Thursday, July 5, 2018

කොළොම්පුරේගේ දෙක ඉවරයි.


කොළොම්පුරේගේ දෙක ඉවරයි කිව්වාම හිතුවා නේද......... නෑ නෑ එක නොවෙයි. වරද්ද ගන්න එපා මේ බ්ලොග් එකේ දෙක. නෑ බොලව් බ්ලොග් එක පටන් අරන් අවුරුදු දෙකක් ගෙවිලා ඉවරයි. මිට අවුරුදු ගනනාවකට බොහෝ කලියෙන් විජය පරිගණක සගරාවේ තිබුන ලිපියක් දැකලා ඒකේ තිබුන ආකාරයට බ්ලොගක් හදන්නට උත්සාහයක් දැරුවා. වර්ඩ් ප්‍රෙස් වලින් විතරයි සිංහල බ්ලොග් ලියන්න පුළුවන් ප්ලැට්ෆොම් එකක් තියෙනවා කියලා කිව්වේ. එකේ තිබුන උපදෙස් වලට අනුව බ්ලොග් එකක් අටවාගත්තත් සිංහලෙන් කොටාගන්න බැරිවුන හින්දා අන්තිමේදි අතහැරලා දමන්ට සිද්දවුනා. උන් එකේ සිංහල අකුරු කොටන්නට යුනිකෝඩ් ගැන ලියලා තිබුනේ නෑ නොවැ .  




කොටලා සිංහල කොහොමද බ්ලොගක්   හදන්නේ
 නෑ   සහයට   කවුරුත්  ලග පාතකවත්     උන්නේ
කිසිදා නොදැකපු එකෙකුයි උපකාරෙට     එන්නේ
නදුන් රනවිරටයි කොළොම්පුරේ ස්තූතිය දෙන්නේ

ඔන්න ඔහෝමයි කොළොම්පුරේගේ බ්ලොග් ආගමනය මීට අවුරුදු දෙකකට කලියෙන් සිද්දවුනේ. ඒ අතරේ වර්ඩ් ප්‍රෙස් ඇලජික් උනු කාට කාටත් සප් එක දෙන බ්ලොගෙක් උපදෙස් මාලාවක් දුන්නා බොලේ.

අරහෙම මෙහෙම හදපන්          කියාලා
අටමා නොවෙද දුන් උපදෙස්     නවාලා
පහුරේ දමාගෙන ගොස් අතහැර දමාලා 
දුන් පබ්ලිසිටියට ආවායි බෝ     තුමාලා

ඔය විදිහෙන් පස්සේ තමයි එකා දෙන්නා කොළොම්පුරේට එබෙන්න විතරක් නොවෙයි ගොඩවැදිලා යන්නත් ආවේ. ඊටත් පස්සේ  

පිපුනා නෙළුමන් අතරේ මතුව       මඩෙන්
සම්මානත් ගත්තා පැනලා තරග     හිඩෙන්
වැඩුනා මිතුරුකම් උන්දැලා කරපු  වැඩෙන්
අවසන ආවේ කාගේද කරපිටක්     උඩෙන් 

ටිකෙන් ටික දවස් ගෙවිලා ගියා. නෙළුම්යාය මල්යාය වසන්තයවල් නැතිවෙලා ගිහිල්ලා වෙන්නැති පරණ බ්ලොග් උන්නෑහැලත් අවාරෙට වැටෙන පොල් ඇට්ටි වාගේ ඉදහිටලා පොස්ට් එකක් දෙකක් පුරසිද්ධ කොරලා දාන්නේ. ඉස්තරම් බ්ලොගක් ලිව්ව විචාරක තුමාත් අපෙන් සමුගත්තා. ඉන්න බ්ලොගාලත් දැන් සකර්බර්ග් ගොය්යාගේ බුකියේ පැලපදියම් වෙලා. ඒවාගේම කොළොම්පුරේට වැඩියෙන් බ්ලොග් කියවන්නන් ආපු ලංකීය සිතුවිලි සින්ඩියත් ලගකදි වැහිලා ගියා. මිනිස්සු මේව්වා බලන්නේ නැත්නම් හත්දෙයියනේ මොන කෙං ගෙඩියකටද කාලය මිල මුදල් හා ඩේටා වියදම් කරන් බ්ලොග් ලියන්නේ කියලාත් හිතෙනවා.    
කොමෙන්ටු නොදැම්මත් කියවන නෝනා මහත්තුරු ඔක්කෝම බොහෝම වැදගත් වාගේම බ්ලොග් ලියන එකාලට පොඩි ආතල් එකක් කික් එකක් මොටිවේෂන් පාරක් උත්ප්‍රෙරකයක් තල්ලුවක් දෙන්නේ කොමෙන්ටුවක් කොටන උන්දැලා තමයි. විශේෂයෙන්ම ප‍්‍රසන් නයා, ප‍්‍රාජේ, මෙන්ඩා වාගේ බ්ලොග් නොලියන එත් කියවලා කොමෙන්ටු කොටන මහත්තුරුගෙන්. 

එන්න එන්නම බ්ලොගාලත් අඩු    වෙනවා
ලිපියට ලැබෙන ප‍්‍රතිචාරත් මදි       වෙනවා
ඩේටා පුච්චාගෙන අපි තාමත් අල   වෙනවා
හිතුනොත් කොළොම්පුරේත් යන්නම යනවා

ඉතිං සිංහල බ්ලොග් ශානර අවකාශයේ එල්ලිලා රැදිලා ඉන්න කොළොම්පුරේට ගොඩවුනු එකී මෙකී නොකී සියලු දෙනාටම හර්දයාංගම ටැන්කිව් එක පුදකරන ගමන් හැමොටම සැලුට් එකක් එහෙම ගහලා ඉඩපාඩුවක් ලැබුන වේලාවක ආයෙත් මේ ගෙන්දගං පොළවේ හමුවෙන්න බලාගෙන කොළොම්පුරේ යන්න යනවා.



30 comments:

  1. කොළොම්පුරේ යන්න යනවා....... සුභ ගමන් .....නාවට කමක් නැ.... දැන් සම්මාන දෙන්න කවුරුත් නැ.....

    ReplyDelete
  2. Well my friend, it is sad if you are going to stop writing. Some of us do not use FB that much (I hate FB) I always give my honest comment where Ano is allowed (like here) since I do not like to give my name.

    ReplyDelete
    Replies
    1. Dear friend thankz for your comment.Sad to say you due to low viewing rate disappointed and discouraged me.It was the reason to give up my writing this blog.

      Delete
  3. ඉතින් මේ පොඩි කාලෙදි බලා අපි හොද බොක්කවල් උනා ඒක ලොකු සතුටක්.....බ්ලොග් ලියන එක නවත්තන එකෙයි...උබෙ කතාවෙයි කිසි තේරුමක් නෑ. මොකදා උබ බ්ලොග් එක ලියන්න ගත්තෙ ඔය මොකුත් බලාගෙන නෙවෙයිනෙ. කොහොම උනත් සුභ පැතුම් බ්ලොග් එකට ඈ. කිව්වමයි මතක් උනේ මගෙත් ළග ළගම දෙවැනි උපන්දිනේ එනවා....

    ReplyDelete
    Replies
    1. මචං වරදවා තේරැම් ගන්න එපා උඹලා අපි ඔය සම්මාන බලාගෙන ලියලා නෑ. එවා නරකයි කියලත් නෑ. ඒක හින්දා මම උඹ ඇතුලු බොහෝ දෙනෙක්අඳුනාගත්තා.කොළොම්පුරේ නොලිව්වාට සැමදා උඹලා එක්ක ඉන්නවා.

      Delete
    2. #ත්තෝ දෙක තලාගන්නෙ නැතිව මොනා හරි ලියපන්

      Delete
    3. දෙකෙන් පස්සෙ තුනවත් ලියපන්කො දැන් කල් වැඩියි හොදටම

      Delete
  4. Replies
    1. Thanz Pra for your valuable comments ever made for this blog.it was motivated me alot.

      Delete
    2. Thanks for your entertaining and informative posts

      Delete
  5. ලියන ලිපියෙ දැනුමක් ඇත බරින් බරේ
    කියන කතාවට සිනහව මුවෙන් පිරේ
    තෙවන වසරෙදිත් ලියපන් සැරෙන් සැරේ
    ගෙවන දෙකට සුභ පතනව කොලොම්පුරේ....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ගෙවුනා දෙවසරක් බ්ලොග් ලොව වනන්තරේ
      ආවේ දුමි මිතුරා කවියෙන් සැරෙන් සැරේ
      පබැදු රසවැහෙන පද වින්දෙමි නිරන්තරේ
      මතකයි හමුවුවා දියතේදි කොළොම්පුරේ
      ස්තූතියි දුමී

      Delete
  6. පල පල යන්න.. එහෙම කොහොමද නවත්තන්නේ.. හොයාගෙන එන්නේ ඩොක්යාඩ් එකට දෙකක් ඇනල යන්න.. ජයවේවා! තුන පරිස්සමින් වැඩි වැඩියෙන් භාවිතාවෙන වසරක් වේවා.. බ්ලොග් එකේ තුන ඈ!

    ReplyDelete
    Replies
    1. නැවතුමක් නොව ඇරඹුමක් කියලා හිතමු කළණ මිතූ

      Delete
  7. අවුරුදු දෙකකුත් ගිහින්නේ... බ්ලොග් වලින් මට හම්බෙච්ච හොද යාලුවෙක්... තව තවත් ලියන්න ශක්තිය ලැබේවා කියලා පතනවා...

    ReplyDelete
  8. Replies
    1. ඔබ නැත්නම් කොළොම්පුරේ බ්ලෙග්එකක් නැත. ස්තුතියි නදුන්.

      Delete
  9. අපි මේ අලුතින් බ්ලොග් හදන් එනකොට ඉන්න උන්දැලත් යන්න යනවලු. අනෙ මන්ද.

    ReplyDelete
    Replies
    1. ගියාට කෙළොම්පුරේ විහින්දි බලන්න එනවා.

      Delete
  10. ලැබුවා දෙක කොළොම්පුරේ
    සුබ පතනව නිරන්තරේ
    ගියොතින් නන්නත්තාරේ
    னයා හොයා එනු ඇත්තේ

    ReplyDelete
    Replies
    1. னයෙක් උන්නාට බ්ලොග් වනන්තරේ
      කොටයි කොමෙන්ටු විතරක් නිරන්තරේ
      පුප්පනවා විතරයි පෙනේ සැරේන් සැරේ
      බය නෑ කොල්ලෝ අපි කොළොම්පුරේ

      Delete
  11. ඔබේ දෙකට පතමි සුබ පැතුම් මිතුරු සිතින්
    තවත් කාලයත් වැජඹේවා පතමි මෙලෙසින්
    කළ ගුණ වැයුම හොඳ ගතියකි සතොසින්
    ඔබේ බ්ලොගය රැව්දේවා එකම ලෙසින්
    විචාරත දියණිය

    ReplyDelete
  12. දෙවන සංවත්සරයට සුබපැතුම්!

    ReplyDelete
  13. දෙක පිරිච්ච එකේ තුන නැති කරගන්න එපා ආයිබෝවන්ඩ :-D

    ReplyDelete
  14. ආ මඟ කෙටියි - යන්නට ඇති දුර බෝමයි
    කෙලවර නොවේ - මඟ දෙපසම ලංකාරයි
    හමුවන ගිරිදුදුළු වුව - අභියෝග නොවෙයි
    නිදුකින් යනු මැනවි - ජය හිමි අපට තමයි!

    ReplyDelete
  15. දෙවන සංවත්සරයට "මගේ ලෝකයේ" උණුසුම් සුබපැතුම්. තව තව ලියන්න ලැබේවා .

    ReplyDelete

අදහස් මෙතන නිදහස් කරන්න

නෞකා තට්ටුවේ ඇති යන්ත්රෝපකරණ වර්ග Deck Machineries

  නැවක ඇති තට්ටු යන්ත්‍ර මොනවාද?  Deck Machineries  තට්ටු යන්ත්රෝපකරණ යනු යාත්‍රාවේ නිරාවරණය වූ තට්ටුවේ - Exposed Deck සවිකර හැකි යන්ත්‍ර වේ...