Monday, September 5, 2016

කොළොම්පුරයෙන් බිහිවු මුල්ම සිංහල මුද්‍රිත පොත

මුල්ම සිංහල මුද්‍රිත පොත මොකක්ද?  කොපමණ කාලයකට ඉස්සර ද පළකෙරුවේ?  මේ ගැන සොයා බලන්න අපේ කොළොම්පුරේ අතීත චාරිකාව යන්නයි හදන්නේ. මුල්ම සිංහල මුද්‍රිත පොත ගැන කතා කරන්න ඉස්සර අපේ රටේ ලේඛන ඉතිහාසය ගැනත් කතානොකර බැහැ. අපේ රටේ ඉතාමත් පැරණි ලේඛන ඉතිහාසයක් තියෙනවා. පුරාවිද්‍යාත්මක සාධක අනුව කි‍්‍ර.පු. 3 වන සියවසටත් වඩා ඈතට දිවයන බවයි කියවෙන්නේ. අපේ රටේ හැම තැනින්ම හමුවෙන සුලබ ලේඛනයන් වෙන්නේ ශිලා ලේඛන. ඊටත් පසුව පුස්කොළවල ලීවිම ආරම්භකරලා තියෙනවා. සුවිශේෂිත ලේඛනයන් තඹ, රත්තරන් වැනි ලෝහ තහඩු භාවිතා කරලා ලේඛන ගතකරලා තියෙනවා. මතකද යාපනේ වල්ලිපුරම් ගමෙන් හමුවුනු වල්ලිපුරම් රන් සන්නස. පසු කාලෙක පිහාටු පෑනෙන් කඩදාසිවලත් ලියන්නවුනා. එත් මේවා මොකක්වත් මුද්‍රණය කරලා ප‍්‍රකාශයට පත්කරපුවා නෙමෙයිනේ.  



සිංහලෙන් මුද්‍රණ කටයුතු කරන්නට බලපෑවේ ලන්දේසින් විසින් ආරම්භ කරපු කි‍්‍රස්තියානි ධර්ම ප‍්‍රචාරක වැඩපිලිවෙලයි. මේ සඳහා උපයෝගිකරගන්න පුළුවන් විදිහට ශුද්ධ ලියවිලි සිංහලයට පරිවර්තනය කරගෙන සිටිම එයාලට වැදගත්වුනා.




 සිමොන් කාට් (Simon Kat), යොහැන්නස් රුවෙල් (Joannes Ruel), විල්හෙලම් කොනයින්  (Wilhelm Konyn) වැනි   ඕලන්ද රෙපරමාදු සභාවේ (Duch Reformed Church) දේවගැතිවරු ශුද්ධ ලියවිලි සිංහලයට පරිවර්තනය කරන්නට මුලික වෙලා තිබුනා. මේ අය අතරින් විල්හෙලම් කොනයින් දේවගැතිවරයා තමයි විශාල වැඩකොටසක් කරගෙන ගියේ. ඔහු 1739 දි ශුභාරංචි  පොත් හතර (Four Gospels) සිංහලයට පරිවර්තනය කර පුස්කොල පොත්වල ලියා තැබුවා. පසුව ඔහු තවත් ලේඛන ගනනාවක් සිංහලයට හරවලා තියෙනවා.  මේ වැඩ පිලිවෙලට  ඕලන්ද රජයේ පුර්ණ සහයෝගයද ලැබුණා. එ් නිසාම හෙන්ද්‍රික් බෙකර් (Hendrik Bkker 1707- 1716 ) ආණ්ඩුකාරවරයා එ් සඳහා අනුග‍්‍රහය දෙන ලෙස එක්සත් පෙරදිග ඉන්දියා සමාගමට (V.O.C - Vereenigde Oost Indische Compagnie) නියෝග කෙරුවා. එ් නියෝගය නිසා සිංහල බසින් ශුද්ධ ලියවිලි මුද්‍රණය කරන්ට සියල්ලන්ගේම අවධානය යොමුවුනා. මෙහි ප‍්‍රතිඵලයක් විදිහට 1734 අවුරුද්දේ සිංහල මුද්‍රණාලයක් පළමුවරට කොළඹ නගරයේ පිහිටුවනු ලැබුවා. සිංහල අකුරු සකස් කිරිමේ කාර්යය ලන්දේසින්ගේ යුද්ධායුද  ගබඩාවේ බාස් කෙනෙකුවු  ගබ්රියෙල් ස්කාද (Gabriel Schade ) වෙත පැවරුණා. ඔහුට පිලිප්පස් වෙට්සිලියස්  (Philippus Wetzelius) හා කොනයින් (Konyn) යන දේවගැතිවරුන් දෙදෙනාගේ උපදෙස් ලැබුණා.
 

 ලංකාවේ  ඕලන්ද ආණ්ඩුකාර ගුස්ටාප් විලෙම් බැරන් වෑන් ඉම්හොෆ්  (Gustaaf Willem Baron Ven Imhoff   1736-1740)  කොළොම්පුරය පාලනය කරන කාලයේ  1737 අපේ‍්‍රල් මාසයේ ප‍්‍රථම මුද්‍රිත පොත එලිදැක්වුණා.  සිංහල යාඤා පොත (Singaleesck Gebeede Boek) නම්වු  මේ පොත සෙ.මි 19.5 × 13 ප‍්‍රමාණයේ පිටු 40 කින් සමන්විත වෙනවා. මෙහි පිටු සදාගෙන ඇත්තේ රෙදි කැබිලි යොදාගෙන අතින් සෑදු කඩදාසි යි. මෙහි කවරය රතු පැහැති  සම් රෙද්දකින් නිමවා එ් වටා රත්තරන් පාට බෝඩරයකින් අලංකාර කර තිබෙනවා. කවරයේ මැද එක්සත් පෙරදිග ඉන්දිය වෙළඳ සමාගමේ කොළඹ ලාංඡනය VOC මුද්‍රණය කරලා තියෙනවා. "ප‍්‍රදානවු යාඤාවල් පහද අපෙ කි‍්‍රස්තියානි  ඇදහිල්ලේ පංගු ෙදාළහ සහ දෙව් ස්වාමි  දරුවාණන් වහන්සේට අහස්තලින් දෙවා වදාළ අනාඥාවල් දසයද මෙහි ඇත.""දිප්තිමත්වු කොම්පඤ්ඤ වෙනුවෙන් අච්චු ගැසුවේ වෂි 1737 "

ඕලන්ද භාෂාවෙන් පලමු පිටුවේ මෙසේ සදහන් වෙනවා.
SINGALEESCH GEBEEDE-BOEK


දෙවන පිටුවේ ඕලන්ද භාෂාවෙන් මෙසේ සදහන් වෙනවා.

INHOUD
HET GEBED DES HEEREN
MORSEN EN AVOND GEBE
GEBED VOOR EN NA DEN
EETEN
DE XII ARTYKELEN DES
GELOOFS
DEX GEBODEN GOOS


මෙම පොත ප‍්‍රකාශයට පත්විම හා සමකාලීනව සිංහලෙන් මුද්‍රිත පරිපාලන ලේඛනයක් වු 1737 අප්‍රෙල් 5 වෙනිදා ප‍්‍රකාශවට පත්කල පලක්කාර්තු (Plakkat) නම්වු  ලන්දේසින්ගේ නිවේදනයක් නිකුත්වුනා.  මෙහි  සඳහන්වෙන්නේ  මාතර දිසාවේ මිරිස් වගාව සම්බන්ධ නියෝගයන්ය. මේ පලක් කාර්තුවේ ව්‍යවහාර භාෂාව යොදාගෙන තිබේ.1770 අවුරුද්දේ  තවත් ශුද්ධ ලියවිලි ගනනාවක්  ලන්දේසින් විසින් ප‍්‍රකාශයට පත්කෙරුවා.  ඕලන්දයේ ලයිඩන් විශ්ව විද්‍යාලයේ දේව ධර්මය හැදෑරු සිංහල දේවගැති හෙන්රිකස් පිලිප්සට එ්වන විට පරිවර්තනය කර තිබුනු ශුද්ධ ලියවිලි මුද්‍රණය සඳහා සකස් කරන්නට පැවරුණා. එ් අනුව මුලින්ම බයිබලයේ නව ගිවිසුමේ කි‍්‍රයාපොත 1771 අවුරුද්දේද. රෝම 1772 අවුරුද්දේද. කොරින්ති සිට ගලාති දක්වා 1773දිද. එපිස සිට හොබ්‍රෙව් දක්වා 1776 දිද. ජාකොබ් සිට එළිදරව් දක්වා 1776 දි, ශූභාරංචි පොත් හතර 1780ද, පරණ ගිවිසුමේ උප්පත්ති 1783 අවුරුද්දේ  නික්මයාම 1786 ලෙවිකතාව, ගණන් කතාව, ද්ව්තිය නිති සංග‍්‍රහය 1789 දීද ඔහු විසින් සංශෝධනය කර මුද්‍රණය සදඟා සකස්කළා.  මේ ශුද්ධ ලියවිලි වලද පලක්කාර්තුවේ තිබුන පරිදි කොළඹ ව්‍යවහාර භාෂාව යොදාගෙන තිබුණා. 1705 දි ගෝවේ සිට පැමිණ ලංකාවේ ධර්ම ප‍්‍රචාරක කටයුතු වල යෙදි සිටි ඔරතෝනියානු (Oratorian) මීසමට අයත් කතෝලික පුජකයෙකුවු ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමා දුර්වල තත්වය තිබු සිංහල කිතුණු සාහිත්‍ය නංවාලීමට විශාල මෙහෙයක් ඉටුකරන්නට වුනා. සිංහල, දෙමළ , පෟතුගි‍්‍රසි,  ඕලන්ද භාෂා හොදින් දැන සිටි මෙතුමා පෘතුග‍්‍රීසි - සිංහල, සිංහල- පෘතුග‍්‍රීසි හා පෘතුග‍්‍රීසි - දෙමළ වශයෙන් ශබ්දකෝෂ තුනක් රචනා කළා. එ් හැරණුකොට එතුමා තවත් කිතුණු ග‍්‍රන්ථ විස්සක් පමණ රචනා කර තිබෙනවා. එ් අතරින්  දේව වේද පුරාණය, ධර්මොද්‍යානය,දුකප‍්‍රාප්ති ප‍්‍රසංගය,දේව වේද සංකෙෂපය හා මංගල ගීතය වැනි පොත් වියත් බස්වහරකින් සිත් ගන්නා අයුරින් ලියා තිබෙනවා.

8 comments:

  1. Wood block මුද්‍රණ ක්‍රමය පුරාණ චීනයේ තිබුනට දකුණු ආසියාවට ආවෙ නෑනේද?
    අතින් පිටපත් කිරීම හැර වෙනත් ක්‍රමයක් යුරෝපියන් එන්න ඉස්සර ඉන්දියාව ලංකාව වගේ රටවල පටන් ගත්තෙ නැත්තෙ ඇයි? චීනෙත් එක්ක ආගමික හා වෙලඳ සම්බන්ධතා තිබුනට චීන තාක්ෂණය මේ රටවලට ආවෙ නෑ

    ReplyDelete
  2. චින්නු කඩදාසි හදලා තමයි Wood block මුද්‍රණ ක්‍රමයෙන් මුද්‍රණය කෙරුවේ. මම හිතන්නේ චින්නු කඩදාසි තාක්ෂණය පිටට දුන්නේ නෑ.

    ReplyDelete
  3. වුඩ් බ්ලොක් ක්‍රමය ඉස්සෙල්ලාම පාවිච්චි කරේ කඩදාසි මතම නෙමෙයි කියලා මම අහලා තියෙන්නේ. ඔවුන් එය වෙනත් සර්ෆේසස් මත පාවිච්චි කරාද? මම හිතන්නේ වුඩ් බ්ලොක් ක්‍රමය කඩදාසි මතට ගෙනාවේ එය කඩදාසීවලට වඩා ගොරහැඩි සර්ෆේසස් මත අත්හදා බලා ඊට පස්සේ කියලා. මේ ශාස්ත්‍රීය කමෙන්ට් එකක් නොවේ. මට හිතෙන දෙයක්.

    ReplyDelete
  4. ඇත්ත චින්නු මුලින්ම කරලා තියෙන්නේ රෙදිවලට Wood block මුද්‍රණ ක‍්‍රමයට පි‍්‍රන්ට් කරපු එකයි. චිනයේ ටෑන් රාජවංශයේ (Tang (618–906) and Song (960–1279) dynasties ) කාලයේදි තමයි මේ Wood block මුද්‍රණ ක‍්‍රමය බහුල වශයෙන් යොදාගත්තා කියන්නේ.

    ReplyDelete
  5. හොඳ ලිපියක් ඩුඩ් මල්ලි.

    ReplyDelete
  6. ඩූඩ් කියුවේ .....අජිත්

    ReplyDelete
  7. ඩූඩ් කියුවේ .....අජිත්

    ReplyDelete

අදහස් මෙතන නිදහස් කරන්න

ප්‍රචන්ඩ රළ මැද අනතුරක් - සයුරේ දසවසක්

දස වසරක මාගේ නාවික දිවියේ ලැබූ අත්දැකීම් හා සිදුවීම් බොහොමයි. ඒවා හොඳ හා නරක සම්මිශ්‍රණයක් වෙනවා. මෙතැන් පටන් ලියවෙන්නේ නාවිකයෙක්ගේ නාවික දි...