Wednesday, August 10, 2022

කොළොම්පුරයාගේ සැවුල් අන්දරය


පාද යාත්‍රාවේ ගිහින් ආපු නිදි ලොක්කාගේ සැප දුක අසන්නට දුරකතන ඇමතුමක් දුන් කොළොම්පුරයාට ලියන්නේ නැද්දයි අසමින් සොඳුරු තගත් දැම්ම බැවින් කප්පරක් රාජකාරි වැඩවල එරිලා හෙම්බත්වි ඉන්න අතරේම මේක ලියන්නට පටන් ගත්තා. කියවන සුවහසක් කොළොම්පුරේ සහෘදයින් හැමෝම නිදි ලොක්කාට මේ පොස්ටුව වෙනුවෙන් ස්තුතිය පුද කරන්න ඔනේ.

         මේ පොස්ට් එකේ මාතෘකාව වෙන්නේ සැවුල් අන්දරය නෙවැ. දන්නේ නැති උන්නෑහැලාට දැන ගන්න කියන්නේ සැවුලා කියන්නේ කුකුලා හරිද? ඉස්සර ආදිකාලේ අපේ කවිකාර උත්තමයෝ එක එක කුරුල්ලන් අතේ දෙවියන්ට සංදේශ ඇරියා. එවාට කියන්නේ සංදේශ කාව්‍ය කියලා. සීතාවක රාජසිංහ රජුගේ කාලයේ අලගියවන්න මුකවැටිතුමාත් ලිව්වා නොවැ සැවොල් සංදේශය හෙවත් සැවුල් අස්න කියලා සංදේශ කාව්‍යක්. සීතාවක රාජසිංහ රජුට සෙත් පතලා සපරගමුවේ සමන් දේවාලයේ වැඩසිටිනා සුමන සමන් දෙවිදුට සැවුලෙක් අත මේ සංදේශය ලියා යැවීමයි පරමාර්ථය වුනේ. වැඩි විස්තර මෙන්න මෙතනට කොටලා මේ බ්ලොගයෙන් බලා ගන්න පුලුවනි. 

Coat of arms of Galle


                ඔහේලා දන්නවාද පෘතුග්‍රිසිකාරයෝ ගාල්ලට දුන් ලාංජනයේ ඉන්නේ ගලක් උඩ ඉන්න කුකුලෙක්. පෘතුග්‍රිසිකාරයෝ කුණාටුවකට අසුවෙලා ගාල්ලට ආවාම මුලින්ම දැක්කා කියන්නෙ කුකුලෙක්ලු. ඔය ගාලු කොටුවේ තියෙන සමහර ස්මාරක ගොඩනැගිලි වල කුකුල් සලකුණ තියෙනවා. පැට්‍රල් තියේනවා නං ගාල්ල කොටුවත් සමුද කෞතුකාගාරයත් දැක බලාගෙන සැවුල් සලකුණ බලාගෙන ආවානම් හොදයි නේද? අදටත් ගාල්ල මහනගර සභාවේ ලාංජනයේ කුකුලා ඉන්නවා. ගාල්ල නැතිනම් ගොල් "Galle" කියන නම හැදෙන්න ඇත්තෙත් ලතින් බාසාවෙන්  "Gallus" කුකුලාට කියන  නම හින්දා වෙන්නැති. 




ලංකාවේ ජාතික පක්සියා වෙන්නෙත් වලි කුකුලා . "Sri Lankan Jungle Fowl / Ceylon Jungle Fowl" වඳවෙමින් පවතින අපේ රටට පමණක් ආවේණි්ක ආරක්ෂිත සත්වයෙක් තමයි වලි කුකුලා කියන්නේ. 

 කවුද ඩෝ චන්ඩි.....වලියට බර නැති අහිංසක වලි කුකුලා


කුකුල් කෙටවිල්ල "Cock fighting"   ලොවේ පැරණිම ක්‍රිඩාවක්. දේශගවේෂක ෆ්‍රඩිනන්ට් මැගලන් පිලිපීනය සොයාගන්ද්දි පවා එහි කුකුල් කෙටවිල්ල තිබුනා කියවෙනවා. කුකුල් කෙටවිල්ල හෙවත් පොර කුකුල් ක්‍රීඩාව ලංකාවේ තහනම් ක්‍රීඩාවක් උනත් තාම හොර රහසේ මේ වැඩේ කොරනවා. සැවුල් ඉතිහාසය දැනට ඇති නේද? ඔන්න ආපහු කතන්දරේට යමු.

කොළොම්පුරයාට පොඩි ඇගේ අමාරුවක් ආවා කොළොම්පුරේ නාගරික ජිවිතයෙන් මිදෙන්න. නාගරික පරිසරයෙන් වැඩිය ඈතකට නොවි පොඩ්ඩක් ඈතට ගිහින් අලුත් නිවසකට ගෙවැදුනු හින්දා ඉඩකඩ ඇති වත්ත පිටියකුත් ලැබුනා. සකල කළා කම්මැලි කොළොම්පුරයාට වැඩත් ලැබුනා ඉදහිට දනක් උසට වැඩෙන තණකොල කපලා සුද්ද ප්‍රවිත්‍ර කරන්න එහෙම. ඒ ඉන්න අතරේ කොළොම්පුරයාගේ අකලට පහළ වෙච්චි මොළේට ආවා අපුරු අයිඩියාවක් ගෙදර ආරක්සාවට කෙසේවෙතත් බොරුවට හරි ගෙදර බල්ලෙක් ඉන්න ඔනේ කියලා බලු තඩියෙකුත් හදන්න. ඔන්න කොළොම්පුරයා ඔපිස් ආව වෙලාවේ ඉදන් අන්තර්ජාලේ සැරි සරන්නේ බලුපැටියෙක් හොයමින්. අන්තිමේදි කදානේ බලුපැටව් විකුණන්නෙක් ගෙන් අරන් ආපු බිගල් වර්ගයේ සුනඛයා ටෙරි නාමය පටබැදගෙන ගෙදර සාමාජිකයෙක් උනා. මිනිස්සු එක්ක උන්නත් බල්ලා බල්ලාමයි හින්දා උගේ බලුගතිය වැඩිවෙලා අහුවෙන අහුවෙන එක කාලා දාලා අන්තිමේදි කොළොම්පුරයාගේ පුතන්ඩියා බංචියාගේ ඇස්කන්නාඩි දෙකත් විකලා දැම්මා. උගේ නැට්ටෙන් අල්ලලා විසික් කරන්න තරම් කේන්තියක් ආවට කොළොම්පුරයාම කරගත්තු මෝඩකමක් හින්දා ඉවසාවදාරාගෙන ඉන්නවා වෙන මක්කරන්නද?
ලැජ්ජාවට හැංගිලා


රෑ එළි වෙද්දි ලිං කැනලා කුඹුරක් සේ හාලා තියෙන සුපියල් වලින්ම බර ගානක් වියදම් කරලා මැලේසියන් තණකොල පිඩැලි අල්ලපු මිදුල දකින කොට ඇතිවෙන්නේ පට්ටම දුකක්. දම්වැලක් ගෙනවිල්ලා බැදලා දම්මාම බඩ පැලෙන්න බත් කාලා ගෙරෙවා ගොරවා නිදා ගැනිල්ල තමයි ටෙරියාගේ රාජකාරිය. ඕනෑම දෙයක් හිතට අල්ලලා තියෙන්නේ ටික දවසයි නොවැ ඉතිං බලු සුරතල් දැන් ඉවරයි. යකඩෝ මෙන්න කොළොම්පුරයත් අර නිදහස් සිතුවිලි එකේ රවි ලොක්කා වාගේ පදුරු තලන්නත් අරන් නෙව. හා හා යමුකෝ ආපහු කතාවට....

           සල්ලි වියදම් කරලා එකෙන් වියදමවත් පියවාගන්නට බැරි අහක යන ගොන් වැඩකට අත දාන්න ලඟදි ඉදන් කොළොම්පුරයාගේ අහවල් එකේ ඉත්තෑවෝ දුවන්න ගත්තා. වත්තේ ඉඩකඩ තියෙන එකේ ගම්කිකිලියෙක් හැදුවොත් බිත්තරයක් වත් කන්න පුලුවන්නේ කියලා මංතුමාට හිතුනා. හිතුනොත් එක කරලා කෙලෝගන්න කම් ඉවසිල්ලක් නැති කම තමයි කොළොම්පුරයාගේ තියෙන එකම මෝඩකම. ඕං ආපහු අන්තර් ජාලෙන් ගම් කිකිලියන් ගැන හොයා බැලිල්ල තමයි පළමු රාජකාරිය කොරගත්තෙ. ඒ අතරේ කොළොම්පුරයාගේ රාජකාරි ස්ථානයේම උසස් නිලධාරියෙක් වෙච්චි පරණ යාලුවෙක් මුණ ගැහුනා. බැලින්නම් එයත් මිට පෙර කුකුල් ගොවිපොලක් කරපු කෙනෙක්. යාලුවා ඉන්නෙත් කොළොම්පුරයාගේ අලුත් නිවාසයට කිලෝමිටර් පහක් විතර ඈතින්. කොළොම්පුරයාගේ කුකුල් ආසාව ඇහුවා විතරයි ඔන්න යාලුවාගේ සැඟවුනු කුකුල් ඇතිකිරීමේ ආසාවත් ආපහු පණ ගැහිලා ආවා නොවැ. එදා ඉදන් දෙන්නාගේම වැඩේ ගම් කිකිලියන් සොයන එකයි. කිකිලියන් ගෙනාවට දාන්න කූඩුවක් තියෙන්නත් එපැයි. වැඩ රාජකාරි අස්සේ කොහෙන්ද කුකුල් කූඩු හොයන්නේ? ආවා මරු අයිඩියාවක් කොළොම්පුරායේ කාබාසිනියාකාර ලිං හාරන බලු ටෙරියාගේ බලු කූඩුව මේ වැඩේට හරියටම හරි යනවා. ඉතිං සිනිදු සියුමැලි හාඩ්වෙයාර් එකට දුවලා ගිහින් ගෙනාව කුකුල් දැල් මිටර් කිහිපයක් ගැහැවා වටේටම දැල්. දැන් බලු කූඩුව කුකුල් කූඩුවක් උනා. අනේ අසරණ ටෙරියාගේ නිවහන නැතිවුනා.   මේ අස්සේ මුහුණු පොතේ තිබිලා පානදුරේ මාලමුල්ලේ ගම්කිකිලියන් වගයක් විකුණන්න තියෙනවා කියන ඇඩ් එකක් යාලුවා දැක්කා. එදා හවසම දෙන්නත් එක්ක ඒකත් බලන්න ගියා. යන කොට කලුවරත් වැටිලා ඒ මදිවට ලයිටුත් නෑ. එතැන තිබුනා පළමු මුරය බිත්තර දමාපු කිකිලියන් 9ක් විකුණන්න. දෙන්නාත් එක්ක කතාවෙලා එකෙක් රුපියල් එක්දාස් පන්සියය ගානේ කොළොම්පුරයා කිකිලියන් තුනක් හා ඉතිරි හයදෙනා මිතුරාත් මිලදිගත්තා. ගෙදර ගෙනාවට පස්සේ කොළොම්පුරයාගේ රාජකාරිය තමයි උන්ගේ සැපදුක් බැලිල්ල. සතුන්ට ලැදියාවක් දක්වන කොළොම්පුරයාගේ පුතන්ඩියා බංචි කුකුල් වැඩේ ස්වෙච්චාවෙන්ම බාරගත්ත නිසා කොළොම්පුරයා ඒ වැඩෙන් නිදහස් වෙලා ගියා.
කිකිලියන් තුන්දෙනා

දාපු පළමු බිත්තරේ




 ගෙනල්ලා දවස් දෙකකට පස්සේ කලුපාට කිකිලි දැම්මා බිත්තරයක්. ඊට පස්සේ දවසක තවත් බිත්තර දෙකක් ලැබුනා. අනේ දවසක සවස කලු කිකිලියව බංචිට කුඩුවට දාන්න අමතකවිමෙන් ඌ අතුරුදහන් වෙලා. කොළොම්පුරයා වැඩ ඇරිලා ඇවිත් රෑ වෙනකම්ම කළු කිකිලිව හෙව්වා නමුත් ආයෙමත් ලැබුනේ නෑ.

 කිකිලියන්ට බිත්තර දාන්න කුකුලෙක් ඔනේ නැතිවුනත් කුකුලෙක් හිටියොත් බිත්තර දැමිල්ල වැඩි වෙනවා කියලා අර කුකුල් උපදේශක යාලුවා කිව්වා. දැන් දෙන්නා ආපහු කුකුලෙක් හොයනවා. ඔන්න පානදුරේ මාලමුල්ල පැත්තට වෙන්න කුකුල් ඇති කරන කෙනෙක් ගාව පැටවු ඉන්නවා කියලා යාලුවා සමගින් කොළොම්පුරයා පිටත්වුනා. එදත් එහෙට යද්දි කලුවර වැටිලා විදුලිය විසන්ධිවෙලා. කුඩු දෙකක හිටපු කිකිලි හා කුකුල් පැටවුන් දොලොස් දෙනෙක් සයිස් දෙකකින් ඉන්නවා. හැබැයි එකා දෙන්නා දෙන්නේ නෑ විකුණන්නේ ඔක්කෝම එකවරටයි. උන් ඔක්කෝම රුපියල් දහදාහයි. ඒ පාර දෙන්නා හය දෙනා බැගින් බෙදාගෙන උන් අරන් ආවා. තව බිත්තර දමන උන්ට දෙන හා පැටවුන්ට වැඩෙන කුකුල් කෑම කිලෝ පහ බැගින්ද වතුර දාන හා කෑම දාන භාජන දෙක බැගින්ද අරගත්තා. අරන් ආපු කිකිලි පැටවුන් පරණ කිකිලි දෙන්නා ඉන්න කුඩුවට දැම්ම ගමන් පටන් ගත්තා කොටන්න. උන් බේරෙන්න දුවනවා. හැංගෙන්න තැන් හොයනවා. රෑට විතරයි සාමකාමිව ඉන්නේ. ඊට පස්සේ දෙගොල්ලෝ වෙන් කළා. සතෙක් අරන් යයි කියලා එළියෙන් තියන්නත් බෑ නොවැ. 
                පහුවෙනිදාම ගියා ලී මඩුවට ගෙනාවා දෙකේ දෙකේ පොලු හා රිප්ප තොගයක්. සිනිදු සියුමැලි හාඩ්වෙයාර් එකෙන් ගෙනාවා අඩියක් රුපියල් 300 ගානේ ප්ලාස්ටික් කොටඩ් දැල් අඩි විසි පහකුත්. කපන්න කොටන්න ඇනගහන්න පටන් ගත්තා යුද්දේ. මේ අස්සේ විදුලිය කැපිල්ලත් ආවත් වැඩේ නතර නොකර විදුලි පන්දමක් දල්වාගෙනත් වැඩ ටිකත් කරගෙන ගියා. අන්තිමේදි අලුත් කූඩුව හදලා ඉවරවෙද්දී රාත්‍රි දොලහත් පහුවෙලා ඉවරයි. අලුත් කූඩුවත් බලුකූඩුවට වඩා ලස්සනට හා ඉඩකඩත් වැඩියෙන් හැදුනා. එත් බොලේ අලුත් කිකිලි පැටවුන් හය දෙනා දැම්මාමත් ලොකු තුන්දෙනා පොඩි තුන්දෙනාට කොටනවා අමර කෙටිල්ලක්. පස්සේ යාලුවෙයි කියලා තිබ්බත් උන් පොඩි සේට් එකට බරපතල විදිහට තුවාල කරලා. දැන් කොහේද මුන්ව දාන්නේ? බැරිම තැන උන් තුන්දෙනාව අරන් බෙටඩින් ගාලා එළියේ තියේන සේවක වැසිකිලියේ ඇතුලට දැම්මා. පහරදිම් වලින් බරපතල තුවාල ලබපු එක පැටියක් දින කිහිපයකින් නිවන් සුව සොයාගෙන යන්නම යන්න ගියා. 

ඉතිරිවුනු දෙන්නා


                      තව ඉරිදා දිනයක කොළොම්පුරයා විවේක සුවයෙන් ඉන්නා අතරේ කුකුල් උපදේශක යාලුවාගෙන් දුරකතන ඇමතුමක් ලැබුනා එළුවිල හංදියේ කඩයක කුකුල් නාම්බෝ වගයක් විකුනන්න ඉන්නවා ගන්නවා නම් ගිහින් එමුයි කිවිවා. ඔන්න කොළොම්පුරයාගේ ඉත්තෑවා ආයෙත් කුලප්පු වෙන්න ගත්තා. යාලුවා එක්ක ගිහින් රුපියල් දෙදහක් ගෙවලා කුකුල් නාම්බාවත් මොටෝසයිකලේ ගැටගහන් ගෙදර අරන් ආවා. දන්නවා නේ කොළොම්පුරයාගේ මොට්ට මොළේ තරම ගෙදර ගෙනාපු හැටියේම එළියේ උන්නු කිකිලියෝ දෙන්නා ගාවට කුකුල් නාම්බාව අත හැරියේ මෙන්න උඹලාට හස්බන්ඩෙක් අරන් ආවා කියලා. ටික වේලාවක් නිදැල්ලේ හිටපු නාම්බා බලන්න බංචි දුවගෙන ආවා විතරයි මෙන්න එක පාරටම ඌ කුඩුව උඩට පියඹලා ගියා. ඌව අල්ලන්න හදනකොටම අඩි දොලහක් විතර උස තාප්පෙට පියබලා ගිය කුකුල් නාම්බා පැන්නෙ නැද්ද අල්ලපු ගෙදරට. අඩි දොලහක් විතර උස තාප්ප බඩ ගාන්න බැරි කොළොම්පුරයා අල්ලපු ගෙදරට වටේ පාරෙන් යද්දි බංචිත් දුවගෙන ආවා. ඒ ගෙදරට ගිහින් අල්ලන් හදනකොට මෙන්න මේකා ඊට අල්ලපු ගෙදර වත්තට තාප්පේ උඩින් පියඹලා ගියා. දැන් මොකද කරන්නේ? ඒ ගෙදරට යන්න ඔනේ එහා පැත්තේ පාරෙන්. අනවසරෙන් තාප්ප උඩින් පනින්නත් බෑ නොවැ. ඔන්න දෙන්නා එක්ක ආයෙමත් වටයක් ගහලා ඒ ගෙදරටත් ගියත් මේ කැ% නාම්බා ආපහු පැන්නා ඉස්සෙල්ලා හිටපු වත්තට. ආයෙමත් වටයක් යන්න බැරිකමට අතපය විතරක් නොවේ බඩත් හුරාගෙන තාප්පෙන් පැන්නා ආයෙමත් අල්ලපු ගෙදරට. මේකා මංතුමා මෙහෙට ආපු ගමන් ආයෙමත් පැන්නා අල්ලපු වත්තට ගිහින් ඒ ගෙදර කොන්ක්‍රීට් ස්ලැබ් එක උඩටත් ඉගිලුනා. එතැන ගිහින් නිකං ඉන්නෙත් නැතිව කොචෝක් එකට හඬලන්නත් වුනා. දැන් කොළොම්පුරයා පැන්නා ආපහු ඒ වත්තට. දැන් ගෙවල් දෙකේ ඇන්ටිලා අංකල්ලා කොළොම්පුරයාගේ කුකුල් මෙහෙයුම නරඹනවා. බංචියත් බැරි බැරිගාතේ තාප්ප උඩින් පනිනවා. කුකුල් නාම්බා ඉගිලෙනවා කොළොම්පුරයා තාප්ප දිගේ අනුන්ගේ වතුවලට පනිනවා. කොළොම්පුරයා දවල්ට කාලත් නෑ බඩගින්න උපරිමේට ගිහින් දැන් මලේ මල පැනලා උන්නේ. රුපියල් දෙදහාට කෙලවුනත් කමක් නෑ උඹ පුලුවන් වේලාවක වරෙන්කෝ කියලා මංතුමා ගෙදර ගියා. ස්ලැබ් එක උඩට වෙලා හඬල හඬලා හිටපු කුකුල් නාම්බා කිකිලියන් හින්දා හවස්වෙලා ආපහු අපේ වත්තට බැස්සා විතරක් නොවේ කලුවර වෙද්දි කිකිලියෝ දෙන්නාත් එක්ක කුඩුවටත් රිංගුවා. යාන්තම් කෙළොම්පුරයාගේ සැවුල් මෙහෙයුම ඉවරකරගත්තා.
මේ ඉන්නේ කෑ%#  කුකුලා  

                     ඒ අස්සේ තවත් මිත්‍රයෙක් එයාගේ තාරා ජෝඩුවක් කොළොම්පුරයාට තෑගි කළා. කොළොම්පුරේ කියවන අය දන්නවානේ කොළොම්පුරයා නිකං දෙනවා නම් පිහි පාරක් උනත් බාරගන්න උත්තමයෙක් කියලා. ඉතිං තාරවන් ගෙනාවට පස්සේ තමයි ඊළග කේස් එක පත්තුවුනේ. මේකා කිනං තාරාවෙන් නොවෙයි අමුම අමු වලේ වල් තාරාවෙක්. මේකා කිකිලියන් පස්සේ පන්නගෙන ගිහිල්ලා උන්ට අතවර කරන්න ගත්තා. කුකුල් නාම්බා බලන් ඉන්නැද්දී මූ කිකිලියන් බලහත්කාරයෙන් දුෂණය කරන්න ගත්තා නොවැ. අන්තිමේදි බැරිම තැන තාරාවන් දෙන්නා ආපහු යාලුවාටම දීලා දැම්මා.

                එක ගම් කිකිලියක් අරන් ඇවිත් බිත්තර කන්න බලාගෙන හිතපු  කොළොම්පුරයා ගෙඩි සුපියල්ම තිස්දාහක් විතර වියදම් කරලා කූඩු හදලා  කිකිලියන් නමයකුයි (මියගිය  පැටවා හා අතුරුදහන්වූ කිකිලි ඇතුලුව) කුකුලෙකුයි  ගෙනාවා. මුලින් දාපු බිත්තර තුනට පස්සේ උන් තාම කිසිම බිත්තරයක් දැම්මේ නැත. කොළොම්පුරයා අතින් වියදම් කරමින් උන්ට කන්ඩ බොන්න දීලා කඩෙන් බිත්තර ගෙනවිත් කනවාය. බිත්තර දමන්නේ නැති එකට කුකුල් උපදේශක යාලුවා මේ ලඟදි ජීනියස් අයිඩියාවක් දුන්නා. ඒ කිකිලියන්ට බිත්තර දමන්නට අමතක වෙලා ඇති බැවින් බිත්තර මේ වාගේ කියලා හිතා ගන්නට කඩෙන් බිත්තර ටිකක් ගෙනවිත් කුඩුවේ ඇතුලින් තියන්නටය. අද හෙටම ඒ වැඩයත් කරලා බලන්නට කොළොම්පුරයා හිතා ගත්තා.

සැවුල් අන්දරය මෙතැනින් නිමියේය.          

49 comments:

  1. කොළොම්පුරේ මොට්ටයාණෙනි,
    තමුන්නැහෙට බනින්නට තරම් වචන නැති පාටය. ඒත් පටන් ගන්නෙමි. මේ ලියන්නෙ ඔහේට නොවේ.

    මම මේ නඩුව කියන්නේ blog කියවන උදවිය ජූරියට පත් කරලා, එයාලටය.

    මේ යක්ෂ පැටියාට අලුතින් පෝස්ටු ලියන්නට වෙලාව නැතිලු! ලියන්න දේවලුත් හිතෙන්නේ නැහැල්ලු. ඔහොම දේවල් කියන්නේ සතියකට වතාවක්වත් ටෙලිෆෝන් කරලා, මගේ සැප සනීප අහනකොටය. ඒ වෙලාවට මංතුමාණෝ කරන්නේ හූමිටි තියමින් අහගෙන ඉන්නා එකය- උඩගෙඩි දීමය. හරස් ප්‍රශ්න නං අහන්නෙම නැති තරමය. (ඒ මගේ හැටිය.)

    ඉතිං, පානදුරේ ගෙයක් හදාගෙන පදිංචියට ගියාට පස්සේ කොළොම්පුරේ අසංගට වැඩට යනවාට- එනවාට අමතරව ලියන්නට වෙලාවක් නැතිලු. මාස කීපයකට කලින් blogs ප්‍රවර්ධනය කරන්නට ස්වේච්ඡාවෙන්ම (එකෙක්කෙනා කතා කරගෙන වගේ) වැඩ ඇල්ලූ හතර පස් දෙනාගෙන් ඩ්රැකී විභාගවලටයි, අල කොමසාරිස් වැඩේටයි සින්න වෙලාය. අසංග බිසී වෙලාය. තට්ටයා මහත්තයත්, නමීත් ටික ටික ලියති. බස්සා- හැලපෙ වගේ අයත් ලියන්නේ දුටහටය.
    (මේ හැමෝම විතරක් නොවේ; Pra Jay, රවී, කණ්ඩා, ඉවාන්, කමී, අජිත්, අටමා හෙවත් ලක්මාල්, නවීන්, සිරිබිරිස්, මද්දා, චමී, Lotus, ප්‍රසන්න වගේ තවත් ගොඩ දෙනා මාත්තෙක්ක හිතවත් වුණේ blogs හරහායි. ඒ හින්දාම ඒ කවුරුනුත් නිතර ලියනවා දකින්නට මං හරීම කැමතිය. වෙලාව නැතිය කියන සමාවට කරුණ නම් මම පිළිගන්නෙ නැත. තියෙන්නට ඕනේ යමක් කරන්නට කැමැත්ත හා කැපවීමයි.
    - අර සමහර අය නං fb එකට විතරය දැන් ලියන්නෙ!)

    ඔහොම තියෙද්දීය, අසංග ගිය සතියේ මට ෆෝන් කළේ. මීට කලිනුත් අසංග මාතියාගේ 'අලුත් බඩු මිලදී ගැනීමේ- වෙළෙඳ දැන්වීම් කියවා 'අහක යන සර්පයන් රෙද්ද ඇතුළේ දමා ගන්නා අසනීපය' ගැන අහල තිබුණු මට, කුකුළු කතන්දරේ කියන්නට ගත්තේ. අපරාදේ කියන්නට බැරිය. එයාගේ වියදමෙන් ෆෝන් කළත්, අසංග පංච තන්තරේටත් වඩා අපූරුවට සේරෝම විස්තර කියයි. ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්නට බව තේරුණු මට යකා නැංගේය.
    "වෙන වචනයක්වත් කියන්න එපා! ලියනවා ඔය ගැන post එකක්!"
    "හරි හරි ලියන්නන් නිමල් අයියේ.... ඉතිං බලූ පැටියා....." අසංග ලැහැස්ති වුණේ එදාම ටෙලිෆෝනයෙන් කතන්දරේ මට කියන්නටය. "වචනයක්වටත් එපා කිව්වනේ. දැන් කිව්වොත් ඔය හිතේ නළියන එකේ සැර බාල වෙනවා. හැමෝටම කියවන්න ඕක ලියමු අසංග! අදම පටන් ගනිමු..."
    "හරි හරි ලියන්නං"
    "එහෙම බෑ, කවද්ද ලියන්නෙ?"
    "ලියලා සඳුදට publish කරන්නං." අසංග පොරොන්දු වුණේය.

    ඊයේ ආපහු කතා කරලා පෝස්ටුවේ 75%ක් වැඩ ඉවර බවත්, ඉතා ඉක්මනින් ඉවර කරන බවත් කිව්වේය.
    අද උදේ බඩු ඇවිදින්ය.

    ඉතිං ගරු ජුරි සභිකයිනි,
    අසංග මහත්මාට ලියන්නට වෙලාවක් නැතැයි කියා ඔබ පිළිගන්නවාද? පට්ට බොරුවක්- සමා වෙන්න, සීයට සීයක් අසත්‍ය කතාවක් පතුරවනවාට ඔහු වැරදිකාරයෙක්ද නැද්ද?

    ReplyDelete
    Replies
    1. කොලොම්පුරයා බැනුම් ඇසුවාට වඩා සතුටක් ලැබුනා නිදි ලොක්කාගෙන් දිගම දිග කොමෙන්ට් එකක් ලැබීම ගැන. මම හිතන්නේ මෙතෙක් ලැබුනු දිගම ප්‍රතිචාරය මේක වෙන්න ඕනේ.. ස්තූතියි ලොක්කා...

      Delete
    2. අපිත් කැමතිං මේ උන්දැල ලියනවනං. වෙලාවක් නෑ කියන එක කිසිම නිදහසට කාරනයක් නෙමෙයි. යකෝ අපිට කොමෙන්ට් දාන්න හරි ලියන්න පුලුවං අය මොනව හරි ලියල හරි මලෝල හරි දාන්න එපැයි.

      Delete
    3. ලියන්නට දේවල් ඕනෑතරම් ජීවිතයේ සිදුවෙනවා උනත් ඒවා ලියාතබා ගන්නවත් වේලාවක් නොතියා තව තවත් දේ සිදුවෙනවා.. ඉතිං ඒවා එකිනෙකට ටැපලිලා ලෙහාගන්නත් කාලයක් යනවා නොවැ.ඔහේලාගේ ඉල්ලීම ඉටුකරන්නම්..

      Delete
    4. ලියා තියාගන්න එපා. මතක තියාගෙන එක සැරේම ලියන්න. අසංග, ඒවා කාටවත් නොකියා හිතේ ගබඩා කරගෙන තියෙද්දී ලියන්න හිතෙයි. මතකේ තියා ගැනීම නිසා අල්ෂයිමර් ලෙඩෙත් හැදෙන එකක් නෑ.
      ඔය කිව්වේ මගේ ක්‍රමේ.

      Delete
    5. අපිත් කැමතිං මේ උන්දැල ලියනවනං. වෙලාවක් නෑ කියන එක කිසිම නිදහසට කාරනයක් නෙමෙයි. යකෝ අපිට කොමෙන්ට් දාන්න හරි ලියන්න පුලුවං අය මොනව හරි ලියල හරි මලෝල හරි දාන්න එපැයි....
      Brand eka GAL

      Delete
    6. ඇත්ත. කවුරුහරි ලියපු දෙයක් කියවද්දි තමයි අපටත් ලියන්න දේවල් මතක් වෙන්නෙ. හැබෑට අර උඩ කියපු උදවිය ඇයි දන්නෑ ලියන්නැත්තෙ?

      සුරුස්! ( ©බස්සා )

      Delete
    7. මෙන්ඩාගේ කතාව හිරවෙලා
      අලකොමා අලවෙලා
      බස්සා ගල්වෙලා

      Delete
  2. යකේ අසංග මහත්තැංට වෙලා තියෙන අලකලංචි ගොඩ. ඔය ඉඩමෙ අලි කොටි වලස්සු එහෙම හදන්න අදහසක් නැද්ද මං අහන්නෙ. පෞද්ගලික සත්තු වත්තක් දාගෙන කීයක්හරි හොයාගන්න තිබ්බ.

    ReplyDelete
    Replies
    1. හෙටානිද්දා ඉබ්බෙකුයි හාවෙකුයි ගේනවා.. ආ තව මී මැසි ජනපදයක් අරගෙන එන්නත් හිතාගෙන ඉන්නවා... ඔහේලාට මී මැසි අන්දරයක් බලාගන්න පුලුවන් වේවි..

      Delete
  3. 20 ශතවර්ශයේ මුල (1920s) නැදිමාල Cock fighting ගැන ප්‍රසිද්ධ කාලෙ ගැන ලස්සනට ලියල තියනව Conrad Felsinger. ඊට අමතරව වැල්ලවත්ත, පානදුර, යාපනේ, මඩකලපුව, ත්‍රිකුණාමලය වගේ පැතිවල ලමාකාලය ගෙවුන හැටි. (ලාංකිකයෙක් ලියපු ප්‍රියතම පොත කියන්න පුලුවන්)
    https://www.goodreads.com/en/book/show/49525293-it-was-the-babblers-nest

    ReplyDelete
    Replies
    1. අපි වාගේ සුවහසක් සිංගිරිසිකාරයින්ටත් තේරෙන ලෙසට නරකද වැටාධිපතිතුමා ඔය පුස්තකය සිංහලයට පරිවර්තනය කලොත්...
      නැදිමාල මගේ මවගේ උපන්ගම. මාගේ සීයා ගොඩාක් දේ කියා තිබුනත් ඔය ක්‍රීඩාව ගැන විස්තරයක් නොකිව්වේ ඒවා තහනම් වීමත් කුකුලන් කෙටවීම පහත් වැඩක් ලෙස සිතිමත් කීයා මට සිතේ..

      Delete
    2. මමත් බලාගෙන ඉන්නේ Pra Jay උන්නැහේ ඔය බෝලෙට ගහන්නේ කොහොමද කියල!

      Delete
    3. කොළොම්පුරයා දාපු දූස්ස්‍රරාව වැටාධිපාදතුමා පාදය පසුපසට අරන් නිදැල්ලේ යන්න ඇරීයා එහෙනම්...

      Delete
  4. බිත්තරයක් රුපියල් 10,000 ක් වෙලා තියෙනවා. පළමුවෙනි මුරේ බිත්තර දාපු වුන් කියල අන්තිම මුරේ දාන්න ඉන්න වුන් ටිකක් වගේ විකුණපු එකා දීල තියෙන්නේ. දැන් කිරි පිටිත් එච්චර නැති එකේ එළදෙනෙකුත් ගෙනාවනම් තමයි සම්පූර්ණ වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. සත්තු ගෙනාවට සාත්තුව පැටවෙන්නේ ගෙදර ඇත්තිට නෙව.. තව එළදෙනක් අරන් ආවානම් ගෙදර බත් පංගුවත් නැතිවෙන පොටක් තමයි ඒ.

      Delete
    2. //බිත්තරයක් රුපියල් 10,000 ක් වෙලා තියෙනවා// යකෝ දැන් එතකොට රත්තරං බිත්තරද.... මුන්දැගෙ කිකිළි දාල තියෙන්නෙ. ගෙදර ඇත්ති මොනවා කියල කොළොම්පුරයට අමතනව මන්ද😂😂

      Delete
    3. එක සතෙක්ගෙ නමක් දාන්න බැරි හින්දා සත්තු වත්ත කියලයි කියන්නේ..

      Delete
  5. තව්සෙට වෙලා නෑ කියන්නෙ අමූලික බොරු නෙ. වැඩ වැඩි වෙන්නෙ... ඔය කසන ලෙඩේ හන්දයි, පහළවෙන අයිඩියා ක්‍රියාත්මක කරන්න යන හන්දයි😂😂. ඔය දෙකටම හොඳ බේතක් ගන්නවා (එහෙම උනොත් මේ වගේ රසකතා අහන්න නැති වෙයිද මන්ද.)

    //එක එක කුරුල්ලන් අතේ දෙවියන්ට සංදේශ ඇරියා. // ඇරියා කිව්වම කොලොම්පූර්තුමෝ අපිට එක එක අදහස් එනවා. අනික දෙයියන්ට

    කිකිලියන් - තාරා, තමුසෙ නව සත්ත්ව කොට්ටාසයක් බිහි කරන්නද හදන්නෙ 😂. ඕව විධ්යාඤයො lab අස්සෙ දාඩිය දාන් කරන ටෙස්ට්... ඔහේ ඕව මිදුලෙ අත්හදා බැලුවට

    ReplyDelete
    Replies
    1. කොළොම්පුරයාට අත බැරිනම් කකුල හරි දෙන්න කෙනෙක්වත් හිටියා නම් ඔය ලෝක පූජිත විදියාඥයෝ කැළේ. මේව්වා පොඩි ටැස් කිරිලි ඉස්සැර කරපු ටැස් මෙව්වායේ ලියන්ඩ බෑ නොවැ.

      Delete
  6. කුකුලෙක් කල හදියක්..

    ReplyDelete
  7. අප්පච්චි ඇයි ඔහොම මස් මාංශ පිළිජාති වලට ආසා කරන්නේ? සතෙක් මරලා උගේ මළකුණ උයාගෙන කන එකත් වැඩක්ද අප්පච්චි? මේ කතාව බැලුවම මතක් උනේ වාරිමාර්ග නියෝජිත රවී වීරේ මල්ලිගේ පිළිස්සු සැවුලෙකු නිසා නැතිවූ ආදර අන්දරය කතාව.

    අප්පච්චි ඔය දුසිරිත් වලට පුරුදු පුහුණු වෙන්න එපා. නාවුකයෝ වගේ බේබදු කමට අරක්කු රම් මස් මාංශ කට ගැස්මට ගැන ගමන් ගන්න එපා. සිගරට් සුරුට්ටු බොන්න එපා. සමරිසි ඇසුරට ගණිකා ඇසුරට යන්න එපා අප්පච්චි.

    ඔය ඉතිං ඉදලා හිටලා අරක්කු ටිකක් බිලා කුකුළු මස්සෙක්ක බත් ටිකක් කාලා සිකරට්ටෙකක් කාරිය බිව්වට කමක් නැහැ.

    නැවේ ගෑනු පුළුටක් නැතිව යනෙන කොට කොලුවෙක් අල්ලාගෙන ලෝඩ්ඩේකක් කාරිය බාගත්තට, නැව බිමට ගියාම බ්‍රොතෙල් හවුස්සෙකකට ගියාට කමක් නැහැ.

    ReplyDelete
    Replies
    1. ඇනෝ මිත්‍රයාට කියාපු ලියාපු කතාව පිලිගන්නවා. ඔය අසරණ සත්තු මරන් කන එකට නම් එකහෙලාම විරුද්ධයි. ඔය මිත්තරයාත් දැන් මස් මාලු හා සිකරට් අරක්කු බිමෙන් වැලකිලාද? ඉස්සර කරපු සෙල්ලම් දැන් කරන්න බෑ වාගේ නේද?

      Delete
    2. 'ඔය මිත්තරයාත් දැන් මස් මාලු හා සිකරට් අරක්කු බිමෙන් වැලකිලාද? ඉස්සර කරපු සෙල්ලම් දැන් කරන්න බෑ වාගේ නේද?'

      ඔව් අප්පච්චි. දැන් උද්දමනේ වැඩි නිසා ඉස්සර සෙල්ලම් බෑ

      Delete
  8. හම්මේ ඇති යාන්නන් ලියලා. ස්තූතියි ඈ? තාම බැලුවෙ නෑ, බත් කාලා බලන්න තියා ගත්තා. ආයෙ එඤ්ඤං.

    ReplyDelete
    Replies
    1. හොදා... හොදා.... ඔය සුදු බන්ඩිය පිරෙන්න කාලා වරෝ.....

      Delete
  9. එතකොට දැන් 'ටෙරී බෝයි' හෝම්ලස් වෙලාද.

    මම නම් මේ පෝස්ට් එක කියවලා අවංකවම සතුටු වුනු තව කාරනාවක් තමයි (අසංග ලිව්ව එකට අමතරව) ලංකාවෙ දුෂ්කර කාලයක් තියෙද්දිත් හැමෝම පුලුවන් විදිහට තමන් ආසා කරන දේවල් කරලා සතුටින් ඉන්න උත්සාහ කිරීම. පෝස්ට් එකක් දෙකක් බලලා එහෙම හිතන එක ජෙනරලයිසේෂන් වෙන්න ඇති, නමුත් අවංකවම මට ඔලුවට ආවෙ Tough times never last but tough people do කියමන.

    ReplyDelete
    Replies
    1. දුෂ්කර කාලවලදි මිනිස්සු සපුරාගන්නට බැරි අමාරු ඒවාට වෙනත් විකල්ප හොයාගත්තා. ගෑස් නැතිවුනාම පොල්කටු අගුරු හෝ දර වලින් උයන්න. පෙට්‍රල් නැති නිසා තිනර්වලට ටර්පන්ටයින් දාලා ගමන් යන්න. බයෝ ගෑස් හදන්න. ගෙදර වගාකරගන්න. අනවෂය ගමන් බිමන් හා වියදම් අඩුකරන්න. හැබැයි ප්‍රස්නේ තියෙන්නේ අමාරුකාලේ ඉවරවෙනකොටම අර කරන් ආපු හොද දේවල් අත හරින එකයි.

      Delete
  10. අසංග, පේනව නේද 'රසබර කතාවක් ලිව්වම තියෙන සොමිය!' අනිත් අයටත්.... මටත් ආඩම්බරයි!
    ... නිශ්චිත දින ගණනක අන්තරයක් ඇතිව දිගටම ලියන අදිටනක් තමයි මම නං පවත්වාගෙන යන්නේ. කලාතුරකින් ඉටු කර ගන්න බැරි වුණත්!

    ReplyDelete
    Replies
    1. කවියකුත් දාන්න. (කුණුහරප කවි නැතුව )

      Delete
    2. කාලයත් නැත
      විවේකයත් නැත
      කතන්දර එමට ඇත
      ලියුවිට සතුට ඇත

      Delete
  11. කොළෝමපුරයාට "සැවුල් අන්දරේ" කාඩ් එක සුදුසු බව යෝජනා කරමි.

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැස්කියා එනවා නම් කොළොම්පුරයා බොන්නේ වස.. මොකද කවදාකවත් මූ එනවයි කීවට එන්නේ නෑ. ඒ හින්දා කොළොම්පුරයාට වහ බොන්න වෙන්නේ නෑ..

      Delete
    2. @අවලෝකිතේශ්වර නාථ කොළොම්පුරයාගේ නම් ලිස්ට් එකට අලුත් නමක් එක්කාසු උනා.. නම් ලිස්ට් එක නම් අහන්න එපෝ

      Delete
  12. පානදුරේ පශු වෛද්‍ය කාර්යාලය කියලා එකක් තියෙනවා.මුලින්ම ඒකේන පොත් ටික අරන් කියවපන්. මට මතක විදිහට පානදුර රෝයල් එක කිටුටව තිබුනේල හාබැයි උන් අදව් නොකරන්නේත් සත්ව පාලනයටම තමයි.
    බොගේ වැඩේට ගම් කුකුල්ලු හරියන්නේ නෑ.අවුරුද්දටම බිත්තර 40 ක් ද කොහේද..
    දෙමුහුම් කිකිළියෝ කරදගොල්ල ෆාම් එවුන්ව අර ගනින්
    ඔන්න කිව්වා. වෙිටාගේ උත්තරය ගත් කටටම බැහ්
    පුවවන්නම් අර ගනින්
    අවුරුද්දට බිත්තර 300

    ReplyDelete
  13. දිගටම බිත්තර නොදැම්මොත් සැවුල් අන්දරය චිකන් කරියකින් ඉවර වෙයිද

    ReplyDelete
    Replies
    1. චිකන් කරියකට ගන්නවා කියලා බෙල්ලට පිහියක් තියලා තර්ජනයක් කරලාවත් බලන්න ඕනේ.

      Delete
  14. වැඩ වැඩි නිසා බ්ලොග් ටිකක් මිස් වුනා. කොලොම් පුරයා පුරානයක්ම ලියලනේ. ලුනුගල් ඉද්දි කුකුළන් හිටිය මතකයි. අපේ මලයා ඊයේ පෙරේදා කිකිලියෝ ගෙනත් උන්ව හෝතඹුව අරන් ගියාලු. මේ ලැබුන එක්ස්පිරියන්ස් ටිකම අවුරුද්දක් ලියන්න. ඔය නිදියා කියන ඒවා ගනන් ගන්න එපා.නිදියට වගේ අනිත් මිනිස්සුන්ට නිකන් ඉන්න වෙලාවක් තියෙනවයි.?😉

    ReplyDelete
    Replies
    1. කොහොම හරි ඔබතුමා ගොඩවැදුනා නෙව. නිදිගේ බලකිරිල්ලත් බ්ලොග් ලිවිල්ලට හොදයිනේ

      Delete
    2. දැන් ඊලඟ එකත් ලියන්න පටන් ගෙනද අසංග?

      Delete

අදහස් මෙතන නිදහස් කරන්න

අරගලයේ මරගලය (ශනිදා දහයට III)

  අරගලයේ මරගලය දැන් ජිවත්වෙන්න අමාරු නේද? උද්ධමනය ඉහල ගිහිල්ලාලු.  මේ වෙනකොට මේ අවුරුද්දට  ලයිටි බිල් තුන්පාරක් වැඩිකරා. ජල බිල් ගෑස් වියදම ...