Saturday, August 17, 2024

මෙන්න ඒ ගීත 10

ගියවර පොස්ටුවෙන් ඇහැව්වා සිංහල ගීත10 ක් පුළුවන්ද නම් කරන්න කියා.
නමිනං උන්නැහැ ගීත දෙකක් ද කොළඹ ගමරාල අප්පුහාමි එක ගීතයක් ද හා වෘත්තාන්ත බ්ලොග් අඩවියෙන් එක ගීතයක්ද නම් කොරලා තිබ්බා. මේ ස්තුතිය උත්සාහ කරපු හැමෝටම. එහෙනම් ඔන්න පිලිතුරු ටික දැම්මා.
   


1. මුගටියෙක් ගයනා ගීය ----- "සදාදර නයෝ ඔබේ  මංගල දිනේ " --- ජයන්ත දිසානායක
2. කලුකුමාරයා ගයනා ගීය --- "තුංමංසල ළග බලාසිටින්නේමි ඔබ එනතුරු ලදුනේ " --- තිලකසිරි රත්නායක.
3. ගිණිභටයා ගයනා ගීය ---- " ඇවිලුනු ගිනිදැල් නිවි නිවියද්දි ඈ මට හමුවුවා" -- සනත් නන්දසිරි.
4. බඩජාරියා ගයනා ගීය --- " නාවල අන්නාසි කොට්ටේ දොඩම්" -- චන්දාසේන හෙට්ටිආරච්චි
5. සමකාමි ඇසුරකට ආරාධනා කරනා ගීය --- "හැමදාමත් යාළුවේ මම ඉන්නෙමි පාලුවේ" --- සෝමතිලක ජයමහ.
6. ත්‍රිසම් එකක් ගැන ගැයෙනා ගීය ---- "කවදාද ආයේ එන්නේ හමුවන්න මා" --- ෂර්ලි වෛජයන්ත.
7. උපත් පාලන පෙත්තක් ගැන කොල්ලෙක් ගයනා ගීය -----  "මිතුරි මගේ සදාකල් හිටියා ලගින් ඔයා " -- රූකාන්ත ගුණතිලක.
8. සමකාමි යාලුවා වෙන්වියෑම ගැන ගයනා ගීය --- "ඉස්සර බැදි පෙම සිත්වල සුවදයි " -- සෝමසිරි මැදගෙදර.
9. තොට යකා ගැන ගයනා ගීය -- "තොටුපල අයිනේ කවුද අතවනන්නේ" -- වික්ටර් රත්නායක
10. බත් නොකන කෙල්ලක් ගැන ගයනා ගීය -- "ඈ තාරකාවි " --- ටිරෝන් මද්දුමගේ.

මේ ගීතයන් සියල්ල ඉතාමත් රසවත් සිංහල ගීතයන් බවත් මෙය විනෝදාස්වාදය  පිනිස විතරක් මිස කිසිවෙකුට අපහාසයක් කිරිමේ චේතනාවෙන් නොකරන බවත් කරුණාවෙන් සළකන්න. 

Saturday, August 10, 2024

කාටද පුලුවන් මේ ගීත නම් කරන්න.

 කොළොම්පුරයා සිංහල ගීත දහයක්  අරන් ආවා... කාටද පුලුවන් මේ ගීත නම් කරන්න.




1. මුගටියෙක් ගයනා ගීය
2. කලුකුමාරයා ගයනා ගීය
3. ගිණිභටයා ගයනා ගීය
4. බඩජාරියා ගයනා ගීය
5. සමකාමි ඇසුරකට ආරාධනා කරනා ගීය
6. ත්‍රිසම් එකක් ගැන ගැයෙනා ගීය
7. උපත් පාලන පෙත්තක් ගැන කොල්ලෙක් ගයනා ගීය
8. සමකාමි යාලුවා වෙන්වියෑම ගැන ගයනා ගීය
9. තොට යකා ගැන ගයනා ගීය
10. බත් නොකන කෙල්ලක් ගැන ගයනා ගීය.




මේ ගීතයන් සියල්ල ඉතාමත් රසවත් සිංහල ගීතයන් බවත් මෙය විනෝදාස්වාදය  පිනිස විතරක් මිස කිසිවෙකුට අපහාසයක් කිරිමේ චේතනාවෙන් නොකරන බවත් කරුණාවෙන් සළකන්න.  

මෙන්න ඒ ගීත 10

ගියවර පොස්ටුවෙන් ඇහැව්වා සිංහල ගීත10 ක් පුළුවන්ද නම් කරන්න කියා. නමිනං උන්නැහැ ගීත දෙකක් ද කොළඹ ගමරාල අප්පුහාමි එක ගීතයක් ද හා වෘත්තාන්ත බ්ල...