Wednesday, March 21, 2018

කාකිසුට් නරිනාටක


ඔන්න එකොමත් එක දවසක වැඩට යන්න කම්මැලි හිතුනා. එදා ඉතිං නිවාඩුවක් කාරිය දාලා ගෙදර ඉන්නැද්දි මගේ බොක්කක්වුනු  පාපමිත‍්‍ර ඥාතියෙත් ගෙදරට කඩා පාත්වුනා. මිනිහා නෑයෙක් වෙලා පාපමිත‍්‍රයෙක්වුනේ හිරයක් ගත්තාට පස්සේ. මේ බුවා හදිසියේ ගෙදරට කඩාවැටුනේ කොළඹ ගිහින් එන ගමන්ලු. පොරට අවුරුදු ගනනාවක් වාතවෙවි බලං හිටපු රට රස්සාව හරි ගිහිල්ලා විසා එකපාස්පෝට් එකේ ගහගෙන එන ගමන් කිව්වා. එතකොටත් වේලාව ඇති උදේ එකලොහ පහුවෙලා. මිනිහා මජ්ජසාරයා එක්ක මාර ඔරෝප්පුවක් තියෙන්නේ. අහුවෙන්නේ කොහේද කොතැනද කියලා බලන්නේ නැතිව මෑන් බලන්නේම මජ්ජසාරයාට ගහන්නයි.
"අයියේ ගහමුද"
"කාටද බං?"
"මජ්ජසාරට"
"මේ ගිනි දවල්?" 
"දවල්ද හවසද වැඩක් නෑ බං ගහමු" 
"මොනාද ගහන්නේ බං මේ ගිනි දවාලේ මජ්ජසාරට ගහන්න බෑ බං"
"මජ්ජසාර ඔනේ නෑ එහෙනම් සුලුදිය වඩනට ගහමු"
මජ්ජසාර කිව්වාම බොක්කත් ඉක්කා ගහන්න ගත්තා. මමත් ඔනේ වෙඩිං එකකට රෙඩිවෙන බුවා නිසා ඉක්මනට කුස්සියට දුවලා ගිහිල්ලා පැන්ටි‍්‍ර කබඩ්එකෙන් ගෙදර යන ගමන් රෙදි බෑග් එකට හිස් සුලුදියවඩන හතරක් දාගත්තේ ගෘහමුලිකයා දකින්නත් කලියෙන්. සුලුදිය වඩන එකට එක වැදිලා නගපු කන්කලු නාදේ ඇහුනාට තමන්ගේ ඥාතියා නිසා මුකුත් කියන්න බැරිනිසා උන්දැත් ඉතිං කරබාගත්තා නොවැ. ඔය අපේ ගෘහමුලිකයා හැමදේකටම බාල්දිය උදැල්ල දැම්මාට එයාගේ ඥාතිමිත‍්‍රාදියන්ගේ වැඩක් නම් නැසුනා කන් ඇතිව සිටිම මගෙත් ඉතිං වාසියට කරුණුකාරනා යෙදෙනවානේ.කොහේද යන්නේ කියලාවත් ඇහැව්වේ නෑ කියහල්ලාකෝ. බරස් ගාලා බුවාපල්සර් දඩුමොනරේ කරකවලා ගත්තා මාත් රෙදි මල්ල උරේ එල්ලාගෙන පිටිපස්සෙන් එල්ලුනේ නැතැයි. සුලුදිය වඩන හතර ආයෙමත් එකට වැදිලා ලාස්සන මිහිරි කන්කළු හඩක් පිටකලා.  මොනවාද මේ කියන්නේ ඒ සිත් පිනායන හඩ  අහන් ඉන්නත් ආස හිතෙනවා. දඩුමොනරේ පැන්නවා කෙලින්ම හන්දිය පැත්තට එතැනින් සීතල බේරෙන කූල්ම කූල්සුලුදිය වඩන හතරක් එහෙම අරන් ආයෙමත් පියෑබුවා. ඔන්න ඉතිං ගල්කිස්සේ සුපරි සුපර් මාරකැට්ටුව එක ලගින් දුමිරියපොල පාරට බයික් එක බුවා හැරව්වා.

"කොහොද බං මේ යන්නේ?"
"බිච් එකට "
"බිච් යන්නේ මොකටද අපේ ගෙදර යමං"
"පිස්සුද බං උබේ ගෙදර ගහන්න බෑ. "
"ඇයි වෙනදත් ගහන්නේ"
"වෙනදා වගේ නොවෙයි බං අද අපේ නැන්දා එහේ එන කතාවක් කිව්වා."
"ඉතිං මොකෝ?"
"බෑ බං ඔය ගෑණි හැම තැනම කියයි උඹයි මමයි දවලුත් ගැහැව්වා කියලා."
"එහෙනම් කොහේද යන්නේ?"
"යමුද බිච් එකට" 
"මේ දවාලේ කොහොමද බං බිච්එකේ ඉන්නේ?"
"පොඩ්ඩක් අව්ව තිබුනාට මොකෝ බං යමං බං"
"මේක බොන්න මොනාද බං ගන්නේ?"
"ගෙදරදවල්ට කන්න උයපුවා ඇති මොනවා හරි එක්ක බොමු."
"එවා ගන්න ආපහු යන්න බෑ බං ඔන්න ඔය කඩේකින් මොනවා හරි ගමු"

බුවා සුපිරි සුපර් මාර්කැට්ටුව ගාව බයිසිමොටෝව හිටෙව්වා. ඔය හිටෙව්වේ අලවංගුවකින් හාරලා පැල ඉන්නක් ඉන්දනවා වාගේ එහෙම නොවෙයි අර පැති ස්ටැන්ඩ් එක ගහලා. ඔය සුපිරි සුපර් මාරකැට්ටුවත් හරි ගල්කිස්ස හන්දියත් හරි පුකයි අම්බුඩේ වගෙයි තමයි. ඒ ගැන වචනයක් දෙකක් නොකිව්වොත් හරි නෑනේ. ඔය ඇම් සී කෙස්කැට් එන්න කලියෙන් තිබ්බ සුපිරි සුපර් මාරකැට්ටුවක් තමයි ඒක. ඒකාලේ සුපිරියටම තිබුනා. ඒ සන්දියේ ලලිත් ඇතුලත්මුදලි ලොක්කා තමයි රත්මලාන ආසනයේ පාරලිමෙන්තුවේ මන්ත‍්‍රි වෙළද වරාය හා ආරක්ෂක ඇමතිතුමා. දැන් නම් කිසිම දේසපාලුවෙක් නැතිව ආසනේම අනාතවෙලා ගිහිල්ලා තියෙන්නේ. ඉතිං උන්දෑගේ කාලේ තමයි මේ සුපර් මාරකට්ටුව හදලා විවෘත කලේ. ඒකාලේ මමත් පොඩි හිච්චි එකා වෙලත් මේ සුපර් මාරකට්ටුව විවෘත කරපු දවසේ ඒක බලන්න ගියා මතක තියේනවා. බලන්න එපැයි ඒකේ ලස්සන. මැද තිබුන පොන්ඩ්එකේ අඩියක් විතර විශාල කාෆ්ලා ටෙනිස් බෝල සයිස් ගොල්ඩ් ෆිස්ලා පිරිලා හිටියා. දැන් නම් කොලපාට පල්වෙච්චි වතුරේ සාරිගප්පිත් එක්ක ඉස්ගෙඩියෝ සහජිවනයෙන් ඉන්නවා දකිනකොට මාරම සංහිදියාවක් හිතට දැනෙනවා. ඇතුලේ තියෙන සතොසට ගොඩවෙලා  සිත් සතොසින් එන්න හිතෙන්නේ නැති තරමට ජරාවාස වෙලා ගිහිල්ලා. අසුහතේදි ජේ ආර් පප්පා රජිව් ගොයියා එක්ක සාම ගිවිසුම ගහද්දි ජාතිආලෙ ආතල් එකෙන් චූන් වෙච්චි අපේ මිනිස්සු එහා පැත්තේ පාක් කරලා තිබුන ගිනි නිවන රතේට මුලින්ම පත්තුකරලා පස්සේ සුපර් මාරකැට්ටුවටත් ගිනි තිබ්බා. ඊට පස්සෙත් කිහිප වතාවක් ගිනි ගැනිලිද ගිනිතිවිලිද මන්දා එහෙම උනත් තාමත් අලාභහානියක් නොවෙච්චි ගානට මාරකැට්ටු උන්දෑ හන්දිය මැද්දෑවේ විරාජමාන වෙලා ඉන්නවානේ බොලං.  

ඔං ඉතිං ඒ ලග කඩේකිං අනිකුත් අනුපාන අඩුමකුඩුම එහෙමත් අරගෙන පල්ලම් බැහැගෙන බිච් එකට ගොඩවුනානොවැ. ඔය ගල්කිස්සේ මහ හොටලේ ආසන්නයෙ තියෙනවා තව හෝටලයක් තට්ටු පහක් විතර උස ඇති. ඔ්කටත් අපේ ජාතිආලකාරයෙත් එක්ක තියෙනවා මාරම සහසම්බන්ධයක්.  අසුතුනේ කළු ජූලියේ නැත්නම් දෙමළ කොලාහලේදි අපේ ජාතිආලේ චූන් එක ඉහට ගැහුව ගොයියලා ඒකත් පුච්චලා දැම්මා.අසු අඅට අසුනමය අනුව භීෂන කාලේ ඔය හෝටලේ නවාතැන් අරන් හිටියේ හමුදාව. පස්සේ කාලෙක හමුදාව අයින්වෙලා ගියාට පස්සේ පිචැර් දෙකතුනක ගුටි ඇනගන්න  සීන් එහෙමත් ඔය හොටලේ ඇතුලේ අරගෙන තිබුනා. අලුත් පරම්පරවේ උන් දන්නේ නැතිවුනත් හොල්මන් ගුහාවක් වාගේ තියෙන මේ හොටල් රාජයා මුළු ගල්කිස්ස වෙරළ තිරයටතාමත් අර ජරා ගදගහන අතිතය මතක්කරනවා. ඔන්න එතැන ඒ හොටලේ ලග අපේ දඩුමොනරේ පාක් කෙරුවා. හෙල්මට් දෙකත් බයිසිකලේ හැඩල් එකේ එල්ලලා සුලුදිය වඩන මල්ලත් උරහිසේ එල්ලාගත්තු මම අපේ බුවා එක්ක රේල් පාර කොස් කරලා ගල්වැටියේ පැතැලිවෙච්චි ගලක් හොයාගෙන ඒක උඩින් ඈදිගත්තා. හුටා දැන් මොකෙන්ද සුලු දිය වඩන බෝතලේ කඩන්නෙ. මුඛයේ දන්ත කල්්‍යාණය කඩා ගන්නේ නැතිව බොහොම අමාරුවෙන් බොතල් දෙක ඇරගෙන කාරිය ඔන්න බුවත් මමත් වෙරිවේවා කියලා සුබ පතාගෙන සුළුදිය වඩන පානය කොරන්න පටන් ගත්තා. 

අඩුම කුඩුම  එහෙම මල්ලෙන් අරගෙන හප හපා අපි දෙන්නත් ඉතිං බර කයියක් එහෙම ගහන් ඉන්න අතරේදි අව්ව සැරට ඇස් නිලංකාර වෙලා කලන්තයක් කාරිය අල්ලාපු කෙල්ලන්ව වත්තන් කරගෙන කොල්ලෙක් දෙන්නෙක් අමාරුවෙන් අමාරුවෙන් රේල්පාර පැනලා ගල්වැටිය දිහාවට පියමං කරනා අන්දමත් ඇස්ගෙඩි දෙකටම මිටර්වුනා. අමාරුවෙන් යද්දි සිල්පරන්කොටයක පය ටැපලිලා දොක්කා උනොත් එහෙම උදව්කරන්න අපේ හිතේ තියෙන මනුස්සකමට බැලුමා මිසක් වල් කමට බැලුවානොවෙයි මේක කියවන උඹලා පල්ලා අනේ සත්තයි.ඔය අස්සේ ඔන්න තවත් කොල්ලෝ තුන් දෙනෙක් එහෙම අපිව පාස් කොරගෙන මහහොටලේ පැත්තට ගිහිල්ලා ගල්වැටියේ ගලක් උඩින් ඈදිගත්තා. උන් ඇවිල්ලා තිබුනෙත් සුළුදිය වඩන කෑන් දෙකතුනකට වගකියන්න විත්තිය අපේ මිටර් එකට වැටුනත් උඹලා උඹලාගේ වැඩේ කරපල්ලා අපි අපේ වැඩේ කරන්යන්නම් කියලා අපි අපේ වැඩේ කරගෙන ගියා. කොතැන ගියත් එරියල් වටේට රෙඩාර් එක දාගෙන ඉන්න මගේ හැටියක් නිසා වෙන්න ඇති මහ හොටලේ පැත්තේ ඉදන් රේල් පාර දිගේ කාකි සුට්කාරයෝ දෙන්නෙක් සිල්පරන් කොට ගනන් කරකර අපේ පැත්තට මංගජච්චනවා මගේ උකුසු නෙතට අහුවුනා. 

"මචං අර බලපං කොස්සෝ දෙන්නෙක් එනවා." 
ආ   මුං x@#%%%...... පුතාලා කොහෙන්ද එක පාරටම කඩාගෙන වැටුනේ  හංගපං බොතලේ හංගපං. "

මාත් බාගෙට බීපු බොතල් දෙක පෙරලෙන්නේ නැතිව සීරුවට බෑග් එකට ඔබාගත්තා. 
කොහොමත් ඔය කාකි සූට්කාරයොන්ට කොල්ලෝ කොල්ලෝ ලව් කරන කපල් එහෙම දැක්කාම දේශිය සභ්‍යත්වය සදාචාරයට අනාචාරය ටැපලිලා පැටලිලා යනවා.මුන්ට ඉතිං අරවාද මේවාද ඔක්කෝම විතරක් නොවෙයි ප‍්‍රසිද්ධියේ අනාචාරය යටතට වැටෙන නිති රීති එහෙමත් මතක් වෙන්නේ නයාට අදුකොල පෙන්නුවා වාගේ තමයි. ගලක් උඩ හිටිය කපල් එක දැක්කා ගමන් එතැනට පැන්න මුන් දෙන්නා කෙල්ලයි කොල්ලටයි මොනවාදෝ මන්දා  කිව්වා. පව් අව්වට දෑස් නිලංකාර වෙච්චි කෙල්ල කොල්ලටයි පොලව පලාගෙන යන්න හිතෙන තරමට ලැජ්ජා හිතිලාද කොහේද වාඩිවෙලා උන්නු ගල උඩින් නැගිටලා රේල්පාර දිගේ යන්න ගියා.ඊට පස්සේ ආවේ අරකොල්ලන් ලගට උන්ටත් මොනවාද කිව්වා. ඊට පස්සේ ? ඊට පස්සේ ඊලගට ඉන්නේ අපි බුවාලා දෙන්නා නේ.  ඔය දෙන්නා ආවේ අපි දෙන්නා ලගට කට කනට ඇදෙන හිනාවක් දාගෙන.අනේ හරිම අහිංසක කාකි සුුට් මහත්තුරු දෙන්නෙක් සිරියාවේ බෑ හිනා දැක්කාම. හක්කේ පනුවෝ කාලා පුරවාපු දතත් පෙනුනා. 

"උඹලා දන්නවානේ බිච්එකේ ගල්උඩ බොන්න බෑ කියලා. සල්ලි තියේනවා නම් කබානා එකකට හරි හොටෙල් එකකට ගිහිල්ලා බිපල්ලා. මෙතන බෑ. සල්ලි නැත්නම් මෙතනින් පලයල්ලා. අපි ආපහු එද්දි මෙතන ඉන්න බෑ."

කියපි. යකෝ මුං දෙන්නා කොහොමද දන්නේ අපි බිව්වා කියලා. උන් ඈත එනකොටමනේ බෝතල් හංගගත්තේ.   
මුංගේ අම්මා අත්තඅම්මා කිරි අම්මා ඔක්කෝම මතක් වෙන්නේ ඔය වෙලාවට තමයි. ඇයි යකෝ කබානා එකේ බිව්වාම බොන එකට ලයිසන් එනවාද? 
අර කොල්ලෝ තුන්දෙනාත් පස්සේ වැලි පිහිද පිහිද යන්න ගත්තා. 
"යමං එහෙනම්."
අපේබුවා කිව්වා. 
මමත් බෝතල් බෑග් එක සීරුවට අතට ගත්තා පෙරල ගන්නේ නැතිව. ආපහු ආවා අපේ දඩු මොනරේ ලගට දැන් මද පවනේ ඉන්න මගේ යකා හොදට ආරූඩවෙලා

"අපි මොකටද යන්නේ ඌ කිව්වේ බිච් එකේ බොන්න එපා කියලානේ දැන් ඉන්නේ පාරෙනේ  උන්ට ..%#@@.... කියලා මෙතන ඉතුරු ටික ගහලා යමු."
"නෑ බං යමු."
"පිස්සුද යකෝ දැන් මේ කඩපු බෝතල් දෙක කාණුවට හලන්නද? මගෙන් කුණුහරුප අහගන්නේ නැතිව  මෙතන ගහමු." 

ඔන්න ඒ පාර අර ..%^$$@##........ කාකි සුට්කාරයෝ දෙන්නාට මේ තුන්ලොකේම තියෙන අමුම අමු සිංහල සුද්ධ සිංහල ව්‍යාකරණ ටික මතුර මතුර ඔන්න අපි දෙන්නා දැන් බෝතලේ පාරේ ඉදන් ගහනවා. කාකීසුට්කාරයින් බයවෙච්චිපාර බාගෙට පානයකරපු සුළුදිය වඩන කෑන් ටිකත් මුහුදට බිලිදීලා ආපු අර කොල්ලෝ තුන් දෙනා අපි හිටපු තැනට ආවා. කාකීසුට්කාරයින්ගේ මෑණියන්ලාට පිංපෙත් පමුනවමින් පාරේ පේමන්ට් එකේ වාඩිවිලා සුළුදිය වඩන පානය කරනා අපි බුවාලා දැකපු උන් තුන්දෙනාගේ චිත්තප‍්‍රිතිය ඉහලංනැවිලා අපිත් එක්ක සෙට්වුනා කියහංකෝ. කොල්ලෝ ගාව ඉතුරුවෙලා තිබුනේ කඩපු නැති තව කෑන් දෙකක් විතරයි. උන් බයිට් වලට  ගෙනාපු  සමෝසා වලටත් වග කියලා බෝතල් දෙකත් ඉවරකරලා හිස් ඒවාත් ආපහු මල්ලට දාගත්තා. කොල්ලෝ තුන් දෙනාගේ  හිස්ටින් ටිකත් කාණුවට විසික් කලාද කොහේද. ඒඩිංගට මොටර්බයිසිකලයකින් මෙන්න බොලේ කාකිසුට් කාරයෙක් කොහෙන්ද කඩාපත්වුනානේ. මේකා අපිව දැක්ක ගමන් ගොමබෙට්ටක් දැකපු ගූකුරුමිණියෙක් වාගේ විදලා ආපි නැතැයි. මුගේ කට පඩික්කමක් වාගේ. විට මරුවෙක්. මු අපි ලගටම ඇවිත් බයිසිමොටොවෙන් බහින්නේ නැතිව 

"තමුසෙලා මෙතන මොකද කරන්නේ? මෙතන බොනවා නේද?"
 කියලා මේ පඩික්කමා අහපි.
කාකීසුට්කාරයින්ගේ මෑණියන් මතක් කර කර හිටපු මට තවත් ජුවල් නැග්ගා. 
"කවුද මෙතන බොන්නේ. අතේ බෝතලයක් වත් නෑ. ඇයි පේන්නේ මෙතන බොනවා වාගේද ? අපිට මෙතන කතාකරකර ඉන්න තහනමක් නෑනේ."
මම නෝකෙයාර් පිට කිව්වා.
අපේබුවාගේ දඩුමොනරේ දිහාත් එකේ එල්ලලා තිබුන මගේ කොලපාට රෙදි බෑග් එක දිහාට පඩික්කමාගේ කබර ඇහැ දැම්මා. 
"කාගෙද මේ බයික් එක? තමුසෙලාගේද?"
"නෑ අපේ නෙමෙයි. කාගේද දන්නේ නෑ."
"තමුසෙලා බීලා නේද?"
"ඔව් බිව්වා තමයි හැබැයි මෙතන නෙමෙයි. ඉන්ස්පෙක්ටර්ට ඒක ප‍්‍රශ්ණයක් නෑනේ. "

සුලු දියවඩන බොතල් දෙකක් ගිනි මද්දහනේ මද පවනේ ගසලා ඉන්න මට මේ කාකිසුට්කාරයා දිරෙව්වේම නෑ. මම නොකෙයාර් පිටම උත්තර දුන්නු නිසාම පඩික්කමා මට ඔරවලා බයිසිමොටෝ එක හරවාගෙන "තමුසෙලා මෙතන ඉන්නේ නැතිව යනවාලා"
 කියලා යන්න ගියා.
"මචං වැඩේ අල වෙන්නයි යන්නේ දැන් වත්  යමුනේද? "
"පිස්සුද බං දැන්ම යන්න අර පඩික්කමා මග හිටියොත් විනාසයි බීලා බයික් පැද්දා කියලා. පොඩ්ඩක් වෙලා ඉදලාම යමු. දැන් බොන්නේ නැති හින්දා අර බූරුවෝ දෙන්නාටත් කියන්න දෙයක් නෑ."

ඉතිං මචංලා අපි දෙන්නත් අලුතින් සෙට්වුනු කොල්ලෝ තුන්දෙනත් එක්ක ආපහු බිච් එකට ගියා. මමත් ඉතිං ඔය කාකිසුට්කාරයොන්ට අම්මමෝ නැතිව පස්පඩංගුවේ බැන බැන ගල්ගඩියක් උඩ වාඩිවෙලා පට්ට දාර කයියක් ගැහැව්වා. 
ඔන්න දැන් තමයි සීන් එකේ හොදම හරිය එන්නේ. අරමුලින් රේල්පාර දිගේ ගිය කාකිසුට් කාරයෝ දෙන්නා ආපහු රිවස් එකේ එනවා. එකෙක්ගේ පොඩ්ඩක් විතර කාකිසුට් උස්නේ ඉහට ගහලාතිබුනේ. මම හිතන්නේ මු ලගදි වෙන්නැති සුට් එක අදින්න ඇත්තේ. මෙන්න මු අපිව දැක්කා විතරයි මුගේ බලුසිංහ සෙයියාව ඉදිරියට දමං බුරාගෙන පැන්නා. 

"තමුසෙලාට මම කිව්වා නේද මෙතන බොන්න එපා කියලා."
"ඉතිං කවුද මෙතන බිව්වේ?"
"තමුසෙලා ඉස්සෙල්ලා බිව්වා නේ." 
"ඔව් ඉතිං එපා කිව්වාම නැවැත්තුවා දැන් මොකක්ද ප‍්‍රෂ්නේ?"
"නෑ තමුසේලාට කිව්වේ මෙතනින් යන්න කියලා." 
"ඇයි එහෙම යන්නේ. අපිට මේ ගලක් උඩ ඉන්න බැරිද?"
"තමුසෙලා බීලා ඉන්නේ බීලා ගල් උඩ ඉන්න බෑ."
"එහෙම කොහේද නිතියක්. අපිට බොන්න එපා කිව්වා අපි බොන එක නැවැත්තුවා." 
"නෑ තමුසෙලාට යන්නයි කිව්වේ." 
"එහෙම යන්නේ මොකටද?"
"අපි කිව්වේ තමුසෙලාට මෙතනින් යන්න කියලා. දැන් කියපු එක ඇහැව්වේ නෑ. දෙනවා තමුසෙලාගේ අයිඩෙන්ටි."
"මොකටද?"
"අපිට පරික්ෂා කරන්න ඔනේ." 
"එහෙම දෙන්න බෑ." 
"බැරිනම් වන් වන් නයින් එකට කොල් කරලා දාගෙන යනවා."

 ඔන්න අර කොල්ලෝ ටික බයවුනා. එකා දෙන්නා අයිඩෙන්ටි ටික දෙන්න ගත්තා. මගේ බුවා නිශ්ෂබ්ද විලියම් වාගේ පුල් සයිලන්ට්. එත් යාලුවනි මම අත හැරියාද ගේම. මේ මගේ වැයික්කිය නේ මම ගේම අතහැරියේ නෑ.අනික මේ ලොකු ටෝක් දෙන කාකි සුට්කාරයාගේ නොම්බරේ කොටලා තියෙන නොම්බර තහඩුවත් ගලවලායි හිටියේ. වේලාව කියන්නේ ෆොන් එක අරන් මුගේ පොටෝ එකක් ගහගන්න මතකවුනේම නෑ. 
"එහෙම කොහොමද අපිව කුදලන් යන්නේ.මේ මෙතන බිව්වේ නෑ හරිද අපි වාඩිවෙලා විතරයි හිටියේ." 
"නෑ තමුසේලාට අපි කිව්වානේ මෙතන ඉන්න එපා යන්න කියලා දැන් කියන දේ ඇහැව්වේ නෑ. යමු පොලිසියට". 
අරුන් තුන්දෙනා දැන් අඩන්න වාගේ. අහිංසක කොල්ලෝ ටිකක් මේ පැත්තේ ජොබ්වලට ඇවිල්ලා ඉන්න සෙට් එකක්. එකෙක් කළුතර පැත්තේ බයික් ගරාජ්එකක වැඩ කරන්නේ. ඌ කියනවා 
"අනේ  සර් මම වැඩිහරියක් පොලිසියේ බයික් නිකං හදලා දෙන්නේ. මාව යන්න අරින්න කියලා." 
දැන් මගේ ගේම තනියෙන්ම ඉල්ලගෙන ඉන්න කොට එක කාකිසුට් කාරයෙක් පොන් ගත්තා අතට. එකෙන් කාටදෝ කතා කලා. 
"සර් කොල්ලෝ ටිකක් බිච්එකේ බොද්දි යන්න කිව්වා මුන් යන්නේ නැතිව ඉදලා අල්ලාගත්තා"
  කිව්වා.


මෙන්න යකෝ දැන් ටිකට් එක ඇදෙන්නයි යන්නේ. ඔන්න ඒ වෙලාවේම මගේ ටිකිරි මොළේට මිටරවුනේ මුන් දෙන්නා එක්ක තවත් ගේම ඉල්ලුවොත් අනිවා දැන් කුඩුවේ දානවා 119 ගෙනවිල්ලා. අපිව කුඩුවේ දාන්න නිකං බෑ මොකක් හරි ගූ කේස් එකක් මාට්ටු නොකර. එහෙම කලොත් අනිවා මම අදිනවා හොද කේස් එකක් පොලිසියත් එක්ක.  මගේ මානව හිමිකම් කඩකලා කියලා නඩුවක් හරිදානවා. මුං දෙන්නාගේ වැඩ තහනම් හරි කරනවා. එත් ඒ මොන වැඩේ කරන්නත් ඉස්සරවෙලා අපිටනේ මුලිංම වැටෙන්නේ නඩු. යකෝ අපිව ලකප් කලොත් අර අපේ බුවා අවුරුදු ගානක් බලං හිටලා ලැබිච්ච රට රස්සාවට කෙලවෙනවා නේද කියලා මතක්වෙද්දි කුඩා මොලේ ඉදන් මුලු ඇගම හිරිවැටිලා ගියා.අපේ ඥාති බුවා මේ ලෝකේ තියෙන හැම නසරානි දහදුරා වැඩක් ගැනම මටත්වඩා හොදට දන්න එවායින් කප් ගහලා ගෞරව උපාධිගත්තු එකෙක් වුනාට ඌ ගෙදරට පෙන්නගෙන ඉන්නේ තාම ඇටෙන් පොත්තෙන් සිබිඩ්ඩෙන් එලියට පැනපු නැති කටේ කිරිසුවද හමන පොඩි එකා ලෙසට. ඌගේ කට ඉම්බොත් බල්ලන්ටත් වමනෙට එනවා. එන්නේ කිරිසුවද නොවෙයි සිකරට් මිශ‍්‍රවුනු අමු මජ්ජසාර ගද. අපිට බලුකුඩුවේ ලගින්න උනොත් සුවර් එකටම අහිංසක සාන්ත දාන්ත තින්ත කූඩු බුවාගේ දෙමව්පියන්ගෙන් අවුරුදු ගනනාවකට බැනුම් අහන්න වෙන්නේ මට තමයි කියලා අක්මාවට පොඩ්ඩක් ඉහලින් තියෙන මස්තීෂ්කේ රෙඩ් ලයිට් එක නිවි නිවි පත්තුවෙන්න අරන් අනතුරු අගවන්න ගත්තා.  පියවරදෙකක් ඉදිරියට තියන්න පියවරක් පස්සට ගත්තාට කමක් නෑ කියලා කියමනක්ද මොකක්ද තියේනවානේ. දැන්ඉතිං කරන්න තියෙන්නේ සේප් න්‍යාය කි‍්‍රයාත්මක කොරන එක. 

"හරි පොලිසියට බැරිනම් යන ඔනේම දිහාවකට යමු හැබැයි මෙයාවයි අනිත් අයවයි යවලා." 
"එහෙම කොහොමද? තමුසේලාව අරන් යන්න වෙනවා. "
"මෙයා දැන් මේ රට යන්න විසා අරන් එනගමන් මෙයාව යවන්න. මේ මල්ලිලාවත් යවන්න. මම එන්නම් පොලිසියට යන්න." 
"ඇයි දැන්ද තමුසෙට ඒක මතකවුනේ? තමුසෙගේ ලොකුටෝක් දැන් කෝ."

ඔන්න බොලේඒ ගමන අර පඩික්කමා ආයිමත් බයිසිමොටොවෙන් අපි හිටපු තැනට ආපහු ආවා.

"සර් මුන් ගල්උඩට වෙලා බොද්දි එක සැරයක් යන්න කිව්වා. මුං කොහේට හරි ගිහිල්ලා බිලා ආපහු ඇවිත්.යන්න කිව්වාට ගියේ නෑ. මුගේ තමයි කට වැඩි. අපිත් එක්ක තව කට ගහගෙනත් ආවා."

අම්මටහුඩු මුන් දෙන්නා සර් කියලා කතාකරලා තියෙන්නේ මේ පඩික්කමාටනේ. පඩික්කමා උගේ කබර ඇහැ කරකවලා මං දිහා බැලුවා.
"ආමෙයාද?........තමුසේද මෙතන චන්ඩියා? එහෙනම් මුං ටිකම අරන් එනවාකෝ."

කියලා මිනිහා බයිසිකලෙ හරවන් යන්න ගියා. පඩික්කමාට දාපු නෝකෙයාර් ලොකු ටොක් වලට ඇරියස් එකඩබල් සයිස් එකෙන්  ලග ලගම එන බවත් දැන් ඉතිං බේරුමක් වෙන්නේ නැතිබව මට තේරුනා. සිංහ ලෙවල් එක බලුගානට දාලා දැන් ඉතිං අර අඩන්න හදන කොල්ලෝ එක්ක පිංසෙන්ඩුවෙන්න වෙනවා. මේ කැ..... කාකිසුට් කාරයෝ ලග පීචං වෙනවාට වඩා හොදයි දෙහිවල වැල්ලේ මාලු කාරයෝ බොගදාපු තැනකින් මුදු වතුර බොනවා. එත් ඉතිං කොරන්න දෙයක් නෑ. කාකිසුට් කාරයෝ දෙන්නාත් මහාලොකු මිනිමැරුම් අපරාධකාරයෝ ටිකක් අල්ලාගත්තා විිදිහට අපිව අරන් යනවා. හොද වේලාවට දන්න කියන කවුරුත් ඒ පැත්තේ නොහිටියේ. අනික දවල්ට ඔය කියන හරියේ වැඩිය සෙනග නෑ. දැන් මුං දෙන්නා අපිව එක්කං ගියේ මහ හොටලේ ලග තියෙන මුංගේ මුරපොලකට. ඔය පැත්ත පලාතේ ඉදහිටලාවත් කරක් නොගහන මම එහෙමඑකක් එතන තියෙනවා දැක්කෙත් එදාමයි. 
"දැන් කරන දෙයක් කරන්න නම් ලොකු සර් එනකම් ඉන්න වෙනවා"
 කියලා අනික් කාකීසුට්එකා කිව්වා. දැන් ඉතිං සෙට් එකම මොනවාද කාපු රිලව් ටික වාගේ අපි අර මුරපොල ඇතුලේ ඉන්නවා. අනේ අපරාදේ කියලා වැඩක් නෑ මද පවනේ වැදිච්ච කික් එකක් හින් සීරුවේ බැහැලා ගියානේ. අපේ බුවා අහිංසක මුනක් හදාගෙන නොම්බර තහඩුව නැති උස්නකාරයා ලගටලංකොලා. අඩන්න වාගේ ඇස්ගෙඩි දෙකට කදුලු පුරෝගෙන කටත් රෙල්පීල්ල උඩ තියලා කෝච්චියට අහුවෙච්චි දෙකේ කාසියක් වාගේ අඹරාගෙන කුළුදුලේ ලැබෙන්න යන අතඋඩ තියෙන උගේ රට රස්සාවට කෙලවෙනවා කියලා අඩ අඩා කිව්වාම උස්ණකාරයාගේ හිත බවුත් එකට ලංකරපු ඊයම් කෑල්ලක්වාගේ උණුවෙලාගියා. ඒ ගමන තමුසේ යනවා කියලා අයිඩෙන්ටිය අතට දිලා අපේ මිනිහාව යන්න ඇරියේ නැතැයි. මේකා මං දිහා බලන්නේ වත් නැතිව හිමිහිට මාරුවුනා. තව ටික වේලාවක් ගතවෙනකොට එක කාකි සුට්කාරයෙක්ට කොල් එකක් ආවා.
 ඔන්න ඒ පාර මුං දෙන්නා කලබලවෙලා මුරපොලින් එලියට පැන්නේ  මහා අපරාදකාරයෝ ටිකක් අල්ලගන්න යන්නවගේ. 
"තමුසෙලා ටික මෙතනට වෙලා ඉන්නවා. මාරුවෙලා යන්න හදන්න එපා. අමතක කරන්න එපා තමුසෙලාගේ අයිඩෙන්ටිය තියෙන්නේ අපි ලග හරිද."

කියාගෙනයි. මම හිමිහිට මගේ ෆේන් එක අරගෙන මගේ අතිජාත හිතවතා වන චන්දන අයියාට කොල් එකක් අරගත්තා. බැස්ටියත් අන්තිම කට්ටේ තියෙන්නේ. සියළු විස්තරේ කෙටියෙන් කියලා මම කොහෝම හරි මෙතැනින් පැන ගන්නම් ඔයා අර ගිනිතියපු හෝටලේ ලග තියෙන බයිසිකලේ අරන් ගෙදර යන්න කියලා කිව්වා විතරයි ජංගමේ බැස්ටිය බැහැලා නිවිලා ගියා.තව විනාඩි පහලොවකින් විතර අර කාකීසුට්කාරයෝ තවත් කොල්ලෝ රංචුවක් අල්ලාගෙන ආවා. උන් සෙට් එකත් බිච්එකේ බිබි ඉන්නැද්දි තමයි මුන් අල්ලාගෙන තියෙන්නේ. ඔන්න ඒ පාර අර පඩික්කමාත් ආවා. බැලින්නම් අරකොල්ලන් රංචුවෙන් එකෙක් දෙන්නෙක් මේ පඩික්කමාව දන්නවා. පස්සේ අල්ලන් ආපු කොල්ලන් එක්ක චැටක් දාගෙන ඉදලා  ඌ අහනවාඅපේ සෙට් එකෙන් එකෙක් අඩුයි නේද කියලත්. අපේ බුවාට යන්න දුන්න අර උස්ණකාරයා තොත්ත බබා පාට් එකක් රගපාලා.
"ආ මිනිහාට පොඩ්ඩක් දොට්ට පිලට යන්න ඔනේ කිව්ව සර් ඒ නිසා ගිහිල්ලා එන්න යැව්වා "
කිව්වා. 
"එහෙනම් එකා මාරුවෙන්න ඇති. එකා එනකම් මෙයාව තියාගමු." 
පඩික්කමා කොහොමත් මාත් එක්ක තියෙන ඇරියස් එක අල්ලන්නයි යන්නේ. මං අහිසංක ලාමක ටිංටිං මුනක් පෙන්නුවා.
ඒ පාර පඩික්කමා එයාගේ සීට් එටකේ හරිබරි ගැහිලා වාඩිවෙලා ගල්කිස්ස උසාවියේ නඩුකාරයා සේ අපේ ගෙවල් දොරවල් පදිංචිය විස්තර අහන්න ගත්තා. මගේ වාරේ ඔන්න ආවා. 
"මම ...... පාරේ" 
"........ පාරේ කොහේද?"
"........ හිටපු අයිජීපීි ...... ගේ ගෙවල්තුනකට එහායින්."
"එතන කොහේද?"
"මගේ ගෙදරට අල්ලපුගෙදර තමයි ඩි අයි ජි ...... කුලියට ඉන්නේ."
 පඩික්කමාගේ ඇස් පොඩ්ඩක් විතර විසාලඋනා. 
"හා මෙයාලගේ ඇඩ්රස්  එහෙම ලියාගෙන යන්න දෙනවා. ආයෙමත් තමුසෙලා බිච්එකේ බොන්න එනවා එහෙම නොමෙයි ආයෙත් අහුවුනොත් කිසිම සමාවක් නෑ. දානවා උසාවි  හරිද?"

අර කාකිසුට්කාරයෝ අපේ ඇඩ්රස් බොරුවට නොට් පොතක උඩින් පල්ලෙන් සටහන් කරගෙන අයිඩි කාඩ් ටික ආපහු දුන්නා. මුන්ගේ දෙමව්පියන් මතක්කර කර අයිඩෙන්ටියත් ආපහු පර්ස් එකේ දමාගෙන අඩි කිහියක් යන්න හම්බුනේ නෑ මෙන්න අපේ බුවා සිකරට් එකක් උර උර පාර අයිනේ ඉන්නවා. 
"මෙතන මොනවද ...@##%%... කරන්නේ.?"
"අරු මට යන්න දුන්නාට උඹව කොහොමද මචං දාලා යන්නේ. මම උඹ එනකම් මෙතනට වෙලා හිටියා."

අපේ බුවා කිව්වා. ඔන්න ඒ පාර මගේ මිත‍්‍ර චන්දන අයියා තවත් යාළුවෙක්ව කාර් එකේ දාගෙන සීන් එකට එන්ටර් වෙන්නේ.  යාලුවාට අපේ බයික් එක අරගෙන එන්නයි පවරලා අපි දෙන්නාව  කාර් එකේ දමාගත් චන්දන අයියා ගෙදර ගෙනවිත් බැස්සුවේ මෙච්චර බොන්න තැන් තියෙද්දි බිච්එකේ බොන්න ගියේ ඇයි කියලා කින්ඩියක් දාන ගමන්. අදටත් ඉදහිට අපේ මිත‍්‍රයන්ට හොරෙන් බිච්එකේ බොන්න ගිහිල්ලා කාකීසුට්කාරයින්ගෙන් කාපු පරිප්පුව මතක්කරලා දස කින්ඩියක් මිශ‍්‍ර නොන්ඩිපාරක් මට දාන්නත් මගේ අතිජාත චන්දන අයියා සහ මිත‍්‍රයෝ දෙන්නා අමතක කරන්නේ නෑ. ඔන්න ඔහෝමයි  අපේ බිච්එකේ සුළුදිය වඩන පානය එපිසෝඩ් එකයි කාකිසුට් නරිනාටකයයි අවසන්වුනේ. 

ප.ලි
මේ කාකීසුට්කායින්ට බිච්එකේ ගල් වැටිය උඩ බොන විත්තිය ඔත්තු දෙන්නේ ඒ ලග ඉන්න කබානාකාරයෝ තමයි. කබානාවලට නැවිත් බිච් එකේ බොන්න පුලුවන් උනොත් උන්ට ලැබෙන ගතමන්ට් එක නැතිවෙනවා හින්දා කාකීසුට්කාරයින්ට සම්තිං එකක් අතමිට මොලවලා දුප්පත් අහිංසකයෝ ටික එලවලා දානවා. ඒකයි කාකිසුට්කාරයෝ් කියන්නේ සල්ලි තියෙන උන් ගිහිල්ලා කබානා අරන් බිපල්ලා කියලා. 

28 comments:

  1. මම මේක කලින් කියවල තියනවද උඔ බීපු වෙලාවක මා එක්ක කියුවද

    ReplyDelete
  2. ඔන්න බලපන් අපේ රටේ කොල්ලෙක්ට වාත නොවී බියර් එකක් බොන්න තැනක් නැති හැටි.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. සල්ලි තියේනවානම් කබානා එකක් හරි හෝටලයකට හරි ගිහිල්ලා බිපල්ලා. නැත්නම් පලයල්ලා.

      Delete
  3. මානම හිමිකං අමු අමුවේ උල්ලංගනය කිරිමක් නේද මේක.

    සුලුදියවඩන හැක්.. මරු නම ඒක.

    ReplyDelete
    Replies
    1. මානව හිමිකම් කඩවිම ගැන කතාකොරන්න වෙන්නේ බලුකුඩුවේ වැටිලා උසාවියෙන් ඇප අරන් එලියට ආවට පස්සෙනේ ලොක්කා.බඩුත් උන්ගේ නඩුත් උන්ගේ.

      Delete
  4. කැ% පොලිස් කාරයො

    ReplyDelete
  5. එක එක වෙලාවට එක එක අයට වෙනස්ව ඔය විදිහට පොලීසිය ක්‍රියා කරනවා. හැම තැනම හැම වෙලාවෙම හැමෝටම නෙමෙයි

    ReplyDelete
    Replies
    1. උස්තැන් දැක හැකිලෙන්නේ
      මිටිතැන් දැක පුප්පන්නේ
      නිවටුන් බව සිතමින්නේ
      මගේ පුතා නිදියන්නේ.
      -ටිබෙට් ජාතික එස් මහින්ද හිමි.

      Delete
  6. අවුලක් නෑ වගේ

    ReplyDelete
    Replies
    1. අවුලක් උනේ නෑ. තව කට ගහන් ගියානම් අවුල වෙන්නේ කාටද කියලා හිතා ගන්න බෑ.

      Delete
  7. නිල ඇඳුමක් ඇඳගත්තම තියෙන ඌෂ්ණෙ.

    ReplyDelete
    Replies
    1. අපෙන් වැඩක් කරවාගන්න දාන අහිංසක පාට් නෑ අපි පොලෝසියෙන් වැඩක් කර ගන්න එතැනට ගියාම. අදුරන්නේ නෑ.

      Delete
  8. පොන්න පොලිස්

    ReplyDelete
  9. බොහොම දුකයි වෙච්ච වැඩේට
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. දුකට වැඩිය මට නම් තියෙන්නේ ලොකු තරහක්

      Delete
  10. මේ සිද්ධියට මුහුණපාපු ඔබට නම් මෙය රසවත් සිදුවීමක් නොවුණත් මෙය කියවපු අපිට නම් දැනුනෙ මේක බොහොම රසවත් සිදුවීමක් විදිහටයි.

    ReplyDelete
    Replies
    1. එ් සිද්දියට මුහුනපාන වෙලාවෙදි ඇතිවුන හැගිම් කියාගන්න බෑ.නමුත් දැන් නම් එය හොද රසවත් අත්දැකීමක්.ස්තුතියි ඉරංග.

      Delete
  11. මදෑ ඔයින් බේරුනා:)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් කාකිසුට්කාරයෝ බේරැන එකම මදැයි :p

      Delete
  12. කාකි සුුට් දැම්ම ගමන් උන්ට ෙපාඩි රස්ණයක් ඒනවා

    ReplyDelete
  13. ඕකින් මහ වල් සත්තු බන් ඒත් බීච් එකේ බොන්න දෙන්නෙ නැති එකනම් හොදයි බන්..මොකද අපේ එවුන් බීලා බීඔඋ ඒවයි කාපු ඒවයි එතනම දාලා එනවනෙ සත්තු වගේ. එහෙම නොකරන එවුන් හිටියත් තෝරලා බේරලා කිරලා බලන්න බැරි නිසා. මොන මට්ටමකින් හරි බීච් එකේ බොන්න දෙන්නෙ නැති එක හොදයි බන්.කොහොම උනත් මාත් මාට්ටු වෙලා තියෙනවා කීප පාරක්ම ඕකුන්ට......

    ReplyDelete
    Replies
    1. මේ මාර්තු ඉදන් මැයි වෙනකම්ම මොකුත් නොදා මොන රෙද්දක්ද කියහන් කරන්නෙ

      Delete
  14. අර බස් ස්ටෑන්ඩ් එක තිබ්බ තැන පත සිද්ධාලේප බිල්ඩින් එකක් හැදුනෙ කොහොමද බං ? ගල්කිස්ස සුපර් මාර්කට් එක විවුර්ථ කරපු දවසේ ගියා නම් බොහෝ දුරට බොලා මට කලින් අපේ නැන්දම්මයි මායියවයි දකින්න ඇති :-D

    දැන් ගල්කිස්ස සුපර් මාර්කට් එක බොහොම ජරාජීර්ණ වෙලා හේනට අබලන්.

    කිව්වත් වගේ ලලිත් ඇතුලත්මුදලි නැති උනාට පස්සෙ තමයි රත්මලාන-ගල්කිස්සට කෙළ උනා කියන්නෙ. ප්‍රේමෙත් වලකජ්ජ ගැහුව CV ත් යන්නම ගියා ඉන් පස්සෙ සේරම ඉවරයි.

    හැබැයි වැඩක් නැති උනාට ඊයේ පෙරේදා බොලාට අර හිරුණිකා කෙලීව දෙන්න හදනකොට තොපි අපතයෝ ඔක්කොම එපා කිව්වනෙ. අන්න එදා ඒකිව මැම්බර් විදිහට අර ගත්ත නම් තොපිලව නොම්මර නැති ඩිෆෙන්ඩරයකින් උස්සන් යන්නෙ :-D

    හරිහමන් පඩියක් එක්ක හොඳ ට්‍රේනින්ග් එකක් නැතුව කවදාවත් කාකිකෝට්කාරයෝ හදන්න බෑ බං. මේ මජරයෝ ගැන පව් කියලත් හිතෙනවා වෙලාවකට, තමන්ගෙ පවුල නඩත්තු කරන්නනේ ඔය ඔක්කොම පක්කලිකන්.

    ඒත් ලොකු එකාට පශ්චාත් භාගය දෙමින් නැවෙන්නයි පොඩි එවුන්ට කරන තරමක් කුඩුකේඩු වැඩ නිසා බල්ල මාක් තමයි හැමදාම !!!

    ReplyDelete

අදහස් මෙතන නිදහස් කරන්න

නෞකා තට්ටුවේ ඇති යන්ත්රෝපකරණ වර්ග Deck Machineries

  නැවක ඇති තට්ටු යන්ත්‍ර මොනවාද?  Deck Machineries  තට්ටු යන්ත්රෝපකරණ යනු යාත්‍රාවේ නිරාවරණය වූ තට්ටුවේ - Exposed Deck සවිකර හැකි යන්ත්‍ර වේ...