Saturday, February 15, 2025

සිරිකුමාර මහත්තයාගේ නිදහස් කිරිල්ල

ලගදි දවසක කොළොම්පුරයාලේ කාර්්‍යාලිය සගයෙක් වෙච්චි සිරිකුමාර මහත්තයා රස්සාවේ වැඩකටයුතු ඉවර කරලා හවස් අතේ ගම්බිම් බලායන්න කොළොම්පුරයාගේ දඩුමොනර යන්තරේ නැගිලා යද්දි තමා මේ කතාව ආපහු කොළොම්පුරයාට මතක් කෙරුවේ. සිරිකුමාර මහත්තයා කොළොම්පුරයාගේ ඔෆිස්මෙට් වාගේම ගම්මෙට් ඒ කියන්නේ ගමේ පොරක්. ඉතිං කොළොම්පුරයා ගෙදර යනිං ගමන් සිරිකුමාර මහත්තයාව මගින් හලාගෙන යන්න පුලුවන්නේ.  දන්නවානේ අපේ සිරිකුමාර මහත්තයා?  කොළොම්පුරයාගේ බ්ලොග් එකේ මිට ඉස්සරින් ලියවුනු අභිරහස කතාවේ කතානායකයා. නොදන්න අයට පුලුවන් මෙතනට කොටලා ඒක කියවලා එන්න. සිරිකුමාර මහත්තයා  ඉස්සර හරි ජොලි පොර දැන් පැස්සොන් යන්න ලග හින්දාද මන්දා පොර මසක් මාලුවකින් වාගෙම නැටුං තෙලෙන් තොරවෙලා  මාරම සිල්වත් දැහැමි උපාසක වෙලා. ගොඩපෙරකදෝරු අලි අමාරුකාර අමරසිරියාත් අන්දුබයියාත් කොරොනා ඉවරඋනත් එක්කම පැන්සොන් ගියාට පස්සේ ඔෆිස් පාටියකදි නැටුං තෙලෙන් සප්පායම්වෙලා අඩව්වක් කස්තිරමක් අල්ලන්න පොරවල් නැත්තටම නැතිව ගියා. ඔෆිස් පාටියක් කියන්නේ දැන් ඉතිං මලගෙයක්වාගේ අති සෝචනියයි මිත්තරවරුනි. හරි හරි වටේ නොගිහින් අපේ කතාවට බහිමු නේද?



ඔන්න මීට අවුරුදු කිහිපයකට කලියෙන් අපේ සිරිකුමාර මහත්තයා දැහැමි ජිවිතයට බැස්ස අලුතමවාගේ බොරු සීලවන්තයොත් අපේ පොරට ලංවෙන්න ගත්තා. බණ පද පන්සල් ආරම අසපු ගැනමයි දැන් හැමෝම සිරිකුමාර මහත්තයා එක්ක කථාව. වෙසක් දවසකටවක් පන්සල් නොයන දේවදත්ත නිකායේ කොළොම්පුරයා ඕවාට යන්නෙත් නෑ අල්ලන්නෙත් නෑ. ඔය අස්සේ කවුදෝ කඩපුලියෙක් පොරට කියලා මරණයට කැපවුනු අසරණ ගවයෙක් මරණින් නිදහස් කරවුමු කියලා. අපේ සිරිකුමාර මහත්තයාවාගේ දැහැමි පොරවල් එනකොටම මස්කඩේ නානලාගේ කරල පැහෙනවා. ගවයාගේ මිලට වඩා දෙගුනයක මිලක් කියලා හොද ලාබයකුත් නානලා හොයාගෙන එයාලා ගොඩ යනවා නෙව. සුදු පාට වැස්සියෙක් උනා නම් ගාන දෙගුණයකට වඩා වැඩිවෙනවා. කළු පාට හරි වස්සෙක් උනා නම් අනිවා ඌ මස්කඩේ කොක්කේ තමා. මොකද ඌට කිරි අම්මා ලේබලය වදින්නේ නෑ නෙව. ආර්ථික වටිනාකමක් ගන්න බැරි මෙන්න මේ සත්තුන්ගෙන් ගවයා එළුවා කුකුලා පිරිමි සතෙක් වෙන එක  අනිවාර්්‍යයෙන්ම කොක්කේ එල්ලෙන්නම වෙනවා. දැන් කරත්ත අදින්නයි කුඹුරු සීසාන්නයි හරක් ගන්නේ නැති නිසා හරක් යන්නේම මසට තමා. ඕං ආයෙත් පිට පැන්නා නේ.

 දැන් ඉතිං සිරිකුමාර මහත්තයා ඔෆිස් වැඩ අස්සේ කල්පනා කරන්නේ මේ අසරණ සතාව නිදහස් කරන වැඩේ ගැනමයි. දුප්පත් අපේ සිරිකුමාර මහත්තයාට කොයින්ද අනේ එච්චර සල්ලියක්. ගෙදරට ගෙනියන පඩි සල්ලිත් ගෞහමුලික භාර්්‍යාතුමෝ අරගෙන පස්සේ බස් ගාස්තුව ඇතුලු සියල්ලම එතුමිය සීරුවට කිරිලා මැනලා තමයි ආපහු දෙන්නේ. එහෙම නැතිව ලවක් දෙවක් නැතිව සල්ලි වියපැහැදම් කරන්න කාටද පුලුවන් මේ ආර්ථික  අහේනි කාලේ.

"මචං උඹ මේසේ උඩ කැටයක් තියලා මරණයට කැපවුනු අසරණ ගවයෙක් නිදහස් කිරිම කියලා ගහපං. එතකොට උඹ ලගට එන කස්ටමර්ලා මේක කියවලා කියක් හරි කැටයට දායිනේ. අනික උඹෙන් වැඩක් කරගන්න  උඹ ලගට එන උන් ලොකු ගානක් එහෙම දාන්නත් පුලුවන් නේ. ඒ සල්ලි වලින්  උඹට පුලුවන් වෙයි සතා නිදහස් කරන වැඩේට ගානක් හොයා ගන්න."

සතා නිදහස් කරන වැඩේට සල්ලි හොයාගන්න අපුරු ක්‍රමය අපේ අන්දුබයියා සිරිකුමාර මහත්තයාට කියලා දුන්නා. සිරිකුමාර මහත්තයාට මේක ඇහුවාම හිසේ මලක් පිපුනා වාගේ උනා.

"මචං නියම අයිඩියාවක් නේ. අදම මේක කරන්න ඕනේ."

පියන් කොලුවා එලියට පිටත් කරපු සිරිකුමාර මහත්තයා ප්ලාස්ටික් කැටයක් ගෙනවිල්ලා කාටත් පෙන්න පුලුවන් විදිහට මේසය උඩින් තිබ්බා. අර කිව්වා වාගේ ප්‍රින්ට් අවුට් එකකුත් අරගෙන කැටේට ඇලව්වා. වැඩේට ආරම්භයක් විදිහට  සිරිකුමාර මහත්තයාම රුපියල් සියයකුත් කැටේට දැම්මා. ගෙදර යන්න විතරක් බස්ගාස්තු අතේ තියෙන පොරට කොහෙන් රුපියල් සීයක් ආවද මන්දා. අපිත් ඉතිං හොද වැඩකට සම්මාදම් නොවි බැරි නිසා කැටේට සල්ලි දැම්මා. අදින්න පුබ්බකගේ ඥාති සම්බන්ධයක් තියෙන අන්දුබයියා අවුරුදු ගානක් පරණවුනු පොට්ට කාසි කිහිපයක් ලාච්චිචුවේ පතුල අතගාලා හොයාගෙන ඒක කැටේට දාලා රුපියල් දාහක්මාරක් දැම්ම වාගේ සිරිකුමාර මහත්තයාට ලොකු ටෝකක් එහෙම දෙන්න ගත්තා.

"ඔන්න මමත් සල්ලි දැම්මා. උඹ හරකෙක් නිදහස් කරනවා කියලා අපේ සල්ලි එහෙම පිල්ලි ගහන්න එහෙම එපා."



දැන් අපේ හැමෝමගේම කතාව සිරිකුමාර මහත්තයා කැටේ සල්ලි වලින් අසරණ සතා  නිදහස් කරන හැටි ගැනයි. අපිත් ඉතිං සිරිකුමාර මහත්තයාගේ මේසය පැත්තේ යන හැම සැරේම කරන්නේ අර කැටේ හොලවලා බලනවා ඒක පිරිලාද කියල බලන්න. සති මාස ගෙවිලා අවුරුද්දක් විතර ගෙවිලා ගියා එත් අනේ අර කැටේ පිරුනේම නෑ. හැමදාමත් ඒක එකම ප්‍රමාණයයි තිබුනේ.

"මෙතනට එන කී දෙනෙක් මේ කැටේට සල්ලි දානවද ඒත් මේක පිරෙන්නේ නැති එකත් ප්‍රශ්නයක්. කියන්නත් බෑ මු උපාසකයාවාගේ ඉදගෙන දාන දාන සල්ලි උස්සනවාද කියලා."  අමරසිරියා කියාපි.

"ඔව් ඔව් බලපං කැටේ යටින් හිලක්වත් තියේනවාද කියලා."

අපේ උසුලු විසිලු අහගෙන  සිරිකුමාර මහත්තයා කරබාගෙන හිටියා මිස පොර නොවෙයි ඒවාට කේන්ති ගත්තේ.



ඇත්තම සිද්ධවුනේ සිරිකුමාර මහත්තයා ලගට එන්නේ එකම කට්ටියක් නෙව ඉතිං එයාලා මුලින් සල්ලි දැම්මාට හැමදාමත් ඕකට සල්ලි දැම්මේ නෑ. ඒ නිසා කවදාවත් කැටය පිරුනේත් නෑ. අපිත් මුලදී සල්ලි දැම්මාට ඊට පස්සේ කීයක්වත් කැටේට දැම්මේ නෑ නොවැ. මගේ වැඩෙත් සිරිකුමාර මහත්තයා හමුවෙන්න ගියාම කැටේ හොලවලා බලලා "කවදාද බං උඹ මේ අසරණ සතා නිදහස් කරන්නේ?" කියලා අහන එකයි. අනේ අසරණ පොරටත් මේක හිසරුදාවක් වෙලා දැන්.

ඔන්න එක සති අන්තයක එක පාරටම අර කැටය අතුරුදහන් උනා. මේකට මොකද උනේ කියලා අහන්න පියන් කොලුවාත් හිටියේ නෑ. එයා මාසයක් හමාරක් එක දිගට වැඩ කරලා ගෙවල් දොරවල් වලට ගිහින් පවුල් පන්සල් බලා එන්න එපැයි. කොලුවා නිවාඩුදාලා ගමේ ගිහිල්ලා. දැන් කැටේ හොරු අරන් ගිහිල්ලා කියලා අමරසිරියා අපිටත් පනිවිඩය එව්වා. අපිටත් ඕනේ වෙඩ්මක් අවමංගුලක් කරගන්න හින්දා පැනගෙන ගියා සිරිකුමාර මහත්තයාගේ මේසය ලගට.  

"මචං කැටේ කොච්චර සල්ලි තිබුනාද?"

අන්දුබයියා ඇහැව්වා.

"දන්නේ නෑ බං."

සිරිකුමාර මහත්තයා අසරණ ලෙසින් කිව්වා.

"ඇයි උඹ ගනන් කලේ නැද්ද?"

"මම කැටේ කැඩුවේ නෑ."

"එහෙනම් නෝනාද කැඩුවේ?"

සිරිකුමාර මහත්තයාට මේ කිසි දෙයක් තේරුනේ නෑ.

"මචං ඇත්ත කියපං  හොද ගානක් එකතුවෙලා තිබුන හින්දා උඹ නේද කැටේ ඉස්සුවේ?" මම කෙලින්ම ඇහැව්වා.

"වෙන්න පුලුවන් මූ උස්සලා ඒක පියන් කොල්ලාගේ පිටට දාන්න ගහපු ගේමක්ද දන්නේ නෑ." අන්දුබයියා මැදට පැනලා ඇහැව්වා.  

"කැටේ සල්ලි ටික ටික උස්සලා දැන් ඒකේ සල්ලි නැතිවුනාම උඹ කැටේ අතුරුදහන් කලා නේද?"

අමරසිරියා කිව්වා විතරයි උපාසක සිරිකුමාර මහත්තයාට ආලවකයා වැහුනා වාගේ යක්ෂ සේනාධිපතියා හිස මුදුනටම ආරුඪ උනේ ක්ෂණිකයෙන්. පොර මේසේ උඩ තිබ්බ පේපර්වේට් එක අතට අරන් හිදගෙන හිටිය පුටුව පස්සට දාලා නැගිට්ටා.  කොකටත් ආරක්ෂාකාරි පියවරක් ලෙසට මාත් පස්සට පැනලා පාංශූදේහධාරි අන්දුබයියාට මුවාවුනා.

"යකෝ තොපිට මේක විහිලු මම උස්සනවාද මගේ කැටේ?"

තවදුරටත් සිරිකුමාර මහත්තයාට විහිලු කිරිම කිරිමෙල් නඩුවක් යන මිනිමැරුමක් දක්වා දිගගැස්සෙන බව අවබෝධ කරගත් මංතුමා අන්දුබයියාත් ඇදගෙන ආපහු අපේ මේස වෙතට ආවා. මොකද හතර පෝයටම සිල් සමාදම් වෙන උපාසකයොත් මිනිමරුවෝ වෙන අවස්ථාවල් උදාවෙනවා නෙව.  

කැටේ අතුරුදහන් වෙලා දවස් පහකට පස්සේ අපේ පියන් කොලුවා ආපහු වැඩට වාර්තා කලා.

"බලන්නකෝ මහත්තයෝ මම බලංගොඩ හරියේදි තේ බොන්න  බස් එක නැවැත්තුවාම බෑග් එක ඇරලා බැලින්නම් සිරිකුමාර මහත්තයාගේ පිං කැටේ ඒක ඇතුලේ."

"ඈ එහෙනම් උඹද පිං කැටේ ඉස්සුවේ?"

"මට මොකටද පිං කැටයක්? ෂුවර් එකටම මේ වැඩේ කරන්න ඇත්තේ අමරසිරි මහත්තයා තමයි. මේ කැටේට කුරුමානම් අල්ල  අල්ල හිටියේ එයා තමයි."

පියන් කොලුවා එයාගේ සැකය කෙලින්ම අමරසිරියාට එල්ල කෙරුවා. අමරසිරියා උගේ ඉස්සාරට  පැනපු බොල්ලෑ දත නොපෙනෙන්න කට අතින් වහන් හැමදාමත් දාන කින්ඩි හිනාව දැම්මා. ඒ කියන්නේ පියන් කොලුවා ගෙදර යන්න කලියෙන් උගේ ඇදුම් බෑග් එකට පිංකැටේ හොරාට ඔබලා නෙව. මේ සිද්ධියෙන් පස්සේ සිරිකුමාර මහත්තයාට පිංකැටේ චේතනාව එපාවුනාද මන්දා . එයා මේ පිංකැටය කඩලා බලන්න ඔනේ කිව්වා. අපි ඔක්කෝම ඉන්නැද්දී එයා කැටය කැඩලා සල්ලි ගැන්නා. අතිසෝචනියයි  මිත්ත්‍රවරුනි පිං කැටෙි එකතුවෙලා තිබ්බ සල්ලි වලින් යාන්තමට හරක් මස් කිලෝ එකක් ගන්න පුලුවන් ගානක් මිස හරකෙක් ගන්න නම් බෑ.

"යකෝ මෙකෙන් මොන සත්තු නිදහස් කිරිල්ලක්ද?" අන්දුබයියා ඇහැව්වා.

"ඔන්න ඔකත් අරන් හවසට යමං හෙට්ටියාවත්තේ බෝලෙ මේසේ රෙස්ටුරන්ට් එකට." කෑම බීම අංක එක කරගත්තු අමරසිරියාත් කට දැම්මා.

"තොපිලාට පිං අතේ වැඩක් උනත් විහිලු. ඔය බොන සල්ලි මේකට දැම්මා නම් අද කැටෙත් පිරිලා සතා නිදහස් කරගන්නත් තිබුනා. බොලාගේ උදව් නැතිවාට කමක් නෑ මම කොහොම හරි සතෙක් මරණින් නිදහස් කරනවා."

සිරිකුමාර මහත්තයා සල්ලි ටික අතේ ගුලිකරන් සපත කලා. කැටය මේසය උඩින් අයින් වුන නිසා අපිත් ආපහු කැටය ඇදන් විහිලු කරන්න ගියෙත් නෑ. අපිටත් මේක අමතක වෙලා ගිහින් තව මාස හයක් විතර ගෙවිලා ගියා. ඔන්න ආයෙත් දවසක සිරිකුමාර මහත්තයාට පොඩි ලිෆ්ට් එකක් ඕනවුනා ගෙදර යන ගමන් මගින් බහින්න.

"මචං අර අසරණ සතාව මරණින් නිදහස් කරාද?"

නිකං යන්නත් බෑනේ වල්පල් ටිකක් කතාවට ඇදලා ගත්ත මං මගදි අර සතා නිදහස් කරන වැඩේ ගැනත් ඇහැව්වා.

"ඔව් මම කරා."

"එච්චර සල්ලියක් එකතුවුනේ නෑනේ. උඹ අතින් දාලද සතා බේරාගත්තේ?"

"උඹ දන්නවානේ මං මාස පඩියෙන් රෝල ගහන්නේ කොච්චර අමාරුවෙන්ද කියලා. අපි හැදුවේ සතෙක් මරණින් මුදවා ගන්න නේ. ඉතිං ඒකට හරකෙක්ම වෙන්න ඕනේ නෑනේ."

"එතකොට මොකාද මරණින් බේරාගත්තෙ?"

"අර රත්මලානේ බෙලෙක්කඩේ හංදියේ තියෙන මස්කඩ පේලිය උඹ දන්නවානේ?"

"ඔව් ඉතිං?"

"ලොකු සල්ලියකුත් අතේ නැති හින්දා ඔතනට මරන්න ගෙනාපු කුකුලෙක් මරණින් බේරාගත්තා මචං."

"දැන් කෝ කුකුලා? කොහේටද නිදහස් කලේ?"

"මචං කුකුලා ගෙදර ගෙනිච්චාම ගෑණි ඇගට කඩන් පැන්නා මෙහේ කුකුලෙක් හදන්න ඉඩ කොහේද කියලා. මොනා හරි කියලා තියාගන්න තිබුනා කිකිලියෙක් උනානම් කුකුලාගෙන් බිත්තර ගන්නත් බෑනේ."

"ඉතිං?"

"ඒපාර කුකුලව ඉඩ තියෙන හින්දා ඉස්සරා ඉන්න මස්සිනාගේ වත්තට දැම්මා. පස්සේ උන්ගෙනුත් බරබරේ කුකුලාගෙන් මල්පාත්තියක්වත් තියාගන්න බෑ හැමතැනම පහුරුගානවා කියලා."

"ඉතිං උඹ ඌව වෙන දිහාකට දුන්නාද?"

"නෑ බං එයාලා ඌව නිදහස් කරලා."

"ඈ බං ඒ කොහේටද?"

"කුකුලාගෙන් මලවදේ හින්දා මස්සිනාගේ ගෙදර පාටියක් තිබුන දාක අනිත් මස්සිනාලා එකතුවෙලා ඌව උගේ කුකුල් ජිවිතයෙන් නිදහස් කරලා මචං."

සිරිකුමාර මහත්තයා බොහෝම කණගාටුවෙන් කිව්වා.





Saturday, August 17, 2024

මෙන්න ඒ ගීත 10

ගියවර පොස්ටුවෙන් ඇහැව්වා සිංහල ගීත10 ක් පුළුවන්ද නම් කරන්න කියා.
නමිනං උන්නැහැ ගීත දෙකක් ද කොළඹ ගමරාල අප්පුහාමි එක ගීතයක් ද හා වෘත්තාන්ත බ්ලොග් අඩවියෙන් එක ගීතයක්ද නම් කොරලා තිබ්බා. මේ ස්තුතිය උත්සාහ කරපු හැමෝටම. එහෙනම් ඔන්න පිලිතුරු ටික දැම්මා.
   


1. මුගටියෙක් ගයනා ගීය ----- "සදාදර නයෝ ඔබේ  මංගල දිනේ " --- ජයන්ත දිසානායක
2. කලුකුමාරයා ගයනා ගීය --- "තුංමංසල ළග බලාසිටින්නේමි ඔබ එනතුරු ලදුනේ " --- තිලකසිරි රත්නායක.
3. ගිණිභටයා ගයනා ගීය ---- " ඇවිලුනු ගිනිදැල් නිවි නිවියද්දි ඈ මට හමුවුවා" -- සනත් නන්දසිරි.
4. බඩජාරියා ගයනා ගීය --- " නාවල අන්නාසි කොට්ටේ දොඩම්" -- චන්දාසේන හෙට්ටිආරච්චි
5. සමකාමි ඇසුරකට ආරාධනා කරනා ගීය --- "හැමදාමත් යාළුවේ මම ඉන්නෙමි පාලුවේ" --- සෝමතිලක ජයමහ.
6. ත්‍රිසම් එකක් ගැන ගැයෙනා ගීය ---- "කවදාද ආයේ එන්නේ හමුවන්න මා" --- ෂර්ලි වෛජයන්ත.
7. උපත් පාලන පෙත්තක් ගැන කොල්ලෙක් ගයනා ගීය -----  "මිතුරි මගේ සදාකල් හිටියා ලගින් ඔයා " -- රූකාන්ත ගුණතිලක.
8. සමකාමි යාලුවා වෙන්වියෑම ගැන ගයනා ගීය --- "ඉස්සර බැදි පෙම සිත්වල සුවදයි " -- සෝමසිරි මැදගෙදර.
9. තොට යකා ගැන ගයනා ගීය -- "තොටුපල අයිනේ කවුද අතවනන්නේ" -- වික්ටර් රත්නායක
10. බත් නොකන කෙල්ලක් ගැන ගයනා ගීය -- "ඈ තාරකාවි " --- ටිරෝන් මද්දුමගේ.

මේ ගීතයන් සියල්ල ඉතාමත් රසවත් සිංහල ගීතයන් බවත් මෙය විනෝදාස්වාදය  පිනිස විතරක් මිස කිසිවෙකුට අපහාසයක් කිරිමේ චේතනාවෙන් නොකරන බවත් කරුණාවෙන් සළකන්න. 

Saturday, August 10, 2024

කාටද පුලුවන් මේ ගීත නම් කරන්න.

 කොළොම්පුරයා සිංහල ගීත දහයක්  අරන් ආවා... කාටද පුලුවන් මේ ගීත නම් කරන්න.




1. මුගටියෙක් ගයනා ගීය
2. කලුකුමාරයා ගයනා ගීය
3. ගිණිභටයා ගයනා ගීය
4. බඩජාරියා ගයනා ගීය
5. සමකාමි ඇසුරකට ආරාධනා කරනා ගීය
6. ත්‍රිසම් එකක් ගැන ගැයෙනා ගීය
7. උපත් පාලන පෙත්තක් ගැන කොල්ලෙක් ගයනා ගීය
8. සමකාමි යාලුවා වෙන්වියෑම ගැන ගයනා ගීය
9. තොට යකා ගැන ගයනා ගීය
10. බත් නොකන කෙල්ලක් ගැන ගයනා ගීය.




මේ ගීතයන් සියල්ල ඉතාමත් රසවත් සිංහල ගීතයන් බවත් මෙය විනෝදාස්වාදය  පිනිස විතරක් මිස කිසිවෙකුට අපහාසයක් කිරිමේ චේතනාවෙන් නොකරන බවත් කරුණාවෙන් සළකන්න.  

Monday, July 8, 2024

අලුත් බ්ලොග් එකක්

 https://thepsychblog.com/



 අපේ බ්ලොග් අඩවි අතරට අලුතින්ම එකතුවුනු බ්ලොග් එකක් තමයි https://thepsychblog.com 

 උඩ තියෙන ලිංක් එකෙන්
 අලුත් බ්ලොග් එකට ගොඩවැදිලා  කොමෙන්ට් එකක් එහෙම දාලා දිරි ගැන්වීමක් කරලා යන්න යාලුවනේ....

Saturday, June 1, 2024

වතුරට දාන්න ගන්න වැල - නැංගුරම් දම්වැල

 නමියාගේ විදිය බ්ලොග් අඩවියේ නමි කොලුවා පෙර දිනකදි කොළොම්පුරේ බ්ලොගයේ කොමෙන්ටුවක් කොටමින් අසා තිබුනා නෞකාවක නැංගුරම් දමන්නේ කෙසේද කියා. ඒ ඉල්ලීම ඉටු කරන්න  නැංගුරම් දමන්න ප්‍රථම නැංගුරම් වර්ග හා නැංගුරම් දම්වැල් ගැන පොඩ්ඩක් පහදා දෙන්න වෙනවා. ඔන්න නමියෝ  නැංගුරම් දම්වැල් හි කතන්දරේ  



නැංගුරම් දම්වැල් නාවික ලෝකයේ අත්‍යාවශ්‍ය  අංගයකි. නැව් සහ අනෙකුත් විශාල යාත්‍රා  නැංගුරම් ලෑමේ දී නැංගුරම් දම්වැල තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. නැංගුරම් දම්වැල් වානේ වලින් සාදා ඇති අතර, ඒවා කටුක සාගර පරිසරයට ඔරොත්තු දෙන පරිදි නිර්මාණය කර ඇත.




 නැංගුරම් දම්වැලක් යනු කුමක්ද?
නැංගුරම් දම්වැල් යනු යාත්‍රා නැංගුරම් ලෑම සඳහා නිර්මාණය කර ඇති අධික බර දම්වැලකි. මෙම දම්වැල යාත්‍රාවේ එක් කෙළවරක නැංගුරමට සහ අනෙක් කෙළවර නෞකාවට සවි කර ඇත. දම්වැල් සාමාන්‍යයෙන්    සමන්විත වන්නේ ශක්තිමත් සහ කල් පවතින දාමයක් නිර්මාණය කිරීම සඳහා එකට වෑල්ඩින් කරන ලද බහු සබැඳි පුරුක් වලින්ය.
නැංගුරම් දම්වැල් සාදා ඇත්තේ ඉහළ ශක්තියකින් යුත් වානේ වලින් වන අතර එය විඛාදනයට හා ගෙවියාමට ප්‍රතිරෝධී වේ. වානේ සාමාන්යයෙන් මැංගනීස්, ක්රෝමියම් සහ නිකල් වැනි අනෙකුත් ලෝහ සමඟ මිශ්‍ර කර එහි ශක්තිය සහ කල්පැවැත්ම වැඩි කරයි. තාප පිරියම් කිරීම, වාත්තු සහ වෙල්ඩින් ක්‍රියාවලීන්ගේ සංයෝජනයක් භාවිතයෙන් දම්වැල් නිෂ්පාදනය කෙරේනවා.

නෞකාවල නැංගුරම් දම්වැල් වල වැදගත්කම.
නැංගුරම් දම්වැල යනු නෞකාවල වඩාත් තීරණාත්මක අංගයකි. විශේෂයෙන්ම චංචල ජලයේ යාත්‍රාව ස්ථාවරව තබාගැනීම සඳහා එය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. දම්වැල නැංගුරම සහ යාත්‍රාව අතර ශක්තිමත් සම්බන්ධකයක් ලෙස ක්‍රියා කරයි, නෞකාවේ ස්ථාවරත්වය සහ ආරක්ෂාව සහතික කරයි. නෞකාවල නැංගුරම් දම්වැල් හි වැදගත්කම පහතින්  පෙන්වා දිය හැකිය.

නෞකාවක ආරක්ෂාව සහ ස්ථාවරත්වය සපයයි (Security and Stability )  -     නෞකාවක් නැංගුරම් ලා ඇති විට, එය සෑම විටම ජලයේ ස්ථාවරව පැවතිය යුතුය. නැංගුරම් දම්වැල ජලයේ තත්ත්වය කුමක් වුවත් නෞකාවක් ස්ථාවරව තබා ගැනීමෙන් අවශ්‍ය  ආරක්ෂාව සැපයීම සඳහා වගකීම දරයි. උසස් තත්ත්වයේ නැංගුරම් දම්වැලක් නෞකාවක නැංගුරමට සම්බන්ධ කර ඇතිවිට   සුළං සහ වඩදිය බාදිය යාත්‍රාවට ඇදී යන විට හෝ තල්ලු කරන විට පවා එය තදින් අල්ලා ගෙන සිටියි.

නෞකාව පාවි ඇදීයාම වැළැක්වීම (Drifting) -     නැංගුරම් ලෑමේදී පාවි ඇදීයාම පොදු ගැටළුවක් වන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස නෞකාවක මුහුදට ගසාගෙන යාම හෝ වෙනත් යාත්‍රාවල ගැටීම පවා සිදුවේ. පාවි ඇදීයාම වැළැක්වීම සඳහා ශක්තිමත්, හොඳින් සවි කර ඇති නැංගුරම් දම්වැලක් අවශ්ය වේ. නැංගුරම් දම්වැල ඉතා සැහැල්ලු නම්, නෞකාව නිවැරදිව නැංගුරම් දැමීමට ප්‍රමාණවත් නොවේ. එහි ප්‍රතිඵලයක් වශයෙන්, යාත්‍රාව ඉවතට ගසාගෙන ගොස් අන් නෞකාවලට අනතුරක් විය හැකිය.

නෞකාව කටුක කාලගුණයට මුහුණ දෙන්න (Harsh Weather) -            අයහපත් කාලගුණය නෞකාවක් සඳහා සැලකිය යුතු ගැටලුවක් විය හැකි අතර, එවැනි තත්වයන් තුළ, විශ්වසනීය නැංගුරම් දම්වැලක් හොඳම විසඳුම වේ. ඝන, කල්පවත්නා දම්වැල කටුක කාලගුණික තත්ත්වයන්ට ඔරොත්තු දිය හැකි අතර, නෞකාව තදින් අල්ලාගෙන සිටින බව සහතික කරයි.

නෞකාවක  නැංගුරම පහසුවෙන් ලබා ගැනීම (Retrieval ) -      නැංගුරම නැවත ලබා ගැනීමේදි නැංගුරම් දම්වැලක් වඩාත් පහසු වේ. නැංගුරම පතුලේ සිට එලිමට වඩාත් පහසු වේ.

ආරක්ෂාව (Safety ) -    ශක්තිමත් දම්වැලක් නැංගුරම් ලා යාත්‍රාවේ ආරක්ෂාව සහතික කරයි. නෞකාව නිසියාකාරව ආරක්ෂා කර ගැනීමෙන් නෞකාව පෙරළීමේ හෝ නැංගුරම සිරවීමේ අවස්ථාව නැති වේ. කුණාටු හෝ රළු මුහුද වැනි හදිසි අවස්ථා වලදී නෞකාව නිසි තැන තබා ගැනීමට නැංගුරම් දම්වැල උපකාරී වේ.

 විවිධ වර්ගයේ නැංගුරම් දම්වැල් ඇත, ඒවා ප්‍රමාණය, දව්‍ය සහ ශක්තිය මත පදනම්ව වර්ග කළ හැකිය.

Stud link Anchor Chain  -   මෙය බහුලව භාවිතා වන නැංගුරම් දාමයකි. එය නිර්මාණය කර ඇත්තේ ලින්ක් මත ස්ටුඩ් හෝ ප්‍රක්ෂේපණ සහිතව, දම්වැල ඇඹරීම වළක්වයි.
Stud link Anchor Chain 



Studless Anchor Chain -  Stud link    නැංගුරම් දම්වැලට වඩා සැහැල්ලු සහ නම්‍යශීලී වන අතර, එය මුහුදු පත්ලේ වැතිරවීමට ඉඩ සලසයි.
Studless Anchor Chain 

නැංගුරම් දම්වැල් හි දිග මනිනු ලබන්නේ  බඹ (Fathoms) හා ෂකල් (Shackles)  වලිනි

අඩි 6ක්  =  බඹ 1 යි
බඹ 15 =  ෂකල් 1 යි

One fathom = 6feet. 
1Shackle (shot) = 15 fathoms 
15 fathoms = 90 feet = 27.432 meters

ඉහළ ඡායාරූපයෙන් පෙන්වන්නේ නැංගුරම් ලෑමේදි කොපමණ දිග ප්‍රමාණයක් දම්වැල මුදාහරින බව හදුනාගන්නට ෂකල්  එකින් එකට පාට කර ඇති අයුරුයි.

නෞකාවෙන් නෞකාවට එවායේ  නැංගුරම් දම්වැල් හි දිග වෙනස්වේ  එය  නෞකා නිෂ්පාදනයේදි තිරණය කරනු ලබන්නකි.

Monday, May 20, 2024

මහා දන්සල

 මහා දන්සල  


පිං කැමති ඇත්තෝ ඇති තරම් කොටාබාන්නට වරෙල්ලා...

Saturday, March 30, 2024

නාවික සැතපුම් ගොඩබිම් සැතපුම්වලට වඩා වෙනස් වන්නේ ඇයි?

 නාවික සැතපුමක් යනු සමුද්‍ර  හා ගුවන් සේවා කර්මාන්තවල භාවිතා වන මිනුම් ඒකකයක්. නාවික සැතපුමක් ගොඩබිම් සැතපුමකට වඩා වෙනස් වෙනවා.




 පෘථිවි භූගෝල විද්යාවට සමපාත වන දුර මැනීම සඳහා ක්‍රමයක් සපයන මෙය එක් නාවික සැතපුමක් අක්ෂාංශ මිනිත්තු එකක් පිළිබිඹු කරනවා. අක්ෂාංශ ලොව පුරා ස්ථාවර ලෙස සලකන්නේ විවෘත සාගරයේ සහ අහසේ ප්‍රස්ථාර මාර්ග සලකුණු කිරීම සඳහායි.

1929 දී ස්ථාපනය කරන ලද ජාත්‍යන්තර  නාවික සැතපුම හරියටම මීටර් 1,852 කි. මෙම නිර්වචනය පෘථිවියේ භෞතික දිග හා පළලයන් හා එක්ව නාවික සැතපුම් අක්ෂාංශ සහ දේශාංශ අංශක වලට සම්බන්ධ වෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන්, නාවිකයන් සහ ගුවන් නියමුවන් පෘථිවි දේශාංශ සහ අක්ෂාංශ ඔස්සේ ස්ථාන සැලසුම් කිරීමේදී නිරවද්‍යතාවය සඳහා නාවික සැතපුම නිරතුරුවම භාවිතා කරයි.

    ගොඩ සැතපුම්: 1 සැතපුම් = යාර 1,760 හෝ අඩි 5,280
    නාවික සැතපුම්: 1 නාවික සැතපුම් = මීටර් 1,852 හෝ ආසන්න වශයෙන් අඩි 6,076

නාවික සැතපුම් ඉතිහාසය

නාවික සැතපුමේ මූලාරම්භය වන්නේ සමුද්‍ර  යාත්‍රා කිරිම හා පෘථිවි ජ්යාමිතිය වෙනවා. එය අක්ෂාංශ අංශකයකින් හැටෙන් එකක් වන අක්ෂාංශ මිනිත්තු එකක් නියෝජනය කරවයි. ඓතිහාසික වශයෙන්, පෘථිවිය ගෝලාකාර බවත්, එය වටා ගමන් කිරීම අංශක 360 කට බෙදීමට ඇතුළත් වෙනවා.
පුරාණ නාවිකයින් සමකය වැනි වෘත්තයක් ඔස්සේ මනින ලද පෘථිවි මධ්‍යාංශක මත පදනම් කරගෙන මුහුදේ දුර මැනීමට භාවිතා කළහ.
දිග සහ අංශක ස්ථාවර අනුපාතයකින් දුර මැනීමේ සංකල්පය සටහන් වී ඇත්තේ රෝමවරුන් අතරය ඔවුන් mille passus නම් වූ මිනුමක් තිබූ අතර, එය දහසකට සමාන වුනා.

16 වන ශතවර්ෂයේ අග භාගය වන විට, ඉංග්රීසි නාවිකයින් මුහුදේ ඇති දුර ඕනෑම විශාල කවයක් දිගේ අංශකවලට සමාන විය හැකි බව හඳුනා ගත්හ. පෘථිවියේ ගෝලාකාර ස්වභාවයට අනුගත වූ නාවික සැතපුම වඩාත් නිවැරදි මිනුමක් ලෙස ඔවුන්ගේ කාර්යය මගින් තහවුරු වුනා.




    ආරම්භයේදි ගෝලාකාර පෘථිවිය: පෘථිවිය පරිපූර්ණ ගෝලයක් perfect sphere  බවට උපකල්පනය කිරීමෙන් නාවික සැතපුමක් ආසන්න වශයෙන් අඩි 6,080 ක් විය. පසුව පෘථිවිය පරිපූර්ණ ගෝලයක් නොව ගෝලාකාර ගෝලයක් - ablate spheroid  බව තේරුම් ගත් පසුව ගැලපීම් සිදු කරන ලැබුවා.

ජාත්යන්තර හයිඩ්රොග්රැෆික්  සංවිධානය  International Hydrographic Organization  1929 දී නාවික සැතපුම හරියටම මීටර් 1,852 (ආසන්න වශයෙන් අඩි 6,076) ලෙස ප්‍රමිතිගත කරා.  මෙම නිර්වචනය නවීන භූගෝලීය දැනුම සහ චන්ද්‍රිකා  මිනුම් සමඟ සමපාත වන අතර, නිරවද්‍ය  ගෝලීය සංචලනය - Nevigation  සඳහා අවශ්‍ය  නිරවද්‍යතාවයට අනුකූල වෙනවා.

නාවික සැතපුම් ගණනය කිරීම

නාවික සැතපුම ගණනය කරනු ලබන්නේ පෘථිවියේ පරිධිය මත පදනම්ව, විශේෂයෙන් අක්ෂාංශ අංශක වලට සම්බන්ධවයි. එක් නාවික සැතපුම් අක්ෂාංශ මිනිත්තු එකකට සමාන වේ. එය හරියටම මීටර් 1,852 ක් හෝ ගොඩබිම් සැතපුම් 1.1508 ට පරිවර්තනය කලහැකියි. පෘථිවි වක්‍රය හේතුවෙන් නාවික ගමනාගමනය සඳහා වඩාත් නිවැරදි නිරූපණයක් වන බැවින් මුහුදේ දුර සාමාන්යයෙන් නාවික සැතපුම් වලින් මනිනු ලැබේ.

1 නාවික සැතපුම් = අක්ෂාංශ 1 විනාඩි
මීටර්  1,852 කි
කිලෝමීටර  1.852 කි
ගොඩබිම් සැතපුම්  1.1508

මෙම මිනුම ජාත්‍යන්තරව එකඟ වී ඇති අතර සමුද්‍රියව සහ ගුවන් යානා ගමන් කිරීම සඳහා ඉතා වැදගත් වෙනවා. එය ගෝලීය නාවික පද්ධති හරහා අනුකූලතාව සහතික කරන අතර දුර තීරණය කිරීම සඳහා විශ්වාසනීය තත්වයක් සපයයි.

 නාවික සැතපුම් භාවිතයෙන් දුර ගණනය කිරීම

 පැතලි මතුපිටක් උපකල්පනය කරන ගොඩබිම් සැතපුම් මෙන් නොව පෘථිවියේ ගෝලාකාර හැඩය සැලකිල්ලට ගන්නවා.
නාවික සැතපුම් පැයට නාවික සැතපුම් වලින් වේගය මනින නොට් - knots  සමඟ ඒකාබද්ධව ද භාවිතා කරනවා. නාවික සැතපුම් සහ Knots  එකට භාවිතා කිරීම සාගරවල විශාල ප්‍රදේශයන්හි නිරවද්‍ය  ලෙස සැරිසැරීම සඳහා දිගුකාලීනව ස්ථාපිත වූ පුරුද්දකි. පෘථිවිය ගෝලයක් ලෙස සැලකීම සහ එය අක්ෂාංශ අංශකවලට බෙදා තිබිමත් නාවික සැතපුම මුහුදේ සහ අහසේ සම්මත මිනුම් ඒකකය ලෙස පවතින්නේ  ඇයිදැයි තේරුම් ගැනීමට සිදුවෙනවා.

නාවික සැතපුම් සහ ගොඩබිම් සැතපුම් සංසන්දනය කිරීම.

නාවික සැතපුම් සහ ගොඩබිම් සැතපුම් දුර මනිනු ඇති නමුත් ඒවා විවිධ සන්දර්භවල භාවිතා වන අතර විවිධ දිග ඇත. බොහෝ විට ව්යවස්ථාපිත සැතපුමක් ලෙස හඳුන්වන ගොඩබිම් සැතපුමක් අඩි 5,280ක් හෝ මීටර් 1,609ක් පමණ ලෙස අර්ථ දක්වා ඇත. එය 1,000 ක රෝම මිනුමකින් ආරම්භ වූ අතර මාර්ග දුර සඳහා එක්සත් ජනපදයේ බහුලව භාවිතා වේ.



මෙන්න කෙටි වගු සහිත සංසන්දනයක්:  
දිග 1 නාවික සැතපුම් = අඩි 6,076 (ආසන්න.) 1 ගොඩබිම් සැතපුම් = අඩි 5,280
පෘථිවි කල්පවත්නා ඛණ්ඩාංක මත පදනම්ව රෝම මිනුම 1,000 වේ
සමාන 1 නාවික සැතපුම් ≈ 1.1508 ගොඩබිම් සැතපුම් 

මුහුදේ සහ ගුවනේ යාත්‍රා කිරීම සඳහා නාවික සැතපුම පිළිබඳ සංකල්පය ඉතා වැදගත් වේ. එය පැයට නාවික සැතපුම් වල වේගය දැක්වීමට භාවිතා කරන නො සංකල්පය සමඟ යුගලනය කර ඇත. පෘථිවි හැඩය අනුව, නාවික සැතපුම් භාවිතා කිරීම ප්‍රස්ත්‍ර්‍රාර සිතියම් ප්‍රායෝගික  දුරවලට සෘජුවම පරිවර්තනය කිරීමට ඉඩ සලසනවා. 

ජාත්‍යන්තර  පිළිගැනීම සහ ප්‍රමිතිකරනය

1929 දී, ජාත්‍යන්තර  ජලවිද්යාත්මක කාර්යාංශය නාවික සැතපුම් ප්‍රමිතිගත කිරීම සඳහා රටවල් ගණනාවක් සමඟ ගිවිසුමක් සම්බන්ධීකරණය කළ විට සමද්‍රියව සහ ගුවන් යාත්‍රා කිරීම සඳහා සැලකිය යුතු සන්ධිස්ථානයක් අත්කර ගන්නා ලදී. මෙම ඒකකය නිර්වචනය කිරීම සඳහා ඔවුන් මීටර් 1,852 ක දිගකට එකඟ වූ අතර එය පසුව ජාත්‍යන්තර  නාවික සැතපුම ලෙස හැඳින්විණි. මෙම තීරණය ජාත්‍යන්තර  දේශසීමා හරහා අනුකූලතාවයට පහසුකම් සැලසූ අතර,, නාවික ගමනාගමනය සඳහා අත්‍යාවශ්‍ය  බව තහවුරු කළේය.

සියලුම රටවල් ජාත්‍යන්තර  නාවික සැතපුම වහාම සම්මත කර ගත්තේ නැත. එක්සත් ජනපදය ඇතුළු අතලොස්සක් මුලින් මෙම ගිවිසුමෙන් ඉවත් විය. එසේ වුවද, මීටර් 1,852 ක නිරවද්ය මිනුම වටා ඇති පුළුල් ජාත්‍යන්තර සම්මුතිය එතැන් සිට විශ්වීය වශයෙන් හඳුනාගෙන ඇති අතර එය ජාත්‍යන්තර  ඒකක පද්ධතියට අනුකූලව භාවිතා වෙනවා.

සාරාංශයක් ලෙස, නාවික සැතපුම් ලොව පුරා ගුවන් නියමුවන් විසින් භාවිතා කරන නාවික පද්ධති වෙත බාධාවකින් තොරව පරිවර්ථනය කරමින් ගුවන් ගමන් වල දුර මැනීම සඳහා විශ්වාසනීය සහ ගෝලීය ප්රමිතියක් සපයනවා.
  

නාවික සැතපුම් සිට ගොඩබිම් සැතපුම් දක්වා පරිවර්තනය කිරීමේදී, පහත දළ වශයෙන් භාවිතා කළ හැක.

    1 නාවික සැතපුම් ≈ 1.1508 ගොඩබිම් සැතපුම්

සිරිකුමාර මහත්තයාගේ නිදහස් කිරිල්ල

ලගදි දවසක කොළොම්පුරයාලේ කාර්්‍යාලිය සගයෙක් වෙච්චි සිරිකුමාර මහත්තයා රස්සාවේ වැඩකටයුතු ඉවර කරලා හවස් අතේ ගම්බිම් බලායන්න කොළොම්පුරයාගේ දඩුමොන...