අල කොමසාරිස් ධුරන්දර ඩ්‍රැස්කියා මහත්තයා අල කොමසාරිස් තනතුරත් බාරගෙන සීතල නුවරඑළීයේ පදිංචියට ගිය විත්තිය බ්ලොග් ලොවේ හැමෝම දන්නා කියන කාරනාවක් නේ. ඉතිං මේකා ඔය සීතල පැත්තේ ඉන්නකොට කාන්සිය පාලුව සීතල යන්නත් එක්ක මධ්‍යපාන ටිකක් අරන් අල බංගලාව සුද්ධ පවිත්‍ර කරන්න ආපු ලෙච්චිමී කෙනෙකුත් එක්ක අඩව්වක් එහෙම අල්ලන්න පුලුවන් කියලා අල කොමසාරිස් නෝනා නගාගේ හැදිමිටේ දිග මොළ පොඩියේ තඩි සිතුවිල්ලක් පහළවුනා. ඒ බරපතල සිතුවිල්ල නිසා මේ අලකොමාට තනිකඩ සීන් එකෙන් නුවරඑළියේ අල බස්සන්න හිතන් හිටපු එකටත් කෙළවුනා නේ බං. අන්තිමේදි නෝනා නගාගේ ආඥාවට යටත්ව එහෙට යනකොට නෝනයි පොඩි අලයයි විතරක් නොවේයි තමන්ගේ මහගෙදර උන්නු ලේගිරිසාවත් අඬගහන් අලුත් පලාතේ පදිංචියට ගියා. දැන් මේක කියවන ඔහෙලාත් බලයි කවුද මේ ලේගිරිස්? මොකටද ලේගිරිසාව අරන් යන්නේ කියලා. මේ ලේගිරිසා කියන්නේ අලකොමාගේ මහගෙදර ආවතේව කරන් හිටපු අලයා එක්ක පොඩිකාලේ ඉදන් හැදුන කොල්ලෙක්. මේ ලේගිරිසා අලයාගේ මුත්තාගෙන් ගෙදර වැඩට හිටපු හින්නිහාමිට සුලු අත්වැරදීමකින් සිදුවු අවකල් ක්‍රියාවක් හින්දා උත්පාදවුන එකියක් වුනු මැගිලියාට සෙල්ලං බාප්පාගේ සෙල්ලමකින් සිද්දවුනු පොඩි වැරද්දකින් මෙලොවට ආපු කොල්ලෙක්ලු. හොද නැඩයා උනත් ලේගිරිසාට පොඩි නුහුගුනයක් තිබ්බා. පොඩ්ඩක් මොඩ පහේ ගතියත් ඉක්මනින් පනින මල අතට ගැනිල්ලත් උගේ ගතිය උනා. දන්නවානේ ලේ ඥාතිගෙන් ලැබෙන දරුවන්ට ඇතිවන ලෙඩ.
අල බැහැලාද එහෙම බලන්න විසිට් දාන දවස්වලට අල කොමා ගේ ටිකිරිස් වැඩවල ඔත්තු බලන්න එහෙම විස්වාසවන්ත ලේගිරිසාවත් එක්කගෙන ගියා. ලේගිරිසා අල කොමා එක්ක රාජකාරි ගියාම අලකොම් නගාගේ තනියත් වැඩිවුනා. කොහොම නමුත් අල කොමා ලේගිරිසාව ගෙදර නගා එක්ක තනියෙන් තිබ්බේ නෑ. මිනිහා දන්නවා නෙව ලේගිරිසාට තියෙන්නේත් වල් මුත්තාගෙත් සෙල්ලං බාප්පාගෙත් ලේ කියලා. ලේගිරිසාට වඩා ගෑනු කෙනෙක් ගෙදර ඉන්න එක හොදයි කියලා අලකොමා හිතුවේ ඔය අතරේදි තමයි. අන්තිමේදි අලකොමා ගෙදර වැඩටත් නගා ගේ ඉවුම් පිහුම් වලට අත්උදව් දෙන්නත් පොඩි අලයාගේ තනියට සෙල්ලම් කරන්නත් ආගරපතන පැත්තෙන් කමලානි එක්කගෙන ආව.
එනකොට ගිංතොට තුනිලෑලී කම්මලේ පිට පලු කෑල්ලක් වාගේ ආපු කමලානි කෙල්ලත් අලකොමසාරිස් බංගලාවේ සැප කෑම ටික අල්ලලා ගිහිල්ලා හොදට ආරලා මොරලා ආවා. අලකොමා ගේ සැපත් අල්ලලා ගියාද මන්දා. කමලානිගේ තෙල් බේරෙන හැඩ කඳ දැක්කාම අලකොමා තොලකට ලෙවකාලා කෙළ පෙරෙන්න ගන්නවා. ඒක නෝනා නගා ටත් පොඩ්ඩක් විතර නොන්ඩි වෙලාත් තිබුනා. ඔහේලා දන්නවානේ අපේ අලකොමා කොහෙමත් කොබා නේ.
ඔහොම ටික කාලෙකට පස්සේ අල කොමාට කමලානිගෙන් නිදහස් වෙන්න හිතුනා. මිනිහා මුට්ටිය නොකඩා බෙල්ලත් නොකපා වැඩේ කරගන්නේ කොහොමද කියලා හිතුවා. දන්නවනේ මිනිහා කට්ටයා නෙව. අලකොමාම ලේගිරිසාගේ ඔලුවට කමලානි ගැන අනම් මනම් දාලා ලේගිරිසාටත් කමලානි ගැන පොඩි මෙව්වා එකක් හැදුනා. දවසක් රෑ පානේ ඇදේ දපලා ඉන්නැද්දි කමලානිට ලේගිරිසාව ජෝඩුකරන යෝජනාව නෝනා නගා ට අලකොමා කිව්වා.
"ලේගිරිසාට දැන්ම කසාදයක් කරලා දෙන්න ඔනේ. දවසක් දෙකක් මිනිහා මම නයිටියක් ඇදන් හිටපු දිහා මහ වනචර බැල්මක් දැම්මා."
"ඒක තමයි මම ලේගිරිසාට ඉක්මනින්ම බන්දලා දෙන්න හදන්නේ. ලේගිරිසාව සුවර් නෑනේ."
"අපොයි මම දන්නේ නැද්ද ඔයාගේ හැටියෙන්ම කියතෑකි නේ පරම්පරාවේ අයගේ හැටි. ඔයත් කමලානි දිහා බලනවා වැඩියි කියලත් මට හිතෙනවා.
මිනිහානම් කමලානිට කැමති පාටයි. එත් කමලානි ඔය මෝඩයාට කැමති වෙයිද?"
අලයා කතන්දරේ වෙන පැත්තකට හැරෙව්වා.
"කොහොම හරි කැමති කරවාගමු.
අපේ ගනේමුල්ලේ මුත්තාගේ ඕවිටි කෑල්ලෙන් පර්චස් 20 ක් මුගේ අම්මාට ලියලා දෙනවා කියලා තමයි ඒ දවස් වල හිටියේ. මැගිලින් මැරුණ හින්දා ඒක දෙන්න බැරිවුන එකේ ලේගිරිසාට ඒක ලියලා දෙනවා කියමු. උන්ටත් කලක් යන්න එපැයි නේ."
"ඔයාට පිස්සුද අනේ 20ක් දෙන්නේ දහයක් දෙනවා කියමු."
කොහොමින් කොහොම නෝනාත් අලකොමාත් කමලානිට ලේගිරිසා ගැන කිව්වා. මුලදි අකමැතිවුන කමලානියත් පස්සේ කල්පනා කරලා බැලුවා. යන එන මං නැතිවුන ආගරපතනේ කමලානිටත් කොළඹට කිට්ටුවෙන් ගෙයක් දොරක් හදාගන්නට ඉඩං කෑල්ලක් ලැබෙනවා කියන්නෙත් ලොකු දෙයක් නේ. අන්තිමේදි ඒකි ලේගිරිසාට කැමැත්ත දුන්නා. වැඩට හිටිය එකා වුනත් පොඩි කාලේ ඉදන් එකට හැදුන එකා වෙච්චි ලේගිරිසාට කසාදයත් හොදට කරලා දෙන්න අලකොමාත් හිතුවා.
ලේගිරිසා මුලින් කැමතිවෙලා උන්නත් පස්සේ මගුලක් ගන්නවාට කැමතිවුනේ නෑ. කමලානිත් බැලුවා මේ මොකද මේ මිනිහාට උනේ කියලා. බැලින්නම් මලපොතේ අකුරක් නොදන්න ලේගිරිසා කසාද සහතිකේට අත්සන් කරන්න බැරි හින්දයි මේ පස්ස ගහන්නේ. අකුරු සෑස්තරේ ටිකක් දන්නා කමලානිත් ගේම අතහැරියේ නෑ. ලේගිරිසාට ලේගිරිස් කියලා අත්සන ලියන්න ඉගැන්නුවා. ගොන් අලියාවාගේ උන්නාට අපේ ලේගිරිසා දවස් ගානක් අමාරුවෙන් අමාරුවෙන් නම ලියාගන්න පුලුවන්වුනා.
මගුලට අරාධනා කරන්න නෑ සනුහරයක් නැති ලේගිරිසාගේ පොඩියට ගන්නා උත්සවයට අපේ බ්ලොග් කාරයෝ කිහිප දෙනෙක්ටත් අල කොමි මහතැන් උත්සවයට ආරාධනා කළා. අශ්ඨක කියන්න අපේ නිදි ලොක්කාට කිව්වාම එයා එයාගේ මිත්‍ර පන්සල් සීයා දේවාල මාමාට වැඩෙි පැවරුවා. පස්සේ මගුල් පොරුගහලා කරන මගුලක් ගන්නේ නැතිව රෙජිස්ටර් වැඩේ විතරක් කරන්න කියලා නෝනා නගා ගේ බලවත් ඉල්ලීම උඩ පොරු නැග්ගීම කැන්සල් කෙරුවා. ලේගිරිසාගේ පැත්තෙන් සාක්කියට අත්සන් තියන්න වැටමාර අධිපති ප්‍රාජේ මහත්තයාටත් කමලානිගේ පැත්තෙන් අත්සන් කරන්න දෙමළ නයන්නා ප්‍රසන්නයාත් කැමතිවුනා.
සුන්දර නුවරඑළියේ වැසිබර කාළගුණයක් තිබුන දවසක ඔන්න මගුල් උත්සවය ඇරඹුනා. නමියාගේ විදියේ නමියා හිටු කියලා පරණ තඩි කැමරා කටුවකින් පොටෝ කෑලි අල්ලනවා. පස්සේ තමයි අපි දන්නේ මේකා උස්සන් ඇවිත් තියෙන්නේ අර ආදිකාලේ රීල් දමන පොටෝ යන්තරයක් නෙව. හොදම වැඩේ කියන්නේ කොච්චර පොටෝ කෑලි ඇල්ලුවත් මේකා ඒකට රීල් එකක්වත් දාලා නොවෙයි ඉදලා තියෙන්නේ. සීතල යන්න එක්ක පොඩියට පොඩ්ඩක් වැඩියෙන් හීනියට එකක් අරගත්තු නිදි ලොක්කාගේ අතිජාත මිත්‍ර නෙවිල් ගොයියා ආහාර කෙසේවෙතත් පාන ගැන සොයා බලනවා. පරණ සැටියක් තියලා එකේ පිටිපස්සෙන් අල වැල් ටිකක් එල්ලලා බැලුන් බෝල ටිකක් පුම්බලා ගහලා සෙටිබැක් එකක් හදලා දුන්නේ කොළොම්පුරයා තමයි. කාලෙකට පස්සේ ලංකාවට සැපත්වුනු කොළඹ ගමයා මහත්තයාත් ඇවිල්ලා හිටියා. කොළඹ ගමයා ලංකාවට එනවා කියලා වෙලාසනින් දන්නවා නම් දෙමළ නයන්නව කපලා සාක්කියට අත්සන් කරන්න දමන්න තිබුනානේ කියලා හිතුන අලයා විස්සෝප වෙන්න ගත්තා.
අලකොමසාරිස් මහතැන්ගේ පරණ කෝට් බෑයක් අමාරුවෙන් ඇගට රිංගවාගත්තු මනමාල ලේගිරිසා හිටියේ මරන්න ගෙනියන හරකෙක් ගානට බයවෙලා. නෝනා නගා එයාගේ පරණ සාරියක් කමලානිට අන්දවලා මේකප් පාරක් දාලා දුන්නා. හැබැයි මනමාලිට අඩුවෙන් මේකප් කරලා වැඩියෙන් ලස්සනවුනේ නෝනා නගා තමයි.
විවාහ ලේකම් මහත්තයාත් වේලාව අල්ලලා ආවා.එයා ඉක්මණට රෙජිස්ටරේ කරන්න සුදානම් කරපු රවුම් මේස පොඩ්ඩේ අර මහදැන මුත්තාගේ පොත වාගේ විසාල පොත දිග ඇරගත්තා. මනමාලි කමලානිත් මනමාල ලේගිරිසාත් පුටුදෙකේ ඉන්දුවා. දෙපැතේතෙන් සාක්කියට අත්සන් ගහන වැටමාර ලොක්කාත් දෙමල නයාත් හිටගත්තා. ලේගිරිසා අමාරුවෙන් ලැජ්ජාවට වාගේ ඇඹරුනා. ඔන්න දෙන්නාව හිටවලා පොරොන්දුවත් විවාහ සහතිකේට අත්සන් ගහන වැඩෙත් ආවා. බොහෝම කලබල වෙලා උන්නු ලේගිරිසා ලෙගිරිස් කියලා අත්සන ගහන තැන ලිව්වා.
"අනේ ඉක්මනට ලේ යන්න කරන්න ලේ යන්න කරන්න."
ඒක දැකපු කමලානි කලබලවෙලා හිමිහිට ලේගිරිසාට කිව්වා.
හරි බං එව්වා කරන්නේ රෑටනේ මෙච්චර දවසක් නැති හදිසියක් දැන් මොකද? පොඩ්ඩක් ඉවසලා හිටාං රෑවෙනකම්."
ලේගිරිසා කිව එක රෙජිස්ට්‍රාර් ලොක්කාටත් වැටාධිපතිටත් ඇහුනා. මේකට කමලානි ගොඩාක් ලැජ්ජා උනා. රෙජිස්ටර් වැඩෙන් පස්සේ කමලානි අප්සෙට් එකෙන් ඉන්නවා දැකපු අලකොමා නෝනා නගාට හොරෙන් ඒකි ලඟට ලංවුනා.
"ඇයි බං මෙච්චර හොඳ දවසේ අප්සෙට් එකෙන් ඉන්නේ? උබට දුකද මාව දාලායන්න?"
"නෑ මහත්තයා මම අත්සන් කරද්දී ලේගිරිස්ට ලේ යන්න කරන්න කිව්වා."
"ඈ ලේ යන්න? ඇයි බං උඹ දැක්කේ නැද්ද නෝනා හිටපු නැති රෑනේ මම උඹට ලේ යන්න කලේ."
"ආ එදාද? ඒ ලේ ගියේ මහත්තයාගේ කරගැටයක් කැඩුනු හින්දා නේ."
අල කොමා කමලානිගේ කතාවෙන් කුණුවෙච්චි අලයක්වාගේ ඇඹරිලා ගියා නෙව.
මොනවද මහත්තයා මේ උදේ පාන්දර ලියන දේවල්. ළමයි ලපටි මේවා බලනවා නේද?
ReplyDelete-එමිල් මහේෂ් වලතර-
ළමයි ලපටියි කියලා හිතාගෙන ඉන්න එපා..
Deleteඒක මාරු කතාව......
Deleteකරගැට එනකල්ම අල කොමා නුවරඑළියෙදි අහවල් එක පාවිච්චි කරල තියෙනව එහෙනං.
ReplyDeleteලේගිරිස වගේ කී දෙනෙක් අනාගතේ ඒ පැත්තෙං බිහිවෙයිද දන්නෑ.
බීජ අල හිටවන්නත් බැහැපු අල ගලවන්නත් ගල් ඉන්නට අරන් තියෙන්නේ අහවල් භාන්ඩේ...
Deleteඔය ලේගිරිසත් එක්කත් අල කොමාගෙ මෙවුව එකක් තිබ්බ කියල තමයි නිදි ලොක්ක නං කිවුවෙ.
ReplyDeleteදෙන්නාටම තියෙන්නේ වල් මුත්තාගේ ජාන හින්දා වෙන්ටැති.
Deleteමොකද්ද බං මේ ලියල තියෙන හරුපෙ? මොලේ සමනල ගැටේ වැටෙනව තව ඩිංගෙන්.
ReplyDeleteමරු ඈ...!
ලේ යන්ඩ කරන්ඩෙයි කියන්නෙ... හුකෑස්!
මහත්තයා ලේ යන්ඩ කෙරුවැයි??
Deleteඋබත් වරෙංකො වෙලාවක නුවරඑළිය පැත්තෙ... ලේ යන්ඩ කරන හැටි පෙන්නන්ඩ.
Deleteඅඩෝ.....මමනේ කමලානිට දෙන්න කියලා ඩ්රකියට බ්‍රා එකක් දුන්නේ
ReplyDeleteඒක දුන්න බං. කමලානි ඒක අඳින්නෑ. කොට්ටෙ යට තියං නිදාගන්නව, මෙන්ඩිස් මහත්තයව රෑට හීනෙංවත් පෙනෙයි කියල.
Deleteහොඳට ආරල මෝරල ආපු කමලානිට මෙන්ඩව හම්බ උනොත් කමලානි මෙන්ඩව හංගගනීද දන්නෑ. හැක්..
Deleteලාලන බීඩි ඇඩ් එක මතක් වුණා ප්‍රසෝ...
Deleteමෙන්ඩා බ්‍රා එක දුන්නේ ආරගෙන එන කාලේ.. දැන් නාරහෙන්පිට කිරි මණ්ඩලේට වඩා මෝරලා හින්දා ඒ සයිස් හරියන්නේ නෑ.
Deleteඒකි තුරුල් කරගෙන නිද්යියන්නේ මගේ අල ගෝනි කරපු ජොකා
Deleteඒකි හොද එකී බන් ...
උබ කියන්නේ කකුල් දෙක උඩට හිටින්න හැඟුණ වෙලාවේ ..තෝරා බීඩි ඇඩ් එකට ගත්තේ
අපි ඕන සයිස් එකකට ඔට්ටුයි..වැල වරකා කරනවා
බැලින්නම් මුං එක පලංචියේ ලී ඉරලා නෙව... එහෙනම් ඒකයි මේ හදිසියේ අලකොමා කමලානිව ලේගිරිසාට බන්දලා දුන්නේ.
Deleteකට....කට...මගෙන් බේර ගන්න බැරුවයි ඕකිව බැන්දුවේ ....චෑ ...හොද ඒකි
Deleteඉයන් වත් උන්නනං, සඳුවගෙ පැත්තෙන් කියන්ඩ තියෙන දේවල් කියනවනෙ... කොහෙද, ඌ හිටි හැටියෙ පරිණක වෙලානෙ.
Deleteහා... හා... බොලල්ලා දැන් කමලානියෙක් හින්ද කෙහෙවලු ටපලා ගන්ඩ එපා..කොහොමත් ලේගිරිසාට ඉන්න වෙන්නේ නමට හින්ද බොලා සාමෙන් කොටාබාගනිල්ලා...
Deleteඅසංකයට මනෝගේ වශිගුරුකම ලින්ක් එක දීපං
Deleteඅසංග මේක බලහං... මෙන්ඩගෙ කෙරුවාව...
Deletehttp://manomandira.blogspot.com/2015/11/blog-post.html?showComment=1446463745981#c1039243294128545746
කලම්බු මැලියං මහත්තය කිව්ව දේ ඇහුනෙ නැද්ද?
ReplyDeleteමැලියං මහත්තයාගේ උදරාබාදේට මැලියං බොතලයක් පානය කොරලා දිවයි ඇල දිවයි එකට ඇලිලා හින්දා එයාගේ කතා නෝකතා..
Deletehttp://liyanna-liyanna.blogspot.com/2013/05/blog-post_18.html
ReplyDeleteකොහෙන්ද උබ මේ පරණ රැකෝඩ් හොයාගන්නේ???
Deleteඅනේ මන්ද බන් එකනම් ඇත්ත මු මටත් දෙනවා බන් 2013 පොස්ට්
Deleteමගෙ මූලික ඩිග්‍රිය පුරාවිද්‍යාව ඩෝ!
Deleteදැන්නෙ තේරුනේ... ඩ්‍රැස්කියාත් පුරාවිද්‍යා වාගේ බොහෝම පරණ ඇත්තෙක් නොවැ
Deleteබලපන් ඉතින් උගේ හැකියාවට අත දෙන්න කව්රුත් නැහැනේ ..
Deleteඅත හිත දෙන්ඩ උන්නෙ කමලානි බං...
Deleteකම්ලානිගේ අතේ කරගැට...ඩ්‍රරෑ කියට අත දීලා
Deleteඅපේ කාන්තාවෝ විදේස රටවල බැලමෙහෙවර කරන්න යන එක අහන්නත් දෙයක් ද 😂
ReplyDeleteදැන් එතකොට ලේගිරිසත්, කමලානිත්... ඩ්‍රැකියුලා ආදීපාදගේ නෑයන් වෙනව. ඒ නිසාම බිරිතාන්‍යය රජුගෙ නෑදෑ සනුහුරෙටත් එක වෙනව නෙ.
එහේ අල බස්සන ගල් ඉනි ලොකු වෙන්නැති.
Deleteඔව්. ටිකක් ගරු සරු ඇතුව ඉඳපල්ලා... තුංවෙනි චාලිස් අපේ නෑදෑ වෙන අයිය කෙනෙක්.
Deleteහුම්....
Deleteනාඋකයා කවදාවත් වයසට නොයයි
ReplyDeleteනාඋකයා කාලය සමග වියැකී යයි
නාඋකයාගේ සදා කාලින ප්‍රේමය මහා මුහුද වෙයි
නාඋකයා උක උක යන්නේ ඇයි?
ඒක රස්සාව වෙන්නැති.
Deleteඅසංග මහත්තයෝ අරගෙන ආවට දානේ
ReplyDeleteපිං දෙන්නං නිවනට යන්නට සංසාරේ
මටත් තාත්තෙක් හිටියා නම් නුඹ වාගේ
මොනවා නැති උනත් කමක් නැහැ සංසාරේ
maru
ReplyDeleteස්තූතිය පිරිනමමි
Delete🤗🤗👌
ReplyDeleteහද පිරි තුති
Deleteමල මගුලක්නේ යකෝ තොගේ කෙමෙන්ට් කියව කියව හිටියම අපි සුද්ධියන්ට ජංගි මහන්නේ නැද්ද
ReplyDeleteකණ්නාඩියට බැණහං.
Deleteනෑ බන් මේක ඇබ්භිය්ක් ....වටයක් කැරකිලා අයම එනවා
Deleteදෙය්යනේ අපට දැන් හුස්මක් ගන්ඩ නෑ
ReplyDeleteකොළොම්පුරේගෙ ඇන්ටෙනාව කොහෙද ඈ?
දෙය්යනේ අපට දැන් හුස්මක් ගන්ඩ නෑ/
එදා වුණ දේවල් වුණාවෙ - අද වෙන දේවල් වුණාවෙ
බොලේ මේ තරමට හොයව්වෙ - මොන ඉරිසියාද ඉලව්වේ
කොල්ලො, පරෙස්සමෙන් - කරපං කල්පනාවෙන්
හිනා වෙල ඉල ඇට කූඩුවෙ ඇට කැඩිල බං
කොළොම්පුරේගෙ ඇන්ටෙනාව කොහෙද ඈ?
දෙය්යනේ අපට දැන් හුස්මක් ගන්ඩ නෑ/
දැන් මේක කියපු ගමන් එලෝමෙලෝ නැතුව අයියාමලෝ සෙට් එක බැන බැන කමෙන්ට් දාන එක ස්වභාවිකයි. හැබැයි නිකමට කල්පනා කළාම රනිල් ලොක්කා සෑහෙන ගොඩදැමිල්ලක් ගොඩදාලා තියෙනවා කියලා මට හිතෙනවා. පෙට්‍රල් ගෑස් පෝලිම් නැති එක තමයි ලොකුම දේ. රට එකතැන කඩාවැටෙන්නයි තිබුනෙ. හදුන්නෙත්තිලා පවා කතා කලේ හිනාවෙවී පෝලිම් වල ඉන්න යුගයක් ගැන මිස පෝලිම් ඉවර කිරිල්ලක් ගැන නෙමෙයි. විදුලිය කපන එකත් සෑහෙන දුරට පාලනය වුනා. ආපහු ගෑස් පෙට්‍රල් මිළත් ටික ටික අඩුවෙනවා. සංචාරක කර්මාන්තෙ මිනිස්සු සීසන් එකට උනන්දුවෙන් ලෑස්ති වෙනවා. මොනවා වුනත් රට ආපහු රෝද කරකැවෙන මට්ටමට ගත්තා. අනිත් පැත්තෙන් විපක්ෂයට එකට විරෝධයක්වත් කරගන්න බැරි තත්වෙට දුර්වල වුනා. මිනිස්සු පාරට බහින්න ලෑස්ති නෑ. දෙසැම්බර් පුළුවන් විදිහට උත්සව සමය සමරන්න ලෑස්ති වෙනවා. ඉරිසියා හිතක් නැති මට නං තනි මිනිහෙක් හොරු රොත්තක් එක්ක මේ ගහන ඉණිම විශිෂ්ටයි නොකියා බෑ. ප්‍රශ්නෙ තියෙන්නෙ අනිත් උන් චන්දයක් ඉල්ල ඉල්ල කෑමොර දෙනවා මිස මොනවද රටට කරන්නෙ කියන එකයි.
ReplyDeleteඅනාගතයේ මරණය
ReplyDeleteනෙට්ෆ්ලික්ස්වල තියෙනවා ෆියුචර් ඔෆ් කියලා සීරීස් එකක්. මේ ගැන මට මුලින්ම කිව්වෙ හසා. මේ සීරීස් එකේ එක එපිසෝඩ් එකක කතා කරනවා අනාගතයේ අපේ මරණින් මතු ජීවිතය ගැන. අනාගතයේදී අපේ මරණයෙන් පස්සෙ භෞතික ශරීරයක් විතරක් නෙමෙයි ඩිජිටල් ශරීරයකුත් ඉතිරි වෙනවා. භෞතික ශරීරය දිරා ගියත් අපේ ඩිජිටල් ශරීරය සදාකාලිකව පවතිනවා.
මේ සිතාබැලීමෙන් පස්සෙ විද්‍යාඥයො උත්සාහ කරනවා අපේ ඩිජිටල් ශරීරය දිගටම පවත්වාගෙන යන්න. අපි විසින් ඉතිරි කළ සියලු දත්ත අනුව අපි වගේ සිතන ප්‍රතික්‍රියා දක්වන ඩිජිටල් පුනරුත්පත්තියක් අපිට දෙන්න. ඩිජිටල් කේත ඩීඑන්‍ඒ බවට පරිවර්තනය කරලා අපිව අපි කැමති ගහක් ලෙස අපේ දේහය දිරාගිය කොම්පෝස් මත පැළ කරලා ඒ ගහ ළගට ඇවිත් අපිත් එක්ක සංවාද කරන්න පවා හැකි වර්චුවල් තත්වයක් නිර්මාණය කරන්න ඒ අය උත්සාහ කරනවා.
මේ විද්‍යාත්මක දේවල් ගැන පර්යේෂණ කොහොම වුනත් මේ සංකල්පමය සිතා බැලීම අතිශය අනාගතවාදීයි. ඉදිරියට ජීවත්වන පිරිසට වඩා විශාල ප්‍රමාණයක ඩිජිටල් මළවුන් ඉතිරි වෙනු ඇති. කොන්ක්‍රීට් සොහොන් කණු වෙනුවට ගස් වැවූ උද්‍යාන වැනි සුසාන භූමි ඉදිකිරීම කොහොමත් චමත්කාරයි. මියගිය සීයා ආච්චි එක්ක මුණුපුරන්ට ඒ අයගෙ මතක ඩීඑන්ඒ තුල රඳවාගත් ගහක් යට ඉඳන් කතාබහ කරන්න පුළුවන් වීම ආශ්චර්යයි.
මේ ගැන හිතද්දි මට හිතුනෙ අපි ඇත්තටම පවතින්නෙ අනෙකා සමග ප්‍රතික්‍රියා කරන මොහොතේදී විතරයි කියල. අනෙකා නොමැති මොහොතකදි අපි ඇත්තටම පවතින්නෙ නෑ. නැත්නම් පවතිනවද කියල දැනගන්න අපිට පුළුවන්කමක් නෑ. ක්වොන්ටොම් විද්‍යාවෙ කතා කරනවා නිරීක්ෂකයාගේ නිරීක්ෂණය මත ඉලෙක්ට්‍රෝනවල චර්යාව වෙනස්වෙන හැටි ගැන. ඒ අනුව පූර්ණ වශයෙන් වාස්තවික තත්වයක් අපිට කතා කරන්න බැරි හැටි ගැන. ඒ වගේම අනෙකා නොමැති අවස්තාවක පැවැත්මක් ගැනත් අපිට කතා කරන්න බැරි වෙනවා.
අපි යනුවෙන් යමක් පවතින්නෙ අප හා අනෙකා අතර. ඒ සිදුවන ප්‍රතික්‍රියාව තමයි ඒ මොහොතේ අපි වෙන්නෙ. මේ හින්දා ෆේස්බුක්වල එහෙම නිතර අපි දකින, ‘උඹ ඔහොම වෙයි කියල හිතුවෙ නෑ’ වගේ කතන්දර සරලව කියන්න පුළුවන් වුනත් ඊට වඩා සංකීරණයි. ඒ කියන්නෙ යමෙක් යම් කෙනෙක් හැටියට පවතින්නෙ අපි ඒ කෙනා සමග කරන ක්‍රියාව මතයි. යම් විදිහකින් අපි යමෙකුගේ ප්‍රතික්‍රියාවට අකමැති නම් එහි වගකීමෙන් හරි අඩක් අපේ ක්‍රියාවට පැවරෙනවා. කිසිම කෙනෙක් අපි එක්ක දක්වන ප්‍රතික්‍රියාව තවත් කෙනෙක් එක්ක දක්වන්නෙ නෑ. ඒ හින්ද අපි විවේචනය කරන කිසි කෙනෙක් අපෙන් ස්වායත්ත නෑ.
තවත් සරලව කිව්වොත් අපිට miniමරුවෙක් වෙන කෙනෙක් තවත් කෙනෙකුට ආදරණීයයෙක් වෙනවා. miniමරුවා මුනගැහෙන්නෙ අපිට විතරයි. අපි නැතුව miniමරුවා පවතින්නෙ නෑ. ඒ මිනීමරුවාම වෙනත් කෙනෙකුගේ ක්‍රියාවට ප්‍රේමනීය ප්‍රතිචාර දැක්වීමක් කරනවා. මේ විදිහට දක්වන ප්‍රතිචාර සමස්තයක් අනුවයි අපිට පුද්ගලයා කියන පැවැත්ම කියවන්න සිද්ද වෙන්නෙ. එතනදි පුද්ගලයා නිර්මාණය වෙන්නෙ ඔහුට හෝ ඇයට මුණගැහෙන අනෙකුන්ගේ ස්වභාවය මතයි.
අපිට කිසිම වෙලාවක එකම පුද්ගලයෙක් දෙවරක් මුණගැහෙන්නෙ නෑ. අපේ අනෙකා වෙනස් වෙනවා වගේම අපිත් වෙනස් වෙනවා. අපි වෙනත් ප්‍රතික්‍රියාවක් හරහා වෙනත් පුද්ගලයෙක් නිර්මාණය කරනවා.
ඉතිං මට හිතුනෙ මේ ඝනීභූත වූ ඩිජිටල් පැවැත්මෙන් අපි කියන පුද්ගලයා නැවත නිර්මාණය කරන්න පුළුවන්ද කියන එකයි. මොකද වෙනස් වීම නතර වෙලා තියෙන හින්ද. අපි සමග අනෙකා ඇති කරගන්නා ක්‍රියාව සැලසුම් කරන ලද එකක් වෙන හින්ද. ඒක සජීවී අහම්බයක් නොවෙන හින්ද. එතනදි අපි නිර්මාණය කරන්නෙ මළ කෙනෙක්මයි. ඒක සජීවී සම්බන්ධයක් නෙමෙයි.
නමුත් අනාගත සුසානයකදි ඒ මළවුන් සමග හෝ ඒ තරම් ඓන්ද්‍රිය සම්බන්ධයක් පවත්වන්න පුළුවන් වෙන එක කොහෙත්ම සුළුකොට තැකිය හැකි අරුමයක් නෙමෙයි. දැනට එක් එක් අය විසින් තමන්ගේ විකෘති මතක අනුව මළගිය කෙනෙක් ගැන කියන කතා වෙනුවට අපිට ඇතිරුණු පැතිරුණු ඒ අයගේම ඩිජිටල් ජීවිතය ඇතුලෙ සක්මන් කරන්න පුළුවන්. මෙච්චර කාලයක් පොතක ලියූ හෝ ෆොටෝ එකකට හසුවූ ඉතා සුළු කොටස් පමණක් ඉතිරි වූ ජීවිත වෙනුවට කරන හැම විහිළුවක්ම, බලන හැම වීඩියෝවක්ම, කරන හැම චැට් එකක්ම සුරක්ෂිත සුවිසල් ඩිජිටල් ඉතිරියක් අපිට ඇසුරු කරන්න පුළුවන්. ඒ නිසා අතීතයේ ඕනෑම කෙනෙකු පිළිබඳ දැනුමට වඩා වර්තමානයේ ඕනෑම කෙනෙකු ගැන අනාගතයේ ඕනෑම කෙනෙක් දැනගන්නා ප්‍රමාණය සුවිසල්.
ඒත් අපිට ඒ පුද්ගලයා සමග ජීවමාන ඇසුරක් ලබන්න පුළුවන්ද? මං හිතන්නෙ බෑ කියල. මොකද ඒ පුද්ගලයා සහ අපි අතර ක්‍රියාව ප්‍රතික්‍රියාව ඝනීභවනය වුණු එකක්.
යසයි යසයි
ReplyDeleteසුභ අලුත් අවුරුද්දක් වේවා!
ReplyDelete