Monday, November 1, 2021

කොටහේනේ කොටි මැරිල්ල



කොටහේනේ කොටි මැරිල්ල කළේ අන්දු බයියා. ඒකට මංතුමා පොඩි සපොට් එකක් දුන්නා තමයි. ඊට වඩා දෙයක් කළේ නෑ. කවුද මේ අන්දු බයියා? ඉස්සෙල්ලාම අන්දු බයියාව අදුන්වලා දෙන්න එපැයි නේ කතන්දරේ කියන්න කලියෙන්. අන්දු බයියා  කියන්නේ මගේ කාර්යාලිය සගයෙක්. මිනිහා මං වාගේ නොවෙයි හයේ හතරේ සද්දන්තයා.මේක සිද්ධවුනේ අපි උතුරු නැගෙනහිර යුද්ධය ජයගෙන අවුරුද්දක් විතර ගියාට පස්සේ. එයා පැන්සොන් යනකම් බලාගෙන උන්නා මේ කතන්දර ඔහේලාට කියන්න. දන්නවානේ මිනිහා දැනගත්තෙත් තව පිහි ඇනුමක් බඩේ බත් ඩිංග වාගේ සුවර් ෂොට්. මෑන් පොඩ්ඩක් නොවේ ගොඩාක් මසුරා. අනුන්ගෙන් කන්න කිව්වාට බොන්න මිනිහා රුසියා. බීවාට මිනිහා නොවෙයි සතයක් හොල්ලන්නේ. 

ඔන්න දවසක් අපි දෙන්නා ඕෆ් වෙන වෙලාවත් පන්නලා ඔටි පාරක් දමාගෙන ඉන්නවා. වෙලාව හවස හයට කිට්ටු කරලා තිබුනේ. 

"මල්ලි මොකද කරන්නේ ගහමුද?"

අන්දු බයියා මගෙන් ඇහැව්වා. මම මගේ අත කොනිත්තලා බැලුවේ ඔටි කරන අතරේ නින්ද ගහිල්ලා දකින්නේ හීනයක්ද කියලා. බැලින්නම් ඒක ඇත්තක්.

"මේ දැන්?"

"නැත්නම් හෙටද හු....තෝ?"

"කොහෙටද යන්නේ? මම නම් මේ පැත්තේ තැන් දන්නේ නෑ."

"හරි මං නේ උඹව අරන් යන්නේ. වරෙන් හයට ඕෆ් එක ගහලා යමං."

මගේ පෙර පිනකට පොරට පිනක් දහමක් කරගන්න හිතිලාද  නැත්නම් කොච්චියේ එද්දි ජැකක් සෙට් වෙච්චි සංතෝසෙටද මන්දා පොර සෙට් වෙන්ඩ කතා කරන්නේ.මාත් එක පයින් නොවේ දෙපයින්ම කැමැත්ත දුන්නා මොකද ඉබ්බෙක් ගෙන් පිහාටු ලැබෙනවා කියන්නේ ලෝක පුදුමයක් නේ. ඉතිං අපි දෙන්නා ඇදුම් එහෙම මාරුකරගෙන හයට කාඩ් එකත් අවුට් ගහලා පයින්ම හෙට්ටියාවත්ත හංදියට ආවා.  සැන්දෑ කලුවර කුරගගා එන වේලාවේ අන්දු බයියයි මංතුමයි කොරගගහා නොවේ ඩබල් එකේ හෙට්ටියාවත්ත හංදියට ආවා. හෙට්ටියක්ක හංදිය පහුකරලා කොටහේන පැත්තට එනකොට තියෙනවා බෝල මේසේ නමින් කවුරුත් හදුන්වන කේම්බ්‍රිජ් එකට ගොඩවුනා. මේකට කවුරුත් බෝල මේසේ කියන්නේ මේ රෙස්ටුරන්ට් එකේ බිලියඩ් මේසයක් තියෙන නිසා මිසක් මේස බෝල කරලා හදලා නොවේ. අපි දෙන්නාට වැඩිය බොන්නත් බැරි එකේ මුලන්ම භාගයක් කාරිය අරගෙන වැඩේට මුල පිරිවා. භාගෙට වග කියද්දි ඔපිසියේ ප්‍රස්න වලින් පටන් අරන් ගෙදර වැඩ, ගෙදර ප්‍රස්න, වරාවට නැව් ගොඩබාන හැටි, ලෝක දේශපාලනය ආදිය කතාකරන්ටවුනා. කොහොම නමුත් ලෝක දේශපාලනයෙන් සිරි ලංකාවේ අපිට හැමිනෙන දේශපාලනය ගැන කතා කරන්නට භාගේ මදි බව තේරුන හින්දා අපේ අන්දු බයියා ලොක්කා බය නැතිව තවත් කාලක් සදහා අනුමැතිය දුන්නා. මංතුමාත් ඒක ටක් ගලා ස්ථිර කළා මතකයි. එකත් ඉවර කරලා බිලත් සෙටල් කරලා දෙන්නා එක්ක බෝල මේසෙන් එලියට බහිද්දි හොදටම රෑ බෝවෙලා. ඉතිං අන්දු බයියා ලොක්කා එක්ක වැනි වැනි කොටහේන හංදිය දිහාවට පියවර  මැන්නා. හවසට බොහොම කාර්්‍යබහුල වෙන කොටහේන හෙට්ටියාවත්ත දැන් සාමකාමි වෙන්න පටන් අරන් තිබුනේ. 



"යමං මොනවා හරි කන්න. "

"දැන් මොනා කන්නද ලොක්කා ගෙදර ගිහිල්ලා කාලා බුදියන්නයි දැන් ඔනේ."

දැන් නම් ගහපු බඩු වැඩ කරන නිසා නිදිත්මතයි. ඔන්න වැරදි වැටහිම් ගන්නවා නම් දැන්ම කරෙක්ෂන් කරන්න ඕනේ ගහපු බඩු කිව්වේ මරදානේ ඉන්න බඩු නොවෙයි.

මංතුමා එහෙම කිව්වාට ලොක්කාට බයිට් ගිලලාත් බඩගින්නක් හැදිලා තිබුනේ. යමං කොත්තුවක්වක් කන්න කියලා ගියාට කොත්තු කඩයක් හොටලයක් ඒ හරියේ තිබුනේ නෑ.

"කොහේ තියෙන හොටල්ද ලොක්කා මෙහේ වරාය ලග තිබුනාට කන්න තැනක් නෑ."

"හිටහං මං බලන්නම්" කියලා පොර ත්‍රිවිල් මල්ලියෙක් ගාවට කිට්ටු කෙරුවා. 

"මල්ලි  පෝක් කොත්තුවක් කන්න පුලුවන් හොද කඩයක් නැද්ද?"

"මේ හරියේනම් නෑ අයියේ උඩහට හරි නැත්නම් ආමර් ස්ට්‍රිට් එකේ තමයි තියෙන්නේ. හැබැයි පෝක් තියේද දන්නේ නෑ."

"යමං උඩහට ඒ පැත්තේ ඇති." 

"මහලොකුවට හැමදේම දන්නවා කිව්වාට හෙටිටියාවත්තේ කන්න කෑම කඩයක් ගැනවත් ලොක්කා දන්නේ නෑ නේද." 

මමත් පොරගෙන් ඕලොක්කුවට  වගේ ඇහුවා. 

"හරි කටවහගෙන වරෙන් මමනේ උඹව අරන් යන්නේ."  කියලා අන්දු බයියා කොටහේන හංදියෙන් උඩහාට ඒ කියන්නේ දිපදුත්තාරාමේ පැත්තට කන්ද නගින්න ගත්තා. "මේ යකා මේ වෙරිමරගාතතේ ගෙදර යන්නේ නැතිව කොහේ යනවාද මන්දා"  කියලා මමත් මිනිහා පස්සෙන් වැටුනේ කරන්නට දෙයක් නැති හින්දයි. 

 කොටහේනේ කන්ද බාගයක් විකර නගිද්දී මෙන්න කොත්තු ගහන ආප්ප දාන හෝටලයක් තිබුනා. හැබැයි බෝඩ් ලෑල්ලෙන්ම මං දැන ගත්තා එකේ කොත්තු තිබුනත් පෝක් නම් තියෙන්න විදිහක් නෑ කියලා. 

මුස්ලිම් කාරයින්ට පෝක් හරාම් නේ ඉතිං කොහේද ලොවෙත් උන්ගේ හොටල් වලට ජෝක් එකටවක් පෝක් ගෙන්නේ නෑ. 

"ලොක්කා මේකේ පෝක් නෑ අහන්නත් එපා. කන්නයි වෙන්නේ. " පුටුවක ඈදි ගන්න ගමන් මං හිමිහට ලොක්කාට කෙදිරුවා. 

"සර් මොනවාද ඔනේ?"

"මොනවාද තියෙන්නේ  කොත්තු තියේනවාද? "

"ඔව් සර් තියෙනවා."

"එහෙනම් අපිට පෝක් කොත්තු දෙකක් දාන්න."

"සර් පෝක් කොත්තු නෑ. බිෆ් ,චිකන් ,මටන් තියේනවා."

"පෝක් නැතිව කොත්තු වැඩක් නෑ. පෝක් ටිකක් දාලා ගහලා දෙන්න බැරිද?"

"සර් මේක මුස්ලිම් හොටලයක් අපි පෝක් හදන්නේ නෑ." 

"එහෙමද එත් පෝක් නැතිව කාලා වැඩක් නෑ. ඒ ආසා උඹ කනවාද?"

"කනවා නම් කමු වෙන එකක් නෑ මේ වෙලාවේ. "

"ආයෙමත්  තව හෝටල් හොය හොය යන්න බැරි කමට මංතුමා කිව්වා."   

"එහෙනම් මට ගෙන්න ෆිෂ් ඉදියාප්ප කොත්තුවක්. උඹට මොනාද ඕනේ?"

"මට දෙන්න බිෆ් කොත්තුවක්. "

"යකෝ බිෆ් කන්න එපා. වෙන එකක් කාපං."

"නෑ මට බිෆ් එක හොදයි."

"එපා බිෆ් නැතිව චිකන් ගෙන්න."

"ඇයි."

"අසරණ සතෙක්නේ."

"එතකොට පෝක් හොද වෙන්නේ ඇයි?"

"ඒ උනාට බිෆ් කන්න එපා."

"මමනේ කන්නේ මට ඒක අදාල නෑ. මම කන එකට මම ගෙවන්නම්." 

"ඔව් මම ගෙවන්නේ නෑ."

"හරි මට ඕනේත් නෑ. මම කොහොමත් ඕනේම මසත් කනවා මිනිමස් ඇරෙන්න. "

කොහොමින් කොහෙම අන්දු බයියා පෝක් වල හොද කියමින් බිෆ් කනවාට  බේස් ඩ්‍රම් ලෙවල් එකේ අධි සංඛ්‍යාත වෙයිස් එකෙන් මට දොස්මුරේ දමමින් කෑමකාලා ඉවර කළා. ඒ අස්සේ  හොටලේ උන්නු ඩයල් එහෙමත් අපි දිහාට රබර් ඇස් දමනවා.

"මල්ලී මිට පස්සේ පෝක් ටිකක් හදන්න අපි හැමදාම එනවා මෙහෙන් කන්න." 

අන්දු බයියා කැසීයර් එකට බිල ගෙවද්දිත් පෝක් ඉල්ලා හිටියා. හැබැයි එකෙක් වත් මුකුත් කියන්න ගියේ නැත්තේ අපි බීලා හිටපු හින්දාද මන්දා.

කොහොමින් කොහොම වැඩි අතුරු ආන්තරාවක් නැතිව ඌරු මස් කන්නට ඉල්ලලා මුස්ලිම් හෝටලේ කුස්සිය ඇතුලේ මස් වෙන්නේ නැතිව එළියට බහින්න පුළුවන් උනා. 

දැන් දෙන්නා එක්ක කන්ද බැහැගෙන කොටහේන හංදිය පැත්තට එනවා. අන්දු බයියා කලිසමෙන් එළියට ඇදුන කමිසයේ එක පැත්තක් බාගෙට යටකරගෙන " තෝ මොකටද බිෆ් කෑවේ මම එපා කිව්වානේ."  ආයෙමත් මේකා මට බනින්න පටන්ගත්තා. මේකාගේ අධි සංඛ්‍යාත බේස් වෙයිස් එකෙන් බැනුම් අහගෙන ඉන්න මෙලෝ යකෙක්ට පුළුවන්ද මම වැඩේ වෙන පැත්තකට පෙරලන්න බලාගෙන පොරගේ ආස කෑම පෝක් ඇදලා ගත්තා.

"කෝ ලොක්කා ඔයා කිව්වේ මෙහේ ඕනා තරම් පෝක් තියේනවා කියලානේ." 

"යකෝ කොටහේනේ මෙච්චර කුරුසකාරයෝ ඉදලත් කෝ බං පෝක්? මට හිතෙක්කේ උනුත් දැන් හම්බයෝ එක්ක එකතුවෙලා උඹවාගේ බිෆ් කන්න අරන්."

පොර ඊළගට කතෝලිකයින්ට බනින්න ගත්තා. 

"මේ කොටහේනේ ඉස්සර තමයි හිටියේ කුරුසකාරයෝ දැන් වැඩි හරියක් ඉන්නේ දෙමළ. දෙමළ වැඩිවුනේ යුද්දේ එක්ක උන් කොළඹට ඇවිල්ලාද කොහේද. "

ඔහොම කියාගෙන අපි දෙන්නා කොටහේන වටරවුම ලගටත් දැන් ඇවිල්ලා.  දෙන්නා එක්ක ඊට ටිකාක් එහාට වෙන්න තියෙනා බස් නැවතුම දෙසට යන්න ගියේ ආමර් විදිය පැත්තට යන්න බස් එකක් ගන්න. බොලේ මෙන්න බස් නැවතුමට එහායින් බස් එකක් තියෙනවා ලොඩ් කරන්න බලාගෙන. කොන්දාත් බස්එකේ ඉස්සරා දොරගාව හිටගෙන ඉන්නවා.  

මේ තියෙන්නේ කොටහේනේ බස් හොල්ට් එක


"අන්දු බයියේ අන්න බස් එකක් තියෙනවා අදින්න කලියෙන් නගිමු. "

මම පොරවත් දාලා ඉස්සරාට ගියා. බස් එකට නගින්න සෙට් වෙලා ඉන්නැද්දී ඇහේ කොනෙන් දැක්කා ඉස්සරා දොර ගාව බදේ ගහලා තිබුන දම්පාට සෙමි ලක්ෂරි ස්ටිකරය. 

කොළඹ - පේදුරුතුඩුව

යකෝ මේක යාපනේ යන බස් එකක් නේ. 

"අන්දු  බයියා මේක යාපනේ යන එකක් " කියලා පොරටත් ඉන්වොමේෂන් එක දීලා කොන්දා එක්ක කතාවට වැටුනා. මේ වෙනකොට ඒ නමය මාර්ගය සම්පුර්ණයෙන්ම සුද්ද කරලා ඇරලා දුන්න අලුත නිසා යාපනේට නැත්නම් අපේ බොධිනි දොස්තර නෝනාට අනුව අනිත්කොනට යන්න හොල්සේල් බස් දුවන්න පටන් අරන් තිබුනේ රූට් පරමිට් එහෙම ඇතිවා හෝ නැතිවා. 

 හොදම සීන් කොන් එක සිද්ධවෙන්නේ දැන් තමයි. යාපනේට බස් එකක යන්න ආසාවක් ආවට යන්න කීයක් යනවාද වේලාව කොච්චරද කියලා සිතට එන සිතුවිලි කන්දරාව කටින් එළියට පැන්නේ බඩේ ඇල්කොහොල් උනුහුමේ තියෙන හින්දයි. 

"ආ මේක යාපනේද යන්නේ නැද්ද?"

"ගාන කීයද?"

"දැන් යනවාද? " 

"දැන් ගියොත් යාපනේට යනකොට වේලාව කීයට විතර වෙයිද?"

ඔය වාගේ පුරස්න ගොඩාක් මංතුමා කොන්දාගෙන් ඇහුවා මතකයි. අන්තිමට කොන්දා කිව්වේ "දැන් පිටත්වෙනවා. මහත්තයා යනවා නම් නගින්න කියලා. "

මේ බීපු මරගාතේ ගෙදරටත් නොකියා යාපනේ යන්න පිස්සුවක් නෑනොවැ.

"හරි මම පස්සේ එන්නම් යාපනේ යන්න"  කියලා අනිත් පැත්තට හැරුනේ අන්දු බයියාව සොයාගෙන. මට පස්සෙන් ආපු පොර නෑ. බැලින්නම් පොර ඉන්නවා බස් එකට ටිකාක් එහෙට වෙන්න තියෙන බස් හොල්ට් එකේ ඉන්න අවුරුදු දහඅට විස්සේ විතර සයිස් කොල්ලෝ පහක් වටකරන් අපේ පොරත් මොනවාද මන්දා උන් එක්ක ලොකු කතාවක පැටලිලා.  පොර ලගට යද්දී අධිසංඛයාතයෙක් ඇහෙනවා ලොකු දේසනාවක්.

"උබලා දන්නවාද උඹලා අපේ හමුදාවේ සිංහල කොල්ලෝ කීදාහක් මැරුවාද? අපේ අහිංසක මිනිස්සු කී දාහක් නිකං මලාද? "

 මගේ ඇගේ මයිල් අංසක අනූවට කෙලින් උනා. යකෝ මූ ඉල්ලන් ගම් පොරියල් එකක් කන්නයි හදන්නේ. ඒ විතරක් මදැයි මූ එක්ක ඉදලා අහිංසක මටත් කවන්නයි හදන්නේ. බිවෙත් එකට නම් සෙට්වෙන කෑමත් එකට බෙදාගෙන කන එකයි යුතුකම නේද? නිකං දුන්නොත් පිහිපාරක් උනත් බාරගන්න මිනිහා වෙච්චි මංතුමා විරයා සේ කොල්ලෝ මැදට පැන්නා. 

"උඹලා යාපනේද? " අන්දු බයියා ඇහැව්වා

"අනේ අයියා අපි දෙමළ උනාට එල්ටිටිඊ නොවේ. අපි යාපනේ ගිහිල්ලාත් නෑ දැකලාත් නෑ. අපි කොළඹ."  එක කොල්ලෙක් කිව්වා.

"හරි හරි මල්ලිලා වැඩේ ෂේප්. අපි යන්නනම් ගුඩ් නයිට්. යමු යමු ලොක්කා මොකක්ද මේ කතා දැන් තවත් රෑ වෙනවා. "

මං පොරගේ අතින් ඇදන් බස් හොල්ට් එකෙන් එළියට ආවා. 

"නෑ මං කියන්නේ  මුන් හින්දා අපේ සිංහල කොල්ලෝ කීයක් මලාද?"

"පිස්සුද ලොක්කා මේ කොල්ලෝ පොඩි උන්නේ."

"මුන් තමයි උන්ට සපොට් කළේ මෙහේ ඉදන්. හිටං උන්ට මම ආයෙත් කියලා දීලා එන්න. "

අන්දු බයියා මගේ අත ගසා දමලා ආයෙත් එතැනට යන්න හදන්න ගත්තා.

"මෙන්න මෙහෙ වරෙන් යන්න මේක උන්ගේ එරියා එක කන්නද හදන්නේ. "

"එහෙම කොහොමද යකෝ අපිට ගහන්නේ මේක අපේ රට."

කොහොමින් හරි මංතුමාට පුලුවන් වෙනවා අන්දුබයියාව එතැනින් එහාට අරගෙන යන්න. 

හයේහතරේ බොඩියක් තිබුනු අන්දු බයියාව බස් හොල්ට් එකේ උන්නු කොල්ලන් හිතන්න ඇත්තේ කරටි කැඩෙන්න ගහපු ආමි ඔපිසර් කෙනෙක් කියලා වෙන්නැති. යුද්දේ අවසාන වෙච්චි අලුතම හින්දා කවුරු කවුරුත් සලෙන්ඩර් පිටනේ හිටියේ. එදා ගම් පොරියල් එකක් සෙට් උනා නම් තාමත් අපි දෙන්නා කොටහේනේ හංදියේ ගුටි කනවා.  

එතැනින් ගැලවුනාට අන්දු බයියාගේ රස කතා ඉවර නෑ.


45 comments:

  1. අර කතාව ඇත්ත. එකට බිව්වනං, එකට කන්ඩ ඔ්නෙ. ඒක පෝරියල් ද, කට්ට ද කියන එක අදාළ නෑ

    ReplyDelete
    Replies
    1. සමහරු එහෙම නෑ කෑවා බීවා පෝරියල් එකක් සෙට් කරලා මාරූ උනා.ආයේ උන්ව බෝතලයක් ගෙනල්ලා කතා මිස නෝ කතා.

      Delete
  2. +++++++++++🙏👌🦉🐶
    මේ කමෙන්ට් එක දිග අලුත් පෝස්ට් එකක් දැම්මාට. බලල ඉවර වෙලා, කමෙන්ට් බලල ඉතුරු කමෙන්ට් ටික දාන්න එන්නං.😊

    ReplyDelete
    Replies
    1. උන්දෑ ලිස්සන්න දෙයියා වුනාට මාත් එක්ක කිව්වා, පෝස්ට් එක හොඳ නිසා, කෑම කාලම බලනවා කියලයි. තෝත් ගිහින් බුරල වර කිව්ව නිසා මේ ආවෙ.

      සෑර්ල මස් විතරනෙ කන්නෙ, කට්ටක් තිබ්බොත් මටත් දාන්න, ඈ?😊

      Delete
    2. මොන මස් ද ටොමියෝ අපිටත් ලැබෙන්නේ මස් කලදක් නැති වේලිච්ච කටුම විතරයි. ඔහේටත් වෙජිටේරියන් බිෆ් කට්ටක් එවන්නද

      Delete
    3. ලිස්සා බස්සා
      මාත් ලිස්සා
      +++++++++++++++

      Delete
  3. හෙහ්

    නිදිතුමා වගේ කෙනෙක් ලඟ හිටියනම් කන එක කොහොමවෙතත් කන් අඩිය පැලෙන්න අහගන්න තිබුනා

    ReplyDelete
    Replies
    1. අපොයි එකපාරක් එහේ සෙට් වෙච්චි එකකදී බීලා බයික් එකෙන් ගියා කියලත් හොදට ලුනු ඇබුල් ඇතිව අහගත්තා

      Delete
    2. බනින්න ඕනි තැනදී නොබැන කොහොමද?

      Delete
    3. //ලුනු ඇබුල් ඇතිව අහගත්තා
      අඩේ තව ටිකක් අහගන්න තිබුනා අටමගෙන් ගත්තු උපදෙස් නිසා පන බේරගෙන ගෙදර ආවා කියලා කිව්වනං.

      Delete
    4. හැක්.. හැක්..එදා ඔහේටත් මතකයි නොවැ..

      Delete
    5. සිරිබිරිස් උන්නැහෙත් කාලෙකින්!
      ආයුබෝවන් කිව්වා....

      Delete
  4. චැහ්.. තව සිංහලයො දෙන්නෙකුට මැරෙන්න තිබ්බ චාන්ස් එක මිස් වෙලානෙ. :D

    ReplyDelete
    Replies
    1. අනිවා.. දැන් මැරුම් කන්න වෙන්නේ අන්දු බයියා දැනගත්තොත් තමයි.

      Delete
  5. අන්දුබයියා නියම සිංහලබෞද්ද® යෙක් නේ

    ReplyDelete
    Replies
    1. හරියටම හරි පෝක් කන බීෆ් නොකන හා මස් හොදි එක්ක එලවලු විතරක් කන වෙජිටේරියන්ලා වාගේ

      Delete
  6. ගොඩ වැදුනා නියමයි..ගොඩාක් මහන්සිවෙලා තියෙනවා

    ReplyDelete
  7. හැබෑ රසයක් - මොකෝ වෙනසක්
    බලමු කියවන - අයගේ මතයක්
    බීල ලිව්වද, ලියල බිව්වද
    කියන එක නං මටත් පැනයක්!

    ReplyDelete
    Replies
    1. මතින් ගෙනනා අරුමු රසයක්
      නොබී ලියලා නැතේ වෙනසක්

      Delete
  8. අම්මට සිරි එළ කිරිනේ! උඹට කියන්න එක පාරක් බිග් මැච් ඉවර වෙලා අපි ගහලා ඇදවෙන්න; කන සාකුවල දාගෙන බම්බල පිටියේ මොකක්දෝ මගුල් හෝටලේකට ගියා කන්න රෑ අටට විතර. කොත්තු තමයි කන්න සෙට් උනේ! එතන හිටියා ප්‍රියන්ත ප්‍රසාද් පෙරේරා කියලා එකෙක්. ඌ දැං ඇමරිකාවේ දොස්තරෙක්. එතනට ගේන ගේන කොත්තුව මූ එපා කියනවා "අපි කන්නෑ කොස් මැල්ලුං!" කියලා! එදා කථාව නැගලා ගිය තරමට මං නං හිතුවේ කෑවාම තමයි කියලා!
    ඉතිං අන්දු බයියාගේ තවත් කථාවකින් හමුවෙමු.
    ආ තවත් එකක් එතකොට අර බන්දු අයියා කියන්නේ මුගේ නෑයෙක්ද?

    ReplyDelete
    Replies

    1. අපොයි අන්දු බයියාගේ එක කුසේ උපන් දත්බොල්ලෑ පුංචි අම්මාගේ ඇස්වපර බාල දුවගේ කසාද නොබැදපු හොර මිනිහා පල්ලා බන්දු අයියා කියන කෙනෙක් දැකලත් නෑ දන්නෙත් නෑ.

      Delete
  9. 😀
    අපිත් එක දවසක් කොල්ලුපිටිය බම්බලපිටිය පැත්තෙ හෝටලේකට ගිහින් රෑට කන්න බියර් තියෙනවද ඇහුවා බැලින්නම් ඒක මුස්ලිම් හෝටලයක්

    ReplyDelete
    Replies
    1. පෝරියලක් සැට් උනා නම් මස් කපන කොටේ උඩ තියලා කොන කපාගන්න තිවුනා..

      Delete
  10. අඩේ මේක පෝක් කොත්තුවකටත් වැඩිය රහයි බොලං. උඹැහෙට හොඳටම විස්වාසද බන්දු අයියා මේවා බලන්නෙ නෑ කියලා? අර යාපනේ කතා ලියන නඟාල දෙන්නයි, අනිත් කොනේ නෝනගෙයි බ්ලොග්වලට එනවනෙ එහෙම හාදයෙක්? එන්නෙ නං වෙන නමකින්, ඒත් අර දෙමල කොලු පැටවුන්ට බන්දු අයියා බෙදපු තෙලම තමා දෙන්නෙ. හැබැයි කිව්වෙ, එයා තෙල් දෙන්නම්ලු, දොස්තර නෝනෙට ඒවා බෙදන්න කියලයි.🤔

    ReplyDelete
    Replies
    1. අන්දු ලොක්කා මේවා බැලුවේ ඔෆිස් එකේ කොම්පීතරේ හින්දා. දැන් බලන්න විදිහක් නෑ කියලා හිතෙනවා.

      Delete
  11. හොහ් හොහ්..
    අරුං නෙලුවෙ නැති එක පුදුමයි. තව ටිකක් වෙලා පෝක් ඉල්ලුව නං කොණ කපාගන්න තිබ්බ මස් කපන මන්නෙංම 😂😂😂😂

    ඒම අන්දු බයියලා නංංසංසාරෙට එපා. නැවකට කාලවත් බේරෙන්න වෙන්නෑ. 😂😂😂

    ReplyDelete
  12. අන්දු බීලා නිසා ගුටි කෑවත් දුකක් නැහැ.වෙරි හිඳෙන කොටනේ අමාරුව. අමුවෙන්ම ඔය ජාතියේ කොකු වලට පැටලෙන එවුනුත් ඉන්නවනේ ලොක්කා.උන් තමයි බයානකම.

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමයි. අමුවෙන්ම කොකු හොයන් ගිහින් දාගන්න උන් අන්තිමට ගෙදර මාරු. වෙන උන් ගුටිකාලා ඉස්පිරිතාලෙ අනික් උන් පොලීසියේ

      Delete
  13. මුස්ලිම් කඩේකට ගිහින් බීලත් තියනවා. අපි අරන් ගිය බීම. වැඩිපුර ගෙව්වා හැබැයි. මුලිම් කඩවල් බොන්න දෙන්නේ නැත්නම් ඉතින් මෙහෙ තුර්කි රෙටුරන්ට් ටික අනාතයි . මොකද ඔය ලංකාවේ අපේ යාලුවෝ බීපු ගමන් කොත්තු හොයන්නේ.

    ReplyDelete
    Replies
    1. මොකාද යකෝ මගේ අකුරු හොරකම් කලේ

      Delete
    2. කොත්තු කියන්නේ පිටි වලින් හදපු කෑමක් නේ. කෑවට පස්සේ කරටි කැඩෙන්න ගහපුවා බහිනවා බස්සා ලිස්සනවා වාගේ. එකයි කොත්තුවේ රහස.
      අකුරු හොරකමේ යන්නේ අර හොර ගූගලයා තමයි.

      Delete
    3. අපි නම් මෙලන් කන්නේ ඒකට . නැත්නම් ඔරේන්ජ්.

      Delete
    4. දන්නවානේ ලංකාවේ ගමක ටවුමක පළතුරු හොයනවාට වඩා ලේසියෙන් කඩේකින් කොත්තු හොයාගන්න පුලුවන්.

      Delete
  14. අපෙත් ඉන්නවා අනුන්ගේ වලි වැල් පොළියට ඉල්ලගන්න උං...ඒත් වැඩේ තියෙන්නේ උං තාම පෙන්ෂන් ගිහින් නෑ. ඉතිං ලියන්ඩ බයයි. අපි ඔය සීන් එකම ආපහු කරලා බලමුද අවුරුදු දහයකට විතර පස්සෙ ලැබෙන ප්‍රතිචාර වෙනස් වෙයිද කියල. බොන්ඩ කන්ඩ සල්ලි මං ගානෙ...(සල්ලි දෙන්නෙ ආවට පස්සෙ!). යූ ටියුබ් එකේ ලයිව් දෙමු එන්ටටේන්මන්ට් එක!!

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් ප්‍රතිඵලේ දකින්න මහ ඉස්පිරිතාලේ හදිසි අනතුරු එකෙන් සීරිම් තුවාල මැහුම් දමාගෙන හා කැඩුම් බිදුම් වලට හොරිවිල හරි මරදන්කඩවල වැල්ඩින් වෙදා ගාවට යන්න වෙන්නේ නෑ ඊට කළියෙන් පිගන් ගඩොල් අල්ලපු සිමෙන්ති ඇදේ දපන්න පුලුවන් වෙයි. දැන් තත්වය එච්චරටම සුන්දරයි.

      Delete
  15. මේ වන විටත් ඔබගේ බ්ලොගය අප අපගේ සින්ඩියට ඇතුලත් කොට හමාරය. එය "3. බ්ලොග් සඟරා" කොලමයේ දක්වා ඇත! අපට අවශ්‍ය වන්නේ බ්ලොග් ස්වර්ණමය යුගයක් යලිත් ඇතිකිරීමටය. ඒ සඳහා ඔබගේ සහයෝගයද අප නිරන්තරයෙන් බලා පොරොත්තු වෙමු. අප පිළිබඳව හැකි උපරිම ප්‍රචාරණයක් ලබා දෙන්න!

    ReplyDelete
    Replies
    1. අනේක වාරයක් ස්තුතියි. දැනගත් වහාම සදකඩපහනේ හංවඩුව බ්ලෝගයේ එල්ලා ගතිම්.

      Delete
  16. මේක නං පට්ට රහ පෝස්ට් එකක්. සිරීයස් පෝස්ට් වලට වඩා මේ දවස්වලට ගැලපෙන්නෙ, මේ රටාවේ පෝස්ට් කියලයි හිතෙන්නෙ. අර මල්ගුඩි දවස් කතාවල වගේ, පිටින් පේන හාස්‍ය රසයට වඩා දෙයකුත් නැත්තෙනත් නෑ.🙏👌😊

    ආ "බස්සා ලිස්සුව" කිව්වාමයි මතක් වුනේ. අපේ තට්ට සෑර්ගෙ සිරා "රාග-තාල" පෝස්ට් එකට මම ගැහැව්ව නෙව වැටක්. ඒ අහක්වෙලා, ලිඛිතා නෝනෙගෙ "බිළාල කොපිය" පෝස්ට් එකට ගිහිල්ලා" මරේ මරු" කිව්වයි කියලා, තව පොඩ්ඩෙන් කනවා කොසු පාරක්. ඉතිං කොහොමදෑ නොලිස්සා ඉන්නෙ?🤔

    ReplyDelete
    Replies
    1. ලිඛිතා නෝනාගේ බිලාල කොපියේ තට්ට මහතාව නොකැඩෙන අත්තකට නංවා තාලය අල්ලා රාගය සෙව්වෙමි.

      Delete
    2. ලිඛිතා ගේ බ්ලොග් එක ඉන්වයිට් ඔන්ලි එකක්ද ? මම දැක්කේ නැහැනේ

      Delete
    3. නෑ... කඩදාසි කොලේ කියලා බ්ලොග් එකක් තියෙන්නෙ.
      http://kadadasikole.blogspot.com/

      Delete
  17. කෝ මේ මනුස්සයා අහවල් මගුලක ගිහිල්ලය

    ReplyDelete

අදහස් මෙතන නිදහස් කරන්න

මෙන්න ඒ ගීත 10

ගියවර පොස්ටුවෙන් ඇහැව්වා සිංහල ගීත10 ක් පුළුවන්ද නම් කරන්න කියා. නමිනං උන්නැහැ ගීත දෙකක් ද කොළඹ ගමරාල අප්පුහාමි එක ගීතයක් ද හා වෘත්තාන්ත බ්ල...