කොළොම්පුරේ වෙනස්වෙමින් යනවා. මේ ඡායාරූපය බලද්දි පේනවා නේද කොළොම්පුරේ අහස්කුසත් මහ සයුරත් ආක‍්‍රමණය කරමින් ඉදිවෙමින් පවතින සුවිශාල ගොඩනැගිලිත් පෝට් සිටි නගරයත් දැවැන්ත කොළොම්පුරය විශාල වෙනස්කමකට ලක් කරනවා කියලා.

දැන් බලන්න මේ ඡායාරූපය දිහා. මොකක්ද හිතෙන්නේ?

පැරණි පාර්ලිමෙන්තුවේ ඉදිරියේ තියෙන්නේ මහාමාන්‍ය ඩි. එස් සේනානායක මහතාගේ පිලිරුවත් තව පිලිරුවකුත් විතරයි. හැබැයි දැන් නම් එතැන පිලිරූ ගොඩාක් එකතුවෙලා. තව එකක් කලුපාට ඉටිකොලවලින් වෙලිලා ඉන්නවා හෙට අනිද්දාට එයාව විවෘත කරනතෙක්. පාර මැදින් තිබුන විදුලි පහන් කණු ගැලවිලා ගියාට ගාලුපාරනම් විශාල වෙනස්කමකට ලක්වෙලා නම් නෑ වාගේ. කලේකදි ගොල්ෆේස් පිටිටනියේ තල්ගස් පෙලක් එහෙම එකතුවුනා. ඊට පස්සේ තල් ගස් අස්සට පොල් ගස් එකතුවුනා. අන්තිමේදි තල්ගස් ටික කැපිලා වැටිලා පොල් ගස් විතරක් ඉතිරිවුනා. මොනවා නැතිවෙලා අළුතින් ඒවා එකතුවුනත් සරතස නිවාගන්නත් එක්ක හිරු සාගර තලයේ ගිලිලා යනවා බැදුපු මඤ්ඤොක්කා කෑල්ලක් හප හප බලා ඉන්න ගොල්ෆේස් පිට්ටනිය විතරක් වත් ඉතිරිවුනොත් ඇති.
මේ ඡායාරූප බලලා ඔයාලටත් මොනවාද හිතෙන්නේ?