Monday, July 31, 2017

මුහුද හාරමුද?


අපේ පොලෝතලයෙන් තුනෙන් දෙකක්ම සාගරය අයිති කරගෙන ඉන්න කොට මිනිසාට ජිවත් වෙන්න තියෙන්නෙත් ඉතිරි තුනෙන් එකේ කොටසෙයි. එන්න එන්නම වැඩිවන ලෝක ජනග‍්‍රහනයත් ගෝලිය උණුසුමත් නිසා ධ‍්‍රැවආශි‍්‍රත අයිස් ග්ලිසිර දියවෙන්නට පටන් ගැන්මෙන් මේ තුනෙන් එකත් අහිමි වෙන්න පටන් අරගෙන. එහෙම නම් මොකටද මුහුද හාරන්නේ? අයිස් කදු දියෙවලා පහත්බිම් හා කුඩා දුපත් යටවෙන එක නවත්වන්නද? නෑ එහෙම කරන්න නම් බෑ. මොකටද මුහුද හාරන්නේ? එහෙම පැනයක් කාටත් හිතෙනවා.  මුහුදට වැටුනු ලෙන් පැටියාව හොයා ගන්න තමන්ගේ නැට්ටෙන් සාගරය ඉහලා ගොඩකරන්න තැත් කරපු ලේනියක් ගැන කියවෙන ජාතක කතාවක් ඉස්සර අහලා තියේනවා. පුළුවන් නම් මුහුද ගොඩ කරන්න හදනවා මිසක් තවත් හාරලා ගැඹුරු කරන්නේ මොකටද? හැබැයි මේ දවස් වල අපේ රටේ ප‍්‍රධාන ප‍්‍රවෘත්තියක් වෙලා තියෙන හම්බන්තොට
වරාය  ගොඩ නංවද්දි ගොඩබිම කැණලා කරගම් ලේවාය මුහුදට බිලිදුන්නා අමතක නැතිව ඇති.

 


මුහුද ගොඩකරන්නත් මුහුද හාරන්න වෙනවා. කොළොම්පුරේ ගාලුමුවදොර අසලට ගියොතින් මුහුද ගොඩකරනඑක දැක බලාගන්න පුළුවන්. අළුතින් ඉදිවන පෝට් සිටි (Port City) නම් වරාය නගරය මුහුදේ ඉදිකරන්න ගල්බොක්ක නැත්නම් ලන්දේසින් ගොල්බෙක් නමින් හැදින්වු මුහුදු ප‍්‍රදේශයට නැවකින් වැලි පොම්ප කරනවා ගාලු මුවදොර අසළින් යන එන ඔනේම කෙනෙකුට බලාගන්න හැකියි. මේ වැලි පොම්ප කරන්නේ නැවකින්. මේ විශේෂ නෞකාවන් හදුන්වන්නේ සමුදුරු කැණිම් නෞකාවන් නැතිනම් ඩෙජර්ස් (Dredger) නමින්.  අද කොළොම්පුරෙන් කතා කරන්නේ මේ මුහුද හාරමින් වැලි හා මඩ පොම්ප කරනා සමුදුරු කැණිම් නෞකාවන් හෙවත් ඩෙජර්ස් ගැනයි.    
මේ කැණිම් කරන නෞකාවන් වලින් බොහෝවිට කරන්නේ වරායන් හා නාවික සමුදුරු මාර්ග ගංගාවන් හා වැව් ගැඹුරු කිරිමත් හා ගොඩබිම් තැනිමත්ය.

(channels and harbors, bottom of lakes, rivers, harbors, and other water bodies) මෙසේ කලින් කලට වරායන් හා නාවික සමුදුරු මාර්ගවල කැණීම් සිදුකරන්නට වන්නේ සාගරයේ ඇතිවන වඩදිය බාදිය හා අභ්‍යන්තර දිය රළ මගින් පත්ලේ එකතුවන රොන් මඩ හා වැලි නිසා ඇතිවන ගැඹුර අඩුවිම නිසයි. නෞකාවන් වැනි  විශාල යාත‍්‍රා ගමන් ගන්නා සුවිශාල වැව් හා ගංගාවන් නොමැති බැවින් අපේ රටේ මේ වාගේ කැණිම් කරනා නෞකාවන් යොදාගන්නේ වරායන් කැණිම් කරන්නට පමණයි.
යාන්ත‍්‍රික කැණිම් හා ද්‍රාව බලයෙන් කරනා කැණිම් ක‍්‍රම දෙකක්

(mechanical and hydraulic) මත පදනම් කරගෙන මෙම කැණිම් කරනා යාත‍්‍රාවන් නිපදවා තිබෙනවා. 
එහෙනම් මේ විවිධ වර්ගයේ සමුදුර කණින නෞකාවන් මොනවාදැයි කියලා බලමුද?



Trailing suction hopper Dredger

ද්‍රාව බලයෙන් කැණිම් ක‍්‍රමය භාවිතාවන මේ වර්ගයේ ඩෙජර්ස් හැඩයෙන් නෞකාවක් වැනියි. නාවික සමුදුරු මාර්ග ගැඹුරු කරමින් යාත‍්‍රා කරන්නට මේවාට හැකියි. පෝට් සිටි වරාය නගරය නිර්මාණය කරන්නට සයුර ගොඩ කරමින් වැලි පොම්ප කරන්නේ මේ වර්ගයේ ඩෙජරයකිනි.



 

 


 නැව් බද හරහා ඇති ගයිඩ් රේල් එක (Guide rail)  ඔස්සේ නැව් බද හරහා සවි කරමින් කැණිම් කරනා චූෂණ බටය  (Suction pipe)  සාගර පත්ලට පහත් කරයි. (ඉහල රූප සටහනේ ඇති පරිදි ) මෙම චුෂන බටය නෞකාවේ පොම්ප කාමරයේ ඇති සුවිශාල (Dredge Pump) හරහා සම්බන්ධවෙනවා. 

Dredge Pump


  Drag Head

මේ චුෂන බටය හා සමගාමිව දිවෙන ජෙට් වොටර් (Jet water pipe)  නමින් අධි පිඩන ජල නල මාර්ගයක් එහි අන්තයේ ඇති ඩ‍්‍රැග් හෙඩ් (Drag Head) එකට සම්බන්ධවෙනවා. පොම්ප කාමරයේ ඇති ජෙට් පොම්පය  (Jet Pump) මගින් නිකුත් කරනා අධිපිඩිත ජලය ඩැග් හෙඩ් (Drag Head)  හි ඇති නොසල් මගින් මුදාහැරිමේදි සාගර පත්ලේ මඩ හා වැලි කැලඹිමකට පත්කරවයි.  ඩැග් හෙඩ් සාගර පත්ල මතින් ඇදගෙන යාමෙදි චුෂන නලයෙන් සාගර පත්ලේ කැලැඹිමක පත්වු ජලය සමගින් වැලි හා රොන් මඩ ඉහලට ඇදගැනිමක් කරනු ලබනවා. මෙසේ සුවිශාල පොම්ප මාර්ගයෙන් ඇදගන්නා ජලය හා මිශි‍්‍රත වැලි හා පස් නැව තුල ඇති හොපරය (Hopper)  හි ගබඩා කරගන්නවා. 

හොපරය ඇතුලත දර්ශණයක්




  Overflow Duct


 


  Bottom Doors


මඩ හා වැලි පමණක් හොපරයේ තැම්පත් කරගනිමින් වැඩි ජලය සීරුමාරු කල හැකි පිටාර නලයක් (Overflow Duct)  මගින් මුහුදට පිටාර කරවන්නට හැකියි. මෙසේ හොපරයේ තැම්පත් කරගත් මඩ හා වැලි ඉවත් කිරිම සිදු කරන්නේ හොපරයේ පතුලේ ඇති දොරටු  (Bottom Doors) විවෘත කිරිමෙන් තැම්පත් කරගත් වැලි හා මඩ කැණිම් කරනා ඉසව්වෙන් බැහැරව වෙනත් මුහුදු ප‍්‍රදේශයකට ගොස් මුදා හැරිම සිදු කරනවා. එසේ නැත්නම් ඉදිරියේ ඇති නොසලය මගින් හෝ බව් කප්ලිනයට (Bow coupling)  සම්බන්ධ කරගත හැකි සාගරය මතුපිට පාවෙන නල (Floating Pipe lines)  මාර්ගයෙන් ගොඩබිමකට  හෝ වෙනත් ස්ථානයකට පොම්ප කිරිමට හැකිවෙනවා.

ස්පිලිට් හොපර් ඩෙජර්ස් -   Spit Hopper Dredgers
මෙම වර්ගයේ ඩෙජර් යාත‍්‍රාව  පෙර කියු ආකාරයෙන් කි‍්‍රයාත්මකවුවත් හොපරයේ මඩ තැම්පතු ඉවත් කිරිමට බොටම් දොරවල් නොමැති අතර නෞකාව දෙපලු විමෙන් හොපරයේ ඇති දව්‍ය මුහුදට මුදා හරිනු ලබනවා. බද (Hull) දෙපලුවුවත් නෞකාව කිසිවිටෙකත් ගිලියන්නේ නෑ.



 

කටර් සක්ෂන් ඩෙජර්ස්    Cutter Suction Dredger


 

මේ වර්ගයේ ඩෙජර්ස්වලට යාත‍්‍රා කිරිමට අවරපෙති (Propellers)  නොමැති අතර වෙනත් ටග් යාත‍්‍රා (Tug Boats)  මගින් ඇදගෙන ගොස් කැනිම් කලයුතු ආදාල ස්ථානයේ නැංගුරම් යොදාගෙන රදවා තබයි. මෙම ඩෙජරයේ ඇති කටර් හෙඩ් (Cutter Head) එක කැරකීම මගින් ගල්වැනි රළු පෟෂ්ඨයන් හා තද මතුපිටක් ඇති මුහුදු පත්ල කැනිමට යොදා ගනියි. මේ කටර් හෙඩ් එක දෙස බලද්දී අතින් කරකවමින් පොල් ගාන ඔදිරිස් හිරමනය තලය සිහිපත් වෙනවා. කටර් සක්ෂන් ඩෙජර් වල වැලි හා මඩ රදවාගැනිමට හොපරයක්(Hopper) නොමැති බැවින් චූෂණ නලය මගින් ඉහලට ඇදගන්නා මඩ හා වැලි වෙනත් බත්තල් වලට හෝ සාගර මතුපිට පාවෙන නල (Floating Pipe lines)   මගින්  වෙනත් ඉසව්වකට පොම්ප කර දමයි. මෙම ඩෙජර්ය පිටුපස ඇති ස්පඩ්  (Spud)   මගින් සාගර පත්ලේ ඇනිමෙන් ඩෙජරය නවතා ගන්නා අතර දෙපසට දෝලණය වෙමින් කැනිම් කරන්නට ඩෙජරයේ දෙපසින්  දමාගන්නා නැංගුරම් දෙක උපකාරි කරගන්නවා. මේ ස්පඩ් මගින් ග‍්‍රමණය වන කැපුම් තලය මගින් එන පසු තෙරපුම වලක්වා ගැනිමද  සිදුකරනවා. 

 



බකට් ලැඩර්  ඩෙජර්ස්    Bucket Ladder Dredger
මෙය යාන්ති‍්‍රක ක‍්‍රමයෙන් කි‍්‍රයාත්මක වන කැනිම් යාත‍්‍රාවක් වන අතර   එක පෙලට සවි කර කරකැවිමට ලක් කරන බකට් සහිත කොටස  මුහුදු පත්ලට පහත් කිරිම මගින් කැනිම් කරනු ලබයි. බකටයට එකතුවන වැලි ඉහලට එසවි ඇවිත් යාත‍්‍රාව් පසුපස කොටසට වැටෙයි.   


 
 
ග‍්‍රැබ් හොපර් ඩෙජර්ස්  Grab Hopper Dredger
මෙයත් යාන්ත‍්‍රික ක‍්‍රමයෙන් කැණිම් කරනා යාත‍්‍රාවන් වෙනවා. ග‍්‍රැබ් බකට් එකක් මගින් මුහුදු පත්ලේ ඇති වැලි හා මඩ ඉහළට ඔසවාගෙන හොපරයේ තැම්පත් කරගනි. 



 

සයුරු

2014 වසරේ නිපදවු  සයුරු නම්වු  ටොන් 624 (Gross tonnage 624 T ) බරති Grab Hopper Dredger 


රුහුණු පුතා
1989 වසරේ නිපදවු රුහුණු පුතා  නම්වු ටොන් 361(Gross tonnage 361  T ) බරති Grab Hopper Dredger 

  වැලිගොව්වා
වැලිගොව්වා හා සලාපුර කිදුරි නම්වු Cutter Suction Dredger දෙකක්ද ධිවර වරාය සංස්ථාව සතුව තිබෙනවා.


ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය සතුව
1972 වසරේ නිපදවු  දියකාවා නම්වු  ටොන් 1169 (Gross tonnage 1169 T ) බරති Trailing suction hopper Dredger 
2003 වසරේ නිපදවු  දියකොවුලා නම්වු  ටොන් 820  (Gross tonnage 820 T ) බරති Grab Hopper Dredger   හා
2001 වසරේ නෙදර්ලන්තයේ නිපදවු  හංසකාවා නම්වු  ටොන් 1503 (Gross tonnage 1503  T )බරති Trailing suction hopper Dredger 

අපේ ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය සතුව ඩෙජර්ස් තුනක් තිබෙනවා. 

  හංසකාවා

 


ඡයාරූප අන්තර් ජාලය මගින්
මෙහි නොලියවුනුු තවත් වැදගත් දෑ හෝ වැරදි ඇත්නම් මා  නිවැරදි කරත්වා. 

36 comments:

  1. මෙවැනි තාක්‍ෂණික ලිපියක් ලියා බෙදා හැරීමට ඔබතුමාට ඇති සුදුසුකම, නීතිමය හැකියාව පිළිබදව පළමුව සදහන් කරනවද?

    ReplyDelete
    Replies
    1. ඔබ මෙහෙම මරි මෝඩ පැනයන් අහන්නේ ඇයි? මා විසින් ලබාගෙන ඇති සුදුසුකම් හා අධ්‍යාපනය ලැබු ආයතන ගැන නිර්නාමිකයෙකුට කොහෙත්ම පවසන්නේ නැත.

      Delete
    2. ඇයි බයද නැතිනම් අවුල්ද වැඩේ මාට්ටුවයි කියලා නෙලුම් යාය බැකප් එකකක් දෙයි

      Delete
    3. නෙලුම් යායෙන් සම්මාන ලැබුනත් නොලැබුනත් කමක් නෑ. ඔවුන් බ්ලොග් ප‍්‍රවර්ධනයට කරනා දේ පසසනවා. මට දේශාපාලනයක් නෑ. මේ ලිපියත් නීතිමය රාමුවත් අතර ඇති දේ තේරෙන්නේ නෑ. මෙවැනි ලිපියක් ලියන්න කාගෙන්වත් අවසරගතයුතුුයි කියලා මම හිතන්නේ නෑ. ඔබ කුමක් ගැනද මේ අහන්නේ?

      Delete
    4. කවුද අනේ දේශපාලනයක් ගැන ඇහුවේ ඔබතුමාට ඇති සුදුසුකම, නීතිමය හැකියාව පිළිබදව පළමුව සදහන් කරනවද? ...එච්චරයි

      ඒවා මුකුත් නැතිනම් නැ කියලා කියන්න දැන් මේ පට්ටපල් බේගල් /බයිලා ලියන එවුන් නිසානේ අවුල.

      බ්ලොග්කරුවන් අතරින් හරි දැනුමක් තියන අය කවුද කියලා දැනගන්න එපානේ. උදාහරණ කියන්න පුළුවන් අවශ්‍යමනම්

      Delete
    5. මෙයාට කියන්න තරං සුදුසුකම්, අධ්‍යාපනය හැකියාවන් නැතුව ඇති ඇනෝලා. නැත්තං බොහොම වැදගත් විදියට අහලා තියෙන ප්‍රශ්නයකට මේ වගේ උත්තර දෙයිද? එකෙන්ම පේනවනි මෙයාගේ හැදියාව, අධ්‍යාපන පසුබිම.

      Delete
    6. පුර හද ඇති දාට බල්ලෝ උඩු බුරලති . එහෙත් සද නිසොල්මනේය .

      Delete
    7. # SapumalAugust 2, 2017 at 4:11 AM

      හා හා එහෙම බල්ලා කියන්න එපා අසංක මහත්තයට. එයාගෙන් ප්‍රශ්නයක් ඇහැව්වම කේන්ති ගිහිං පොඩ්ඩක් කෑගැහැව්වා කියලා එයා මෙහෙම 'උඩුබුරන බල්ලෙක්' කියලා කියන එක හොද නෑ නේද?

      Delete
  2. අභ්‍යන්තර ජලාශවල ඩ්‍රෙජින් හරියට වෙන්නෙ නැත්තේ ඇයි?
    රන්දෙනිගල රංටැඹේ වගේ ජලාශ ඉහලින් පාංශුඛාදනය නිසා පස්වලින් පිරිලා සාමාන්‍ය වැසි තත්වයකදීත් පිරෙනවා. ඒත් ජල ධාරිතාව අඩුයි.

    ReplyDelete
    Replies
    1. මෙවැනි ඩෙජර් යාත‍්‍රා විශාල වැඩියි. ඒ නිසා ඒවැනි ජලාශවලට ප‍්‍රවාහනය කරන්නට නොහැකි නිසා වෙන්න පුළුවන්.

      Delete
  3. වටිනා ලිපියක්.

    ජයවේවා!!!

    ReplyDelete
  4. නැව් විස්තර ටිකක් දිගටම ලියමු.

    ReplyDelete
  5. ලංකාවට අලුත් අත්දැකීමක් වන මේ දේ ගැන තොරතුරු සැපයීම විශාල ප්‍රයෝජනයක්
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. විචාරකතුමා කලාසේම මෙයින් උත්සාහ දරන්නේ දැනුම බෙදාහදා ගන්නයි.
      ස්තූතියි ඔබට

      Delete
  6. සවිස්තරාත්මක ලිපියක් අයියේ... අයියා නැව් වල ගිය අවු. 7 අත්දැකීම් ලිව්වනන් අපිට කියවන්න... රසවත් සිදුවීම් ඕනතරම් ඇති...

    ReplyDelete
    Replies
    1. රසවත් සිදුවිම් වගේම බොහෝම දුක හිතෙන දුක විදවන්න වුන සිදුවිම් ගොන්නක් කෙටුම්පත් කරලා තියේනවා. එත් ප‍්‍රකාශයට පත් කරන්න හිත ඉඩදෙන්නේ නෑ.

      Delete
    2. අපිට මුහුද ගොඩකිරීම අලුත් දෙයක් උනාට ලෝකෙ අනිත් රටවල මේ සම්බන්ධව සෑහෙන්න කටයුතු සිද්ධ වෙනවා, උදාහරණ විදිහට ඩුබායි, සිංගප්පුරුව, ජපානය, චීනය මේ සඳහා ගොඩක් ප්‍රසිද්ධයි.

      මගේ මස්සිනා නෞකාවක පළමු ඉංජිනේරුවරයෙක් අවුරුද්දකට මාස 7-8 ක් විතර නැවේමයි ගත කරන්නෙ. නැව් වල රස්සාව බොහොම අමාරු කටුක එකක බව තමයි මම අහල තියෙන්නේ.

      Delete
    3. නාවික දිවිය ගැන සමහරුන් හිතන්නේ හරි ආතල් රස්සාවක් කියලා. එත් එහි තිබෙන කටුකත්වයත් භයානකකමත් හින්දා තමයි අනෙක් රැකියාවල් වලට වඩා වැඩි වේතනයක් ගෙවන්නේ.

      Delete
  7. Itha watina lipiyak!Kohoma awath kagen awath danuma danumamayi!

    ReplyDelete
  8. අසංග මං මොකක් කියලද කතා කරන්න ඕනා කියලා දන්නේ නැත... අයියා.. කිව හැකිදැයි පවසන්න... ඔබේ ලිපිය නියමයි.. ඒත් මට නම් වැඩිය තේරුනේ නැහැ... හිහි..

    ReplyDelete
    Replies
    1. ගැණු දැරිවියෝ කොහෝමත් වයසින් වැඩිවුනත් වයස අඩුවෙන් කියන්නනේ හදන්නේ. ඔන්න ඔහේ ඔනේදෙයක් කියන්න. අය්යෝ මේ ලිපිය තේරුනේ නැත්නම් මගේ වැඩේ සම්පුර්ණයෙන්ම අවුල්.

      Delete
    2. තාක්ෂණික කටයුතු ගැන මට එතරම් තේරුන් නෑ... මගේ මොලේ තාම ඒ ගැන තේරෙන්න පරිණත වෙලා නෑ.. ඒකයි හී හී.. තේරෙන අය ඉන්නවනේ.. වැඩේ අවුල් නෑ. සුපිරිවැඩේ...

      Delete
  9. නොදැනගෙන හිටපු දෙයක් ගැන දැනුවත් වුණා. ස්තූතියි අසංග

    ReplyDelete
  10. හොඳ විස්තරයක් තියෙනව.
    වැලිගොව්වා නං සුනාමියට ගොඩ ඇවිල්ල තියෙද්දි දැක්ක කිරින්දෙදි

    ReplyDelete
    Replies
    1. මේ ලගදි ඩෙජර් සයුරුත් හික්කඩුවේදි ගල්ගොඩක් උඩ ගියා.

      https://lmd.lk/walkers-colombo-shipyard
      http://dailynews.lk/2017/01/04/business/103724

      Delete
  11. http://www.lankaenews.com/news/6143/si

    ආසිරි රෝහලේ දත් ජොස්තර ‘කුමාරයා‘ තරුණියකගේ දත් බලන ගමන් ලිංගික අතවර කරලා

    (ලංකා ඊ නිව්ස් -2017.අගෝ.04, පෙ.ව‍‍‍‍‍.8.15) කොළඹ ප්‍රකට පුද්ගලික රෝහලක් වන ආසිරි පුද්ගලික රෝහලෙන් දන්ත ප්‍රතිකාර ලබා ගැනීමට ගිය තරුණියකට දන්ත ප්‍රතිකාර කරන අතරතුරදී දත් ජොස්තරයා විසින් ඇයගේ ශරීරය නොමනා ලෙස අත පත ගාමින් ලිංගික අතවරයක් කළා යැයි බලධාරීන් වෙත පැමිණිලි කර තිබේ.

    මෙම පාහර ක්‍රියාව කරන ලද දත් ජොස්තරයා නමින් කුමාර කළුආරච්චි නමැත්තෙකි. (සේයාරුවේ දැක්වේ) අතවරයට පත් තරුණියගේ ඥාතිවරියක වන ප්‍රියන්ති ජයසිංහ මහත්මිය විසින් ආසිරි පුද්ගලික රෝහලේ අධ්‍යක්‍ෂකවරයාටද , ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයටද, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ද, මේ සම්බන්ධයෙන් ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. (එම පැමිණිල්ලේ පිටපතක් ලංකා ඊ නිව්ස් වෙත එවා ඇති අතර එය මෙහි දැක්වේ.)

    මීට ඉහතදීද දන්ත වෛද්‍ය කුමාර කළුආරච්චි විසින් තරුණ රෝගී කාන්තාවන්ට විවිධ අතවර සිදු කොට තිබෙන බවට වාර්තා වී ඇත​. මෙම පුද්ගලයාගේ නොමනා ක්‍රියා කලාපය නිසා ඔහුගේ වෛවාහික බිරිඳද මොහුව අතහැර දමා විදේශ ගතවී තිබේ.

    ලංකාවේ කෙතරම් වෛද්‍යවරුන්ගේ හිඟයක් පැවැතියද, මෙවැනි පාහර ජොස්තර නීචයන්ගේ වෛද්‍ය බලපත්‍ර අහෝසි කර, මොවුන්ට උගැන්වීමට මහජනතාව විසින් වියදම් කරන ලද බදු මුදල්ද මොවුන්ගෙන් අයකර, වෘත්තියෙන් පන්නා දමා වෛද්‍ය වෘත්තියේ උත්තම භාවය ආරක්ෂා කර ගැනීමට බලධාරීන් කටයුතු කළ යුතුය.

    පැමිණිල්ලේ පිටපත මෙතනින්

    කුමාර කලුඅරච්චිගේ ජායාරුපයක් මෙතනින්

    ReplyDelete
    Replies
    1. ඉයන් ආතේ,

      ගොන් බබා පාට් කියල හරියන්නෙ නැහැ ඉයන්, කුමාර කළුආරච්චිට විරුද්ධව පොලිසියෙ කම්ප්ලේන් එකක් දාල නඩුවක් දාල මේ චෝදනා ඔප්පු කර නිසි දඬුවම් දෙන්න.

      බොරුවට "බල්ලො #කන්නයි අපි ගුටි කන්නයි" කියල බොරු බබා හුකුන් දාන්න එපා, අනේ හුකේ නන්නානේ, මොත්තේ හොඳම එක... අපි නොදන්න චෙස් ! හික්ස්

      මම දන්නේනෑ මොනවා ලියන්නද කියල ඉයන් තුමා... මට මතකත් නෑ... මතක ඤෑ අප්පා...

      Delete
  12. මම මේ ලිපියේ වැදගත් දේවල් ටිකක් වාර්තාවකට ගන්නවා. ස්තුතියි

    ReplyDelete

අදහස් මෙතන නිදහස් කරන්න