Thursday, June 10, 2021

හෝරස්ගේ දරුවා - විසිඑක් වන දිගහැරුම Son of Horus - 21



 දෙදිනකට පසු උදෑසන තේ පානය කරන අතරේදි පුවත්පත අතට ගත් නාරද සිරස්තල පමණක් උඩින්පල්ලෙන් කියවා දැමුවේ පසුව කියවීමේ අභිලාසයෙනි. 

“ස්ටැන්ලි වික්‍රමපාල ඝාතකයා පොලිස් වෙඩි පහරින් මරුට”

නාරදගේ දෑස් අදහාගන්නට නොපුළුවන් විය. ඔහු තවත් වරක් හොඳින් සිරස්තලය කියවා බැලුවේ තමාට වැරදීමක් වීද යන්නයි. හේ ඉක්මණින් කුමාරිට හඬගසා කතාකළේ පත්තරේ තිබූ වැඩි විස්තරේවත් නොකියවමින්ය. 

“කුමාරි මේ බලන්න.”

“ඇයි?”

“ඇයි කිය කිය ඉන්නේ නැතිව ඉක්මණට මෙහෙට එන්න.” 

ඈ යුහුසුලුව නාරද වෙත ආවේ කුහුලකින් යුතුවය.

“මේ බලන්න අද පත්තරේ.”

“මොකක්ද?”

“ස්ටැන්ලි වික්‍රමපාලගේ මිනිමරුවා පොලීසියෙන් අල්ලලා. ඉන්න මම විස්තරේ කියවන්න.”  

“කෝටිපති වෙන්දේසි ව්‍යාපාරික ස්ටැන්ලි වික්‍රමපාල මහතාගේ නිවස කොල්ලකෑමේ අරමුණින් ගොස් බඩු භාණ්ඩ කොල්ල කා ඔහුව ඝාතනයකර පලා ගිය අතුරුගිරියේ පස්දෙනාගේ කල්ලියේ නායක මංජු ගමගේ හා කපිල සුරේන්ද්‍ර යන දෙදෙනා පොලිස් අත් අඩංගුවෙන් මිදී පලායාමට තැත් කිරීමේදී මරුමුවට පත්වී ඇත. කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ විශේෂ ඒකකයෙන් අත්අඩංගුවට ගත් මේ දෙදෙනා විසින් කොල්ලකෑ භාණ්ඩ පෙන්වීමට ගිය අතරතුරේදි සඟවා තිබූ අත්බොම්බයකින් ගසා අත්අඩංගුවෙන් පලා යාමේදී මෙසේ වෙඩි පහරට ලක්වී ඇත. එහිදි ඇතිවූ කලබලයෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරින් දෙදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇත.”

“එහෙනම් අනෙක් මිනිහාත් අල්ලාගෙන තියෙනවා.”

“ඒත් නාරද ස්ටැන්ලිගෙන් අරගත්තු බඩු ඔක්කෝම පොලීසියට හොයාගන්න පුලුවන් වුනාද දන්නේ නැහැ.”

“මේ පත්තරේ තියෙන විස්තර අනුව නම් බඩු පෙන්නන්න ගිහිල්ලානේ වෙඩිකාලා තියෙන්නේ. එහෙම නම් බඩු තියෙන තැනකට හරි ගෙනියන්න ඇතිනේ.”

“බලන්න මෙච්චර දෙයක් වෙලත් එස් එස් පි ඔයාට මේක නිකමටවත් කිව්වේ නැති හැටි.”

කුමාරි තරමක නොරිස්සුමක් ඇතිව කීවාය.

“ඒක තමයි මමත් කල්පනා කළේ. සමහරවිට කවුද දන්නේ එයාටත් තුවාලවෙලාද කියලා? කෝකටත් මම මනෝජ්ට කෝල් කරලා බලන්නම්.”


 උදෑසන ආහාරයෙන් පසුව නාරද පොලිස් අධිකාරී මනෝජ් වෙත දුරකථන ඇමතුමක් ලබාදුන්නේය. 

“ආ ප්‍රොපෙසර් නාරද ගුඩ් මොර්නින්. අපිට ස්ටැන්ලිගේ මර්ඩරර් අහුවුණා. මට ඔයාට කියන්න වේලාවක් නැතිවුණා. මේ කලබල අස්සේ මොන කතාද? දකින්න ඇති නේද පත්තරේ?”

“ඔව් දැක්ක හැටියෙම තමයි මේ කතාකළේ.” 

“අල්ලගත්තු මිනිහා අපිට හොරකම් කරපු බඩු පෙන්නන්න කියලා ගිහින් හැන්ඩ් ග්‍රෙනේඩ් එකක් අරගෙන ගහන්න හැදුවා. ඒ එක්කම අනික් මිනිහා අපේ කොස්තාපල් කෙනෙක් ගාව තිබුනු තුවක්කුවක් අරගන්න පොර බදලා. අපේ එක්කෙනෙක් වෙඩි තිබ්බේ නැතිනම් ලොකු විනාශයක් වෙන්නයි තිබුනේ.”

මිස්ටර් මනෝජ්ත් තුවාලද?”

“නැහැ මම එතනට ගියේ ටිකක් පරක්කුවෙලා.”

“ඉතිං ඔය මිනිස්සු හංගපු බඩු අරගත්තාද?”

“අර ඔයාලා හොයන බඳුන විතරක් මංජුගේ ගෙදර තිබිලා හම්බ වුණා. අනෙක් බඩු වෙන කොහේ හරි හංගලා තියෙන්නේ. ඔය පස්දෙනාගේ කල්ලියේ දැනට ඉතුරුවෙලා ඉන්නේ එක මිනිහයි. ඒකා දන්නවා ඇති මේ ඉතිරි බඩු හංගලා තියෙන තැන.”

“අපිට අවශ්‍යය බඩුව ලැබුනානේ. දැන් හොයාගත්තු බඳුන තියෙන්නේ කොහෙද?”

“ඒක දැනට අපි ගාව තියෙනවා. ඉදිරියේදි නඩු භාණ්ඩයක් වශයෙන් උසාවියට ඉදිරිපත්කරන්න වෙයි.”

“මට ඔය බඳුන පරික්ෂා කරන්න පුලුවන්ද?”

“පුලුවන් ඇවිල්ලා බලන්න.”

“හොඳයි මම අදම පුලුවන් වුනොත් එන්නම්.”

“හොඳයි.”

     ඉක්මනින් දුරකථන ඇමතුමක් දී පියරත්න ඉස්කොලේ මහත්තයා ඇමතු නාරද පත්තරේ තිබුණු විස්තරේ ඔහුට ඇහෙන්නට කියැවීය. එසේම පොලිස් භාරයේ තිබෙන බඳුන පරීක්ෂා කරන්නට යන බව පවසා එය බැලීමට කැමතිනම් හැකි ඉක්මනින් කොළඹට පැමිණෙන ලෙස ඉල්ලා සිටියේය. එදින සවස දෙක වන විට දෙහිවල හන්දියෙන් බසයෙන් බැසගත් පියරත්න මහතා ඉක්මණින් ත්‍රී රෝද රියක නැඟි නාරද බණ්ඩාරගේ වෛද්‍ය පාරේ වූ නිවසට ළඟාවීය. එහෙත් ඔහුගේ පැමිණීම බලාපොරොත්තුවෙන් බලා සිටියේ කුමාරි පමණි. සවස් වරුවේ තිබූ දේශනයක් සදහා විශ්ව විද්‍යාලයට නාරද පිටත්ව ගියේ ඊට සුළු මොහොතකට කලිනි. ඉස්තෝප්පුවේ වේවැල් පුටුවක ඈදී ගත් ඔහු ඇද සිටි ජාතික ඇඳුමේ ඉදිරිපස බොත්තම් දෙක විවර කර කටින් පපු පෙදෙසට පිඹ ගත්තේ ඇඟ පිච්චීගෙන ආ දාහය නිසාය. සීතකළ පළතුරු යුෂ බීම වීදුරුවක් රැගෙන ආ කුමාරි, පියරත්න මහතා සමඟින් කතාවට වැටුනාය. 

“මිස්ටර් පියරත්නට කියන්න කිව්වා හෙට උදේට අර බඳුන බලන්න යන්න ලෑස්තිවෙන්න කියලා. අද එයාට නතරකරන්න බැරි ලෙක්චර් එකක් තියෙනවා. මේ දවස්වල ළමයින්ට විභාගෙත් ළඟයිනේ.”

“ගුරුවරු වශයෙන් කරන්න ඕනේ දරුවන්ට නියමිත විදිහට අධ්‍යාපනේ දෙන එක. දරුවන්ගේ අනාගතේ එක්ක සෙල්ලම් කරන්න හොඳ නෑ කුමාරි නෝනා.”

“මම මේක මිස්ටර් පියරත්නට කියනවාද කියලා හිත හිත තමයි හිටියේ.”

“ඇයි කුමාරි නෝනා මොකක්ද ප්‍රශ්නේ?”

“මගේ හිතට හරි නෑ මේ බඳුන හොයන්න යනවාට.”

“මට නෝනා කියන්නේ මොකක්ද කියලා තේරෙන්නේ නෑ.”

“මේකේ තියෙන ශාපේ නිසා දැනට කීදෙනෙක් පරලෝකේ ගියාද. තව ඉස්සරාහට ඔය ශාපේ කී දෙනෙක්ට බලපායිද කවුද දන්නේ. විහින් මැරෙන්න කාටද ඕනේ.”

“නාරද මහත්තයා කරුණු කාරණා දන්න මිනිහෙක් නිසා නිකන් විපත්තියේ වැටෙන්නේ නැහැ. කුමාරි නෝනා බය නැතිව ඉන්න.”

“අපිට නොපෙනෙන බලවේග එක්ක කරන කටයුතු හරි පරිස්සමෙන් කරන්න වෙන්නේ. අනික ශාපේ කතාව පොලීසියේ අය පිළිගනීවිද?”

“පිළිගන්න නොගන්න එක එයාලගේ වැඩක් අපිට තියෙන්නේ එක එයාලට පැහැදිලිකර දෙන්නනේ.”

“ඔයාලා ඔය වාර්තාව දුන්නානේ. දැන් කවුරු මළත් ශාපේ මැදට පනින්නේ නැතිව පැත්තකට වෙලා හිටියාම හරිනේ.”

“ඔහෙම පැත්තකට වෙලා නාරද මහත්තයා ඉදිය කියලා මම නම් හිතන්නේ නැහැ කුමාරි නෝනා . අනික අපිට පුලුවන්ද අහිංසක මිනිස්සු මැරෙනකං බලාගෙන ඉන්න?”

“ඒත් මිස්ටර් පියරත්න මට හරිම බයයි. මම කැමතියි ඔයාලා දැන්වත් ඔය වැඩෙන් අහක්වෙනවා නම්.”

ඇය දෑසට ඉනූ කඳුළු කම්මුල් දිගේ නිදහසේ ගලා යන්න හරිමින් කීවාය.

“කුමාරි නෝනාගේ බයත් සාධාරණයිනේ, හොඳයි මම නාරද මහත්තයාට නෝනා කී වගක් නොකියා කියලා බලන්නම්.”  

එසේ කී ඔහු බී අහවර කළ හිස් වීදුරුව කනප්පුව උඩින් තබා කුමාරි පිළියෙළ කර තිබූ ඉස්තෝප්පු කාමරයට නැඟිට ගියේය. සවස පහට පමණ දේශනය අවසන් කර නාරද නිවසට පැමිණියේ පියරත්න සමඟින් කතාකරගතයුතු කරුණක් සිතේ රුවාගෙනය. ඇඳුම් උනා සැහැල්ලු ඇඳුමකින් සැරසී ඉස්තෝප්පුවේ හිඳගත් ඔහු කතාවට මුල පිරීය.

“මිස්ටර් පියරත්න දැන් අපිට කරන්න තියෙන්නේ ඔය ගිලුණු නැව කොහේ ඉඳලා ආපූ එකක්දැයි හොයන්නයි.”

“මට හිතෙන්නේ නාරද මහත්තයා ඔයාගේ යුතුකම දැන් ඉෂ්ට කරලා ඉවරයි. ඔය ශාපේ ගැන අදාල බලධාරින්ට දන්වලා අහකට වෙන එක නේද හොඳ?”

“මට පේන්නේ මිස්ටර් පියරත්නත් එක්කෝ කුමාරිගේ බය කිරීමට අහුවෙලා හරි නැත්නම් එයාගේ පැත්තට හැරිලා වගේ.” 

“නැහැ එහෙම එකක් නැහැ. ඇත්තටම ඔය බඳුනේ ශාපයක් හරි අත්භූත බලපෑමක් හරි තියේනම් ඇයි අපි ඒකට බිලිවෙන්න යන්නේ.”

“ඒත් මිස්ටර් පියරත්න එහෙම කියලා අපිට පුලුවන්ද අර පියසෝම, උපනන්ද, ගුණසිරි, ස්ටැන්ලි වාගේ අහිංසකයෝ ඒ සාපේට බිලිවෙන්න ඉඩ ඇරලා බලාගෙන ඉන්ට? මටනම් එහෙම ඉන්ටත්  බැහැ මම ඒවාගේ වැඩ කරන්නෙත් නෑ.”

ඔහු කෝපයෙන් රතුවගිය මුහුණ කුමාරි දෙසට හරවා කීවේය.

“එහෙම නම් අපි ඔය විත්තිය පොලීසියට ඒත්තුගන්වමු.”

“ඔය මිනිස්සු ඒක නොපිළිගත්තොත්? ඔය බඳුනේ තියෙන ශාපය නැති කරන්න පුලුවන් නම්.”

“මමත් ඒක කල්පනා කළා මිස්ටර් පියරත්න. මට හිතෙන්නේ ඔය බඳුන අනෙක් තුන්දෙනා එක්ක ඒක තිබුණු සෙහොන් ගැබේ තියන්න ඕනේ කියලයි.”

“බඳුන් හතර තියෙන්නේ කැනෝපික් චෙස්ට් එකක් ඇතුලේ නේද?”

“හොරස්ගේ පුත්තු හතරදෙනා තැම්පත් කරලා තියෙන්නේ කැනොපික් චෙස්ට් එකක් ඇතුලේ. එහෙනම් මේක විතරක් ලංකාවට එන්න පුලුවන් කමක් නැහැ. සමහර විට මේ සාපේ බලපාන හේතුව වෙන්නේ මේ හතර දෙනාගේ වෙන්වීම වෙන්නත් පුලුවන් නේද?”

“එහෙනම් මේ අනෙක් පුත්තු තුන්දෙනයි චෙස්ට් එකයි ඇත්තේ පියසෝම හොයාගත්තු ගිලුණු නැවේ.”

“එහෙනම් මේ ගිලුණු නැව හොයන්න කිමිඳුම්කාරයන් දාන්න වෙයි.”

“එහෙම කිමිඳුම්කාරයන් දාන වැඩෙන් අපේ ආකියෝලජිකල් ඩිපාට්මන්ට් එකට විශේෂ වාසියකුත් වෙනවානේ.”

“ඒ මොකක්ද?”

“ඇයි ගිලුණු නැවෙන් ලැබෙන පුරාවස්තු.”

“අපිට ඒ ගමන්ම නැවේ නම හොයාගන්න පුලුවන් උනොත්?”

“ඒ මොකටද නාරද?”

“නම හොයාගත්තොත් නැව පිටත්වුනු වරාය. ඊළඟට යන්න තිබුනු වරාය. ඒකේ ගෙනිච්ච බඩු භාණ්ඩ

මොනවාද කියලා පැරණි වාර්තා වලින් හොයාගන්න පුලුවනි.”

“එහෙම නම් ඒ නැවේ නම මොකටද කිමිඳිලා හොයන්නේ ලංකාව ළගින් ගිහිල්ලා අතුරුදහන් වෙලා තියෙන නැව් ගැන පරණ රෙකෝඩ්ස් වලින් හොයාගන්න බැරිද?”

“ලෝකේ නැගෙනහිර පැත්තට හරි බටහිර පැත්තට හරි නැව් ගමන්කරන පෙරදිග අපරදිග නාවික ගමන් මාර්ගය වැටිලා තියෙන්නේ ලංකාවට පහළින් තමයි. ලංකාව පසු කරගෙන ගිහිල්ලා වෙන රටකදි අනතුරකට මුහුණ පාන්න සිදුවුනු නැව් කොච්චර ඇතිද? අතුරුදහන් වෙලා තියෙන නැව්වල නම් රෙකෝඩ්ස්වලින් එහෙම හොයන්න බැහැ.”

“ඒකනම් ඇත්ත නාරද මහත්තයෝ. ඔය රුවල් නැව් කුණාටුවලට අහුවෙලා තමන් ගිය මාර්ගයෙන් වෙනත් රටවල්වලට ගසාගෙන ගිහිල්ලා තියෙනවා. මතකද කිස්ටෝපර් කොලොම්බස්, ෆර්ඩිනන්ඩ් මැගලන් වගේ දේශගවේශකයන්ගේ රුවල් නැව් කුණාටුවලට අහුවෙලා තමයි වෙනින් රටවල් හොයාගත්තේ.”

“කොහොමද ගිලුණු නැවේ නමක් හොයාගන්නේ? දැනටමත් ඔය නැවේ කොටස් දිරාපත්වෙලා ඇති.”



“නැවක ඉස්සරහා ඇනිය ළඟ තියෙනවා තරමක් ලොකු සීනුවක්. මීදුම ඝන සැරේට තියෙන අවස්ථාවලදී පිටි පස්සේ ඉදන් නැව පදවන අයට ඉස්සරා පෙනෙන්නේ නැහැ. ඒ නිසා ඉදිරියෙන් තියෙන මාර්ගය සුරක්ෂිතද කියලා කියන්න නැවියන් යොදවලා තිබ්බා. එයලා මේ සීනුවෙන් මීදුමේ යාත්‍රා කරන නැව් වලට සංඥාවල් නිකුත් කරන්න, ඒ කියන්නේ Sound Signal  වලට භාවිතා කෙරුවා.”

“සීනුවකින් කොහොමද නාරද නැවේ නම හොයාගන්නේ?”

“සැම සීනුවකම නැවේ මුල් නම කොටලා තියෙනවා දැනට මේ සීනුවෙන් වැඩක් නැතිවුණත් සම්ප්‍රදායක් විදිහට සීනුවක් අදටත් නැව්වල එල්ලලා තියෙනවා.”

“මටත් මතකයි ඔය වාගේ නම කොටපු සීනුවක් ගාල්ල වරාය ළඟ ගිලුණු නැවකින් ගොඩට ගෙනාවා.” 

“ඔව් ඒ එක්දාස් නමසිය අනුතුනේදි බටහිර ඔස්ටේ්‍රලියානු මුහුදු කෞතුකාගාරයෙන් (Western Australian Maritime museum) ඇවිල්ලා කරපු ගවේෂණයකින් ගාලු වරාය ඇතුලේ එක්දාස් හයසිය හැටඑකේ ගිලුණු හර්කියුලීස් නැව සොයාගත්තා. එකේ තිබිලා තමයි ලෝකඩ සීනුවක් හොයාගත්තේ. ඒ සීනුවේ AMOR VINCIT OMNIA ANNO 1625 (love conquers all, year 1625)   කොටලා තියෙනවා.”

 Bell of Hercules 1661 


“හරි දැන් නැවේ නම හොයාගත්තා කියමුකෝ ඊට පස්සේ?”

“අපිට පුලුවනි ඒක කොහේ ඉදලා කොහේටද ගිය එකක්ද, ගෙනිච්ච බඩු මොනවාද කියලා දැනගන්න. ඒකෙන්ම අපිට ඉතිහාසේ එක් කාල පරිච්ඡෙදයක් අනාවරණය කරගන්න පුලුවන් වෙනවානේ.”

“කවුද දන්නේ ඔය මුහුදු කොල්ලකාරයින්ගේ නායක ජැක් ස්පැරෝස්ගේ නැවද කියලා.”

“එයා පෙරදිග පැත්තට ඒ කියන්නේ ආසියාව පැත්තට යාත්‍රා කරපු බවක් නම් ඉතිහාසේ ලියවිලා නැහැ. ජැක් ස්පැරෝස් ඉදලා තියෙන්නේ කැරබියන් දුපත් පැත්තේ.”

“දැන් ඔයාලා ඔය කැනොපික් චෙස්ට් එකත් එක්ක අනෙක් බඳුන් තුනත් හොයාගත්තා කියමුකෝ එතකොට මේ ශාපේ නැතිවෙයිද? හොයාගන්න බැරිවුනොත් ඔය බඳුනට මොකක්ද කරන්නේ?”

“අනේ කුමාරි ඇයි ඔයා ඔය බඳුනට ඔය තරම් බය?”

“බය තමයි. දැක්කේ නැද්ද ටුටන්කාමුන් සොහොන් ගැබට ඇතුල්වුනු අයට වෙච්චදේ. මම ඒ දේ ඔයාටවත් තව කෙනෙකුටවත් වෙනවාට කැමති නැහැ.”

“නාරද පියරත්න දෙස බැරෑරුම් බැල්මක් හෙලීය.” 

“කුමාරි නෝනාගේ කතාව ඇත්ත තමයි. ඔය බඳුන තියාගන්න වෙන විදිහක් බලන්න වෙනවා නේද?”

“එහෙම නම් එක ආපහු තිබුනු තැනටම යවන්න වෙනවා.”

“කොහේටද? ඊජිප්තුවටද?”

“ඊජිප්තුවට නැත්නම් ආපහු මුහුදට.”


     පසුදින උදේ දහයට පමණ බඳුන පරික්ෂා කිරීම සදහා අපරාද විමර්ශන කොට්ඨාසයේ අධිකාරි මනෝජ් හමුවීමට නාරද සමඟින් පියරත්න මහතා ගිය ගමනට කුමාරිත් එක්වීය.

“ආ ප්‍රොපෙසර් නාරද ආපූ එක හොඳයි, තව ටිකකින් අපේ පොලිස්පතිතුමා මේ බඳුන බලන්න එන්න පුලුවනි. එතුමා ඔයාගේ වාර්තාව කියවලා හමුවෙන්නත් අවශ්‍යයි කියලාත් තිබුනා.”

“ඒක හොඳයි මටත් එතුමාව හමුවෙන්න අවශ්‍යය වෙලයි තිබුනේ.”

“ප්‍රොපෙසර් මේ මහත්තයා කවුද කියලා කිව්වේ නැහැනේ.”

“මට අමතකවුණා මේ ඉන්නේ පියරත්න මහත්තයා, ගාලු පුරාවිද්‍යා හා සංස්කෘතික උරුමයන් සුරැකිමේ සංවිධානයේ සභාපති වගේම හිටපු විදුහල්පති කෙනෙක්. මේ බඳුන මුලින්ම හොයාගත් කෙනා මට හොයාගන්න උදව් උපකාර කළේ මේ මහත්තයා තමයි.”

“අඳුනගන්න ලැබුනාට සතුටුයි. මම දැනන් හිටියේ නෑනේ ප්‍රොපෙසර් නාරදට හොඳ සහායකයෙක් මේ වැඩේට ලැබිලා තිබුනා කියලා.”

“දැන් අර මංකොල්ල කාපූ බඩු ලැබුනාද?”

“නැහැ. මේ කණ්ඩායමේ දැනට ඉතුරුවෙලා ඉන්නේ එක්කෙනයි. මිනිහත් අතුරුදහන් වෙලා ඉන්නේ . අපි විශ්වාස කරනවා මිනිහා ජීවතුන් අතර ඉදිවි කියලා.”

“එතකොට අනිත් ඔක්කෝම මැරිලාද?”

“ඔව් ප්‍රොපෙසර්ගේ ශාපේ කතාව නම් දැන් මටත් හරියි කියලා හිතෙනවා. මේ කණ්ඩායමේ මංජු කියන හාදයා තමයි ඔය බඳුන තියාගෙන තියෙන්නේ. මිනිහාගේ අතින් තමයි රංග නිශාන්තයි චුට්ටා නොහොත් ගයාන් ප්‍රේමලාල්වයි මරලා තියෙන්නේ. තවම අපිට චුට්ටාගේ බොඩි එක ගොඩ ගන්න බැරිවුනා. මංජුයි කපිල කියන අනිත් හාදයයි තමයි අපේ වෙඩි ප්‍රහාරයෙන් මැරුනේ.” 

“ඒ කියන්නේ හොරු හතරදෙනෙක්ම මැරුනා. අයි ජි පි එන්නත් පුලුවනි, ඊට කලියෙන් මේ බඳුන පරික්ෂා කරන්න ගියොත් හොඳයි වාගේ.”

“එහෙනම් ඔයාලා ගිහිල්ලා පරික්ෂාකරන්න. එස් අයි කරුණාපාල මේ මහත්තුරු එක්කගෙන ගිහිල්ලා අර බඳුන පෙන්නලා එයාලට අවශ්‍යය කරන කටයුතු කරගන්න උදව් කරන්න.”

“එහෙනම් යමු.”


     එස් අයි කරුණාපාල ඔවුන්ව එහිවූ විශේෂිත ඇතුල් කාමරයක් වෙත රැගෙන ගියේය. කාමරයේ අගුල්ලා තිබුනු දොරහැර ඇතුල්වුනු ඔවුනට මේසයක් මත තැබූ ලී පෙට්ටියක් දකින්නට ලැබිණ. කරුණාපාල එම පෙට්ටිය විවර කළ අතර නාරද තම කලිසම් සාක්කුවෙන් ගත් තුනි රබර් අත්වැසුම් ජෝඩුව දෑතට පලදාගෙන ලෑස්තිවිය. සීරුවෙන් බඳුන දෑතට ගත් නාරද එය මේසය මත හිටවා තබා එහි ඛාදනයවූ පියන සහිත මුහුණ දෙස මඳක් බලා සිටියේය. එහිවූ අක්ෂර ඔහුගේ සියුම් නිරික්ෂණයට අසුවන්නට විනි. නාරද එම බඳුනේ දිග පළල ආදිය හා ඉතිරිව තිබෙන අක්ෂර විස්තර කරද්දී පියරත්න මහතා ඒවා පොතක ඇද සටහන් කරගත්තේය. මෙසේ ඔවුනගේ පරික්ෂණ කටයුතු කෙරීගෙන යද්දී එස් එස් පි මනෝජ් සමඟින් පොලිස්පති ලක්ෂ්මන් අතුකෝරාල කාමරයට ඇතුල් විය. නාරදගේ කටයුතුවලට උදව් කරමින් හුන් කරුණාපාල සෘජුව සිටගනිමින් පොලිස්පතිතුමාට ආචාරය දැක්විය. 

තම කරගෙන ආ වැඩය මඳකට නවතා පසෙකටවූ ඔවුන්ව මනෝජ් පොලිස්පතිතුමාට හඳුන්වාදුනි.

“සර් මේ ඉන්නේ ප්‍රොපෙසර් නාරද බණ්ඩාර. මේ එයාගේ නෝනා. එතකොට මේ ඉන්නේ ගාල්ලේ පුරාවිද්‍යා සංගමයේ සභාපතිතුමා.”

ඔවුන්ට සුහදශිලි සිනාවක් පෑ ඔහු අතට අතදී තම සුහදත්වය ප්‍රකාශ කළේය. 

“මම මේ තකහනියක්ම ආවේ ඔයාගේ වාර්තාව කියවලා මෙච්චර වටින බඳුන මොකක්ද කියලා බලන්නත් එක්කයි.”

ඉන් අනතුරුව ඔහු බඳුන තබා තිබූ කුඩා මේසය වටා වටයක් කැරකී එහි රූලක්ෂණ හොඳින් නිරීක්ෂණය කළේය.

“සර් බලන්න.” 

නාරද හා කුමාරි පසෙකට වී කියා සිටියෝය.

“නැහැ ඔයාලාගේ වැඩේ කරගෙන යන්න. මම පැත්තට වෙලා බලන්නම්.”

“අපේ වැඩ නම් දැන් ඉවරයි. අපිට හොඳ ක්ලීයර් පොටෝස් කිහිපයක් අරගන්න ඕනෙ එච්චරයි.”

“ඒ වැඩේ අපේ සි අයි ඩි පොටෝග්‍රැෆර්ලාට කියලා අරගෙන දෙන්නම්. වැඩේ ඉවර කරලා යන්න ඉස්සරවෙලා මාව හමුවෙලා යන්න.”

කී පොලිස්පතිතුමා කාමරයෙන් පිටත්ව ගියේය.

එස් එස් පී මනෝජ් නාරදගේ පරික්ෂණ කටයුතු අවසන් කළ පසුව ඔවුන්ව පොලිස්පතිතුමාගේ නිල කාමරය වෙත රැගෙන ගියේය. සුවපහසු අසුනක ප්‍රතාපවත් අයුරින් වාඩිවී සිටි ලක්ෂ්මන් අතුකෝරාල පොලිස්පතිතුමා නාරදලාට අසුන් ගන්නා ලෙස හස්තයෙන් පෙන්වීය. ඔහු අසළ තිබූ වැඩිය ප්‍රසිද්ධ නොවූ පුවත්පතක් රැගෙන නාරද වෙත දිගුකළේය.

“මේවා කොහොම පත්තර කාරයින්ට ඉව වැටෙනවාද දන්නේ නෑ. කොහොම වුනත් මේ බඳුනේ කතාවේ වැඩි විස්තරයක් මේ පත්තරකාරයෝ දන්නේ නැහැ. ඒත් මේ පත්තරේ බලලා අනෙක් පත්තරත් බඳුනේ විස්තර හොයන්න එයි.” 

“අපිට කරන්න තියෙන්නේ පත්තරවලින් ඔය විස්තර එළියට ඇදලා මිනිස්සු කලබල කරන්න කලියෙන් පුවත්පත් සාකච්ඡාවක් තියලා සත්‍ය කතාව එලිදරව් කරන එකයි.”

“එහෙම කරන්න ඕනේ මිස්ටර් පියරත්න. නමුත් මට දැනගන්න අවශ්‍යයි දැන් මේ ඔයාලා කියන ශාපයක් මේ බඳුනේ තියෙනවාද කියලා?”

“අපිට මේක විද්‍යාත්මකව නම් ඔප්පු කරන්න බැහැ. නමුත් දැනට වෙලා තියෙන මරණයන් දිහා බැලුවාම එහෙම ශාපයක් මේකේ ගැබ්වෙලා ඇතිය කියලා හිතන්න පුලුවන්.”

“අපිට ශාපයක් ගැන මහජනතාවට කියන්න බැහැ. එහෙම කිව්වොත් සමහර අවස්ථාවාදීන් මේ ශාපය උලුප්පලා පෙන්නලා ඒ අයගේ පටු අරමුණු වලට යොදාගන්න උත්සාහ කරන්න පුලුවන්. දන්නැද්ද සමහර විපක්ෂ කන්ඩායම් වල වැඩ එයාලා මේක රට කරවන ඇත්තන් ගේ වැඩ හින්දා ඇතිවෙච්චි ශාපයක් කියයි.” 

පොලිස්පති ලක්ෂ්මන් මද සිනහවක් පාමින් කීවේය.

“එහෙම නම් මේ බඳුනේ ශාපයක් ගැන මිනිස්සුන්ට හෙළි නොකර ඊජිප්තුවේ පාරාවන්ට අයත්ව තිබුනු පැරණි බඳුනක් මුහුදෙන් සොයාගත්තා විතරක් කියමු.”

නාරද තම අදහස පොලිස්පතිට පැවසීය. ඒ එක්කම මේසය මතවූ දුරකථනය නාදවන්ට වූයෙන් ලක්ෂ්මන් අතුකෝරාල ඇමතුමට පිළිතුරුදුනි. දුරකථනයේ අනෙක් කෙලවරෙන් අමතන්නා විශේෂ පුද්ගලයෙකු බවත් ඔහු අසන්නේ බඳුන ගැන බවත් නාරදට වැටහුනි. ඇමතුමෙන් පසුව යලිත් නාරද දෙස විශේෂ බැල්මක් හෙලීය.

“දැන් මට කතාකලේ ජාතික හෙළ උරුමයන් පිළිබඳ අමාත්‍යශයේ ලේකම්තුමා. එයා ප්‍රොපෙසර්ගේ රිපෝට් එක කියවලා විතරක් නෙමෙයි අර පත්තරේත් බලලා. සමහරවිට ඇමතිතුමාත් හෙට අනිද්දාට ප්‍රොපෙසර්ව මුණගැහෙන්න අවශ්‍යයි කියයි. කෝකටත් මම අපේ අමාත්‍යංශයටත් දන්වලා එහෙන් අවසර අරගෙනම පුවත්පත් සාකච්ඡාවක් තියන්න ලැස්තිකරන එක හොඳයි.”

“එහෙම සාකච්ඡාවක් තියෙනවා නම් මම මගේ උපරිම සහයෝගය දෙන්නම්.”

නාරද පොලිස්පතිතුමාගෙන් සමුගන්නා අතරතුරේදි පැවසීය.

පොලිස්පති ලක්ෂ්මන් අතුකෝරාල පැවසු අයුරින්ම එදින සවස් කාලයේදි ජාතික හෙළ උරුමයන් පිළිබඳ අමාත්‍යංශයේ ලේකම්ගෙන් නාරදට දුරකථන ඇමතුමක් ලැබීය.

“මම ජාතික හෙළ උරුමයන් පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් සේනක දිසානායක. හෙට ප්‍රොපෙසර්ට එන්න පුලුවන් නේද බත්තරමුල්ලේ තියෙන අපේ අමාත්‍යංශයට?”

“එන්න නම් පුලුවන්, ඒත් මොකටද කියලා කිව්වා නම්.”

“ප්‍රොපෙසර් දන්නවානේ පොලීසියෙන් හොයාගත්තු බඳුන ගැන. ඒ බඳුන ගැන ඔබතුමා ලිව්ව රිපෝට් එක අපේ ගොර්ඩන් සිල්වා ඇමතිතුමා බලලා, එතුමාට අවශ්‍යය වුනා ප්‍රොපෙසර්ව දැක බලාගෙන ඔය කියන බඳුන ගැන වැඩි විස්තර දැනගන්න.” 

“හොඳයි මම එන්නම්. මට කියන්න එන්න අවශ්‍යය වේලාව?”

“හෙට උදේවරුවේ නමයට විතර පුලුවන්නම් හොඳයි.”

“හොඳයි මම ඒ වේලාවට එන්නම්.”


“මොකටද දන්නේ නැහැ ඔයාට එන්නයි කියන්නේ? දන්නවානේ මිනිහාගේ හැටි. ඔයා පරිස්සම් වෙන්න.”

නාරදට ලේකම්තුමාගෙන් ලැබුනු දුරකථන ඇමතුම ගැන ඇසූ කුමාරි කීවේය. 

“මම දන්නවා කුමාරි. එයාගේ අමාත්‍යංශයේ යටතටනේ වැටෙන්නේ පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව. කුමාරි ඔයත් එනවද හෙට මේ ගමන යන්න.”   

“අපෝ ඔය ඇමතියා එක විදිහක එකෙක්. දන්නවානේ මිනිහා ගෑනුසොඬෙක් විත්තිය. ඒ නිසා මම ගෙදර ඉන්නම්. ඔයා පියරත්න මහත්තයා එක්ක යන්න.”

                                     මතුසම්බන්ධයි.......

42 comments:

  1. එන පොට හොඳයි කෙල්ලව ගෙට ගන්නෙ නැත
    ඇමතිට බුජම යනවා යැයි කියයි හිත
    අසංගයො අනේ, ඔක්කොම ලොක්කො වෙත
    යවමුද ශාපෙ කොහොමෙන් හරි අතින්-අත

    ReplyDelete
    Replies
    1. දැන් එනපොට ෂුවර් නැත
      ඇමතිට පහලව කපට සිත
      යවතත් ලොක්කන් අතින් අත
      බුජමෙන් වෙනසක් වේද නැත

      Delete
  2. මේ ලියන්නේ තෙවනි වතාවටයි!
    මේ පලාතේ විදුලි බල මණ්ඩලයට පිංසිදුවන්න මීට කලින් ලියන ලද කොමෙන්ටු දෙකම විදුලිය සමගම අන්තරස්ධාන විය.
    එසේනම් කියවමු . . . . . . .
    ලංකික අප කියැවීම ඉගෙන ගත් වේදිකා කිහිපයක් වේ.
    පියදාස සිරිසේන, ඩබ්ලියු ඒ ද සිල්වා, මාර්ටින් වික්‍රමසිංහ, කරුණාසේන ජයලත්, කුමාර කරුණාරත්නගේ සිට සුජීව ප්‍රසන්න ආරච්චි තෙක් නාමාවලියක්; කලින් කල මෙම වේදිකාව අත් පත් කරගෙන සිටියෝය.
    ජේම්ස් හැඩ්ලි චේස්, හා මිල්ස් ඇන්ඩ් බූන් ප්‍රකාශකයින් වැනි ඉංග්‍රීසි ලියන්නන් හා ආයතනද යම් පමණකට ලාංකීය මැද පංතියේ කියැවීම යම් මට්ටමකට ගෙන ඒමට තම හැකි අයුරින් දායක වූවා යැයි මට සිතේ.
    පහල මධ්‍යම පංතිය, වැඩකරණ පංතිය මෙන්ම පාසල් පංති කාමරතුල එකතුවී සිටි පංතිය කියැවීම ස්ඳහා තෝරා ගත්තේ ඩීමන් ආනන්දගේ පොත්ය.
    නුවර එළිය පුස්තකාලයේ පිළිසකර කරණා හෝ වෙනස් ස්ථානයක් කරා ගෙනයා අවස්ථාවක එහි තිබූ ඩීමන් ආනන්දගේ පොත් සියල්ල එම කාර්‍යයේ නියැලුනු ජනතාව විසින් අත්පත් කරගෙන තිබූ බව මා අසා ඇත. ("සොරකම්" යන වචනය භාවිතා නොකලේ එම ජනතාව කෙරෙහි උපන් දයාද්‍ර භාවය හේතු කොට ගෙනය! කොහොමත් "පොත් හොරකම" පිළිබඳ මාගේ ඇත්තේ දැමුණු සිතක්ය!! දී කිරට බලලුත් සාක්කි කියනවා ඇරෙන්නට මා කුමක් නම් කියන්නද!!!!???)
    මහාචාර්‍ය එදිරිවීර සරත්චන්ද්‍රයන්, දයානන්ද ගුණවර්ධනයන්, ගුණසේන ගලපත්තියන් වැනි ප්‍රබුද්ධ්යින් නාට්‍ය කලාව වෙත කෙතරම් කැප උනත් රටේ මිනිස්සු අතරට නාට්ටි ගෙනගියේ නිහාල් සිල්වා නොවේ යැයි කාහට හෝ කිව හැකිද? චන්මුගම්ලා, සතාසිවම්ලා, කෙහෙල්ගමුවලා,තිසේරලා, තෙන්නකෝන්ලා, වෙත්තමුනිලා, රණතුංගලා කොතරම් ක්‍රිකට් ගැසූවද ගම් දනව් සිසාරා ක්‍රිකට් ගෙන ගියේ ජයසූරිය නොවේ යැයි කා හට හෝ කිව හැකිද?
    කියැවීම පිළිබඳව ගත්තද මෙය මෙසේමය. මෑත භාගයේදී "කියැවීම" මිනිසුන් අතරට ගියේ රසහ් පරීක්ෂක නවකථා සමග කීවොත් ඔබ මා සමග එකඟ වෙනවාද? ඒ ෂර්ලොක් හෝම්ස් චරිතය සමගය. හැත්තෑව දශකය නිමා වනතුරු ෂර්ලොක් හෝම්ස්ගේ වික්‍රම සිංහල පාඨකයින් වෙත පැමිණ තිබුනේ "රුදුරු බළුව" හා "ෂර්ලොක් හෝම්ස්ගේ අභිරහස් පරීක්ෂන" කමැති කෘථි දෙක ලෙසින් බව මාගේ මතකයයි. (දොස් නම් නිදොස් කල මැන! ආතර් කොනැන්ඩොයිල්ගේ වෙනත් පොත් පරිවර්තනය කර තිබුනි. උද:- The White Company- ධවල සේනාංකය, The Lost World-සැඟවුනු ලෝකය ) එහෙත් මෑත භාගයේදී චන්දන මෙන්ඩිස් විසින් (ආතර් කොනැන්ඩොයිල් නොදන්නා තරමේ) ෂර්ලොක් හෝම්ස් පොත් පරිවර්ථනය කිරීම සමග; නොකියවන්නන් කියවන රැල්ලකට මුල පෑදී තිබුනි.
    මෙහිදී ඩීමන් ආනන්ද, සුජීව ප්‍රසන්න ආරච්චි හා චන්දන මෙන්ඩිස් මා වෙනම කුලකයක් තුලට ගෙන; නොකියවන්නන් වෙත පොත් ලියන ලද ගත් කතුවරුන් සේ නම් කල හොත් ඔබ ඊට එකඟ වෙනවා නොවේද?
    එසේමම බ්ලොග් ලිවීමේ ස්වර්ණ අවදිය හෙවත් ඊරාව පසුවී පාඨකයින් බ්ලොග් වලට පසුපස හරවා වත් පොත ආදරයෙන් වැළැඳ ගත් අවධියකදී ගොඩ වැඩුනු මමත් නිදීත් වැනිඅතලොස්ස අත් නොහැර ලිවීමේ යෙදෙන ඔබ කර ගෙන යන්නේද ඩීමන් ආනන්දලාගේ වැඩපිලිවෙලේම දිගුව ලෙස මා දකිමි.

    ඔබේ ලිවීම නොකියවන්නන් කියවීමට පොළඹවන ලියැවිල්ලකි.
    මා මෙයට පෙර ලිඛිතා ලියන සුහදිනියේ කථාමාලාවට මෙවැනිම වූ කොමෙන්ටුවක් ලියමින් කියා සිටියේ; ආදර කථා, කවි, කෙටි කථා යනාදිය ලියනවාට වඩා මහත්වූ වගකීමක් මෙන්ම වගවීමක් රහස් පරික්ෂක කථා ලියන්නෙකු තුල තිබිය යුතු බවයි. මන්ද ඔහු පාඨකයාව පටලවන "පබ ගාලෙන්" ඔහුම; විශ්වසනීයත්වයෙන් යුතුව හා තාත්වික ලෙසට බේරා ගැනීමට හැකියාවක්, වගකීමක්, බැඳී සිටීමක්,යුතුකමක්, සදාචාරත්මක වගවීමක් තිබෙන් බැවිනි.
    ඉතිහාසය පදනම් කරගත් රහස් පරීක්ෂක මොඩලයේ කථාවක් ලිවීම අතිශයින් භාරදූර කාර්‍යයකි. මන්ද; අප ලියන කථාව අපට අවශ්‍ය පරිදි ලෙසට වෙනස් කල හැකි වුවද; ඉතිහාසය වෙනස් කිරීමට විධායක ජානාධිපතිට වත් නොහැකි කාර්‍යයකි. අලිසන්දර දියුමා පබුදුවානන් ජගත් සාහිත්‍ය අම්බරයේ දිදුලන තාරකාව වන්නේ එහෙයිනි. (මෑත භාගයේදී ලියූ ලියෝන් උරිස් තුලින් මේ දක්ෂතාවය යම් පමණකට විද්‍යාමාන වේ!)
    මෙතෙක් ඔබ එය රැකගෙන ලියමින් වේ.
    එය එසේම වේවා.
    ඔබගේ ලේඛන ජීවිතයට ජය වේවා!

    ReplyDelete
    Replies
    1. ටහුඩු.. ආපහු සම්මාන දෙන්න ගත්තේ කවදා ඉඳලාද බ්ලොග් වලට? :))

      Delete
    2. ඇයි මම ලියල තියෙන්නේ බොරුද?

      Delete
    3. තට්ට අයිය එක්ක එකඟයි. රහස්පරීක්ෂක කතා ලියන එක අනික් ලියවිලිවලට වඩා වෙනස්.
      1. කතාවෙ අවසානය හිතේ තියාගෙන ලියන්න ඕනෙ,
      2. ඉඟි සහ සාක්ෂි ඇතුළත් කරන්න ඕනෙ, ඒ වගේම ඒව මනෝවිද්‍යාත්මක සාධක උපයෝගි කරගෙන ලියවිල්ල තුළ හංගන්න ඕනෙ,
      3. කුතුහලය රැකගන්න ඕනෙ අවසාන වෙනකම්,
      4. ගොඩක් ක්ෂේත්‍ර ගැන දැනුම තියෙන්න ඕනෙ,
      5. ඒ අස්සෙ චරිත ගොඩනගන්න ඕනෙ, සාමාන්‍ය මිනිස්සු විදිහට,
      6. වීරත්වය ඉස්මතු කරන්න ඕනෙ,
      ඒ අතිං බලපුවාම, අනික් සාහිත්‍යයට වඩා රහස් පරීක්ෂක කතා ලිවීම අභීයෝගාත්මකයි.

      Delete
    4. කමාවෙන්න පිලිතුරු ලියන්න පරක්කු උනාට. හදිසියේ කොට උඩගිය නැවකට නගින්න සිදුවුනා. මගේ බ්ලොග් ලියන ජීවිතයටම දැනට ලැබූ දීර්ඝතම ප්‍රතිචාරය මෙයයි. මෙයට වඩා දිගු එකක් ඉදියේදි ලියා මෙහි වාර්තාව කඩන්න තට්‍ටමහතා ඇරෙන්නට වෙනකෙක් නැතිය සිතේ. පලමුවෙන්ම හද පිනාගිය ස්තූතිය පුදකරමි. ආදර කතා ලියන තරම් ලේසියෙන් ඉතිහාසය ගලපමින් එයට ෆැන්ටසියක්ද එක්කරමින් කතන්දර ලියන්නට අසීරු බව වටහා ගත්තාට තව වරක් තුති පුදමි.

      Delete
    5. කල්‍යාණ මිත්‍ර ආපහු බ්ලොග් සම්මාන දුන්නොත් නරකද?

      Delete
    6. කියවීමි
      තුටු වුණෙමි
      තුති පුදනුවස්
      ලියමි!

      Delete
  3. ඔය සීනු කාලෙට ඉස්සර රෝමන්, පර්සියන් හෝ වෙනත් නැවක ආව වෙන්න බැරිද?

    https://www.livescience.com/42901-indian-ocean-oldest-shipwreck.html

    ReplyDelete
    Replies
    1. නැවේ නම වෙනස් කලත් සිනුවේ නම වෙනස් වෙන්නේ නෑනේ.

      Delete
    2. රෝම , පර්සියන් ඒවායෙත් සීනු තිබුනද?

      Delete
    3. සීනුව එකතුවෙච්චි කාලසීමාවක් ගැන කියන්න අමාරුයි.තව ටිකක් හොයා බලන්න ඕනෑ කාරනාවක්. සමහර විට කතෝලික දහම ප්‍රචාරයට ගිය රෝම නැව් වල සීනුව තිබුනා කියනවා නේද?

      Delete
    4. ඒ කියන්නෙ වතිකානුවේ සපොර්ට් එක ඇතුව ගිය ස්පාඤ්ඤ හා පෘතුගීසි නැව්ද? ඔව් ඒ කාලෙ තියෙන්න ඇතිනේ?

      මං ඇහුවෙ රෝම අධිරාජ්‍යය කාලෙ ලංකාවට ආව වෙළඳ නැව්, පර්සියන් අධිරාජ්‍යය කාලෙ ආපු නැව්, අතීත ග්‍රීක්, ඊජිප්තු නැව් වගේ ඈත අතීතයේ ආව නැව් ගැන. ඒවයිනුත් එන්න පුලුවන්නෙ ඊජිප්තු බඩු.

      https://www.researchgate.net/publication/335569986_Foreign_Trade_Relations_in_Sri_Lanka_in_The_Ancient_Period_With_Special_Reference_to_the_Period_From_6th_Century_BC_to_16th_Century_AD

      Delete
    5. https://www.echelon.lk/international-trade-in-ancient-sri-lanka/

      //After Alexander the Great, Greeks did begin trading here, as did the Romans later – evidenced ... Persian dani (yacht), Gujarati tarani (vessel) and Sinhala tarani (raft​). ... to transport elephants from Sri Lanka to Kalinga (modern Orissa).//

      Delete
    6. ඇත්ත. ඊජිප්තු බඩු වෙළදාම් වුනා සේද මාවත ගොඩබිමින් විතරක් නොවෙයි මුහුදෙනුත් තිබුනා නේ. කොල්ල කෑව දේවල් නැව් වලින්ම විතරක්ම ගෙනගියා කියන්නත් බෑ. මුහුදු මාර්ගයේ හොදම සන්ධිස්ථානය තියෙන ලංකාවට පහලින් ගොඩාක් නැව් මුහුදුබත් වෙලා තියෙනවා. අපේ අය හොයාගෙන තියෙන්නේ පොඩ්ඩක් විතරයි. බැලුවාද ආතර් සි ක්ලාක්ගේ මහාගල්වැටියේ මුහුදුබත් නිධානය පොත The Treasure of the Great Reef (1964), with Mike Wilson, New York: Harper & Row.

      Delete
  4. අන්න හරි.. මම කැමතිම මේකේ කුමාරි ගේ රෝල් එකට

    යකෝ ගෑණු පුළුටක් නැති කතා කතාද? :))))

    ඇමතිලා සෙට් එක වටේ එක වටයක් යවල ගමු ඔය බඳුන. එතකම් ශාප කතා ප්‍රසිද්ධ නොක්කර ඉන්නෝනි.

    ReplyDelete
    Replies
    1. ඇයි ඩෙමාගෙ කැරැක්ටරේ හොඳ නැද්ද? ගෙදරකට වෙලා ඉන්න ගෑනිව ෆෝම් කරලා වැඩේ මාට්ටු උනා ශේම් එකේ දිරා මාරුවෙලා සද්දෙ වහල ඉන්න?

      Delete
    2. කුමාරීට කල්‍යාණ මිත්‍ර බොහෝම කැමති බවක් පේනවා. ඩේමියන්ටත් හොද playboy කෙනෙක් ඇන්නා පැන්නා.

      Delete
    3. නාරද ට බඳුනේ අයිතිය ටික දවසකට දෙන්නත් හිතෙනවා.. :))))))

      Delete
    4. අර හොදට ඉන්න මිනිහත් නරක් කරන්නද?

      Delete
    5. මිනිහට මක් උනාම අපිඅට මොකද.. කුමාරි යහතින් නම්..

      Delete
    6. මිනිහා නරක් වෙන්නේ නැතිව ගෑණි නරක්වුනොත්? බදුන ෂවුර් නෑ ගොයියෝ.

      Delete
  5. ජැක් ස්පැරෝ ෆික්ෂනල් නෙවෙයිද?
    නැවක නම දැනගන්න සීනුව විතරක් නෙවෙයි, තව දේවල් තියෙනව නේද? කොහොමටත් නැවක හැම ප්‍රධාන කොටසකම නම ගහනව, පිඟන්වල පවා...

    ReplyDelete
    Replies
    1. ජැක් ස්පැරෝ ෆික්ෂනල්
      //Captain Jack Sparrow is a fictional character and the main protagonist of the Pirates of the Caribbean film series. The character was created by screenwriters Ted Elliott and Terry Rossio and is portrayed by Johnny Depp. The characterization of Sparrow is based on a combination of The Rolling Stones' guitarist Keith Richards and Looney Tunes cartoon character Pepé Le Pew. //
      https://en.wikipedia.org/wiki/Jack_Sparrow


      කැප්ටන් කිඩ්, බ්ලැක්බියර්ඩ්, මෝර්ගන්, බාර්බරෝසා වගේ ප්‍රචලිත යුරෝපීය හා ඇමරිකන් පයිරට්ස්ලා මේ පැත්තෙ රස්සාව කරල නෑ.
      ඒත් චීනෙ, ඉන්දුනීසියාවෙ, මලක්කා මූදෙ ඕනෙ තරම් ආසියානු පයිරට්ස්ලා හිටිය
      https://en.wikipedia.org/wiki/Piracy_in_the_Strait_of_Malacca
      Madame Cheng ගැන අහල ඇතිනෙ.

      හැබැයි ස්පාඤ්ඤය/පෘතුගාලය, ඉංගලන්තය, නෙදර්ලන්තය අතර නාවික යුද්ධ තිබුන කාලෙ බලපත්‍රලාභී පයිරට්ස්ල හිටිය ප්‍රයිවටියර්ස්ල Privateers කියල ( ෆ්‍රැන්සිස් ඩ්‍රේක් වගේ ). වැඩියෙන් හිටියෙ ඉංග්‍රීසි හා ඕලන්ද තමයි (වස්තුව පුරව ගත්ත නැව් වැඩිය තිබුනෙ ස්පාඤ්ඤ නෙ ) ඒ ගොල්ල තම රජු/රැජිනගෙන් බලපත්‍ර ලබා ගත්තා සතුරු නැව් විතරක් මංකොල්ලකන්න.

      සමහර ඇත්ත පයිරට්ස්ලාටත් (Morgan, Barbarossa ..) බලපත්‍ර ලැබිලා ප්‍රයිවටියර්ස්ලා වුනා, සමහර ප්‍රයිවටියර්ස්ලා ටික දවසකින් පයිරට්ස්ලා වෙලා සතුරු නොවන ඒවත් මංකොල්ල කෑවා. කොහොමවෙතත් වැඩිපුර ඕවා වුනේ දකුණු, මධ්‍ය ඇමරිකාවේ සිට යුරෝපයට යන ඒවා තමයි. ටිකක් අප්‍රිකාවෙත්.
      ආසියාවේත් ඔය කොන්ෆ්ලික්ට් එක ටිකක් තිබුනට ප්‍රයිවටියර්ස්ලා ඔපරේට්වුනාද මං හරියට දන්නෙ නෑ.
      (පොඩිකාලෙ ඉඳල මගෙ ඉන්ටරෙස්ට් එක තිබුනෙ කැරිබියන් / ස්පැනිස් මේන් පයිරට්ස්ලා තමයි)

      පයිරසි කියන්නේ ඈත අතීතයේ හිටං ලොව පුරා රිස්කි බට් වෙරි ප්‍රොෆිටබල් බිස්නස් එකක්.

      Delete
    2. //In the 2010s, various Turkish newspapers and websites popularised a hypothesis put forth in the monthly Derin Tarih that John Ward could be the inspiration for the character Jack Sparrow from the film series Pirates of the Caribbean.[15][16][17] Also the BBC History Magazine revealed John Ward as the pirate behind the character Jack Sparrow//
      https://en.wikipedia.org/wiki/Jack_Ward

      Delete
    3. අපි බස් වල ජැක් ගහපු කතාත් ඔක්කොම ෆික්ෂනල් ඈ! :)))))

      Delete
    4. ජැක් ගහලා ගුටිකාපුවා thriller ගානටද වැටෙන්නේ?

      Delete
    5. මුලින්ම Thriller
      දෙවනුව Action
      ගුටිකාලා ඉවරවෙලා Horror

      Delete
  6. තට්ටයා මහතා කියලා තියෙනවා වගේ ලස්සනට කියන්න බැරි වුනත් අසංගගේ ලිවීම ඉහලින්ම අගය කරන්න ඕනෙ. කතා දෙකම රස වින්දා.

    මම කැමති චරිතයත් කුමාරි. එයා තමා ඉතාම කල්පනාකරී (දැනට) වගේම supportive. කලින් කාන්තා චරිත (පියසෝමගෙ බිරිඳ සහ සුචිත්‍රා) වඩා වෙනස්.

    ReplyDelete
    Replies
    1. ගෙවන විදියට තමයි ලිවීම මල්ලී! හි! හි!!

      Delete
    2. කුමාරිගේ චරිතය මිට වඩා එහාට ගෙනියන්න තිබුනා කියලත් හිතෙන්නේ මේ කොමෙන්ට්ස් දැක්කාම තමයි. එත් මෙහි ප්‍රධාන චරිත කිසිවක් නෑ බදුන ඇරෙන්න. නාරදත් උප ප්‍රධාන චරිතයක් විතරයි. හැබැයි එක්තරා චරිතයක් ඉන්නවා මේ කතාව තුල දිගටම කියවෙන පුලුවන්නම් කියන්න.

      Delete
  7. අර ගාල්ලේ පුරාවිද්‍යා බුවා. පියරත්න මාත්තයා නේ?

    ReplyDelete
  8. අම්මට සිරි ඔහේ පොලිසියත් ඒ වගේද , ආයුධ පෙන්වන්න ගිහිලා වෙඩි තියා ගන්නවද , කියන්න අමතක වුනා අපි බඳුන හොයන්න් බ්‍රිටිෂ් මියුසියම් ගියානේ. (ඇත්තටම ගියේ කට්ටකාඩු වේ ලොකු මලයාගේ වැඩකට) , නමුත් ගිහිල්ල ඒක නැති නිසා බඳුන හෙව්වා කියහන්කෝ.
    නැව් හොයාගන්න විස්තරේ මරු
    ඇමතියා දැන් ඕක විපක්ෂ කාර්යාලයේ තිබ්බ නම් හරිනේද (ඕකද දන්නේ නැහැ ඇත්තටම වුනෙත් හේ හේ )

    ReplyDelete
    Replies
    1. ඕවා මොනාද මහත්තයෝ මෙහේ අත්දෙකටම මාංචු දාපු උන් ගගකට පැනලා පීනන්න හදනවා.
      මියුසියම් එකේ බදුන් තියෙන්න ඇති නේද? පිපෙන්න තියෙන මල් උන්නැහැලාත් ඉල්ලුවා මල් ටිකක් දාලා තියන්න වාස් එකකට ගන්නත්.

      Delete
  9. //පිපෙන්න තියෙන මල් උන්නැහැලාත් ඉල්ලුවා// තෙලුත් ඕනෙද දන්නේ නැහැ

    ReplyDelete

අදහස් මෙතන නිදහස් කරන්න

ප්‍රචන්ඩ රළ මැද අනතුරක් - සයුරේ දසවසක්

දස වසරක මාගේ නාවික දිවියේ ලැබූ අත්දැකීම් හා සිදුවීම් බොහොමයි. ඒවා හොඳ හා නරක සම්මිශ්‍රණයක් වෙනවා. මෙතැන් පටන් ලියවෙන්නේ නාවිකයෙක්ගේ නාවික දි...