Thursday, September 7, 2017

ජපන්නුන්ට අපෙන් නැවක්


ජපන්නු හපන්නු කියලා අපි පොඩිකාලේ ඉදන් අහන කතාවක් කියේනවානේ. ඒ හින්දා තමයි ලෝක යුද්ධයේදි පරමාණු බෝම්බ වලින් හොදටම බැටකාලා නට්ටන්වුනු ජපන්නු ඉක්මනින් නැගීසිටියේ. දැන් අඩු මුදලට ආරක්ෂාව අඩු ඉන්දියන් මොටර් වාහන සිරිලංකාවේ මාර්කට්ටුව ආක‍්‍රමණය කරලා තිබුනත් අපේ අයත් දහඅතේ ණයවෙලා හරි ගන්න කැමති ජපන් වාහනයක් හරි ජපන් මොටෝසයිකලයක් තමයි.

මේ තමයි හදන්න යන නවින පන්නයේ නෞකාව


                         "සිරිලක දේ සිරිසැප දේ"  කියලා කට වචනෙට කිව්වත් මොන භාන්ඩේවත් "මෙඩ් ඉන් සිරිලංකා" කිවොත්  අපේ අය ඒ භාන්ඩේ ගන්න පොඩ්ඩක් විතර පස්ස ගහනවා.  එහෙම වෙන්නේ  "අපි ජාතියක් හැටිය හරි වෙනස්  අපි ඒ වෙනසට ගරුකරන්න ඔනේ" කියන හින්දාද? නැත්නම්  අපේ අයගේ හැටියද? අපි අපේ දේ ගනන් නොගත්තාට විශේෂයෙන්ම අපේ රටේ තේ කුරුදු වගේ දේවල් දේවල් වලට පිටරැටියෝ කැමතියි. ඒවගේ තමයි නැව්, මෙඩ් ඉන් සිරිලංකා නැව්. ෆයිබර්ග්ලාස් මාළු බෝට්ටු හැදුවට අපේ රටේ නැව් හදනවා කියලා කවුරුත් දන්නේ නැතිව ඇති.  ඔව් අපේ රටේ නැව් නිපදවනවා. අපි කියන්නේ නැව් ගොඩනගනවා  ( Ship Building) කියලා. අපේ රටේ නිෂ්පාදනය කරපු බොහෝ නැව් ලෝකය පුරා සමුදුරුවල මේවනවිටත් කරක්ගහනවා ඇති.

         අපේ රටේ හදන නැව් වලට හොද ඉල්ලුමකුත් තියේනවා. මේ සැරේ ජපානයේ සමාගමකට විශේෂ නැවක් ගොඩනගන්න පටන් ගත්තා. හැමදාමත්වාගේ ලංකාවේ කාර්මික අංශයේ ඉදිරියෙන්ම ඉන්නා ලංකාවේ එකම නැව්  නිෂ්පාදකයා වන කොළඹ නැව්තටාකාංගනය තමයි මේ නැවත් තනන්නේ. මේ නැව විශේෂ වෙන්නේ අපි ජපන් රටට නිපදවන පළමු නැව විමත් හා සාගර පත්ලේ කේබල් අතුරන (Cable laying vessel) නැවක්විමත් එක්කමයි.  ජපානයේ  Kokusai Cable Ship Company Ltd. තමයි මේ නැවේ ගැනුම්කරුවා වෙන්නේ. කොළඹ නැව්තටාකාංගනය විසින් තනන 243 වන නෞකාව මෙය වන අතර දැනට තටාකාංගනය අත්පත් කරගත් විශාලතම නෞකා ඇනවුමත් මෙය වෙනවා. මේ නැව ගොඩනංවන්න ආරම්භ කිරිමට කීල්එක ඇතිරිමේ උත්සවය (Keel Laying Ceremony) සැප්තැම්බර් 07 දින සුභ මෙහොතින් ගරු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා හා ජපාන තනාපතිතුමා, කොළඹ නැව්තටාකාංගනයේ සභාපති අචාර්ය තොරු තකහාරා මහතා, කලමණාකාර අධ්‍යක්ෂ /ප‍්‍රධාන විධායක නිලධාරි ඩි.වි අබේසිංහ මහතා ඇතුලු සම්භාවනිය අමුත්තන් අතින් සිදුවුනා.   




ඡයාරූප අයිතිය චන්ද්‍රදේව මාතරගේ

23 comments:

  1. තාමත් ලංකාවේ සිමෙන්ති, අරක්කු, ආදියට සැලකිල්ලක් තියෙනවා

    ReplyDelete
    Replies
    1. අරක්කුවලට නම් කැමතියි තමයි එත් සිමෙන්ති දැන් මෙහේ හදන්නේ නෑ නේද. සිමෙන්ති ගෙන්නේ පිටරටින් ගේන හින්දා

      Delete
    2. සිමෙන්ති මෙහේ හදනවා.. මදි පාඩුව තමයි ගෙන්නන්නේ..

      Delete
  2. Ship building කියනෙකට ගොඩනගන්වා කියනවට වැඩිය හදනවා/ තනනවා කියුවම හුරුයි නේද? මේක විශේෂ අවස්තාවක්.. සුභ පැතුම්! ඒ වගේම මේ ආශ්‍රිත රැකියා අවස්තා වැඩිවෙන ලෙස මේ ව්‍යාපාර දියුණු කරන්න පුලුවන්නම් අපේ පුහුණු ශ්‍රමිකයන් රට අත ඇරලා යන එක අඩු කරන්න පුලුවං..

    ReplyDelete
    Replies
    1. ප්‍රේමදාස ආණ්ඩුවේ හිටපු සෙරෙප්පු සුපාට කිව්වලු එයාට තියෙන වගකීම තමයි ජනාධිපතිගේ Image Building කියලා. මිනිහ සුමානයක් කොළඹ පාරවල් වල ගියාලු Image නමින් තියෙන ගොඩනැඟිල්ලක් හොය හොයා.

      Delete
    2. පුහුණු ශ‍්‍රමිකයන් පමණක් නොව පුහුණු කරලා ගන්නත් මිනිස්සු දැන් ලංකාවේ නෑ. පාසලෙන් එලියට ආව ගමන් ති‍්‍රරෝද රථය තමයි රස්සාව.

      Delete
  3. සතුටුදායක ආරංචියක්.

    ජයවේවා!!!

    ReplyDelete
  4. Good post! . Most developed countries could not manufacture anything due to higher labour costs. Thailand manufacture all the Japanese branded cars now. But we build (assemble) cars in 1970s (Upali Fiat 128, UMC Mazda etc) when Thailand not even dream of doing so. We, Sri Lankans never proud of our own products like Indians.
    Australia also in a process of ceasing car manufacturing due to high production cost. Holden, Ford and Mitsubishi will be completely gone by the end of the year. Unfortunately our Volkswagen dream also come to an unexpected end, due to that false emission report saga .

    ReplyDelete
    Replies
    1. I think Sri Lanka also has higher labor cost. we have to fight with other competitive ship yards to take new orders.

      Delete
  5. මට ගැටවරයෝ චිත්‍ර පටිය මතක වෙනවා. එදා ගාමිණි ෆොන්සේකා බෝට්ටුවක් හදනවා පෙන්නනවා. අද එය ඊට වඩා සැබෑවක් වෙලා තියනවා. ලාංකික දක්ෂයන් අගය නොකිරීම ඇත හිත නොදීම තාමයි මෙතන තියන ගැටළුව.
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. විශාල නැව් තනන්නට හැකියි එත් නැව්තාටාකාංගනයේ ඉඩකඩ මදියි. භූමිය පුලුල් කරන්නට වරායෙන් ඉඩකඩ ලැබෙන්නේ නෑ. රජයේ මැදිහත් විමෙන් හෝ රටට විදේශ විනිමය ගෙනෙන මෙවන් වැඩ සදහා උපකාර අවශ්‍යයි.

      Delete
  6. පත්තරෙන් හරි ෆේස් බුක් එකේ හරි තියනවා දැක්කා මේ කටහ්ව. ඇත්තටම ආඩම්බරයි.

    ReplyDelete
  7. කැළණි ටයර් කම්හල ඉන්දියාවෙන් ගත්තාම ඒ අය මුලින්ම ටයර් හදලා මාර්කට් එකට දාලා තියෙන්නේ "කැළණි" නමින්. එයාලා හිතලා තියෙන්නේ නම හින්දා ලොකු ඉල්ලුමක් ඇතිවෙයි කියලා. ඒත් සිද්ද වුනු දේ හිතාගන්න පුලුවන්නෙ?

    ReplyDelete
    Replies
    1. අපේ අයගේ තියෙන අමුතුම අදහස් නිසාද මන්දා දේශිය කර්මාන්ත වහලා දාන්න සිද්දවුනේ. කොළොම්පුරේට ගොඩවනු මංජුල මහතාව සාදරෙන් පිලිගන්නවා

      Delete

    2. ස්තූතියි! තට්ටුවක් නොදැම්මාට කිහිප වතාවක් ඇවිත් ගියා.

      Delete
  8. ලංකාවෙ ඉස්සරම ( 1960/70 ට ඉස්සර ) කියල තියෙන්නෙ බ්‍රිටිෂ් හෝ ජර්මන් බඩු හොඳයි, ජපන් බාලයි කියල. හරියට දැන් ජපන් හොඳයි චීන බාලයි කියනව වගේ

    ReplyDelete
    Replies
    1. ලෝ කොස්ට් එකට ජපන්නුත් තමන්ගේ බ‍්‍රෑන්ඩ් හදන්නේ චිනෙට කියලානේ. හැබැයි 60 70 නෙමෙයි ඊටත් කලින් ඉදන් බි‍්‍රටිෂ් ජර්මන් හදපු බඩු තාමත් වැඩ චින ඉන්දියන් ඒවා දිරලා පොලවට පස්වෙද්දි

      Delete

අදහස් මෙතන නිදහස් කරන්න

නෞකා තට්ටුවේ ඇති යන්ත්රෝපකරණ වර්ග Deck Machineries

  නැවක ඇති තට්ටු යන්ත්‍ර මොනවාද?  Deck Machineries  තට්ටු යන්ත්රෝපකරණ යනු යාත්‍රාවේ නිරාවරණය වූ තට්ටුවේ - Exposed Deck සවිකර හැකි යන්ත්‍ර වේ...