
“King of Hobbies
and Hobby of Kings”
විනෝදාංශයක් විදිහට තැපැල් මුද්දර එකතුකරනා මුද්දරලෝලීන්ට පොඩි ආරංචියක් කියන්නයි මේ යන්නේ. මේ අවුරුද්දේ තියෙන මුද්දර පොල කොළොම්පුරේ මහ තැපැල් කාර්්‍යාලයේ මෙවරත් පැවැත්වෙනවා. දෙසම්බර් 2 වෙනිදා ආරම්භවෙන මේ මුද්දරපොලෙන් මුද්දර මිලදි ගන්නත් පුළුවනි. එදා උදේ 9ට නොදුටු ශ්‍රී ලංකා "Unseen Sri Lanka" නමින් රුපියල් 25 ක සමරු කාන්ඩයේ මුද්දර 12ක් නිකුත්වෙනවා. මේ මුද්දර පොල දෙසැම්බර් 4 වෙනිදා දක්වා පැවැත්වෙන බවයි ආරංචිය. 4 වෙනිදා නත්තල වෙනුවෙන් නිකුත් කරන නිල සමරු මුද්දරය කොටහේනේ ශාන්ත ලුසියා දෙව් මැදුරේදි නිකුත් කරනවා. ඉතිං වෙලාව පොඩ්ඩක් ඉතුරුකරගත්තා නම් දුවලා පුතාලා සමගින් කොළඹ ඩි. ආර්. විජේවර්ධන මාවතේ තියෙන මහ තැපැල් කාර්්‍යාලය පැත්තේ ගිහිල්ලා මුද්දර ටිකක් බලලා හරි එන්න. මතක තියා ගන්න ඇතුල්විම නොමිලේ.
