Monday, December 25, 2017

ජීවිතේ

දෙපයට වාරු අරන්
ජීවන බර කරේ තියන්
ජීවිතේ කන්ද නගිනවා

මට හරි වෙහෙසයි
ලෙඩ දුක් බෝමයි
ජීවිතේ දුකම විදිනවා

නුඹ දැන් මහළුයි
පිං දන් කරගන්නයි
උතූමන්ලාද කියනවා

පිං ධම් තව ඈතයි
කාලය හරි නපුරුයි
දිවි බර තව වැඩි වෙනවා

අතමිට හිඟ පාඩුයි
උසුලන්නට බෑමයි
දුක් කරදර හිසට වැටෙනවා

දැන් උඹ අබලන්
අවසානෙට ඇවිදින්
මරුවා කැන්දන් යන්න හදනවා

රෝ දුක් වැඩිවුවත්
මොන කරදර ආවත්
තාමත් අපි ජීවිතේ තනුව වයනවා.

බලමුද විසදන්න?

වෘත්තාකාර උද්‍යානයක් වටා මීටර් 440ක වට ප්‍රමාණයක් ඇත. එම වට ප්‍රමාණය දිගේ මීටර් 5 බැගින් ගස් සිටුවා ඇත. සෑම තුන්වන ගසක් අසල බංකුවක් ද තබා ඇත...