Saturday, August 17, 2024

මෙන්න ඒ ගීත 10

ගියවර පොස්ටුවෙන් ඇහැව්වා සිංහල ගීත10 ක් පුළුවන්ද නම් කරන්න කියා.
නමිනං උන්නැහැ ගීත දෙකක් ද කොළඹ ගමරාල අප්පුහාමි එක ගීතයක් ද හා වෘත්තාන්ත බ්ලොග් අඩවියෙන් එක ගීතයක්ද නම් කොරලා තිබ්බා. මේ ස්තුතිය උත්සාහ කරපු හැමෝටම. එහෙනම් ඔන්න පිලිතුරු ටික දැම්මා.
   


1. මුගටියෙක් ගයනා ගීය ----- "සදාදර නයෝ ඔබේ  මංගල දිනේ " --- ජයන්ත දිසානායක
2. කලුකුමාරයා ගයනා ගීය --- "තුංමංසල ළග බලාසිටින්නේමි ඔබ එනතුරු ලදුනේ " --- තිලකසිරි රත්නායක.
3. ගිණිභටයා ගයනා ගීය ---- " ඇවිලුනු ගිනිදැල් නිවි නිවියද්දි ඈ මට හමුවුවා" -- සනත් නන්දසිරි.
4. බඩජාරියා ගයනා ගීය --- " නාවල අන්නාසි කොට්ටේ දොඩම්" -- චන්දාසේන හෙට්ටිආරච්චි
5. සමකාමි ඇසුරකට ආරාධනා කරනා ගීය --- "හැමදාමත් යාළුවේ මම ඉන්නෙමි පාලුවේ" --- සෝමතිලක ජයමහ.
6. ත්‍රිසම් එකක් ගැන ගැයෙනා ගීය ---- "කවදාද ආයේ එන්නේ හමුවන්න මා" --- ෂර්ලි වෛජයන්ත.
7. උපත් පාලන පෙත්තක් ගැන කොල්ලෙක් ගයනා ගීය -----  "මිතුරි මගේ සදාකල් හිටියා ලගින් ඔයා " -- රූකාන්ත ගුණතිලක.
8. සමකාමි යාලුවා වෙන්වියෑම ගැන ගයනා ගීය --- "ඉස්සර බැදි පෙම සිත්වල සුවදයි " -- සෝමසිරි මැදගෙදර.
9. තොට යකා ගැන ගයනා ගීය -- "තොටුපල අයිනේ කවුද අතවනන්නේ" -- වික්ටර් රත්නායක
10. බත් නොකන කෙල්ලක් ගැන ගයනා ගීය -- "ඈ තාරකාවි " --- ටිරෝන් මද්දුමගේ.

මේ ගීතයන් සියල්ල ඉතාමත් රසවත් සිංහල ගීතයන් බවත් මෙය විනෝදාස්වාදය  පිනිස විතරක් මිස කිසිවෙකුට අපහාසයක් කිරිමේ චේතනාවෙන් නොකරන බවත් කරුණාවෙන් සළකන්න. 

17 comments:

  1. ගිලුණු නැවක සිට නාවිකයෙක් ගයනා කරන ගීතය නම් කර වටිනා නැව් කඹයක් දිනාගන්න.

    ReplyDelete
    Replies
    1. ජනාදිපති කතිර යුද්දේ පටන්ගත්තාම නැව් කඹ පරද්දන කඹ අපේක්ෂකයන් 39 දෙනාම අපිට නොමිලයේ දෙන්නයි ඉන්නේ..

      Delete
    2. https://www.youtube.com/watch?v=sGSBSzCJgSw

      Delete
    3. පෂා - 'නිල්වන් මුහුදු තීරේ ගල්මල් පිපුනු යායේ මා තනි වෙලා නැව් තලේ'

      Delete
  2. 10 වෙනි එක කොහොමෙයි ඈ තාරකාවී වෙන්නෙ හිටං.

    මෙහෙම සිංදුවලට නව අර්ථකතන දෙනවට බොට වාරික වසයෙන් හෙන ගහයි බොල 😁🤭

    ReplyDelete
    Replies
    1. මෙව්වා මේ කොලුකමට කොරන වැඩ නොවැ නමිනං උන්නැහේ.. හැමදාමත් එකම විදිහට හිතන්න නාකයි නෙව..

      Delete
    2. ස්තුතියි අතිගරු බකුස් උතුමාණනි පැහැදිලි කෙරුවාට.

      Delete
  3. Replies
    1. වැටාධිපතිතුමාගෙන් කොපිරයිට්ස් අරගත්තාද? නැත්නම් අබ්බකාත් මහතැන් නඩු කරයක් ලියවයි..

      Delete
    2. කොහෙ? උන්දෑ වැරි බිසී😋

      Delete
    3. //මෙය විනෝදාස්වාදය පිනිස විතරක් මිස කිසිවෙකුට අපහාසයක් කිරිමේ චේතනාවෙන් නොකරන බවත් කරුණාවෙන් සළකන්න//

      Delete
  4. අංක 5 - https://www.youtube.com/watch?v=RVHYvXh9hDo

    ReplyDelete
  5. හරි එහෙනම් කියහල්ලකො බලන්න සමරිසි කෙල්ලො දෙන්නෙක් ගැන කියන සින්දුව මොකද්ද කියල?

    ReplyDelete
    Replies
    1. ගහක මල් පිපිලා...කරුණාරත්න දිවුල්ගනේ..

      Delete
  6. ඈ තාරකාවී..පාරේ දිගාවී..😆 මට සෑහෙන පොස්ට් තොගයක් මිස් වෙලානේ කට්ටියගේ

    ReplyDelete

අදහස් මෙතන නිදහස් කරන්න

මෙන්න ඒ ගීත 10

ගියවර පොස්ටුවෙන් ඇහැව්වා සිංහල ගීත10 ක් පුළුවන්ද නම් කරන්න කියා. නමිනං උන්නැහැ ගීත දෙකක් ද කොළඹ ගමරාල අප්පුහාමි එක ගීතයක් ද හා වෘත්තාන්ත බ්ල...