Monday, December 25, 2017

ජීවිතේ

දෙපයට වාරු අරන්
ජීවන බර කරේ තියන්
ජීවිතේ කන්ද නගිනවා

මට හරි වෙහෙසයි
ලෙඩ දුක් බෝමයි
ජීවිතේ දුකම විදිනවා

නුඹ දැන් මහළුයි
පිං දන් කරගන්නයි
උතූමන්ලාද කියනවා

පිං ධම් තව ඈතයි
කාලය හරි නපුරුයි
දිවි බර තව වැඩි වෙනවා

අතමිට හිඟ පාඩුයි
උසුලන්නට බෑමයි
දුක් කරදර හිසට වැටෙනවා

දැන් උඹ අබලන්
අවසානෙට ඇවිදින්
මරුවා කැන්දන් යන්න හදනවා

රෝ දුක් වැඩිවුවත්
මොන කරදර ආවත්
තාමත් අපි ජීවිතේ තනුව වයනවා.

22 comments:

  1. රෝ දුක් වලට උඩින්
    ප්පින් දම් වලට උඩින්
    අගහිඟ කම් මතුවෙනවා
    ඒවා සිහිවෙනකොට මේවා අමතක වෙනවා
    විචාරක දියණිය

    ReplyDelete
  2. කොළොම්පුරෙන් කවියක්. අපූරුයි.

    ජයවේවා!!!

    ReplyDelete
  3. අපේ සයිට් එකේ ඉන්නවා බං මේ වගේම ඩයල් ටිකක්.. මේකේ project manager ට මම කීප සැරයක්ම කියුව අයින් කරන්න කියල තියෙන risk එක ගැන හිතල.. 'කොහොමද මහත්තයෝ එන්න එපා කියන්නේ' කියල තාම තියාගෙන ඉන්නවා.. මම ඒ පාර ඇතුලේ බරපතල වැඩ නැතුව එලිය පහලියේ පොඩි පොඩි අතන් පතන් කරගෙන ඉන්න ඇරලා තියෙන්නේ.. මේ කවි ටික මම ලියන්න හිතල ගොඩක් කල්.. උඹට ස්තුතියි!

    ReplyDelete
    Replies
    1. මට කියාගන්න ඕනේවුනේත් ඔය ටිකමයි.අපේ ඔෆිස් එකේ පියන් ගමේ ගියාම තාවකාලිකව දමාපු ගෑනු කෙනා එයාලව වයස හැටත් පහුවෙලා කියලා රස්සාවෙන් අයින් කරන්න හදනවා කිව්වා.ඇත්තටම එයාලා අසරණයි. අපිටත් ඔය ඉරණමම සිද්ධවෙයිද කියන්න බෑ. ස්තූතියි කමි

      Delete
  4. හ්ම්ම්ම් දුක හිතුනා

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ඒ මහළු වසසේත් ජීවිතේ බර අදින හැටි දැක්කාම දුකක් දැනේනවා. ස්තූතියි සොඳුරැ

      Delete
  5. සුභ අලුත් අවුරුද්දක් වේවා...!!!
    කියෙව්වා ඔන්න... කවිය නියමයි

    ReplyDelete
  6. නියමයි කොලොම්පුරේ . දැන් මාසෙකට එක ගානේ වගේ ලියන්නේ

    ReplyDelete
    Replies
    1. කොම්පිතරේ ලෙඩ දෙනවා. ලියන්න ගියාම ඔක්කෝම එපාවෙන්නේ මේ නිසයි.

      Delete

අදහස් මෙතන නිදහස් කරන්න

ප්‍රචන්ඩ රළ මැද අනතුරක් - සයුරේ දසවසක්

දස වසරක මාගේ නාවික දිවියේ ලැබූ අත්දැකීම් හා සිදුවීම් බොහොමයි. ඒවා හොඳ හා නරක සම්මිශ්‍රණයක් වෙනවා. මෙතැන් පටන් ලියවෙන්නේ නාවිකයෙක්ගේ නාවික දි...