Friday, January 27, 2023

සිරිබිරිස්ගේ ලංකාවතරණය හා Teepee Camp ගොඩබැස්ම සබැදි කතා


ඔන්න බොහොම කාලයක් වල් වැදී තිබුනු කොළොම්පුරේ බ්ලොග්  අඩවියේ  සුද්දබුද්ද කර යළි පනගන්වන්නට සිරිබිරිස්තුමාගේ ආගමනයත් හේතුබුතවුනා කියන්නට පුලුවනි.  සුමාන දෙකකට පෙරාතුව ඉරුදිනයක අපේ නිදි ලොක්කා කොළොම්පුරයා ඇමතුවා. එදා ඉගෙන නොගත්තු කොළොම්පුරයා දැන් ඉරිදාට පන්ති යන්න අරන් නොවැ. රස්සාවේ හා ගෙදර කප්පරක් වැඩ අස්සේ ඉගෙන ගැනිල්ලත් ලෝක අමාරුවැඩක් කියලා මේ වැඩකරපු උන්නැහැලා  දන්නවා ඇති නේ. දැන් දන්නවා නේ කොළොම්පුරේ අඩවිය වල්වැදුන හේතුව.  ඉතිං නිදි ලොක්කාගේ ආරාධනාව බොහෝම එක සිතින් එක පයින් බාරගත්තු මංතුමා 21 වන සෙනසුරාදා වරුවක නිවාඩුවක් දමා තට්ට මහතැන්ගේ හක්බෙල්ලාවක ටිපි කෑම්ප් යන්න ඇගිලි ගනින්න පටන්ගන්නයි හැදුවේ. දැන් දින ගනින වැඩේ නොකරන්නේ කන්ඩාගේ ලංකාගමනයේ බ්ලොග් සැදෑවට දින ගැනපු කොළොම්පුරයා අන්තිමේ අහක යන  පිහිපාරක් බාරගෙන කළුබොවිල ඉස්පිරිතාලේ ඇදක දපන්න උන හින්දා. සුමානයක් විතර ගෙවිලා ගිය අල්ලපනල්ලේ මේන්න ආපහු අපේ නිදි ලොක්කාගෙන් ඇුමතුමත් එනවා.


"අසංග අපේ ඩ්‍රැකි උන්නැහැට ඉලෙක්ෂොන් නාමයෝජනා ගන්න වැඩේ අන්තිම දිනේ වැටිලා තියෙන්නේ 21 හින්දා එන්නට බැරිලු. ඉරිදාට අපේ හමුව තියන්න පුලුවන්ද අහනවා."
 "මට පන්ති තියෙනවා නේ නිමල් අයියේ. හරි බලමු මොකක් හරි  කරගන්න පුලුවන්ද කියලා."
අන්තිමේදි  කොළොම්පුරයා තිරණය කලා ඩ්‍රැකියා හින්දා එදින තියෙන පංතිය කට්කරන්න. ඩ්‍රැකියාට තර්ජණාත්මක  දුරකතන ඇමතුමක්  දුන්නා.
" 22 ඉරිදා පංති කට්කරන්නේ බොට එන්න පුලුවන් වෙන්න හැබැයි පුතෝ උඹ නොආවොත් නුවරඑළියට ඇවිත් නිකං ලැබුනු පිහිපාර උඹට දීලා යනවා."
 බලන්න කොළොම්පුරයා වාගේ මැටිමොල් මොට්ටපාල තමන්ගේ පංතිය කට් කරන් සැට්වෙන ගමන් යන හැටි.
අන්තිමේ දි ගමන යෙදුන දිනයත් උදාවුනා. බොරලැස්ගමුව හංදියෙන් නමි කොලුවා ගන්න හිටියත් මිනිහා පොඩ්ඩක් වෙලාසනින් පමුනුව පාර ලගට ගිහිල්ලා. කොළොම්පුරයා පමුණුව පාරගාවට යද්දි නමි කොලුවා පමුනුවෙන් රෙදි ගන්න ආපු ලලනාවන් දිහා ඇහිපිය නොහෙලා අනිමිසලෝචනය කරනවා දැක්කා නොවැ. නැත්තම් මොන කොහෙල්මලකද මේකා නිකං යන්න තියෙද්දි බස් එකෙන් ගිහින් එතැන උන්නේ?
නමි කොලුවා එක්ක නිදි ලොක්කා කියපු වෙලාවට කලියෙන් එහෙට ගොඩවුනාට නිදි ලොක්කා හිටියේ බාත්රුම් එකේ සුපුරුදු නෑමේ යෙදිමින්. ටික වේලාවකින් ප්‍රාජේ උන්නැහේත් ඊට පස්සේ සිරිබිරිස්තුමාත් නිදිගේ නිවසට ගොඩඋනා. උදේ 6.45ට විතර සිරිබිරිස්තුමාගේ රථයෙන් මංතුමාත් නිදි ලොක්කා නමි කොලුවත් එක්ක ප්‍රාජේ උන්නැහැගේ රථයටත් ගොඩවෙලා පිටත්වුනා. යන අතරමගදි අපි වාගේ පුගලුන්ට සීතාවක බැරැණ්ඩි කෝවිල දැක බලාගන්නත් නිදිලොක්කා ඉඩකඩ සලසා දුන්නා. එහෙදි සීතාවක රාජධානිය ගැනත් විද්වත් කතිකාවතක් එහෙමත් එහිදි සිද්ධවුනා කිව්වොත් හරි. 
බැරැන්ඩි කෝවිලේදි


   උදේ 8.30 විතර වෙද්දි අපි සියල්ලෝම හක්බෙල්ලාවකට සේන්දුවෙනකොට තට්ට මහතැන් අපි එනකම් පාරදිහා දෑස් දල්වාගෙන බලාගෙන ඉන්නවා. ඉතිං ඕං අපි ආවා කියලා Kayak Pavilion  එකට ගොඩවුනාම දැක්කේ අපේ හිතාදර රවි ලොක්කාත් වෙලාසනින්ම එහෙට ගොඩබැහැලා විත්තිය. එකිනෙකාට ආචාර සමාචාර කරගෙන ඊළගට සුදානම් වුනේ තට්ට මහතැන් ගේ ජීප් රථයට සියලු බෑග්මලු ලටපට පටවාගෙන ටිපි කෑමප් වෙත ගමනේ යන්න. එත් ලොකු පරහකට උන්නේ නුවරඑළියේ ඉදන් එන නිපකෝ අලකොමසාරිස් ධුරන්දර ඩ්‍රැකියාගේ ප්‍රමාදයයි. එයා එනකම් කස්ටියව කැමරන් දියෙස්ගේ බාප්පාගේ දියෙස් හෝටලෙන් ලිපෙන් බාපු ගමන් හොට් හොට් උනු උනු ලැවරියා ස්ටිමරයක් ගෙනවිල්ලා ජිප් එක මතින් තැබිමයි. කට පිච්චිගෙන  ලැවරියා ගිල්ල අපිට ඊළගට ලැබුනේ කිතුල් හකුරු එක්ක ප්ලෙන්ටි. පහුවෙලා හැටන් බස් එකෙන් ආපු ඩ්‍රැකියාට ලැබුනේ හුලං තමයි.


කඩෙන් ගන්න තියෙන සියලු දෑ අරගන්න ඉඩහැරපු තට්ට මහතැන්
පරක්කුවෙලා ඇවිත් පනාව දාන අපුරුව...

ඔහුගේ ජීප් රියෙන් මහා ඇඩිවෙන්චර් ගමන යන්න ඇරඹුවා. ජීප් රියේ යකඩ පයිප්ප වලින් සෑදු බංකුවක හිදගෙන ගල්ගොඩවල් වලින් උඩින් ගමන් කිරිම තමයි සුපිරි යෑම. අන්තිමේදි පස්ස රොටියක් කරන් අපි තට්ට මහතාගේ ටිපි කෑම්පින් සයිට් එකට ආවා.
ටිපි කෑම්පින් සයිට් එක නම් සුපිරි පොට් එකක් තමයි. පැත්තකින් ගලායන සීතල දොළ පාරනම් අපුරුයි. මුලින්ම කලේ අපි ගෙනාපු බඩුමුට්ටු සියල්ල බාගෙන උදේට කන්න සැරසීමයි. කැමරන් දියෙස්ගේ ලැවරියා කඩෙන් ලැවරියා කාපු හින්දා ටිකක් විතර බඩගින්න අඩුවෙලා හිටියත් කට්ටිය හිටියේ තරමක හාමතින්.ඉක්මනින්ම ඉදියාප්ප ටික බඩට බස්ස ගන්නේ නැතිව කස්ටිය අල කිරි හොද්දේ අල ගැනත් කිරි හොද්දට උළුහාල් දැමිල්ල ගැනත් කන අතරේ සංවාදයකුත් ඇදගත්තා නොවැ.
පිඟන් සේදිල්ල



ඔන්න උදේ කෑමෙන් පස්සේ ඇරඹුනු ඊළග පියවර පටාන්ගත්තා. නෑ .... නෑ..... රහමෙර පානය නොවෙයි. හිතුවා නේද අපි බොන්න ගත්තා කියලා? අපි අපේ බ්ලොග් ගැන පොඩි සාකච්චාවක් ආරම්බ කළා කිව්වොත් නිවැරදියි. අතරමග නැවති තියෙන හා යළට මහට ලියවෙන බ්ලොග් වලට ආපහු ලියන්න කියා ඉල්ලීමකුත් කරන්නටත් ඒවාගේම අනෙක් බ්ලොග් වලට කොමෙන්ටුවකින් හෝ ප්‍රතිචාරයක් යවන්නටත් බ්ලොගාලා කට්ටිය කතාකරගත්තා. කොළොම්පුරයා නම්  බොග දමන්නෝ කියන නමට නම් එච්චර කැමැත්තක් නෑ. එකේ මහ ගද සීන් එකක් කොළොම්පුරයාට දැනෙනවා නෙව. එහෙම ගද ගහන චරිත මේ බ්ලොග් ලොවේ නැති හින්දා බොග දමන්නෝ කියලා ආමන්ත්‍රනය කරන්න එපා කියලා ඉල්ලන්නත් කැමතියි.  
  මේ අස්සේ නමි කොලුවා වැසිකිලියේ බටයක් කඩාගෙන හෙන ජරමරයක් කරගෙන ආපි. අන්තිමේදි වතුර සැපයුම නවතා දමන්නට සිද්දවුනේ ඒක රෙපයාර් කරන්නට බඩු එහේ නොතිබ්බ නිසයි.
ඊළග ජවනිකාව තමයි සංගිත දහවල හා මධුවිත සංග්‍රහය. රවි ලොක්කාගේ පොල්බටේ පාත් කිරිල්ලයි සුද්දගේ සයිස් එකයි තට්ට මහතැන් පත්තර ලොවේ දැවැන්ත චින්තන ජයසේන මහතා එක්ක ගුවන්විදුලියට ගිය හැටි අපූරු රසකතන්දරත් මිවිත එක්ක මුසුවෙලා ගියා.




ඒ අස්සේ කොළොම්පුරයා වැසිකිලි යන්න ගිහින් නමියා කඩපු බටෙන් හොද හැටි නාගෙන තමයි වැසිකිලියෙන් ආපහු එලියට එන්න පුලුවන් වුනේ.  



ටිකෙන් ටික වේලාව ගතවෙනවා බොගාලට දැනුනේ වත් නැති තරම්. දිවා ආහාරය ගැනිල්ල පසෙකට කල්දාලා සාදය තවදුරටත් ගෙනියන්නට තමයි සියල්ලන්ගේ අනුමැතිය ලැබුනේ.  රසවත් සංගිත සාජ්ජයෙන් පස්සේ කට්ටිය සීතල දොලේ බැහැලා රත්වුනු සරිරකූඩු ටිකත් නිවාගත්තා. අත්දෙක වනවනා ආපු ඩ්‍රැකියා රවි අයියාගේ කලිසම නයට ඉල්ලාගෙන තමයි වතුරට බැස්සේ. අපුරු සීතල වතුරෙන් එලියට එන්නත් කොළොම්පුරයාට හිත දුන්නේම නෑ කිව්වොත් හරි.
ඉතිං ටිපි කෑම්පින් සයිට් එකට සමුදෙන්න කාලයත් ආවට පස්සේ කට්ටිය බඩුමුට්ටු සියල්ල පටවාගෙන ආපහු අර ඇඩ්වෙන්චර් ජිප් රයිඩ් එකෙන් ආපහු කායක් පැවිලියන් එකට ආවා. එැතැනදී දිවා ආහාරය තට්ට මහතැන් සැපයුවා.  කෑමත් අපුරුවට සකසා තිබුනා. ඩ්‍රැකියානිගේ උදහසට ලක්වේවි කියා බියවුනු ප්‍රමාදවී ආපු ඩ්‍රැකියා ඉක්මණින්ම සමුගත්තා. අවසානයේදී සුපිරි දිනයක් ගතකරපු අපි සියල්ලෝ රවි ලොක්කා හා තට්ට මහතැන් හක්බෙල්ලාවක තනිකර දමා ආපහු මහරගමට පිටත්වුනා. බොරලැස්ගමුවෙන් නමි කොලුවා අතහැරපු කොළොම්පුරයා ගල්කිස්සට පිටත්වුනේ අපුරු දිනක් ගතකරන්නට ඉඩ සැලසු අයට හිතින් ස්තූති කර කර තමයි.

67 comments:

  1. 'රවි ලොක්කා හා තට්ට මහතැන් හක්බෙල්ලාවක තනිකර දමා'

    රවී ලොක්කාට ඇයි ඒ වගේ අසික්කිත වැඩක් කරේ.

    ReplyDelete
    Replies
    1. එතැන කිසිම අසික්කිත වැඩක් සිදුවුනේ නෑ. රවී ලොක්කා කැමැත්තෙන් එහේ නතරවුනේ එයාට එදින හවස පෙර යොදාගත් වැඩකට යෑමට තියෙන විත්තියක් පවසමින්.

      Delete
    2. //ඩ්‍රැකියා රවි අයියාගේ කලිසම// ඒ කියන්නේ රවියා කලිසම නැතිව හිටියද

      Delete
    3. Blog ලියන එවුන්ට නිදහසේ ඉන්න දීපල්ල. ඔය අජිත් ධර්ම නොහොත් ලපිපියා තමයි හොර නෙලුම් අල යායක් හදල blog ටිකට කෙලෙව්වෙ.

      Delete
    4. නෙලුම් යාය ලබ්බෙන් බ්ලොග් ටිකට කෙලවුනා කියන එක හරි .. නෙලුම් යායේ සම්මාන උළෙල වෙනකල් අපුරුවට ලිව්ව බ්ලොග් කාරයෝ බොහොමයක් බ්ලොග් හැරගියා නෙළුමට පින්සිද්ද වෙන්න... සමහර ජනප්‍රිය බ්ලොග් කාරයෝ කෙහෙල්මල් සම්මානෙත් එපා කිව්වා.....

      Delete
  2. ගුණයහපත් ක්‍රිස්තියානිකාරයෙක් වන අසංග මහත්තයා නං කොහේ ගියත් ආගමට ලැදි කියලා අපි දන්නවා.

    බේබදු කමට කටගොන්නක් බීගෙන හැසිරෙන්නේ නැහැ.

    ReplyDelete
  3. මෙම ගමනට අටම්පහුර ලක්මාල් ට ආරාධනා කරේ නැත්තේ ඇයි? ඔහු දිළින්දෙක් නිසාද

    ReplyDelete
    Replies
    1. දිළින්දෙක් හෝ පෝසතෙක් කියා කිසිවෙක්ම මෙහි වර්ග කරලා නෑ. අටමා නොහොත් ලක්මාල් අවිවාදයෙන්ම හොද මහත්මයෙක්. ඔහු විතරක් නොවේ බොහෝ බ්ලොග් ලියූ හා ලියන අය මෙහිදී මගහැරිලා. මෙය බ්ලොග් කරුවන්ගේ ගෙට්ටුගෙදර් එකක් නොවුනු නිසා වෙන්නැති. තෝරාගැනීම් මේක සංවිධානය කරපු ඇත්තන්ගේ කැමැත්ත වෙන්නැති..

      Delete
    2. කොහොමත් සමහර වෙලාවට ලොකු අයියලා උනත් හැලෙනවා උන් තැනකට ගිහිං පිළිවෙලට ඉන්න දන්නේ නැත්නම්!

      Delete
    3. # AnonymousJanuary 27, 2023 at 12:42 PM

      ආරාධනා ලැබුනත් මා මෙවැනි අයගේ හමුවීම් වලට යන්නේ නැහැ මිත්‍රයා.

      Delete
    4. සිතින් දිළින්දෝ භාග්‍යවන්තයෝ ය...

      Delete
  4. ඔව් අප්පා! දිළින්දන් එක්කගෙන ගිහින් පුළුවන්ද මේ වගේ තැන්වලට?

    ReplyDelete
    Replies
    1. මෙය බ්ලොග් කරුවන්ගේ ගෙට්ටුගෙදර් එකක් නොවුනු නිසා වෙන්නැති.

      Delete
  5. තව ටිකක් වෙලා දිය කෙලියෙ යෙදෙන්න තිව්නනං තමා... වටින්නෙ

    ReplyDelete
    Replies
    1. ඒක තමයි කවුද එකෙක් මාව වතුරෙන් ඇදලා ගොඩට ගත්තා නෙව. නැත්නම් තාම වතුරේ..

      Delete
  6. හදිස්සියෙනි සූදානම වරුවකට
    අපි එහෙ ගියේ නැහැ මීවිත සාදෙකට
    TeePee විවෘතලු එන අය පිළිගන්ට
    යන්නට කැමති අය ඒකට set වෙන්ට

    ReplyDelete
    Replies
    1. ඔබතුමා කතන්දරේ හා ඇනෝමහතුන්ට පිලිතුරත් කෙටියෙන් අපුරුවට කියා තියනෙනවා. ස්තූතියි.

      Delete
  7. එමිල් වලතරJanuary 27, 2023 at 3:36 PM

    තරමක් රසවත් ලිපියක් කියලා කියන්න පුළුවන්.

    ReplyDelete
  8. මං ඉතිං මේකට මොකුත් කියන්න යන්නෑ ඉඳගෙන.

    ReplyDelete
  9. මෙවැනි කල්ලිගැසීම් නිසා තමයි සිංහල බ්ලොග් වලපල්ලට ගියේ.

    ReplyDelete
    Replies
    1. ඔබතුමා කියන කල්ලි ගැසීම කුමක්දැයි පැහැදිලි කර දිය හැකි නම් ගොඩක් ස්තුතිවන්ත වෙනවා.
      කරුණාකර පහතින් Lotusට මා දී තිබෙන පිළිතුරත් කියවා බලනු මැනවි.

      Delete
    2. නිමල්, ඔයා ඔක්කොටම කලින් අනික් අයගේ බ්ලොග් වල අසැබ් කවි සහ කොමෙන්ට් දාන එක නවත්තන්න. ඒවා කරලා ඒ බ්ලොග්කරුවන් අපහසුතාවයට පත් කරලා ඔබ ලබන පහත් වින්දනය මොකක්ද?

      Delete
    3. මගෙ කෝපය දල්වාලීමටත්, මා ඇවිස්සීමටත් ආසාවක් ඇති කෙනෙකු මගෙ නමින් අසැබි කවි හා comment පළ කරන බව දුටුවා. එසේ කෙරුණු මුල් අවස්ථා කිහිපයකම මම එසේ නොකළ බව ඒ අදාළ තැන්වල පළ කළේ එහෙම දේවල් කරන්නට තරම් මා නිහීන නොවන බැවිනුත්, ඉතාම ශක්තිමත් කශේරුකාවක්- කොන්දක් මට තිබෙන බැවිනුත්. නමුත් පහත රුචිකත්වයක් ඇති නිසාදෝ ඒ anonymous නැවත නැවතත් ඉඳහිට හෝ එහෙම කරනවා.
      බ්ලොග්ස්වල පමණක් නොව වෙනයම් තැනෙක හෝ මා කිසි විටෙක නොනමින් පෙනී සිට නැති අතර, අසැබි කොමෙන්ට්ස් හෝ ප්‍රතිචාර පළකොට නැති බව යළිත් කියමි.
      නමුත් තමන්ගේ නම හෙළි කිරීමට දිරියක් හෝ ශක්තියක් හෝ නැති- අනුන්ට මඩ ගැසීමට රිසි, තාක්ෂනය දත් කෙනෙකුට එවන් අශික්ෂිත දේවල් කිරීම එතරම් දෙයක් නොවෙතියි දැනගත් බැවින්- දැන් එසේ නිවැරදි කිරීමවත් නොකරන්නෙමි.

      Delete
    4. නිමල්, එතකොට අපි කොහොමද දන්නේ මේ කොමෙන්ට් කරන්නෙත් නිමල්මද නැත්තම් ඔය නිමල් සදහන් කරන ඇනෝ ඔබගේ නමින්ද කියලා.

      Delete
    5. මම නොකරන දේ මම දන්නවා. දැන දැනම මගෙන් කාටවත් වරදක් නොකෙරෙන බවත් මම දන්නවා. නමුත් මගෙ හෘදසාක්ෂියට එකඟව දැඩි තීරණ ගැනීමත්, වැරැද්ද වැරැද්ද ලෙස දැකීමත් සමහරුන් නුරුස්සනවා.

      මාවත් මොකකට හෝ පටලවාගෙන අවමන් කරන්න කාට හෝ උවමනා බව මේ comments ටික පරීක්ෂාවෙන් කියවා බලන කෙනෙකුට වැටහේවි. (blog කරුවන් කිහිප දෙනෙකුටම අසැබි ලෙසින් එකම ඕලාරික comments එවන්නවුනුත් ඔබ සිටින බව blog අඩවිවල සැරිසරන්නෙක් නම් දැක ඇති.) කොහොම වෙතත් එකම දිනයක දෙතුන් වතාවක්ම (කාලය හා ශ්‍රමය වැය කරමින්) පැහැදිලි කිරීම් ඉල්ලා සිටින ඔබ හොඳ blog පාඨකයෙකු බව නම් මට පැහැදිලියි. ඒ ගැන ස්තුතියි!

      Delete
    6. 'කරුණාකර පහතින් Lotusට මා දී තිබෙන පිළිතුරත් කියවා බලනු මැනවි'

      ලෝටස් මහතාටත් සත්‍යය වැටහුණ බව නම් ඔහුගේ කොමෙන්ට් වලින් පෙනුනා. 'ලෙඩක්ම තමයි ' කියා ඔහු සටහන් කර ඇත්තේ ඒ නිසා නේද

      Delete
  10. මහත්තුරු හොදයි

    ReplyDelete
  11. තට්ටයා මහතා දාලා තිබුනු පෝස්ට් එකත් කියෙව්වා, නමුත් කමෙන්ට් එකක් දාන්න බැරි වුනා. මේ වගේ ටික දෙනෙක් ට්‍රිප්ස් ගියාම තමයි හොඳට එන්ජෝයි කරන්න පුලුවන්. දැන් මෙතන කෑම ගැන විස්තරේ කියලා නිදිත්, සිංදු ගැන විස්තරේ කියලා නමියත් පෝස්ට්ස් දැම්ම නම් ඔක්කොම හරි.

    නමියට වුනා වගේ මමත් කොහේ ගියත් ඇඟිල්ලක් හරි වැදිලා බඩු භාන්ඩ කඩා දාන එක්කෙනෙක්. ඊයෙත් කඩේකට ගියා විතරයි මගෙ බෑග් එක වැදිලා මග් එකක් බිමට පෙරලුනා.

    සිරිබිරිස්ට සිරිබිරිස් කියන නම ගැලපෙන්නෙ නෑනෙ. Captain Haddock වගේ එකක් දාගන්න තිබුනෙ.

    ReplyDelete
    Replies
    1. ගමන සංවිධානය කරද්දී මූලික අරමුණ වුණේ බ්ලොගර්ස්ලා කිහිප දෙනෙක් එකතුව නිදහසේ අල්ලාප-සල්ලාපයක යෙදීමයි.Teepee cam site එකට්ට යමුයි යෝජනා කළේ මමයි.
      ඒත් ඊට පස්සේ හිතුනා ගිහිං නැති තැනක් නිසා අපේ අරමුණට ගැලපේද කියලත්. ඒ නිසා අපේ නංගිලාත් එක්ක එහාට ගියා- බලා ගන්න. ඊට පස්සෙයි වැඩේ දියත් වුණේ.
      Lotus, අපේ දෙවෙනි අරමුණ වුණේ විනෝදාත්මක day outing එකක්. පළමු අරමුණට බාධාවක් නොවෙන විදිහට තුන්වෙනි අරමුණ ඇති කර ගත්තා. සුරාමේරය ඉතා අඩුවෙන්....
      පිරිස තෝරා ගත්තේ හඟුරන්කෙත ගල් බෝලය සෙවීමට ගිය සිරිබිරිස්, Pra Jay, රවී, මා ඇතුළු හතර දෙනෙක් කියන පදනමින්. කාර් දෙකක යන නිසා අටයි ගියේ. හිමිදිරියේ යාමට පහසුවෙන් එකතු කරගත හැකිවීම ගැනත් බැලුව.
      Pra Jay, සිරිබිරිස් උන්නැහේ දෙන්නා එයාලගේ කාර්වලින් අපිව එහාට එක්ක ගිය. තට්ටයා මහතා Teepee camp site එකයි, උදේ කෑමයි, දවල් කෑමයි සාධාරණ මිලකට ලබා දුන්නා. ගිය හැමෝම එකිනෙකා එකතුවී ඒ මුදල ගෙව්වා.
      සාර්ථක ගමනක් යැවුණේ එහෙමයි.
      Lotus මේ තරම් දිග උත්තරයක් ඔයාට දුන්නේ ප්‍රශ්නයක් හිතේ මතු වුණු නිසයි. ඔයා නිසා නෙවෙයි. Anonymous කෙනෙකු ඉහළින් කියා ඇති දෙයක් නිසාවෙන්. ඒ මහතාට අනුව නම් මෙවැනි 'කල්ලි ගැසීමක්' බ්ලොග්ස්වල පරිහානියට හේතු වෙනවා!
      ඒක හරි නම් කිසිම blog ලියන්නෙකුට සහෝදර බ්ලොගර්ස්ල ටික දෙනෙක් සමඟ හමුවීමට නොහැකියි. අඩුම තරමින් තිබෙන සම්පත්වලට අනුව- තම තමන්ගේ අරමුණුවලට ගැලපෙන පරිදිවත්.....

      Delete
    2. සිරිබිරිස් උන්නැහේ මං blog ලියන්න පටන් ගන්නත් කලින් ඒ අන්වර්ථ නාමය පාවිච්චි කරන්නේ. ඉතිං කොහොමෙයි නම මාරු කරන්නේ. උන්නැහේ අවුරුදු කීපෙකට කලින් ලංකාවට ආව වෙලාවක අපේ ගෙදර හොයාගෙන එනකල්ම මං උන්නැහෙව දැකලා තිබුණෙත් නැහැ. හැබැයි පසුව බලද්දී, එයා ඇසුරට ඉතා කදිම- ගවේෂණශීලී, දැනුම සොයා යන දැනුම් කෝෂ්ඨාගාරයක්... ඒ පැත්තෙන් බලද්දී (උන්නැහේම කියන පරිදි) අපි එකම ෆ්‍රීකුවන්සිය තියෙන අය!

      Delete
    3. නිමල් මම නම් කමෙන්ට් කරේ සාමාන්‍යයෙන් කමෙන්ට්ස් දාන කෙනෙක් විදිහට මිසක්, මට මේ බ්ලොග් ලියන අය කවුද, ඒගොල්ලො යන්නෙ කොහෙද, කරන්නෙ මොනවද කියලා දැනගන්න ඕනෙ කමක්වත්, අදාලත්වයක්වත් නෑ. මම අසංගගෙ පෝස්ට්ස් වලට කමෙන්ට්ස් කරන නිසා හා පෝස්ට් එක හිත ඇදගන්නා විදිහට ලියලා තියෙන නිසා මට හිතුනු දේ කියලා කමෙන්ට් එක දැම්මා. කාටවත් හිත රිදවන්නවත්, ප්‍රශ්න කරන්නවත් අරමුණක් තිබුනෙ නෑ. You don't have to explain anything to me, නිමල්. නමුත් කියලා තියෙන විදිහට වෙනත් අයට ඇති වුනු ප්‍රශ්නෙකට උත්තර දුන්නෙ කියලා මට තේරෙනවා.

      සිරිබිරිස් කියන නම ගැන කිව්වෙ නිකම් විහිලුවට. ඒ වගේම Captain Haddock චරිතය cute නිසා. කවුරුත් කිව්වා කියලා නම් වෙනස් කරන්න අවශ්‍යතාවයක් නෑනෙ.

      කොහොමත් මේ කමෙන්ට් නිසා මමත් හොඳ පාඩමක් ඉගෙන ගත්තා. ප්‍රශ්නකාරි තැන් වල නොගැවසී ඉඳීම තමයි හොඳ. බලාගෙන ගියාම ලංකාවෙ මිනිස්සුන් එක්ක in-person ගැවසුනත්, online ගැවසුනත් ලෙඩක් තමයි.

      Delete
    4. Lotus, මා නිසා හිත් රිදීමක් වුණා නම් ඉතාම කනගාටුයි. ඒ ගැන සමාවෙන්න.
      ඔයාට වෙලාව තිබෙයි නම් මේ තීරුවේ ඇති comments සියල්ලම කියවා බලන්න. සුළඟ හමන අත වටහා ගන්න පුළුවන්.

      Delete
  12. මට ලියන්න දෙයක් ඉතුරු වෙලා නෑ වගේ.
    පසුගිය මාස ගනනාවක කාලය Teepee the campsite එකෙන් ඈත්වී සිටීම නිසාම එය කැලෑවට ගිහින් තිබුනේ . ඒ හින්දාම මෙවර ඒ සඳහා වඩාත් පුළුල් මෙන්ම ආකර්ෂනාත්මක ප්‍රචාරණයක් ලබා දීම පසුගිය සති කිහිපය පුරාවටම කරගෙන ගියා. ඒ වත් පොත මත!
    ඒ ඇයි?
    මාගේ ජීවිත කාලය පුරාවටම මා උපයා සපයා ගත් සියළුම රුපියල් සත නැවතී ඇත්තේ එතැන බැවින්!
    කඳවුරුකරණය හා එවන් පරිසරය , ගහ කොල එක්ව ජීවත්වීම මාගේ ජීවිතයේ වඩාත්ම මා තෘප්තිමත් වන දේ බැවින්!!
    තවත් හේතු කාරණා ලියන්නට නම් බොහොමයි.

    අපගේ මෙම Teepee the campsite කඳවුර ලාභ ලබා හෝ නොලබා එහෙත් මුදල් ලබා කරගෙන යනු ලබන ව්‍යාපාරයක්. එයට ඕනෑම තරා තිරමක අයෙකුට පැමිණ මුදල්ගෙවා කාලය ගතකල හැකියි.
    එය ඇනෝලාටද විවෘථ ස්ථානයක්.
    කිසිවෙකු හෝ පැමිණීම ආයතනයක් ලෙස අපට කරණුයේ සේවයක්. උදව්වක්!

    බ්ලොග් ලෝකයේ කල්ලි ගැසීම් ගැන ලියා තිබුනා.
    බ්ලොග් ලෝකය වලපල්ලට ඇදදැමීමට කල්ලි ගැසීම් හේතු වූවානම් ඊට වගකිව යුත්තන් කවුරුන්දැයි ඔවුනට සොයා බැලිය හැකිය. මන්ද මේවන් පුද්ගලික හමු මීට පෙර ඕනෑ තරම් සිදුව ඇති බැවිනි.
    වලපල්ලට යෑම කෙසේ වෙතත්; රවි වීරසිංහ හැරුණාම අනෙක් සියළුදෙනා දැනටත් සක්‍රීයව තවමත් බ්ලොග් ලියන්නන් වේ. බ්ලොග් වලපල්ලට ඇද දැමීමට හේතුවන්නේ බ්ලොග් ලිවීම නතර කිරීමද; නො එසේනම් මෙවන් හමු පැවැත්වීමද යන්න විමසා බැලිය යුතු කාරණයකි!
    මීට පෙරද නිදිගේ නිවසේ මෙවන් පෞද්ගලික හමු පවත්වා ඇති අතර ඒ පිළිබඳව කිසිවෙකු මෙසේ ලියා නොතිබීම පුදුමයට කරුණකි!
    ඔවුන්ගේ මෙවර හමුවට මා ඇතුලත්වීමට ප්‍රධාන හේතුව ලෙස මා දකින්නේ Teepee the campsite බිමය.
    එය එසේ නොවුනා නම් ඒත් එච්චරය!
    කිසිවෙකු මේ පිළිබඳව දෝශාරෝපනයක් එල්ල කරණ්නේ නම් ඔහුට හෝ ඇයට තමාගේ අනන්‍යතාවය දක්වමින් කරණ්නේනම් එය වඩාත් වටිනාකමක් ලැබීමට හේතුවේ. ඇනෝ පැමිණ ලිවීම තුල; මතුකරණ්නාවූ කරුණ පිළිබඳවට වඩා පුද්ගලයා පිළිබඳව සැක සංකා මතුවේ.
    ඊටත් වඩා පුදුම සහගත කාරණාව වන්නේ ඒ ඇනෝ හට ගැටළුව වී ඇත්තේ "අටමා" මෙයට සහභාගී නොවීම පමණි!
    ඊට අටමා විසින්ම වඩාත් සාර්ථකවූත් ප්‍රයෝජනවත්වූත් පිළිතුරක් සපයා ඇත.
    ඒ ආරාධනාවක් ලැබුනද; ඔහු මෙවන් හමුවීම් වලට නොයනා බවය! එය ඉතා සාර්ථක පිළිතුරකි. එයින් ඇනෝලාගේ සැක සංකා මැකී යනු ඇත.
    මේ වෙලාවේ මට මතක් වෙන්නේ මාළු කෑලි දෙකේ කථාවය. එය කෙළවර වන්නේ "හරි ඉතිං උඹ ගත්තානං ගන්නේ පොඩි මාළු කෑල්ලනං; ඒක ඔය තියෙන්නේ කාපංකො මැරෙන්නෙ නැතිව" එම කථාවේ අවසාන වැකියයි.
    ඒ වාගේම මෙම හමුව සංවිධානය කල නිදීටත් වඩාත් පහසු නිදහසට කරුණක් සපායා ඇත!
    "ඒ බව දන්න නිසාමනේ ආරාධනා නොකලේ!" එම පිළිතුරයි.

    ReplyDelete
    Replies
    1. හේතුව නම් මා දන්නේ නෑ, තට්ටයා මහතාණෙනි. මීට පෙර අපේ ගෙදරදී පැවැත්වුණු හමු එකකටවත් ඔබ සහභාගී නොවුණේ ඇරයුම් නොලැබුණු බැවින්ද- පැමිණීමට නොහැකි බැවින්ද යන්නවත් අද වනතුරු මට ප්‍රශ්නයක් නොවිණි. එසේ වූයේ ඒ හැම විටෙකම සහභාගී වන්නන් සංඛ්‍යාව සීමා කර ගන්නට වුණු බැවින් බව නම් දනිමි.
      එසේ වී තිබියදී; ඔබත් මාත් අතර මිත්‍රත්වයට හෝ blog ලිවීමට එය කිසිම බාධාවක් නොවුණු බවත් අපි blog ලොව අභ්‍යුදය පතන රසිකයන්ට කියමු නේද.

      Delete
    2. නදී ට . . !

      "මැල්ලුමක් ඇත්නම් බතට හොඳය. එහෙත් බත් කන්නේ මැල්ලුමක් ඇති නිසා නොවේ" මිනිසුන් ඇසුරු කිරීමේදී හා වෙනත් ගනුදෙනු වලඩ්ජි මගේ තියරිය ඔය ආකාරයේය. කිසියම් තැනක බ්ලොග් ලියන අය එක්වන ස්ථානයකට මට ඇරයුමක් ලදොත් හොඳය. එහෙත් මම බ්ලොග් ලියන්නේ කිසිවෙකුගේහෝ සුහද හමුවක ඇරයුමක් අරභයා නොවේ.
      ඔබ මේ ගමන සඳහා මාගේ කඳවුරු බිම තෝරා ගත්තේ ඊට පෙර දිනෙක ඔබ මෙහි ඇවිත් ගිය හෙයින් ය. මීට පෙරදී ඔබගේ නිවසේ තිබුනු මෙවන් සුහද හමු සඳහා මාහට ඇරයුමක් නොලැබෙන්නටත් මෙම සුහද හමුව මාගේ ස්ථානයේ පවත්වන්නටත් හේතු වූ ප්‍රධාන කරුණ මා දකින්නේ ඔබ මෙහි පැමිණ අපගේ කඳවුරු බිම පිළිබඳව සෑහීමකට පත්වීම විය යුතුය!
      මීට පෙරදී පැවැත්වූ සුහද හමු සඳහා මා හට ආරාධනයක් නොලැබීම සිද්ධියක් විනා එය මා ගැට්ළුවක් කරගත්තේවත් ගන්නේවත් නැත! මන්ද මා ඔබව ඇසුරු කරණ්නෙත්, බ්ලොග් ලියන්නෙත් අන් අයගේ බ්ලොග් කියවන්නේත් සුහද හමු වෙනුවෙන් නොවන හෙයින් ය.
      ඔබ මාගේ මිතුරෙකුවීසිටීම අන් කරුණකි. නෙවිල් අයියාගේ සංගීත නාදයට මාගේ ඝෝෂාවද එකතු කිරීමට ලැබීම තවත් කරුණකි. (ඔබ නොවැ ළය පාලක )
      මා මතුකල කරුණ වන්නේ පැරණි සුහද හමුවල අප නොසිටීම කිසිම ඇනෝවෙකුට අවුලක් නොවූ අතර මෙම හමුවේ අටමා නොමැතිවීම මෙතරම් විශාල කාරණාවක් වී ඇත්තේ මන්දැයි කියාය.
      අනෙක් අතට හෙට දිනයේ ඔබත් අන් අයත් හමුවෙන සෑම ස්ථානයකම මා සිටිය යුතු යැයි මා සිතිය යුතුද?
      කෙසේ වෙතත් ඔබත් අන් අයත් බොහෝ කලක් යන තුරු හොඳ මිතුරන් වේවි මට!

      Delete
    3. තට්ටයා මහතා,

      'මෙම හමුවේ අටමා නොමැතිවීම මෙතරම් විශාල කාරණාවක් වී ඇත්තේ මන්දැයි කියාය.'

      අටමා තමයි ඔය කියනා අයටත් බ්ලොග් ලියනා විදිය ගැන, තාක්ෂණික කරුණු ගැන පැය ගණන් දුරකතන ඇමතුම් ලබා දී පවා කියා දුන්නේ. කිසිම ගුරු මුෂ්ටියක් නැතුව. අටම්ගේ බ්ලොග් අඩවියේ සහ සින්ඩියෙන් ලැබුණු ප්‍රචාරණය නිසා තමයි මේ අය බ්ලොග් ලියනා බව කියා හදුනාගෙන ඔය විදියට හමුවීම් පවා පවත්වන්නේ.

      දැන් ඔබ උනත් තට්ටයා මහතා, අප දන්නේ ඔබගේ බ්ලොග් අඩවිය නිසා. නැතිනම් ඔබ ගැන දන්නේ නැහැනේ. මුල අමතක කිරීම සුදුසු නැහැ.

      Delete
  13. කාණ්ඩයක් එකතු වෙලා රවුමට වාඩි වෙලා බෝතල් හිස් කරලා බලාපොරොත්තු වෙන්නේ විනෝදය. එම කතා බහේදී නොකර යුත්තේ එතැන නැති බ්ලොග්කරුවන් විවේචනය. එයයි සාර්ථක දිවියකට මග.

    ReplyDelete
  14. මේ කට්ටිය කවදාවත් නැතිව තට්ටකොලම ලියන මංජුව මේ හමුවීමට කැඳවා ගත්තේ රට ඉදං එනකොට මංජු බෝතල් ගෙන එන බව සිතා ඒවාට විදීම. ඊලග එක මංජු ගේ ලොජ් එක අඩුවට ලබා ගැනීම.

    හිත හොද මංජු එයට අසු උනා. දැන් ඔහුට සත්‍ය වැටහී තිබෙන බව සිතෙනවා

    ReplyDelete
    Replies
    1. මංජුල මහතා ගෙන් බෝතල් ලබාගත්තේ නැත.. ටීපී කෑම්ප් වලින් මුදල් ගෙවා සේවාව ලබාගත්තා පමණි.

      Delete
    2. Teepee camp site එක තෝරාගන්නට යෝජනා කළේ මං නිසයි මේ උත්තරය දෙන්නේ. මම කිසිම මත්පැනක් හෝ බීර වර්ගයක් හෝ නොබොන කෙනෙක්.

      Delete
  15. සිංහල බ්ලොග් වඩ වඩාත් සාර්ථක වේවා යන අපේක්ෂාවෙන් අපි බ්ලොග් කරුවන්ගේ සුහද හමුවක් ඉතා නිවැරදිව පවත්වමු. ඒකට මෙතෙක් සිංහලෙන් බ්ලොග් ලියූ සියලුම දෙනාට ආරාධනා කරලා, සහභාගිත්වය 100%ක් කරගමු. දැනට මම දකින වැඩිම බ්ලොග් ප්‍රමාණයක් අඩංගු සඳකඩපහණ සින්ඩිය යොදා ගමු.

    එතකොට අර ළාමක දුක්ගැනවිලි සංසිඳේවි.

    ReplyDelete
    Replies
    1. අපි වගේ කො.කා. ලටත් ආරාධනා කරහං ඉඳගෙන.

      Delete
    2. Praසන්ன,
      මං බොට එන්ඩ කිව්ව දෙපාරක්! පතෑං 🔦🦇😡

      Delete
    3. //එතකොට අර ළාමක දුක්ගැනවිලි සංසිඳේවි//
      මේ කපේදි නං වෙන්නෙ නෑ. ඕන්නං කොළඹ මැලියංගෙන් අහන්න. සුරුස්.......

      Delete
    4. හිතවත් ඩ්‍රැකී අතුළු පිරිසට.
      ශ්‍රී ලංකික බ්ලොග් ලියන්නන් එක් කරණ සුහද හමුවක් පැවැත්වීම සඳහා අවශ්‍ය සංවිධානය සඳහා අපගේ සින්ඩිය තෝරා ගැනීමට ඔබ කල යෝජනාවට අප ඔබ සැමට බෙහෙවින් ස්තූති වන්ත වන්නෙමු.

      මේ සඳහා අවශ්‍ය ප්‍රචාරණය අපගේ සින්ඩිය හරහා සහ (දැනටමත් පටන් ගෙන තිබුනත් ක්‍රියා කාරීත්වය පැත්තෙන් තරමක දුර්වල තත්වයක පවතින ) අපගේ වත් පොත් ගිනුම භාවිතා කිරීමට හැක.

      එසේම මේ ඔබලාගේ බ්ලොග් අඩවි තුලින් හා වත්පොත් ගිණුම් හරහා ඊට අවශ්‍ය සහය ලැබේවියැයි අප උදක්ම විශ්වාස කරණ්නෙමු.

      මෙසේම විශ්ව විද්‍යාල හා උසස් පෙල මාධ්‍ය විශයට සම්බන්ධ පිරිසගේ සහයද ලබා ගැනීමට හැකිවේ දැයි සොයා බැලිය හැක.

      එසේම මේ සඳහා දැනට ස්ක්‍රීයව බ්ලොග් ලියන්නන් කිහිප දෙනෙකු සහ ශ්‍රී ලංකික බ්ලොග් කරණයට සම්බන්ධ කුඩා කණ්ඩායමක අපට අවශ්‍ය බව අපට පෙනී ගොස් ඇත. මේ සඳහා ඔබලාගේ යෝජනා සහ ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්වන අවමය 5 දෙනෙකු සහ උපරිමය 10 ක්පමණ වන කණ්ඩායමක් අප සමග අත්වැල් බැඳගැනීම මේ අවස්ථාවේදී අප බලාපොරොත්තු වන්නෙමු.

      ප්‍රචාරණයේ මුල් පියවර ලෙස මෙම ලිවීම අපගේ සින්ඩියේ පෝස්ටුවක් ලෙස මේ මොහොතේම පල කරණු ලබන අතර; පෞද්ගලික මට්ටමින් එක් එක් බ්ලොගය සඳහා දැනුවත් කිරීම හෙටින් පටන් ගැනීමට අප කටයුතු කරණ ඇත.

      අපගේ සින්ඩිය තුල; දැනට බ්ලොග් 1250 ක් පමණ ගොනු කොට ඇති අතර දිනකට බ්ලොග් 50 ක් වෙත මෙම සුහද හමුව පිළිබඳ පණිවිඩය යැවීමට කටයුතු කරණ අතර දින 25ක් එසේ නැතිනම් පෙබෙරවාරි මාසය තුල සියළුම බ්ලොග් වෙත පණිවිඩය ලැබීමට හැකිවනු ඇත! මේ සඳහා කමෙන්ටුවක් ලෙස ලිවිය හැකිවන අතර පොරමය ........... එක ද ප්‍රයෝජනයට ගත හැකිවනු ඇත.

      මෙම පලමු දැනුවත් කිරීමේදී ඒ පිළිබඳ නියමිත දිනයක්, ස්ථානයක් හා සහභාගී වන සංඛ්‍යාව වැණි කරුණු පිළිබඳව සොයා බලා ගැනීමට උත්සාහ කරමු.

      එසේ නම් පලමුව අප කණ්ඩායම සමග එක්ව වැඩ කිරීමට කණ්ඩායමක් පත් කරණ මෙන් නැවතත් ඉල්ලා සිටිමි

      ශ්‍රී ලංකීය බ්ලොග් අවකාශය දිනේවා! බ්ලොග් හමුවට ජයවේවා!!!

      Delete
    5. ඉතාමත් හොද යෝජනාවක්.. මුලු හදවතින්ම සුබ පතනවා. මාගේ සහයෝගය සදකඩපහන සින්ඩියට ලබාදෙන්න සූදානම්...

      Delete
    6. මෙන්න මගෙත් බොක්ක!

      Delete
  16. මම හිතන්නේ සියලුම ඇනෝවරු එකග වෙයි අසංක මහතා නම් දූෂිතයෙක් නොවෙයි කියන වගට.

    එම නිසා ඉහත එල්ලවී ඇති චෝදනා වලට අසංක මහතා කිසිම අයුරකින් වරදකරුවෙක් නොවෙයි. ඔහු ඒවාට උත්තර දීම ද අනවශ්‍යයි.

    මංජු මහතාත් එසේම ඔහු හිත හොඳ අන් අයට උදව් පදව් කරන කෙනෙක්. ඔවුන් දෙදෙනා මෙම ගැටලුවෙන් අයින් කර තැබීම සුදුසුයි.

    ReplyDelete
  17. යස වැඩේ තොපිට..! තව වට කරං ගහන්න ඕනි ඇනෝල සෙට්ටෙක.. මාව හලලා ගියාට.. ;'(

    ReplyDelete
    Replies
    1. සෙට්ටෙකක් නෑ බං! ඔය අටමම තමයි ලියන්නේ! අපි නොදන්න චෙස්!?

      Delete
    2. හුකා.. එහෙමත් එකක්ද? හිටහං මාත් ඇනෝ එකක් ඇරගෙන එන්න.. :))))))))))

      Delete
    3. ඇනෝ ඇරන් ආවට අපී නැ බයවෙන්නේ... නෑ බයවෙන්නේ ... කවදා හරි හෙලිවෙන්නේ...
      එදාට කෙලවෙන්නේ... හයියෝ එදාට කෙලවෙන්නේ ....

      Delete
  18. මගේ සත දෙක: උඹලා මේ වගේ සොමියක් ගත්තට ඉරිසියයි. උඹලට පේන්න පවුලුෂා එක්ක බොන පාටි දානවා ලබන මාසේ ඉඳන්.
    ඒ වගේම සතුටුයි. මම නම් කියන්නේ හැකි හැම වෙලේම පොඩියට ටික දෙනා හෝ හමුවෙලා මේ වගේ සංවාදයේ යෙදෙන එක හොඳයි. බ්ලොග් වලින් හමුවුන හොනඩ් යාලුවෝ සෙට් එකක් ඉන්නවා.ඒ අය එක්ක කතා අක්රන්න කැමැත්තක් තිබෙනවා. බ්ලොග් හමුවක් පවත්වනවා නම් සප් එක දෙන්නම් සයිඩ් එකෙන්.

    ReplyDelete
    Replies
    1. ඉවානයා බොන්නේ නෑ නොවැ ...
      ඔබලාවාගේ ප්‍රවිනයන්ගේ සප් එක සයිඩ් එකෙන් නොව මේන් එකෙන්ම අවශ්‍ය වෙනවා...

      Delete
  19. හරිම අගනා සටහනක් . හොද අදහසක්. ඔබ කිහිප දෙනා ගමන පටන් අරගෙන තියෙන බව පේනවා.ගමනට සුබ පැතුම් .

    ReplyDelete
  20. ආයේ බ්ලොග් කරුවන්ගේ හමුවක් තියෙන අදහස නම් හොඳයි ..

    ReplyDelete
    Replies
    1. ඔහේ බ්ලොග් ලියනවද???

      Delete
  21. හිතවත් ඩ්‍රැකී, තට්ටයා, කොලොම්පුරේ, කමියා හා නිදි වෙත.

    ඔබ සමූහය විසින් පවත්වන්නට යෙදුනු බ්ලොග් හමුව සඳහා අවශ්‍ය ප්‍රචාරණය ලබාදීමට අපගේ සින්ඩිය මැදිහත් වූයේ මහත්වූ සතුටකින් සහ අපේක්ෂාවකින්ය.

    එහෙත් මේ වන විට කණ්ඩායම් දෙකක් විසින් සුහද හමු දෙකක් පවත්වන්නට උත්සාහ කරණ අයුරක් අපට පෙනී යයි. එය එක්තරා අයුරකින් සාධණීය තත්වයකි.

    කරුණාකර මෙම බ්ලොග් හමු පැවැත්වෙන දිනයන් හා ස්ථානයක් පිළිබඳව අපව දැණුවත් කරණ්නේ නම් එය අපට බ්ලොග් 1250ක් අතර බෙදා හැරිය හැක.

    ඒ පිළිබඳව කිසියම් එකඟතාවයක් ඇතිවූ විගස අපව දැනුවත් කරණ්න.

    මෙම උත්සව සඳහා අප මැදිහත්වන්නේ හුදෙක් ප්‍රචාරණයෙන් පමනි. එබැවින් එම උත්සව පැවැත්වෙන දිනයන් හෝ ආකාරය පිළිබඳව අප කණ්ඩායම වගකීමෙන් ඉවත්ව කටයුතු කරණ බවද සැලකිල්ලට ගන්නා මෙන් ඉල්ලා සිටිමි.

    බ්ලොග් හමු ද්විත්වයටම ජය වේවා!

    ReplyDelete
  22. මෙවා දැක්කම ආයෙත් ලංකාවට එන්න හිතෙනවා.

    ReplyDelete
  23. අර ජීප් එකේ හරිහමන් ෆොටෝ ටිකක් දාල නෑ එකෙක්වත්... තූ නොදෝකින් උඹලා....

    ReplyDelete

අදහස් මෙතන නිදහස් කරන්න

අරගලයේ මරගලය (ශනිදා දහයට III)

  අරගලයේ මරගලය දැන් ජිවත්වෙන්න අමාරු නේද? උද්ධමනය ඉහල ගිහිල්ලාලු.  මේ වෙනකොට මේ අවුරුද්දට  ලයිටි බිල් තුන්පාරක් වැඩිකරා. ජල බිල් ගෑස් වියදම ...