Saturday, July 22, 2017

කාලයේ වෙනසක අරුමය


කොළොම්පුරේ වෙනස්වෙමින් යනවා. මේ
ඡායාරූපය බලද්දි පේනවා නේද කොළොම්පුරේ අහස්කුසත් මහ සයුරත් ආක‍්‍රමණය කරමින්  ඉදිවෙමින් පවතින සුවිශාල ගොඩනැගිලිත් පෝට් සිටි නගරයත් දැවැන්ත කොළොම්පුරය විශාල වෙනස්කමකට ලක් කරනවා කියලා.





 




දැන් බලන්න මේ ඡායාරූපය දිහා. මොකක්ද හිතෙන්නේ? 


 


පැරණි පාර්ලිමෙන්තුවේ ඉදිරියේ තියෙන්නේ මහාමාන්‍ය ඩි. එස්  සේනානායක මහතාගේ පිලිරුවත් තව පිලිරුවකුත් විතරයි. හැබැයි දැන් නම් එතැන පිලිරූ ගොඩාක් එකතුවෙලා. තව එකක් කලුපාට ඉටිකොලවලින් වෙලිලා ඉන්නවා හෙට අනිද්දාට එයාව විවෘත කරනතෙක්. පාර මැදින් තිබුන  විදුලි පහන් කණු ගැලවිලා ගියාට ගාලුපාරනම් විශාල වෙනස්කමකට ලක්වෙලා නම් නෑ වාගේ. කලේකදි ගොල්ෆේස් පිටිටනියේ තල්ගස් පෙලක් එහෙම එකතුවුනා. ඊට පස්සේ තල් ගස් අස්සට පොල් ගස් එකතුවුනා. අන්තිමේදි  තල්ගස් ටික  කැපිලා වැටිලා පොල් ගස් විතරක් ඉතිරිවුනා. මොනවා නැතිවෙලා අළුතින් ඒවා එකතුවුනත් සරතස නිවාගන්නත් එක්ක හිරු සාගර තලයේ ගිලිලා යනවා බැදුපු මඤ්ඤොක්කා කෑල්ලක් හප හප බලා ඉන්න ගොල්ෆේස් පිට්ටනිය විතරක් වත් ඉතිරිවුනොත් ඇති.
මේ ඡායාරූප බලලා ඔයාලටත් මොනවාද හිතෙන්නේ?

12 comments:

  1. උසට අහස ගොඩනැගිලිය හැදෙන්නේ
    දිගට මුහුද ගොඩකරමින් තිබෙන්නේ
    ඇහැට හරිත වර්ණය නෑ පෙනෙන්නේ
    හෙටට කොළඹ මේ විදිහට හැදෙන්නේ....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. තව වසර දහයකින් කොළොම්පුරේ කොහොම වෙයිද?

      Delete
  2. මොනව වෙන්නද ඉතිං මූදෙ පාටත් වෙනස් වෙලා තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. පෝට් සිටියට මුහුද ගොඩ කිරිමේ ප‍්‍රතිපල විදින්න වෙන්නේ වෙන පැත්තක මුහුදු වෙරළකට තමයි.

      Delete
  3. මෙම ගියොත් දේශපාලකයෝ ලංකාවත් කෑලි කෑලි වලට විකුනණවා.
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. උනුත් විකුණලා අපිත් විකිණිලා රටත් විකුණලා ඉවරයි

      Delete
  4. Photo දෙකේ පාට වෙනස් දැන් එකේ පාට අඩුයි. ඒක නිසා ලස්සන අඩුවෙන් ද මන්දා පෙන්නේ :)

    ReplyDelete
    Replies
    1. ඔව් පාට වෙනස් කමත් බලපානවා. එත් වෙනසේ තරම පරණ පාර්ලිමෙන්තුව ඉදිරිපිට ඉදන් චෛත්‍ය පාරේ ඉදිරියට ගියාම බලාගන්න පුලුවන්.

      Delete
  5. මොකක් හිතෙන්නද අනේ...
    කොලොම්පුරය කොන්ක්‍රීට් වනාන්තරයක් වෙලා ඉවරයි..

    ReplyDelete
  6. මම ඊයේ පෙරේද චෙන්නායි වලට ගිහින් ආව, ඉතින් ඒ එක්කම නගරය පුරාම ඇවිදින්න අවස්ථාවකුත් ලැබුණ.

    දකුණු ආසියාවේ ලංකාවෙන් පිට මම සංචාරය කළ එකම නගරය වශයෙන් මම මේ දෙක සංසන්දනය කළා. චෙන්නායි අපි අහල තිබ්බේ බොහොම අපිරිසිඳු නොදියුණු නගරයක් විදිහට.

    එකේ තරමක් ඇත්තක් තියනවා, චෙන්නායි වල රථ වාහන තදබදය පරිසර දුෂණය වැඩියි, ඒ නිසා තවමත් කොළඹ චෙන්නායි වලට සාපේක්ෂව ගොඩක් පිරිසිඳුයි. හැබැයි චෙන්නායි වල අදටත් කොළඹට වඩා ගස් කොළන් තියනවා.

    නමුත් අද වෙනකොට චෙන්නායි කොළඹ නගරය පහු කරගෙන ඉදිරියට යන්න පටන් අරගෙන ඉවරයි, වෛද්‍ය පහසුකම්, නගරය ඇතුළත මෙට්‍රෝ දුම්රිය, නවීන ඉතා පිරිසිඳු අන්තර්ජාතික ගුවන් තොටුපොළ අතින් ගත්තහම පහු ගිය දශකය ඇතුලත සීග්‍ර දියුණුවක් ලබල.

    මට හිතෙනවා එහෙම බලද්දී අපි තාමත් එකම තැන කියල, එහෙම නෙමෙයි නම් ආපස්සට ගිහින් වෙන්න ඕන !

    මේ ගැන වැඩි විස්තර ලියන්න ඕන දවසක ....

    ReplyDelete
    Replies
    1. ඇත්ත
      අද ලෝකයේ නගර දියුනු වෙන්නේ නාගරික අලංකාරයත් එක්කයි. එත් අපේ රටේ ඒක වෙන්නේ අනිත් පැත්තට. අපි ගැනම කනගාටු හිතේනවා.

      Delete

අදහස් මෙතන නිදහස් කරන්න

නෞකා තට්ටුවේ ඇති යන්ත්රෝපකරණ වර්ග Deck Machineries

  නැවක ඇති තට්ටු යන්ත්‍ර මොනවාද?  Deck Machineries  තට්ටු යන්ත්රෝපකරණ යනු යාත්‍රාවේ නිරාවරණය වූ තට්ටුවේ - Exposed Deck සවිකර හැකි යන්ත්‍ර වේ...