Tuesday, December 13, 2016

හල්ෆ්ට් ගේ ගමේ පරණ නොවන අළුත් කඬේ.

හල්ෆ්ට් ගේ ගම? එහෙම ගමක් කොළොම්පුරේ තියෙනවාද? උත්තරේ ඔව්. ලිපිය කියෙව්වොත් නම් ඔයාලා කියයි අපි දන්නවා කියලා. හල්ෆ්ට් ගේ ගමේ ඇවිදලා එන්න නම් පුළුවන් එත් එහේ තියෙන විශේෂ ගොඩනැගිල්ලට යන්න හිතන්න එපා. එ් මොකද දන්නවාද අපේ රටේ නීතිය පසිදලන ශ්‍රේෂ්ඨාධිකරණය පිහිටුවලා තියෙන්නේ එ්කේ නිසයි. නිකං කවුරුත් උසාවියන්නේ යන්නේ නෑනේ නඩුවක් නැතිව. ඉතිං මොකටද නඩු පටලවාගන්නේ. 
              

             
ජෙරාඩ් හල්ෆ්ට් (Jeraid Hulft) කියන්නේ 1655 අවුරුද්දේ කොළඹ කොටුව පෘතුගීසින්ගෙන් අල්ලා ගන්න ආ ලන්දේසින්ගේ  යුධ අද්මිරාල්වරයෙක්. කොළඹ කොටුව හොදින් පෙනෙන මුහුදු මට්ටමෙන් අඩි 40 ක් උස සන්ත බස්තියමේ කන්දේ පෘතුගීසින්  "ලේඩි ඔෆ් ලයිෆ්" (Lady of Life) නමින් හැදින්වු තැනක් තොරාගත්තු මේ ජෙනරල් හල්ෆ්ට් එයාගේ රැකවල් මධ්‍යස්ථානය පිහිටුවා ගන්නවා.පෘතුගීසින්  ලේඩි ඔෆ් ලයිෆ් නමින් නම් කරපු මේ ප‍්‍රදේශය ලන්දේසින් විසින් ”හල්ෆ්ට් ඩොෆ්” (Hulfts Dorp) නමින් නම්  කරගන්නවා. ලන්දේසි භාෂාවෙන් " ඩොෆ් " කියන්නේ ”ග‍්‍රාමය” කියන නමයි. මේ හල්ෆ්ට් ගමේ ගොඩනැගිලි හදපු ලන්දේසින්ට පෘතුගීසින්ගෙන් ආක‍්‍රමණවලට මුහුණ දෙන්නට සිදුවුනා. කොළඔ කොටුවට පහරදි අල්ලා ගන්න ගිය අවස්ථාවකදි මේ ජෙරාඩ් හල්ෆ්ට් මිය යනවා. මේ හල්ෆ්ට්ගේ ආණ්ඩුකාර නිවස පසුකාලිනව ෆ්‍රෙඞ්රික් නොර්ත්  සහ තොමස් මේට්ලන්ඞ් ඉංග‍්‍රීසි ආණ්ඩුකාරවරන්ද පාවිච්චියට අරගන්නවා.
    
                                           කොළාම්පුරේ උසාවි සංකිර්ණය පිහිටලා තියෙන්නේ හල්ෆ්ට් ඩොෆ් වල. අළුත් කඬේ කියන්නේ මේ හල්ෆ්ට් ඩොෆ් පැත්තට කියන තවත් නමක්. මේ උසාවිය හල්ෆ්ට් ඩොෆ්වලට ගෙනාපු සිද්ධියක් ලොකු විස්තරයක්. එ් කාලේ කොළඹ කොටුවේ ගොර්ඩන් උද්‍යානය අසළ ගොඩනැගිල්ලක තමයි ශ්‍රේෂ්ඨාධිකරණය පිහිටුවලා තිබුනේ. අපේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය 1801 අවුරුද්දේ අධිකාරි පත‍්‍රයක් මගින් ස්ථාපනය කළා කියනවා. මේ ශ්‍රේෂ්ඨාධිකරණය රැස්වුනේ පළමු අගවිනිසුරුවරයා වු කොඞ්රිංටන් එඞ්මුන්ඞ් කැරිංටන් සාමිවරයාගේ (Sir Codrington Edmund Carrington) ප‍්‍රධානත්වයෙන්. මේ ශ්‍රේෂ්ඨාධිකරණය පලමුවෙන්ම පිහිටුවලා තිබුන ගොඩනැගිල්ල අදටත් බලාගන්න පුළුවනි. එ්ක තමයි කොටුවේ පොලිස් මුලස්ථානය අසල පිහිටා තියෙන ශාන්ත පිතර දෙව්මැදුර( St. Peters Church)
                              
ශාන්ත පිතර දෙව්මැදුර( St. Peters Church)
                     

                    කොටුවේ යුධ දෙපාර්තමෙන්තුවේ අසල තිබු ගොර්ඩන් උද්‍යානය (Gorden Garden) යුධාභ්‍යාස භූමිය ලෙසින් පාවිච්චි කෙරෙව්වා. එ්වාගේම මේ අසල තිබු උසාවියෙන් දෙන සමහර දඬුවම් කි‍්‍රයාත්මක කලේත් මේ ගොර්ඩන් උද්‍යානයේදි තමයි. තමන්ගේ භූමිය උසාවිය ප‍්‍රයෝජනයට ගන්න එකට හමුදාවේ අය කිසිම කැමැත්තක් දැක්වුයේ නෑ. ඔන්න 1804 අවුරුද්දේ සැප්තැම්බර් මාසේ දවසක වරදකාරයෙක් වුනු ආරුමුගම් නැමැත්තාට කස පහරදිමට තීන්දුවුනා. මේ වැඬේට ගිය පිස්කල් නිලධාරියෙක් හමුදාභටයෙක් විසින් අත්අඩංගුවට ගත්තා. පසුදාම කැප්ටන් ඇලෙක්සැන්ඩර් බැරි විසින් කොළඹ පිස්කල් නිලධාරියාට ලිපියක් යවලා කිව්වා යුධඅභ්‍යාස භූමියේ මිනිස්සුන්ට ශාරීරික වද දිම නැවැත්විමට හමුදා අණ දෙන නිලධාරි තීරණය කල බව. උසාවියේ පිස්කල් නිලධාරියා මේ බව අගවිනිසුරුවරයාට දැන්වුවා. අගවිනිසුරුවරයා ඉදිරියේ පෙනි සිටින්නට කැප්ටන් ඇලෙක්සැන්ඩර් බැරිට නියෝගයක් යැව්වා. නියෝගය ලැබුන ඔහු උසාවියට පැමිණියා. තමන් කලේ හමුදා අණදෙන නිලධාරි කර්නල් චාල්ස් බේලිගේ අණ පරිදි බව කීව නිසා හමුදා අණ දෙන නිලධාරියාද උසාවියට කැදවන්නට සිද්දවුනා. 


ගොර්ඩන් උද්‍යානය (Gorden Garden)                                           
                  තමන්ගේ යුද්ධාභ්‍යාස භූමියට ඇතුල් වන දොරටු වසා තබන්නට හා යුධ සෙබෙලෙක්ට හැර වෙන අයට ඇතුල් විමට ඉඩ නොදෙන ලෙසින් තමන් නියෝග කල බවත් පිළිගත් හමුදා අණදෙන නිලධාරි කර්නල් චාල්ස් බේලි ඔහු උසාවියේ ඉල්ලිමට එම නියෝගය අයින් කරගන්නට කැමතිවුනේ නෑ. එ් හින්දා උසාවිෙයෙන් කර්නල් චාල්ස් බේලිව හය මාසයකට ඇඟ බදින්නට තිරණය කළා. පසුදින මේ තිරණයට අත්සන් කරන්නට පෙර ආණ්ඩුකාරවරයා විසින් කැප්ටන් ඇලෙක්සැන්ඩර් බැරි නිකුත් කළ නියෝගය අවලංගු කෙරේව්වා. 1804 සැප්තැම්බර් 19 වෙනිදා ප‍්‍රකාශයක් නිකුත් කල ආණ්ඩුකාරවරයා මුරට සිටි හමුදාව ඉවත් කලත් යුද්ධාභ්‍යාස භූමිය තුල හමුදාවට හැරෙන්නට උසාවියෙන් නියම කරන ශාරීරික දඬුවම් කරන්නට තහනම් කළා. ඒවාගේම හමුදාවේ අණදෙන නිලධාරිගේ ලිඛිත අවසරයක් නැතිව කිසිම කෙනෙකුට උද්‍යානයට ඇතුල්වෙන්නටත් තහනම් කළා. මේ ගැන නඩුකාරයින්ගේ සතුටක් තිබුනේ නෑ. මොකද උසාවිය නීති විරෝධි ලෙසින් සැලකු දෙයක් කි‍්‍රයාත්මක කරන්නට හමුදාවට අවසර ලැබිමයි.

                         එ් මාසේම තවත් උදේ වරුවක හමුදා අණදෙන නිලධාරි තැන නියෝගයක් කළා. එ් කොටුව පැත්තට යන එන එක වැලැක්විමට හා මුරකපොලූ වසා දමන්නටත්ය. කොල්ලූපිටියේ සිටි අගවිනිසුරුවරයාට උසාවියට එන්න පුළුවන් වුනාට මරදානේ සිටි නඩුකාරවරයාටත් පිටකොටුවේ පදිංචිව සිටින උසාවියේ අයෙකුත් නිලධාරින්ටත් එන්නට බැරිවුනා. අගවිනිසුරුවරයා අසුනට ඇවිල්ලා බලාගෙන හිටියේ උසාවියේ කටයුතු ආරම්භකරන්නට විනිශ්චයකාරතුමා එනතුරුයි. රෙජිස්ට‍්‍රාර් රෝස් මහතා ඉතා අසීරුවෙන් ආණ්ඩුකාරවරයා හමුවට ගොස් ඔහුගේ මැදිහත්විමෙන්  මුරකපොලූ දොරටු ඇරගත්තා. එ්වන විටත් දහවල් වෙලා තිබුනා. 
උසාවියට ගෙන්වු කර්නල් බේලි විසින් එම නියෝගයේ වගකීම ජනරාල් වෙබ්ස් වෙත පැවරුවා. ජනරාල් වෙබ්ස් උසාවියට කැදවන්නට ආඥවක් නිකුත් කල නිසා විසාල හමුදාභටයින් රැසක් පිරිවාරගෙන ඔහු උසාවියට ආවා. උසාවිය ඉදිරිපිටයි යුද්ධාභ්‍යාස භූමිය තුලයි ජනරාල් වෙබ්ස් එක්ක ආපු හමුදාව නිසා පිරිලා ගියා. මේ හමුදාභටයන්ගේ ඝෝෂාව නිසා උසාවිය කරගෙන යන්නට බැරි තත්වයකට පත්වෙලා තිබුනා. උසාවිභූමිය ඇතුලත අවි ආයුධ ඇතිව සිටිම තහනම් නිසා ජනරාල්වරයාගේ ඉල්ලීම පරිදි ඔවුන් ඉවත්වුනා. 
කොටුව ඇතුලූ ප‍්‍රදේශවලට යන්නට තිබු මුරකපොලූ වසා දැමීම ගැන උසාවියෙන් ජනරාල්වරයාගෙන් කරුණු විමසුවත් ඔහු දුන්න පිළිතුරු ගැන උසාවිය සෑහීමකට පත්වෙන්නට බැරි බව කියා අවුරුද්දකට ජනරාල් වෙබ්ස්ගේ ඇඟ බදින්න නියෝග කළා. මේ නියෝග කඩකරන්නේ නම් ඔහු අත්අඩංගුවට පත් කිරිමට පිස්කල්වරයාට උසාවියෙන් ආඥවකුත් නිකුත්කළා.  

                                         ”බටහිර ඉන්දීය දූපත්වලින් කාපිරි හමුදාවක් මෙරටට ගෙන එන්නට අදහස්කරගෙන සිටිනවා. මේ කාපිරි අපේ රටේ අයගේ සිතුම් පැතුම් ගතිපැවතුම් වලට පුරුදු නැති නිසා බැවින් ඔවුන්ගේ විනය තකාම කොළඹ කොටුවේ පදිංචි කරන්නට අදහස්කරගෙන ඉන්නවා. එ් නිසා හැකි ඉක්මනින් ඔබලා පදිංචිව සිටින කොටුවේ ගොඩනැගිල්ල අතහැර භාරදෙන්නයි ඉල්ලාසිටිමි.” කියා මේ සිදුවිමෙන් දවස් දෙකකට පස්සේ ආණ්ඩුකාර ෆ්‍රෙඩිරික් නොර්ත් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ට ලිපියක් යැව්වා.
එත් ශ්‍රේෂ්ඨාධිකරණ නඩුකාරවරුන් මේකට කැමැත්තක් දැක්වුයේම නෑ. එයාලත් ආණ්ඩුකාරවරයාට දිග ලියුමක් ලියලා ඇරියා. යුධ හමුදාවේ අහංකාර ගති හා උසාවියට අගෞරව කිරිම වැනි නීතිවිරෝධි වැඩ වැලැක්විම නිසා මේ පියවරයන් ගෙන ඇති බව දැන්වුවා.  1804 ඔක්තෝබර් 2වෙනිදා ආපහු ලිපියක් ලියලා යැව්ව ෆ්‍රෙඩිරික් නොර්ත් ආණ්ඩුකාරවරයා තමන් කලින් පදිංචිව සිටි ඉඩ පහසුකම් ඇති විශාල භූමියත් බර්ටොලැයි මහත්මයාගේ විශාල ගොඩනැගිල්ලත් මිලදිගෙන ඇති බැවින් මේ උසාවිය පිහිටි ස්ථාන වෙනස්විම උසාවියේ ගෞරවයට හානියක් නොවන බවත් දැන්වුවා.

  

ඔහොම තමයි ෆ්‍රෙඩික් නොර්ත් ආණ්ඩුකාරවරයා කොටුවේ තිබුන රජගෙදරට පදිංචියට ඇවිල්ලා ඔහු සිටිය හල්ෆ්ට් ඩොෆ් හි ආණ්ඩුකාර නිල නිවස ශ්‍රේෂ්ඨාධිකරනය පවත්වාගෙන යන්නට පවරාදුන්නේ. එදා ඉදන් අද වෙනතුරුත් හල්ෆ්ට්ගේ ගමේ තමයි මේ ශ්‍රේෂ්ඨාධිකරණය පවත්වාගෙන යන්නේ. තුන් මහලකින් යුක්තවු අධිකරණ පුස්තකාලය හා නිතිඥ සංගම් ගොඩනැගිල්ල 1958 අවුරුද්දේ අධිකරණ ඇමති ෆිලික්ස් ඩයස් බන්ඩාරණායක මහතා විසින් විවෘත කළා. ඊට පස්සේ ඉඩ පහසුකම් ඇතිව අළුත් ශ්‍රේෂ්ඨාධිකරණය හා අභියාචනාධිකරණ ගොඩනැගිල්ලක් හැදුවා. එ්ක 1988 සැප්තැම්බර්  මාසේ 17 වෙනිදා එවකට හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා හා අගවිනිසුරු පාරින්ද රණසිංහ මහතා විසින් විවෘත කළා. ඔන්න ඔහොම තමයි කොළඹ කොටුවේ තිබුන ශ්‍රේෂ්ඨාධිකරණ උසාවිය හල්ෆ්ට් ඩොෆ් නැත්නම් අළුත්කඬේ ප‍්‍රදේශයට ආවේ. 


ශ්‍රේෂ්ඨාධිකරණය හා අභියාචනාධිකරණ ගොඩනැගිල්ල 

27 comments:

  1. බොහොම ආසා හිතෙන කොලොම්පුරේ ඉතිහාසයක්.

    ReplyDelete
  2. අති විශිෂ්ඨයි සෑර්

    ReplyDelete
  3. නොදන්නා බොහෝ දේ ඔබේ ලිපි තුලින් ඉගෙනගන්නවා.

    ReplyDelete
    Replies
    1. ඔබට මාගේ ස්තූතිය. අරුණ මහතානනි මා නොදන්නා කරුණු ඇතොත් එකතු කරන්න.

      Delete
  4. බොහොම හොඳ ඓතිහාසික කරුණු සම්පිණ්ඩනයක්. මේ පිළිබඳව කරුණු සොයන අයට විශාල උදව්වක්.

    පුංචි නිවැරදි කිරීම් දෙකක් තිබෙනවා.

    1. පෟතුග‍්‍රීසින් යන වචනය උච්ඡාරණය කල නොහැකි, වැරදි අක්‍ෂර වින්‍යාසයකින් ලියවී තිබෙන්නේ. නිවැරදි වචනය පෘතුගීසීන් යන්නයි. ඔබ පාවිච්චි කරන්නේ Google Input Tools නම්, පෘතුගීසි කියා ලියන්නේ මෙහෙමයි. pruthugeesi

    2. ඔක්තෝම්බර් යන්න වැරදි යෙදුමක්. September, October, November, December යන මාස වලින්, ඔක්තෝබර් මාසයට m අකුරක් යෙදෙන්නේ නැහැ. ඒ නිසා එය ඔක්තෝබර් මාසය වියයුතුයි.

    ReplyDelete
    Replies
    1. සදොස් තැන් පෙන්වා දුන්නාට ඔබට මාගේ හදපත්ලෙන් නැගෙන ප‍්‍රණාමය. සියල්ල නිදොස් කරවුවා. කාලය මදි බැවින් ඉක්මනින් ලියා පළකරන්නට යද්දි සිදුවන සුවිශාල දෝෂයක්. ඔබතුමාගේ මඟ පෙන්විම මතුවටත් පතමි.

      Delete
  5. ඒකත් එහෙමයි එහෙනං

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව. නඩුවක් එහෙම පටලාගෙන හල්ෆ්ට් ගේ ගම් පැත්තේ රවුම් එහෙම ගහන්න හිතාගන්න නම් එපා අටං මහත්තයෝ.

      Delete
  6. මම මේ ඉසවුවට ආපු පළමුවතාව. ඉගනගන්න , දැනගන්න දේ ගොඩයි. ඔබගේ කැපකිරීමට, මහන්සියට ප්‍රණාමය.

    ReplyDelete
    Replies
    1. කටුසු හදවත කොළොම්පුරේට වෙල්කම් කියලා පිළිගන්නවා. ස්තූතියි ඔබේ අදහස් වලට.

      Delete
  7. නියම විස්තරයක්. නොදන්න කරුණු ගොඩක් දැනගත්ත. ස්තුතියි.

    ReplyDelete
  8. බොහොම රසවත් වටින ලිපියක්, ස්තූතියි

    ReplyDelete
    Replies
    1. ඉන්දික උපශාන්ත මහතාටත් ස්තූතියි. මේ දවස්වල නිවාඩු කාලේ හින්දා නෑ ඉස්කෝලේ කියලා දරුවන්ව ගෙදර තියාගෙන ටිවි එකේ කාටුන් පෙන්නනවාට වඩා හොදයි නේද කොළෙම්පුරේ පැත්තේ එක්කගෙන ගිහිල්ලා නොදන්නා දේවල් ටිකක් පෙන්නලා ටිකක් විනෝද වෙලා ආවානම්.

      Delete
  9. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ඊ මේල් ලිපිනයක් තියනවනම් ඔබ කැමතිවෙයි කියල හිතෙන රිසර්ච් ලිපියක් එවන්න පුලුවන්

      Delete
    2. එවන්න. ඉතාමත් කැමැත්තෙන් බාර ගන්නවා.janaka20@gmail.com

      Delete
  10. නියමයි, සෑහෙන්න යමක් ඉගෙන ගත්ත

    ReplyDelete

අදහස් මෙතන නිදහස් කරන්න

හෝරස්ගේ දරුවා - විසිතුන් වන දිගහැරුම Son of Horus - 23

     පොලීසියට අවශ්‍යය කරන පුද්ගලයෙකුවූ සුදු මහත්තයා මිතුරෙකුගේ සෙවනගල ප්‍රදේශයේ නිවසක රැඳී සිටිමින් සිටියදී අත්අඩංගුවට පත්වෙන්නේ මේ අතරතුරේද...