Friday, May 18, 2018

රජගෙදර කලාකෘති.

රජතුමෙක් කිසිදා වාසය නොකරපු රජගෙදරක් අපේ රටේ තියේනවා. කාලෙකට ඉස්සර කිංස් හවුස් කියපු මන්දිරය පස්සේ කාලෙක කුවින්ස් හවුස් වුනා. ඊටත් පස්සේ ප‍්‍රසිඩන්ට් හවුස් නැත්නම් ජනාධිපති මන්දිරය නමින් හදුන්වන්න පටන් ගත්තා. මේ සිරිලංකා ප‍්‍රජාතන්ත‍්‍රවාදි සමාජවාදි ජනරජයේ පළමු ජනපති වු විලියම් ගොපල්ලව ගෙන් පසු මෙතෙක් බලයට පත්වු එකදු ජනපතිතුමෙකු එක රැයක් වත් මේ මැදුරේ ඉදලා නෑ ( දන්නා තරමින්) ඔය රජ ගෙදර ඉතිහාසය ගැන ආයෙත් කියන්න ලියන්න ඔනේ නෑ. මෙන්න මෙතැනින් ජනපති මැදුර ගැන කොළොම්පුරේ ලියපු ලිපිය බලාගන්න පුළුවනි. එහෙනම් මොන අටමංගල්ලයක්ද මේ ලියන්නේ? ලියන්න දෙයක් නෑ බලාගන්නයි ඔය පොටෝ කෑලි පහලින් එල්ලලා තියෙන්නේ. 
 ජනපති වාසය නොකලාට මේ නිලනිවසේ බොහෝ වටිනා මිල කලනොහැකි පෞරාණික මෙන්ම අගනා කලාකෘති වලින් පිරිලා තියේනවා. සමහරක් ජනපතිලා ධුරයේ කාලය අවසන් වෙලා යනකොට මේ වටිනා භාන්ඩ හා කලාකෘතිත් අස්ථාන ගතවෙලා ගිහිල්ලා තිබුනා. ජනපති මැදුරේ තිබු ඉතා විටිනා චිත‍්‍රයක් ආපහු මතුවුනේ ලංඩනයේ චිත‍්‍ර වෙන්දේසියකින්. (ඒ චිත‍්‍රය තිබුනේ මුල්කිරිගල විහාරයේ දර්ශණයක් කියලා තමයි මතක)  
හැබැයි ඒ චිත‍්‍රය ජනපති මැදුරේ නම් තියේනවා දැක්කේ නෑ. බොහොමයක් චිත‍්‍ර ඇදලා තිබුනේ ජොර්ජ් කීට්,  මංජු ශ‍්‍රී ,නයනාන්ද,  සිවලි,  ස්ටැන්ලි කිරින්දේ යන අතිදක්ෂ ආටිස්ලා තමයි.  එහෙනම් චිත‍්‍ර බලලා රජගෙදර රවුමක් ගහමු.     






































































16 comments:

  1. කීට්ගේ අප්‍රකට පොඩි චිත්‍රත් දැන් මිලියන් 15කට විතර තක්සේරු වෙනවා

    ReplyDelete
    Replies
    1. සුප්‍රසිද්ධ කෞතුකාකාගරවලිනුත් ඔරජිනල් එක උස්සලා fake එකක් තියපු අවස්ථා තිබුන නිසා ඔය ඔතන තියෙන්නේ ඔරිජිනල් ඒවාද කියලත් සැකයක් හිතට එනවා.

      Delete
  2. වැදගත් තොරතුරු ටිකක්

    ReplyDelete
  3. වටිනා කියන ලිපියක්!

    ReplyDelete
  4. ආසකරන ලිපියක්.

    ජයවේවා!!!

    ReplyDelete
  5. ඇත්තට ඉතිං මේ මන්දිරේ කවුරුත් පදිංචි නැද්ද? ජනාධිපති නිකං උස්සවාකාරී විදිහට පාවිච්චි කරනව විතරද?

    ReplyDelete
    Replies
    1. රාජ්‍ය අමුත්තන් පිලිගන්න වාගේ උත්සවකාරි වැඩ වලට විතරයි.විදුලි බුබුලක් දෙකක් විතරක් දැල්වෙන හොල්මන් මන්දිරයක් වාගේ රෑට පෙන්න තියෙන්නේ.ආරක්ෂක අංශවලින් රැකවල් දාල තියෙනවා.

      Delete
  6. මරුනේ... ස්තූතියි මේ ලිපියට... ජයවේවා !!!

    ReplyDelete
  7. අපේ ඔෆිස් එකේ අල්ලපු වැට. මෙලෝ සද්දක් නෑ. හැබැයි එළියෙ සෙරමෝනියල් ගාඩ් එක ඇතුලෙ ආරක්ෂාව ඒ විදියටම තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් ගාඩ් එකනම් කොච්චර දැම්මත් ජනාධිපතිලා ඒ මන්දරයේ වාසය කරන්න බය ඇයි කියන එක නම් ප්‍රශ්නයක් තමයි.

      Delete
  8. හොඳ වෙලාවට ඕකේ කවුරුවත් පදිංචි නැත්තේ නැත්තන් ඔය කළා නිර්මාණවලට දෙයියන්නේ පිහිටයි
    විචාරක දියණිය

    ReplyDelete
  9. මට නම් ඔය පොල්ලෙන් ගැහුවා වගේ ඇඳලා තියන එක තේරුම් යන තාත්වික චිත්‍ර වලට අමතරව "මොඩර්න් ආර්ට්" නම් තේරෙන්නෙම නෑ බං.

    හැබැයි බොරුවට තේරෙනවා වගේ ඉන්න ඕනෙ, නැත්තං කොන් වෙනවා :-D

    ReplyDelete

අදහස් මෙතන නිදහස් කරන්න

නෞකා තට්ටුවේ ඇති යන්ත්රෝපකරණ වර්ග Deck Machineries

  නැවක ඇති තට්ටු යන්ත්‍ර මොනවාද?  Deck Machineries  තට්ටු යන්ත්රෝපකරණ යනු යාත්‍රාවේ නිරාවරණය වූ තට්ටුවේ - Exposed Deck සවිකර හැකි යන්ත්‍ර වේ...