"ආ.... ටවුන් හෝල් බහින්න, එන්න ඉස්සරාට. ..." ඇස්වාට්ටුව හන්දිය පැත්තෙන් මාර්ග අංක 120, 138, හා 155 බස් වල යන ඕනේම කෙනෙකුට අහන්න ලැබෙන චවන සෙට් එකත් තමයි මේ. ටවුන් හෝල් එක කියන්නේ නගර සභා ශාලාවට නේ. ලංකාවේ පුරාම තියෙන නගරසභා ශාලාවන් ඔක්කෝම ඉතිං ටවුන් හෝල් තමයි. එත් කාටත් ටවුන් හෝල් කිව්වාම මතක්වෙන්නේ විහාරමහාදේවි පාක් එක ඉස්සරා තියෙන ධවල වර්ණ ගැන්වුනු දැවැන්ත ගොඩනැගිල්ලයි. මටනම් මේක දැක්කාම මතක්වෙන්නේ ඇමෙරිකාවේ ධවල මන්දිරේ තමයි. දන්නවාද මේක තමයි අපේ ලංකාවේ පළමු නගරසභාව හා විශාලතම නගරසභාව කියලා. මම මිට පෙර කොළොම්පුරේ ලිපියක් ලිව්වා නගර සභාවේ ආරම්භය ගැන. බැලුවේ නැති අයට එ්ක මෙතැනින් බලාගන්න පුළුවනි. පැරණි නගර සභා ශාලාව ගැනත් ලිව්වා. එහෙනම් ආයෙත් ලියන්නේ මොනවාද? මේ ලියන්නේ ධවල වර්ණ සුවිශාල නගරසභා ගොඩනැගිල්ල ගැනයි.
කොළොම්පුරේ කියන්නේ විශාල නගරයක් හින්දා නගරසභාවේ වැඩකටයුතු එන්න එන්නම වැඩිවෙන්න පටන්ගත්තා. ඒ එක්කම අළුත් නගර සභා ශාලාවක් හදන්නට අවශ්‍යතාවයක් මතුවුනේ පිටකොටුවේ ඇතිවෙන තදබදයත් හේතුවක් වුන නිසා. පිටකොටුව ජනාකීර්ණ වැඩි නිසාත් තරමක් විශාල හිස් භූමිබාගයක් හොයගන්නට අපහසු හින්දාත් වෙනිත් තැනක හිස් ඉඩමක් හොයාගෙන අළුත් නගරශාලාවක් හදන්න ඕනේ කියලා 1907 අවුරුද්දේ දෙසැම්බර් 13 වෙනිදා යෝජනාවක් සම්මත කරගත්තා. 1914 දි ආණ්ඩුකාරවරයා විසින් කොළඹ නගරසභාවේ කටයුතු හොයාබලන්නට පත්කරපු කොමිෂන් සභාවද මේ කාරණය සැලකිල්ලට අරගෙන තිබුනා. හිස් භූමියක් හොයාගන්න වැඩෙත් එ්කට වැය කරන්න වෙන විශාල මුදලත් හේතුවෙන් මේ අළුත් නගරශාලාවක් හදන වැඬේ දීර්ඝ කාලයක් සාකච්චාවන්ට පමණක් සීමාවෙලා තිබුනා.
ඔන්න කොළඹ නගරය සැලසුම් කරන්න ආපු ලෝකප‍්‍රකට ගෘහ නිර්මාණ හා නගර සැලසුම් ශිල්පි මහාචාර්ය ප‍්‍රැටික් ගෙඩිස් කොළඹ නගරසභාව දැන් තියෙන භූමිය මේ නගර ශාලාව ඉදිකරන්න හොඳයි කියලා යෝජනා කළා. එ් 1921 අවුරුද්දේ. ජනාකීර්ණ නොවන තැනක තිබුන මේ ඉඩම නගර මධ්‍යයේ පිහිටලා තිබෙන එකත් සැලකිල්ලට අරගෙන ආණ්ඩුවත් මේක අනුමත කෙරේව්වා.
ඔන්න ඊළගට ආපු ගැටළුව තමයි නගරශාලාව සඳහා සැලැසුමක් අදින එක. දැන් කාලේ වගේ තමන්ගේ හිතවතකුට හරි කොමිස් කුට්ටිය වැඩියෙන් දෙන අයකුට හරි දෙන්නේ නැතිව මේකට තරගයක් පවත්වන්නට එයාලා තීරනය කළා. මේ තරගයෙන් ප‍්‍රථම ස්ථානය ලැබුනේ සිංගප්පුරුවේ රැල්ප් බුටි සහ සමාගමේ (Ralph Booty & company of Singapore) ඇස්.ජේ. එඞ්වර්ඞ්ස් මහතා (S.J.Edwards) ඉදිපත්කරපු සැලස්මට තමයි. මුදුනත අර්ධ ගොලාකාර කොතකින් සමන්විත මේ සැලැස්මේ ගොඩනැගිල්ලේ අපූර්වයත්වයත් බොහෝම ආකර්ෂණීය විමත් ඇතුළත කාර්්‍යාලවලට වැඩි ඉඩකඩක් තිබිමත් මේ සැලැස්ම තෝරා ගන්නට හේතුවුනා.
මෙහි ගෘහ නිර්මාණ ශෛලිය වෙන්නේ නව සම්ප‍්‍රදායික වාස්තුවිද්‍යාත්මක ශෛලියයි (Neoclassical ).
1924 අවුරුද්දේ කොළඹ නගරාධිපති ධුරය දැරු ටි. රීඞ් මහතා (T. Reid) විසින් සුබ මොහොතෙන් මුල්ගල තියලා වැඩ ආරම්භකළා.
ඉදිකිරිම් කටයුතු කලේ එ්. එ්. ගැමන් සමාගමයි (A.A.Gammon & Co.) . මේ පුරහල ඉදිකරන්නට රුපියල් 1,500,000 වියදම්වුනා. අවසානයේදි ඉතාමත් ආකර්ශණීය ගොඩනැගිල්ලක් සාදා නිමකරවා මේ පුරහල මහජන කටයුතු සඳහා 1928 අවුරුද්දේ අගෝස්තු 08 වෙනිදා විවෘත කළා. මේවන විට අවුරුදු අසුඅටත් පසුකරපු මේ ප‍්‍රතාපවත් ගොඩනැගිල්ල කොළොම්පුරයට අලංකාරයක් එක්කම අභිමානයත් එක්කරවමින් ඉන්නවා.
Subscribe to:
Post Comments (Atom)
මෙන්න ඒ ගීත 10
ගියවර පොස්ටුවෙන් ඇහැව්වා සිංහල ගීත10 ක් පුළුවන්ද නම් කරන්න කියා. නමිනං උන්නැහැ ගීත දෙකක් ද කොළඹ ගමරාල අප්පුහාමි එක ගීතයක් ද හා වෘත්තාන්ත බ්ල...
-
අන්දුබයියාගේ තවත් කතාවක් අරගෙන ඔන්න මේ නව වසරේ ආවා. මේක අන්දුබයියාට සිද්දවුන දෙයක්ද කියා මම දන්නේ නෑ. හැබැයි උන්නැහේ තමයි මේක දෙසාවඳාළේ. ත...
-
නාවික සැතපුමක් යනු සමුද්‍ර හා ගුවන් සේවා කර්මාන්තවල භාවිතා වන මිනුම් ඒකකයක්. නාවික සැතපුමක් ගොඩබිම් සැතපුමකට වඩා වෙනස් වෙනවා. පෘථිවි භූග...
-
නිතීඥ ජොන් ද සිල්වා මහතා කියන්නේ අපේ රටේ ෂෙක්ස්පියර්, සිංහල නාට්‍යයේ පියා, ලංකා කාලිදාස යන විරුදාවලීයන් ගෙන් හැඳින්වුනු කලාකරුවෙක්. අපේ කොළ...
No comments:
Post a Comment
අදහස් මෙතන නිදහස් කරන්න