Saturday, November 7, 2026

අතීතයෙන් බිඳක්...

අතීතයෙන් බිඳක්...60/70 දශකවල උපන් අපි ඇතුළු හුදී ජනයාට කියවන්නට ! 



ගම් උදාව තිබුනු,

මහපොල වෙළෙඳ සැණකෙළිය තිබුනු,


ජෝතිගෙ, මිල්ටන්ගෙ සිංදු අහපු,


වෙසක් එකට බෙග් ගයපු ගීත බැතියෙන්ම අහපු,


නොයෙලින් හොන්ටර්ගෙ, රිචඩ් සොයිසාගෙ ඉංග්‍රීසි වලට පෙරේත උනු,

ප්‍රේමකීර්ති ද අල්විස්  කරපු සම්පත් රේඛා ශනිදා ආයූබෝවන් ආසාවෙන් බලපු,


ජින්නයි උපාලියි, රොබින්සන් කෲසොයි වීරයො උනු,


ජිප්සීස්ලගෙ ලුණු දෙහි, කුරුමිට්ටෝ පට්‍ටම ආතල් වුනු,


සන්ලයිට් පවුල එකතු කරපු,


ඔරෙන්ජ් බාර්ලි, නෙක්ටෝ, පේයාව බීපු,

බුල්ටෝ ටොපි කාපු, 

ඩොට් ටොපියේ කොලය ඇදපු,



මඳුරු දඟර මුල් වරට දැකපු,


කුමාරසිරි පතිරණලගෙ සිල්වර්ටෝන් බෑන්ඩ් එක පට්ට වුන,


උපාලි විජේවර්ධන අතුරුදහන් වීම කට ඇරන් අහපු,


ඇට්ටෝන් ගෙවල් වලින් කහබත් කාපු,


රොබින් ප්‍රනාන්දුගෙ, විල්සන් කරූගෙ වලි වලට විසිල් ගහපු,


හඳයා, හස්ති වියරුව, මුවන්පැලැස්ස, මොණරතැන්න පොර කකා පෝලිම් ගැහිල බලපු,


ගීතගෙ කකුල් බලල කකුල් වෙවුලපු,


නින්ජා ෆිල්ම් බලල චන්ඩි වුන,

අනුන්ගේ ගෙවල් වල ටීවි බලන්න ගිය,

කුංෆු බලපු,

රොබින් හුඩ් බලලා කඩු සටන් කරපු,

නයිට් රයිඩර් බලලා ඒවාගේ කාර් එකක් ගන්න හිතපු,


චැටර්ලි ආර්‍යාවගේ පෙම්වතා බලල අන්ද මන්ද  වුන,


නොදන්න මිනිස්සුන්ගෙ මළ ගෙවල් වල ගිහින් ලැගා ගහපු,


අවුරුද්දට කැට ගහපු,

ටයර් එකට පොලු දෙකක් දාගෙන ටයර් පැදපු,

ලක්ස්ප්‍රේ ටින් එකට ගල්දාලා ගල් රෝල් හදලා ඇදන් ගියපු,


නිවාසාන්තර ක්‍රීඩා දවස් වල ඉස්කෝලෙ නයිට් ගහපු,


බඹර පහස, නිසල වෙලා හද.. විශුවල් වලින් හිත කුල්මත් වුන,

නන්දන වින්දන බලන්න මාසයක් බලාගෙන හිටපු,



දිමුතු මුතු, යසෝරාවය, ලාහිරු දහසක්, අසල් වැසියෝ, තාරාදේවි, රන්කහවනු, දූ දරුවෝ ටෙලිනාට්‍ය  බලන්න සතියක් බලන් හිටපු,


ධවල පත්‍රිකාවට ද්වේශ කරපු,

"සිසු ඝාතන හෙලාදකිව්"  කියලා බෝඩ් අරන් ඉස්කෝලේ ස්ට්‍රයික් කරපු,


සමූපකාරෙ පෝලිමේ ඉදල පාට පාට මුද්දර පොතට බඩු ගත්තු,


වෙසක් කාඩ්, පෝස්ට් කාඩ් යවපු,


වෙසක් එකට මෝටරේයි, ධර්ම චක්‍රයයි බුදු පිලිමයයි ගෙනත්  බුදුරැස් කරකවපු,


පොලෙන් ලොතරැයි ඇදල කැලැන්ඩර් දිනපු,


දේදුනු කැලුම්ට, ස්පාටකස්ට ආදරය කරපු,


ගජමෑන් එක්ක හිනා උනු,


මල් මාමගෙ මල ගැලවෙනකං බලං ඉදපු,


සතර පත්තරෙන් විද්‍යාව ඉගෙන ගත්තු,


වීපීපී. තැපෑලෙන් ගුණසේන එකෙන් ලොව වටා විස්තර පොත් ගෙන්න ගත්තු,


මුවන්පැලැස්සෙ කදිරාගෙ චන්ඩිකමට ආදරය වුනු,


සිපෙට්කෝ භූමි තෙල් කරත්තය එනකං බලන් හිටපු,


හඳමාමා, අම්බිගා ගීතයෙන් ගීතය, පිබිදෙන ගායක පරපුර සහ පොලිසියෙන් පුවත් රේඩියෝවෙන් අහපු,


පත්තර මාමා, අයිස්ක්‍රීම් මාමා, බොම්බයි මොටයි මාමා, කතුරු මුවහත් මාමා එනකං බලා හිටපු,


මාලනීගෙ, විජයගෙ, සබීතගෙ කැලැන්ඩර් බිත්තියේ එල්ලපු,


රොනීගෙ ලංකා බැංකු කැලැන්ඩරේ හීනයක් වුනු,


ඔයට බැහැලා නාපු, රාවනා සිප්පි කටු ඇහිදපු,


ලාම්පු දැලි, එඩරු කිරි එකතු කරල කලුලෑලි කලු කරපු,


ඇදිහැස බිස්කට් සුවදට ආස කරපු,

නාරං බික් ලොසින්ජර් සත පහට දහට කාපු,


ආදරය කරල දුක් වෙලා  බඩ ගල් ගෙඩියක් වෙලා කන්න බැරි වුනු,


බාටා සපත්තු දෙකක් ගන්න එක ජීවිතේ ලොකුම හීනය වුනු,


හොරෙන් කුරුම්බා කාපු,


පිදුරු බිම්මල් හොයන්න අම්මා එක්ක කමත් ගානෙ ගියපු,


අට්ටික්කා තම්බලා කාපු,


බිත්‍තර වෙනුවට පාන්පිටි දාපු පෙතං මල් බැදල කාපු,


සත පහක් අතේ නොතිබුනු,


මේ සුන්දර ලමා ලෝකය ඒ නිදහස ගහකොල පරිසරය සමග ජීවිතයේ ලමා කාලයේ සතුට විදින්න නුතන AI යුගයේ ළමයින්ට නම් කවදාවත්ම ලැබෙන්නේ නැතුව ඇති.


අද ඒ හැම දෙයක්ම ආපසු ලබාගන්න බැරි වුණත්, මේ ලියපු හැම දෙයක්ම අත් නොවින්දත්, ඒ මතක අපේ හදවත් තුළ තවමත් ජීවත් වෙනවා. සමහරවිට අපට ඒ අතීතය මෙතරම් සුන්දරව දැනෙන්නේ එදා නොතිබුණු දේවල් නිසා නොවෙයි, තිබුණ දේවල් රසවිඳින්න අපට තිබුණු අහිංසක හිත, සරල ජීවිතය සහ පුංචි දේවල්වලින් සතුටු වෙන්න තිබුණු අපූරු හැකියාව නිසා වෙන්න ඇති.


කාලය ගෙවිලා ගිහින්, ලෝකය වෙනස් වෙලා, අපිත් වයසට ගිහින්. ඒත් ඒ අතීතයේ සුවඳ තවමත් හිතේ රැඳිලා තියෙනවා. ආපසු ගිහින් ඒ ජීවිතය නැවත විඳින්න බැරි වුණත්, මතක අතරින් හෝ ඒ සුන්දර කාලයට මොහොතකට ආපසු යන්න ලැබීමත් මොනතරම් වාසනාවක්ද. ෴ (බුකියෙන් උස්සලා තව ටිකක් අතින් දැම්මා.). 

තව තියෙනවානම් පහලින් ලියන් යමු...

2 comments:

  1. ක්‍රීඊඊ.....ක්‍රෑඇඇ......කුක්....හුචක් කියල ඩයල්-අප් මොඩම්/ ටෙලිෆෝන් ලයින් එකෙන් ඉන්ටනෙට් ගියපු
    බුලටින් බෝඩ් වලින් "නෝටි ඇමරිකා" පික්සල් පිංතූර බාපු
    "ප්‍රින්ස් ඔෆ් පර්ෂියා" 2D ගේම් එක ගහපු, කුමාරිට ලව් කරපු
    " ගලිවරගේ චාරිකා" කාටූන් එකේ කුමාරිට ලව් කරපු, අර මෝඩ වාහෙ ගලිවරයා කුරුමිට්ටා වෙලාම නොහිටිය එකට කුණුහරපෙන් බැනපු

    ReplyDelete
  2. අයෙ දිගටම ලියන එක මරු, ඈ? ඔහොම යං.👌🙏💐😁
    තව මතක් වුනාම ආයෙ එඤ්ඤං.

    ReplyDelete

අදහස් මෙතන නිදහස් කරන්න

අතීතයෙන් බිඳක්...

අතීතයෙන් බිඳක්...60/70 දශකවල උපන් අපි ඇතුළු හුදී ජනයාට කියවන්නට !  ගම් උදාව තිබුනු, මහපොල වෙළෙඳ සැණකෙළිය තිබුනු, ජෝතිගෙ, මිල්ටන්ගෙ සිංදු අහප...