Sunday, July 3, 2016

කොළොම්පුරේ නම හැදුන හැටි












කොළොම්පුරේ ගැන කතා කරන කොට අපිට මුලින්ම කතාකරන්න වෙන්නේ කොළඹට නම හැදුන හැටි. රාජායවලියේ කොළඹ ගැන සඳහන් වෙන්නේ කලන්තොට  සහ කැලණි ගම්තොට කියලා. කොළඹ යන වචනය හැදුනේ කොළොන් ගස් විශේෂයක් මුල්කරගෙන කියලත් කියනවා. පාලි භාෂාවෙන් කදම්බ ලෙසින් හඳුන්වන්නේ කෙළොන් ගසයි. එක සිංහලට බිදිලා එනවිට කොළඹ නම්වූවා විය හැකියි. සමහරවිට කෙළොන්නාව දෙසින් ගලාගෙන ආපු කොළොන්නා ඔය නම් ගංගාව කොළඹ වාරය මැද්දෙන් මුහුදට වැටුන නිසා කොළොන්තොට ව්‍යවහාරවූනාද දන්නේ නෑ. කොළොන්නා ඔය කැලණි ගගේ පිටාර ජලය රැගෙන මාළිගාවත්තේ වගුරු බිම් මැදින් පැමිණ මරදානේ සාන්ත සෙබස්තියන් කඳුපාමුලින් කයිමන් දොරටුවට අසළින් රෙක්ලෙමේෂන් විදියට සමාන්තරව ගිහිල්ලා මුහුදට වැටුණා කියනවා. වර්ෂ 1344 දි ලංකාවට ආපු දේශගවේෂක ඉබන් බතුතා කොළොම්තොට හඳුන්වලා තියෙන්නේ  කලම්පු කියලා. තවත් කතාවක් තමයි කොළ විතරක් තිබුනු ගෙඩි නැති සුවිශාල අඹ ගහක් හින්දා නම වැටුනා කියලා. කොළ අඹ - කොළම්බු විදිහට පෘතුගීසීන් ව්‍යවහාර කරන්න ඇති. මේ අඹ ගහ සාන්ත ලොරන්ස් තුඩුව ලෙසින් නම් කර තිබු ගල්බොක්ක තුඩුව කොමසරේයට් විදිය අසල පිහිටා තිබුනා කියලා කොළඔ පුරාණය පොතේ සඳහන් වෙන්නේ. පෘතුගීසීන් සඳහන් කරන ආකාරයට මේ නාමය කොලොම්බස් දේශගවේශකයාට ගෞරව පිනිස අප රටේ මිනිස්සු තැබුවක් ලෙසයි කියවෙන්නේ. කොහොම නමුත් ලන්දේසීන්ගේ කොළඹ නගරයේ ලාඡනයේ තියෙන්නේද විශාල ගසක් තමයි. 

 

ලන්දේසීන්ගේ කොළඹ නගරයේ ලාඡනය



කොළඹ වරාය

කොළොම්පුරේ ලොව පුරා ප‍්‍රචලිතව තිබුනේ නැව් තොටක් විදිහටයි. ඉන්දියානු සාගරයේ මැදිව පිහිටා තිබුනු අපේ රටේ කොළෙම්තොට වරාය දේශ ගවේෂකින් ඇතුලූ වෙලෙන්දන් දඅතරද බොහෝ පතලව තිබුනා. කොළඹ වැදගත් ආරථික මධ්‍යස්ථානයක්වූයේ 14 වන සියවසේ මුල්බාගයේ අරාබි වෙළෙදුන් ඉන්දියානු සාගර කලාපයේ වෙළෙද කි‍්‍රයාකාරකම් වැඩි විමත් එක්කයි. බොහෝ නැව් කොළොම්තොටට  ආවේ අලි, රන් රිදී, කුරුඳු සහ මැණික් රැගෙන යන්නයි.    




නොක්ස්ගේ ලංකා සිතියම 1681 කි‍්‍ර.ව.




මගේ නොවන මගේම කැබිනය හා මිලේනියම් එක සැමරිම - සයුරේ දසවසක්

මාගේ තුන්වන නෞකාව වූ කුමණේ සිටියදි 1999 වසරේ   ජනාධිපතිවරණය   පැවැත්වු අයුරුත් අපත් එයට සමගාමිව  ජනාධිපතිවරණය ක් පවත්වූ අයුරු පෙර ලියා ඇත්තෙ...