිනපතා පත්තරයක් ලෙසින් මුද්‍රණය වෙන්න පටන්ගත්තා. 1881 අගෝස්තු 1 වෙනිදා සිට මේ පත්තරේ "ටයිම්ස් ඔෆ් සිලොන්" නමින් නම් කෙරුවා.
අපේ රටේ පළමු සිංහල සඟරාව වුනේ 1832 දි මුද්‍රණයෙන් නිකුත්වු "මාසික තෑග්ග" නම් සඟරාවයි. මේ සඟරාව කොට්ටේ දි මුද්‍රණයකර නිකුත් කෙරුනා. පිටු අටකින් යුක්තවූ මේ මාසික සඟරාවේ සම්පූර්නයෙන්ම අඩංගුවුනේ බයිබල් කතා හා කි්රස්තියානි යාඥාවන් තමයි. සිංහලයෙක් විසින් සකස් කරන ලද පළමු සඟරාව වෙන්නේ "ශාස්ත්‍ර නිධානය" නම් 1846 දි මුද්‍රණය කෙරුව සඟරාවයි.
අපේ රටේ සිංහල පුවත්පත් කළඑළි බැස්සේ ඉංග්‍රිසි පත්තර මුද්‍රණය වෙලා අවුරුදු විසිගනනකට පස්සේ තමයි. ප්‍රථම සිංහල පුවත් පත විදිහට සැලකෙන "ලංකා ලෝක" පත්‍රය මුද්‍රණය කෙරුනේ 1860 දි ගාල්ලේ තිබුණ මුද්‍රණාලයකින්. දෙවරක් පමණ මුද්‍රණයෙන් නිකුත් කෙරුණ මේ පත්තරේ මුල්ම කලාපය මේ වෙනතෙක් සොයාගන්නට හැකිවෙලා නෑ.
ලංකාආණ්ඩුවේ ලියාපදිංචි පළමු හා පැරණිතම සිංහල පත්තරේ වෙන්නේ "ලක්මිණි පහණ" පුවත් පතයි. 1862 සැප්තැම්බර් 11 බ්රහස්පතින්දාවකයි ලක්මිණි පහණ පත්තරේ නිකුත් කෙරුනේ. සල්පිටි කොරලේ ප්‍රධාන මුදලිධූරය දැරු ගාල්ලේ බි.ජේ. එ්. ජි. ඩබ්ලිව් ගුණතිලක අතපත්තු මුදලිතුමා තමයි ප්‍රමුඛත්වය දැරුවේ. මේ පත්තරේ ආරම්භක කර්තෘ විදිහට වැඩකලේ කොග්ගල ධර්මරත්න පඬිතුමා තමයි.
සත්හට මින් සුබ වැඩට කැමැත්තෙමු
මුත්තට කාටත් බැඳෙන සිතැත්තෙමු
අත්පිට නැණ දියුණුවෙහි නියුත්තෙමු
මෙත්කොට ලක්මිණි පහණ පවත්තමු
පුවත්පතේ පරමාර්ථ දක්වමින් පළකෙරුව කවියක් සිරස්තලයට යටින් ඉහලින් සටහන් කරලා තිබුනා. මේ පුවත්පතේ කර්තෘ ධූරයට බටුවන්තුඩාවේ පඬිතුමාද, ඇම්. ධර්මරත්න පඬිතුමාද පසුව සිංහල භාෂා විශාරද මුනිදාස කුමාරතුංග මහතාද පත්වුනා.
1863 දි නිතිඥ එස්. රණසිංහ මහතාගේ කර්තෘකමින් "ලක් රිවිකිරණ " පුවත්පත ආරම්භකෙරුවා. කි‍්‍රස්තියාණි ආගමට නැඹුරුව අදහස් පළකෙරුව මේ පත්තරේ ආගමික වාද විවාද වලට අඩිතාලම දැම්මා.
මුල්ම දිනපතා සිංහල පුවත්පත වන "දිනපතා ප්රවෘත්ති" සි. දොන් බස්තියන් ජයවීර බණ්ඩාර කතුකමින් 1895 මාර්තු 07 වෙනිදා දොරට වැඩියා. ඉරිදා හැර අනෙක් සතියේ දවස්වල හවස්වරුවේ නිකුත් කෙරුවේ මේ පත්තරේ මිලවුනේ ශත පහක් පමණයි. පසු කාලෙක උදේ වරුවේ නිකුත් කෙරුණු මේ පත්තරේ 1907 ජුනි 07 අවසන් කලාපය නිකුත්වුනා.
හෙන්රි ස්ටිල් ඕල්කට් තුමා ලංකායට පැමිණ පිහිටවු කොළඹ පරම විඥනාර්ථ සමාගම මගින් 1880 දි "සරසවි සඳරැස" පුවත්පත ආරම්භ කෙරුවා. සතියේ සෙනසුරාදා දිනවල පලවු මේ පත්තරේ ආරම්භක කතුවරයාවුයේ භාෂා ශාස්ත්‍ර පඬිවරයෙකුවු වේරගම පුංචි බණ්ඩාර ශූරින්ය. එතුමාගෙන් පසුව එච්. ඇස්. පෙරේරා, ඩබ්ලිව්. එ්. සමරසේකර , ඩි. ඩබ්ලිව්. වික්‍රමාරච්චි, ඩබ්ලිව්. එස්. ප්‍රනාන්දු යන මහත්වරුත් කතුපදවිය දැරුවා.
පළමු ඉරිදා සිංහල පුවත්පත විදිහට සැලකෙන්නේ 1924 ජුලි 13 වෙනිදා ප්‍රකාශයට පත්වුනු "ස්වදේශ මිත්‍රයා" පුවත්පතයි. විශාල පිටු අටකින් යුක්තවු මේ පත්තරේ කතුකම හා අයිතිය දැරුවේ ඩි. ඩබ්ලිව්. වික්‍රමාරච්චි මහත්තයායි.
එදා සිට අද දක්වා නොකඩවා පලවන එකම පුවත්පත මොකක්ද කියලා දන්නවාද? ලංකාවේ පළමු ආගමික පුවත්පතවු "ඥානාර්ථ ප්රදිපය" පත්තරේ තමයි නොකඩවා පලවන එකම පුවත්පත. 1866 ජුනි 07 දින පළමු නිකුත් කිරිම කරපු මේ පුවත්පත අදටත් මුද්‍රණයෙන් නිකුත්කෙරෙනවා.
කොටහේනේ දිපදුත්තාරාම විහාරස්ථානයේ සිට වාදිසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් "සත්‍ය මාර්ගය" නම් සතිපතා පුවත්පතක් ආරම්භකළා. දහනම වැනි සියවසේ මැද භාගයේ ඇතිවු බෞද්ධ පුනර්ජිවනයට හේතුවු ආගමික වාද විවාද වලට මේ පත්තරේ ගොඩාක් උදව්වවුනා. එකාලේ පැතුරුණු ක්රිස්තියාණි නිකායික පොත්පත් සඟරා සමග සටන් කිරිම එ් පත්තරේ අරමුණවුනේ.
පුවත්පත් කලාව නවමගකට ගෙනයමින් 1871 දෙසැම්බර් 24 වෙනිදා ජි.ඩි. පෑලිස් අප්පුහාමි මහතාගේ කර්තෘත්වයෙන් ලංකාවේ පළමු කවට පත්තරේ බිහිවුනා. "කවට කතිකයා" මේ පුවත්පතේ නමයි.ජනතාවගේ විනොදාස්වාදය සඳහාම පත්තරයක් පළකිරිම අලූත් අත්දැකිමක්වුනා. මේ පත්තරෙන් උපහාසයට ලක්නොවෙච්චි එකදු ප්‍රභූ පුද්ගලයෙක්වත් හිටියේ නෑ. මේ පුවත්පත මාස 40 ක් නිකුත් කරන්නට හැකිවෙලා තියෙනවා.
පොරණ අපි බුද්ධං
එවා දැන් විරුද්ධං
දැනට අපි සුද්ධං
මතකවත් නැත ස්වස්ති සිද්ධං
මේ කවට කතිකයා පත්තරේ බුදුදහම අතහැර කිතුදහම වැළදගත් පවුලක් උපහාසයට ලක් කරමින් ලියා තිබු කවියකි.
අධිරාජ්‍යවාදින්ට විරුද්ධව සිංහල ජාතිය හා බෞද්ධයින් නගා සිටුවන්නට පුවත්පත් සහ සඟරා බිහිවන්නට පටන්ගත්තා. අනගාරික ධර්මපාල තුමා විසින් කතුකම් කරපු "සිංහල බෞද්ධයා" පුවත්පත මහාබෝධි සමාගමේ ප්රකාශණයක් ලෙසින් 1906 මැයි 07 වෙනිදා පළකෙරුණා.
"සිංහල ජාතිය" සඟරාව 1903 වසරේ දි පියදාස සිරිසේන ශුරින් විසින්ද පළකෙරුවා.
ඔන්න ඉතිං කාන්තාවන්ටත් පත්තරයක් ඕනේ කියලා හිතුනා. දැන්නම් එක එක නම් වලින් කාන්තා පත්තර තිබුනත් පලවෙනි සිංහල කාන්තා පත්තරේ මොකක්ද කියලා දන්නවාද? එ්ක තමයි හේමාවති විරසේකර මහත්මියගේ සංස්කරණයෙන් හැඩවුනු "සිංහල කුලඟන" පුවත්පත. මේ පත්තරේ 1916 දි මැයි 2 නිකුත් කෙරුනා. දැන් අපේ කාන්තා පුවත්පත් වලින් කෙරෙන්නේ කෑම හදන හැටියි ඇඳුම් මොස්තරයි පළකරන එක විතරයි. හැබැයි කොච්චර කාන්තා පත්තර බැලූවත් අපේ කාන්තාවන්ට නම් හරියට කෑමක්වත් එ් තියෙන මොස්තරේට ඇඳුමක්වත් මහගන්න බෑ.( බොරුද මම කියන්නේ? පිරිමි අය උත්තර දිපල්ලා.)
ඩි. ආර්.විජේවර්ධන මහතා ලේකහවුස් පත්තර කන්තෝරුව පටන්ගත්තා. එ් ආයතනයෙන් මුල්ම "දිනමිණ" පත්තරේ 1909 දෙසැම්බර් 17 වෙනිදා නිකුත් කෙරුවා. මේ පත්තරේ මිල වුනේ සත තුනක්. එච්. එස් .පෙරේරා මහතා තමයි කතුකම දැරුවේ. මේ පත්තරේට "දිනමිණ" නම තිබ්බේ විද්‍යාලංකාර මහපිරිවෙනේ අධිපති රත්මලානේ ධර්මාරාම හිමියන් තමයි. 1930 මාර්තු 30 වෙනිදා ලෙක්හවුස් නිවසින් පළමු "සිළුමිණ" පත්තරේ එළිදැක්වුනා.
සිංහල හා ඉංග්‍රිසි පත්තර ගැනත් කතා කලත් ඇයි ද්‍රවිඩ පත්තර ගැන කතා නොකරන්නේ? ද්‍රවිඩ පත්තරත් ඒ කාලේදිම මුද්‍රණය වෙලා තියෙනවා. 1841 දි "Idea Atari" නම් ද්‍රවිඩ පුවත්පතක් නිකුත් කෙරුනා. 1865 වර්ෂයේදි "palliyar Nesan" හා 1868 වර්ෂයේද "Illankai" නම් ද්‍රවිඩ පුවත්පත් අපේ ද්‍රවිඩ ජනතාව වෙත මුද්‍රණයෙන් පිටවුණා.1932 මැයි 15 නිකුත් කරපු "තිනකරන්" හා 1930 අගෝස්තු 06 නිකුත් කරපු "විරකේසරි" පත්තර දෙක අදටත් මුද්‍රණය කෙරෙනවා.
ඉතිං මේන්න මෙහෙම තමයි අපේ රටේ පත්තර අච්චු ගහන්න පටන් අරගෙන තිබුනේ. මේ අවුරුදු ගනනාව තුල ගොඩාක් පත්තර කන්තෝරු ආරම්භවෙලා වැහිලා ගිහිල්ලාත් තියෙනවා. ඒ පත්තර අතරේ තවමත් යෙහෙන් වැජබෙමින් ඉන්න පත්තර ටිකක් අපේ රටේ මිනිස්සුන්ගේ දැනුම පිපාසය සංසිදවමින් ඉන්නවා.
Wednesday, August 10, 2016
අපිව පාලනය කල බි්රතාන්යයෝ
ලංකාවේ බි්රතාන්ය ආණ්ඩුකාරවරු
යුධ ආණ්ඩුකාරවරු
Military Governors (1795–1798)
පැට්රික් ඇලෙක්සන්ඩර් Patrick Alexander Agnew (in Trincomalee) August 1795 සිට 1 March 1796 දක්වා
මේජර් ජනරාල් ස්ටුවර්ට් James Stuart 1 March 1796 සිට 1 January 1797 දක්වා
මේජර් ජනරාල් ඩොයිල් Welbore Ellis Doyle 1 January 1797 සිට 1 January 1797 දක්වා
පිටර් බොන්වොක්ස් Peter Bonnevaux 2 July 1797 සිට 12 July 1797 දක්වා
බි්රගේඩියර් ජනරාල් ෆ්‍රෙඞ්රික් Pierre Frédéric de Meuron 12 July 1797 සිට 12 October 1798 දක්වා
රෝබට් ඇන්ඩෘස් Robert Andrews 12 February 1796 සිට 12 October 1798 දක්වා
ෆ්‍රෙඞ්රික් නොර්ත් Frederick North 12 October 178 සිට 19 July 1805 දක්වා
යුධ ආණ්ඩුකාරවරු
Military Governors (1795–1798)
පැට්රික් ඇලෙක්සන්ඩර් Patrick Alexander Agnew (in Trincomalee) August 1795 සිට 1 March 1796 දක්වා
මේජර් ජනරාල් ස්ටුවර්ට් James Stuart 1 March 1796 සිට 1 January 1797 දක්වා
මේජර් ජනරාල් ඩොයිල් Welbore Ellis Doyle 1 January 1797 සිට 1 January 1797 දක්වා
පිටර් බොන්වොක්ස් Peter Bonnevaux 2 July 1797 සිට 12 July 1797 දක්වා
බි්රගේඩියර් ජනරාල් ෆ්‍රෙඞ්රික් Pierre Frédéric de Meuron 12 July 1797 සිට 12 October 1798 දක්වා
රෝබට් ඇන්ඩෘස් Robert Andrews 12 February 1796 සිට 12 October 1798 දක්වා
ආණ්ඩුකාරවරු
Governors (1798–1948)
ෆ්‍රෙඞ්රික් නොර්ත්
තෝමස් මෙට්ලන්ඞ් Thomas Maitland 19 July 1805 සිට 19 March 1811 දක්වා
ජෝන් විල්සන් John Wilson 19 March 1811 සිට 11 March 1812 දක්වා
ආන්ඩුකාරයා වෙනුවට තාවකාලික පත්විම (Acting Governor)
රොබට් බ්රවුන්රිග් Robert Brownrigg 11 March 1812 සිට 1 February 1820 දක්වා
එඞ්වඞ් බාන්ස් Edward Barnes 1 February 1820 සිට 2 February 1822 දක්වා

එඞ්වඞ් පැජට් Edward Paget 2 February 1822 සිට 6 November 1822 දක්වා
ජේම්ස් කැම්බෙල් James Campbell 6 November 1822 සිට 18 January 1824 දක්වා
ආන්ඩුකාරයා වෙනුවට තාවකාලික පත්විම (Acting Governor)
එඞ්වඞ් බාන්ස් Edward Barnes 18 January 1824 සිට 13 October 1831 දක්වා
ජෝන් විල්සන් John Wilson 13 October 1831 සිට 23 October 1831 දක්වා

විල්මට් හෝර්ටන් Robert Wilmot-Horton 23 October 1831 සිට 7 November 1837 දක්වා
ස්ටුවර්ට් මැකෙන්සි James Alexander Stewart-Mackenzie 7 November 1837 සිට 15 April 1841 දක්වා
කොලින් කැම්බෙල් Colin Campbell 15 April 1841 සිට 19 April 1847 දක්වා
ජේම්ස් ටෙනන්ට් James Emerson Tennent 19 April 1847 සිට 29 May 1847 දක්වා

ටොරිංටන් සාමි The Viscount Torrington 29 May 1847 සිට 18 October 1850 දක්වා
චාල්ස් මැකාර්ති Charles Justin MacCarthy 18 October 1850 සිට 27 November 1850 දක්වා

ජෝර්ජ් ඇන්ඩර්සන් George William Anderson 27 November 1850 සිට 18 January 1855 දක්වා
චාල්ස් මැකාර්ති Charles Justin MacCarthy 18 January 1855 සිට 11 May 1855 දක්වා
එඩ්වඩ් වොර්කර් Edward Noël Walker 24 October 1895 සිට 10 February 1896 දක්වා

ජෝසෆ් වෙස්ට් රිජ්වේ Joseph West Ridgeway 10 February 1896 සිට19 November 1903 දක්වා
සර් එඩ්වඩ් Sir Everard im Thurn 19 November 1903 සිට 3 December 1903 දක්වා

හෙන්රි බ්ලේක් Henry Arthur Blake 3 December 1903 සිට 11 July 1907 දක්වා
හියු ක්ලිෆර්ඞ් Hugh Clifford 11 July 1907 සිට 24 August 1907 දක්වා

හෙන්රි මැකලම් Henry Edward McCallum 24 August 1907 සිට 24 January 1913 දක්වා
එඞ්වඞ් ස්ටබ්ස් Reginald Edward Stubbs 24 January 1913 සිට 18 October 1913 දක්වා

රොබට් චාමර්ස් Robert Chalmers 18 October 1913 සිට 4 December 1915 දක්වා

හෙන්රි වෝඞ් Henry George Ward 11 May 1855 සිට 30 June 1860 දක්වා

හෙන්රි ෆ්රෙඩ්රික් Henry Frederick Lockyer 30 June 1860 සිට 30 July 1860 දක්වා
ආන්ඩුකාරයා වෙනුවට තාවකාලික පත්විම (Acting Governor)
චාල්ස් විල්කිංසන් Charles Edmund Wilkinson 30 July 1860 සිට 22 October 1860 දක්වා

චාල්ස් මැකාර්ති Charles Justin MacCarthy 22 October 1860 සිට 1 December 1863 දක්වා
ටෙරන්ස් ඔබ්රයන් Terence O'Brien 1 December 1863 සිට 21 March 1865 දක්වා

හර්කියුලිස් රොබින්සන් Hercules Robinson 21 March 1865 සිට 16 May 1865 දක්වා

හර්කියුලිස් රොබින්සන් Hercules Robinson 16 May 1865 සිට 4 January 1872 දක්වා
හෙන්රි ටර්නර් Henry Turner Irving 4 January 1872 සිට 4 March 1872 දක්වා

විලියම් ග්‍රෙගරි William Henry Gregory 4 March 1872 සිට 4 September 1877 දක්වා
ජේම්ස් ලොන්ඩන් James Robert Longden 4 September 1877 සිට 10 July 1883 දක්වා
ජෝන් ඩග්ලස් John Douglas 10 July 1883 සිට 3 December 1883 දක්වා

ආතර් ගෝර්ඩන් Arthur Hamilton-Gordon 3 December 1883 සිට 28 May 1890 දක්වා

එඞ්වඞ් ස්ටබ්ස් Reginald Edward Stubbs 4 December 1915 සිට 15 April 1916 දක්වා
ආන්ඩුකාරයා වෙනුවට තාවකාලික පත්විම (Acting Governor)
ජෝන් ඇන්ඩර්සන් John Anderson 15 April 1916 සිට 24 March 1918 දක්වා
එඞ්වඞ් ස්ටබ්ස් Reginald Edward Stubbs 24 March 1918 සිට 10 September 1918 දක්වා

විලියම් මැනිං William Henry Manning 10 September 1918 සිට 1 April 1925 දක්වා
සිසිල් ක්ලෙමෙන්ටි Cecil Clementi 1 April 1925 සිට 18 October 1925 දක්වා

එඩ්වඩ් ඇලෙක්සැන්ඩර් Edward Bruce Alexander 18 October 1925 සිට 30 November 1925 දක්වා

හියු ක්ලිෆර්ඞ් Hugh Clifford 30 November 1925 සිට June 1927 දක්වා
ආතර් ජෝර්ජ් Arthur George Murchison Fletcher June 1927 සිට 20 August 1928 දක්වා

හර්බට් ස්ටැන්ලි Herbert Stanley 20 August 1928 සිට 11 February 1931 දක්වා
බර්නාඩ් හෙන්රි Bernard Henry Bourdillon 11 February 1931 සිට 11 April 1931 දක්වා

ග්‍රීම් තොම්සන් Graeme Thomson 11 April 1931 සිට 20 September 1933 දක්වා
ග්රැහැම් ටෲරේල් Graeme Tyrrell 20 September 1933 සිට 23 December 1933 දක්වා

එඞ්වඞ් ස්ටබ්ස් Reginald Edward Stubbs 23 December 1933 සිට 30 June 1937 දක්වා

මැක්ස්වෙල් වෙබ්බර්න් Maxwell MacLagan Wedderburn 30 June 1937 සිට 16 October 1937 දක්වා
ආන්ඩුකාරයා වෙනුවට තාවකාලික පත්විම (Acting Governor)
ඇන්ඩෲ කොල්ඩිකොට් Andrew Caldecott 16 October 1937 සිට 19 September 1944 දක්වා

Monday, August 8, 2016
අපිව පාලනය කල ඕලන්දියෝ
ගාල්ල
විලියම් කොස්ටර් Willem Jacobszoon Coster 1640
ජෑන් Jan Thyszoon Payart 1640
ජේකෝබ් වෑන් Jacob van Kittensteyn 1650
අද්රියන් වෑන් Adriaan van der Meyden 1653
කොළඔ
අද්රියන් වෑන් Adriaan van der Meyden 1656
රයික්ලොෆ් වෑන් Rijckloff van Goens 1660
ජේකොබ් හුස්ටාට් Jacob Hustaert 1663
අන්ද්රියන් රූක්ස් Adriaen Roothaes (acting) 1664
රයික්ලොෆ් වෑන් ( දෙවන වාරය) Rijckloff van Goens (2nd time) 1664
ලෝරන්ස් පයිල් Laurens van Pyl 1680
තෝමස් වෑන් Thomas van Rhee 1693
පවුලස් රූ Paulus van Rhoo 1695
ගෙරිට් හීරේ Gerrit de Heere 1697
ජොහැන්නස් සිමොන්ස් Cornelis Joan Simons 1703
හොන්ද්රික් බෙකර් Cornelis Joan Simons 1707
අයිසැක් ඔගස්ටින් Isaak Augustijn Rumpf 1716
ආනෝල්ඞ් මොල් Arnold Moll (acting) 1723
ජොහැන්නස් හර්ටන්බර්ග් Johannes Hertenberg 1724
ජෑන් පවුලස් Joan Paul Schaghen (acting) 1725
පීටර්ස් වුයිස්ට් Petrus Vuyst 1726
ස්ටොනුස් Stephanus Versluys 1729
වුටර්ස් Gualterus Woutersz (acting) 1732
ජේකොබ් පිලාත් Jacob Christiaan Pielat 1732
ඩයිඩරික් වොන් ඩොම්බර්ග් Diederik van Domburg 1734
ජෑන් මැකරා Jan Macaré (acting) 1736
විලියම් වොන් ඉම්හොෆ් Gustaaf Willem baron van Imhoff 1736
විලියම් මවුරිටස් Willem Maurits Bruyninck 1740
ඩැනියෙල් ඔවර්බීක් Daniel Overbeek 1742
ජූලියස් වෑන් Julius Valentyn Stein van Gollenesse 1743
ජෙරාර්ඞ් ජොන් වීලන්ඞ් Gerard Joan Vreeland 1751
ජේකොබ් ඩි ජොන්ග් Jacob de Jong (acting) 1751
අයිවන් ලූටන් Joan Gideon Loten 1752
ජෑන් ස්කෲඩර් Jan Schreuder 1757
ජෑන් බැරෝන් වෑන් එක් Lubbert Jan baron van Eck 1762
ඇන්තෝනි මුරාර්ට් Anthony Mooyart (acting) 1765
විලියම් ෆැල්ක් Iman Willem Falck 1765
විලියම් ජාකෝබ් වෑන්ද ග්‍රාෆ් Willem Jacob van de Graaf 1785
වෑන් ඇන්ගල්බීක් Johan van Angelbeek 1796

Wednesday, August 3, 2016
සක්වල සවාරියක් යන්න නියම තැන
ඈතට පිපුන මලක් හැඩයක් ගත්තත් මට නම් මේක පෙනුනේ රතු ඉන්දියානුවන්ගේ කුඩාරමක් වගේ. හැබැයි මේ සුවිශාල කුඩාරම ඇතුලට ගියොත් මුළු සක්වලම නැත්නම් විශ්වයේ සැරිසරලා එන්න පුළුවන්. ඉර හඳ තාරකා, ග්‍රහලෝක ඇස් අද්දරට ගෙනවිත් පෙන්වන මොකක්ද මේ රතු ඉන්දියානු කුඩාරම. ඔන්න එහෙනම් අහගන්න එක තමයි කොළොම්පුරේ ග්‍රහලෝකාගාරය.
1965 අවුරුද්දේ ලංකා කාර්මික ප්‍රදර්ශණයක් කොළඹ දි පවත්වන්න තීරණය වුනා. මේ ප්‍රදර්ශනයේ තරගයකට නැගෙනහිර ජර්මනිය ඉදිරපත් කරපු ප්‍රදර්ශන භාන්ඩය තමයි මේ ග්‍රහලෝකාගාරය. හැබැයි ජර්මානුවන්ගේ ප්‍රදර්ශන භාන්ඩය වුනාට මේක හැදුවේ සැලසුම්කලේ අපේ රටේ කොන්කී‍්‍රට් වලින් වැඩ දාපු සුප්‍රකට කිර්තිමත් ඉංජිනේරුවෙක්වු ආචාර්ය එ්.එන්. එස්. කුලසිංහ මහත්තයා තමයි.
ආචාර්ය එ්.එන්. එස්. කුලසිංහ
ඔය පිලී පිලී වගේ තියෙන V හැඩයේකෑලි ඔක්කෝම හැදුවේ බිම. එකෙන් එක උඩට උස්සලා පුරුද්දලා සවිකරපු මේ ඉන්ජිනේරු විස්වකර්ම වැඬේ කියන්නේ මේ ගොඩනැගිල්ලේ රාමුවක් නැත්නම් සැකිල්ලක් නෑ. සමහර අති පන්ඩිතයෝ මේ වැඬේ කරන්න බෑ කියලා කුලසිංහ මහත්තයාට දොස් කියලා එයාට වරදිනතුරු බලන් ඉදලා තිබුණා. දන්නවානේ කුලසිංහ මහත්තයා කියන්නේ විස්මකර්ම වැඩවලට දස්සයා කියලා. අපේ රටේ තිබුන සීමිත සම්පත් වලින් උපරිම ප්‍රයෝජන අරගෙන වැඬේ කෙරුවා. එ් දවස්වල මේ වැඬේ කරන හැටි පොටෝ ටිකක් ආචාර්ය කුලසිංහ මහත්තයා ගැන කෙරුනු රූපවාහිනි වාර්තා වැඩසටහනක දකින්න මට අවස්ථාවක් ලැබුණා. මේ පින්තුර ටික ඔයාලට පෙන්වන්න අන්තර්ජාලය පුරා කරක් ගැහුවත් වැඩක්වුනේ නෑ.
මේ අපුරු නිර්මාණය 1965 පෙබරවාරි 01 වෙනිදා විවෘත කෙරුණා. කාර්මික ප්‍රදර්ශණය ඉවරවුනාට පස්සේ මේ ගොඩනැගිල්ලත් අනෙකුත් බඩුභාන්ඩත් ලංකා රජය මිලඳි ගත්තා. එදා ඉදන් මේ ග්‍රහලෝකාගාරය අපේ රටේ ලක්ෂ සංඛයාත පිරිසකට විශ්වය ගැන දැනුම බෙදලා දිලා තියෙනවා. අවුරුදු ගනනාවක් මේ ග්‍රහලෝකාගාරය අයිතිව තිබුනේ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ. 1994 දි ග්‍රහලෝකාගාරය විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය යටතට පැවරුනා.
මේ ග්‍රහලෝකාගාරයේ තියෙන සුවිශේෂි අපුරු උපකරණය තමයි විශ්ව ප්රක්ෂේපන යන්තරේ (carl zeiss universal projector). මේක අපි නැගෙනහිර ජර්මනියෙන් තමයි මිලදී ගත්තේ. ග්‍රහලෝකාගාරය ඇතුලේ ස්භාවික අයුරින් කෘතිම අහසක් මවා පෙන්වන්න මේ යන්තරේට පුළුවනි. වොට් 1500 ක බලයකින් යුක්ත විදුලි බුබුලක් හා කාච පද්ධතියක් මේ යන්තරේට තියෙනවා. යන්තරේ ෂඩාස්රාකාර කොටසේ තරු සිතියම සටහන්ව තියෙනවා. මේ ප්රජෙක්ටරයේ විශේෂත්ව වෙන්නේ දිශාවන් තුනකට භ්‍රමණය කරවන්න පුළුවන් විමයි.පොළමේ අක්ෂයට සමාන්තරව භ්‍රමණය කළාම ආකාශ වස්තුන් දෛනිකව දිස්වෙන අයුරු බලා ගන්න පුළුවනි. යන්තරේ නැගෙනහිර, බටහිර දිශාවන්ට භ්‍රමණ කළාම ලෝකයේ ඕනේම තැන ඉදන් අහස එහෙම නැත්නම් විශ්වය පෙනෙන හැටි බලාගන්න පුළුවනි. කොළඹ දි අපි දකින රාත්‍රි අහසත්ඇමරිකාවේ නිව්යොර්ක් නගරයේ හිටියා නම් බලාගන්න පුළුවන් අහසත් එකම මොහොතකදි පෙන්නවා. මේ යන්තරේට අමතරව ජපන් ආධාර යටතේ ලැබුනු කොටි තුනක් විතර වටිනා උපකරණ වලිනුත් අහසේ අපුරු දර්ශණ රාසියක් දැක බලා ගන්න පුළුවනි.
ග්‍රහලෝකාගාරය ගැන විස්තර කිව්වාට තියෙන තැන කිව්වේ නෑ නේද? මේක තියෙන්නේ කොළඹ 07 ස්ටැන්ලි විජේසුන්දර මාවතේ. කොළොම්පුරේ විස්ස විද්‍යාලේ ගාව කිව්වොත් හරි. ග්‍රහලෝකාගාරය තුල ආසන 570 ක් තියෙනවා. එ් විතරක් නෙමෙයි ග්‍රහලෝකාගාරය ආශි‍්‍රතව තාරකා විද්‍යා සංගම් කිහිපයක් කි‍්‍රයාත්මක වෙනවා. ජපානයෙන් ලැබුණ අධාර යටතේ ජංගම ග්‍රහලෝකාගාරයක් ද අපිට තියෙනවා. එකට හුළං පුරවලා ගත්තාම පංති කාමරයක් තරමට විශාලයි. එ් නිසා ඕනෑ දුර බැහැර ප්‍රදේශයකට ජංගම ග්‍රහලෝකාගාරය අරගෙන යන්න පුළුවනි.
මතක තියාගන්න ග්‍රහලෝකාගාරයේ දර්ශන පෙන්වන්නේ දවසකට දෙවරක් පමණයි. ආසන 570 ක් තිබුනත් ගොඩාක් පාසල් වලින් සක්වලේ සවාරියක් යන්න එන නිසා තරමක තදබදයක්ද පවතිනවා. ඉරිදා සදුඳා හා රජයේ නිවාඩු දවස් හැරෙන්නට අනෙක් ඕනේම දවසක උදේ 10 ටයි හවස 2 ටයි දර්ශන පෙන්වනවා.
ලෝකයේ අනෙකුත් ග්රහලෝකාගාරයන් එක්ක බැලූවොත් අපේ ග්‍රහලෝකාගාරයට තාක්ෂණය එකතුවෙන්නේ අඩුවෙන් තමයි. අළුත් උපකරණ ආදියෙන් පරිපුර්ණවුනොත් අපිට තව තවත් විශ්වය ගැන දැනුමෙන් සන්නද්ධ වෙන්න පුළුවනි. 2586499 දුරකථන අංකයෙන් වැඩි විස්තර දැනගන්නත් පුළුවන්.
ඔන්න එහෙනම් පොළවේ ඉදන් සක්වල සවාරියක් එහෙම ගහලා එන්න පුළුවන් තැන මම කිව්වා. යන්න ගිහිල්ලා මම මේ කිව්ව තොරතුරුත් මතක් කරගෙන විශ්ව ප්‍රක්ශේපන යන්තරේන් පෙන්වන රෑ අහස එතැන නිදා ගන්නේ නැතිව බලලා එන්න.
Subscribe to:
Posts (Atom)
මෙන්න ඒ ගීත 10
ගියවර පොස්ටුවෙන් ඇහැව්වා සිංහල ගීත10 ක් පුළුවන්ද නම් කරන්න කියා. නමිනං උන්නැහැ ගීත දෙකක් ද කොළඹ ගමරාල අප්පුහාමි එක ගීතයක් ද හා වෘත්තාන්ත බ්ල...
-
අන්දුබයියාගේ තවත් කතාවක් අරගෙන ඔන්න මේ නව වසරේ ආවා. මේක අන්දුබයියාට සිද්දවුන දෙයක්ද කියා මම දන්නේ නෑ. හැබැයි උන්නැහේ තමයි මේක දෙසාවඳාළේ. ත...
-
නාවික සැතපුමක් යනු සමුද්‍ර හා ගුවන් සේවා කර්මාන්තවල භාවිතා වන මිනුම් ඒකකයක්. නාවික සැතපුමක් ගොඩබිම් සැතපුමකට වඩා වෙනස් වෙනවා. පෘථිවි භූග...
-
නිතීඥ ජොන් ද සිල්වා මහතා කියන්නේ අපේ රටේ ෂෙක්ස්පියර්, සිංහල නාට්‍යයේ පියා, ලංකා කාලිදාස යන විරුදාවලීයන් ගෙන් හැඳින්වුනු කලාකරුවෙක්. අපේ කොළ...