Monday, November 7, 2016

තනතුරුවලින් ප‍්‍රථමයාවු ඇම්.ජේ.

කවුද මේ ඇම්.ජේ.? මාපටුනගේ ජේමිස් පෙරේරා කවුරුවත් දන්නේ නැතිවුත් ඇම්.ජේ.පෙරේරා කිව්වාම විශේෂයෙන් රාජ්‍ය පරිපාලන සේවයේ යෙදුන පරණ උදවිය නම් දන්නවා කවුද කියලා. මෙයා තමයි අපේ රටේ සංස්කෘතික පුනර්ජීවනයකට ද යහපත් මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැගිමට  පුරෝගාමි වෙච්චි එක චරිතයක්. ලංකා ගුවන් විදුලියේ පළමු ලාංකීය අධ්‍යක්ෂක ජෙනරාල් ධුරයටද පත්වෙන්නේද ශ‍්‍රී ලංකා ජාතික රූපවාහිනි සංස්ථාවේ පළමු සභාපතිවරයා වෙන්නේද මෙයා තමයි. එහෙනම් දැන් අඳුනගත්තා නේද? එවා විතරක් නොවෙයි තවත් ගොඩාක් තනතුරුවල පළමුවෙනියා බවට පත්වෙන්නත් මෙතුමාට පුළුවන් වෙලා තියෙනවා.



1914 දෙසැම්බර් 24 වෙනිදා  පාදුක්කේ උඩුමුල්ලේ උපන් මාපටුනගේ ජේමිස් පෙරේරා ඉස්කොලේ ගියේ ගමේ තිබුන රාජාභිෂේක පාසලටයි. පස්සේ කොළඹ නාලන්දා විද්‍යාලයට ඇතුලත්වුනා. උසස් අධාපනයට ඒ මහතා කොළඹ විශ්ව විද්‍යාල කොලිජිය ඇතුලත් වුනා. 1936 අවුරුද්දේ කොළඹ විශ්ව විද්‍යාල කොලිජියෙන් එළියට එන්නේ  ප‍්‍රථම පන්ති සාමාර්ථයක් එක්කයි. පාලි - සිංහල -  සංස්කෘත හා ඉංග‍්‍රීසි භාෂාවන් හොඳින් ප‍්‍රගුණ කරපු ඔහුගේ විශ්ව විද්‍යාල ජිවිතය ඉතා වැදගත් තැනක් ගත්තා කියලා කියවෙනවා. 

ගාල්ලේ කච්චේරියට තමයි විශ්ව විද්‍යාලයෙන් පස්සේ ප‍්‍රථම පත්විම ලැබෙන්නේ. එ් 1939 ජනවාරි 10 වෙනිදා. එතැන් පටන් විවිධ ස්ථානවලත් විවිධ ක්ෂේත‍්‍රවලත් කටයුතු කරන්නට ඔහුට ලැබුනා. හැබැයි ඇම්.ජේ. ඉතිහාසගත වෙන්නේ ස්ංස්කෘතික සහ මාධ්‍ය ක්ෂේත‍්‍රයෙට ඉටුකරපු අද්විතිය මෙහෙවර නිසා තමයි. 
1942 දි රත්නා හෙට්ටිආරච්චි මෙනවිය විවාහකරගන්නා ඇම්.ජේ. 1944දි පේරාදෙනිය කෘෂිකර්ම දෙපාර්තුමෙන්තුවේ පරිපාලක නිලධාරියා වශයෙන් පත්වෙලා ගියා. 

ලංකා ගුවන් විදුලිය ක‍්‍රමවත් ලෙසට හැඩගැන්විමට එංගලන්තයේ බිබිසි ගුවන් විදුලි ආයතනයෙන් ජෝන් එන් ලැම්ප්සන් නම් පුද්ගලයෙකු ගෙන්වා ගත්තා. ඔහු තමයි ලංකා ගුවන් විදුලියේ පළමු අධ්‍යක්ෂක ජෙනරාල්වරයා වන්නේ. ගුවන් විදුලියේ වැඩසටහන් පිළිබඳව අදහස් දක්වා එවන ලෙසට පුවත් පත් දැන්විමක් දකින ඇම්.ජේ. දිර්ඝ ලිපියක් ගුවන් විදුලියට යවන්නේ ඔහුත් ගුවන් විදුලියේ ශ‍්‍රාවකයෙක් වෙන නිසා. මේ ලිපිය දකින නිලධාරින් එය ගුවන් විදුලිය භාර ඇමතිවරයා වු නටේසන් මහතාට යොමු කරනවා. එම ලිපිය කියවා බැලූ නටේසන් මහතා ඇම්.ජේට ඔයු හමුවන්නට එන්නැයි කියනවා. ඇම්.ජේ සමගින් කතාකල නටේසන් මහතා ඇම්.ජේ ගේ ලිපියේ තිබු කරුණු අගය කරනවා. පසුව නටේසන්  විසින් එම ලිපිය අධ්‍යක්ෂක ජෙනරාල්වරයාවු ලැම්ප්සන් වෙත යවන අතර ඔහු ඇම්.ජේව කැදවා ගෙන දිර්ඝ ලෙසින් ගුවන් විදුලිය ගැන සාකච්ඡුා කරනවා. ඊට ටික දිනකට පසුව ගුවන් විදුලි උපදේශක සභාවේ සභාපති ලෙස  ඇම්.ජේ. පෙරේරා මහතාව ලැම්ප්සන් මහතා විසින් පත්කරනවා. ජෝන් ලැම්ප්සන් මහතාගේ සේවා ගිවිසුමේ කාලය අවසන් වි ආපසු යෑමට පෙර  ඔහු හා සේවය කිරිමට අතිරේක අධ්‍යක්ෂක ජෙනරාල් වරයෙකු  පත්කිරිමට අයඳුම්පත් කැදවු අවස්ථාවේදි ඇම්.ජේත් එයට ඉල්ලූම් කරන්නේ ගුවන් විදුලිය ඇති කැමැත්ත නිසයි.      
ඔහු 1952 අගොස්තු 05 වෙනිදා ඇම්.ජේ. ලංකා ගුවන් විදුලියේ වැඩ බලන අධ්‍යක්ෂක ජෙනරාල් ධුරයට පත්වෙනවා. එහි පළමු අධ්‍යක්ෂක ජෙනරාල්වරයා වු ජෝන් එන් ලැම්ප්සන් මහතාගෙන් පසුව ලංකා ඉතිහාසයේ ගුවන් විදුලියේ පළමු  ශ‍්‍රී ලාංකීය අධ්‍යක්ෂක ජෙනරාල් ධුරයට එතුමා පත්වෙන්නේ 1952 දෙසැම්බර් 19 වෙනිදායි. එම තනතුරේ 1956 අවුරුද්දේ සැප්තැම්බර් 17 වෙනිදා දක්වා අවුරුදු 4ක් ගත කරනවා. එතුමාගේ ධුර කාලයේදි කරපු බොහෝ දේවල් අතරින් එකක් වන්නේ ගුවන් විදුලියේ ගායක ගායිකාවන් වර්ගීකරනයට ලක්කර ඒ අයගේ කුසලතා මත ශ්‍රේනිගත කරන්නට ඇම් ජේ මහතා කටයුතු කිරිම. ඉන්දියාවේ භාත්ඛන්ඩේ සංගීත විශ්ව විදයාලයේ ප‍්‍රධානියාවු පන්ඩිත් රත්න්ජංකර්  ලංකාවට ගෙනවිත් ගායක ගායිකාවන් ශ්‍රේනිගත කෙරේව්වා. මෙතුමා "තරංගනි" නැමති ගුවන් විදුලි සඟරාවක් ආරම්භකලේ එදා ගුවන් විදුලියේ විකාශයවු හරවත් වැඩසටහන් මුද්‍රිත මාධ්‍යයෙන් සංරක්ෂනය කරලා තියාගන්නයි.

1956 දි බලයට පත්වෙච්චි බන්ඩාරනායක රජයෙන් පිහිටුවනු ලැබු සංස්කෘතික දෙපාර්තුමෙන්තුවේ ප‍්‍රථම අධ්‍යක්ෂකවරයා වෙන්නේ ද මේ මහතායි. සාහිත්‍ය උත්සව  කළා මණ්ඩලය  හා අනු මණ්ඩල විධිමත් කිරිමත් එතුමා සිදුකළා. 1957 දි පළමු රාජ්‍ය නාට්‍ය උළෙල පවත්වන්නටත් මුලිකවුනේ ඇම්.ජේ. තමයි. වසරේ හොඳම නවකතාවට "දොන් පේද්‍රික් ත්‍යාගය" පිරිනමන්නට එතුමා කටයුතු කෙරුවා. 



1958 අවුරුද්දේ හදිසි අවස්ථා රෙගුලාසි යටතේ ශී‍්‍ර ලංකාවේ පළමු ප‍්‍රවෘත්ති බලධාරියා ලෙස පත්වෙනවා. නිකරුනේ ප‍්‍රවෘත්ති කපා කොටා දැමිම එතුමා සිදුකලේ නෑ. ඇම්. ජේ. බුද්ධිමත් ආකාරයෙන් කි‍්‍රයාකල අකාරය බොහෝ දෙනෙකුගේ ප‍්‍රසාදයටත් ප‍්‍රශංසාවටත් ලක්වුනා.   

1981 නොවැම්බර් 16 වෙනිදා ශ‍්‍රීලංකා රූපවාහිනි සංස්ථාවේ ප‍්‍රථම සභාපති විදිහට වැඩ භාරගත්තා. ජපන් රටේ ආධාරයක් ලෙසින් අළුතින් අප රටට හඳුන්වා දෙන රූපවාහිනි නාලිකාව පටන් ගන්න කොට අපේ රටේ තිබුනේ තවත් එක් නාලිකාවක් විතරයි. එ් අපි කවුරුත් දන්නා අයි.ටී.එන් නැත්නම් ස්වාධින රූපවාහිනි සේවය විතරයි. හැබැයි එකෙත් බොහෝ තිබුනේ දේශිය සංස්කෘතියට ගැලැපෙන ලෙසින් සිංහල භාෂාවෙන් නිපදවුන වැඩසටහන් නොවෙයි. හිස් ගොඩනැගිල්ලක් එක්ක වැඩ භාරගත්ත එතුමා රුපවාහිනිය දේශිය මුහුණුවරකින් අපේ සංස්කෘතිය රැකෙන පරදි හරවත් ගුණාත්මක වැඩසටහන් විකාශය කරන්නට මුලික අඩිතාලම දැම්මා. එතුමා රූපවාහිනි  සංස්ථාවේ සභාපති කමින් පසුව රාජ්‍ය පරිපාලන සේවයෙන් විශ‍්‍රාම ගන්නවා. ඔහුකරා ආ දේශපාලන බලවේගවලට නොසැලි සිටිමේ ගුණය නිසා අදටත් මාධ්‍ය ලෝකයේ සම්භාවනාව පත්වෙනවා. ආරම්භක කාලයේදි වුවත් ජාතික රූපවාහිනි සේවයේ ස්වරණමය යුගය තිබුනේ ඇම්.ජේ. පෙරේරා මහතාගේ  සහාපති කාලයේදි කිව්වොත් නිවැරදියි.

ඇම්.ජේ. පෙරේරා මහතා දරන ලද තනතුරු වලින් කොටසක් තමයි මේ 
කෘෂිකර්ම දෙපාර්තුමෙන්තුවේ අධ්‍යක්ෂක,
වාරිමාර්ග දෙපාර්තුමෙන්තුවේ අධ්‍යක්ෂක,   
පළමු ලාංකීය අධ්‍යක්ෂක ජනරාල්  ලංකා ගුවන් විදුලිය සංස්ථාව,
ඉඩම් කොමසාරිස්,
කෘෂිකර්ම අමාත්‍යශයේ සහකාර ලේකම්,
ස්වභාෂා කොමසාරිස්,
රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තුමෙන්තුමේ පළමු අධ්‍යක්ෂක,
සංස්කෘතික කටයුකු අධ්‍යක්ෂක,
අධ්‍යාපන අමාත්‍යශයේ නිත්‍ය ලේකම්,
උපකුලපති පේරාදෙනිය විශ්ව විද්‍යාලය,
සභාපති ගංගා නිම්න සංවර්ධන මණ්ඩලය,
ආරම්භක සභාපති පොහොර නිෂ්පාදන  සංස්ථාව,
සභාපති පුස්තකාල සේවා මණ්ඩලය,
ආරම්භක සභාපති ජාතික රූපවාහිනි සංස්ථාව,
 රූපවාහිනි සංස්ථාවන් විශ‍්‍රාම ගියපසුව කැලණිය හා පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාල මණ්ඩල වල සේවය කෙරුවා. 

එතුමා 2002 මාර්තු මාසයේ 14 වෙනිදා අප අතරින් වියෝ වුයේ වයස අවුරුදු  87 ක් ව තිබියදි.

9 comments:

  1. Replies
    1. මෙතුමා තවත් තනතුරුවල ප‍්‍රථමයා වෙලා හිටියාද දන්නේ නෑ. දන්නා කෙනෙක් ඉන්නවා නම් දැනුවත් කරන්න.

      Delete
  2. ලංකා ගුවන් විදුලිය ක‍්‍රමවත් ලෙසට හැඩගැන්විමට එංගලන්තයේ බිබිසි ගුවන් විදුලි ආයතනයෙන් ජෝන් එන් ලැම්ප්සන් නම් පුද්ගලයෙකු ගෙන්වා ගත්තා ///////// එසේම ස්ටුවට් වේවල් (BBC) මහතාවත් ගෙන්න ගත්තා මම වේවල් මහතා යටතේ පුහුණුවී තිබෙනවා

    ReplyDelete
    Replies
    1. දැනුවත් කලාට ස්තූතියි. එහෙම කෙනෙකු ගැන මම දැනගෙන හිටියෙ නෑ ඩොක්ටර්. මම සොයා බලන්නම්. ඔබතුමා ගුවන් විදුලියටත් සම්බන්ධ වෙලා හිටියාද?

      Delete
  3. නොදැන සිටි යමක්...අද තමයි දැන ගත්තෙ

    ReplyDelete
    Replies
    1. දැනුමට යමක් එකතුවුවා නම් බොහෝම සතුටුයි.

      Delete
  4. වැඩි විස්තර අදයි දැනගත්තේ... ස්තූතියි ...

    ReplyDelete
  5. //ඉන්දියාවේ භාත්ඛන්ඩේ සංගීත විශ්ව විදයාලයේ ප‍්‍රධානියාවු පන්ඩිත් රත්න්ජංකර් ලංකාවට ගෙනවිත් ගායක ගායිකාවන් ශ්‍රේනිගත කෙරේව්වා.??//

    සුනිල් ශාන්ත වගේ අයට කෙල උනේ ඕකෙන් තමයි ..............

    ReplyDelete

අදහස් මෙතන නිදහස් කරන්න

මෙන්න ඒ ගීත 10

ගියවර පොස්ටුවෙන් ඇහැව්වා සිංහල ගීත10 ක් පුළුවන්ද නම් කරන්න කියා. නමිනං උන්නැහැ ගීත දෙකක් ද කොළඹ ගමරාල අප්පුහාමි එක ගීතයක් ද හා වෘත්තාන්ත බ්ල...