දෙපයට වාරු අරන්
ජීවන බර කරේ තියන්
ජීවිතේ කන්ද නගිනවා
මට හරි වෙහෙසයි
ලෙඩ දුක් බෝමයි
ජීවිතේ දුකම විදිනවා
නුඹ දැන් මහළුයි
පිං දන් කරගන්නයි
උතූමන්ලාද කියනවා
පිං ධම් තව ඈතයි
කාලය හරි නපුරුයි
දිවි බර තව වැඩි වෙනවා
අතමිට හිඟ පාඩුයි
උසුලන්නට බෑමයි
දුක් කරදර හිසට වැටෙනවා
දැන් උඹ අබලන්
අවසානෙට ඇවිදින්
මරුවා කැන්දන් යන්න හදනවා
රෝ දුක් වැඩිවුවත්
මොන කරදර ආවත්
තාමත් අපි ජීවිතේ තනුව වයනවා.
Subscribe to:
Post Comments (Atom)
බලමුද විසදන්න?
වෘත්තාකාර උද්‍යානයක් වටා මීටර් 440ක වට ප්‍රමාණයක් ඇත. එම වට ප්‍රමාණය දිගේ මීටර් 5 බැගින් ගස් සිටුවා ඇත. සෑම තුන්වන ගසක් අසල බංකුවක් ද තබා ඇත...
-
නාවික සැතපුමක් යනු සමුද්‍ර හා ගුවන් සේවා කර්මාන්තවල භාවිතා වන මිනුම් ඒකකයක්. නාවික සැතපුමක් ගොඩබිම් සැතපුමකට වඩා වෙනස් වෙනවා. පෘථිවි භූග...
-
ගොඩක් දෙනෙක් පුරස්ථිග්‍රන්ථිය ඉදිමීම ගැන ලියන්න කියලා ඉල්ලලා තිබුනා. ඒ නිසා අද ඒ ගැන ලියන්න හිතුවා. සමහර විට ඔයාගේ තාත්තා, සැමියා මේ රෝග ල...
-
වාට්ටුවේ scan දෙක. Scan එකක් කරන්න ලේසි නෑ. Scan room එකට call ගත්තම ඒකේ ඉන්න අයියා කෙනෙක් don't care level එකෙන් answer කරනවා. දැන් ඉ...

රෝ දුක් වලට උඩින්
ReplyDeleteප්පින් දම් වලට උඩින්
අගහිඟ කම් මතුවෙනවා
ඒවා සිහිවෙනකොට මේවා අමතක වෙනවා
විචාරක දියණිය
ස්තුතියි
Deleteඇත්ත...
ReplyDeleteඇත්ත ඇතිසැටියෙන්ම
Delete+++++++++++++
ReplyDeleteස්තූතියි ඉයන් මහතානනි
Delete++++
ReplyDeleteස්තූතියි මිතිල
Deleteකොළොම්පුරෙන් කවියක්. අපූරුයි.
ReplyDeleteජයවේවා!!!
දුමි තරම් කොළොම්ටපුරේට බැරියෝ
Deleteඅපේ සයිට් එකේ ඉන්නවා බං මේ වගේම ඩයල් ටිකක්.. මේකේ project manager ට මම කීප සැරයක්ම කියුව අයින් කරන්න කියල තියෙන risk එක ගැන හිතල.. 'කොහොමද මහත්තයෝ එන්න එපා කියන්නේ' කියල තාම තියාගෙන ඉන්නවා.. මම ඒ පාර ඇතුලේ බරපතල වැඩ නැතුව එලිය පහලියේ පොඩි පොඩි අතන් පතන් කරගෙන ඉන්න ඇරලා තියෙන්නේ.. මේ කවි ටික මම ලියන්න හිතල ගොඩක් කල්.. උඹට ස්තුතියි!
ReplyDeleteමට කියාගන්න ඕනේවුනේත් ඔය ටිකමයි.අපේ ඔෆිස් එකේ පියන් ගමේ ගියාම තාවකාලිකව දමාපු ගෑනු කෙනා එයාලව වයස හැටත් පහුවෙලා කියලා රස්සාවෙන් අයින් කරන්න හදනවා කිව්වා.ඇත්තටම එයාලා අසරණයි. අපිටත් ඔය ඉරණමම සිද්ධවෙයිද කියන්න බෑ. ස්තූතියි කමි
Deleteජීවිතය සහ ජීවත්වීම
ReplyDeleteජීවිතය උසුලාගෙන ජීවත්වීමද?
Deleteහ්ම්ම්ම් දුක හිතුනා
ReplyDeleteඇත්තෙන්ම ඒ මහළු වසසේත් ජීවිතේ බර අදින හැටි දැක්කාම දුකක් දැනේනවා. ස්තූතියි සොඳුරැ
Delete++++++++
ReplyDeleteස්තූතියි ප්‍රා
Deleteසුභ අලුත් අවුරුද්දක් වේවා...!!!
ReplyDeleteකියෙව්වා ඔන්න... කවිය නියමයි
ඔබටත් යහපත් නව වසරක් වේවා.
Deleteනියමයි කොලොම්පුරේ . දැන් මාසෙකට එක ගානේ වගේ ලියන්නේ
ReplyDeleteකොම්පිතරේ ලෙඩ දෙනවා. ලියන්න ගියාම ඔක්කෝම එපාවෙන්නේ මේ නිසයි.
Delete