හෙළයේ ගැමිහඬ භාෂාව ගුවන් විදුලිය ඔස්සේ මුලූ රටටම හඳුන්වලා දුන්න මේ මුවන්පැලැස්ස නාට්‍ය රචනා කලේ හොමියෝපති වෛද්‍යවරයෙකුවු මුදලිනායක සෝමරත්න මහතායි. ගුවන් විදුලි අධ්‍යෂකවරයාවු එස්.බි. සේනානායක මහතා මුදලිනායක සෝමරත්න මහතාට ගැමිසුවඳ වෑහෙන ලස්සන නාට්‍යයක් ලියන්නැයි ආරාධනා කෙරුවා. එතුමාගේ උපදෙස් අනුව ඔහු මිණිපේ, මහියංගණය, ලග්ගල, මීමුරේ, කයිකාවල, දියනිල්ල ආදි හද්දා පිටසිර පලාත්වලට ගියා. එ් වනගත ගැමි ගම්මානවල මිනිස්සු ජිවත්වෙන්නේ කොහෝමද ඔවුන්ව සුරාකන අය කවුරුදු කියලා මුදලිනායක සෝමරත්න මහතා අධ්‍යනයක යෙදෙන්නටවුනා.
මුදලිනායක සෝමරත්න මහතා
මේ නාට්‍යට මුවන්පැලැස්ස කියන නම යෙදුනෙත් අපුරු ආකාරයකටයි. මුදලිනායක සෝමරත්න මහතාට එක් හැන්දෑවක එක්තරා ගමක ගැමියෙකු හමුවි ඔහු සමගින් කතාබහක යෙදි සිටිනකොට ඔහුගේ ගමට කියන නම පලැස්ස යැයි කිව්වා. එ් අවස්ථාවේදි මුවන් රංචුවක් ඔවුන් දෙදෙනා ඉදිරියෙන් ගමන්කල නිසා එ් මුවන් දෙස බලාසිටි මුදලිනායක සෝමරත්න මහතාට මුවන්පැලැස්ස නම මනසේ මැවුනා. එ් අනුව තමයි මුවන් පැලැස්ස නම ගුවන්විදුලිනාට්‍යට යෙදුවේ. 1963 අවුරුද්දේ තමයි මේ ගුවන්විදුලි නාට්‍ය මුලින්ම ප‍්‍රචාරයවුනේ.මේ ගුවන් විදුලි කථාව පටන්ගන්නේ සුදු ජාතික දිසාපතිවරයෙක් බි‍්‍රතාන්‍ය අධිරාජ්‍ය සමයේ ලංකාවේ ආදිවාසින් ගැන තමන්ගේ පොතකට කරුණු හොයන්න ලංකාවට එනවා. ඔහු තවත් සගයන් කිහිප දෙනෙක් එක්ක ආදිවාසින් හොයාගෙන ඈත වනාන්තරයට පිටත්ව යනවා. මේ ගමනේදි දිසාපතිවරයාට මුවන්පැලැස්ස නම් ගම්මානයක් හමුවෙනවා. මේ ගමේ ඉන්නා අපුරු චරිත කිහිපයක් ඔහුට මුණගැහෙනවා. එ් තමයි වෙද මාමා, වෙඩික්කාරයා, බිනරමලී, ආරච්චිල හා ඔහුගේ බිරිඳ එතනහාමි, මැණිකේ, පිනා. පසුකාලෙක වෙඩික්කාරයා කදිරා ලෙසින් ද ආරච්චිල කෝරලේ මහත්තයා ලෙසින්ද වෙනස්වෙනවා. එ් එක්කම වාගේ සුදු ජාතික දිසාපතිගේ චරිතයද මේ නාට්‍යයෙන් ඉවත්වෙලා යනවා. මේ චරිත සියල්ලක්ම මුදලිනායක සෝමරත්න මහතා ගොඩනගලා තියෙන්නේ ඔහුට ගම්මානවලදි හමුවු ගැමියන් ආශ‍්‍රය කිරිමෙනුයි.
කෝරලේ මහත්තයා සහ මැණිකේ.
විජේරත්න වරකාගොඩ සහ රත්නාවලි කැකුණවෙල
මුවන්පැලැස්ස ගමේ කතාවක් ලෙසින් ගුවන්විදුලියේ මුල් බැසගත්තා. එත් 1971 අවුරුද්දේ අපේ‍්‍රල් 08 වෙනිදා මුදලිනායක සෝමරත්නයින් ඇමෙරිකාවේ කැලිෆෝනියා ප‍්‍රාන්තයේ ස්ථිර පදිංචියට යනවා. මේ නිසා මුවන්පැලැස්ස විකාශනය කිරිම නතරවෙනවා. ගුවන්විදුලියට ලංකාවේ හතරදිගින් ලියුම් ගලාගෙන එන්නට පටන්ගත්තා. එවකට ගුවන් විදුලියේ සභාපති හා අධ්‍යක්ෂක ජෙනරාල් තේවිස් ගුරුගේ මහතා වහාම මුවන්පැලැස්සේ ශිල්පින් ගෙන්වලා මේක නතර කරන්නට පුළුවන් නාට්‍යන් නොවන බැවින් ඉදිරි කොටස් කිහිපයක් රචනා කරලා පෙන්වන ලෙසට ඉල්ලා සිටිනවා. ධර්ම ශ‍්‍රී මුණසිංහ, පි. වැලිකල, වික්ටර් මිගෙල්, ගැමුණු විජේසුරිය, යන ශිල්පින් පිටපත් ලියා තේවිසුගුරුගේට ඉදිරිපත් කළා. එ්වායින් ඔහු තෝරාගත්තේ වික්ටර් මිගෙල් රචනා කල පිටපතයි. ඊට දෙමසකට පසුව යළිත් මුවන්පැලැස්ස විකාශනය කිරිම ආරම්භ කළා. 1971 ජුනි 25 වෙනිදා සිට මුවන්පැලැස්සේ කදිරාගේ චරිතයද රඟපාමින් අවුරුදු විසිපහක් මුවන්පැලැස්ස රචනා කලේ වික්ටර් මිගෙල් මහතායි.
වික්ටර් මිගෙල් මහතා
1995 දි වික්ටර් මිගෙල් මහතා හෘදයාබාදයකින් අභාවප‍්‍රාප්ත වෙනවා. ඉන්පසුව ශ‍්‍රී නිමල් පද්මකුමාර මහතා මුවන්පැලැස්ස නාට්‍ය අවුරුදු 15 ක් පමණ රචනා කෙරුවා.
ශ‍්‍රී නිමල් පද්මකුමාර මහතා
යළිත් වතාවක් මුවන්පැලැස්ස රචනා කරන්නයි එහි ආරම්භක රචකයාවු මුදලිනායක සෝමරත්ත මහතාට ගුවන් විදුලියේ සභාපතිවරයා ඉල්ලා සිටියා. ඉන් අනතුරුව ඔහු ඇමෙරිකාවේ සිට මුවන්පැලැස්ස රචනා කර පිටපත මෙරටට එවන්නට පටන්ගත්තා.
මුවන් පැලැස්ස පටිගත කිරිමක්
එ්කාලේ රෑට රේඩියෝ එක ලඟටවෙලා මුවන්පැලැස්ස අහගෙන හිටපු ඔක්කෝටම දෑසින් නොදැක්කට කනට ඇහිලා මනසේ මැවුනු මේ අපුරු ගමේ අපුරු ගැමි චරිතයන් ටික අමතක නැතිව ඇතියි හිතනවා.
ඒ කාලේ ආසාවෙන් අහපු කථාවක් තමයි " මුවන්පැලැස්ස"
ReplyDeleteඒ නමින් ගමක් තියෙනවාද නැද්ද කියලනම් අදහසක් නෑ.
ජයවේවා!!!
කොළොම්පුරේට ගොඩවැදුනු දුමින්ද මහතා සාදරෙන් පිලිගන්නවා. පැලැස්ස කියලා ගමක් නම් තිබුනාට මුවන්පැලැස්ස කියලා ගමක් නම් මමත් අහලා නෑ. පසු කාලිනව මේ නම උදාගම්කාලේදි කොහේ හරි ගමකට යොදාගත්තාද දන්නේ නෑ. දන්න කියන අය ඉන්නවානම් මේ ගැන පොඩ්ඩක් විස්තරයක් කරන්න.
Deleteමුවන් පැලැස්ස විකාශය වන කාලේ තුශානි බොහොම පොඩි ළමයෙක් නිසා ඒ ගැන විස්තර කියන්න තරම් මතකයක් නෑ.. ඒත් පසු කාලීනව තුශානිටත් ගුවන් විදුලි නාට්‍ය වලට සම්බන්ද වෙනන් අවස්ථාව ලැබුන නිසා ඒදා ඒ මුවන් පැලැස්සේ හිටිය චරිත සමග කටයුතු කරන්න නම් අවස්ථාව ලැබුනා. ඒ ඇසුරෙන් මුවන් පැලැස්ස ගැන බොහෝ විස්තරත් දැන ගන්න ලැබුනා.. මේ පොස්ට් එක කියවනකොට ඒ මතකයන් හිතට ආවා...
ReplyDeleteකොළොම්පුරේට ගොඩවෙච්චි තුශානිවත් බොහොම සාදරෙන් පිලිගන්නවා. මගේ ලිපියෙන් තුශානිගේ කලා දිවියට සම්බන්ධ බොහෝම සුන්දර අතීතයක් මතකයට නගන්නට හැකිවිම ගැන පොඩ්ඩක් විතර ආඩම්බර වෙනවා. ඉතිං කැකුළු මල් ගොමුව අලංකාර කරන්නට ඒ මතක විස්තර ටිකත් පෙලගස්වලා ලියමුකෝ.
ReplyDeleteමම නම් ඉපදුනේ 98... ඒ හන්දා මේ ගැන වැඩියමක් දන්නෙ නෑ... බොහොම ස්තූතියි අසංග අයියේ ලිපියට...
ReplyDeleteමේ ලින්ක් එකේ තියෙනවා මුදලිනායක සෝමරත්න මහතාගේ පින්තූරයක්..
http://www.divaina.com/2009/09/11/mudali1.jpg
ස්තූතියි මිථිල. මම පින්තුරේ ලිපියට එකතුකරගන්නම්.
ReplyDelete1963 සිට, අද දක්වාම වර්ධනය වෙමින් රඟ දක්වන චරිතයකට පන පොවන රංගන ශිල්පියෙක් වෙත් නම්, ඔහු තවමත් අප අතර අපව ආනන්දයෙන් පනපොවමින් රංගනයේ යෙදෙනවා.
ReplyDeleteමා දන්නා පමනින් ලොව දීර්ගතම නාටකය නිෂ්පාදනය වී ඇත්තේ එන්ගලන්තයේ නාට්‍යයක් ලෙසින්, නමුත් නිශ්චිත විස්තරයක් ඉදිරිපත්කිරීමට තරම් දත්ත මාසතු නොවීම ගැන මා කනගාටු වෙනවා. එහෙත් කිසිදු විශේෂිත අගැයීමක් නොමැතිව තවමත් රඟන මෙම අපේ රංගන ශිල්පියා ගැන දැනගැනීමට කැමත්තේනම් මෙම ලිපිය එයට ප්‍රෙයාජනවත් වේවි.. 2017.03.15
ස්තූතියි ඔබට
Deleteමුවන් පැලැස්ස තරම් ආසාවෙන් අහපු ගුවන් විදුලි නාට්‍යයක් වෙන නැති තරම්. සමහර කතාංග අහන් ඉන්නත් බය් හිතුන. වෙද මාම කලුවර අඳුන හදන්න කදිරයි පිනයි එක්ක සොහොනට ගිහින් මතුරපු දවසෙ කතා ව ඉවර උනාට පස්සෙ අපේ ගෙදර කවුරුවත් එලියට බැස්සෙ නැහැ බය වෙලා
ReplyDeleteපරනම කාලෙ මුවන්පැලැස්සෙ කොටසක් අහන්න බැරිද මම හරි ආසයි වික්ටර් මිගෙල් කදිරගෙ හඩ කවන ඒ හඩ අහන්න මම අවුරුදු 20 කට වැඩි කලක් මේ නාට්‍ය ඇහුවා
ReplyDelete