Saturday, February 12, 2022

උතුරුකරේ ජනාධිපතිවරණය - සයුරේ දසවසක්

 සිරි ලංකාවේ විධායක ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීමේ ජනාධිපතිවරණය 1999 වසරේ දෙසැම්බර් 21 වැනිදා පැවැත්විමට දින යෙදී තිබුනි. අප ඒවනවිටත් අප සිටියේ පේදුරුතුඩුවේ හාල් ගොඩබා අවසන්වය. එවකට ජනාධිපතිකමේ රැදි සිටි චන්දිකා බන්ඩාරණායක මහත්මිය දෙවනවරටද ජනාධිපතිකමට ඉල්ලන මැතිවරණය මෙය විය. ජනප්‍රියතාවය හිනව ඡන්දය දිනීමේ වැටඋඩ අවස්ථාවක සිටි චන්දිකා බන්ඩාරනායක කුමාරතුංගට මරාගෙන මැරෙන බෝම්බයක් එල්ලවන්නේ එක් ඇසකට හානි වෙමිනි. ඒ කොළඹ නගරසභා පිටියේ තිබූ අවසන් ඡන්ද රැස්විමේදීය. දැන් මෙන් ජංගම දුරකතන විරල ඒකාලයේ එම පුවත අපහට දැනගන්නට ලැබුනේ නැත.





 ඡන්දය ලග ලගම එද්දී එක්තරා හවස් කාලයක මෙස් කාමරයේ අල්ලාප සල්ලාපයේ උන් අප අතරේ සංවාදයක් ගොඩනැගුනේ මෙවර ඡන්දයෙන් ජයග්‍රහණය කර මීළඟ ජනපති වන්නේ කවුදැයි යන්නය. මෙස්කාමරයේ එක් බිත්තියක කළු ලෑල්ලක් එල්ලා තිබින. මා එම කළු ලෑල්ලේ ජනාධිපතිවරණය 99 ලියා අපේක්ෂකයින් වන චන්දිකා රනිල් අෂ්රෝප් හා නන්දන ගුණතිලකගේ රූපයන් හා පක්ෂ ලකුණු කාටුන් රූපාකාරයෙන් ඇද දැක්වූයෙමි. මෙයට බෙහෝ දෙනෙක්ගේ අවධානයත් ප්‍රතිචාරයනුත් ලැබීය. අප ඡන්දයදා නැවේත් ජනාධිපතිවරණයක් තබා කවුද දිනන්නේ බලමුද යන්න යොජනාවක් කරළියට එන්නේ මේ අතරය. සැමගේම එකඡන්දයෙන් සම්මතවූ එයට අවශ්‍ය බැලට් පේපර් සඳහා කොල සපයා දෙන්නට ඩෙක් අංශයෙන් ඉදිරිපත්විය. ඡන්ද පෙට්ටියට මැලිබන් මාරි බිස්කට් කාඩ්බොඩ් පෙට්ටියක් ස්ටුවර්ඩ් සපයා දෙන්නට එකඟවිය. චිත්‍ර අදින්නට සමතෙක් යැයි කළු ලෑල්ලේ කල කාටුන් රූපයන් ඇදීමෙන් මා තොරාගෙන සිටි බැවින් ඡන්ද පත්‍රිකා අදින්නට මාහට පැවරින. යාවත්කාලීන කිරීමෙන් පසුව කල් ඉකුත්ව ඉවත්කරණා චාර්ට් නමින් අප හඳුන්වන නාවික මුහුදු සිතියම් කිහිපයක් ඔවුන් මාහට ලබාදුන්නෝය. ජනාධිපතිවරණයක්වූවත් ඡන්ද පත්‍රිකාවේ අපේක්ෂකයින්ගේ නම් නොලියා පක්ෂ සලකුණට පමණක් ඇද ඒ ඉදිරියෙන් කොටුවක් සළකුණු කළේ වැඩ අවමවීමටය. වැඩ අවසන්ව විවේකීව ඉන්නා සවස් කාලයේදී ඡන්ද පත්‍රිකා අදින්නට පටන්ගතිමි. නැවේ කාර්්‍යය මණ්ඩලයට සමාන කොල ප්‍රමාණයක් අතින් ඇදීමද ලෙහෙසි කර්තව්‍යයක් නොවින.  ජනාධිපතිවරණයට පෙරදා සවස්වන විට ඡන්දපෙට්ටියද චාර්ට් පෙපර් වලින් ආවරණය කර සකසාලන්නට හැකිවිය. 

සියලුදේ සකසා අවසන්ව ඉන්දිකගේ කැබිනයේ නිදාගන්නට ගිය අතර වෙල්ඩර්යා දිව ඇවිත් මා නින්දෙන් අවදිකළේය. හෙතෙම සැලකර සිටියේ ඔහුත් ඩෙක් අංශයේ කට්ටිය හා එක්ව එබි ජයවර්ධනගේ කැබිනයේ සෙට්වූ බවත් මැතිවර්ණ ප්‍රචන්ඩක්‍රියාවකට ජයවර්ධන සැලසුම් කරණා බවත්ය. තව ටිකකින් ජයවර්ධන මේ කැබිනයට කඩාපැනීමට නියමිත බවත් ඉක්මණින් බැලට් පේපර් ටික ඔහුට අසුනොවන්නට  කොහේ හෝ සඟවලන්නට උපදෙස් දුනි. ඡන්දය තියන්නට උදව්උපකාර කරමින් එයට අනුබලදුන් ජයවර්ධන දැන්මේ සැරසෙන්නේ  කුමකටදැයි සිතාගත නොහැකිවිය. බැලට් පේපර් ටික වෙනෙකුගේ කැබිනයකට දැම්මත් ඡන්ද පෙට්ටිය සඟවාලන්නට හැකි නොවිය. වෙන්නට පෙර දැනුවත්වූවත් මැතිවරණ ප්‍රචන්ඩක්‍රියාව සිද්ධවුනි. ජයවර්ධන හා මා මිත්‍ර අරුණ ප්‍රමුඛ මැරයන් කිහිපදෙනෙක් මා නිදාහුන් ඉන්දිකගේ කැබිනයට කඩාවැදුනි. ඡන්ද පත්‍රිකා හමුනොවුන තැන ඡන්ද පෙට්ටිය පැහැර ගන්නට තැත් දැරීය. ඇගපතින් වැඩි ජයවර්ධන සමඟින් පොර අල්ලා ඡන්දපෙට්ටිය බේරාගන්න නොහැකිවිය. ඔහු එය පැහැරගෙන ඔහුගේ කැබිනයට ගියේ හෙට හොර ඡන්දවලින් ඡන්ද පෙට්ටිය පුරවා ගෙනත් තබන බව පවසමින්ය. ඔහු පසුපස ගොස් පෙට්ටිය ඉල්ලා බැගෑපත්වූවත් එය ආපසු නොලැබුනි. ඡන්දපෙට්ටිය බේරාගන්නට නොහැකිවු පසුතැවිල්ලෙන් යුතුව මා නින්දට වැටුනෙමි.



 පසුදාට උදයේ මෙස් කාමරයේ මේසයක් මත පැහැරගෙන ගිය ඡන්ද පෙට්ටිය තබා තිබුනි. පෙර දිනයේ ඡන්ද පෙට්ටිය මුහුදු සිතියම් කොලවලින් ගැලවිය නොහැකි ලෙසින් හොඳින් දවටා තිබූ බැවින් එය ආපසු විවර කර බලන්නට නොහැකිවුනි. පෙට්ටිය සොලවා බලා එයට කිසිවක් දමා නොමැතිබව තහවුරුකරගත් පසුව පෙටිටය විවරනොකරන්නට තීරණය කළෙමු.  චන්දපත්‍රිකා සියල්ල මා අතින් ඇද තිබිම නිසා ජයවර්ධනට හොර ඡන්ද දැමිය නොහැකි විය. මේ සියල්ල ජයවරධන විනෝදයට කළ දෙයක් මිස ඡන්දය කඩකප්පල් කිරිමේ චේතනාවෙන් කළ දෙයක් නොවින. 

හැමෝම කෑම ලබාගැනීමට පැමිනෙන්නේ ගැලියට බැවින් ඡන්දපොල භාර ඡන්ද කොමසාරිස් ලෙසින් කුක්ව පත් කළෙමු. උදේ තේ පානය වේලාවේ ඡන්දය ප්‍රකාශ කරන්නට යොදාගත් අතර අපගේ ඉල්ලීම මත පළමුවෙන්ම කපිතාන්වරයාත් අනතුරුව ප්‍රධාන එන්ජිනේරු හා ප්‍රධාන නිලධාරියාත් ඡන්දය ප්‍රකාශ කළෝය. ඉන් අනතුරුව නෞකාවේ අනෙක් සහෝදර නාවිකයින්ද ඡන්දය දැමූ අතර දහවල් කෑම විවේකය තෙක් ඡන්ද ප්‍රකාශ කිරිමේ කාල සීමාව දීර්ඝ කර තිබුනේ රාත්‍රි වොච් ඩියුටි කර නිදාහුන් අයටද සාධාරණය ඉටුකිරීමටය.  සවස තේ පානය කිරීමේදි ඡන්දය ගනන් කිරීමට ප්‍රධාන නිලධාරියාට බාර දුන් අතර පුදුමයකට මෙන් සැබෑ ජනාධිපතිවරණයෙන් පැරදුනු එක්සත් ජාතික පක්ෂය නෞකාවේදි ජය ලබා තිබීමයි. කපිතාන් ප්‍රධාන නිළධාරි අයට දෙන ඡන්ද පත්‍රිකාවේ කුඩා සළකුණක් යොදා තිබුනේ ඔවුන්ගේ මනාපය මොන පැත්තටද හඳුනාගන්නටය. මෙහි මොළකරුවන්වූයේ කුක් හා වෙල්ඩරයායී. ඔවුන් සියල්ලගේ මනාපය ලැබී තිබුනේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක රනිල් වික්‍රමසිංහටය. කෙසේ හෝ සැබෑ ජනාධිපතිවරණයෙන් 42.71 ක ප්‍රතිශතයක් ලෙස ඡන්ද 3602748 ක් ගෙන රනිල් වික්‍රමසිංහ මහතා පරාදවූවත් උතුරුකරේ තිබූ නෞකාවක ඡන්දයකින් ජයගෙන තිබුනි. 


31 comments:

  1. +++++++++++
    වැට ගහල යන්න ආවෙ. ආයෙ එන්නම්.

    ReplyDelete
    Replies
    1. වැට ගහලා මහන්සි පිට තේ වතුර ටිකක් වත් නොබී ගිය එකනේ අවුල.. වතුර මුට්ටිය ලිපේ...

      Delete
    2. තේ නං වැඩක් නෑ. ඇඟේ මහන්සියටත් එක්ක මොනවහරි සැර දෙයක් දෙන්න වෙයි.

      Delete
    3. තේබීලා විටක් එහෙම හපලා බැරියැ සරාගේ වාඩිය පැත්තේ යන්න.

      Delete
    4. අද ගැලියෙ මොනවද තියෙන්නෙ? අපේ එවුන්ට මොනවා තිබ්බත් පරිප්පු නැහ්නං හරියන්නෙ නෑ, කියල නාවිකයෙක් කිව්වා.

      Delete
    5. ගැලියෙ නෙමෙයි හැලියෙනං පරිප්පු ඇති.

      Delete
    6. මොන? අපි යනකොට කුකා, හැලියත් හෝදලා.

      Delete
  2. ඒක එහෙමනං ඇත්ත ඡන්දෙ අනික් පැත්ත දිනුවෙ මොනව හරි ජිල්මාට් එකකින් වෙන්ටැ.

    ReplyDelete
    Replies
    1. අනුකම්පා ජිල්මාට් එක සුපිරියටම වැඩකලා..

      Delete
  3. Replies
    1. එයා දිනපු එකම එක ජනාධිපතිවරණය වෙන්නැති.

      Delete
  4. මරු ආතල් එක තමා, මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාව...

    ReplyDelete
    Replies
    1. මරුතමා හතර පස්දෙනෙක් ඇවිල්ලා හෙලවෙන්න නොදී අතපය හතරින් අල්ලාගෙන දුන්නු පොරියල් එක.

      Delete
  5. https://www.youtube.com/watch?v=i-TRsX_Nowg

    ReplyDelete
  6. මේක නියම අත්දැකීමක්. දැන් කියනවා නේද, මෙච්චර කලක් තිබ්බ ප්‍රභූ පැලැන්තියෙ ක්‍රමය වෙනස් කරලා, උගතුන්ට දෙන්න ඕනෙ කියලා. වෙනස් නොවන එකම දේ, අවංක දේශපාලකයො කියල ජාතියක් නැති කමයි.

    ReplyDelete
    Replies
    1. මොන උගතා උනත් මේ මජර දේශපාලනයට ආවාම අවංකකම කියන එක නැතිවෙලා යනවා. මේකට කියන්න ඕනේ දේශපාලනය නොවේ වේසපාලනය කියලා..

      Delete
  7. ජන්දය යනු අයිතියකි. උතුරේ ජනතාවගේ ජන්ද අයිතිය සුරැකීමට කටයුතු කෙරු ඔබට අපගේ වෙබ් අඩවියේ සහ සමාජිකයන්ගේ ආචාරය.

    -රංග තේනුවර(GTRZ)- ප්‍රධාන විධායක නිලධාරී, එළකිරි ඩොට් කොම්(ලක්ෂ 6 කට වඩා ලියාපදිංචි සාමාජිකයන් සිටි.)

    ReplyDelete
    Replies
    1. ඇටනම ලස්සයක් සාමාජිකයින් ඉන්නා කොළොම්පූරයේ ස්තූතිය..

      Delete
  8. මතකය අවදිකරන පෝස්ට් එකක්.
    මම එදා රෑ බෙන්තොට

    ReplyDelete
  9. නිකං ඉන්න මට අහල ගියත් ඇති කතාව සිහියට නැංවෙනවා
    මේ ඡන්දෙන් හරි රනිල් දිනල නෙව, වංශ කතාවට එක්වෙනවා
    UNP අය මේක දැක්කොතින් අසංගගේ පින පෑදෙනවා
    නොඉල්ලාම නොමිනේෂන් ලැබේවි, එතකොට වේවිද මොන-මොනවා

    ReplyDelete
  10. මාරු නෞකා චන්දය...
    ඇත්තටම රටෙත් එහෙම දෙයක් උනානම්, හොඳක්ද නරකක්ද.. අලේ මන්ද

    ReplyDelete
    Replies
    1. ඒ ගැන කියන්න අමාරුයි. හැබැයි එයා අගමැතිවෙලා හිටපු අන්තිම වතාවේ කටේ තිබ්බෙම 2020 අවුරුද්දේ ගෙවන්න තියෙන ණය වාරික ගැනයි.

      Delete
  11. 19914 චන්දෙදි මම ෆුල් සපෝර්ට් චන්ද්‍රිකාට ඒත් චන්දෙ දැම්මේ නැහැ. මෙහෙ එහෙමබැරි නිසා , 1999 ඉතින් ලන්ඩන් හිටි නිසා චන්දෙ දැම්මේ නම් නැහැ කාටවත් අයෙත් . මගේ චන්දෙ හැබැයි හොරෙන් දාල තිබ්බ කියල ආරංචියක් ආව. 1999 වෙනකොට චන්ද්‍රිකා එපා වෙලා හිටියේ.

    ReplyDelete
    Replies
    1. එහෙනම් හොර ඡන්දයත් චන්ද්‍රිකාට වෙන්නැති.

      Delete
    2. යුඇන්පී එකයි නිදහස් පක්ෂේයි දෙකම මගෙයි කොළඹ ආච්චි (අම්ම ගේ පැත්තෙන්) ගෙයි චන්ද කාඩ් අරන් යනවලු. ඒ අවස්ථාවේ බලයේ ඉන්න පක්ෂය. ගෙවල් වල අය බයටම දෙනවා. ආච්චි මැරුණා කියල කියද්දීත් ඒත් එවනවලු කාඩ් එක චන්දෙ වෙලෙවේදී ගෙනියන්න. ඕක මුළු ලංකාවේම වෙන දෙයක් නේ. මම තමයි ඒකත් ගිහින් නැවැත්තුවේ.

      Delete
  12. රටේ බහුතරයකට; තමන් මොනතරං මෝඩද යන්න වටහා දීම: ඡන්දයක් නම්වේ!~

    ReplyDelete
    Replies
    1. ඡන්දයෙන් වසරක් දෙකක් ගතවූ තැන තමන් මෝඩවූ බව රැවටිමකට ලක්වූ බව එම බහුතරයක් ජනතාව දැනගන්නා අතර අමුම අමු මී හරක් ජාන මිශ්‍රිත සුළුතර ජනකොට්ඨාශයකට එයත් නොතේරේ. කෙසේවෙතත් යළි ඡන්දයකදී පෙර පරිදිම රැවටිම හා මෝඩවීම සිදුවේ.

      Delete

අදහස් මෙතන නිදහස් කරන්න

නෞකා තට්ටුවේ ඇති යන්ත්රෝපකරණ වර්ග Deck Machineries

  නැවක ඇති තට්ටු යන්ත්‍ර මොනවාද?  Deck Machineries  තට්ටු යන්ත්රෝපකරණ යනු යාත්‍රාවේ නිරාවරණය වූ තට්ටුවේ - Exposed Deck සවිකර හැකි යන්ත්‍ර වේ...