Saturday, October 7, 2017

චන්ඩි උපන්න සුප‍්‍රකට ගසක්


අතීතයේ අනාදි කාලයක මිනිසුන්ද සතුන්සේම උපන්නේ ගස් ගල් යටයි. සිද්ධාර්ත කුමාරයාත් උපත ලැබුවේ ලූම්බිණියේ සල්ගසක් පාමුල. පරිනිර්වාණය ලැබුවෙත් කුසිනාරා නුවර සල්ගස් දෙකක් අතරයි. මැරෙන්න එක ගහකුත් උපත ලබන්න ගහකුත් විදිහට කොළොම්පුරයේ සුප‍්‍රසිද්ධ ගස් දෙකක් තියේනවා හැබැයි කොල මල් දළුලන්නේ නැති. එකක් තියෙන්නේ වැලිකඩ සිරගෙදර. ඒ තමයි එල්ලූම් ගහ. අනික තමයි කොළඹ කොටුවේ කොඩිගහ. 

https://goo.gl/maps/Dze3s5HASYv

එ්කාලේ කොළොම්පුරේ හිටිය සමහර චන්ඩිත් ලොකුවට කිව්වේ "අඩෝ මම කොඩි ගහ යට ඉපදිච්ච එකෙක්"  කියලා. එහෙම නම් මුලින්ම කොළොම්පුරේ ගනන්කාර චන්ඩි උපන්න කොඩිගහ ගැන කතා කරලා ඉමු. කරුණාරත්න අබේසේකර මහතා ලියුව  පි.ඒල්.ඒ සෝමපාල මහතා සංගීතවත් කරපු අපේ රටේ අසාහය ගායකයන් වු එච්.ආර් ජෝතිපාල මහතා හා ඇම්.එස්. ප‍්‍රනාන්දු මහතා ගැයුව හතර දෙනාම සූරයෝ චිත්තරපටියේ  කොඩිගහ යට මම උපන්නේ සිංදුවෙත් කොළොම්පුරයේ කොඩිගහ ගැන කියවෙනවා. 




ඇත්තටම කොඩිගහයට උපන් උන් හිටියාද කියලා ඉතිහාසයේ කොහේවත් ලියවිලා නෑ. කොඩිගහ කොළොම්පුරේ හිටවන්නේ පෘතුගිසින් තමයි. එදා කොඩි ගහ තිබිලා තියෙන්නේ රජගෙදර හා මුහුද අතර ප‍්‍රදේශයේ ගල්බොක්ක කියලා හැදින්වුන මුහුද අද්දරටවෙන්න 1505 දි ලංකාවට ගොඩබැස්ස පෘතුගිසින්ගේ බලකොටුව මධ්‍යයේයි. පරංගින් කොළොම්පුරේ බලකොටුවක් පිහිටුවාගත්තාට පස්සේ එයාලා තේරුම්ගන්නවා මේ කොළොම්පුරයේ නැව්තොට තමන්ගේ නාවික කටයුතු හා බලය තහවුරුකරගන්නට විශාල වශයෙන් උවමනාවෙනවා කියලා. එ් නිසාම ඈත මුහුදේ සිටම කොළොම්පුරයේ නැව්තොට හඳුනාගන්නට යොදාගන්න උපක‍්‍රමයක් විදිහට කොඩිගහ තමන්ගේ බලකොටුව මැද ඉදිකරන්නේ. තමන්ගේ නාවික යාත‍්‍රාවල් වලට දර්ශනය වන්නට දහවල් කාලයේදි පෘතුගිසින්ගේ කොඩිය එල්වා තබන්නටත් රාත‍්‍රියේ දි ගෑස් ලාම්පුවක් දල්වා තබන්නටත් මේ කොඩිගහ යොදාගත්තා.

 වානේ ලෝහයෙන් සකසා ඇති මෙය පහල සිට ඉහලට යත්ම සිහින් වන පරිදි ටෙලිස්කොපික් එරියල් ක‍්‍රමයටත් කොටස් හතරකට ගලවාදමන්නටත් හැකිවන අයුරින් නිර්මාණය කර තිබෙනවා. මෙහි බර ටොන් අටක් පමණ වන අතර අඩි 80ක් උසයි. 1946 අවුරුද්ද වෙනතෙක් මේ කොඩිගහේ ගෑස් ලාම්පු එළි දැල්වුනා කියලා කියනවා. 

කොළොම්පුරේ නැව්තොට අඳුනාගන්නට පෘතුගිසින් තමන්ගේ බලකොටුවේ මැද සවිකරපු අවුරුදු 500ක් පුරා එහි තිබුන මේ කොඩිගහ 1988 අවුරුද්දේ සැප්තැම්බර් 03 වෙනිදා වරාය අධිකාරියේ දොඹකර යොදාගෙන ගලවා දැම්මා. ඊට පස්සේ මේ කොඩිගහ බි‍්‍රස්ටල් විදියේ ෙටෙම්ස් පත්තර කන්තෝරුව අසළට ගෙනගොස් සවිකරලා තියේනවා.  තවත් ටික කාලයක් කොළඹ කොටුවේ බි‍්‍රස්ටල් විදියේ තිබුන මේ ඓතිහාසික ස්මාරක කුළුණ අලූත්කඬේ  නව උසාවි සංකීර්ණය පිහිටුවද්දි එතැනට අරන් ගිහිල්ලා සවිකලා කියනවා. මිහිඳු මාවත කෙළවර කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණ නව ගොඩනැගිල්ල ඉදිරිපිට වටරවුමේ අයිනකට වෙන්නට සවිකරලා තියෙන මේ කොඩිගහ කාගෙවත් ඇස ගැටෙන්නේ නැති තරම්.  

කොඩිගහයට  මම උපන්නේ 
නමගිය තැනකි රටේ
කොළඹය කියලයි කියන්නේ 
මුළු ලෝකය හතරවටේ
හැඩට වැඩට හරි සූරයෝ අපිත් කොළඹ කොල්ලෝ
හැඩට වැඩට හරි සූරයෝ අපිත් කොළඹ කොල්ලෝ

නිතරම හිත ගත යොදන්නේ 

රස තැන් හොයන්නටයි
කොනකුට කරදර නොදෙන්නේ 
අපි අන්තිම අහිංසකයි 
හැඩට වැඩට හරි සූරයෝ අපිත් කොළඹ කොල්ලෝ
හැඩට වැඩට හරි සූරයෝ අපිත් කොළඹ කොල්ලෝ

මෙහෙදි මුලදිම දකින්නේ 

හොද හොද විලාසිතා
තරුණියෝ නිතරම සිටින්නේ 
අප ගැන සිතා සිතා
හැඩට වැඩට හරි සූරයෝ අපිත් කොළඹ කොල්ලෝ
හැඩට වැඩට හරි සූරයෝ අපිත් කොළඹ කොල්ලෝ

කෑවට බිවුවට විනෝදෙන් 

සතුටින් නටා හැපී
අප සැම ඔබ සැම වගෙයිනේ
කොයි කවුරුත් එකයි අපි
හැඩට වැඩට හරි සූරයෝ අපිත් කොළඹ කොල්ලෝ
හැඩට වැඩට හරි සූරයෝ අපිත් කොළඹ කොල්ලෝ


අලුත්කඩේ පැත්තේ ගියාම කොඩිගහ බලාගන්න පුළුවන් වාගේම අළුත්කඩේ උසාවියෙන්ම මදනි ගහ ගත්තාම පුළුවනි අනෙක් ගහ බලන්න. එහෙම නැතිව  නම් කාටවත් ඒ ගහ බලන්න ලැබෙන්නේ නෑ. අනෙක් ගහ ගැන ලිපියක් ලියන්න නම් මට මදනි කෙනෙක් වෙන්න වෙනවා.  මදනි නොවි එල්ලූම් ගහ ගැන පොස්ට් එකක් දාන්න උත්සාහ කරන්නම්කෝ. මදනි කියන්නේ මරන දඬුවම නියමවුන කියන එකයි.  

31 comments:

  1. මගෙ යාලුවෙක් ඔය කිට්ටුව ඉන්නවා... ගිය වෙලාවක බලන්න ඕනි...

    ReplyDelete
  2. ඔය චණ්ඩි වැඩිහරියක් පාරෙම ඉපදිච්ච අය හින්ද ඔය කතාව බො‍රු වෙන්නත් බෑ.

    දැන්නං මදනි ගැහුවත් එල්ලුම් ගහ බලන්න ලේසි වෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමයි..
      මදනි ගහගෙන හරි ඊලග ගහ ගැනත් ලියන්නම්

      Delete
  3. What was removed in 1988 can't be the one the Portuguese put up. I don't think they had gas lamps in 1500s, also telescopic steel columns. It must be the flag pole put up by the British in the same place the Portuguese and thereafter the Dutch had their flag poles in the fort. There would have been a flag pole in the same place for 500 years but it wouldn't be the same one right through out that period

    ReplyDelete
    Replies
    1. Yes Pra,i'm totaly agree with you.There's no record about the materials Portuguese used to build the flag post.may be they used wooden post for it.

      Delete
  4. අනේ මට මේ විදියට යම් දෙයක් ගැන ලියන්න බැහැනේ... හොඳ විස්තරයක්... කියෙව්වා ඔන්න අසංග

    ReplyDelete
    Replies
    1. අරූගේ අඹ ගෙඩි රාජ්‍යය වාගේ සුරංගනා කතා ලියන්නත් බෑ.

      Delete
    2. ඒක මං ආයේ ලියන්න ගත්තා ඔන්න

      Delete
  5. නොදන්නා දෙයක් දැනගත්ත මචෝ. අපිනං ඉතිං අර පාලමෙන් අනිත් පැත්තෙ ඉපදුන ඇවුන් 😜

    ReplyDelete
    Replies
    1. පාලමෙන් එහා උන් තමයි කොළොම්පුරේ වැඩි හරියක් ඉන්නේ. ඇයි ගාල්ලේ සුප‍්‍රසිද්ධ පච ගහක් කියලා එකක් තිබුනා කියන්නේ. ඔන්න ටික්කාටත් අභියෝගයක් පුළුවන්නම් ලියපං මචෝ.

      Delete
  6. කොළඹට පාත්වෙච්ච ගන් කබරයින්ට කොළඹ ගැන දැනගන්න හොඳ ලිපියක් ගමෙන් කොළඹට ඇවිත් එහායින් බෝඩින් වෙලා /බින්න බැහැලා ඉන්නේවුන් තමයි උපන් පළාත ට ගිහිල්ලා කොළඹ කොඩිගහයට පාට් දන්නේ

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමයි මචෝ... කොළොම්පුරේ ඉන්නේ කොහොමත් පිට ගම්කාරයෝ. ඇත්තම ගම්කාරයෝ උන් ඉන්නේ ටිකයි උන් සද්දබද්ද නැතිව පාඩුවේ ඉන්නවා.

      Delete
  7. කොඩි ගහ යට කියල ඉස්සර ලංකාදීපෙ ලිපි පෙළක් ගිය, ඒකෙනුයි මමත් ඕක ගැන උනන්දු වුනෙ.. නියමයි

    ReplyDelete
  8. මෙච්චර කල් දැනන් හිටියෙ සින්දුව විතරයි බන්

    ReplyDelete
    Replies
    1. අළුත්කඩේ ඉන්නවුන් වත් මේ කොඩිගහ ගැන දන්නේ නැතිව ඇති.

      Delete
  9. ඇත්තටම කොඩි ගහේ කතාව මාත් දැන ගත්තෙ දැන්. ඒ එක්කම තවත් දෙයක් "කොළොම්පුරේ නැව්තොට අඳුනාගන්නට පෘතුගිසින් තමන්ගේ බලකොටුවේ මැද සවිකරපු අවුරුදු 500ක් පුරා එහි තිබුන මේ කොඩිගහ 1988 අවුරුද්දේ සැප්තැම්බර් 03 වෙනිදා වරාය අධිකාරියේ දොඹකර යොදාගෙන ගලවා දැම්මා. ඊට පස්සේ මේ කොඩිගහ බි‍්‍රස්ටල් විදියේ ෙටෙම්ස් පත්තර කන්තෝරුව අසළට ගෙනගොස් සවිකරලා තියේනවා. තවත් ටික කාලයක් කොළඹ කොටුවේ බි‍්‍රස්ටල් විදියේ තිබුන මේ ඓතිහාසික ස්මාරක කුළුණ අලූත්කඬේ නව උසාවි සංකීර්ණය පිහිටුවද්දි එතැනට අරන් ගිහිල්ලා සවිකලා කියනවා. මිහිඳු මාවත කෙළවර කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණ නව ගොඩනැගිල්ල ඉදිරිපිට වටරවුමේ අයිනකට වෙන්නට සවිකරලා තියෙන මේ කොඩිගහ කාගෙවත් ඇස ගැටෙන්නේ නැති තරම්". ඕන්න අපේ ඓතිහාසික වස්තු රැක ගන්නා හැටි ගැන ඉගෙන ගන්න තවත් වටනා උදාහරණයක්.

    ReplyDelete
    Replies
    1. විනාශවෙලා යනකම් බලාගෙන ඉන්නවා නැතිනම් කඩා බිද දමනවා. මේක අපේ හැටියක්ද මන්දා.

      Delete
  10. එහෙනම් කොඩි ගහටත් කතාවක් තියන හැඩයි. දන්නා දේවල් නොදන්නා ය සමග බෙදා ගත්තට බොහොම පින්
    විචාරක දියණිය

    ReplyDelete
  11. අයිය කොළඹද .. මාත් කොලඹ ... කොලඹ රාගම

    ReplyDelete
    Replies
    1. ඔහේ පලයන් උතුරු කොළඹ චන්ඩියෙක් නොවේද මේ ?

      Delete
    2. ඕක රාගම නෙමෙයි රා ...... + ගම !

      Delete
    3. භෞමිකඅන්ඩවාතේ ඉහලගිය ලුම්පන් හා පැසිසිස්ටිවාදින්ගේ විජාතික බලවේගවල අජිරාජ්ජවාදි කුමන්ත‍්‍රන නිසා දැන් රා.... ගම නෑලූ
      රා...... +ගම මොකද රා..... +ත්නපුර මොකද දෙකම රාාා නේ.

      Delete
  12. අසංග මහත්තයෝ මදනි වෙන්නම ඕන නෑ, අලුගෝසුවාගෙ ජොබ් එකට වේකන්සි එකක එනකං ඉඳල දාන්න තමයි තියෙන්නෙ ;)

    ReplyDelete
    Replies
    1. නිල වාහනයකුයි ලක්ෂ දෙක තුනක පඩියකුයි දෙනවා නම් මම අලුගෝසු වැඩේ කරන්න බාරගන්නවා. එත් මුං දෙන්නේ තුට්ටු දෙකේ පඩියක් නේ බං.ඒක නිසා වැඩට එන උන් දවස් දෙක තුනෙන් රස්සාව දාලා යනවා. එන උන් රස්සාව දලා යන්නේ නම කැත හින්දායි කියලා ජීවහරන කියලා අලුගෝසුවාගේ නමත් වෙනස් කරා.

      Delete
    2. අනේ එහෙම තියනවා නං මටත් කියපං තරහ නැතිව, අදම IT බාස් වැඩේ ඇත ඇරල මම යනවා වැලිකඩ, උඹටත් පුළුවන් අලුතෙන් හදාපු එකට යන්න :-D

      ඒ වගේම ඔය ජාතියෙ කොළ නැති ගහක් ජාතියෙ ගහක් දියවන්නාව ඉස්සරහත් තියන්න ඕන බං !

      Delete

අදහස් මෙතන නිදහස් කරන්න

ප්‍රචන්ඩ රළ මැද අනතුරක් - සයුරේ දසවසක්

දස වසරක මාගේ නාවික දිවියේ ලැබූ අත්දැකීම් හා සිදුවීම් බොහොමයි. ඒවා හොඳ හා නරක සම්මිශ්‍රණයක් වෙනවා. මෙතැන් පටන් ලියවෙන්නේ නාවිකයෙක්ගේ නාවික දි...