ඔන්න අද මම යන්න හදන්නේ කොළඹ නැව් තටාකාංගනය පැත්තේ එන්න මාත් එක්ක කොළොම්පුර නැව්තටාකාංගනයේ අතිත තොරතුරු දැනගෙන එමු. බි‍්‍රතාන්‍ය පාලන කාලය තුල අප රටේ වැවිළි කර්මාන්තය සීඝ‍්‍රයෙන් ඉහළ යන්න ගත්තා. එ් නිසා ඇතිවුනු අපනයන වෙළඳපොල හින්දා ශ‍්‍රී ලංකාව තුල හොඳ වරායක අවශ්‍යතාවයක් ඇතිවුනා. මේ නිසාම පෙරදිග නැව් මාර්ගයේ සන්ධිස්ථානයක්වු කොළඹ වරායේ අලූතින් දියකඩනයක් එහෙම හදලා වරායේ ඉඩකඩ පුළුල් කරගත්තා.
ක‍්‍රමක් ක‍්‍රමයෙන් වරායට එන නැව් ප‍්‍රමාණය ඉහල යන්න ගත්තු හින්දා නැව් අලූත්වැඩියා කරගන්නත් අවශ්‍යතාවයවල් ඇතිවන්නටත් වුනා. ඉතිං මේ සේවාවන් ඇතිකරවන්නට අප රට පාලනය කල බි‍්‍රතාන්‍යයන්ට ලොකු උවමණාවක් තිබුනා. එ් හින්දාම 1897 වසරේදි නැව් අලූත්වැඩියා කරන මධ්‍යස්ථානයක් හදන්නට ව්‍යවස්ථාදායක සභාව පවුම් 318,000 වෙන්කලා.
1899 මාර්තු 01 දින ජේම්ස් වෙස්ට් රිජ්වේ ආණ්ඩුකාරතුමා විසින් මේ මධ්‍යස්ථානය හදන්නට පළමු මංගල පස්පිඬැල්ල කපලා වැඬේට මුලපිරුවා.
අවුරුදු ගණනක මහන්සියෙන් හදාපු නැව් තටාකාංගනය 1906 ඔක්තේම්බර් 31 වැනිදා එවකට හිටිය ආණ්ඩුකාර හෙන්රි බ්ලේක් විසින් විවෘත කරනු ලැබුවා.
එදා මේ නැව් තටාකාංගනයට මුලින්ම ඇතුලූවූනේ වාෂ්ප බලයෙන් ධාවනය වන මොන්සිටන් නම්වු අඩි 325 ක් දිග නොෟකාවක්
ඊට පස්සේ 1938 ජුලී 18 වනදා එවකට හිටපු ආණ්ඩුකාරයා වූ ඇන්ඩෲ කොල්ඩිකොට් මහතා විසින් දෙවන වියලි තටාකාංගනය විවෘත කලා. පසුව දෙවන ලෝක යුද්ධ සමයේ අනතුරට පත්වන සබ්මැරින් යාත‍්‍රාවල අලූත්වැඩියා කටයුතු සඳහා තටාක අංක 3 ත් සාදනු ලැබුවා.
1948 දි ලංකාව බි‍්‍රතාන්‍යයෙන් නිදහස ලැබුවාට පස්සේ මේ වියලි තටාකාංගනය වල පාලනය කොළඹ වරාය කොම්සමට පැවරුනි. මෙම වියළි තාටාක වල නැව් අලූත්වැඩියා කටයුතු කෙරුවේ වොකර්ස් බොනාස් වැනි ආයතන වලින්. ඉතිං මේ තටාකවලින් වැඩිපුර ප‍්‍රතිලාභ ගත්තේ මේ පෞද්ගලික ආයතන තමයි.
වර්ෂ 1970 බලයට ආපු සමගි පෙරමුණු ආණ්ඩුව විසින් ලංකා නැව් සංස්ථාව ආරම්භකරලා තිබුණා.මේ නැව් සංස්ථාව සතු නැව් වල අලූත්වැඩියාවන් කරගන්නට තමන්ටම ආයතනයක් අවශ්‍යයි කියලා දැනෙන්නට වුනා. රජයට අයත් නැව් අලූත්වැඩියා කිරිමේ ආයතනයක වටිනාකම තේරුම් අරගෙන එවකට වරාය හා නාවුක කටයුතු ඇමතිවරයාවු පි.බි. කළුගල්ල මහතාගේ අනුග‍්‍රහය මතින් රුපියල් 200,000 ක ප‍්‍රතිපාදන අරගෙන එ්. රගුනාදන් මහතාගේ මගපෙන්විම අරගෙන 1974 අගෝස්තු 01 දින කොළඹ නැව්තටාකාංගනය බිහිකෙරුවා.
සිල්වා, වික්ටර්, පෝල්, බාලා, පේ‍්‍රමදාස, රන්බණ්ඩා, සයිමන්, පුංචි බණ්ඩා යන ආරම්භක සේවක මහතුන් පිරිසක් පිරිසක් මැදිකරගත්තු රගුනාදන් මහතාගේ නායකත්වය මතින් මේ අලූත් ආයතනය නගාසිටුවන්නට අභියෝගයින්ට මුහුණ දුන්නා. අභිනවයෙන් ආරම්භකල මේ ආයතනයේ අරමුණු වගකිම් හා අවශ්‍යතා බොහෝමයක් තිබුනා. නැව් අලූත්වැඩියාවන් කිරිමට අවශ්‍ය වැඩහල් පහසුකම් දියුණු කිරිම,යන්ත‍්‍ර උපකරන මිළදිගැනිම වැනි කි‍්‍රයාවන් තමයි මේ කලේ ප‍්‍රමුඛස්ථානය දුන්නේ. මේ අතර නැව් අලූත්වැඩියාවන්ට අමතරව නව ගොඩනැගුම් අංශයක් එහෙම නැත්නම් අලූතෙන් නැව් හදන අංශයකුත් පටන්ගත්තා. ශ‍්‍රී ලංකා නාවුක හමුදාවට අවශ්‍ය යාත‍්‍රා නිපදවිම මෙහි ආරම්භකරන්නට හැකිවුනා. ලැබු ආදායමෙන් වානේ වැඩහල් සංකීර්ණයක්ද විශාල යාත‍්‍රා නිපදවිම් සිදුකරන්නට දියත්මනක්ද ඉදිකලා.
මේ මුල්කාලයේ වසරකට නැව් 280 ක් පමණ අලූත්වැඩියා කර ඇති අතර පසුව 1980 වසරේදි නැව් 348ක් ද අලූත්වැඩියා කලා. විශාල නෞකාවන් වල අලූත්වැඩියාවන් කරන්නට 1, 2 හා 3 තටාකයන් ප‍්‍රමාණවත්වුනේ නෑ. කළම්බු ඩ‍්‍රයිඩොක්ස් ලිමිටඞ් නමින් අනුබද්ධ ආයතනයක්ද ආරම්භකලේ නිෂ්පාදන හවුල්කරුවෙක් සේ නව වෙළඳ උපායමාර්ගයක් ලෙසින්. විශාල නෞකාවන් ඇතුල් කලහැකි වියළි තාටකයක් සාදන්නට නාවුක කටයුතු ලලිත් ඇතුලත් මුදලි මහතා විසින් මංගල පස්පිඩැල්ල කැපුවා. ජපානයේ කජීමා සමාගම මේ මහ ව්‍යාපෘතිය කරගෙන ගියා. අවුරුදු පහකට පස්සේ ආයතනයේ තිබෙන සුවිශාලම වියලිතටාකය ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා අතින් විවෘත වුනා.
1988 - 1989 රටේ පැවති භීෂණකාරිවාතාවරණය හා උතුරේ යුද්දයද නැව් තටාකාංගනයට බලපෑවා. එ් නිසාම පාඩු ලබන්නට ගත් මේ ආයතනයයේ අනාගතය අවිනිශ්චිත තත්වයකට පත්වුනා. මුල්‍ය අස්ථාවරයන්ට මුහුණ දෙන්නට කොළඹ නැව් තටාකාංගනය රුපියල් මිලියන 620කට විදේශ හවුල්කරුවන් වෙත තක්සේරුකෙරුවා. මේ නිසා ජපානයේ ඔනොමිචි සමාගම මෙම ආයතනයේ ආයෝජනය කරන්නට ගිවිස ගත්තා.
එවකට පිහිටි රජය 1993 මාර්තු 12 වන දින මුදල් අමාත්‍යංශයේදි ජපානයේ ඔනිමිචි සමාගමට සී/ස කොළඹ නැව් තටාකාංගනයේ කොටස් වලින් 51% විකුණා දැම්මා. මේ ගණුදෙනුවේදි 10% ක කොටස් ආයතනයේ සේවකින් අතරත් බෙදිගියා. ඊට පස්සේ 1993දි කොළඹ නැව් තටාකාංගනය හා කළම්බු ඩ‍්‍රයිඩොක්ස් ලිමිටඞ් යන ආයතන දෙකම එක සමාගමක් බවට පත්කරලා කලම්බු ඩොක්යාඞ් ලිමිටඞ් නමින් නව ගමනක ආරම්භයක් සනිටුවන් කලා.
දශක හතරක් ගෙවුන මේ ආයතනය මගින් විශාල ප‍්‍රමාණයේ මගී නෞකාවන්ද දියඹේ නැංගුරම් හසුරවන බහුකාර්ය සැපයුම් නෞකාවන් ඇතුලූ නැව් විශාල ප‍්‍රමාණයක් නිපදවලා රටට විදේශවිනිමය අරන් එන්න බොහෝම ලොකු දායකත්වයක් ලබාදිලා තියෙනවා.
ගොඩක් වටිනා මෙහෙවරක්
ReplyDeleteමොන්සිටන් නම් වාෂ්ප බලයෙන්// මොකක්ද මචෝ ඒ වාෂ්ප බලය
ReplyDeleteවාෂ්ප බලයෙන් ධාවනයවන මොන්සිටන් නම්වු නැව
ReplyDeleteතව ටිකක් විස්තර තිබුනනං මරු
ReplyDeleteනවතම විස්තර ටිකක් ලියන්නයි ඉන්නේ.
Deleteවටින ලිපියක්...
ReplyDeleteස්තූතියි මිතිල
DeleteGood reading this poost
ReplyDelete