ගොඩක් දෙනෙක් පුරස්ථිග්‍රන්ථිය ඉදිමීම ගැන ලියන්න කියලා ඉල්ලලා තිබුනා. ඒ නිසා අද ඒ ගැන ලියන්න හිතුවා.
සමහර විට ඔයාගේ තාත්තා, සැමියා මේ රෝග ලක්ෂණ එක්ක පීඩා විදිනවා වෙන්න පුලුවන්. සමහර විට ලජ්ජාව නිසා කියන්නේ නැතුව ඇති.
පුරස්ථි ග්‍රන්ථිය කියන්නේ පිරිමි අයගේ මුත්රාශයට යටින්, ගුද මාර්ගය ඉස්සරහින් තියෙන කුඩා ග්‍රන්ථියක්. මේ ග්රන්ථියෙන් තමයි ශුක්‍ර තරලය හදන්නේ. ඒ නිසා, පිරිමින්ගේ ප්‍රජනන පද්ධතියේදී පුරස්ථි ග්‍රන්ථිය ගොඩක් වැදගත්.
අපි වයසට යනකොට පුරස්ථි ග්‍රන්ථිය එහි සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාල වෙන්න පුලුවන් (BPH - Benign Prostatic Hyperplasia). ග්‍රන්ථිය විශාල වෙනකොට මුත්‍රාශය හා මුත්‍ර මාර්ගය තද වෙනවා. ඒ නිසා මුත්‍රා ගමනේ ගැටලු ඇතිවෙනවා.
✅️BPH ඇතිවෙන්න හේතු
✔️වයස අවුරුදු 50ට වඩා වැඩි උනාම BPH ඇතිවීමේ අවදානම වැඩියි. (60-70 ට වඩා ගියාම ගොඩක් පිරිමින්ට මේ තත්ත්වය තියෙනවා.)
✔️ටෙස්ටොස්ටිරෝන් හා එහි උප ආකාරයක් වන DHT (Dihydrotestosterone) නිසා ග්‍රන්ථි සෛල වර්ධනය වෙනවා.
✔️පවුලේ තව කෙනෙකුට BPH තිබුණොත් ඔබටත් ඒක ඇතිවෙන්න පුළුවන්.
✅️BPH තියෙන අයට බහුලව දකින්න ලැබෙන රෝග ලක්ෂණ:
✔️මුත්‍ර පිටවෙන්න ගොඩක් වෙලා ගන්නවා, හෝ බලෙන් තල්ලු කරන්න වෙනවා.
✔️ මුත්‍ර ගලා යන්නේ හිමින්.
✔️මුත්‍ර කිරීම අවසන් වුණත් තවමත් බිංදු බිංදුවට එනවා.
✔️නිතර නිතර මුත්‍ර යෑම (රෑටත් කිහිප වතාවක් ඇහැරෙන්න වෙනවා.)
✔️මුත්‍ර කළාට පස්සෙත් තවමත් මුත්‍ර තියෙනවා වගේ හැඟීමක්.
✔️හදිසියේම මුත්‍ර යන්න ඕන වෙනවා, ඉවසන්න බැරි තරමට.
රෝග ලක්ෂණ තියෙනව නම් BPH කියලා තහවුරු කරන්න පහල තියෙන පරීක්ෂණ කරනවා.
1️⃣ඩිජිටල් රෙක්ටල් පරීක්ෂාව (Digital Rectal Examination - DRE)
ගුද මාර්ගයෙන් ඇඟිල්ලක් දාලා පුරස්ථි ග්‍රන්ථියේ ප්‍රමාණය, හැඩය, එහි ඝනකම බලනවා.
2️⃣PSA (Prostate-Specific Antigen) රුධිර පරීක්ෂාව
PSA කියන්නේ පුරස්ථි ග්රන්ථියෙන් නිපදවෙන ප්‍රෝටීනයක්. BPH, පිළිකා, හෝ ග්‍රන්ථියේ ආසාදන එක්ක PSA මට්ටම ඉහළ යන්න පුළුවන්.
3️⃣මුත්‍ර ප්‍රවාහ පරීක්ෂාව (Uroflowmetry)
මේකෙන් මුත්‍ර ධාරාවේ වේගය හා ප්‍රමාණය මනිනවා.
4️⃣Post-Void Residual Volume Test
මුත්‍ර කරාට පස්සේ මුත්‍රාශයේ ඉතිරිවෙලා තියෙන මුත්‍ර ප්‍රමාණය මනිනවා. මේකට Ultrasound එකක් භාවිතා කරනවා.
5️⃣අල්ට්‍රාසවුන්ඩ් (Ultrasound)
මේකෙන් ග්‍රන්ථියේ ප්‍රමාණය හා එහි ව්‍යුහය හඳුනාගන්න පුළුවන්.
6️⃣මුත්‍රාශය පරීක්ෂාව (Cystoscopy)
කුඩා කැමරාවක් මුත්‍ර මාර්ගයෙන් ඇතුළු කරලා මුත්‍රාශය හා මුත්‍ර මාර්ගයේ ඇතුළත බලනවා. මේකෙන් BPH නිසා මුත්‍ර මාර්ගයේ තද ගතියක් තියෙනවාද කියලා බලන්න පුළුවන්. (පළවෙනි comment එකේ Cystoscopy එකක් කරන vedio එකක් තියෙනවා)
BPH තත්ත්වය බරපතල නැත්නම්, ප්‍රතිකාර අවශ්‍ය නැති වෙන්නෙ නෑ. ඒත් රෝග ලක්ෂණ අනුව පහල තියෙන ප්‍රතිකාර ක්‍රම තියෙනවා.
💊බෙහෙත් වලින් මුත්‍ර මාර්ගයේ මාංශ පේශි ලිහිල් කරලා මුත්‍ර කරන එක ලේසි කරනවා.
💊රෝග ලක්ෂණ බරපතල නම්, TURP (Transurethral Resection of the Prostate) වගේ ශල්‍යකර්ම කරන්න පුළුවන්.
❌️BPH වල රෝග ලක්ෂණ තවත් රෝග ගණනාවකටත් පොදුයි. ඒ නිසා, රෝග ලක්ෂණ තිබුණොත් වෛද්‍යවරයෙකු හමුවෙන්න ඕනේ. BPH වලට සමාන රෝග ලක්ෂණ තියෙන්න පුළුවන් රෝග:
- පුරස්ථි ග්‍රන්ථි පිළිකාව (Prostate Cancer)
- මුත්‍රාශයේ ගල් (Bladder Stones)
- මුත්‍ර මාර්ග ආසාදන (Urinary Tract Infections - UTI)
- මුත්‍රාශයේ පිළිකාව (Bladder Cancer)
- Neurogenic Bladder)
⚠️BPH කියන්නේ පිළිකාවක් නෙවෙයි. BPH එකෙන් පිළිකාවක් ඇතිවෙනවා කියලා සාක්ෂි නැහැ. ඒත්, BPH වලයි පුරස්ථි ග්‍රන්ථියේ පිළිකාවෙයි එකම රෝග ලක්ෂණ තියෙන නිසා රෝග ලක්ෂණ තියෙනව රජයේ රෝහලට හරි GU Surgeon කෙනෙක් හරි හමුවෙන්න.
📢 සමාජය දැනුවත් කිරීම යුතුකමක් කියලා මම හිතන නිසා කාර්ය බහුල උනත් මේ වගේ දෙයක් ලියන්න වෙලාව වෙන් කරගන්නවා. මට පුලුවන් ලියලා දාන්න විතරයි. මගේ facebook පිටුවේ ඉන්නේ 30k ක විතර followers ගානක්. ඒ අය මේක දකී. මේ ලිපිය තව අයට දකින්න share කරන්න. කාටමහරි වැදගත් වේවි.
වෛද්‍ය ගයාන් සෙනෙවිරත්න
මේ බ්ලොග් එක දොස්තර කෙනෙක් හැක් කරල ද?
ReplyDeleteඉතිං මොකද. මේ කාටත් වැදගත් ලිපි දාන්නේ.
Deleteතමුන් අකමැති නං නිකං හෑල්ලු නොකර පැත්තකට වෙලා ඉන්නවා.
@ඩ්රැකී .. කොළොම්පුරයා දොස්තරව හැක් කොලා...
Deleteෆෙස්බුක් එකේ වෛද්‍ය ගයාන් සෙනෙවිරත්න මහතා ලියලා තියෙන ලිපි කිහිපයක් අපි හැමෝගේම යහපත උදෙසා මේකේ පලකරන්නේ. එතුමාටත් මෙහෙම පලකරා කියලා පනිවිඩයකින් දැනුම්දීමක් ද සිදුකලා.. කිසිමවිටෙක හොරෙන් ඉස්සීමක් කර නැත.
Deleteඉතාමත් හොද ලිපියක්. දැනුවත් කීරීම ගැන ස්තුතියි කොලොම්පුරේ.
ReplyDeleteමේ කාලකන්නි හෑල්ලු කරාට ගණන් ගන්න එපා. උන් තමයි ඇනෝ ඇවිත් මඩ ගහන්නෙත් හොදට ලියන බ්ලොග් වල.
ඉදිරියටත් මේ වගේ ලිපි පල කරන්න.
අනේ නිකන් පලයන් ඩෝ යන්න!!!!
Deleteඅම්මට හුඩු, ඉස්සර අල වවුල්ලු සැට් එක විතරයි ආවෙ. දැන් නුවරේලි අල මීයොත් එනවා.😋🤣
Deleteඇනෝ බලකාය කියන්නෙත් අපේම සිංහල බ්ලොග් අයනේ.. ඔන්න ඔහේ ඕනේ දෙයක් කිව්වාවේ..
Deleteඅනේ නිකන් පලයන් ඩෝ යන්න!!!!
Deleteඅනේ ............................
Delete+++++++++++++++++
ReplyDelete🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Delete++++++++++++++++++++++++👌🙏💐
ReplyDeleteගරු බස්සානම් සෑර් ශ්‍රීමත් වැටාධිපති උත්තමයා උරන වෙයිද ඔහෙලා කොපිරයිට්ස් නොගෙන මෙහෙම වැටවල් ගහද්දි...
Deleteඒ උත්ත්මය නං කිව්වෙ අල බෝලයක් අතාරින්න කියලයි. ඒත් මේක වැදගත් වැඩක්. බුකිගත නොවෙන අපි වගේ හුදී ජනයාට ප්‍රයෝජනවත්.👌💐
Deletehmmmmmm
Deleteඕක ලොකු උනාම අනික එක්ක චෙක් කරන්න දෙකක් එන්නෙ නැද්ද?
ReplyDeleteදුකට පුං ගැසීම කට්ටට බෙර ගැසීමට වඩා යහපති
Deleteඔය කියන්නේ ලබ්බ බහිනවා කියන එකද දොස්තර මහතා?
ReplyDeleteපුරස්ති ග්‍රන්ථිය ඉඩමීම ගැන ඉතාමත් වැදගත් සටහනකි.
ReplyDeleteමෙම අවයවය නිසා බොහෝ දෙනෙක් ගැටලුවලට මුහුණ දී ඇත.. මෙම ලිපිය එම අයට සහනයක් වෙනු ඇත. සහනය වඩා වටී. එමෙන්ම මෙම රෝගයෙන් වැළකීමද වඩාත් සුදුසුය U.
විශේෂයෙන්ම බර වැඩ කරනා විට යට ඇඳුමක් ඇඳිය යුතුය. යට ඇඳුමක් මිලදී ගැනීමට නොහැකිනම් අමුඩයක් වැනි යමක් ඇඳ ගැනීමද සුදුසුය.
මේ වන විට යට ඇඳුම් මිල තරමක් ඉහළ ගොස් ඇත. එම නිසා මෙම රෝගයද ව්‍යාප්ත වෙමින් පවතී.
අප මෙම රෝගයෙන් වැළකී සිටිමු.
දුම් පානය සහ මත්පැන් පානය ද සුදුසු නැත. එමෙන්ම නිදිමැරීම දහවල් කාලයේ ආහාරයෙන් පසු නිදා ගැනීම අධික ලෙස පිස්තයාඩංගු ආහාර ගැනීම එමෙන්ම අධික ලෙස වතුර පානය නොකිරීම වැනි දෑ මෙයට හේතු කාරක ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සඳහන් කර ඇත.
එම කරුණු කාරණා පිළිබඳව ද තරයේ සිහියට ගැනීම වැදගත්ය
පුක ගැන ලියුවහම කට්ටිය පෝලිමේ පුක දීගෙන ඇවිත් කොමෙන්ට් දානවා......
ReplyDeleteකොල්ලත් පුක දීල කොමෙන්ට් එකක් දැම්ම
"රෙන පුකට මොන කැටයම්ද??"
ReplyDeleteඇත්තටම ඇයි පුක කියන එක සමහරු කුණුහබ්බයක් කියා සලකන්නේ, මට හිතා ගන්න බෑ!
පිට, කොන්ද, තට්ටම, බත් කෙන්ද, විළුඹ?
ඒවත් පස්ස පැත්තේ නේ තියෙන්නේ!
හෙන සෙනගක් පුක ගැන හෙනට කතා කරලා ගිහිල්ලානේ.
ReplyDeleteමට කියන්න බැරි උනා. කුරුලු හමුදාවේ වෙන හැම සිද්දියක්ම වාගේ නැවත කතාබහට ලක්වෙද්දි සරළම, මුලිකම, තේරුම් ගැනීමට පහසුම උදාහරනෙ විදිහට ගන්නෙත් ඔය පුකම තමා.
උදා- විහින් අමාරුවෙ වැටුනා කියන එකට කියන්නෙ, ඉල්ලලා පුකේ තියා ගැනීම කියලා. ඒ වගේ හැම එකටම ආවේනික වචන තියෙනවා හැබැයි ඈතුලෙ පාවිච්චියට විතරයි.....
හොදයි ලියන්න ලිපියන්න
ReplyDelete